Back
/ 36
Chapter 8

8 කොටස

🖤My Peony🖤

"මෙහෙමද යකෝ විහඟ මන්දිව් කියලා ලියන්නේ. උබට හල් වයන්නයි වි යන්නයි තේරෙන්නෙ නැද්ද"

"අඩෝ සොරි බං අමතක උනා විහංගි මන්දිකා කියලා නේ දාන්න ඕනෙ සැක් සමාවෙයන් බොක්ක"

"හිමිදිරි උදෙ උබ මගෙන් අහගන්නෙ නැතුව,දෙයියනේ කියලා අපේ අම්මායි තාත්තායි මට දැම්ම නම හරියට ටයිප් කරහං ඕකෙ"

"හා හා මෙතන තප්පුලන්නෙ නැතුව හිටහං පොඩි එකෝ"

"පොඩි මම කියන්නෑ තොට පොඩි"

මේ විහඟයායි මායි ඔන්ලයින් ඇප්ලිකේශන් එක ෆිල් කරන ගමන් ඉන්නේ.ඌයි මායි වැඩක් කරන්න ගියාම මෙහෙම තමා. සයිකො කාරයෝ දෙන්නා වගේ කියව කියව කරන්නෙ.හැබැයි හරියට වැඩේ කරනවා අන්තිමට.

"ඕකේ ඩන් ඔන්න ඒකත් ඉවරයි.

"යා....හූ අඩෝ අපි කොහෙහරි වටයක් දාන්න යමුකො"

විහඟයා ඔහොමමයි.ඕකාට කවදාවත් වැඩි වෙලාවක් එකතැනක එක විදියකට ඉන්න බෑ.

"තෝත් මාර ආසයිනෙහ් වටේ යන්න වම්නචරයා"

"වටේ යන්න ඕනෙ නෑ පැටියෝ එහෙනම්, අපි ගේ ඇතුලෙ ඉදන් මොනාහරි කරමු"

එහෙම කියලා මූ කැත විදියට මං දිහා බලාගන ඇවිත් මගේ පශ්චාත් බාගයට පහර දුන්නා

" ඉන්ඩ දීලා පලයා.................න්.රිදෙනවා හුත්තෝ"

"අනේ නයිකයිද රෝස් පාන් .ඕක හෙන පුකනෙ.පොඩි ටච් එකක් දුන්නත් කෑ ගහන්නෙ කෙල්ලෙක් වගෙ.බ් මේ උබලගේ අම්මම්මලාගෙ ගෙදර යමුකො බං"

"මලපෙරේතයා උබ අපේ අම්මම්මා මට උයන කෑම ටික කන්න නේද යන්න හදන්නේ"

"නෑ අද මටත් එක්ක උයන්නෙ එයා"

"ඈ"

"ඔව් ඉතිං මම එනගමන් කියාගන ආවා.අම්මම්මේ  අද දවල්ට මාත් ඉන්නවෝ කියලා.ඊටපස්සෙ මට එන්න කියලා උදෙට කන්න හදලා තිබ්බ උනු උනු කිරිබත් එක්ක ලුනු මිරිස් එක්ක කන්න දීලා,දවල්ට කන්න ආස මොනාද කියලත් අහගන තමා මාව එව්වෙ.නැත්නම් මීට වඩා කලින් මම උබලාගෙ ගෙදර එනවා"

"යකෝ මූ"

"එහෙම තමා මල්ලේ අපි"

"හා හා කියවන්නෙ නැතුව වරෙන් යන්ඩ"

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"අම්-මම්-මේ"

"ඕ..... පුතේ එන්න මම මේ පත්තරයක් බලනවා"

විහඟයායි මායි අම්මම්මලාගෙ ගෙදර ගියා,අපි යද්දි එයා උයාලා නාලා එහෙම පත්තරයක් බලනවා.අපිත් පුංචි කාලෙ ඉදන් පොත් කියවන්න පුරුදු උනේ අම්මම්මාගෙ ඔය පුරුද්ද නිසා.අම්මා අයියවයි මාව අම්මම්මලාගෙ ගෙදර දාලා වැඩට ගියාම අපිව බලාගන්නෙ එයානෙ.ඉතිං එයා නිදහසක් තියන හැමවෙලේම කරන්නෙ පොතක් පත්තරයක් කියවන එක.ඒ වෙලාවට මටයි අයියටයිත් කියවන්න කතන්දර පොත්,පත්තර එහෙම අම්මම්මා අත්තාට කියලා ගෙනල්ලා තියාගන ඉන්නේ.

