Back
/ 36
Chapter 3

3 කොටස

🖤My Peony🖤

අම්මා එක්ක කියව කියව ඉඳලා එයා ටී වී  බලන්න ගියාම මම ආයෙත් සේප් එකේ මගේ සුවඳ පිරුනු පුම්චි කාමරේට රිංගගත්තා.

අඤේ මයෙ සප්තලම් පෝං එක, මං නැතුව පාලුවෙන් ඉන්න ඇත්තෙ.ආය ආශ්‍රේ කරන්න ගන්න ඕනෙ.ෆෝන් එක උනත් ඕනවට වඩා තනියම තියලා හිත රිද්දන්න හොඳ නෑ.එයාව බලාගන්න එක මගෙ වගකීමනෙ ඉතිං.අම්මෝ මේ පුංචි මම කී දෙනෙක්ව කියලා නම් බලාගන්නද,වෙලාවකට මේ වගකීම් හරි බරයි අප්පා.

මම ෆෝන් එක අරන් සින්දුවක් ප්ලේ වෙන්න දාලා මනෝපාරක් ගහන්න ගත්තා.අඩෝ ඒ අස්සෙ වහින්නත් ගත්තා.ම්ම්ම්ම්....නා.......යිස් මේ ෆීලිං එක නම් පට්ට.මම මගේ ජීවිතෙ ගැන හිතන්න ගත්තා.අනේ මන්දා මේක ඉතිං ඔහෙ ගලාගන යනවා.

මතක් කරලා සතුටුවෙන්න තරම් මතක මගෙ ජීවිතේ හරි අඩුයි.එහෙම සතුටු මතක කියලා තියෙන්නෙ අම්මායි අයියායි මායි එකට ඉන්න වෙලාවල් වල කෙරුව එක එක දේවල් තමයි.ඇත්තටම අයියටයි මටයි සුන්දර ලමා කාලයක් තිබ්බෙ නැති තරම්. ඒක ටිකක් හරි සුන්දර උනා නම් උනේ අපේ අම්මාටයි,අම්මම්මාටයි අත්තාටයි පිං සිද්ද වෙන්න තමා.

සාමාන්‍යයෙන් මට යමක් කමක් තේරෙන කාලෙ ඉඳන් අපේ ගෙදර හැමදාම රන්ඩු.රන්ඩු කියන්නෙ තාත්තා බීලා අම්මට බනිනවා ගහනවා.බඩු පොලවෙ ගහනවා.අපේ තාත්තාට රන්ඩු වෙන්න බනින්න හේතු ඕනෙ නෑ.මම මොන්ටිසෝරි යන කාලෙ වගේ ඉඳන්ම තාත්තා අම්මට ගහන්න යද්දි බේරගන්න කියලා මැද්දට පනිනවලු.ඒ එකපාරක් තාත්තා මාව අල්ලලා විසිකරලා බිත්තියක වැදිලා.අයියාත් පොඩියිනෙ ඌ කෑ ගහලා අඬලා,අපි ඔක්කොමව ඔයා මරන්නද හදන්නෙ කියලා.ඊටපස්සෙ ඌත් ගුටිකාලා.

ඒ කාලේ තාත්තා අපි එක්ක එච්චර කතාවක් නෑ.එච්චර නෙවේ කොහොමත් කතා කරන්නෙම නැති තරම්.හැබැයි බිව්වෙ නැතිවෙලාවට අපිට එයාගෙන් කරදරයක් නෑ.අපි එක්ක කතා නොකර හරි පාඩුවේ ඉන්නවා.ඉස්සර තාත්තා බොන්නෙ දවසක් ඇර දවසක් වගේ රෑට.ඉතිං ඒ කාලෙ ඉඳන්ම මම රෑ වෙනවට හරි බයයි.ඒ පුරුද්දටද කොහෙද දැනුත් රෑ වෙනවට එච්චර කැමති නෑ.

පුංචි කාලෙ ඉදන් දවසෙ වැඩි කාලයක් මනුස්සයෙක්ට බයේ ජීවත් වෙන්න වෙනවා කියන්නෙ ඒක මහ කරුමයක්.හැමවෙලේම හිත බයේ ඉන්නෙ තාත්තා අම්මාට ගහයිද,ගෙදර රන්ඩු වෙයිද කියලා.මොකද මගෙ ඇස් දෙක ඉස්සරහම තාත්තාගෙන් ගුටිකාලා අම්මා කලන්තෙ දාලා  වැටිලා තියනවා. ඒ වෙලාවට අයියයි මායි කරේ කෑ ගහලා ඇඩුව එක විතරයි.ඌයි මායිත් ඒ කාලෙ පුංචි නිසා තාත්තා එක්ක ඔට්ටු වෙන්න හරි අමාරුයි.හැමදාම තාත්තා  රන්ඩු වෙද්දි මගෙ ලොකුම මිශන් එක තමා අම්මාට එක පාරක්වත් තාත්තගෙන් වදින්න නොදී බේරගන්න එක.ඒ වෙනුවෙන් මම කොච්චර ගුටි කෑවත් මට ගානක් නෑ.ඒක මට ඒ වෙලාවට  දැනෙන්නෙත් නෑ.

