Back
/ 36
Chapter 1

1 කොටස

🖤My Peony🖤

"තමුසෙ නැගිටින්නෙ නැද්ද අද, බලනවකො වෙලාව දහයටත් ලගයි,තවම නිදි,අනේ මන්දා මුන් නම් කතා කරලා වැඩක් නෑ"

කියන්න ආඩම්බරයි. මට එලාම් ඕනි නෑ. තාත්තාගෙ ඔය බැනිල්ලට තමා ගැම්මට ඇහැරෙන්නෙ,ඔය බැනුමෙන් දවස පටන් ගත්තම තමා මටත් හැමදේම කම්ප්ලීට් වගේ දැනෙන්නෙ,බැනුම් ඇසීම කලාවක් නම් මම එහි පිකාසෝ,හැබැයි ඔය මොනා උනත් මම තාම අම්මගෙ හොඳ බබා.

රහසින් පොඩි පොඩි වැරදි කරාට තාම ලොකු වැරදි කරලා නෑ , ඉස්සරහට කරයිද ශුවර් නෑ. මොනා උනත් මේවා මනුස්ස හිත්නෙ.

ඒ විදියට රහසින් කරගන ගිය පොඩි වැරැද්දක් නිසා දැන් මට ඔක්කොම සකබුම් වෙලා වනගත වෙන්න හිතිලා තියෙන්නෙ. මොකද පාසල් යන කාලෙම මට මගුල් විසේ ගැහුවනෙ. ඉතිං මම පාසලෙන් පිට ටිව්ශන් ලව් එකක් හොයාගත්තා,මොනා උනත් කෙල්ල ලස්සනයි ඉතිං.චුට්ටක් ඇත්නම් මූන රෝස පාට වෙනවා.මම සෑහෙන කාලයක් ඔය රෝස මල එක්ක හොදට හිටියා.එයාට නම් මම රහසින්වත්  වැරැද්දක් කරේ නෑ.වැරදිලා බැරිම වෙලාවක ලස්සන නම්කි බබෙක් අක්කි බබෙක් දිහා බැලුවොත් ඇරෙන්න.කොහොමහරි කෙටියෙන්ම කිව්වොත් මම ලෝයල් බෝයිපෙන් කෙනෙක්.

ඒ උනාට දැන් රෝස මලේ කටු විතරමද මන්දා තියෙන්නෙ.ඒකිගෙ වැඩේ එල්ලි එල්ලි රන්ඩු වෙන එක.එක්කො රෝස මලක් නෙවේ ඒකි කිඩාරම් මලක්. ඇයි යකෝ ෆෝන් එකේ නම්බර් එකක් සේව් කරන්න කලිනුත් ඒකිට කතා කරලා පර්මිශන් ගන්න ඕනෙ. ඒම බැරි උනොත් රටේම ඉන්න එක එකී එක්ක වටේ ගියා කියලා බනින්න පටන් ගන්නවා.

ඉතිං ඔය වගේ එපාවෙන සීන් ගොඩක් නිසා මම දැන් ඒ රෝස මල් ප්‍රේමයේ අවසාන අදියරට ලගා වෙලා ඉන්නෙ කියලා හිතෙනවා.ඒකත් හොඳයි අප්පා  මම ආස නෑ ලව් එකක් නිසා මෙච්චර ස්ට්‍රෙස් එකකින් ජීවත් වෙන්න.

කොහොමහරි තාත්තගෙ බැනුම් මැද්දෙ වොශ් රූම් එකට රිංගගන ටූත් බ්‍රශ් එක කටේ ගහගන කල්පනාවක් දාගන ඉද්දි මට ඇහුනා වෑන් එක start කරනවා වගේ.ම්ම්ම්ම්ම්ම්..... ලොකු බොස් කොහෙහරි යන්න වgayyyy.දැන් ඉචිම් මගේ රාජදානියේ මම විතරයි.

( මේ ඉන්නෙ මම....මගෙ නම යෙනෝන් තිනේත්‍ර....වයස අවුරුදු 20 යි....A/l රිසාල්ට් එනකන් ඔහේ ගෙදරට වෙලා ඉන්නවා )

අහ් අපේ ගෙදර තාත්තයි මායි විතරක් නෙවෙ අයියයි අම්මායිත් ඉන්නවා .  ඒ උනාට අම්මා 8.30ට වගේ වැඩට යනවා,එතකොට අයියා කියන එකා කැම්පස්. ඉතිං ඌ බෝඩ් වෙලා ඉන්නෙ.එතකොට තාත්තාටත් වැඩක් තිබ්බෙ නැත්නම් මායි තාත්තායි තමා ගෙදර ඉතුරු වෙන්නෙ.

