Back
/ 36
Chapter 5

5 කොටස

🖤My Peony🖤

𝗘𝗿𝗼𝗻

" අයියේ"

"අඩෝ"

ඉන්නවදෝ                                                                                     එකපාරට                                                            මොකද                                                   උනේ"

"ම්ම්ම්"

"ම්ම්ම්

නෙවෙයි                                                           අනේ

මොකද

එකපාරට

අතුරුදහන්

උනේ

"අතුරුදහන් උනෙ නෑ මේ ඉන්නෙ"

"ඒ ඉන්බොක්ස්

එකේනෙ,

ගෲප් එකේ

මැසේජ්

කරන්නෙ

නැත්තෙ ඇයි

නිකම්

අනේ මේ

අයියේ

මේ යෙනෝන්

ඔය බොරු

වලට

අහුවෙන්නෙ නැ

"එතකොට ඔය යෙනෝන්  මොන බොරුවලටද අහුවෙන්නෙ"

මේ වගේ ප්‍රශ්නෙකින් පැනලා යන්න ඕනෙ උනාම ඔය මනුස්සයා ඔහොමමයි.මොකක් හරි මායමක් දාන්න එනවා මෙතන හුම්.අපි නම් තෙමෙයි වැස්සට.ඕව්වාට රැවටුනේ ඔයාව හම්බුන මුල් දවස් දෙකතුනේ විතරයි අයියේ.

"ඇත්ත කියන්න මොකක්ද අව්ල"

"එහෙම අව්ලක් නෑ ඕයි ඇත්තමයි"

"මොකක්ද අනේ සහෝදරයෝ වගේ               ඉමු කිව්වාට ඔයා තාමත් මට පිට                   කෙනෙක්ට වගේනේ සලකන්නෙ"

"එහෙම නෑ"

"එහෙම නැත්නම් මොකක්ද අව්ල කියන්න"

"තව්සෙ නම් මල ඇනයක්"

"ඔව් ඕක අපේ අයියත් කියනවා,ඇහුව එකට උත්තර දෙනවද, නැත්නම් මගේ උදහසට ලක් වෙනවද"

"ඒක එච්චර දෙයක් නෙවේ යකෝ"

"එච්චරද කොච්චරද කියලා මම බලාගන්නම්,යකා අව්ස්සන්නෙ නැතුව කියන්න,මෙහෙම අහිම්සකයා වගේ හිටියට මටත් තරහා යනවා හරිද"

"හා හා බයයි"

"මේ එක්කෝ මම කෝල් එකක් ගන්නද තව්සෙ එක්ක බෑ ඕයි"

"😾"

සෑහෙන වෙලාවක් ෆෝන් එක රින්ග් උනාට පස්සෙ තමා මේ යකා කෝල් එක ආන්සර් කරේ.මේකාගෙත් තියෙන්නෙ  එසේ මෙසේ ලොකුකමක් නෙවේ.ඇයි යකෝව්ව්.

"හෙලෝඕඔ අයියේ"

"ම්ම්ම්ම්ම්"

"කියනවකො අනේ"

"අනේ උබෙන් නම් මාර වදයක් තියෙන්නෙ බං."

"එහෙම තමා මම ආසයි උබට වද දෙන්න"

"එච්චර දෙයක් නෑ බං,අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් හිටියා මට ඉස්සර ඌව පේන්න බෑ. මට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ මාර වදයක් දෙන්නෙ.කියව කියව පස්සෙන් එනවා.කොහොමහරි ඌ කෙල්ලෙක්ගෙන් බූට් කාලා suicide කරගත්තා.විහඟ මල්ලි අත කපාගත්ත එක දැම්මාම මට ඒක මතක් උනා.එච්චරයි."

