Back
/ 36
Chapter 6

6 කොටස

🖤My Peony🖤

ඊටපස්සෙ බෙන්ච් එකක් උඩ වාඩිවෙලා අපි කන්න පටන් ගත්තා.විහඟයා නම් මොකෙක්වවත් ගනන් නොගෙන දරුනුවටම ඉස්සෝ වඩේකට යටවෙලා.

"තෝ ඔය ඉස්සා දිහා බල බල ඌගෙ ජෙන්ඩර් එක හොයනවද,කාපන්කො ඕයි,මම දැන් පහක් විතර කෑවා"

විහඟයා කෑ ගැහුව පාර මාව ගැස්සිලා ගියා.ඌ දන්නවා මම අව්ලෙන් ඉන්නේ කියලා.ඒ නිසා ඌට දැන් ඕනෙ මගෙ මූඩ් එක ටිකක් හරි චේන්ජ් කරන්න.

ඇත්තටම මට පට්ට දුකයි.බලාපොරොත්තු ඔක්කොම එකපාර නැති උනා වගේ ෆීලිං එකක් තියෙන්නෙ.

එයා මට මුල ඉදන් ම එනවා කියලා කිව්වෙ නෑ. ඒ උනාට මගෙ යටි හිත කිව්වා නෑ ඔය බෑ බෑ කිව්වට එයා අනිවාරෙන් එයි කියලා.හැබැයි අන්තිමට මගෙ යටිහිත වැරදියි.ඒක එයාගෙත් වැරැද්දක් නෑ මොකද එයා කොයි වෙලාවකවත් එනවා කියලා කිව්වෙ නෑ.මමයි ලොකුවටම බලාපොරොත්තු තියාගත්තේ .

මගෙ ජීවිතේ ඕනි තරම් යාලුවෝ ගමන් යන්න එන්නම් කියලා එන්නෙ නැතුව ඉදලා තියනවා.හැබැයි මට ඒවා කවදාවත් මෙච්චර දැනිලා නැ.මෙච්චර නෙවේ කොහොමවත් ම ගානක් නෑ.ඒත් අද මට දුකක් එක්ක ලොකු පාලුවක් දැනෙනවා.

මට කෑ ගහලා අඩන්න ඕනෙ උනා.එයාට ඇහෙන්න කෑ ගහන්න හිතුනා.මට ඔයාව බලන්න ඕනි උනාට ඔයාට මාව බලන්න ඕනෙ නැද්ද කියලා අහන්න හිතුනා.ඒත් ඇයි මම එහෙම අහන්නෙ.මම එයාගෙ කව්ද,එයාට මම වෙනුවෙන් එන්න කියලා කියන්න එයා ගැන මට තියන අයිතිය මොකක්ද.මම දැනගන හිටියෙ එක දෙයයි. මට එයාව මහ හුගක් ඕනි උනා.

එදා මට එච්චර සතුටක් තිබ්බේ නෑ .ඒ උනාට අනිත් සෙට් එක නිසා චුට්ටක් මූඩ් එක ෆික්ස් උනේ නෑ කියන්නත් බෑ.කොහොමහරි හැමතැනම රව්ම් ගහලා අපි ආය ගෙදර එන්න ආවා.

සුරංගනා කතාවල වගේ අන්තිමට හරි එයා ආවේ නෑ.එයාටත් නො එන්න හේතු ඇති.ඒ උනාට හත්වලාමෙ මට දුකයිනෙ .මටම හිතෙනවා මම නිකම් ඉන්නෙ බූට් කෑව එකෙක් වගේ කියලා.මොකක්ද යකෝ මට මේ වෙලා තියෙන්නෙ.අනේ මන්දා ඕන මගුලක් කියලා මම බස් එකට නැගලා සීට් එක එකට ඔලුව තියාගත්තා.