"ඔයා උයලා නෑවත්ද අනේ"

"ඔව් පුතේ අද කලින් උයලා ඉවර උනා ඉතිං නෑවා.කෝ යාලුවා.උදේ මට කතා කරගන ගියේ යද්දි"

"ඕ මම ඉන්නෝ"

විහඟයා කුස්සිය දිහා ඉදන් කෑ ගහනවා.සුවර් එකටම වයිටාව අල්ලගන ඇති.වයිටා කියන්නේ අපේ අම්මාම්මාගෙ සුරතල් සුනක පෝතකයා.මම ඌට එච්චර කැමති නෑ.මොකද මම අම්මා ලගට ගිහිම් ඔඩොක්කුවෙන් එහෙම ඔලුව තියාගන්න හැමවෙලේම මේ සුනකයා මාත් එක්ක තරගෙට වගේ අම්මම්මා ලගට ඇවිත් ඇගේ එල්ලෙන්න හදනවා.හැබැයි මොනා උනත් ඌ හෙන හොද එකා ගෙදර හැමෝටම හරි ආදරෙයි.විහඟයාත් ඉතිං අපේ පව්ලෙ එකෙක් වගේ නිසා ඌටත් වයිටා පට්ට ලව්.අනික මම වගෙ නෙවේ විහඟ ඌව හුරතල් කරනවානෙ.මල කෝලං ඒකාගෙත් රටේම තියන හුරතල් නම් කියලා අර බලුපුතාව අමතන්නෙ.

"ඔන්න ඔය සුනකයාව අතෑරලා දාලා වරෙන්කො රෙද්ද"

"ආවා සොයා ආදරේ....අහ් අම්මම්මා පත්තරයක් බල බලද හිටියේ."

"ඔව් පුතේ,ඔන්න මම පුතා ආසයි කිව්ව විදියට කෑම හැදුවෙ අද"

"ඕකනෙ අම්මම්මේ  ඉතිං මම ඔයාට ආදරේ"

"දැන් එතකොට මට කන්න වෙන්නෙත් මූ ආස ඒවද අම්මම්මේ"

"ගිහිම් බලන්නකො ඔයා කන්නෙ නැති මොනාහරි තියනවද කියලා චූටි"

"හරි හරි ඉතිම් මම නිකමට වගෙ කිව්වේ.ඔයා උයන ඕනෙ එකක් මම කනවනෙ අනේ."

නිකමට හරි මම මේ තියන කෑම කන්නෙ නෑ කිව්වොත් එහෙම එයා ආය මොනාහරි මම කන දෙකුත් හදනවා.ඒ එයාගෙ හැටි.මෙයා ලග මෙච්චර ආදරෙ කොහෙන්ද මන්දා අප්පා.

"අඩෝ මේ ඕයි අරකෙන් මේල් එකක් ඇවිල්ලා මට,හෙට interview තියනවා එන්න කියලා.බලහං උබටත් ඇවිල්ලාද කියලා"

"අරක කිව්වේ දැන් අපි ඇප්ලයි කෙරුව එකෙන්ද"

"ඔව් ඔව් හු-- මගෙ රත්තරං යාලුවේ බලන්නකෝ"

අම්මම්මා ලග ඉන්නවා කියලා අමතක වෙලා තව නූලයි තුන්කාලෙන් අරූ සුද්ද සිංහලෙන් කතාකරන්න ගිහිම් බේරුනේ.ඌ අපේ පව්ලේ මිනිස්සු ඉස්සරහා හැසිරෙන්නේ සිරිමත්ගේ ලොකු අප්පා වගේ. ඒතරම් විනීතයි.