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ යස්ස විමානෙ පුම්චි යකා විතරක් තනිඋනා,කාලෙකට පස්සෙ කිව්වට ඉතිං  හැමදාම වගෙ දවල්ට මම තනියම තමා ඉන්නෙ. මෙහෙම  ඉද්දි තමා මගේ ඇතුලේ ඉන්න සංවේදී යස්ස පැටියට නිර්මානශීලී ඩෙවිල් ෆීලිංග්ස් එන්නෙ. ඒම කිව්වට අද නම් මොන  යස්ස වැඩේ කරන්නවත් මූඩ් එකක් නෑ අප්පා.

ඒ හින්දා මම ෆෝන් එක අරන් ඩේටා ඔන් කරා. සුවර් එකටම අරකි බැනලා බැනලා මැසේජ් අසූ පහක් විතර දාලා ඇති. එපා වෙනවා  උදේ පාන්දර ඕම උනාම.පාන්දරම නෙවේ උනත් ඉතිං මේ උදේනේ.

හූනා කිව්වා වගේ මම කිව්ව එක හරියටම හරි. මේ දාලා තියෙන්නෙ මැසේජ් ගොඩක්.

"තමුසෙ නම් කරුමයක් ඕයි.ආය කතා කරන්න එන්න එපා මම බ්ලොක් කරනවා"

අන්තිමට තිබ්බෙ ඔය මැසේජ් එක.

87672828191911 වෙනි වතාවටත් මේකි මාව බ්ලොක් කරලා.

එහා ගෙදර  අක්කාගෙ මේකප් සෙට් එක පල්ලා අද නම් මම ඕකිට අන්බ්ලොක් කරන්න කිය කිය පස්සෙන් යන්නෙ නෑ. රෙද්ද දැන් මටත් එපාම වෙලා තියෙන්නෙ.මගෙ අසීමිත ප්‍රේමයෙන් අයුතු ප්‍රයෝජන ගන්න දෙන්න බෑ හැමදාම. මාත් බ්‍රේකප් වෙනවා.

ඒම හිතලා ඒ මැසේජ් ටික බලලා ඉවර වෙලා චැට් එකත් ක්ලියර් කරලම දාලා, අද උදෑසනම මා මතක් වී කෙටි පනිවිඩ යොමුකල මාගේ වස්සැප් වැසියන් වෙත අවදානය යොමුකරා.ඌප්ස් මයෙ සෙනෙහෙලතා මැසේජ් පහක් දාලා. හරී.......ම පුදුමයි.සෙනෙහෙලතා කිව්වට ඌ කොල්ලෙක්. මගේ වැලි කෙලියට චුට්ටක් පස්සේ කාලෙ ඉදන් වගේ යාලුවා.

( මූ විහග මන්දිව්....වයස අවුරුදු 20 යි.. )

හොදම යාලුවා කිව්වත් වැරැද්දක් නෑ ඉතිම්. ඌ තමා මම අම්මලාට හොරෙන් කරන සුලු වැරදි ඔක්කොම දන්න එකා. ඒ නිසා ඕකව තරහා කරගන්නත් හොද නෑ.  ඒම උනොත් මට සකබුම්.මොනා උනත් ඌ තරම් වෙන එක යාලුවෙක්වත් මට සෙට් නෑ අනේ. ඒ නිසා මම දැඩි තීරනේකට ඇවිත් ඉන්නෙ මගෙ එකම යාලුවා ඌ විතරයි කියලා.

උගෙ නම විහඟ මන්දිව් උනාට මම එක එක නම් කියනවා.දැනට මම ඌව සේව් කරලා තියෙන්නෙ "සෙනෙහෙලතා"කියලා. සතියකට විතර කලින් තිබ්බෙ "අසහනකාරයා" කියලා ඊටත් කලින් සේව් කරලා තිබ්බේ "හා දතා" කියලා, හා දතා කියලා නම් සේව් කරේ ඌගෙ දත් සැට් එක අමුතුම ආකාරයකට තියන හින්දා.

ඒක නෙවේ මූ දැන් මගෙ නම මොකක් කියලද දන්නෙ නෑ සේව් කරලා තියෙන්නෙ.අන්තිමට දකිද්දි තිබ්බේ "මයි සෙස්සි🍑" කියලා. ඕකාට මගෙ පශ්චාත් භාගෙ එක්ක මාර තරහක් තියෙන්නෙ. පොඩි කාලෙ ඩාන්සින් කෙරුව නිසාද කොහෙද මගෙ පස්ස චුට්ටක් ලොකුයි. ඉතිං මගෙ අසහනකාරී බේසික මිතුරාට ඒක පේන්නෙ ඇවිදින බෙරයක් වගේ. දකින දකින හැමවෙලේම තට්ටු දාන එක තමා උගේ ප්‍රතම රාජකාරිය.

