Back
/ 36
Chapter 7

7 කොටස

🖤My Peony🖤

'Stand බහින්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න"

කොන්දොස්තර එහෙම කෑ ගහන සද්දෙට  මගේ සුම්දර මනෝපාර සාර්ථක ලෙස කෑලි වසයෙන් කැඩී බිඳී පොඩි වෙලා චොර වෙලා ගියා.

ඊටපස්සෙ මම බස් එකෙන් බැහැලා අපේ ගමේ පාර දිගේ ඇවිදගන ගියා.දැන් රෑ වෙලා නිසා ගම හරි ලස්සනයි.දවල් වෙලාවට වගේ නෙවේ හරිම සීතලයි.මම හරි ආසයි හුලඟයි සීතලයි හද එලියයි,පුංචි පුංචි කනාමැදිරියි එලියි එක්ක මගෙ ඉස්සරහා තියන මේ ලස්සන වීව් එකට.මේ වෙලාවට මට මතක් වෙනවා චූටි කාලෙ දුක හිතුනාම මගෙම හිත ඇතුලේ මම හදාගන්න පුංචි හීන ලෝක ගැන.ඒවත් හරියට මේ විදියමයි.හරිම නිශ්ශබ්දයි ඒ උනාට ඒක මූසල නිහඬ බවක් නෙවේ ලස්සන  හැඟීම් ගොඩක් පිරිච්ච නිහඩකමක්.මේ විදියට තමා මට එරෝන් අයියාවත් දැනෙන්නෙ.

මේ වෙලාවෙ එයා මාත් එක්ක හිටියා නම් මේ හැමතැනම තියන ලස්සන ගැන අනිවාරෙන් මම ඔහේ කියවයි.එයා කැමති උනත් අකමැති උනත් එයාට මේ හැමදේම ලස්සන දකින්න බල කරයි.බල කරන්න ඕනෙත් නෑ එයා කොහොමත් හරි උවමනාවෙන් මාව අහන් ඉදියි. ඒ අහන් ඉන්න නිසාමද කොහෙද පලවෙනි වතාවට මාව මම විදියටම දකින එකම මනුස්සයා එයා වෙලා තියෙන්නෙ.

අනේ ඒ උනාට මම තරහයි ඔය දාම ගාතකයා එක්ක.අද එන්න තිබ්බනෙ.කතා කරන්නෙ නෑ මම දවස් දෙක තුනක් යනකම්.නෑ එක්කො කතා නොකර ඉන්න අමාරුයි අප්පා එයා එක්ක.ඒ නිසා තරහින් වගේ කතා කරන්න ඕනෙ.කොහොමද මම දැන් තරහින් වගේ කතා කරන්නෙ.අහ් පැය දෙකක් විතර යනකම් යවන හැම මැසේජ් එකකම අගට රවන ඉමොජියක්(😒) දාන්න ඕනෙ.එතකොට එයාට දැනෙයි අද මිස්ටර් යෙනෝන් කෝපාවිෂ්ඨ වෙලා ඉන්නෙ කියලා.ඉතිං එයා මට බය වෙයිත.හැබැයි එහෙම උනොත් මම පට්ට වැඩ්ඩෙක් ඈ.සීරියල් කිලර් කෙනෙක් බය වෙනකම් රවන්න පුලුවන් කියන්නෙ ඒකත් ලොකු හැකියාවක් ඈ.අම්මා ආඩම්බර වෙන්න ඕනෙ පුංචි පුතා ගැන.

one day I'm gonna fly away

One day when heaven calls my name

I lay down I close my eyes at night

I can see morning light

937367282 වෙනි වතාවටත් බාහිර බලවේගයක් මගේ මනෝපාර කෑවා.ඒ පාර නම් මගෙ ෆෝන් එක රින්ග් උනේ.කව්ද මේ වෙලාවේඒඒඒ......

"Amma💗"

අම්මටහුඩු ශුඩු නෝනානෙ.

"හෙලෝව්ව්ව් බේබීඊඊඊ"

"මොකද චූටි ඔච්චර හයියෙන් කෑ ගහන්නෙ,දැන් කොහෙද ඉන්නෙ ගෙදර ගියාද,අම්මාම්මාගෙන් කෑම එක ඉල්ල ගත්තාද,වොශ් දැම්මද,රෑ වෙලා එලියෙ ඉන්න එපා හෙම්බිරිස්සාව හැදෙයි"

මට හෙලෝ කියලා විතරයි කියන්න පුලුවන් උනේ ප්‍රශ්න පත්තරේකුයි උපදෙස් මාලාවකුයි දීගන දීගන ගියා.මෙයා හැමදාම ඔහොමයි අප්පා කවදාවත් හැදෙන්නෙ නෑ.මම හැමදාම කියනවා ප්‍රශ්නෙන් ප්‍රශ්නය ආදරනීය විදියට ඉදිරිපත් කරන්න කියලා.හැබැයි කවදාවත්ම අහන්නෙ නෑ.

