Back
/ 31
Chapter 3

2.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

"මල්ලී, මං එන්නද?"

කාමරේ ලගින් ඇහුන කටහඬ නිසා මට නිකම්ම බැලවුනෙ ඔරලෝසුව දිහා වෙලාව හතරයි කාලයි. සිහින තේ අරන් එන්න ඇති දැන් සතියක් පුරාවට වෙන මේ දේ මට නුහුරු දෙයක් නෙවේ, සිහින ආව කියලා මොකුත් වෙනස් නොවෙයි කියලා හිතුවට කවදාවත් නොතිබුණු විදියෙ වෙනසක් අපේ ගෙදර වෙලා තිබුනා, අයියයි මමයි අම්මයි ගෙදර හිටියට අපි ගොඩක් වෙලාවට අපේ ලෝක වල තනි වෙලා හිටියේ, අම්ම එයගේ ඉස්කොලේ වැඩත් එක්ක බිසී වෙනකොට මමත් පාඩම් වැඩ, පැරැක්ටිස් නිසා බිසී උනා අයියා වුනත් ගෙදර හිටියෙ ගොඩක් අඩු වෙලාවක් ගෙදරින් පිට එයාට ඕන තරම් අමතර වැඩ තිබුනා.

සිහින ආවට පස්සේ එයා අපි හැමෝගෙම ජීවිත වල අපිට නොදැනිම කොටසක් වෙන්න පටන් අරන් තිබුනා හැමදාම උදේම නැගිටලා එයා අම්මට උයන්න උදව් වුනා, ඒ වෙලාවට කිචන් එක පැත්තෙ මට නොතේරෙන එයාලගෙම කතා වලින් පිරිලා තිබුනා කවදාවත් නැති තරම් අම්මා හිනා වෙනවා මං දැක්කේ සිහින අපේ ගෙදර ආවට පස්සේ,

ඉස්කෝලේ ඇරිලා ඇවිත් ගොඩක් වෙලාවට තනිකමෙන් පාලුවෙන් ගෙවුණු මගේ හවස් වරු සිහින නිසා වෙනස් වෙලා තිබුනා. මුල් දවස් දෙකේ අපි අතර ලොකු කතාවක් වුනේ නැතත් ටිකෙන් ටික සිහින මට ලං වෙලා තිබුනා , අම්මා ගොඩක් වෙලාවට ඉස්කෝලේ ඉවර වෙලා අමතර පංති කරනවා, අයියා නම් කොහොමත් ගෙදර එන්නේ රෑ වෙලා, ඉතින් සිහිනයි මමයි තමයි මේ වෙලවට ගෙදර ඉන්නේ.

" එන්න " සිහිනට එන්න දොර ඇරලා මං ආපහු ගිහින් පොත් මේසෙන් ඉඳ ගත්තා.

" මං තේ ගෙනාවා "

" ම්ම් තැන්ක් යූ "

" මී වදයක් වගේ "

පරිවර්තනයක් කර කර හිටපු මගේ පොතට එබිලා සිහින කීවෙ ට්‍රේ එකේ තිබුන කොප්ප දෙකෙන් එකක් මගෙ අතේ තියන ගමන්.

" නැන්දා අදත් එද්දි රෑ වෙනවා කීවද මල්ලි ?"

එයාගෙ තේ එකත් අරන් මගේ අදේ ඉදගන්න ගමන් සිහින අදත් කතාවට මුල පිරුවා. හැමදාම එයා තේ එකක් හදන් ඇවිත් ඒක ඉවර වෙනකල් මාත් එක්ක කියව කියව ඉඳලා මන් නිසා මල්ලිගේ වැඩත් පාඩුයි නේද කියලා යනවා. හැබැයි ඊලග දවසෙත් ආයෙත් තේ එකක් උස්සන් එනවා. ඒ කොහොම වුනත් එයා එක්ක ගෙවන මේ පුංචි වෙලාවල් වලට මං ගොඩක් ආස වෙන්න පටන් අරන් තිබුනා.

" අම්ම්ට අද හයට ක්ලාස් ඉවරයි කීවා "

" නැන්දා එද්දි එහෙනම් මොනා හරි හදලා තියන්න ඕනි, ඔයා මොනාද කන්න කැමති රෑට ? පාඩම් කරන නිසා රෑට වැඩිය බත් කන්න එපා එතකොට නිදිමත එනවා, ඒත් නිර්වාන්ට බත් නැතුව බෑලුනෙ, ඔයාට මං ටෝස්ට් එකක් හදලා දෙන්නද ? ඒත් වැඩිය පිටි ජාති කන්න හොදත් නෑනෙ ගෑස් ආවොත් , මටත් හැදුනා ඒලෙවල් ලං වෙද්දී ඩොක්ට නම් කිවේ බයට කියලා. මල්ලි ඇයි ඩොක්ට කෙනෙක් වෙන්න හිතුවේ? අප්පච්චි නිසාද? මාත් කොමස් කරන්න ගත්තෙ අපේ අම්මගේ කඩේ වැඩ වලට උදව් වෙන්න කියල හිතාගෙන පස්සේ තමා තේරුණේ එකට කොමස් කරන්න ඕනිම නෑ කියලා, මොනා උනත් මං ඒ සප්ජෙක්ට් එකට ආසයි. ඇයි තේ බොන්නෙ නැත්තෙ මං හදන තේක රස නැද්ද ?"