"අඩෝ මටත් මේල් එක ඇවිල්ලා.ඒ කියන්නෙ දැන් හෙට උබයි මායි කොලබ යන්න ඕනිද"

"ඔව් යකෝ නමය වෙද්දි එතන ඉන්න කියලා තියෙන්නෙ ඒ කියන්නේ මෙහෙන් 5.45ට විතර යන්න වෙනවා මම හිතන්නේ"

"අපේ අම්මයි තාත්තායිත් නෑනෙ බං මොකද කරන්නෙ.පේරන්ට්ස්ලා කව්රු හරි එක්කම් යන්න වෙයිනෙ"

"ඒක නම් අව්ලක් නෑ අපේ ලොකු බොස් මේ ටිකේ ගෙදර දෙන්නම එයා එක්ක යමු සේප්නෙ"

"හරි දැන් අම්මට කෝල් කරන්න ඕනෙ,හිටහං ඈ මම ඉක්මනට අම්මට කියලා වැඩෙ හරියට කන්ෆර්ම් කරන් එන්නම්"

මම ෆෝන් එකත් අරන් එලියට ආවා. අම්මට විස්තරේ කියලා ඒකම ආය තාත්තාටත් කියන්න ඕනෙ,ඊටපස්සෙ සල්ලි කීයක් හරිත් ඉල්ලන්න ඕනේ,විහඟලාගෙ තාත්තා එක්ක යනවා කියන්නම් නේද කියලා අහන්නත් ඕනෙ.

"අම්මා එන්න ඕනෙ නැද්ද පුතේ,ඔයාට අන්කල් එක්ක යන්න පුලුවන්ද.මෙහෙ ආච්චි අම්මට හොදටම අසනීපයි පුතේ ආව වෙලේ ඉදන් එයාගෙ වැඩ.චූටි බාප්පලා කොහෙද ගිහිම් තව දවස් දෙක තුනක්වත් යයි කිව්වෙ එන්න.මම සල්ලි දාන්නම් ඔයා ගන්න.විහඟලාගෙ අම්මටත් මම කතා කරන්නම්කො.අහ් මතක් කරලා ඔයාගෙ සෙටිෆිකේට් ෆයිල් එක අරන් යන්න.අයි ඩී එක දාගන්න.මොකුත් අමතක කරන්නෙ නැතුව අරන් යන්න."

"හරි අම්මා"

"අව්ලක් නෑ නේද පුතේ එක්කෝ මම එන්නද තාත්තාට කියලා"

"ඕනෙ නෑ අනේ ඉන්ටවිව් එකට ඕනි මාවනෙ,අව්ලක් වෙන්නේ නෑ මම ගිහිං එන්නම් ඔයා හිතන්නෙ නැතුව ඉන්නකො"

"හරි හරි එහෙනම් මගෙ පුතා පරිස්සමින් හෙට යන්න,යන්න කලින් මට කෝල් එකක් ගන්න."

"හරි අම්මා..එහෙනම් මම කට් කරන්නම් ඔයා පරිස්සමින් ඉන්න"

අම්මට විස්තරේ කිව්වට පස්සෙ උපදෙස් මාලාවක් දුන්නා.වෙලාවට අපේ අම්මා හැමදේම පිලිවලට තියලා තියෙන්නෙ එහෙම නැතුව සෙටිෆිකේට් එහෙම හොයලා අරන් යන්න තිබ්බා නම් හෙට උදේ වෙනකම් ඕවා හොයන්න වෙනවා මට.ඕකනෙ ඉචිම් මම කියන්නෙ අපේ ශුඩු නෝනා පර්ෆෙක්ට් කියලා.

"අඩෝ...... උබ කනවත්ද බං"

"ඔව් ඉතිං මම දෙතුන් පාරක් බඩට තට්ටු කරලා ඇහුවා පැටියෝ ඔයාට අරූ කෝල් එක අරන් එනකම් ඉන්න පුලුවන්ද කියලා,ඒ උනාට මේකා බෑම කිව්වනෙ බං.එහෙම කරන්න හොද නෑනෙ"

මම යද්දි විහඟයා කෑම මේසෙන් වාඩි වෙලා විසාල බත් පිඟානකට බැහැගන බත් කනවා.බේසිකයාට කන්න ගියාම නිකමටවත් මාව මතක නෑ.සැක් දෙන්න ඕනෙ මුට මඩු වලිගෙන්

"අනේ තොට කියන්නෑ මම ගොනා"

"මොකද චූටි ඔය ලමයට කන්න දෙන්නකො,කියව කියව ඉන්නේ,ඔයාටත් බඩගිනී නම් බෙදාගන්න කන්න."

