Back
/ 36
Chapter 9

9 කොටස

🖤My Peony🖤

ඊටපස්සෙ පහුවදා විහඟයි මායි උන්ගෙ තාත්තාත් එක්ක කොලඹ ගියා.විහඟයි මායි දෙන්නම ඉන්ටවිව් එකෙන් පාස් වෙලා ඒ ඩිග්‍රි එක කරන්න සිලෙක්ට් උනා.ඊටපස්සෙ හරියටම සතියකින් ෆස්ට් සෙමෙස්ටර් එක පටන් ගන්නවා කියලා එහෙන් අපිට ඉන්ෆෝම් කරා.

අපේ අම්මලායි විහඟලාගෙ අම්මලායි කතාඋනා පටන් ගන්න දවස් තුනකට විතර කලින් ඌවයි මාවයි බෝඩිමක් හොයලා නතර කරන්න.

ඉතිං අද තමා අපි එහෙ යන දවස.මම ජීවිතේ පලවෙනි වතාවට බෝඩිම් වෙන්න යන්නේ.විහඟයාත් එහෙමයි. හැබැයි මට වඩා ඌ ගෙදරින් පිට ඉදලා තියනවා.මම ඉතිං අම්මව දාලා කොහෙවත් යන්න කැමති නෑනෙ.ඒත් දැන් හිත හදාගන මට ගියහැකි. තව සතියකින් අයියා ගෙදර එනවා මොකද දැන් ඌගේ ට්‍රේනින් පීරියඩ් එක පටන් ගන්න යන්නේ.ඒකත් හොදයි එක අතකට.

"චූටීඊ...............බාතෲම් එකෙන් ඉක්මනට එන්න ලමයෝ.හැමදාම කියනවා ගමනක් යන්න ලෑස්ති උනාම ඕක ඇතුලට වෙලා කෑ ගහා ගහා ඉන්නෙ නැතුව ඉක්මනට එන්න කියලා"

ඔය කිව්වෙ ඉතිං හරී........ම ආදරනීය කතාවක්.ඉස්මයිල් ඉන් පේන් අඩාගන වැටීගන ගිනිකාගන සැරටම.ඇයි යකෝ මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තේ ඇහැට සබන් යවාගන,ඒකත් ඉවසගන,හරි අමාරුවෙන් ස්වර අල්ල අල්ල මම මේ සින්දුව කියන විත්තිය.මට ඕනෙ මම ගියාමත් බාතෲම් එක ඇතුලේ දවස් දෙක තුනක් විතර යනකම් දෝංකාර දෙන විදියට මගේ හඩ ගබඩා කරලා යන්න.ඒකයි නොදැනීම හරි හඩ උච්ච වෙන්න ඇත්තේ.ඊරිසියාකාරයන්ට ඒක කෑ ගැහිල්ලක් උනා කියලා මම මොනා කරන්නද හුම්.බාතෲම් එකෙන් එලියට ගිහින් ඇදුමක් දාගන්නකම් අම්මා එක්ක තරහා වෙලා ඉන්න ඕනෙ.ඇයි යකොව්.එහෙම අපහාස කරන්න දෙන්න බෑ අම්මාට උනත් .

මම බාතෲම් එකෙන් එලියට ආවා.අනේ මගේ සුවහසක් ලේන් ජනතාවගෙන් තුන් දෙනෙක් පෙම්කෙලමින් මම කුරුලු ලෑල්ලට දැම්ම කොමඩු කෑල්ලක් කනවා.

අහෝ උදේට මම ඉතුරු කරන පලතුරු කන්න එන මගෙ රට වැසි ලේන්,ගිරා,කපුටු ජනතාවනි, මේ තිරිසන් අදිරාජ්‍යාට සමාව දෙනු මැනවි.මා හට කොලබ රටට යාමට වී ඇති බැවින්, ඔබලාගෙ පාලනය මා "අපේ අයියා" නම් මහල්ලාට ලබාදෙමි.ඔහු සමඟ සමගියෙන්,සතුටින් ජීවත් වෙනු මැනවි.එමෙන්ම කපුටු,ගිරා ජනතාවට මම කියන්න කැමතියි, ඉදලා හිටලා ඔහුගේ ශරීරයට වර්චස් පිඩක් හෙලුවාට මගේ කිසිදු අමනාපයක් නැති බව.එසේ නම් ඉස්තූතියි .ඉතින් එබැවින් නවතිමි.හදින් පිටමං නොකරමි.