මට හිතෙනවා එයා තවමත් දුකෙන් ඉන්නේ .ඒ උනාට එහෙම නෑ වගේ  පෙන්නන්න හදනවා.ඇයි එයා මේ තරම්ම හැඟීම් හංගන්නේ.මට හිතෙන විදියට සාමාන්‍යයෙන්  එහෙම හැඟීම් හංගන්නේ ඒවා නිසාම හෙම්බත් උන.ඇතුලතින් හරි සංවේදී මිනිස්සු.

"මම දන්නවා අයියේ ඔයාට අව්ල් ඇති.ඒ මල්ලි නැති අඩුව මකන්නත් බැරි වෙයි.ඒ උනාට මට පුලුවන් ඔයාගෙ මල්ලි වෙන්න හුම්.වදදෙන එක නම් මගෙ ඇගෙන්ම එන එකක්. ඒ නිසා බය වෙන්ට එපා, මේ යස්ස පැටියා මොකක් හරි කරදරයක් උස්සගන ඔයා ලගට එනවා හැමදාම පොමිස්"

"ම්ම්ම්ම්ම්"

"මේ බඩ්ඩක් අහන්නද"

"හ්ම්ම්ම්ම්ම්"

"අර වෙස්මාරු කරන නාග කන්‍යාවියෝ ඉන්නේ දන්නවා නේද"

"හ්ම්ම්ම් "

"එතකොට වෙස්මාරු කරන බස්සො දැකලා තියනවද"

"පිස්සුද බං"

"ඔහොමම කන්නාඩියක් ඉස්සරහට යනවකො එතකොට පෙනෙයි.ඇයි යකොව් කියන හැම මගුලටම බස්සා වගේ හ්ම්ම් හ්ම්ම්ම් කියනවා"

" මම බස්සෙක් නෙවේ වැම්පයර් කෙනෙක්"

"අඤේ ඇත්තද.ඔයා ඉතිං රෑට ගෙවල් වලට රිංගලා ලේ බොනවද.මගේ නම් බොන්න එන්න එපා මගෙ ලේ එච්චර නෑ."

"මම හරක්ගෙ ලේ බොන්නෙ නෑ බං, මිනිස්සුන්ගෙ ලේ විතරයි බොන්නෙ"

"හා හා මම හරකා"

"ඔව් උබ හරකා"

ඔහොම ටික වෙලාවක් මොංගල් කතා ගොඩක් කියව කියවා ඉදලා අපි දෙන්නා කෝල් එක කට් කරා.

එදායින් පස්සේ අපි දෙන්නා ඉස්සරත් වඩා පට්ට ෆිට්.මම බලෙන්ම කියවලා කියවලා අව්ස්ස ගත්තම එයාත් මාත් එක්ක හොදට කතා කරනවා.හොද ෆිල්ම් හොයාගන දෙන්නම එකම වෙලාවට එව්වා බලනවා,ඊටපස්සෙ ඒවා ගැන කතා කරනවා,ඔහොමම ඉතිං මම මගේ පරන ලව් එක ගැන එහෙමත් එයා එක්ක කිව්වා.

ඉතිං ඔය විදියට මාසයක් විතර ගියා.දැන් මිස්ටර් සීරියල් කිලර් අනිත් අයට වඩා මාත් එක්ක  ගොඩක් එකතුයි.ඇත්තටම කිව්වොත් එයා හරි වෙනස් මනුස්සයෙක්.

මම මෙහෙම කිව්වොත් හරි.එයා හිතේ ආදරෙ මහා ගොඩක් පුරවගන,ආදරෙ කියන වචනෙටවත් කැමති නෑ වගේ පිටට පෙන්නන මනුස්සයෙක්.හරි ලස්සන හිතක් තියාගන හැමෝටම තමන් නපුරුයි කියලා පෙන්නන්න උත්සහ කරන මනුස්සයෙක්.කොටින්ම කිව්වොත් සමාජෙන් බැඳීම් වලින් ඈත්වෙලා ඉන්න උත්සහ කරන මනුස්සයෙක්.