"කොයි ප්‍රශ්නෙටද අම්මේ මම ඉස්සෙල්ලාම උත්තර දෙන්න ඕනෙ"

"දැන් කොහෙද ඉන්නෙ කියන්නකො"

"මේ යන ගමන් ඉන්නේ ,අම්මම්මලාගෙ ගෙදරට ලගයි දැන්.මම කෑම එක අරන්  යන්නම් මතා..........ක් කරලා ඕක කියන්න ඤේද කෝල් කරේ"

"අනේ මේ ලමයෝ ඤං ඤුං ගාලා කතා කරන්නෙ නැතුව හරියට කතා කරනවකො"

"අඤේ ඉතිං ඔයාට ආදරෙ වැඩි උනාමනෙ මම එහෙම කතා කරඤ්ඤෙ"

"අනේ මන්දා මේ ලමයත් කොහෙන් මේ කෝලං ඉගෙනගන්නවද කියලා,හරි හරි කෑම එක අරන් පරිස්සමින් ගෙදර යන්නකො"

"හා.........රීඊඊඊඊ"

"හරි මම කට් කරනවා එහෙනම්.පරිස්සමින් ඉන්න චූටි මැනික"

"හරි අම්මා ඔයත් පරිස්සමින් ඉන්න බුදුසරණයි"

ඇහ් මැනික කිව්වා නේද, අඤේ අඤේ ඈතට ගියාම cudu nonaට මාව දරුනුවටම මතක් වෙනවා වgayy.අපේ අම්මා ඔහොම තමා ආදරෙ වැඩිම උනාම චූටි කියන නමට මැනික කියලාත් දාලා තමා කතා කරන්නෙ හැබැයි කොල්ලෙක්ට ඒ නම කොච්චර ගැලපෙනවද කියලා නම් මට හිතාගන්න බෑ. ඒ උනාට අම්මා ආදරෙටනෙ කියන්නෙ ඔන්න ඔහෙ ඕන නමක් කමක් නෑ.

කොහොමහරි මම අම්මම්මලාගෙ ගෙදරටත් ගිහිම් මගෙ කෑම එක අරන් ගෙදර ආවා.දැන් ඉක්මනට වොශ් එකක් දාලා කාලා නිදාගන්න ඕනෙ හරි අමාරුයි ඇඟට.

අම්මෝ වතුර වල සීතල.සීතලේ වෙව්ල වෙව්ලම වොශ් එකක් දාගන ආපහු ගේ ඇතුලට ඇවිල්ලා කබඩ් එක ඇරලා මගේ ප්‍රියතම මල් මල් සෝට ඇදගත්තා.විහඟයා නම් ඕකට හැමවෙලේම හිනාවෙනවා ඒක ඇදලා කෑල්ල වගේ පුකත් දික් කරගන ඉන්නවා කියලා.ඒ උනාට ඒක ඇන්දම මගේ සරීරයට හරී..........ම සුවපහසුයි කියලා දඤ්ඤෙ මායි මගෙ සරීරයයි විතරයිනෙ හුම්.කව්රු ඔයාට අපහාස කරත් මම ඔයාට වෙනසක් කරන්නෙ නෑනෙ මගේ මිස්ටර් මල් මල්.

one day I'm gonna fly away

One day when heaven calls my name

I lay down I close my eyes at night

I can see morning light

හයියෝ මෙන්න ආයෙත් මේ ජංගම දුරකතනය විලාප දෙනවනෙ.

𝗘𝗿𝗼𝗻 calling.......

අම්මටහුඩු මා මේ දකින්නේ ස්වප්නයක්ද?විහඟයා හිටියා නම් කොනිත්තලාවත් බලවගන්න තිබ්බා.ඇයි යකොව් මේ මනුස්සයා ලේසියෙන්  කෝල් ගන්න කැමති එකෙක් නෙවේනෙ.චුට්ටක් ඉදලම ආන්සර් කරන්න ඕනෙ.ආවෙ නැති එකට නොදැනෙන්න හරි පලිගන්න එපැයි.අනේ මන්දා මාත් නිකම් හැසිරෙන්නෙ බෝයිපෙන් බලන්න එනවා කියලා ආවෙ නැති කෙල්ලෙක් වගේ.මට තේරෙන්නෙ නෑ අප්පා මගේ නිතරම වෙනස්වන සුලු මනුස්ස හිතට මොනවා වෙලාද කියලා.එක්කො ඔන්න ඔහෙ ආන්සර් කරනවා නැත්නම් කට් උනොත් එහෙම අපරාදෙනෙ.