මගේ රට වැසියන් අවසාන වතාවට අමතලා ඉවරවෙලා මම ගේ ඇතුලට දිව්වා.

"අම්මටහුඩු- ආ..හ්,අ-ආ අක්කේ ඔයා කොයි වෙලේද ආවෙ"

තව නූලයි තුන්කාලෙන් අම්මාට මොනාහරි දෙන්න අපේ ගෙදරට ඇවිල්ලා හිටිය එහා ගෙදර අක්කා ඉස්සරහම මගේ ටවල් සලුපටේ අහසට ගිහිං මාව ලිස්සලා වැටෙනවා.හත්තිලව්වේ එහෙම උනා නම්.මේ නම් මම එහා ගෙදර අක්කාගෙ මේකප් සෙට් එකට අපහාස කරනවාට  මට  වැදුන සාපයක්ද මන්දා.ආයෙ මොකුත් කියන්න හොද නෑ.

"ඔව් මල්ලී,අපේ අම්මා පොලොස් වගයක් හැදුවා ඒක දෙන්න ආවෙ"

"ආ........"

එහෙම කියාගන මගේ සුපුරුදු මොංගල් හිනාවත් දාගන මම කාමරේට ආවා.

"ම්ම්ම්ම්...මොකක්ද අදින්නේ"

හිතාගන්න බෑ අප්පා.ඒකත් ලොකු මැඩම්ගෙන්ම අහන්ටෝනේ.

"අම්මා................."

"ඕඕඕ"

"ම-ම මො-ක-ක්-ද   අ-ඳි-ඤ්-ඤෙ"

"ඔයා එක එක වෙලාවට කතා කරන එක එක බාශාවන් තේරුම් ගන්න ගිහිං මට ලගඳිම පිස්සු හැදෙනවා චූටි"

"අනේ මේ අකුරු කඩ කඩ කිව්වා විතරයි හරිද,අපහාස කරන්න එන්න එපා"

"අනේ මන්දා චූටි බබා ඔයා"

"අනේ මන්දා නෙවේ අනේ අදින්න ඇඳුමක් කියන්නකෝව්ව්ව්"

"මම අයන් කරලා තියෙන්නෙ ඇඳුම් දෙකක්.ඇඳ උඩ තිබ්බේ නැද්ද ලමයෝ"

"අප්පටසිරි මම ඇඳ දිහා බැලුවෙ නෑනෙ,කෙලින්ම මම මාගේ නෙත් යොමුකරගන හිටියේ කබඩ් එකටනෙ,දැන් ඔයා කලබල වෙන්න එපා අනිවාරෙන් ඇද උඩ ඇති මම ඇදගන්නම්. බායි ඈ"

එහෙම කියලා සේප් එකේ අම්මා ලගින් ලිස්සලා ආවා, නැත්නම් හොද බැනුමක් අහගන්න වෙනවා ඇස් දෙක ඉස්සරහා ගෙනත් තිබ්බත් හොයාගන්න බෑ කියලා.

අම්මලා කතා උන විදියට ඕන බඩු අරවා මේවා ටිකත් අරන් විහඟලාගෙ ගෙදර ගිහින් එයාලාවත් අරගන අපේ වෑන් එකේ තමා යන්නේ.පැය තුන හමාරකට විතර පස්සේ අපි කොලබත් චුට්ටක් පහුකරලා අපේ institute එක තියන ටව්න් එකට ඇවිත් දෙතුන් තැනකට ගිහිං අන්තිමට සෙට් වෙන බෝඩිමකුත් හොයාගත්තා.

