Back
/ 36
Chapter 4

4 කොටස

🖤My Peony🖤

විහඟයා ස්ටේටස් දාලා තිබ්බ සීරියල් කිලර් අයියගෙ ෆොටෝ එක දිහා බලාගන මම මගෙ මලගෙදරත් ප්ලෑන් කරලා අන්තිමට ස්ක්‍රීන් ශොට් එකක් ගත්තා.දැන් ඉතිං ස්ටේටස් දාන්න ඕනෙ.

"Happy level up bro🖤" කියලා දානවා කැප්ශන් එක.අනේ මන්දා ඇයි මම බ්ලැක් හාට් එකක් දැම්මෙ කියලා.ඒ උනාට ඒ යකාට ගැලපෙන්නෙ ඔය පාට තමා.ෆොටෝ එකේත් ඇදන් ඉන්නෙ කලු එකක්නෙ.

විහඟයත් කොහෙන් හොයාගන්නවද මන්දා මේ හදිස්සියේ ෆොටෝස්.මොනා උනත් මgay එකා තමා හොදටම කරන්නෙ.

ස්ටේටස් එක දැම්මා විතරයි මට මැසේජ් එකක් ආවා.

මම හිතුවෙ මිස්ටර් සීරියල් කිලර් කියලා ඒත් ඒ එයා නෙවේ,කිඩාරම් මල ආය මාව අන්බ්ලොක් කරලා.කරන්න දෙයක් නෑ ආය කතා කරන්න එනකම් තමා මාත් හිටියෙ මේකෙ දෙකෙන් එකක් විසඳගන්න.මල වදේ මේ මගුල ආය නම් මට එපා.අනිත් උන් වගේ මේකි කියන කතාවලට සුද්ද සිංහලෙන් ජාතිය ඇමතුවා නම් මේක වෙන්නෙ නෑ මට.ඒ උනාට එහෙම ඕනෙ නෑ.ඒකිට මාව තේරුම් ගන්න බැරි නම් මට වැඩකුත් නෑ.මෙච්චර කාලෙකට මම හිත රිද්දලාත් නෑ වැරැද්දක් කරලාත් නෑනෙ . ඔක්කොටම කලින් විහඟට සීන් එක කියලා ඉන්න ඕනෙ.

"අඩෝ තෝ නිදිද.

අහපන්කො අර ටීශා එක්ක බෑ බං.

ආයෙත් රන්ඩු වෙනවා එදා එක්සෑම් එකේ අන්තිම දවසෙ වහින නිසා ශානිගෙන් කුඩේ ඉල්ලගන ආව එකට.මම මොකක් කරන්නද බං තෙමීගන එනවා එදා උන තිබ්බෙ නැත්නම්.ඇයි බං ඒකි තේරුම් ගන්නෙ නැත්තෙ."

මම හිතේ තිබ්බ ඔක්කොම ඌට කියලා දැම්මා.

"ඕකිට කතා කරලා බ්‍රේකප් වෙයන් බං රෙද්ද.තිබ්බත් නෑ වගේනෙ .හැමදාම රන්ඩු වෙනවා.අනික ඒකි හොඳටම දන්නවනෙ උබ මොංගලයා වගේ හිටියට ඒකි නිසා ඕනම දෙයක් කරනවා කියලා. ඒ දැනගනත් ඒකිට කරන්න පුලුවන් ඔච්චරයි නම් වැඩක් නෑනෙ.මෝඩ ගෑනු"

විහඟයාට ටීශාව පේන්න බෑ.මොකද උට ඇහිලා තියනවා ඒකිගෙ බැනිලි.

ඉතිං මාත් අන්තිමට affair එක නවත්තන්න හිතාගත්තා.හැබැයි මොනා උනත් ඒකිට මම ආදරෙයි. ඒත් ඉතිං ආදරෙයි ආදරෙයි කියලා හැමදාම බූරුවා වගේ බලෙන් ප්‍රශ්න දාගන්න බෑනෙ.