අම්මලාත් තාත්තාගෙ ගමේ ගිය නිසා ගෙදර ගිහිම් තනියම ඉන්න වෙන්නෙ.ඒකත් හොඳයි. ඕන විදියට අව්ලෙන් හිටියැකි.නැත්නම් අපේ අම්මා පාඩුවේ අව්ලෙන් ඉන්නවත් දෙන්නෙ නෑනෙ අප්පා."ඇයි ඔහොම ඉන්නෙ,ඔහොම ඉන්න එපා ලමයෝ,මොකක් හරි අව්ලක නම් ඉන්නෙ අම්මට කියන්නකො"ඔන්න ඔහොම කිය කිය මේ අහිම්සකයාට වද දෙනවා.ඊටපස්සෙ මට අව්ලෙන් ඉන්න එක එපා වෙලා අම්මා එක්ක මොනාහරි විකාර කතාවක් කියන්න ගන්නවා.

"ඒ නැගිටපා..........ං මීගමුවෙ ඉන්නෙ"

සීට් එකට හේත්තු වෙලා මට එහෙමම නින්ද ගිහිම් පුරුදු විදියටම ඔලුව විහඟයාගෙ උරහිසට වැටිලා.ඌත් පව් හැමදාම මොකුත් නොකියා මට උරහිසේ ඔලුව තියාගන්න දෙනවනෙ.ඌ වගේ යාලුවෙක් ආය නම් මට කවදාවත් හම්බෙන එකක් නෑ.මොනදේ උනත් බැන බැන හරි මාත් එක්ක ඉන්නවනෙ.

"අඩෝ ඉස්සර උබයි මායි ක්ලාස් යන කාලෙ කෑව කඩෙන් රයිස් එකක් කමුකො"

මට එකපාරටම ඉස්සර කාලෙට යන්න ඕනෙ උනා.කාලෙකින් ඉස්සර කාපු කඩේකට ගිහිම් කද්දි,කාලෙකට කලින් යූස් කෙරුව පර්ෆියුම් එකක සුවද එද්දි,නැත්නම් කාලෙකට කලින් කියෙව්ව පොතක් ආය කියවද්දි, මට මහ අමුතු ෆීලිං එකක් එනවා.ඒ ඒ කාලවල් වලදි උන සිද්දි හැමදේම ඔලුවට ඇවිල්ලා, මම ආයෙත් ඒ කාලෙ ජීවත් වෙනවදෝ කියලා දැනෙන්න ගන්නවා,හැමවෙලාවටම නැතත් සමහර වෙලාවට මම ඒ ෆීලිං එකට කැමතියි.මේ වෙලාවෙත් ඒ ෆීලිං එක හොදයි.මොකද විහඟයා එක්ක මේ පාරවල් වල, කෑම කඩවල් වල මට තිබ්බෙ සුන්දර ආතල් පිරුන මතක විතරයි.ඉතිං මට ආය ඒ කාලෙට යන්න ඕනි උනා.මොකද මට දැන් දුක හිතිලා ඉන්නෙ.ඉතිං මට ඕනෙ උනේ ඒ මතක අස්සෙ ඉදම් මනෝපාරක් ගහන්න.

කාටවත් දුක තේරුම් කරන්නවත් බැරි තරමට හිත රිදුනාම මගෙ කැරැක්ටර් එක්ක සම්පූර්නෙන් ම කනපිට ගහනවා. පැය 24ම කියවන කට වැහිලම ගිහිං ඕනම දේකට විතරක් වචනයක් දෙකක් කතා කරන්න ගන්නවා.සාමාන්‍ය වෙලාවට තනියෙන් ඉන්න අකමැති උනාට,එහෙම වෙලාවට මට තනියම ඉන්න ඕනි.ඒ වෙලාවට ඉතිං ඩයරි එක ලියනවා,නැත්නම් සින්දුවක් අහනවා,ඉවසගන්න ම බැරි උනොත් ඇඩෙනවා.

බස් එකෙන් බැහැලා විහඟයි මායි අපි දෙන්නාගෙ සුපුරුදු රයිස් කඩේ පැත්තට ඇවිදගන ගියා.ඒත් මම ඔහේ කල්පනා කර කර ඇවිදගන ගියේ.

"ඒ..උබ බොන්නෙ ස්ප්‍රයිට් නෙ"

"............"

