Back
/ 52
Chapter 38

Chapter 38

දෑගිලි ✔( complete )✨

6 years later.....

මගේ නොවුනොත්

පෙනෙන දුරකින්

එපා කිසිවිට රැඳෙන්න..

කවුරුවත් ලඟ

නැති වෙලාවක

හිතෙයි නලලත සිඹින්න..

ඉතින් වෙන්වන

සැඳෑ වරුවල

එපා ආයෙත් හැරෙන්න..

නුඹෙන් විතරක්

පිරුන හිතකට

අමාරුයි එය දරන්න............

මන් එයාව අන්තිමට දැක්කෙ මීට අවුරුදු පහකට කලින්..ඒ මන් එයාව දැකපු අවසාන වතාව වගේම එයා මාව එපා කියලා කිව්ව පලවෙනි වතාව..

මට සීයාගෙ ගෙදර ගිහින් නතරවෙන්න සිද්ද වුනත් ඔයා හැමවෙලේම දුරින් ඉදන් හරි මගෙ සහයට ඉදියා..ඒත් අවසානේ....

එදා දවසෙ වුන දෙවල් වගේම ඊට පස්සෙවුන දේවල් මතක් කරන්න මන් අදටත් කැමති නැ...

මන් දන්නෙ මන් තනි වුනා කියලා විතරයි..අම්මා තාත්තාවත් අඩුම තරමෙ මගෙ පැත්තට ඉදී කියලා බලාපොරොත්තු වුනා...අන්තිමට වැරදුනෙත් මට..එයාලා හැමොටම ඕනි වුනෙ අපිව ඈත් කරන්න වගේම අවසානෙදි එයාටත් ඕන වුනෙ මේකෙ අවසානයක් දකින්න..ඉතිම් මන් එ හැමෝටම ඕන වුන දේ කලා.

දැන් මන් තනියෙන්..නැ එහෙමත් කියන්න බැ..මොකද මන් මෙහෙම හරි අද ඉන්නෙ ඌ නිසයි..මෙ කාලෙ පුරාවටම මගෙ හෙවනැල්ල වගේ ඉදියෙ ඒකා විතරයි..ලේ බැදීම් පවා මට විරුද්ද වෙද්දි අවසානෙ මට ඉතුරු වුනෙ එදා වගේම අද වෙනකම් නොවෙනස ඉදපු ඒ

මිතුරුකම විතරයි..මට කියන්න සතුටුයි ඌ මගෙ සතුටෙදි වගේම දුකේදිත් මන් ගාවම ඉදියා..

මිත්‍රත්වය කියන්නෙම අසාමාන්‍ය ආදර බැදීමක්..

ඇත්තටම අපෙ ජීවිතේ වචනයක් කතාකරත් හෝස් ගාලා හිත සැහැල්ලුවෙන යාලුවෙක් ඉන්නවා කියන්නෙම ඒක අපි ලබපූ ලොකු වාසනාවක්..

ෆ්‍රී පීරියඩ් එකක් සෙට් වෙලා වැඩක් තිබුනෙත් නැති නිසා මට ආයෙම කලින් දේවල් මතක් වුනා..එ දේවල් අමතක කරවගන්න ඕන නිසාම මන් හැමවෙලාවකම වගේ වැඩකරා..මොකක්ම හරි කරා..ගෙදර ඉද්දිත් මන් කරන්නෙ පැල වවන එක..

"අභිරු සර්..අදත් ඔයාගෙ ක්ලාස් එකෙ මැර සෙට් එක ක්ලාස් එකෙන් පැනලා..අදත් මගෙ පීරියඩ් එකේ ඉදියෙ නෑ එ පෝරිසාදයො ටික.."

මගෙ දැහැන බිදිලා ගියෙ ස්ටාෆ් රූම් එකට ආපු සදලුතලා මිස් නිසා..

අනෙ අම්මපා මෙදාපාර මට හම්බුනේ මහා ජරාම පන්තියක්..නැ පන්තියම නරක නැ..එක සෙට් එකක් ඉන්නවා උන් හිතාන ඉන්නෙ මේක අම්මා අප්පාගෙ දේපලක් කියලා..ස්කෝලෙ ඉන්න අඩු වයසෙ සර්ලව කන්න බලාගෙන ඉන්න පතිරාජ සර් අද නම් මට මොනාහරි කියාගෙන ආවොත් නම් අර ඌරු රැලෙ හම ගහලා සොසේජස් කරල් හදෝනො මන් අද..