එක අතකට මෙහෙම කිව්වොත් හරි.එයාත් හරියට මම දන්නෙ නැති භාශාවකින් ලිව්ව පොතක් වගේ.මම දැන් ටික ටික ඒ භාශාව ඉගෙනගන්න ගමන් ඉන්නෙ.ඒ නිසා යාන්තමට වගේ පොතේ පුංචි පේලි දෙක තුනක් කියවගන්න පුලුවන් උනා.තව චැප්ටර්ස් මහා හුගක් ඉතුරුයි.

හැබැයි මම කොහොමහරි දවසක ඒ ඔක්කොම කියවලා ඉවරකරනවා.එදාට මට සාක්ෂි ඇතුවම හැමෝටම කියන්න පුලුවන් වෙයි එයා හදවතින් හරි ලස්සන  මනුස්සයෙක් කියලා.

මං කැඩිච්ච රේඩියෝ එකක් වගේ උනාට එයා එහෙම කියවන්නේ නම් නෑ.මොකද එයා කොහොමත් සයිලන්ට් කැරැක්ටර් එකක්නෙ.ඒ උනාට එයා දැන් ටික ටික එයාගෙ දේවල් මාත් එක්ක බෙදාගන්න පටන් අරන්.මට හිතෙනවා සමහරවිට  එයාටත් මාත් එක්ක දේවල් කියන එක, කතාකරන එක කම්ෆර්ටබල් ඇති. හැබැයි මම නම් එයාව අදුරගන සතියකින් වගේ මගේ දේවල් එයා එක්ක බෙදාගත්තා.මට කියන්න තේරෙන්නෙ නෑ ඒ කාලේ ටීශා ලගදිවත් දැනුනෙ නැති මාර කම්ෆටර්බල් ෆීලිං එකක් මට එයා ලගදි දැනෙන්නෙ

දන්නවද පුදුමම හිතෙන කතාව,අව්රුදු 19ක් විතර යනකම් කලුපාටයි අදුරු දේවලුයි ගැන මට තිබ්බෙ හරි බය හිතෙන හැඟීමක්.එයා නිසා ඒකත් ටික ටික වෙනස් වෙලා.මොකද එයා වැඩිපුර පාවිච්චි කරන්නෙ කලුපාට.ඉතිං මම දැන් ටික ටික ආපහු එයාගෙන් කලුපාට ගැන ඉගෙනගන්න පටන් අරන්.ඉස්සර කලුපාට කියන්නෙ රෑ උන වෙලාවට හැමතැනම තියන දුශ්ට පාටක් කියලා හිතන් හිටිය මට, එයා කියලා දුන්නා කලුපාට කියන්නෙ මේ ලෝකෙ තියන හැම ලස්සන පාටක්ම හංගගන ඉන්න තනිපාටක් කියලා.කලුපාටත් හරියට එයා වගේ.ලස්සන හැමදෙම ලග තියාගන හරි නපුරුයි වගේ ලෝකෙට පේන්නගන ඉන්නවා.

එක අතකට හොඳම දේවල් එහෙම හැංගිලා තියන එකත් හොදයි.මොකද නැත්නම් ඒවා ඉක්මනට නරක මිනිස්සු අයිතිකරගන්න උත්සහා කරනවා.මම එයාගෙ කැමති අනිත් දේ තමයි මාව අහගන ඉන්න එක.අපේ අම්මාට පස්සේ මාව උවමනාවෙන්ම අහන් හිටියේ එයා.ඉතිං ඉදලා හිටලා කෝල් එකක් එහෙම ගත්තම එයා වැඩිපුර කියන්නෙ "හ්ම්ම්ම්ම් ඊටපස්සෙ "ඔන්න ඔය වගෙ වචන දෙකතුනක් තමයි.හැබැයි එයා හැමවෙලේම  මට දැනෙන්න දුන්නා එයා මාව උවමනාවෙන් අහන් ඉන්නවා කියලා.ඉතිං මට එයා ලග මම වෙන්න හරි ලේසියි.කොච්චර මෙහෙම කිව්වත් අපි දෙන්නා තාම ඇත්තටම හම්බෙලා නෑ.අනිත් දේ තමයි එයා මට හරි විශේශයි. ඒ උනාට එයා මගෙ කව්ද කියලා මම දන්නෙ නෑ.