"ඒයි බූරුවෝ"

"ආව් බල්ලෝ පයින් ගහන්න එපා"

"මොන ලෝකෙද තෝ ඉන්නෙ. කීපාරක් ඇහුවද ස්ප්‍රයිට් නේද බොන්නෙ කියලා"

"ඔව් බං ඔව් ඇයි උබට දැන් ඒකත් අමතකද"

"මොන හුත්තක්ද බං කියවන්නෙ දන්න නිසානෙ පගයො මොනාද බොන්නෙ කියලා අහන්නෙ නැතුව ස්ප්‍රයිට් නේද ඕනෙ කියලා ඇහුවේ"

"හ්ම්ම්ම්ම්"

"අංකල් ෆුල් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි,ස්ප්‍රයිට් එකකුයි කොකා කෝලා එකකුයි දෙන්න"

ඌ ඕඩර් කරලා එනකම් මම කඩේ ඇතුලට ගිහිම් වාඩි උනා."ඒ උනාට ඔයාට එන්න තිබ්බා අයියේ"ඩේටා ඔන් නොකරම වට්සැප් එකට ගිහිම් මගෙයි එරෝන් අයියාගෙයි චැට් එක දිහා බලාගන මම හිතුවා.ඊටපස්සෙ ආයෙ ඩේටා ඔන් කරලා හිතේ තිබ්බ දේවල් ඔක්කොම ටයිප් කරලා එරෝන් අයියට මැසේජ් ගොඩක් දැම්මා

𝗘𝗿𝗼𝗻

"අයියේ

ඇයි ආවෙ නැත්තෙ

බලන් හිටියා එනකම්🙂

මට හරි අව්ල්,

ඔයාට තේරෙන්නෙ නෑනෙ කොහොමත් මම කියන ඒවා තේරුම් ගන්න,

ඒත් සහෝදරයෙක් විදියටවත් චුට්ටක් කෙයා කරන්න තිබ්බා ඔයාට,

එක්කෝ කමක් නෑ ඒක ඔයාගෙ කැමැත්තනෙ"

එයා ඔන්ලයිනුත් නෑ වගේ.මම එහෙමම ආය ඩේටා ඕෆ් කරලා ෆෝන් එක බෑග් එකට දාගත්තා.

"ඕකේයි මිස්ටර් යෙනෝන් දැන් ඕක අමතක කරන්න.ඒක එච්චර දෙයක් නෙවේ. එරෝන් අයියා ඔයාලා එක්ක ගෝල්ෆේස් එකට ආවෙ නෑ විතරනෙ,ඔයා එක්ක තරහා උනේවත්,ඔයාගෙ ජීවිතෙන් අයින් උනේවත් නෑනෙ.ඒ නිසා ප්ලීස් කාම් ඩව්න්."

මම මටම එහෙම කියාගන චුට්ටක් විතර හිත හදාගත්තා.ඒත් එක්කම විහඟ ඇවිල්ලා මගේ ඉස්සරහින් වාඩි උනා.

"තෝ දැන් ඔය ඔහොම ඉන්නෙ අරූ ආවෙ නැති නිසා නෙහ්,බොරුවට අඤේ ඤෑ,මගෙ ඔලුව රිදෙනවා,අරකද මේකද ගගා පරන බොරු කියන්න එපා හරිද,ඒවට රැවටෙන ගොනා හිටියෙ චූටි කාලෙ,දැන් ඌව විකුනලා තියෙන්නෙ."

"උබට ඕන එකක් හිතාගනිංකො"

"මේ යෙනෝන් ඇත්ත කියහං උබ එරෝන් අයියාට කැමතිද"

"අනේ කුනුහරප කතා නොකියා පලයන්කො,ඌ මට සහෝදරයෙක් වගේ,එච්චරයි."

"එච්චරමද"

"ඔව් බල්ලෝ,මම ඌ එයි කියලා බලාගන හිටියා නැති උන නිසා අව්ල් ගියා. ඒක සහෝදරකමට උන දෙයක් මිස උබ ඔය හිතන මගුලක් නෙවේ"

පොල්ලෙන් ගහනවා වගේ ඌ ඇහුව ප්‍රශ්නෙට මාවත් කන්පියුස් උනා.ඇත්තටම මොකක්ද මේ හැඟීම අනේ මන්දා ඒකට නමක් දෙන්න මට තේරෙන්නෙ නෑ.ඉතිං මම අනිත් අය ඉස්සරහා ඒකට සහෝදරකම කියන්න තීරනය කරා.හැබැයි මට දැනෙනවා ඒක සහෝදරකමකට එහා ගිය අමුතු ෆීලිං එකක්.