"අදත් කට්ටි පැනලද මිස්..අනෙ මන්දා මෙ ලමයි ගැන කතාකරලා වැඩක් නැ.."

"ඔයා තාම අලුත්නෙ අභිරු සර්..මාසයක්වත් නැනෙ ඇවිල්ලත්..මෙ ස්කෝලව ලමයි ඔහොම තමයි..ලොකු ලොකු දඩුවම් දෙන්න ගිහින් අන්තිමට රස්සාවත් නැති කරගන්න තමා වෙන්නෙ.."

"හරි මන් එයාලා ගැන බලාගන්නන් මිස්.."

"එ ලමයි ඒ හැටි අදක්ශ ලමයිනුත් නෙමේනෙ සර්..ඔයිට වඩා ටිකක් තදින් ඉන්න බලන්න..කියන දේ නාහන මදාවිගති ටික තමා නරකෙට තීන්නෙ.."

මුන් ටික මට දවසට එකපාරක් හම්බෙන නිදහස් වෙලාවෙවත් සැනසීමෙන් ඉන්න දෙන්නැති හැටියක්..ශුවර් එකටම ඇති පිට්ටනියේ..ගිය සතියෙ ස්කූල් ටයිම් එකේදි තාප්පෙන් පැනලා ගර්ස් එකෙ exhibition එක බලන්න ගිහිල්ලා ආරාධිත පාසල විදියට පොඩි ලමයි එක්ක යද්දි මට අතටම අහුවුනා..

පලවෙනියටම පත්වීම හම්බුනේ මන් ගියපු ස්කොලේටම වෙද්දි මන් ඒ මාස තුන ඒකෙ ඉදියෙ පුදුම වේදනාවකින්..ඊට පස්සෙ කොමෙන් හරි පොඩි ස්කොලේයක් හම්බුනත් පස්සෙ ටිකක් දුරක ස්කෝලයක් ඉල්ලුවම හම්බුනෙ මොරටුවෙ තීන මෙ ලොකු ස්කෝලේ..

"ඔයි ඔයි දෙක දුවපම්..ආ වරෙම් වරෙම්.."

"පරයො ඕක ඉක්මන්ට දාපම් බල්ලො..ඔහ් ශිට් නොදෝකින් තොට අතට දාන්න බැරිද බල්ලො.."

"අඩෝ ගැම්මක් ගැම්මක් අවියෝ..තව ලකුනු දෙකයි මා අම්මා හයේ එකක්ම දියම් ඇඩෙන්නම ආ..."

මේ ඉන්නෙ ගිරාපෝතකයො ටික..මුන්ට මහපාන්දරත් ඇවිල්ලා ක්‍රිකට් ගහලා ආයෙ හවස් වරුවෙත් ප්‍රැක්ටිස් ඉදලත් මෙ මගුල එපාවෙන්නැති හැටියක්..

දෙන්නම් අද උබලට හය උන ගැනෙන්නෙම..මන් හයේ සීමාවෙන් ඇතුලට යද්දිම බැට් කරපු නඩෙ ගුරාගෙ ශොට් එකට බෝලෙත් ආවෙ මන් ඉදපු පැත්තටමයි..

"යාආආආආආ හයයි හයයි වුට්ටෝ.."

"පොඩි ග්‍රහයො අල්ලපම් අල්ලපම්.."

"හයායි...හයායි..ඔහ් ශිට් කවුද හු"ටිගෙ පු- අම්මට සිරි සුදාම්මියා...අවියෝ දුවපාම්.."

හයේ සීමාවට ආපු බෝලෙ මන් අල්ලගත්ත පාර උන් මාව අදුර ගෙන පන කඩාගෙන දුවන්න හැදුවා..

"දුවන්නෑ උබලා..නැවතියම්..අමතක වුනාද මටත් දුවන්න පුලුවන් කියලා ආ.."