කොහොමහරි මම උගේ මැසෙජ් ටික බැලුවා.

"අඩෝ මට පොඩි අදහසක් ඇවිල්ලා තියෙන්නෙ හාද කියහංකො"

අමූ.........තු ප්‍රශ්න තමා මූත් ඉදලා ඉදලා අහන්නෙ.අනේ මන්දා ඌ නම් මානසික රෝගියෙක්ද කොහෙද.නැත්නම් අදහස නොකියා හාද අහන්නෙ නෑනෙ.

කමක් නෑ ඕන මගුලක් කියලා මමත් හා කිව්වා.

"හා හා මොකක්ද කියහංකො"

"අපි බී එල්  ඩ්‍රාමා බලන සෙට් එකක් එකතු කරලා වට්සැප් ගෲප් එකක් හදමුද.

බී එල් බලන කොල්ලො අඩුයිනෙ බං.

එතකොට අපි සෙට් එකට එකතුවෙලා ඒ ගැන කතා කරන්න, අලුත් ඒවා හොයාගන්න ඒමත් පුලුවන්නෙ"

අමෝර් අමෝර් මූගෙ ටිකිරි මොලේ.මේකාගෙ මරන තර්ජන වලට යටත් වෙලා බීල් ඩ්‍රාමා එකක් බැලුවා කියලා මූ මාව දැන් ගෲප් එකකටත් ඇඩ් කරන්නද හදන්නෙ බේසිකයා.මාවත් බයි කරඤ්ඤ වගේ මුගෙ වෑයම.

"උබ ඔය සීරියස් ද අහන්නෙ"

"ඔව් පගෝර් උබ එක්ක විහිලු කර කර ඉන්නවට වඩා මට ඕනෙ තරම් වැඩ තියනවා.

ඔන්න ඒනම් ගෲප් එක හදනවා ඈ.මම ට්‍රයි කරන්නම්කො අද රෑ වෙද්දි දෙතුන් දෙනෙක්වත් හොයාගන්න."

ඌම ප්‍රශ්නෙ අහලා ඌම උත්තරෙත් දීලා අතුරුදහන් වෙලා ගියා. අනේ මන්දා අප්පා.ඒ උනාට ඒකත් හොදයි කව්රු හරි සෙට් එකක් එක්ක කියව කියවවත් ඉන්න පුලුවන්නෙ.එතකොට මට අරකිවත් අමතක කරන්න ලේසි වෙයි.

"හ්ම්ම්ම්ම්..කැමැත්තක් කරහම්කො ඒනම්"

ඕක තමා හැමදාම අදහසක් පලකරලා ඌම ප්‍රශ්නෙකුත් අහලා, ඌම උත්තරත් දීලා අතුරුදහන් උනාට පස්සෙ මම දාන සුපුරුදු මැසේජ් එක.

ඊටපස්සෙ ෆෝන් එක පැත්තකින් තියලා මම ගියා උදේට මොනාහරි කන්න.මම ඇවිල්ලා උදේට බත් කන්නෙ නැති ගෑස්ටික් පන්තියේ ජීවියෙක්.ඒ නිසා අම්මා එක එක පලතුරු ජාති ගොඩක් කපලා තියලා යනවා.පලතුරු කිව්වට ගොඩක්ම තියෙන්නෙ කොමඩු. උදෑසන ආහාරයට පස්සෙ ඩෙසට් එක විදියට බිස්කට් දෙකක් නැත්නම් චොක්ලට් එකක් වගේ කනවා.එච්චරයීඊඊඊඊඊඊ.

උදේට කාලා ඉවර වෙලා මම ගියා මගේ සුකුරු බුකුම් පිච්ච මල බලන්න අපේ ගෙදරට චුට්ටක් එහා තියන එයාලගෙ ගෙදරට.ඒ තමා අපේ අම්මම්මා.ඒ කියන්නෙ අම්මගෙ අම්මා.මම එයාට පට්ට ආදරෙයි. හැමවෙලේම හිනාවෙලා ඉන්නෙ. අම්මායි තාත්තායි වැඩට ගියාම අයියාවයි මාවයි චූටි කාලෙ බලා ගත්තෙ, නෑව්වෙ,කැව්වෙ ඔක්කොම කරේ එයා.