ෆ්‍රයිඩ් රයිස් ප්ලේට් එකයි,සෝස් බොට්ල් එකකුයි,පොඩි ප්ලේට් එකකට දාපු චිලිපේස්ට් එකකුයි,බීම බෝතල් දෙකයි,අංකල් කෙනෙක් ටේබල් එක උඩින් ගෙනත් තිබ්බා.

දැන් ඉතිම් ඔක්කොම අමතක කරලා කෑමක් තමා පුතේ තියෙන්නෙ.මේ කඩේ ෆ්‍රයිඩ් රයිස් වලට මම ආසම හේතුව තමා හොදට චිකන් දාලා තියන එක.මොකද මම ඇවිල්ලා හෙනම චිකන් පෙරේතයෙක්.

ඉස්සර ක්ලාස් යද්දි මමයි ටීශායි ඉන්නෙම KFC එකේ චිකන් බකට් එකක් බදාගන කියලා අපිට යාලුවෝ අපිව චාටර් කරනවා.

ඒ නිසාම ක්ලාස් යන කාලේ"KFC කපල් එක"කියලා නමකුත් වැටිලා තිබ්බා අපි දෙන්නට.විහඟයා එක්ක වැඩියම KFC යැවෙන්නෙ නෑ මොකද ඌ පීසා පෙරේතයෙක්.

ඉතිං ඉස්සර ක්ලාස් ඇරුනම ඌ උගෙ කෑලි 98382828න් එකක් එක්ක පීසා හට් යනවා.මම ටීශා එක්ක KFC යනවා.ඊටත් පස්සේ ඌයි මායි ආයෙත් අපි දැන් මේ කන කඩෙන් ෆ්‍රයිඩ් රයිස් කනවා.(මලපෙරේතයෝ කියලා හිතන්න එපා හරිත අපි කෙල්ලෝ එක්ක ගිහිම් කද්දි කන්නේ මේ රයිස් එකට බඩේ ඉඩ තියාගන)

ටීශලා කැමති නෑනෙ ඉතිං මේ වගෙ කඩවලින් කන්න.ඒ නිසා අපි දෙන්නා කාලා එනකම් ටීශා කෙල්ලෝ ටිකත් එක්ක ශොපින් කරන්න එහෙම නැත්නම් චුට්ටක් ඇවිදින්න වගේ යනවා.

මේ රයිස් එකට ගහන්න බෑ ඔය එක රයිස් එකකටවත්.මටයි විහඟයාටයි නෑනෙ ඔය බොරු පොස් සීන්.කෑම රසයි නම් උටයි මටයි සෙට් වෙනවා නම් කඩේ මොකක් උනත් අපි කනවා.එච්චරයි .ඕක තමා අපි දෙන්නගේ තියරි එක.

"අඩෝ හුත්තෝ......රිසාල්ට්ස් ඇවිල්ලා"

එකපාරට ෆෝන් එක ඔබ ඔබ හිටිය විහඟයා කෑ ගහද්දි මනෝපාරක් ගහන් බිබී හිටිය ස්ප්‍රයිටුව මගේ නහයෙන් ආවා.

යකෝ ඔච්චර බය හිතෙන ආරංචියක්, ඔච්චර බය හිතෙන විදියට කෑ ගහලා කියද්දි ඩබල් සොක් වෙනවා කියලා මේ ගැටපොලොස් ඉත්තෑවට තේරෙන්නෙ නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බෑ.

"වට්ද ........අඩෝ මට රිසාල්ට් බලන්න බෑ බං අපි බලන්නෙ නැතුව ඉමුකො ඕයි මට බයයි"

මම ගෙදර යනකම් රිසාල්ට් බලන්නෙ නෑ කියලා හිතාගන විහඟයාට එහෙම කිව්වා.

