Back
/ 36
Chapter 2

2 කොටස

🖤My Peony🖤

මම පැය ගානක් අම්මම්මා එක්ක කතා කර කර ඉදලා දවල්ටත් කාලා. ඩෙසට් එකත් කාලා. ආය ඩෙසට් එකෙන් පස්සෙ ගන්න පුංචි ආහාර වේලත් අරගන.හවස් වෙලා ගෙදර ආවා. තාම අම්මාවත් තාත්තාවත් ඇවිල්ලා නෑ.මම හිතන්නෙ තාත්තා එයාගෙ ප්‍රිය බිරිඳත් එක්කම එයි.කෝල් එකක් දීලා කියන්න ඕනෙ අද කොත්තුවක් කමු කියලා.

"හෙලෝව්ව්ව්ව් අම්මේ තාත්තාට කියන්නකො අද කොත්තු කමු කියලා"

"අනේ චූටි ඔයා තාත්තට කෝල් කරලා කියන්න.මම වැඩ කරන ගමන් ඉන්නෙ ලමයෝ"

"හා එහෙනම් මටේපා"

"ඕනෙ නැත්නම් නිකං ඉන්නවා"

"දඩස්"

පුහ් එයාගෙ ලොකු සීන්.ඔබේ ප්‍රියයන් ඔබේ ප්‍රතම රාජකාරිය කරගන්න කිව්වට වැඩක් නෑ අප්පා. මෙයාලා ඕවා ගනන් ගන්නෙ නෑ.ඒ උනාට මම දන්නවා ඉතිං පස්සේ තාත්තාට කියලා අම්මා මට කොත්තුවක් ගෙන්නලා දෙනවා කියලා.ඒ නිසා බය නැතුව ගැම්මට ඉන්නවා.අයිම් වෙයිටිං ෆෝ යූ,මයි කොත්තූස්.

අයෙත් මම ෆෝන් එක අරන් ඇඳට වැටුනා.අම්මටහුඩු විහඟයා ගෲප් එකක් හදලා. තව පහක් ඇඩ් කරලා.යකෝ මූ මාර යකෙක්නෙ."BL fam"කියලා නමකුත් දාලා.අනේ මන්දා මුගෙත් වැඩ.

"සෙනෙහෙලතා is typing........."

දැන් ඉතිං ඔය අලුතෙන් ඇඩ් කෙරුව අයට හායි කියන්න හෑල්ලක් ටයිප් කරනවා ඇති.

"හායි මගෙ නම විහඟ මන්දිව්.මම bl බලන්න අරන් දැන් අව්රුදු දෙකක් විතර.මම ඉන්නෙ කුරුණෑගල(ඕකා කිව්වට අපි කුරුණෑගල නෙවේ කුරුණෑගල දිස්ත්‍රික්කේ උනාට ගොඩක් ලග මීගමුවට).  එතකොට මේ අනිත් කෙනා යෙනෝන් තිනෙත්‍ර. මගේ යාලුවා. ඌ නම් තාම එක bl එකයි බලලා තියෙන්නෙ. ඔයාලත් දැන් ඔයාලව introduce කරන්නකො එතකොට අපිට ලේසිනෙ අදුරගන්න"

"හායි මම මහේන්.මම ඉන්නෙ රත්නපුරේ. මම  bl බලන්න අරන් අව්රුදු තුනක් විතර වගේ වෙනවා. මට දැනගන්න පුලුවන්ද මේ ගෲප් එකේ ස්පෙශල් රූල්ස් එහෙම මොනාහරි තියනවද කියලා"

දෙයියෝහ් මේ අයියෙක්ද කොහෙද.ඩීසන් පොරක් වගේ.නැත්නම් මේ අපේ එකාගෙ මොංගල් ගෲප් එකේ ස්පෙශල් රූල්ස් අහයි ඈ.

"හායි මම හර්ශ මම කෑගල්ලෙ. ලොකුවට bl ගැන දන්නෙ නෑ ලගදි තමා බලන්න ගත්තෙ"

මෙයාත් මං වගේ මරන තර්ජනයක් නිසාද දන්නෙ නෑ බලන්න ගත්තෙ.ඒම වෙන්නත් බෑනෙ ඒනම් කැමැත්තෙන්ම මේ ගෲප් එකට එන්නෙ නෑනෙ.

ඔහොම තව හායි දෙකක් විතර තිබ්බා. ඒත් තව එක්කෙනෙක් ඉන්නවද කොහෙද introduce කෙරුවෙ නැති.මටත් ඕනෙ නැති මගුලක් නෑනෙ. මම ඒ කෙනා සොයා මෙහෙයුමක් දියත් කරන්න හැදුවා විතරයි-අහ් එයත් typing...

"මම එරෝන් කේන්‍ය."

අහ් එච්චරද.හායි බායි මොකුත් නෑ.නිකම්ම නම. ඇයි දන්නෙ නෑ වැඩි විස්තර කියන්නෙ නැත්තෙ.ඇවිල්ලා උස්සන් යයි කියලවත් හිතන් ඉන්නවද දන්නෙ නෑ.අපිට වෙන වැඩ නෑනෙ මූව උස්සන්න.

මේ එරෝන් කේන්‍ය

වයස අව්රුදු 21යි

විශ්වවිද්‍යාල ශිශ්‍යයෙක්

ආයෙත් "සෙනෙහෙලතා is typing..."