"ඕයි පොඩි එකා කොහොමද රිසාල්ට්ස්"

හරී...........ලස්සනයි වෙරි ගුඩ්.හෙලෝ කියන්නත් කලින් ඔලුව උඩට කලු ගලක් අත ඇරියා වගේනේ මේ මිනිහා ප්‍රශ්න අහන්නෙ.

"CCS වරහන් ඇතුලෙ රවන මූනක්"

"මොකක්"

"මගෙ රිසාල්ට් එක C2යි S එකයි.මම ඔයාට මේ උත්තර දෙන්නෙ රවාගන.ඒකයි රවන මූනක් කිව්වේ."

"අහ් හා හා එහෙනම් රවාගන හිටපන්"

"තව්සෙ එක්ක බෑ ඕයි"

"බැයි නම් නිකම් හිටපන්"

"අයියේ"

"ඕ කියහම්"

"ඇයි අද ආවෙ නැත්තේ"

"බෑ හිතුනා"

"ම්ම්ම්ම් හරි"

"............"

"..........."

"මේ පොඩි එකෝ"

"ම්ම්ම්ම්ම්"

"තමුසෙ මොකද නිකං ගෑනි මැරුන මිනිහා වගේ,කලින් සැරේට වඩා රිසාල්ට් වැඩි උන එකටවත් සතුටු නැද්ද ඕයි"

අමෝර් අමෝර් එකපාර වැඩිම වචන ගානක් කතාකරාමද කොහෙද.එයා දන්නවා ආවෙ නැති එකට මම අව්ලෙන් ඉන්නේ කියලා.ඒත් ඒකට අව්ල් වෙන්න තරම් අපි දෙන්නගෙ බැදීම මොකක්ද කියලා එයාටත් තේරෙන්නෙ නැතුව ඇති.මම හිතන විදියට ඒ නිසාම එයා ඒ ප්‍රශ්නෙ මග අරිනවා.හැබැයි ඒ උනාට එයා මම ඒකට මෙහෙම අව්ලෙන් වගෙ ඉන්නවටත් කැමති නෑ වගෙ.නැත්නම් කවදාවත් නැතුව ඔච්චර කියවන්නෙ නෑ මාත් එක්ක.ඉතිං එහෙම බැලුවම මේ මනුස්සයට ආදරෙ පිරිලා තියන මනුස්සයෙක් කියලා මම කියන එකේ කිසිම වැරැද්දක් නෑ.

"ගෑනියෙක් ඉන්න එපැයි මැරෙන්න"

"අහ් නැද්ද"

"නෑ"

"පව් උබ"

"තව්සෙ ඔය මට කෙල්ලෙක් නැති එකා කියලා හිනාවෙනවා නේද යටි හිතින්"

"නෑ ඒකට හිනා උනේ නෑ"

"එහෙනම්"

"කෙල්ලෙකුත් නැති මොලේකුත් නැති එකා කියලා හිනා උනේ"

"අනේ මේ ඉන්නවකො මට මොලේ තියනවා"

"ඕ තියනවා වාඩිවෙන තැන"

"හැබැයි අයියේ මගෙ එතන ලොකුයි කියලා විහඟයා කියනවා ඈ.සුවර් එකට මොලේ තියනවද දඤ්ඤෑ"

"එහෙනම් වාඩි වෙද්දි පරිස්සමින් වාඩිවෙයන් තැලෙයි"

"අඤේ අඤේ මයෙ පම්ස ගැන ඔයා සැලකිලිමත් නේද,ඕවට නම් එන්න එපා හරිද"

"🤣🤣🤣🤣"

පලවෙනි වතාවට මට කෝල් එකෙන් එයා හයියෙන් හිනාවෙනවා ඇහුනා.පුදුමයි හිනා උනා හෙට ඉර අනිත් පැත්තෙන්වත් පායයිද දන්නෙ නෑ.මෙච්චර වෙලා හේතුවක් නැතුව උනත් බරවෙලා තිබ්බ මගෙ ඔලුව නිදහස් උනා.අනේ මන්දා මෙයා එක්ක මට දැනෙන බැඳීම මොකක්ද කියලාවත් මම දන්නේ නෑ.ඒත් මට කොහේදිවත් දැනුනෙ නැති තරම් සැනසීමක් එයා ලග දැනෙනවා.