"අඩො සරුත් දුවනො අඩෝ..දුවපම් ටිකිරො දුවපාම්.."

"අම්මපා මන් අල්ලගත්තොත් ගහනවා හරිද..ඔහොම හිටපල්ලා.."

"අනෙව් සුදාම්මියේ ගැත්තාට සමාව දීලා ගහන්නෙපා හාද.."

මුන්ට අමතක වෙන්නැති මන් සර් කෙනෙක් වුනාට තාම කොල්ලෙක් කියලා..අලි බබායි හොරු හතෙරෙ සෙට් එකේ එකෙක් අනිත් පැත්තට දුවද්දි ඉතුරු තුන් දෙනාගෙ පස්සෙම් මන්

එලවන්න ගත්තා..

"අල්ලගත්තා..මගෝඩියාව..ඈ යොවුන් උබලා මන් එක්කද සෙල්ලම් කරන්නෙ.."

"අනෙ බුදු සෑර්..ආව් ආව්..."

"දේශාන් , දෙවිදු ඔහොම නැවතියල්ලා..ලගට ආවොත් ගහන්නෑ හැබැයි පුතො මන් අල්ලගත්තොත් පලු යවනවා.."

"ඔයි නැවතියම්..හරි සෑර් ලගට ආවොත් ගහන්නැ කියලා පොමිස් වෙනෝද..ආයෙ ඕන් ලගට ආවම නෙලන්න ඔට්ටු නැ හොදේ..."

"හරි හරි වරෙල්ලකෝ.."

"ඔන්න අපි එනවා..කො පින්කි පොමිස් වෙන්න සත්තයි ගහන්නැ කියන්න.."

"අනෙ එනවලකෝ ලමයිනේ මට දුවලා මහන්සී.."

එකෙක්ගෙ පිටට ඩෑශ් පාරක් ගහලා අල්ලගත්තට පස්සෙ අනිත් උන් දෙන්නත් ගහන්නැ කිව්ව නිසා ලගට ආවා දෙන්නම් මන් උබලට..උන් දෙන්නගේ කන් දෙකෙන් අබරලා ලගට ඇදලා අරන් පිටවල් දෙකට ඩෝන් ඩෝන් ගාලා නෙලුවා..

"ආයියා..ඌයියා..ඌව්වා..යොහ් බොරුකාරයා සර් අපිට බොරුව දැම්මා බලන්න ආයියා කන කන.."

"අමො අමො කොන්ද ලෙප්ට්..යොහ් සුදාම්මී..චපලයා මහා.."

"කවුද ලමයො සුදාම්මී..අනෙ අම්මපා මට කියලා ඔය කට තලාගන්න තමයි හදන්නෙ..උබලට ටිකක් හොදින් ඉදියම එනවනෙ කරේ නගින්න.."

"ආවු සප්පා..

ඔය ලස්සන මාරයි

හදපාරයි සොලවම්මා තමා

අපිට සෑර්ගෙ කරේ නගින්න ඕන්නෑ..ඔන්නම් සර් මගේ කරෙ නගින්න කො අඅ එන්න ඉතිම්.."

"දෙවිදූ..මන් මෙ සෑහෙන්න ඉවසලයි කතා කරන්නෙ..කො උබලෑ නඩේ ගුරා.."

"අම්මටතිලි සදේ මල් කාන්ති ලිදේ කිව්වලූ..අඩො අවියා අපී මෙහෙ පුක කඩන් දුවද්දි උබ ඔතනට වෙලා වාඩිවෙලා ටොම් ඇන්ඩ් ජෙරී බැලුවද බම්ලො අඅ.."

"කට කට කොල්ලෝ..අනෙ අම්මපා..මහ සවුත්තුවෙක්..වරෙල්ලා යන්න අදත් උබලා කට්ටිපැන්නලුනෙ accounting එකේදි.."

"අවිනාෂ් තමුන්ට බුලත් දෙන්න ඕනෙද අ..එනවා යන්න පන්තියට.."

