Back
/ 36
Chapter 36

37 කොටස

🖤My Peony🖤

"ඉතිං යකෝ දැන් මේ එද්දි මම රික්වෙස්ට් එක දැකලා ඇක්සෙප්ට් කරේ.ඊටපස්සෙ මැසේජ් කරා"

"ඉතිං උබට තිබ්බනෙ මට ඒ මොහොතෙ කියන්න."

"අනේ උබ නිකම් විලම්භීත පොලොස් කොට්ටෝරුවෙක් වගේ එරෝන් අයියා දිහා බලාගනම ඉද්දි මම කොහොමද ඔව්වා කියන්නෙ?"

මම දැන් මේ විහඟයා එක්ක දරුනු ලෙස තරහා වෙලා ඉන්නෙ ඇයි යකොව් මූ කාර් එකෙන්වත් බහින්නෙ නැතුව මැසේජ් කර කරා ඉදලා තියෙන්නෙ මිස්ටර් මන්දිව් නොහොත් ජිම් එකේ අයියා එක්ක.මූ නිකමටවත් මට කිව්වෙවත් නෑ ඌ කතා කරනවා කියලවත් අනික හම්බෙලා දවසක් ගියෙත් නෑනෙ යකෝ.උගෙ අප්පගෙ තාක්සනික කුසලතා තියෙන්නෙ මුන් දෙන්නටත්.

"හරි දැන් ඌ මොනාද කියන්නේ අනික උබර් ඌ එක්ක හෙන තරහයිනෙ"

"නෑ ඉතිං නම එක වගේ කියලා පොඩි උන් වගේ බොරුවට තරහා වෙන්න ඕනෙ නෑනෙ නේද බං"

"හ්ම්ම් හ්ම්ම් මට තේරෙනවා ගොනා හැරෙන්න යන පැත්ත🤣ඒ උනාට උබ ටොප්නෙ ඕයි.කොහොමත් මන්දිව් අයියත් බොටමෙක් වෙන්නෑනෙ"

"බූරුවෝ අපි දෙන්නා නිකම් මැසේජ් කරා විතරයි තෝ මොනවද දොඩවන්නේ මෝඩ මූසලයා"

"හරී....දැන් එතුමා මොනාද අහන්නේ කියහම්කො"

"මේ මෙහෙ එන්නද අහනවා"

"දැන්"

"ඒම තමා කිව්වෙ"

"ඉතිං එන්න කියහම් ඇයි අඳුරන්නෙ  නැති එකෙක් ඈ."

"හාකො"

"යකෝ මුගෙ මූනෙ තියන හිනාව යකෝ"

එක අතකට මන්දිව් අයියා එන එකත් හොදයි මොනා උනත් අපි හතර දෙනාම කපල්නෙ අපේ එකාට පාලුවක් හිතෙයි අව්ල් යයි වගේ ගොඩක් දේවල් මම කල්පනා කර කර හිටියේ.මොනා උනත් එරෝන් අයියා ඌට එහෙම පාලු හිතෙන්න දෙන්නේ නෑ අනික අපි තුන්දෙනා එකතු උනාම ගොඩක් වෙලාවට කොං වෙන්නෙ මාව.මේ යක්කු දෙන්නා නිතරම මාව නිකම් සීනි බෝලයක් ගානට දාලා කතා කරන්නේ මෝඩයෝ දෙන්නා.කොහොම හරි ඔන්න අපේ එකාටත් හරියන්න එන සේයාවක් මට දැනෙනවා.

ඒ උනාට ටොප්ලා දෙන්නෙක් එකට ඉදන් කොහොමද මෙව්වා කරන්නේ අප්පා.ඕකමයි මගෙ ඔලුවට වද දෙන්නේ.උන් දෙන්නා යාලු උනොත් එහෙම චුට්ටක් ඒ පිලිබදව විමසන්න හිතාගන දැනට ඒ ප්‍රස්නෙ කල් දාන්ඩෝනේ.