හැබැයි ඉතිං පහුවදාට අතපය රිදෙන එක වෙනම කතාවක්.ඒත් මම ඒවා කවදාවත් අම්මාට පෙන්නුවේ නෑ.මොකද ඊටපස්සෙ එයා ආය අඬනවා.මම හරි අකමැති අම්මගෙ ඇස්වල කඳුලු තියෙනවට. ඒවාට මම හරි බයයි.

අම්මා  හැමවෙලේම උත්සහා කරා අයියවයි මාවයි ප්‍රශ්න වලින් ඈත් කරන්න.ඔව් එයා ඒක පුලුවන් උපරිමෙන් කරා.ඉතිං මගෙ ජීවිතේ වීරයා අම්මා.ඔය කොයි දේ කොහොම උනත් අම්මා කවදාවත් අයියාටයි මටයි කිව්වෙ නෑ තාත්තා එක්ක තරහා වෙන්න කියලා.තාත්තාගෙන් ගුටිකාලා තුන්දෙනාම අඬ අඬා ඉන්න වෙලාවට උනත් එයා හැමවෙලේම කිව්වෙ."පුතේ ඒ ඔයාලගෙ තාත්තා ඒ මනුස්සයා නිසා තමා ඔයාලා මෙහෙම ඉන්නෙ. ඒ නිසා කවදාවත් එයා එක්ක තරහක් හිතන්න එපා,කොච්චර බැන්නත්,ගැහුවත් එයාට ඉන්නෙත් අපි තුන්දෙනා විතරයි" කියලා.ඉතිං අදටත් මගෙ හිතේ තාත්තා ගැන පොඩි තරහක්වත් නෑ,හැබැයි කලකිරීමක් වගේ එකක් නම් තියනවා.මොනාඋනත් මම තාත්තාට ආදරෙයි.

අපි ටික ටික ලොකු වෙද්දි තාත්තා රන්ඩු වෙන ටිකක් අඩුකරා.දැන් නම් ගොඩක් දවස් වලට සේප් එකේ ඉන්නවා. හැබැයි ඉදලා ඉදලා සමහර දවස් වලට ඉස්සරකාලෙ මතක් වෙන්න වගේ වලි දාගන්න ට්‍රයි එකක් දෙනවා.ඒ උනාට අයියයි මායි දැන් ලොකු නිසා තත්වය බොහෝදුරට පාලනය වෙනවා.මොනා උනත් මම දැක්ක ආදරනීයම වයිෆ්  මගේ අම්මා.මොකද එයා තාමත් තාත්තාට හරි ආදරෙයි.මොනදේ කරත් එයා තාත්තා එක්ක තරහා උනේ නෑ.දාලා ගියෙත් නෑනෙ.අපි දෙන්නවත් බලාගන තාත්තා එක්කම හිටියා.තවමත් ඉන්නවා.

හැබැයි ඔය මොනදේ කොහොම උනත් අයියාගෙයි මගෙයි ලගම යාලුවෝවත් අපේ ප්‍රශ්න දැනන් හිටියෙ හරි අඩුවෙන්.විහඟයා උනත් මේ දේවල් දැනගත්තේ ගොඩක් පහුවෙලා ඒත් හැමදේම නෙවේ.මොකද අපි හැමදාම දැක්කා එලිවෙනකම් තාත්තා රන්ඩු කරාත් පහුවදාට මොකුත් උනේ නෑ වගේ තාත්තා එක්කත් කතා කරලා, අහල පහල අනිත් මිනිස්සු එක්කත් හිනාවෙලා අම්මා ඉන්න විදිය. ඉතිං අයියයි මායිත් එහෙම පුරුදු උනා.