"අඩෝ උබට Bio වලට C,Physics වලටත් C,chemistry වලට S,උබේ english නම් කොහොමත් ගොඩනෙ ඒකට A එකක් තියනවා.

වැඩක් නෑ ප්‍රියාදර හිතවතුනි මේ ගම්ස් බල්ලා මගේ රිසාල්ට් බලලාත් ඉවරයි.

ඒ උනාට chemistry අව්ල් වගේ අප්පා මට.මම කලින් ඉදන්ම අපේ BL fam එකේ සෙට් එක එක්කත් chemistry හරියට කරගන්න බැරි උන එක ගැන කියව කියවමයි හිටියේ.දැන් මොනා කරන්නද ඔය මදැයි.කලින් සැරේ තිබ්බෙ S 3 නේ.

ඒ කියන්නේ මේ සැරේ මම යම්කිසි දෙයක් කරලා කියන එකනෙ හුම්.අහ් මේ රිසාල්ට් ආවේ මගේ A/L සෙකන්ඩ් ට්‍රයි එකේ.විහඟයා කරේ ටෙක් ඌට පලවෙනි සැරෙන්ම ආව රිසාල්ට් එක සැටිස් උනා ඒ නිසා ආය එක්සෑම් කරේ නෑ.මමත් කරන්නෙ නැතුව ඉන්න හැදුවෙ. මොකද කලින් ඉදන්ම මගෙයි විහඟයාගෙයි ප්ලෑන් එකක් තිබ්බා ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රි එකක් කරන්න.ඉතිම් ඒකට S3 ත් ඇති.ඒ උනාට ඉතිම් මට එහෙම කරන්න බැරි උනා.පලවෙනි සැරේ එක්සෑම් රිසාල්ට් ආව දවස මම මතක් කරන්නවත් කැමති නෑ ඒ තරම් කාලකන්නි දවසක්.

ඒ සැරේ රිසාල්ට් ඇවිල්ලා ගෙදර අයට කිව්වට පස්සේ තාත්තා මට හොඳටම බනින්න ගත්තා.හැබැයි අම්මා වචනයක්වත් කියලා බැන්නෙ නෑ." චූටි ඔයා ඔයාට පුලුවන් තරම කරානෙ දැන් ඔයාට කැමති තීරනයක් ගන්න ඉස්සරහට කරන්නෙ මොකක්ද කියලා" කිව්වා.

ඉස්සර ඉදම්ම මාව ක්ලාස් ගිහිම් දැම්මෙ එක්කම් ආවේ අම්මා.මොකද තාත්තාට ඕවා කිව්වොත් එහෙම අම්මටත් හොදටම බැනලා කියවලා කියවලා අන්තිමට බැන බැනම ලෑස්ති වෙලා එක්කම් යන්න එන්නේ.පුදුම වෙන්න දෙයක් නෑ ඒ අපේ තාත්තාගෙ හැටි.ඉතිං එයාගෙ ඒ ගතිගුන වලට ගැලපෙන්න අපි පොඩි කාලෙ ඉදම්ම අපේ වැඩ තනියම කරන්න අම්මා පුරුදු වෙලා හිටියා.

කොච්චර රෑ උනත් අම්මා තමා හැමදාම එක්කම් යන්න ආවෙ.A/L වලට ක්ලාස් ගිහිම් එද්දිත් අම්මා බස් ස්ටෑන්ඩ් එකට එනවා මාව එක්කම් යන්න.එපා කිව්වට එයා කියන දෙයක් අහන කෙනෙක් නෙවේ.අව්රුදු 20 පැන්නත් එයාට මාව චූටි බබාම තමාලුනේ.

එක ම එක දවසක් අම්මට අසනීප වෙලා මම රෑ ක්ලාස් ඉවර වෙලා එද්දි තාත්තා ඇවිල්ලා තිබ්බා මාව එක්කම් යන්න.එදා ක්ලාස් ඉවර වෙන්න පරක්කු උන නිසා මම එන්නත් පරක්කු උනා.පරක්කු උන එකට බැන බැන තාත්තා මාව ගෙදර එක්කම් ආවා.හැබැයි මම හිතුවේ නෑ ඒ එක දවසක් ඉන්න උන එක ගැන රිසාල්ට් ආව දවසෙත් එච්චරටම කිය කිය බනියි කියලා.එයා මදුරුවෝ කකා බස් ස්ටෑන්ඩ් වල හිටියාලු.එච්චර දුක් වින්ද එකටත් මට හරියට රිසාල්ට් එකක් දෙන්න බැරි උනාලු,කාලකන්නියෙක් කිව්වා,කරුමයක් කිව්වා,සාපයක් කිව්වා.