"එහෙනම් ඔන්න මන්දිව් අයියට එන්න කිව්වා ඈ"

"මොකක් මන්දිව් අයියා"

ඒ පාර කොහෙන්දෝ මන්දා ඉදලා අරූශුයි උගෙ මල්ලි බබායිත් එතනට කඩාපාත් උනා.

"අහ් ඔව් බං මිස්ටර් මන්දිව් නොහොත් ජිම් එකේ අයියා එනවලු මෙහෙ"

මම ඉතිං විහඟයා දිහාත්  චාටර් එකට වගේ බලන ගමන් අරූශ්ට කිව්වා.

"යකෝ මූ ඒකා එක්ක හෙන තරහින්නෙ හිටියෙ මොකද එකපාරටම මේ වෙලා තියෙන්නෙ"

"අනේ මන්දා ඕයි මට තේරෙන්-අම්මටහුඩු යකෝ කෝ මයෙ මිනිහා"

මුන් එක්ක කියවන්න ගිහිම් එයැයිවත් අමතක උඤාඤෙ.දැන් ඇති කොහෙට හරි වෙලා රවාගන.

"අර ඉන්න අතන වාඩිවෙලා"

අරූශ් මට ඇගිල්ල දික් කරලා අයියා ඉන්න තැන පෙන්නුවා.ගෝල්ෆේස් එකේ චුට්ටක් කොනකට වෙන්න ටිකක් කලුවර,මිනිස්සු ඇත්තෙම නැති තැනක් එයා හොයාගන.එයා කැමති එහෙමනෙ.ඒ උනාට අනේ රත්තරං ඔහොම තනියම වාඩිවෙලා ඉන්න එපා මට දුකයි.මගෙ ඔලුව ඇතුලෙ ඉදන් මොකෙක්දෝ කෑ ගහනවා.මම කැමති නෑ එයා තනියම ඉන්නවට.ඒ වගේම මම හරි බයයි එයාට විනාඩියකටවත් තනිකමක් දැනෙනවට.

"අඩෝ  මන්දිව් අයියා ආවොත් මට කතා කරපන් එහෙනම් මම එතනට යනවා ඈ"

"හෝව් හෝව් හිටු හිටු මම මේ අර කොනක ඉදන් තොපි දෙන්නව හොයාගන ආවෙ හෙට ලෙක්චර්ස් කැන්සල් කියලා තිබ්බ මැසේජ්  දැක්කද අහන්න"

"ටහුඩු සිරාවට ඒ කියන්නේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා සුපිරි නිවාඩුවක් ලැබෙන්නයි යන්නේ"

විහඟයා කියවගන කියවගන ගියා.

"අයියෙ එහෙනම් ඔයාට අද එලි වෙනකම් මාත් එක්ක ඉන්න පුලුවන් නේද"

"අම්මටහුඩු මෙන්න මේකා කතා කරනවා"

මේ වෙනකම්  වචනයක්වත් කතා නොකර හිටිය අරූශ්ගෙ මල්ලි බබා අහිම්සක විදියට ඌ දිහා බලලා ඇහුවම මට ඉබේටම කිය උනා.අරූශ් හිනා වෙලා මල්ලිගෙ කරට අතක් දාගත්තා.එක අතකට පව් උන් දෙන්නට නිදහසක් ඇත්තෙම නෑනෙ.වෙලාවට අද එරෝන් අයියා නිසා හරි පොඩි එකාට එන්න හම්බුනේ.අපි හැමෝම කැමතිනෙ ආදරෙ කරන මනුස්සයා එක්ක වැඩි වෙලාවක් නිදහසෙ ඉන්න.

"මේ මම යනවා ඈ අයියා අතන තනියමනෙ"

"හා හා පලයම්"

අරූශ් හිනාවෙන ගමන් මට තට්ටුවක් දැම්මා.විහඟයා නම් ආයෙත් ෆෝන් එකේ අනේ මන්දා මන්දිව් අයියා මුට මොනා කරාද කියලා.ඌ දිහාත් බලලා,අරූශ්ට මූව බලන්න කියලා ඔලුවෙ කියන ගමන් මම අයියා ඉන්න තැනට ගියා.