සමහර දවස් වලට උදේ අපි ඉස්කෝලේ යද්දි ගේ ඇතුලෙ තියෙන්නෙ තාත්තා රෑ පොලවේ ගහලා කැඩුන කුඩු උන බඩු ගොඩක් විතරයි.අඩුම තරමෙ අයියයි මායි නිදාගනවත් නෑ.සමහර දාට අතපය හොල්ලන්න බෑ රිදෙනවා.ඒත් ඌයි මායි මොංගල් වැඩ කරකර හිනාවෙවී ඉස්කෝලේ ගියා.අපි දෙන්නා කොච්චර ඒ දේවල් මිනිස්සුන්ගෙන් හැංගුවාද කිව්වොත් අපේ යාලුවෝ ඕනෙ තරම් කියලා තියනවා උබලට නම් මොන ප්‍රශ්නද ඉස්කෝලේ ලගට  අම්මා ගෙනත් දානවා.ඊටපස්සෙ එක්කම් යන්නත් එනවා.ඕන කියන කියන දේ අම්මා අරන් දෙනවා.අපිට වගේ නෙවේනෙ කියලා.

උන්ට තේරුම් ගන්න බැරි උනා සල්ලි තියන හැමතැනම සතුට නෑ කියලා.උන් කවදාවත් දැනගත්තේ නෑ මායි අයියයි කෑ ගහලා හිනාවෙන්නෙ අඩන්න බැරි තැන කියලා.අම්මා ගැන සින්දුවක් ඇහෙද්දි උටයි මටයි ඉබේම කඳුලු එන්නේ අපි බෝනික්කෝ වගේ හැදුන නිසා නෙවේ අම්මා අපි නිසා ගේ ඇතුලේ ඉදන් දුක්විදින විදිය මතක් වෙන නිසා කියලා කවදාවත් අපේ ලගම උන්වත් දැනන් හිටියේ නෑ.ඒක අපි උන්ට දැනෙන්න දුන්නෙත් නෑ.

උන් දැනන් හිටියෙ නෑ සමහර පොඩි දේවල් වලට ඇඩුවේ හේතු ගොඩාක් ගොඩ ගැහිලා අන්තිමට දරාගන්න බැරිම තැන කියලා,ඒ කාලේ ඉස්කෝලෙදි සමහර දවස් වලට අයියා මාව මග ඇරලා යන්නේ ඌ මාත් එක්ක තරහා වෙලා නිසා කියලා අපේ උන් හිතුවට අයියයි මායි විතරයි දැනන් හිටියෙ ඌ මාව මග අරින්නෙ මට උගෙ මූන දැක්කම කඳුලු හිර කරන් ඉන්න බැරුව ඇඩුනොත් ඉස්කෝලේ ඇතුලේ ඒක අව්ල් නිසා කියලා.

දුක හිරකරගන ඉන්න ඕන කෙනෙක්ට තමන්ගෙ කම්ෆටර්බල් සෝන් එකේ ඉන්න කෙනෙක් දැක්කොත් ඇඩෙන එක නෝමල්නෙ.අනික මම අම්මා ලග කෙයාරිං උනාට අයියා එක්ක හුරතල්.මට ඉන්නෙ ඌ විතරනෙ ඉතිං.

"චූටීඊ.... කුස්සියේ අඹ ගෙඩි දෙකක් ඇති එකක් ඔයා කාලා අනිත් එක තාත්තාට දෙන්නකො. මම එකක් කෑවා"

අම්මා කතා කරාට පස්සෙ මම ආයෙත් පියවි සිහියට ආවා.මදැයි ජීවිතේ සුන්දර මතකයක් හොයන්න ගිහිං මට වෙච්චි දේ.තිබ්බ එපාම කරපු මතක ගොඩේ පැටලිලා සෑහෙන වෙලාවක් ඉඳලානෙ.මම කුස්සියට ගිහිම් අඹ ගෙඩි දෙකක් කපලා, එකක් ප්ලේට් එකකට දාලා තාත්තාට ගිහිම් දීලා,අනිත් එක මම කෑවා.

"තාත්තේ ඒ අඹ කොහෙන්ද අනේ ගත්තෙ පට්ට රසයි"

"යාලුවෙක් ගෙනත් දුන්නෙ"

තාත්තා ඉස්සර වැඩි කතාවක්  නැති උනාට දැන් එහෙම නෑ. අපි එක්ක හොඳට කතාබහ කරනවා.අනේ මන්දා ඒ කාලේ මොනාවෙලා තිබ්බද කියලා.මම ඉන්න ගමන් අම්මාගෙන් අහනවා.ඒ උනාට එයා ඒවට මොකුත් කියන්නෙ නෑ.මොකද එයා හරි අකමැති එයාගෙ හස්බන්ඩ්ගෙ වැරදි අනිත් අය එක්ක කියන්න.මෙව්වා නම් මාර ලව් අප්පා.මාත් හොයාගන්න ඕනෙ අපේ අම්මා වගෙ එම්කෙනෙක්. එලෙව්වත් දාලා යන්නෙ නැති.