තේක බොන එක පැත්තක දාල ගිරවෙක් වගේ කියවන එයා දිහා බලන් හිටි මගෙන් සිහින ඇහුවා, එයා එහෙම ඇහුවට කියව කියව ඉඳලා එයාටත් තේක බොන්න අමතක වෙලා කියලා මට කියන්න හිතුනත් මං ඒක නොකියා තේක බොන්න ගත්තා.

" තේක රසයි "

ඔන්න ඉතින් ආයෙත් අර කම්මුල් වල ගැහෙන හිනාව. එයා නොකීවට ගොඩක් කැමතී අපි එයා හාදන කෑම රසයි කියනවට ලොක්කා වගේ අම්මාට උදව් කරන්න ගියාට සිහිනට එහෙම ලොකුවට උයන්න බෑ. දවසක් එයා හදපු අල හොද්දකට ලුණු වැඩි වෙලා තිබුනා මායි අම්මයි නම් සද්ද නැතුව කෑවා ඒත් අපේ මෝඩයා ඒක කාපු ගමන් ඇහුවේ කවුද මේ මුහුදු වතුරෙන් හොද්දක් හැදුවේ කියලා.

ඒක අහලා සිහින මූන එල්ලම් හිටියා, මං ෂේප් එකේ මේසෙ යටින අපේ එකාට පයින් එකක් ගැහුවා එතකොට තමා පොරට මීටර් වුනේ. පස්සෙ අයියා මුහුදු වතුරෙන් හැදුවයි කීව හොද්දෙන් බාගයක් විතර පිගානට හලාගෙන කද්දී තමයි සිහින ආයෙ හිනා වුනේ.

" අද ඉඳන් අපිට ඔරියන්ටේශන් ඉවරයි ලබන සතියෙ ඉඳන් ලෙක්චස් පටන් ගන්නවා, හවස සිනියස්ලා අපිට කොමන් එකක් ගත්තා, ඊලග සතියෙ ඉඳන් එයාලත් වැඩ පටන් ගනී වගේ මල්ලිට කියන්න එයාල අතුලට ආවේ ළඟ තිබ්බ ඩෙස් පුටුත් පෙරලගෙන කෑ ගහගෙන අපි ඔක්කොම බය වෙලා හිටියෙ, අපිට ඔලුව උස්සලා බලන්න වත් දුන්නෙ නෑ ඒකට නම් කම්ක් නෑ කොහොමත් ඒ මූණු දිහා බලන්න බෑ රැව්ල් කොන්ඩ වවාගෙන දැක්කම බය හිතෙනවා යක්කු වගේ. "

සිහින හැමදාම වගේ කැම්පස් එකේ වෙන දේවල් මාත් එක්ක කියන්න පුරුදු වෙලා හිටියා එයා ගෙදර ඉන්න කාලෙත් ඉස්කෝලේ වෙන දේවල සමනලී නැන්දා එක්ක කියනවලු දැන් ඒ පුරුද්ද නැති කර ගන්න බැරිලු එහෙම කීවෙ නැත්තම් එයාට හිතෙන්වලු එවා හිතේ තියන් ඉඳලා එයාව පිපිරෙයි කියලා, එයා ඒ වගේ දේවල් කියනකොට හරිම හුරතල් විදියට තමයි පෙනුනෙ පොඩි ළමයෙක් වගේ ඒ වෙලාවකට මට ඒ කම්මුල් දෙක මිරිකන්න හිතෙනවා. හොද වෙලාවට තමයි එයාට මට හිතෙන් දේවල් ඇහෙන් නැත්තෙ.

" අපේ අයියත් එහෙමනෙ ඉතින් " කොන්ඩ රැවුල් වවම් ඉන්න සිනියස්ලා දැක්කම බය හිතෙනවා කීව සිහිනට මං කිවෙ එහෙම. ඔය කැම්පස් වල ඉන්න ගොඩක් උන් විප්ලවේ කරන්නෙ කොන්ඩෙනුයි රැවුලෙනුයිද කොහෙද අපේ අයියගෙ ගොඩක් යාලුවොත් ඒ වගේ ඌටම හරියනවා.

" ම්ම් ඒත් නිර්වාන්ට බය හිතෙන්නෙ නෑ "

සිහින එහෙම කීවෙ වෙන පැත්තක් බලන් තනියම හිනා වෙන ගමන්, සිහිනයි අයියයි හැමදාම කැම්පස් ගියේ එකට එත් අයියා එයාව කැම්පස් එක ලං වෙලා මගින් දානවලු , ලොකූ කැම්පස් එකේ ගොඩක් අය දන්න කෙනෙක් නිසා එකට ගියොත් සිහිනට ප්‍රශ්නයක් වෙයි කියලලු එහෙම කරන්නෙ, මට නම් තෙරෙන්නෙ නෑ ඇත්තටම ඕවා.