මේ මිනිහව හරියට පේන්නෙත් නෑ කලු එකක්නෙ ඇදන් ඉන්නෙත්.

"අහ්ම්ම් එක්ස්කියුස් මී සර්"

මම එහෙම  කියන ගමන් එයාගෙ එහා පැත්තෙන් වාඩි උනා.

"ම්ම්"

ඔච්චරයි ඉතිං එයාගෙ උත්තරේ.

"අයියේ"

"ම්ම්"

"ඇයි කව්රුත් නැති කලුවර තැනක ඉන්නේ"

"නිකම්"

"අනේ ඇයි ඒයි හරියට කතා කරන්නකො"

"මේ කතා කරන විදිය වැරදිද"

නෑ එයාගෙ වැරැද්දක් නෑ මමයි වැරදි.මමනෙ එයාට තනිවෙන්න වෙලාවක් දුන්නෙ.තනියම කල්පනා කර කර ඉන්න වෙලාවට කව්රුත් එයාට ඇවිල්ලා කතා කරනවට එයා කැමති නෑ.කතා කරත් එයා ඒවට එච්චර හොද රෙස්පොන්ඩ් එකක් දෙන්නෙ නෑ.

ඒත් මම කැමති නෑ එයාව එහෙම තියන්න මොකද මට හිතෙන්නෙ එයාව මගෙ වගකීමක් වගේ ඉතිං මම එයාව පරිස්සම් කරන්න ඕනෙ.බාහිර දේවල් වලින් නෙවේ එයාගෙම හිතෙන් මොකද එයා overthinker කෙනෙක්.

"අයියේ"

"ම්ම්ම්"

"මම ඔයාට ආදරෙයි ගොඩක්"

එහෙම කියලා මම එයාගෙ උරහිසකට හේත්තු උනා.මේ මිනිහට මගෙ බර දැනෙන්න දෙන්ඩෝනෙ හුම්.නැත්නම් මම කියලා එකෙක් ඉන්නවා කියලා අමතක කරනවා.

"ම්ම්"

"අයියේ"

"ම්ම්"

"මන්දිව් අයියත් එනවා කිව්වලු"

"ඒ කව්ද"

"ජිම් එකේ අයියා"

"ඒ මොකටද"

"එයා විහඟයාට චුට්ටක් interest වගේ මම හිතන්නෙ ඌව බලන්න තමා එන්නෙත්"

"ම්ම්ම් දැන් ඇවිල්ලද"

"තාම ඇවිල්ලා නෑ මම කිව්වා ආවම  මට කියන්න කියලා"

"ම්ම්ම්"

"එයත් ආවම අපි මොනාහරි චුට්ටක් කාලා  කියව කියව ඉමු"

"ඔයාලා ඉක්මනට යන්න ඕනෙ නැද්ද "

"නෑ හෙට ලෙක්චර්ස් කැන්සල් කරලා"

"ම්ම්ම්"

"අර මල්ලිලාගෙ තාත්තටත් මොනාහරි කියන්නකො බබා එතකොට ඒ දෙන්නටත් එකට ඉන්න පුලුවන්නෙ ගොඩක් වෙලා"

"මම අන්කල්ට කිව්වා අපේ ගෙදර තියාගන උදේ ගෙනත් දාන්නම් කියලා"

"ඒනම් හරිනෙ අව්ලක් නෑ.දැන් විහඟයාටත් මන්දිව් අයියා ආවම ඔක්කොම හරි.උන් දෙන්නත් රන්ඩු වෙවී හරි ඉදී."