ඔය ඉන්නෙ මහා ඇම්ඩා..අරුන් ටිකට නම් නෙලන්න පුලුවන් වුනා..මුට තාම පාරක් ගහගන්න බැරිවුනානෙ මට..මේකා හිතාන ඇත්තේ කැරි- නැ නැ උ හෙම මැරයා කියලද දන්නෑ..අනෙ අම්මපා අපේ කාලෙ මෙහෙම උන් ඉදියේ නැනෙ හාමුදුරුවනේ...

ගොන් රැලත් එක්කරගෙන ක්ලාස් එකට යද්දි පතිරාජ ඇමතියා ක්ලාස් එකට වැඩලා..අද උබ ඉවරයි පුතේ..අම්මපා ප්‍රශ්න මට මෙච්චර ආදරෙයි කියලා දැන් තමා තේරෙන්නේ..

"කොහෙද තමුන්ලා ගියේ..කිසි විනයක් නෑ තමුන්ලාගේ ස්කෝලෙ එන්නෙ සෙල්ලම් කරන්නද උබලා..ආ ඔය එන්නෙ ලොකුතැන..ඇත්තටම මේවගේ ගුරුවරුන්ව ලොකු පන්ති බලාගන්න පත්කරේ මොන පිස්සුවකටද දන්නෑ..ප්‍රයිමරි එකට ගැලපෙන අයව ඒලෙවල් ක්ලාස් බලාගන්න දැම්මම එක අතකට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ..මේවට සම්පූර්නෙන්ම වැරදි පන්තිභාර ගුරුවරයා.."

ඔන්න ඉතිම් බනින්න ගත්තා..පෙරේදත් අරුන් පැනපු එකට මෙ මනුස්සයා කෑගැහුවෙ මට..අරුන් ටිකව ගිනි තියලා මරන්න හිතෙන්නෙ දැන් තමයි..ක්ලාස් එක ඉස්සරහම බැනුම් අහන්න වෙන එක තමා ඔක්කොටම වඩා එපාවෙන්නෙ..

"කවද්ද අභිරු සර් මේ ලමයින්ව හරියට හදාගන්නෙ..මාසෙක කාලයක් දුන්නානෙ..ලමයි පාලනෙ කරගන්න බැරි එක තමුන්ගෙ වැරැද්ද..මෙ පාසලට ඕන විනයක් ඇති ලමයි මිසක් මදාවියො නෙමෙයි..ලොකුම පන්තිය මෙහෙම හැසිරෙද්දි කොහොමද අපි පහල ලමයින්ට advice එකක්වත් දෙන්නෙ..මන් මීට කලියෙනුත් සර්ට ලමයි ගැන අවවාද කරා..තව වතාවක් කරොත් මට මේක ගැන ඉහලට දැනුම් දෙන්න වෙනවා..ලමයි ටිකක් පාලනෙ කරගන්න බැරිනම් ඇති වැඩක් තියෙද සර්.."

"සර්ට බනින්න එපා මෙතන වැරැද්ද අපේ..අපියි කට්ටිපැන්නෙ.."

ආ මහතැනගෙ කටට දැන් පන ඇවිල්ලා..අනෙ අම්මපා කටවහන් ඉදපම් කොල්ලෝ ඕකටත් බනින්නෙ මට..

"අපූරුවට කටගහන් එන්න දන්නවා නේ උබලා..අභිරු සර් අද ස්කොලෙ ඇරුනට පස්සෙ ප්‍රින්සිපල් සර් හම්බෙන්න යන්න එන්නොනෙ මාත් එක්ක.."

"හරි සර්.."

හරිනෙ ඔය කරේ..දැන් සතුටු ඇති මුන්ට..අනෙ අම්මපා මට හම්බුන ජරාම පන්තිය මේක..

"දැන් සතුටුද ලමයිනේ..තමුන්ලා කරන වැරදි යන්නෙ අපේ බෙල්ල උඩින්..මන් කට කැඩෙනකම් කියලා තීනවා ඉගෙන ගන්න දීලා තීන පැය ටිකේ හරියට ඉදපල්ලා කියලා..මට රුදාවටනෙ මේවා කියන්නෙ..මට නම් දැන් ඇතිවෙලා තියෙන්නෙ..ඕන මගුලක් කරගනිල්ලා.."