"අහනවකො හලෝ"

"ම්ම්ම් කියන්න"

"දැන් ටිකකට කලින් මම තව්සෙ එක්ක තරහා වෙලා හිටියේ.ඒ උඤාට දැන් යාලුයි"

"යකෝ උබත් මාර එකෙක්නෙ මම දන්නෙ නැතුව තරහා වෙලා ඊටපස්සෙ යාලුත් වෙලා.හරිම සෝක්"

"එහෙම තමා මම.මේ තව බඩ්ඩක් කියන්නද"

"ම්ම්ම්ම්ම් කියනවකො"

"ඔයාට මාව පිටතින් සාමාන්‍ය විදියට පේනවා නේද"

"නෑ මම තමුසෙව අදුරගත්ත දවසෙ ඉදන්ම තමුසෙට අසාමාන්‍ය විදියට ට්‍රැක්"

"හයියෝ බෑනෙ කරන්ඩ.කතාව හරියට කියන්න නම් දැන් ඇහුව ප්‍රශ්නෙට ඔයා උත්තර දෙන්න ඕනෙ ඔව් කියලා.දැන් ඉතිං කලින් කිව්ව එක ඉල්ලා අස් කරගන ඔව් කියන්න"

"මට බෑ"

"කියනවකෝඕඕඕඕඕඕ"

"හා හා ඔව්"

"ඒ උනාට මගෙ අභ්‍යන්තරේ ඉන්න සංවේදී මිනිහට දැන් චොක්ලට් බිස්කට් පැකට් එකක් තනියම කන්න ඕනෙ"

"දැන් උබ ඔය විහිලුවක්ද කරේ"

"ඒ වගේ එකක් තමා ඇයි දැන් ඒම නෙවේ වගේද පේන්නෙ ආහ් බොරුවට හරි කියනවා හිනා ගියා කියලා නැත්නම් මම තව්සෙට හොද වැඩක් කරනවා ඇමරිකන් පත්තෑයා"

"ඇමරිකන් මොකා"

"ප-ත්-තෑ-යා"

"අහ් දැන් පත්තෑයාද? දාම ගාතකයා නෙවේද"

"ඔ- ඈ......චුට්ටක් ඉන්න,ඔයා කොහොමද ඒ නම දන්නෙ ඒක දන්නෙ විහඟයයි මා- අහ් හරි සෝක් බේසිකයා සටන පාවලා දීලා වගේ"

"🤣🤣🤣🤣"

යකෝ මම චාටර් වෙද්දි මාර සතුටක්නෙ තියෙන්නෙ මෙයැයිට.දෙන්න ඕනෙ පශ්චාත් බාගෙ රත් වෙන්න.

ඔය විදියට ගොඩක් වෙලා කෝල් එකේ ඉදලා කෝල් එක කට් කරලා කෑම එකත් කාලා මම ඉක්මනට නිදාගත්තා.හෙට උදේ විහඟ මෙහෙ එනවා කිව්වා.අපි දෙන්නා හෙට අර කැම්පස් එකට ඔන්ලයින් ඇප්ලයි කරන්න හිතන් ඉන්නේ.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

one day I'm gonna fly away

One day when heaven calls my name

I lay down I close my eyes at night

I can see morning light

මලවදේ උදෙ පාන්දර මොකාටද මාව මතක් උනේ.නිදාගන්නවත් නෑනේ රෙද්ද.

"හෙ-ලො"

"ඒයි දනපතියා මේ ගේට් එක ඇරපා.......න්"

ආ.......හ් කුකුලාත් අතින් අරගන නෙවේ ඌව ඔලුව උඩින්ම තියාගනද කොහෙද විහඟයා ගේට් එකට ගගහා මට කෝල් එකකුත් අරගන මර හඩදෙනවා.අපේ ගෙදරට අලුත් ගේට් එක දැම්ම දවසෙ ඉදන් මූ අපේ ගෙදර එද්දි ගේට් එක වහලා තිබ්බොත් ඔහොම තමා  මාව අමතන්නෙ.අහල පහල මිනිස්සු කාට ඇහුනත් මේ වෘක්ශ සුනක පෝතකයාට ගානක් නෑ.ඌ කෑ ගහනවා.

"අනේ උබට විනාඩි පහක් එලියෙ ඉන්න බැරිද,මට තව විනාඩි පහක් විතර නිදිමතයි."

"හුත්තෝ තෝ ආසද උදෙන්ම අහල පහල මිනිස්සුයි ඔක්කොම මගෙ කුනුහරප කීමේ හැකියාව ගැන දැනගන්නවට.ඇදන් නැගිටලා ඇවිත් ගේට් එක ඇරපන් බේසිකයා.මම තොට ආය කියන්නෙ නෑ"

"අපෝ කෑ නොගහා හිටපන් රෙද්ද මම එන්නම්"

Share This Chapter