" ආහ් මේ ඉන්නෙ ඩබල, මොකෝ මේක අස්සට වෙලා ආණ්ඩු පෙරලන්න ප්ලෑන් කරනවද?"

කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කඩාගෙන ඇවිත් කාමරේ උලුවස්සට හෙත්තු වෙලා ලොකූ ඇහුවෙ ඇසුත් පුංචි කරන් මමයි සිහිනයි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්, සිහින බිම බලා ගත්තා එයාගෙ මේ හැසිරීම මට ලොකු ප්‍රශ්නයක් වෙලා තුබුනේ මායි අම්මයි එක්ක ඔහේ කියවන සිහිනගේ කට ගොඩක් වෙලාවට ලොකූ ලගදි වැහිලා තිබුනා ඒ වගේම එයා ලොකු දිහා කෙලින් බලන් වෙලාවට ඒ කම්මුල ලාවට රතු වෙන හැටි මං දැකලා තියන්වා. එක්කෝ මං හිතනවා වැඩී සිහිනගෙ කම්මුල් කොහොමත් රෝස පාටයි.

" ඒ තරම් පිස්සුවක් නෑ තමුසෙට වගේ " සිහින සද්ද නැති නිසා මං උත්තර දුන්නා.

" ඔව් ඉතින් බොට කොහෙද මේ රට ගැන කැක්කුමක් , අහිංසක මිනිසුන්ගෙ බදු සල්ලි වලින් ඉගනගෙන වෙන රටවල් වල කඹුරන්න යන්නනෙ බලන් ඉන්නෙ, ගොඩ සුද්දා " ලොකූගෙ මේ වගේ කතා මට පුරුදු නැති දේවල් නෙවේ ඒ නිසා මං ඉතින් ඕවට උත්තර දෙන්න යන්නෙ නෑ.

" තමුසෙ කලු වුනා කියල අපි මොනා කරන්නද? "

මං දන්නෙ නෑ අනික් සහෝදරයො කොහොමද කියලා ඒත් මායි ලොකුයි අතර ඇති වුනේ මේ වගේ කතා විතරයි, අපි අපෙ පෞද්ගලික දේවල් ගැන කතා කරේ නැතිම තරම් අපි අතර ඒ වගේ සම්බන්ධයක් තුබුනෙ නෑ සමහර විට අපේ ඒජ් ගැප් එක නිසා වෙන්නැති.

" කලු නෙවේ ඕයී මේ තමයි නියම සිංහලයගෙ පාට ඒකට කියන්නෙ දැකුම් කළු කියලා නැද්ද මල්ලී? "

ලොකූ එහෙම කීවේ සිහින දිහාට හැරිලා. සිහින හිනා වුනා එයාගෙ අර කම්මුල් වල ගැහෙන හිනාව, මට වෙලාවකට ඉරිසියා හිතෙනවා එයා එහෙම හිනා වෙද්දී ,

" එක අතකට උබෙන් ඒක අහලත් වැඩක් නෑ , ඇතුලෙදි පරිස්සමට හිටහන් මල්ලී මං අහගෙන අපේ කෙල්ලොත් අලුත් බැජ් එකේ කම්මුල් වල ගැහෙන සුදු ලස්සන මල්ලියෙක් ගැන කියවනවා. උඹව දැක්කම ගෙදර උස්සන් යන්න හිතෙනවා කියන්නෙ, ඇත්ත තමයි හැබැයි වෙලාවට උඹ කලින්ම ඇවිත් නැවතුනේ " ලොකූ එහෙම කීවෙ ඇහැකුත් ගහන ගමන්,

ඒ පාර නම් සිහින ජම්බු ගෙඩියක් තරමටම රතු වුනා. හිතට දැනුන කියාගන්න තේරෙන් නැති අමුතු හැඟීමක් නිසා මං අහක බලා ගත්තා, අයියයි සිහිනයි අතර වෙන මේ වගේ දේවල් නිසා මට මෙහෙම හැඟීමක් දැනුන පළවෙනි වතාව මේක නෙවෙයි, ඇයි මට මෙහෙමෙ දැනෙන්නෙ? ඒක කියාගන්න තෙරෙන් නැති මූසල හැගීමක්,

මං කියන කිසිම දේකට සිහින රතු වෙලා නෑ එයට එහෙම වෙන්න තරම් දේවල් කියන්න මට තේරෙන්නෙත් නෑ, කොහොම වුනත් මේ ටික දවසට සිහින ගැන මේ දැනෙන දේවල් මට මීට කලින් වෙන කිසිම කෙනෙක් ගැන දැනිලා නෑ කියලා මට තේරිලා තිබුනා,

මේ හැගිමට නමක් තියනවද?

....................................................................

" ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා

ඔබේ කතා ළඟ සිත නැවතුන දා

ප්‍රේමය හැදින්නෙමී "

~මින්සිත~

.......................................................

හායි.

මේක කම්මැලී වගෙද කියවන් යන්න.🧐

Share This Chapter