"අඩෝ මට බෑ බං මේකෙ ඉන්න තව දෙන්නෙක් ඉන්නවාලුනෙ"

"දැනට හම්බුන එකේ ඉමුකො ඕයි පස්සේ මොකක් හරි බලමු"

"මොනා බලන්නද ඕයි මට බෑ මේ මගුලෙ ඉන්න"

ඒ අස්සේ විහඟයා මගෙ ලගට ඇවිල්ලා ගෑනි වගෙ කෙඳිරිගානවා මේකෙ ඉන්න බෑ තව දෙන්නෙක් ඉන්න නිසා උගෙ නිදහසට බාදා වෙනවා කියලා.අනේ මන්දා මූත් වෙලාවකට අමූඌඌඌඌතු ලයින් දෙන්නෙ.කොහොමහරි විහඟයාගෙ රැව්ම් ගෙරව්ම් මැද්දෙ උනත් අපිව මේ බෝඩිමේ තියන්න අම්මලා තීරනය කරා.

දැන් අම්මලා යන්නයි යන්නෙ.මම පලවෙනි වතාවට අම්මාගෙන් මෙහෙම ඈත්වෙන්නෙ.ඒත් මොනා කරන්නද.මට මගෙ ජීවිතේ හොයාගන,මනුස්සයෙක් විදියට කකුල් දෙකෙන් හිටගන අම්මාව ජීවිතේ ඉතුරු කාලේ සතුටින් තියන්න ඕනෙ.ඇත්තටම මට ලයිෆ් ගෝල් එකක් කියලා තියනවා නම් ඒක තමා එකම ගෝල් එක අම්මව සතුටින් තියන එක.

මට දුකයි ඒත් අම්මගෙ ඉස්සරහා කඳුලු හංගන එක මට මහලොකු දෙයක් නෙවේ.මම ඒකට පුරුදු උනේ පුංචි කාලෙමයි.මොකද මම ආස නෑ මගෙ කඳුලකින්වත් අම්මට රිදෙනවට.

"පරිස්සමින් ඉන්න චූටි,අපි යනවා එහෙනම්"

අම්මා ඒ ටික කිව්වේ මගෙ මූන දිහාවත් හරියට බලන්නෙ නැතුව,එයාත් මම වගේම බය ඇති එයාගෙ කඳුලු වලින් මට රිදෙයි කියලා.

"හරි අම්මා ඔයත් පරිස්සමින්,අයියා අනිද්දා එනවනේ"

"ඔව් එහෙනම් යන්න චූටි මැනික....විහඟ, අපි යන්නම් පුතේ."

"අහ් හරි ඇන්ටි"

මූ නම් තාම රවාගනද කොහෙද ඉන්නේ.මූ මේ රූම් එකට කොච්චර අකමැතිද කිව්වොත් තාම ඇඳුම් බෑග් එකවත් ඇතුලට අරන් ගිහිම් නෑ.බෑග් එක ලග හිටගන ඉනටත් අත තියාගන වටපිට බල බල ඉන්නවා.අම්මපා තනිකරම මූගෙ ට්‍රැක් අව්ට් මම නම් කියන්නේ.

කොහොමහරි විගඟට උන්ගේ අම්මා දෙතුන්පාරක් රැව්වාට පස්සේ ඒකා බෑග් එක ඇතුලට ගිහින් තිබ්බට පස්සෙ අපි දෙන්නාම අම්මලා තාත්තලාට වැන්දා.ඊටපස්සේ ආව වෑන් එක නොපෙනී යනකම්ම ඌයි මායි පාර දිහා බලන් හිටියා.

"හූ.ෆ්ෆ්ෆ්ෆ්  වරෙන් යන්න අර බඩු අස් කරමු"

ඒපාර මූට ආච්ච් වැහිලා වගෙ මාවත් ඇදන් අස් කරන්න ඕනෙ ගගා දුවනවා.අනේ ඇයි දෙවියනේ මේ බෙසිකයා දැක්කේ නැද්ද ඌ ඇඳුම් බෑග් එකත් ලග තියාගන රවාගන එලියට වෙලා ඉන්න වෙලාවෙ අම්මලා දෙන්නා බඩු ටික අස් කරලා පිලිවලට හැඳුවා කියලා.