"ඉතිං ඔක්කොම හරිම යෙනෝන්"

"ඇයි නැද්ද"

"ම්ම්ම්"

මට තේරුනා එයා දැන් ඔය හිතේ තියන් ඉන්නේ මොකක්ද කියලා "ඔක්කොම හරිද යෙනෝන්"කියලා ඇහුව විදියෙන්(පුලුවන් නම් උබලත් තේරුම් ගනිව්😒)

"හරි ඔයා මොනාද දැන් මෙතන ඉදන් කල්පනා කර කර හිටියේ"

"මොකුත් නෑ"

"අනේ කියන්නකො අයියේ"

"මොනාද"

"ඔයා මොනාද තනියම කල්පනා කරේ"

"මගෙ ලයිෆ් එකත් මේ තැන වගෙ"

"ඒ කිව්වේ"

"අඳුරුයි පාලුයි හරිම හිස්, ඈතින් එකම එක පුංචි ලස්සන එලියක් තියනවා"

"කව්ද ඒ එලිය"

"ඔයා"

"ඉතිං මම ඈතින් ඈ ඉන්නෙ මේ ඔයාගෙ ඇගේනේ ඉන්නේ"

එහෙම කියලා තව ටිකක් එයාගෙ ඇගට හේත්තු වෙන ගමන් මම කිව්වා.

"ඒත් කලින් උබ හිටියෙ මට ඈතින්නෙ.ඒ උනාට කමක් නෑ මට ඇති තරමට උබෙ එලිය හම්බුනා"

"අයියේ"

"ම්ම්ම්ම්"

"මට ඕනෙ ඔයාගෙ ලගම ඉදන් එලිය දෙන්න.ඔයාගෙ ජීවිතේ හිස් නම් මට ඒක පුරවන්න ඕනෙ.ඔයාට පාලුයි නම් මට ඒක නැති කරන්න ඕනෙ"

"මෙච්චර කාලෙකට කාටවත් බැරි උන දේ කරන්න උබට පුලුවන්ද "

"මෙච්චර කාලෙකට කාටවත් කරෙ නැති විදියට ඔයා මට ආදරෙයි කියලා මම දන්නවා අයියේ ඔයා නොකිව්වට.ඉතිං ඔයාගෙ ආදරේ ඇති මට ඒ හැමදේම කරන්න. "

"ම්ම්ම්ම්"

"ඔයා දන්නවද මම කතාවක් අහලා තියනවා අපි මුහුද ලගට ගිහිම් ඇස් දෙක පියාගත්තම අපිට ඉස්සෙල්ලම මතක් වෙන කෙනාලු අපි ඇත්තමට ආදරෙ කරන කෙනා.ඉතිං ඔයාට හිතන්න පුලුවන්ද ඔයා ලග හිටියත් නැතත් දැනට ටික කාලයක් තිස්සෙ ඉදන් එක මෝඩ කොල්ලෙක් හැමදාම මුහුද ලගට ගිහිම් ඇස් වහගන ඔයා ගැන කල්පනා කරනවා කියලා"

"ම්ම්ම්"

"බෑ ඔයාට හිතාගන්නවත් බෑ ඒ ෆීලිං එක ඒ තරම් ඒක සැනසීමක්.හරියට මුහුදයි ඔයයි එක්කෙනෙක් වගගේ.ඔයා දන්නවනෙ අයියෙ මම ආසම තැන මුහුද, මාව නිවන්න පුලුවන් එතනට හැබැයි දැන් ඒ මුහුදටත් වඩා මෙන්න මෙතනදි මාව නිවෙනවා"

එයාගෙ පපුවට හෙමීට තට්ටුවක් දාන ගමන් මම කිව්වා.එයා ලොකු හුස්මක් අරගන මගෙ කරට අත දාගත්තා.

"මගෙ පියෝනි මල ඔයා හිස් නෑ"කොච්චර ආදරෙ දුන්නත් මදි කියලා කෑ ගහන පොඩි කොල්ලෙක්ට ඔයා මදි නොකියන්න ආදරෙ දෙනවා.එක වචනයක්වත් නොකියා.මෙන්න මේ ඇස් දෙකෙනුයි.කලාතුරකින් පේන හිනාවෙනුයි.අමාරුවෙන් එකතු කරගන කියන පොඩි පොඩි වචන වලිනුයි.ඔයා නොදන්නවා උනාට මගෙ ජීවිතේ තියෙන්නෙම ඔයා ලග.ඔයා වැටුනොත් මාවත් වැටෙයි.අපි දෙන්නවම පරිස්සම් කරන්න ඕනෙ නම් ඔයා ස්ට්‍රෝන්ග් වෙන්නම ඕනෙ.ඒ මොනදේ කොහොම උනත් මේ අත මෙහෙමම අල්ලගන ඔයාගෙ එහා පැත්තට වෙලා මම ඉදියි"