මම ටීශාගෙයි මගෙයි චැට් එකට ගියා

"ඇත්තටම කියනවකො යෙනෝන්, තමුසෙ කොහොමද ලැජ්ජා නැතුව කෙල්ලෙක්ගෙන් කුඩයක් ඉල්ලුවෙ කියලා.මට තමුසෙව අප්පිරියයි ඕයි"

ඔය තමා අන්බ්ලොක් කරලාත් එවලා තියන මැසේජ් එක.

යකෝ කෙල්ලෙක්ගෙන් කුඩයක් ඉල්ලන්න ලැජ්ජා වෙන්න ඕනෙද,කුඩයක්නෙ ඉල්ලුවෙ යට ඇඳුමක් නෙවේනෙ මොන මගුලක්ද.

"ටීශා මට මේ affair එක නවත්තන්න ඕනෙ.ආය කතා කරන්න එපා මම බ්ලොක් කරනවා.තමුසෙට මාව කෝමත් තේරුම් ගන්න බෑ.බායි පරිස්සමින් ඉන්නවා."

දුකයි තමා ඒත් මට මේ ප්‍රශ්න එපාවෙලා  තියෙන්නෙ. මමත් මනුස්සයෙක්නෙ යකෝ.සතුටින් ඉන්න කියලා වෙලාවකුත් මගෙ ජීවිතෙට ඕනිනෙ.

"කරනවා ඕයි මට මොකද.ලොකු උදව්වක්. මට කොහොමත් අනේ යන්න එපා ගගා තමුසෙගෙ පස්සෙන් එන්න ඕනෙ නැ"

ඔය කිව්වෙ, හරී......ම සෝක් ඉතිං.අද ඉදන්වත් මම ඉත්තෑවාව අයින් කරන්න තීරනය කෙරුව එක හොදයි.

Bae💗 𝘣𝘭𝘰𝘤𝘬𝘦𝘥

හා.......රි දැන්.නම්බර් එකත් අයින් කරන්න ඕනෙ.

ඒ සම්බන්ද සියලු වැඩ ඩන් ඇන්ඩ් ඩස්ටඩ් කරලා මම නැවතත් මහ රෑ යාමේ මා මතක් වූ වස්සැප් වැසියන් සිටිනවාද කියලා බලන්න ගියා.අම්මටහුඩු පාන්දර එකට කාටද යකෝ මාව මතක් වෙන්නෙ.

𝗘𝗿𝗼𝗻

"Thanks මල්ලි"

අහ් මේ මගේ සීරියල් කිලර්නෙ . වෙයිට්,වට්???  ඇයි මම මගේ කිව්වෙ.ඔයාට කොහේහරි වැරදුනා සුදු පුතේ එයා ඔයාගෙ නෙවේ.කොහොමහරි එයා විශ් එකට තෑන්ක්ස් කරලා.අනේ අනේ හොරගෙඩියා හිතුව තරම්ම දුස්ටත් නෑ වගේ.

එතකොට මම දැන් මේකට දාන රිප්ලයි එක මොකක්ද. සීන් කරලා නිකම් ඉන්න පුරුද්දක් නෑනෙ මට.අනිවාරෙන් රිප්ලයි කරනවා කියන්න දෙයක් නැත්නම් ඉමොජියක් හරි දානවා ඉතිං.

ඉස්ටිකර් එකක්වත් දැම්මා නම් හරි වගේ.වෙන මොනා කතා කරන්නද ඉතිං. ටීශාගෙයි මගෙයි බ්‍රේකප් එක ගැන කියන්න ඈ.

ඒක නෙවේ මෙතුමාත් මං වගේ නිසාචරයෙක්ද කොහෙද නැත්නම් පාන්දර එකට සාමාන්‍ය මිනිස්සු මැසේජ් කරන්නෙ නෑනෙ.කොහොමහරි ඉතිං අන්තිමට මම වටේට හාට් පිරිච්ව පූසෙක් ඉන්න ඉස්ටිකරයක් යව්වා.එක්කො තව මොනාහරි කියනවද.අහ් පාර්ටි එකක් දාමුද කියලා ඇහුවා නම් හරි.

"ඉතිං අපිට පාර්ටි දෙනවද🌚"

එහෙම මැසේජ් එකක් දාලා මම ප්ලේ ලිස්ට් එකට ගිහිම් සින්දුවක් දාලා හෑන්ඩ් ෆ්‍රී එක දාගත්තා.මම ආසම සින්දු වලින් එකක් මේක.ලක්ශිත මිහිරාන්ගෙ සිඳගනාවී"අනේ මන්දා කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නැති සින්දුවක් ඒක.