ඇත්තටම මෙ උගන්නන කෙරුවා දැන් එපාවෙලා තියෙන්නෙ..අදින් පස්සෙ හොයන්නැ මන් ඕය හැතිකරේ ගැන..හිතුනොත් වෙන ක්ලාස් එකක් ඉල්ලගන්නවා..මෙවගෙ ලොකු ස්කෝල වල අපිට ඕන විදියට එහෙම කරගන්න පුලුවන් නම් බැරියෑ..දැන් තමා තේරෙන්නෙ ඒකාලෙ අපෙ මිස්ලත් අපිට අච්චර කෑගැහුවෙ ඇයිද කියලා..වෙලාවකට ලොකු පීඩනයක් මේක..ලකුනු අඩූවුනත් වැරදි අපි..ස්කෝලේ මාවත් වැරදි අපි..වලියකට ගියත් කට්ටිපැන්නත් ඔක්කොටම වැරදි අන්තිමට අපි..

අරුන් ටිකට දැන් තීන්නෙ ඉංග්‍රීසි ද කොහෙ..අයියො එ මිස්ව මඩවනවා වෙලාවකට..මන් දවසක් බලද්දි ඉස්සරහා පේලියෙ උන් බත් කනවා..අන්තිම පේලියෙ උන් නිදි..අනිත් පැත්තෙ සෙට් එක කයියක්..අලි බබාගෙ සෙට් එක විතරයි එදා පාඩමට අවදානෙන් ඉදියේ..

ඉංග්‍රීසි මිස්ගෙ ගොට්ට තමා ඔය දිගංචියා..එ ලමයගේ නම කියන්න මන් පොඩ්ඩක්වත් ආස නෑ..එ සෙට් එකම දක්ශ ලමයි ටිකක්..උනන්දුව නැතිකමයි

කම්මැලිකමයි හේනේට ඉදලා තීන්නෙ..මුන්ගෙ ඔක්කොම රැස් ස්කොලෙදි විතරයි..සතියෙ අන්තිමට කවීශගෙ ගෙදර තින ගෲප් ක්ලාස් එකෙදිනම් මී පැටව් වගේ කියන දේ අහන් වැඩකරනවා..

"දගකරනා හා පැංචත් මන් වගේමලූ...

මල් පදුරේ පිපුන මලත් මන් වගේමලූ..

මන් වගේම කොවුල් හාමි ගී ගයනවලූ..

මන් පාඩම් හොදින් කරන

හොද ලමයෙක් ලූ..//"

අන්තිමට පීරියඩ් එකේ ප්‍රයිමරි ක්ලාස් පැත්තට ආවෙ මෙ මාසෙ අන්තිම කොන්සර්ට් එකට එ ලමයි පුරුදු වෙනවා බලන්න..ලොකු බබාලට එකෝන් උගන්නද්දී පොඩි බබාලට ඉංග්‍රීසිත් උගන්නන්න වුනා..මන් යද්දි තමාලයා කොලු පැටව් ටිකක් වට කරන් හාවෙක් වගේ පැන පැන නටලා දෙපැත්තට වැනිලා අමුතු රංගනයක් ඉදිරිපත් කරනවා..

මන් දන්නවා මු දවසක මන් අපායට ගියත් ඒකටත් එනවා..දැනටත් ලැට් එකට විතරයි මන් තනියෙන් යන්නෙ..මන් කොහෙ ගියත් තමාලයා එතන..

"කො කො ඔහොම නෙමෙ..අත මලවගේ හදාගන්න ඒ කෑල්ල නටද්දි.."

"ආ දැන් හාවා වගේ පනින්න..කො කො හොට පෙන්නන්න..ආ වටයක් කැරකිලා.."

"ආන් එම අත උස්සලා දෙකට නැමිලා..ආ නැ නෑ නැවෙන්න ඕනි නෑ..කො ඔය බබා පෝලිමට එන්න..ඔය ඉතිම් ලයින් එකෙන් පනින්න එපා පුතේ.."

මූව මෙහෙම දැක්කම මට මතක් වෙන්නෙ මෙ ලගදි නුරාග් අයියා කිව්ව කතාව..පොඩි එකෙක් පොඩි උන්ට නැටුම් උගන්නනො වගේ ඇතිලූ..එ කිව්ව කතාවනම් හරියටම හරි..මු ලමයින්ටත් වඩා හපන්..