අනේ මන්දා එදා මට හොදටම ඇඩුනා.මම සමාන්‍යයෙන් එයා බනින ඒවට අඩන්නෙ නෑ.ඒත් එදා ස්ට්‍රෙස් එකත් එක්ක මට ඒක දරාගන්න බැරි උනා.මට හරි අසරන බවක් තේරුනා.මම දන්නවා මම වැරදියි.මට තව රිසාල්ට් ගන්න තිබ්බා.ඒ උනාට මම ඒ සැරේ එක්සෑම් ලිව්වෙ කොච්චර ස්ට්‍රෙස් එකේද කියලා දන්නේ අම්මායි අයියයි විතරයි.

එක්සෑම් එකෙ පලවෙනි දවසට කලින් දවසේ රෑ තාත්තා බීලා අම්මට හොදටම ගහලා.මම ගමේ අයියා කෙනෙක්ගෙන් Bio ප්‍රශ්න වගයක් අහගන්න ගිය ටිකට තමා ඒක වෙලා තියෙන්නෙ.ඉතිං එදා ගෙදර ආව වෙලේ ඉදන් මට තිබ්බේ වලිය සෙට්ල් කරන එකයි,අම්මව බේරගන්න එකයි,අයියාත් ගෙදර නෑ ඌ කැම්පස්නෙ.

පහුවදා එක්සෑම් එක ලියන්න ඉස්කෝලෙටත් අම්මව එක්කම් යන්න හිතෙන්න තරම් මම බයේ හිටියෙ. මම නැති ටිකට අම්මට මොනාහරි වෙයි කියලා.කලින් දවසෙ එක්සෑම් එකට පාඩම් කරන්න දෙයක් නෑ තමා,ඒ උනාට පේපර් එක ලියද්දිත් මට හැමවෙලේම මතක් උනේ අම්මාගෙ මූනෙ තිබ්බ පැල්ලම්.

මම හැමවෙලේම හිතන්නෙ මම ඒ දැක්ක විදියට කවදාවත් ලමයෙක් තමන්ගෙ අම්මා එච්චර දුක් විදිනවා දකින්න හොද නෑ.

කොහොමහරි තාත්තාගෙ ඔය විදියේ බැනුම් ගොඩකින් පස්සේ මම හිතාගත්තා ආය එක්සෑම් කරන්න.

මේ පාර මේ තියන රිසාල්ට් එක මට ඇති.වෙලාවට හැබැයි මේ මාසෙ රිසාල්ට් ආවෙ. දැන් මටයි විහඟයාටයි අපි හිතාගන හිටිය ප්‍රයිවට් කැම්පස් එකට ඇප්ලයි කරන්න පුලුවන්.විහඟයාට නම් කලින් සැරේම යන්න තිබ්බා.ඒ උනාට ඌ ගියේ නෑ මාත් එක්කම යන්න ඕනෙ කියලා හිටියා.ඒ අතින් බැලුවම නම් මට ඉන්නෙ හෙන ගැහුවත් දාලා යන්නෙ නැති යාලුවෙක්.

"අම්මෝ මට පට්ට සතුටක් තියෙන්නෙ බල්ලෝ තෝ කොහොමහරි මේ පාර කලින් සැරේට වඩා කරගත්තානෙ.අද මං ගානෙ උබට ඇති තරම් ඩෝනට් අරන් දෙනවා"

යකෝ මූට සතුටුයිනෙ මට වඩා.මම සාමාන්‍යන් සයිකො හැදිච්ච එකා වගේ හැමවෙලේම හිනාවෙලා හිටියට හිත ඇතුලෙන් ඇත්තටම සතුටෙන් ඉන්න කෙනෙක් නෙවේ.සමහර වෙලාවට ඒක දන්නෙ මම විතරයි.ඒ උනාට කාලෙකට පස්සෙ අද මගෙ හිතටත් පුංචි සතුටක් දැනුනා.මට මගේ මේ රිසාල්ට් එක ඇති.ඉතිං මම කාලෙකට පස්සෙ ඇත්තටම සතුටෙන් හිනා උනා.