"බ්ර්ර් බ්ර්ර්📱"

හයියෝ මගෙ මනෝපාර කෑවානෙ කව්ද  මෙ රෑ යාමෙ මැසේජ් එවන්නෙ.අම්මටහුඩු මිස්ටර් සීරියල් කිලර්.

𝗘𝗿𝗼𝗻

"ම්ම්ම්ම්"

යකෝ ඒක, හාවත් කියහංකො බොරුවට හරි.මොකද මම ඇත්තටම එනව ඈ පාර්ටි දාන්න. අනේ මෙයාගෙත් ලොකු සීන්.මටෝන්නෑ බර්ත්ඩේ පාර්ට්.

"Good night bro"

මට ඉතිම් මැසේජ් එකක් සීන් කරාම රිප්ලයි නොකර බැරි රෝගයක් තියනවානෙ ඒ නිසා good night කියලා දැම්මා.ඊටපස්සෙ හෑන්ඩ් ෆ්‍රී එක ගලවලා දාලා ෆෝන් එකත් පැත්තකින් තියලා මාත් නිදාගන්න තීරනය කරා.

හෙට අයියාත් එනවා කියලා අම්මා කිව්වා.ඕකා මාත් එක්ක මැසේජ් කරාට ඕවා කියන්නෙ නෑ.සුනකයා.ඌ එන එකත් හොදයි එතකොට කොහෙහරි රස්තියාදුවක් ගහන්න යන්න පුලුවන්.අපේ එකා එක්ක රස්තියාදු ගහන එක අමුතුම මෙව්වා එකක්.මොකද ඌ රස්තියාදු ගහනවා කියලා කරන්නේ ඌ නැති ටිකට ටව්න් එකේ දැම්ම අලුත් කෑම කඩවලට මාත් එක්ක යන එක.මූ හැමදාම ගෙදර හිටියොත් නම් මූත් අලියෙක් වෙලා මාත් අලියෙක් වෙලා නවතින්නෙ.

කියන්න තරම් විශේශයක් නැතුව සතියක් විතර ගියා.දැන් විහඟයා හැදුව 𝗕𝗟 𝗳𝗮𝗺𝗶𝗹𝘆 එකේ සෙට් එක පට්ට ෆිට්.කවදාවත් දැකලා නැති උනාට අපි සෙට් එකම බොහෝ දුරට සමාන වයිබ් වල මිනිස්සු.හැබැයි ඉතිම් ඒ අතර වෙනස්කමුත් තිබ්බා.ඒ උනාට අපි සෙට් එක සහෝදරයෝ ගානටම මේ සතියට ෆිට් උනා.

දැන් මේ වෙලාවෙ ගෲප් එකේ සෙට් එක පරන ලව් ගැන කියන ගමන් ඉන්නෙ.ඒවා ගැන කියද්දිත් දැන් ආතල් හැබැයි.විහඟයා උගේ තිබ්බ ලව් 97378292 න් අන්තිම එක ගැන කිව්වා.සෙට් එකෙන් ලොකුම අයියලා දෙන්නම ගේ.ඒ කියන්නෙ මහේන් අයියයි හර්ශ අයියයි.උන් දෙන්නට කෙල්ලො එක්ක ලව් තිබිලාම නෑ.හැබැයි මේ වෙද්දි උන් දෙන්නම බූට් කාලාලු  ඉන්නෙ.මහේන් අයියාගෙ කලින් bf නම් දැන් මැරි කරන්නත්ලු යන්නෙ.හර්ශ අයියා නම් ආය කවදාවත් මැරි කරන්නෙත් නෑලු ලව් කරන්නෙත් නෑලු.BL darama එකකට ලව් කරගන පාඩුවේ ඉන්නලු හිතන් ඉන්නෙ.