තමාලයා නටනවා දිහා මන් එලියෙ ඉදම් බලාගෙන ඉද්දි චූටි බටිත්තෙක් මන් ගාවට ඇවිල්ලා මගෙ කලිසමෙන් ඇදලා මට කතාකරා..

මන් එයාගාවට පහත් වුනාම පොඩ්ඩා දත පෙන්නලා මට හිනාවක් දුන්නා..අනේ මේකාගෙ හුරතලේ..

"ඇයි පුතේ මේ.."

"කො ඉතිම් කතාකරන්නෙ නැද්ද මෙ පුංචි පැටියා.."

දෙකවසරේ වගේ ඇති ඕන්නම් මෙයා..සාක්කුවට අත දාලා මොකද්දො කොලයක් ඇදලා ගත්තා නේද..

අනෙ එක එයා මට දික් කරනවා..

"අනෙ මේක මටද පුතේ.."

කොල්ලා ඔව් කියන්න ඔලුව හයියෙන් වනලා ලැජ්ජාවට ඇඹරෙනවා..අනෙව්ව් මේකා..

"කො බලන්න පුතා මට මොකද්ද මෙ දුන්නෙ කියලා.."

මන් එයාව එහෙම්ම මගෙ දනිස්ස උඩින් වාඩි කරවගෙන කොලේ දිගෑරලා බැලුවා...

අනෙ මෙ පොඩ්ඩා චිත්‍රයක් ඇදලා නේද..

ඒකත් මේ මාවද එතකොට..අනෙ නමත් ලියලා..

"පුතා ඇන්දේ මාව පුතේ.."

"ඔවූඌඌඋ..."

"ම්ම් ලස්සනට ඇදලනෙ පුතා..මන් මෙක තියාගන්නවා එහෙනම් හාද..කො බලන්න පුතාගෙ නම කියන්න ඉතිම් සර්ට.."

"මගෙ නමත තර්.."

"ඔව් පුතේ නම කියන්න බලන්න.."

"මගේ නම..නම..මතක නානෙ.."

"හෑ...අනෙ අනෙ කියෙපන්තියෙද මෙ බබා ඉන්නෙ ම්ම්.."

"දෙතේ ඉන්නෙ මන්.."

අනෙ මේකා නම්..දෙක කියලා අතෙන් තුන පෙන්නනො..පුංචි හුරතලේ..

"දැන් දෙකෙ අයියා බබාට නම මතක නෑලූ..මාර වැඩේ තමා ඔන්න..පුතාට මගෙ නම මතකද.."

"තර්ගෙ නම අභිරු වත්තුව නෙ..ඔවොව් ඒක තමානෙ.."

"පෙනේද මේකා..අනෙ අනෙ..මගෙ නම දන්නවා එත් ඔයාගෙ නම දන්නෑ..පුදුම කපටි කොලුවෙක්නේ..කොමද පුතා මගෙ නම දන්නෙ ම්ම්ම්.."

"මට කීවනේ.."

"කවුද පුතාට කිව්වෙ.."

"මට කීවා..ම්ම්ම් මාම්ම්ම් නෑනි මාලේ තර් තමා කීනවා ඇඋනේ.."

"මාලේ සර්..කවුද පුතේ මාලෙ සර්..ආ ඔයා කියන්නෙ අර නැටුම් කියලා දෙන තමාල් සර් ගැනද.."

පොඩි එකා මාලෙ කියලා කිව්වෙ අපෙ තමාලයටනේ..හරි කෝලම..මගෙ මූන හාද්දකුත් තියලා දුවලා ගියා මේන් මේ බට්ටා..

ස්කෝලේ ඇරුනට පස්සෙ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට ගිහින් එතනත් දේසනෙ අහලා ස්ටේශමට ගෑටුවෙ මන් වෙන්දට යන ට්‍රේන් එක පහුවෙලා ඊලග එකටවත් වෙලාවට අල්ලගන්නයි..