අඹ ගෙඩිය කාලා ඉවර වෙලා වොශ් දාලා අම්මා නිදාගන්න ගියාට පස්සෙ මමත් නිදාගන්න ඇඳට ආවා.චූටි කාලෙ ඉඳන් අම්මා නිදාගන්න යනකම් ඇහැරිලා ඉන්න එක මගෙ පුරුද්ද. මොකද මට බයයි අම්මා ඇහැරිලා ඉද්දි මම නිදාගත්තොත් අම්මට මොනාහරි කරදරයක් වෙයි කියලා.දකින අය මට පිස්සු කියලත් හිතනවා ඇති. ඒ උනාට මේ ඉතිං මම චූටි කාලෙ මූන දුන්න දරුනු සිදුවීම් වල අතුරුප්‍රතිඵල.ඒ වගේ අතුරුප්‍රතිපල නම් තව සෙට් එකක්ම තියනවා. කලුපාටට උනත් අකමැත්තකට වඩා මට තියෙන්නෙ බයක් මොකද මම අඳුරට හරි බයයි.තව චූටි කාලෙ නම් වීදුරු බිඳෙන සද්දෙටත් බයයි,දැන් නම් ටිකක් ලොකු කොල්ලෙක් වසයෙන් හිත චුට්ටක් ගැස්සුනාට වැඩිය ගනන් ගන්නෙ නෑ.

"අම්මේ......ගුඩ් නා.....යිට්.තාත්තේ ගුඩ් නා......යිට්"

ඕක නම් පොඩි කාලෙ ඉදන් අම්මා පුරුදු කෙරුව සීන් එකක්. හැමදාම ඇඳට ගිහිම් ගුඩ් නයිට් කියන එක.ඒ කාලෙ නම් තාත්තා ආපහු මට ගුඩ් නයිට් කිව්වෙ නෑ.ඒ උනාට අම්මා කිව්වා.එතකොට තාත්තා රන්ඩු උන දවස් වලට මම අම්මා ලගට ගිහිම් හොරෙන් ගුඩ් නයිට් කියලා එනවා.මොකද එහෙම දවසට හයියෙන් කතාකරන්නත් බයයි අපි.ඒ උනාට දැන් නම් දෙන්නම ගුඩ් නයිට් කියනවා

"ගුඩ් නයිට් චූටි බබා දැන්වත් නිදාගන්න"

අම්මටහුඩු අම්මට නින්ද ගිහිම්ද කොහෙද ඉදලා තියෙන්නෙ.මගෙ කාමරේ ඉදං අම්මලාගෙ කාමරේටම ඇහෙන්න ඕනි නිසා මම ඉතිම් එහා ගෙදරටත් ඇහෙන්න තමා ගුඩ් නයිට් කියන්නෙ.වරදක් කලත් සිතකින් නොවේ.දැන් නිහඩ වෙන්ටෝනෙ.

ඊටපස්සෙ මම ෆෝන් එක අතට ගත්තා.කරන්න දෙකුත් නෑ අප්පා. නිදිමතත් නෑ. අයියා ඔන්ලයින්ද දන්නෙ නෑ.චුට්ටක් ඇවිස්සුවා නම් හරි වgayy.

"අඩෝ තමුසෙ නිදිද"

"නෑ..ඇයි"

"මම ලොකු ප්‍රස්නෙක ඕයි ඉන්නෙ"

"ඒපාර මොකද"

"මෙහෙම ඉදලා මාව එකපාරට ලේනෙක් උනොත් අම්මලා මාව ගෙදරින් එලවයිද"

"මගෙන් කුනුහරප අහගන්නෙ නැතුව තෝ නිදාගන්නවද නැත්නම් මම අම්මට කෝල් කරලා කියන්නද.උබ නිදාගන්න කියලා ඇඳට ගිහිම් මැසේජ් කර කර මටත් නිදාගන්න දෙන්නෙ නැතුව වද දෙනවා කියලා"

"හරි හරි ඕයි ඉතිම් ප්‍රශ්න අසමින් ඉගෙනගන්න හැදුවෙ.තමුසෙලාත් මාර මිනිස්සු තමා"

"නිදාගනිංකො මගුල😒🖕"

අහ් දැන් නම් ඇවිස්සුවා ඇති වගේ.උටත් ඇතිනෙ මහ රෑට මල් කඩන්න එහෙම.වද දෙන්න හොද නෑ.