"මම ආදරෙ කරන්න දන්නෙ නෑ.මා එක්ක ඉදලා උබට රිදෙයි"

"ආදරෙයි කියලා කෑ ගහන බොරුකාරයන්ට වඩා නොකියන ආදරෙ වටිනව ඒක මට දැනෙනවා.මොකද ඔයාට තියෙන්නෙ කවදාවත්ම බොරු කියන්න තේරෙන්නෙ නැති ඇස් දෙකක්"

"මම උබව අත්ඇරියොත් උබට වඩා තව කෙනෙක්ට ආදරෙ කරොත්"

"ඔයාගෙ ඇස් දෙක කවදාහරි මට ආදරෙ නෑ කියන දවසක් වෙනකම් මම ඔයාව අල්ලගන ඉන්නවා."

"ඊටපස්සෙ"

"ඊටපස්සෙ ඈත ඉදන් ඔයා දිහා බලන් ඉන්නවා.ඔයාටවත් නොදැනෙන්න."

"ඒ කියන්නෙ මම ආදරෙ නැතත් උබ මට ආදරෙයිද"

"ඔව් ගොඩක් දුරට මගෙ ජීවිතේ අන්තිම ආදරෙ ඔයා වෙයි"

"ඇයි එච්චර ආදරෙ"

"ඔයා වගේ මනුස්සයෙක්ට කොහොමද ආදරෙ නොකර ඉන්නෙ"

"උබට පිස්සු"

"ඔව් මෙලෝ රහක් නැති මාව සතුටින් ආදරෙන් පිරුන එකෙක් කෙරුව මිනිහා ලග ඉද්දි මම පිස්සෙක් වෙන-😳😳"

මට කියන්න පුලුවන් උනේ එච්චරයි.මෙච්චර දවසක් මම බලාගන හිටිය එක උනා.එයාගෙයි මගෙයි ෆස්ට් ලිප් කිස් එක.එයා මාව කිස් කරා.

දැන් මගෙ ලිප්ස් තියෙන්නෙ එයාගෙ ලිප්ස් වලට මැදිවෙලා.මම මගෙ අත් දෙක එයාගෙ බෙල්ල වටෙන් දැම්මා.එයා කිස් කරන ගමන් ම  මගෙ ටී ශර්ට් එක ඇතුලට අතදානවා මට තේරුනා.ලිප්ස් කිස් කරන ගමන්ම එයාගෙ අත් මගෙ ඇග ඇතුලේ එහෙට මෙහෙට යනවා.මට දරාගන්න බෑ මේක.ඒ කිස් එක මැද්දෙම මාව දියවෙයි කියලා හිතෙන තරමටම මම එයාට පිස්සු වැටුනා.මට තව එයාට ලං වෙන්න ඕනෙ උනා.ඔව් මම හිතන්නෙ මම දැන් ඉන්නෙ අයියගෙ ඔඩොක්කුවේ.එයාටත් ඒක ලොකු ගානක් නෑ.ඊටපස්සෙ මට දැනුනා එයාගෙ අත්දෙක ශර්ට් එක අස්සෙන් එහෙමම ශෝට් එක දිහාට එනවා. ආදරෙන් පටන් ගත්ත කිස් එක දැන් ටික ටික දරුනුවෙන්න අරන්.එයා සැරින් සැරේ ලිප්ස් හපනවා.

ආ.....හ් It feels like heaven

ඊලග කොටසින් හම්බෙමු🩷

ආතරෙයි මගෙ චොම්කලට් බිස්කට් ටිකට😘🩷

Previous
Last

Share This Chapter