-------------------------------------------------------------

"යෙනෝන් කෝ අන්කල්"

"තවම නිදි පුතේ.ගිහිං බලන්න කාමරේ.අද කොහෙහරි යනවත් කිය කිය හිටියා නේද?"

"ඔව් අද යාලුවෝ වගයක් හම්බෙන්න යනවනෙ අංකල්.ඔයාලත් අද කොහෙහරි යනවා කිව්වා නේද අංකල්"

"ඔව් පුතා මායි ඇන්ටියි අද අපේ ගමේ යන්න ඉන්නෙ"

අම්මටහුඩු සෙනෙහෙලතා අපේ නිවසට සැපත්වෙලා.ඒ කියන්නෙ දැන් හය හමාරයිද .යකෝව් අද කලින් ඇහැරෙන්න ඕනෙ නිසා ඊයෙ මම කලින් නිදාගත්තත්නෙ.ඒත් අනේ අදත් සුපුරුදු පරිදි යස්ස විමානෙ පොඩි යස්ස පැටියට දරුනුවටම නින්ද ගියා.අද තමා මාසෙකට කලින් විහඟයා හැදුව ගෲප් එකේ සෙට් එක පලවෙනි වතාවට මීට් වෙන දවස.කට්ටියම කතාඋනේ දහය හමාර විතර වගේ වෙද්දි ගෝල්ෆේස් එකේදි සෙට් වෙන්න.

"හුත්තෝ නැගිටපන් පුකත් උඩ දාගන නිදාගන ඉන්නෙ නැතුව.මැසේජ් කරද්දි නම් කිව්වෙ කොහොමද හය හමාර වෙද්දි ගෝල්ෆේස් එකට උනත් මට එන්න පුලුවන් කියලා.තොගෙ කට විතරයි පගයා"

එකපාරට මගේ කාමරේට කඩාගන පැනලා මගේ අතීසාර පාපමිත්‍රයා කන්ද උඩින් හිරු නැග එන මේ හිමිදිරි උදෑසනේ දරුනු ලෙස පරුස වචනෙන් බැන වැදීමට අමතරව මගේ පශ්චාත් බාගෙටත් දරුනු පහරක් එල්ල කරා.

"මොන මගුලක්ද ඕක බෙරයක් නෙවේ පගයෝ ඔච්චර ගහන්න එපා රිදෙනවා ඕයි"

පස්සත් අතගාන ගමන් විහඟයාට බැන බැන මම වොශ් රූම් එකට රිංගගත්තා.

අන්තිමට කොහොමහරි හතට විතර අපි දෙන්නා ගෙදරින් එන්න ආවා.ඊටපස්සෙ කුරුණෑගල  මීගමු බස් එකක නැගලා අපි දෙන්නා ගමන ආරම්භ කොරා.මීගමුවට ආවා විතරයි අපි දෙන්නගෙ බඩේ ඉන්න සුපුරුදු මලපෙරේතයො දෙන්නට බඩගින්න වැඩිවෙලා සික් එක හැදුනා

ඊටපස්සෙ මීගමුවේ  ස්ටෑන්ඩ් එකේ තියන කඩේකින් සොසේජ් බන් දෙකකුයි මයිලෝ දෙකකුයි අරන් කාලා බීලා හයිවේ බස් එකට නැග්ගා.ඊටපස්සෙ සින්දුවකුත් අහගන මම ශීට් එකට ඔලුව තියාගත්තා.හැබැයි තව ටිකෙන් නින්ද ගිය ගමන් මගෙ ඔලුව විහඟයාගෙ උරහිසට වැටෙනවා. ඒත් අව්ලක් නෑ ඌටත් ඒක පුරුදුයි.බස් එකේ කොහෙහරි යද්දි කියවන්න විසේස ඕපදූපයක් නැත්නම් මම කරන්නෙ පෙරේතයා පොලවේ ගැහුවා වගේ නිදාගන්න එක තමා.අරූ නම් චුට්ටක් වටපිට බල බල යනවා.වැඩකට ඇති මොනාහරි දැක්කොත් මට ඇහැරවලා පෙන්නනවා.