දැන් යමු වස්සැප් ස්ටේටස්වත් බලන්න.යකෝ මෙන්න විහඟයා ඒ ටිකට මිස්ටර් ලොකු සීන්ට විශ් කරලා ස්ටේටස් එකක් දාලා ෆොටෝ එකකුත් එක්ක.ඒ කියන්නෙ දැන් 12යිද.මාත් ස්ටේටස් එකක් දාන්න ඕනෙ විශ් කරලා.

ම්ම්ම්ම්ම් මෙයැයිගෙ අමුතුම ලුක් එකක් තියෙන්නෙ.හැන්ඩ්සම් වැඩිද මන්දා ටිකක්.හැබැයි මැසේජ් කිරිල්ල වගේම තමා පෙනුමත් දුස්ට පාටයි.නිකමට හිනාවෙයන්කො ෆොටෝ එකකටවත්.ඇගෙන් කෑල්ලක් ගන්නවා වගේ රවාගන කැමරා එක දිහා බලන් ඉන්නෙ.

ඒකටත් එක්ක විහඟයායි මායි ෆොටෝ ගද්දි. මම දත් තිස් දෙකම පෙන්නලා ඩිම්පල් එක පේන්න හිනාවෙනවා.අරූ කටේ පැත්තෙන් පේන යස්ස දත එලියට පනිනකම් හිනාවෙනවා. ඒ ටෙක්නික්ස් බාවිතා කරලා තමා අපි දෙන්නා ලොව කැලබෙන ෆොටෝස් සමාජ මාද්‍යට මුදා හරින්නෙ.අනේ මන්දා අපිට වගේ මෙයැයිට එහෙම ෆොටෝ වලින් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක කලඹන්න උවමනාවක් නෑ වගේ.

ඒ බලන් ඉන්න විදියට හිතනවා මේකා සීරියල් කිලර් කෙනෙක්ද දන්නෙ නෑ කියලාත්.වැඩිය මොකුත් කියන්න යන්න හොඳ නෑ මාවත් මරලා දැම්මොත්.ජෙයියනේ ජෙයියනේ තාම හිතේ තියන එක හීනයක්වත් මල්ඵල ගත්තෙත් නෑ.අඩු වයසින් නම් මැරෙන්න බෑ පුතේ තව වැඩ ගොඩා....යි අනාගතේට කරන්න.මෙහෙම කාලකන්නියා වගේ හිටියට බිසී ලයිප් මේවා.තාම ඒ ලෙවල් රිසාල්ට් ආවෙත් ඤෑ.ඒකවත් බලනකම් ඉදලා මරන්න කිව්වා නම් හරි.ඒත් මං නැතුව අම්මලාට දුක හිතෙයිනෙ. මොනා උනත් මමනෙ නිවසේ මිනි පහන.අයියාකාරයාත් කිබුල් කඳුලක් දෙකක් හෙලයි.එතකොට විහඟයා, ඌ මගේ මිනියෙත් පස්සට තට්ටු දාන්න එයිද දන්නෙ නෑ.නැත්නම් මූ ගෑනි මල එකා වගේ බොරුවට අඬයිවත්ද මිනිස්සුන්ගෙ අවදානෙ ගන්න.ටීශාත් එයිද දන්නෙ නෑ.අහ් ටීශා කියන්නෙ අර උදේ මට බැනලා මැසේජ් අසූ පහක් විතර දාලා මාව බ්ලොක් කරලා ගිය, ඇත්තෙත් නැති නැත්තෙත් නැති මගෙ ලව් එක.

ඒ උනාට මොනා උනත් මගේ රට වැසියො පව්.මම නැති උනොත් ලොකු අර්බුද වලට මුහුන දෙයි.එක්කො අරයට කියන්නෙ ඕනෙ මරනෙ අව්රුදු හතලිහකට විතර කල්දාමු කියලා.ඇයි යකෝ මෙහෙම මිනිස්සු අනාත කරලා මැරෙන්න බෑනෙ.උදේට මගෙ ඉතුරු වෙන පලතුරු ටික කන්න එන ලේන් පැටව් ටික උනත් කොච්චර අසරන වෙයිද ෆ්‍රෙශ් ඇපල් කෑල්ලක් කොමඩු කෑල්ලක් නැතුව.මගේ නැතත් ඒ අහිම්සකයන්ගෙ දුකවත් මේ සීරියල් කිලර් අයියා තේරුම් අරන් මගෙ මරනය කල්දායිනෙ.

ඊලඟ කොටසින් හම්බෙමු💗

🌼Daisy flower🌼

Share This Chapter