එතකොට සෙට් එකේ බාලම එකාට නම් තාම ලව් තිබිලා නෑ කියලා තමා ඌ කියන්නෙ. ඒ උනාට අපි කව්රුත් ඒක පිලිගන්නෙ නෑ.මොකද පොඩිම කිව්වට ඌ අපිට වඩා අව්රුද්දයි බාල.මේ පාර ඒ ලෙවල්.තව අපේ වයස එකෙක් ඉන්නවා ඌට නම් ලව් එකක් තියනවාලු.ඒ උනාට ඒක ලොකූවට සීරියස් එකක් නෙවෙයිලු.

එතකොට එරෝන් අයියගේ එක්ස් ලව් ස්ටෝරිය නම් හරී........ම මොංගල් එකක්.මෙහෙමයි සීන් එක, එයාගෙ යාලුවෝ සෙට් එකේ කොල්ලෙක් එයාගෙ හොදම යාලුවෝ දෙන්නගෙන් කෙනෙක්ගෙන් ask out කරාලු.ඒත් එරෝන් අයියගේ යාලුවා ඒකට කැමති වෙලා නෑ. ඉතිං ඒ සීන් එකෙන් පස්සෙ එයාලගෙ සෙට් එක චුට්ටක් ඈත් උනාලු. ටික කාලයක් ගියාම ආය සෙට් එක හිටිය විදියටම සෙට් උනාලු.ඊටපස්සෙ එයාලගෙ සෙට් එකේම ගර්ල් කෙනෙක් එරෝන් අයියාගෙන් ask out කරලා.ආපහු යාලුවෝ ටික ඈත් වෙයි කියලා බයේ මූ ඒ කෙල්ලට කැමැති කියලා.අන්තිමට ඒකි වටේ යන්න අරන් අයියා affair එක නවත්තල දාලා.ඌට ඒක නැවතුනා කියලා ලොකුවට  විරහවක් තිබ්බෙත් නෑලු .ඇත්තනෙ ඉතිං ඒම වෙන්න බෑනෙ. ඒක මූට ඕනවට පටන් ගත්ත මගුලක් නෙවේනෙ.සෙට් එක කැඩෙයි කියලා බයටනෙ මූ ඒකි එක්ක යාලුවෙලා තියෙන්නෙ.

අනේ මන්දා එරෝන් තව්සෙත් හෙන මොංගල් පොරක්.ඔහොම කියන්න හිතුනත් කියන්නෙ නැතුව, අනේ මන්දා එරෝන් අයියේ ඔයා නම් කියලා මැසේජ් එකක් දාලා නිකම් හිටියා.මේ යන විදියට ලොකු උන් දෙන්නම ගේ.විහඟයා බයි.අපේ වයස අනිත් එකාත් ගේ.පොඩි එකා බයි කියලා ඌ හිතන් ඉන්නවා.එතකොට එරෝන් අයියයි මායි තවම හරියට දන්නෙ නෑ අපි මොක්කුද කියලා.ඒ කියන්නෙ අපි දෙන්නටම අන්තිමට ලව් එකක් තිබිලා තියෙන්නෙ කෙල්ලෙක් එක්ක ඊටපස්සෙ කාත් එක්කවත් යාලුවෙලා නෑනෙ.

ඔන්න දැන් කට්ටිය ලව් නිසා කෙරුව ගොං වැඩ කියවනවා.විහඟයා පුදපු ගමන් කාපි යකා කියලා ඌ කාලෙකට කලින් කෙල්ලෙක් නිසා අත කපා ගත්ත එකක ෆොටෝ එකක් ගෲප් එකට දැම්මා.දැන් සැට් එකම මුට බනිනවා.උබ නම් මහ ගොනෙක් මල්ලි කියලා. ඊටපස්සෙ අයියලාත් ඇඩුව වැලපුන ඒවා ගැන එහෙම කිව්වා.ඒත් මෙච්චර වෙලා ගෲප් එකේ කට්ටිය එක්ක කතා කර කර හිටිය එරෝන් අයියා දැන් ටික වෙලාවක ඉඳන් අතුරුදහන්.කතාවක් මැද්දෙ ඉද්දි කොහෙහරි යනවා නම් කියලා යන එක අපි සෙට් එකගෙ පුරුද්දක්.එරෝන් අයියා උනත් වෙනදට එහෙමයි.ඒ නිසා මම එරෝන් අයියාට ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා බැලුවා.

Share This Chapter