මන් කලින් ඉදියෙ සීයා දුන්න ගෙදරක..එහෙ මට තනියෙන් ඉන්න දුන්නත් ආරක්ශාවට ගාඩ්ලත් දාලා තිබ්බ නිසා මගේ නිදහස සීමාවෙලා ගියා..අන්තිමේදි ආයෙම රන්ඩුවක් දාන් කාටවත්ම නොකියා ගල්කිස්ස පැත්තෙන් ගෙයක් අරන් මන් තනියෙන් ජීවත් වෙන්න ආවා..මගෙ අම්මා තාත්තා එක්ක බැදීම තියෙන්නෙ නමට විතරයි..සීයා ඇරුනම එ පවුලේ කිසිම කෙනෙක් එක්ක මගෙ සම්බන්දයක් නෑ..කාලයක් බාප්පාගෙ ගෙදර නැවතිලා ඉදියත් දැන් එ මනුස්සයගේ මූනවත් බලන්න මට ඕන කමක් නෑ..මන් ජීවිතේට හිතුවෙ නෑ එයා මට එහෙම කරයි කියලා..හැමෝටම වඩා එයාටයි ඔනි වුනේ මෙ සම්බන්දේ කැඩිලා යනවා දකින්න..එ නෑදෑයො අවසන් පාරට දැකලා අදට අවුරුදු පහක් වෙනවා..මට ඔය කවුරුත් ඕන නෑ..තමාලයානම් සති අන්තේ නවතින්න එනවා..එ ඇරුනම නුරාග් අයියත් ඉදලා හිටලා මාව බලන්න එනවා..

මන් කාලයක් නුරාග් අයියාවත් මගෑරලා ඉදියා..මට ඔනි වුනේ එ පවුලට ගෑවුන හැම කෙනෙක්ගෙන්ම ඈත් වෙන්න..එත් මන් මගෑරියට නුරාග් අයියා මාව අයියෙක් වගේ බලාගත්තා..එත් අයියා කොයිම මොහොතකවත් එයා ගැන කතා නොකරන්න පරිස්සම් වුනා..දැන් නම් අපි ටිකක් හොදින් කතාකරනවා..එත් ඉස්සරම තරම් අපි අතර හොද කතා බහක් නෑ..

මේ සතියෙ අන්තිම ආයෙම බෙහෙත් මාරු කරගන්න යන්න තීනවා..ට්‍රේන් එක ආපු නිසා මන් ඒකට නැගලා මුහුද පැත්තෙ සිට් එකක් වාඩිවුනා..ජනෙලෙන් එබිලා යද්දි මුහුදේ සුවද නාස් පුඩු කඩාගෙන යනවා..මුහුද කීදෙනෙක්ගෙ නම් දුක් අහලා ඇතිද..ඔය වැල්ල උඩ ඉදන් කීදෙනෙක් නම් අඩලා දුක පිටකරගන්න ඇතිද..එක පැත්තකින් හදවතක් දුක් වෙද්දි අනිත් පැත්තෙන් තව හදවත් දෙකක් ආදරෙන් වෙලිලා හුස්ම ගන්නවා ඇති..

ජිවිතෙ අපි ආදරෙ කරන කෙනාව හැමෝටම හිමිවෙන්නෙත් නෑ..එහෙම හිමිවුන අයට වඩා අහිමිවුන අය ඇති වැළි කැට තරමට...දහස් ගානක් මිනිස්සු හිත නිවාගන්න එන මේ රැල්ලයි වෙරලයිත් එකපැත්තකින් බැලුවොත් කවදාවත් එකට එක්නොවුන දෙන්නේක්..