දැන් කියලත් වෙනසක් නෑ.හැමදාම දවල්ට මට එයා උයන ඒවා කන්නම ඕනෙ.අපේ අයියත් හෙන පෙරේතයි අම්මම්මගෙ කෑම කන්න.ඒ උනාට ඌ දැන් ගෙදර නෑනෙ.ඉතිං මම ඌට අඩුවක් දැනෙන්න දෙන්න හොද නැති නිසා හැමදාම අම්මම්මාගෙ කෑම එකේ ෆොටෝස් යවනවා ඇස් දෙක හරි පිනවගන්න කියලා.ඒ උනාට මූ අන්තිමට මගෙ ජාතිය අමතලා මැසේජ් ටිකක් දාලා තියනවා,ඌට බෝඩිමේදි ඕන විදියට කන්න නැති එක මම විහිලුවට ගන්නවා කියලා.ඒත්  එහෙම අදහසක් මගෙ තුන්හිතකවත් නෑ.මම කරන්නෙ පුංචි ආත්ම තෘප්තියක් ලබන එක විතරයි.ඌට ඕවා තේරෙන්නෙ නෑ.මූලග්ගිනිකාරයා.

"අම්-මම්-මේඒඒඒඒඒඒඒඒ"

ඔය විදියට තමා මම එයාට මම ආව බව නිල වසයෙන් දැනුම් දෙන්නෙ.සුවර් එකටම කුස්සියේ ඇති මොනාහරි උයඋය.

"අනේ මගෙ පොඩි එකා ආවද.බඩගිනිද පුතේ.මම උයලා ඉවර වෙලා පත්තරයක් බල බල හිටියේ ඊටපස්සෙ ආය හිතුනා මැල්ලුමකුත් හැදුවා නම් හරි කියලා.ඊටපස්සෙ අත්තා ගෙනාව ගොටුකොල වගයක් තිබිලා ඒක හැදුවා.හොදට ආවෙ නැද්ද මන්දා ලමයෝ"

"ඔයාගෙ කෑම කවදද අනේ නරකට ආවෙ.වගකීමෙන් කියන්නෙ ඕක අනිවාරෙන් රසයි.ඉන්නකො මම බත් බෙදාගන එනකම්.අම්මම්මේ ඔයා කෑවද"

"නෑ පුතේ තව.දහයට විතර මාමා පැනි ආප්ප වගයක් දීලා ගියා ඒක කාලා තේ බිව්වා ඉතිං බඩගින්නක් තිබ්බෙ නෑ."

"ඒනම් අපි දෙන්නම කමු."

"ඉන්නකො එහෙනම් මම අත හෝදගන එන්නම්.පුතේ පිඟන් දෙකක් අරන් හෝදන්නකො බත් බෙදන්න.එක්කෝ මම කවන්නද.තනියම කෑවොත් හරියට කන්නෙත් නෑනෙ"

"අඩේ හා කලෙකින් ඔයා කැව්වෙත් නෑ මට"

මම ආසම දේ අම්මම්මාට කියලා බත් කවාගන්න එක.එයා කවද්දි කන්නෙ නැති දෙයක් උනත් මම කනවා.මම තනියම කද්දි කවදාවත් මට ඒ රස එන්නෙ නෑ.අඤේ මන්දා මෙයාත් කෑම වකට මැජික් කරනවද කියලා.පුදූ..........ම රසක් තියෙන්නෙ.මම එක පිගානක් අරන් සෝදලා තිබ්බා.

"ඔන්න දැම්මම කිව්වා ගොටුකොල කන්නෙ නෑ,කොල කන්නෙ එලුවො කිය කිය පන්ඩිත කතා කියන්න එපා චූටි මහත්තයෝ උයලා තියන හැම එලවලුවක්ම කන්න ඕනෙ"

"හරි හරි අනේ බනින්න එපා ඉතිං,ආදරෙන් කියන්නකෝ.... පැටියෝ"

"කෝලං කරන්න එපා ලමයො,මේ පිගානත් වැටෙයි."

එහෙම කියලා මම අම්මම්මාගෙ කර වටේන් මගෙ අත දාලා මූනට උම්මා එකක් දුන්නා.අම්මා එක්කත් වඩා මම ගොඩක් හුරතල් වෙන්නෙ අම්මම්මා එක්ක.අම්මා එක්ක පොඩි පොඩි වලි දාගත්තම එහෙම මම යනවා යන්න කියලා කෙලින්ම එන්නෙ අම්මම්මාලාගෙ ගෙදර.අපේ අම්මත් එතකොට දන්නවා ඉතිං මම ඔය වීරයා  වගේ විදගන යන්නෙ කොහෙද කියලා.එයා ලග ඉද්දි මගෙ හිත හැමවෙලේම සතුටෙන් තියෙන්නෙ.අම්මමාගෙ පරන කාලෙ කතා ඕවා අහ අහා ඕන තරම් වෙලාවක් කම්මැලි නැතුව එයා එක්ක ඉන්න පුලුවන්.ඒකනෙ ඉතිම් මම මගෙ පිච්ච මලට ආදරෙ.

Daisy flower 💗

ඊලග කොටසින් හම්බෙමු

First
Next

Share This Chapter