ඊටපස්සෙ අම්මලාටත් කෝල් කරලා රිසාල්ට් කිව්වා.රිසාල්ට් කිව්වම අම්මා කිව්වා ඔය ඇති පුතේ,දැන් අපි අර ප්‍රයිවට් කැම්පස් එකට ඇප්ලයි කරමු කියලා.ඊටපස්සෙ තාත්තාටත් රිසාල්ට් කියන්න කියලා අම්මා එහෙමම තාත්තාටත් ෆෝන් එක දුන්නා.

"තාත්තේ මට මේ සැරේ c2යි s එකයි"

මම ඉතිං මමාස් බෝයිනෙ කවදාවත් තරහා හිතේ තියාගන ඉන්නේ නෑ.අම්මාට කිව්ව විදියටම තාත්තාටත් රිසාල්ට් කිව්වා.

"ම්ම්ම්ම් හොදයි"

"හරි තාත්තේ එහෙනම් මම කට් කරනවා ඔයාලා පරිස්සමින් ඉන්න"

"චූටි මම අම්මම්මාට කිව්වා ඔයාට රෑටත් එක්කම උයන්න කියලා යන ගමන් කෑම එකක් අරන් යන්න පුතේ.දෙන්නා එක්ක පරිස්සමින් බස් එකේ යන්න බුදුසරණයි"

කට් කරන්න කලින් අම්මා ආයමත් ෆොන් එක අරන් කතා කරා.එයා ඉතිම් ඔක්කොටම වඩා හිතන්නෙ මගෙ කෑම ගැනනේ.

"හරි අම්මා..අපි මේ බස් එකට නගින්න යන්නේ කට් කරන්නම් ඈ ඔයා පරිස්සමින් ඉන්න"

කුරුණෑගල මීගමු බස් එකට නැගලා මම විහගයාගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා,අද ගොඩක් අව්ව නිසාද කොහෙද මගෙ ඔලුව හොදටම රිදෙනවා.ඒත් මට නින්දගියේ නෑ.

"එහෙනම් මම යන්නම් බං පරිස්සමින් පලයන්,උබ අද රෑට කන්නෙ කොහොමද"

"අම්මා කියලා අම්මාම්මාට මටත් එක්ක රෑට කෑම හදන්න කියලා.යන ගමන් එහෙන් කෑම එක අරන් යනවා"

"හරි හරි එහෙනම් මම ගියෝ"

"හරි පරිස්සමින් පලයන්"

විහඟය බහින තැන ලං උන නිසා ඌ සීට් එකෙන් නැගිටලා බස් එකේ දොර ලගට ගියා.

ඊටපස්සෙ මම සින්දුවක් දාගන ජනේලෙන් එලිය බලාගන ආවා.

මිනිස්සු තාම හරි කලබලයි.හරි වේගෙන් එහෙට මෙහෙට යනවා.ඒ අතර තැන් තැන් වල ක්ලාස් ඇරුන කොල්ලො,කෙල්ලෝ රංචු පිටින් කියව කියව ඉන්නවා.මගෙ ජීවිතෙත් හරියට මේ බස් එක වගේ.වටේට එක එක විදියේ කලබල,එක එක දේවල් වෙන අතරෙ හෙමීට වලවල් වල වැටි වැටි.නැවති නැවති ඔහේ යනවා.ඉදලා හිටලා කව්රු හරි ආගන්තුකයෙක් නැගලා සීට් එහෙම ඉරලා දාලා බැහැලා යනවා.ඩ්‍රයිවර් උනත් සමහර වෙලාවට බස් එක ගැන සැලකිල්ලක් නොදක්වන අවස්තා නැතුවාම නෙවේ.

ඊලඟ කොටසින් හම්බෙමූ💗💗

🌼Daisy flower🌼

Share This Chapter