හරීඊඊඊ ලස්සනයි වෙරි ගුඩ් ඉතිං.ඒපාර අම්මම්මාත් මට බනිනවා.මාව කොනටම වැටිලා තියෙන්නෙ මේ ගොං විහඟයා නිසා.මුට මඩු වලිගෙන් තලලා.දඟරවලිග එකේ වගෙ පිරානා මාලුන්ට කන්න දාන්න ඕනෙ බේසිකයා.ඇයි යකෝ මට මගෙ තැන අහිමි වෙලා තියෙන්නෙ මුට පින්සිද්ද වෙන්න.

මායි විහඟයි අම්මම්මලාගෙ ගෙදරින් කෑම කාලා.අම්මම්මා රෑට කන්න කියලා දුන්න කෑම එකත් අරගෙන ගෙදර ආවා.හෙට උදෙම විහඟලාගෙ තාත්තා කාර් එකේ එන්නම් කිව්වා අපි දෙන්නව ගන්න.ඒ නිසා රෑටත් කලින් කාලා ඕන බඩු ටිකත් හදාගත්තා.විහඟයාගෙ සෙටිෆිකේට් ෆයිල් අරවා මේවා උන්ගෙ අම්මා තාත්තා අතේ එවන්නම් කිව්වා.ඊටපස්සෙ වොශ් දාලා එහෙම ඌයි මායි ඇඳට ආවා.

"අඩෝ පුංචි පුතේ"

මම මට හිතුන හිතුන වෙලාවට විහඟයාට කතා කරන්නෙ එක එක නම් වලින්.දැන් ඉතිං පුංචි පුතා කියන්න හිතුනා.මම මොනා කිව්වත් ඌටත් ගානක් නෑ අනිත්පැත්තට ඇයි කියලා අහනවා අනිවාරෙන්.

"ම්ම්ම්ම්ම් කියහන්"

"මිස්ටර් සීරියල් කිලර් ඉන්නෙත් කොලඹ නේද බං"

"කව්ද එරෝනයාද,ඔව් ඔව් ඌ කොලඹ තමා ඉන්නෙ,මට මතකයි දවසක් කිව්වා.

"හ්ම්ම්ම්ම්ම්ම්"

"ඇයි ඒ"

"ඇයි ඒ කියන්නෙ ඉතිං නිකම්,එතකොට එහෙ ගියාම එයාත් ලගයිනෙ අපිට"

"හ්ම්ම්ම්ම් සෙට් වෙන්න පුලුවන් නෙහ්"

"හ්ම්ම්ම් මැසේජ් එකක් දාලා කියන්න ඕනෙ අපිත් කොලඹ එනවා කියලා"

විහඟයාට එහෙම කියලා,ෆෝන් එක අරන් එරෝන් අයියට මැසේජ් එකක් දැම්මා.

𝗘𝗿𝗼𝗻

"අයියේඒඒඒඒඒ....."

"ඕ කියහන්"

අම්මටහුඩු යකෝ මෙන්න සනික නූඩලස් එක වගේ ඉකමනට රිප්ලයි කරා .

"මායි විහඟයායිත් ඔහෙ එනවා ඩිග්‍රී එකක් කරන්න"

"මොකේද කරන්නෙ,ප්‍රයිවට් එකකද"

"ඕ ප්‍රයිවට් එකක"

"ම්ම්ම් හොදයි"

"තව්සෙට සතුටුයි නේද මම ලගට එන එකට"

"නෑ"

"අපෝ මොකක්ද ඕයි කිසී........ම  නම්‍යශීලී බවක් නැහැ"

"නම්‍යශීලී වෙන්න මම ජිම්නාස්ටික් කරනවා කියලා හිතුවද උබ"

"අඤේ ඔව්නෙ එහෙම තමා හිතුවේ,ඇයි නැද්ද මෙයා"

"කවදද දැන් එන්නෙ කියහංකො"

"හෙට ඉන්ටවිව් එනවා ඊටපස්සෙ එන්න දවසක් කියයිනෙ.මේ මාසෙම පටන් ගන්න කතාවක් තමා තියෙන්නෙ"

"ම්ම්ම්ම් හරි හරි පරිස්සමට එන්නකො"

"මම නිදාගම්න යනවා අයියේ එහෙනම්.හෙට උදේම විහඟලාගෙ තාත්තා එක්ක යන්න ඕනේ.ගුඩ් නා............යිට්"

"හා හා ගුඩ් නයිට්"

Share This Chapter