"ඒ ඇහැරෙනවා කොටුවට ආවා"

"අම්මටහුඩු මෙච්චර ඉක්මනට ආවද බං,දැන් මීගමුවේ ඉදන් කොටුවට එන්න පැය භාගයක් වගේද ඕයි යන්නෙ"

"උබට ට්‍රැක්ද බං,වොච් එකක් නැත්නම් ෆෝන් එකෙන් හරි වෙලාව බලපන්කො බූරුවා"

"අම්මටහුඩු 10.28 නෙහ් අනේ මන්දා නේ බං,උබට හිතෙන්නෙ නැද්ද අපි හැමෝට හොරෙන් කව්රු හරි ඔරලෝසුවේ කට්ට ඉක්මනට කරකවනවා කියලා.ඒ උනාට ඇයි ඉතිං ඌ එහෙම කරන්නෙ.උට වෙන වැඩක් නැද්ද දන්නෑ.මොකෙක් හරි ට්‍රැක් ඩයල් එකක් වෙන්න ඇති නේද"

"අනේ ඔය ගොං කතා කිය කිය ඉන්නෙ නැතුව යමුකො බං රෙද්ද"

"මේ ඒක නෙවේ මිස්ටර් විහඟ,උබට හිතෙනවාද එරෝන් අයියා එයි කියලා"

"අනේ මන්දා බං මම අන්තිමට ඇහුවමත් බලමුකො කිව්වා"

අනේ මන්දා එයාවත් තේරුම් ගන්න බෑ වෙලාවකට.සෙට් එකම එමුයි කියලා කතා උනාට.මිස්ටර් සීරියල් කිලර් එච්චර උනන්දුවක් පෙන්නුවේ නෑ. මම දෙතුන් පාරක්ම එන්න, එන්න ,අනේ එන්න, එනවා නේද ,හාද ,එනවා නේද ,කිව්වත් එයා එච්චර කැමැත්තක් පෙන්නුවේ නෑ.බලමුකො අද එයිද කියලා.

ඔන්න මායි අරූයි ගෝල්ෆේස් එකට ආවා.අම්මටහුඩු මේ ඉන්නෙ සැට් එක.එරෝන් අයියා ඇර ඉතුරු ඔක්කොම ඇවිත් හිටියා.මම එරෝන් අයියට මැසේජ් එකක් දැම්මා.

𝗘𝗿𝗼𝗻🖤

අයියේ ඔයා එන්නෙ නැද්ද

නෑ

ම්ම්ම් හරි

මම එහෙම කියලා ඩේටා ඕෆ් කරලා ෆෝන් එක සාක්කුවට දාගත්තා.

"එරෝන් අයියා එන්නෙ නැතිවෙයි වගේ අපි මොනාහරි කමු."

අනිත් අයට එහෙම කියන ගමන් මම ඉස්සෝ වඩයක්වත් ගන්න කඩයක් තියන තැනකට ගියා.

මම දන්නවා දැන් මගෙ මූඩ් එක හොඳටම චේන්ජ් වෙලා කියලා.ඉතිං ඒක අනිත් අයට නෝට් නොවෙන්න තමා මම එයාලාව මග ඇරලා කඩයක් ලගට ගියේ.ඊටපස්සෙ හය දෙනාටම ඇතිවෙන්න ඉස්සෝ වඩේයි රොටියි අරගන ආපහු සෙට් එක හිටිය තැනට ගියා.

Share This Chapter