"මහේන් අයියේ මේකේ ස්පෙශල් රූල්ස් නම් මොකුත් නෑ. ඔයාලට ඕන විදියට මේකෙ ඉන්න පුලුවන් .තව ඔයාලගෙ birthdays ටිකත් දාගන යන්නකො. එතකොට උබලට මිස් නොකර විශ් කරන්න පුලුවන්නෙ. මගෙ birthday එක february 14 මගෙ යාලුවා 15"

ඕක තමා මූගෙ පුරුද්ද. මම වැඩියම දන්නෙ නැති අය එක්ක කතා කරනවා අඩුයි.ඒ නිසා මං වෙනුවෙනුත් විහඟ තමා පෙනී සිටින්නෙ.ඒකයි ඔය ඌ උගෙ විස්තර එක්කම මගෙ ඒවත් කියන්නෙ.

අනිත් අයත් birthday කියාගන ගියා,ඒ උනාට දැන් මම මේ බලන් ඉන්නෙ මිස්ටර් ලොකු සීන්ගෙ මැසේජ් එක එනකම්.

"මම 4/22"

අහ් ඔය කිව්වෙ.අම්මටහුඩු අද 21නෙ, ඒ කියන්නෙ මේකාගෙ birthday එක හෙටද.මැසේජ් එකක් දාලා කතාවට අල්ලගත්තා නම් හරි වගෙ. එහෙම ලොකුකමින් ඉන්න දෙන්න බෑනෙ ඇයි යකොව්.

"ඔහ් ඒ කියන්නෙ හෙට නෙහ්. අපිට ඒනම් පටන් ගත්ත ගමන්ම birthday එකක් තියනවා සෙලිබ්‍රේට් කරන්න.පාටියක් දාමු හරිතේ"

මම මැසේජ් එකක් දැම්මා. ඒත් ඒක චුට්ටක් ඕනවට වැඩියිදත් මන්දා.එක්කො ඔහෙ කමක් නෑ

"හා දාමු"

අම්මටහුඩු මෙන්න හා කිව්වා.මම හිතුව තරම් නරකත් නෑ වගේ.ඒ උනාට මම අච්චර හෑල්ලක් ටයිප් කරාට පස්සෙ වචන දෙකකින් රිප්ලයි කරන්න හිත හදාගත්තෙ කොහොමද දන්නෙ නෑ. හරී......ම අසාදාරන ලෝකයක් මේක.දිග මැසේජ් එකක් දැම්මම කෙටි මැසේජ් එකකින් රිප්ලයි කරන්න තහනම් වගේ නීතියක් නීතී පොත් වලට ඇතුලත් කරා නම් හොදයි වගේ.එහෙනම් මගෙ මේ පුංචි හිත දැන් සතුටින්නෙ.

"චූටී දොර අරින්න ලමයෝ"

අම්මටහුඩු මව්තුමිය සැපත්වෙලා.තාත්තාත් එන්න ඇති.මගෙ කොත්තුවත් ගේන්න ඇති ඤෙහ්.ගෙනාවෙ නැත්නම් අද රෑට මොකුත් කන්නෙ නෑ.ඇයි යකෝ කාලෙකින් ඉදලා ඉදලා ඉල්ලීමක් කරාම නොසලකා හරින්න දෙන්න බෑනෙ.

"අම්මේ කොත්තුව ගෙනාවද"

"ඇයි එපා කිව්වා නේද ආය අහන්න එන්න එපා. ගෙනාවෙ නෑ"

"එහෙනම් අද රෑට කන්නත් එපා මට"

"එහෙනම් නිකම් ඉන්නවා මට මොකද"

"හා"

"තමුසෙ දැන් ඕනවට වැඩී චූටි,ලඟඳිම කට කැඩෙන්න එකක් කනවා මගෙන්,අන්න කෑම කාමරේ මේස උඩ ඇති කොත්තු එක"

එතනින් එහාට මම මොකුත් කතා කරන්නෙ නැතුව සේප් එකේ කොත්තුව සොයා ගියා.ඒ උනාට ගෙනාවා කියලා කලිම්ම කිව්වා නම් ඉවරනෙ.බැන බැන ඉන්නෙ නැතුව.කොත්තු බලාපොරොත්තුව බිඳ වැටීගෙන වගේ ආව නිසානෙ මාත් ලොකු සීන් දැම්මෙ.මේ අම්මට තේරෙන්නෙ නෑනෙ සමහර මිනිස්සු හිත රිදුනහමත් ලොකුසීන් දානවා කියලා.මාත් දැන් ඒක තමා කරේ හුම්"

කොහොමහරි බඩපැලෙන්න කොත්තුවත් කාලා. නැවතත් මම මව් රැජින සොයා පිටත් උනා.අහ්  මේ ඉන්නෙ නාලා එහෙම නෙලුම් මලක් වගේ.තරහත් නෑ වගේ දැන්.මේ වෙලාවට නම් මෙයාගෙ මූනත් අපේ අම්මාම්මාගෙ මූන වගේ පේන්නෙ මට.ඔව් එහෙම වෙන්න එපැයි.ඒ දෙන්නා අම්මයි දුවයිනෙ.දැන් ඉතිං මෙතුමිය එක්ක මොනාහරි කතා කර කර ඉන්න ඕනෙ.නැත්නම් පස්සෙ බනිනවනෙ අම්මාව ගනන් ගන්නෙ නෑ.තනියම ඉදලා එපාවෙලා. කතා කරන්නවත් කෙනෙක් නෑ.ඔහොම තමා ලමයි ලොකු උනාම කියලා.ඊටවඩා හොඳයි උදේට මම ඉතුරු කරන පලතුරු කන්න එන පොලොස් කොට්ටෝරුවෙක් ගැන හරි අම්මා එක්ක කියව කියව ඉන්න එක.

🌼Daisy Flower🌼

ඊලග කොටසින් හම්බෙමූ

Share This Chapter