"අම්මටහුඩු අස්කරලාද කව්ද බං අස් කරේ"

"මගෙ හොල්මන අස්කරේ.ඇයි යකෝ තෝ දැක්කෙ නැද්ද අම්මලා දෙන්නා අස්කරනවා.

"නෑනෙ ඕයි මම විරෝදතා ව්‍යාපාරයකනෙ හිටියේ,එතකොට මට ඕවා පෙන්නෙ නෑ,ඉදිරිය විතරයි බලන් ඉන්නෙ"

"අනේ තොගෙ මගුලෙ ව්‍යාපාර,කොහොමහරි මෙතන ඉන්න උනානෙ"

"එහෙම තමා ඕයි හැම සටනටම ජයගන්න ඕනේ නෑනෙ,මිනිස්සු උනාම පරදින්නත් ඉගෙනගන්න ඕනෙ"

"අහ් එහෙමද උබ දැන් මේ කියනකම් මම ඕක දැනන් හිටියෙ නෑනෙ.තෑන්ක්ස් බං ඈ"

"ඔයා වෙනුවෙන් ඕවා සුලු දෙවල් මgayy සප්තලම්"

"අනේ මේ මගුලක් කියන්නෙ නැතුව වරෙන් අර බත් එක කන්න,බඩගිනි යකෝ ඉන්න බෑ"

අම්මලා දීලා ගිය කෑම එකත් කාලා,වොශ් දාලා එහෙම ඌයි මායි ඇදට වැටුනා.

"පට්ට මහන්සියි ඕයි වෙලාවට දවස් තුනකට විතර කලින් ආවේ"

"ඔව් ඕයි"

ඔන්න දැන් නම් පට්ට නිදිමතක් එනවා පුතේ ඇස් දෙක නිකමටවත් අරින්න බැරි තරම් නිදිමතයි.නිදාගන්න ඕනෙ වෙන කරන්න වැඩකුත් නෑනෙ කියලා හිතද්දිම.මගේ යාලුවා කියන බේසික පුත්‍ර රත්නය මගෙ පශ්චාත් බාගෙට පහර දුන්නා.

"මොකද බල්ලෝ"

"මට නිකම් උබ එක්ක අම්මලාගෙ කැමැත්තෙන් පැනලා ආවා වගේ ෆීලිං එකක් එනවනෙ"

"කටවහන් හිටපන්කො තිරිසනෝ මට නිදිමතයි"

එතකොටම කාමරේ ඇතුලට තව ඩයල් එකක් ආවා.මේ මේකෙ ඉන්නවා කිව්ව අනිත් දෙන්නාගෙන් එකෙක් වෙන්න ඇති.එච්චර ලොකු පාටකුත් නෑ හැබැයි මුගේ.

"ඔයාලා කොහෙද"

"අපි කුරුණෑගල(මූ  කුරුණෑගල කිව්වට අපි කුරුණෑගලම නෙවේ  ඒ උනාට මොනාකරන්නද මූ කියනවනෙ)

"අහ් එහෙමද"

"ඔයා කොහෙද"

"මම මාතලේ"

"එතකොට වයස"

"23යි"

"එහෙමද ඒනම් ඔවා අයියෙක්,මූටයි මටයි 21යි"

ආ......හ් මට තේරෙන්නෙ නෑ ඒපාර මූ කටර් එක වගේ අරකා එක්ක කියවනවා.මට නිදාගන්නත් නෑ මුන් දෙන්නා කතාකරන එක නවත්තන්නෙත් නෑ.විහඟයාට වගේ නෙවෙ ඌට තිබ්බේ පට්ට නිව්න වොයිස් එකක්.ඒ උනාට ඌත් කියවිල්ල නවත්තන්නෙ නෑ රෙද්ද.මට නිදාගන්න ඕනේ.........

ඊලඟ කොටසින් හම්බෙමූ

🌼Daisy flower🌼

Share This Chapter