රැල්ල සැරින් සැරෙ ඇවිදින් වෙරලට ඔච්චම් පාලා යන්න යනවා..වෙලාවකට තදින් තවත් වෙලාවකට සෙමින් ආදරෙ පානවා..රැල්ල වෙරලට එනවාරයක් ගානෙම පුංචි පුංචි තෑගිත් ගෙනත් දීමයි ආපිට යන්නෙත්..රැල්ලෙ සැඩ පහරට වෙරල වෙනස් වුනත් හැමදාම දරාගෙන ඉදියා..වෙරල දැනන් ඉදියා රැල්ල ගියත් ආයෙම එන බව..එ දෙන්නාට දෙන්නා එක්වීමක් නොමැති බව දැන දැනත් ආදරෙන් ඉන්නවා..රැල්ල දාලා ගියත් වෙරල ආයෙම එනකම් බලාන ඉදියා..සමහර විට දවසක් එයි රැල්ල ආයෙම නෝඑන..සමහර විට දවසක් එයි වෙරලට තනියෙන් ඉන්න සිද්ද වෙන..මන් දන්නෑ ඔයා ආයෙම එයිද කියන්න..එත් මන් බලාගෙන ඉන්නවා..සමාවෙන්න..මට බෑ ඔයාව අමතක කරනවා කියල දුන්න පොරොන්දුව රකින්න..මන් එ පොරොන්දුව කැඩෙවෙ ඔයා මාව දාලා ගියපු මොහොතෙමයි...

"තුන්වෙනි වේදිකාවට දැන් පැමිනි දුම්රිය තව ස්වප්ල මොහොතකින් මරදාන බලා දාවනය වනවා ඇත..දුම්‍ රිය නවත්වන්නෙ දෙහිවල..බම්බලපිටිය.."

හප්පා ඒකෙන් මේකෙන් මන් බහින්න ඕන ස්ටේශමට ආවා කියලත් අමතක වෙලා ගියා..කොමත් දැන් ඉස්සරට වැඩිය මට දේවල් ඉක්මනින් අමතක වෙනවා..ට්‍රේන් එක අද්දන්න කලියෙන් කොමහරි බැහැගෙන පයින්ම ගෙදරට ආවා..එනගමන් කොත්තු මී දෙකකුත් අරගෙනම ආවා රෑට හදාගෙන කන්න..

ආපු ගමන් තමාලයට කෝල් එකක් දාලා ගෙදරට ගියා කියන පනිවිඩේ දුන්නා..නැත්තම් ඕකා මාව කන්න හදනවා කොල් එකක්වත් දුන්නැ කියලා..

වොශ් එකක් දාලා ගෙදර තිබ්බ පාන් පෙති ටිකකට බටර් ගාලා කාලා කිරි තේ එකක් හදාගෙන බිව්වා..ඊටපස්සෙ මන් මෙහෙට ආවදා ඉදන් පොඩියට හදාගෙන ආපු මගෙ මල් තවාන පැත්තට අඩිය තිබ්බා..

එතන තිබ්බ මල් පැල වලින් වැඩිහරියක්ම තිබුනේ ගාඩිනියා මල් පැල..උදේ පාන්දරම මන් ගෙයින් එලියට අඩිය තියද්දිම මේ මල් වල සුවද නාස් පුඩු වලට රිංගලා බැදෙනවා..උදෙට මල් ටිකක් කඩලා බුදුන්ට තියලා වැදලයි යන ගමනක යන්නෙ.

පොල් ගහා වටේට වැවිලා තින නෙක වර්ණයේ හින්දිරික්කා මල් පොහොට්ටු පිබිදීගෙන එනවා..බෝතල් වල එල්ලපු ජපන් රෝස මල් නම් හවස් වෙද්දි කාටත් කලියෙන් හැකිලී යනවා..දාස් පෙතියා, අට පෙතියා , නිල් කටරොලු , සීනියාස් , පොකුරු වද , ඉද්ද වගේ මල් වර්ග ගොඩක් මෙතන තියෙනවා...එ ඔක්කොටම වතුර දාලා අනිත් පැත්තේ පොඩියට හදාගෙන එන එලවලු පැල වලටත් වතුර දාලා මල් ටිකකුත් කඩාගෙනම ගෙ ඇතුලට ආවා..

ඇත්තටම හවස් වරුව සිකරට් දෙක තුනක් උර උර ගෙවලා දානවට වැඩිය මෙවගේ දේකට යොමුවෙලා ගත කරන එක හුගක් හොදයි කියලා මට තේරුම් ගියා..අකිත් අයියාට ස්තූති වෙන්න මට දැන් ලස්සන මල් වත්තක් තීනවා..

අවිනාෂ්

දේශාන්

යොවුන්

දෙවිදු

_

_________

හෙලෝ ගායිස්....

කෝමතේ😽❤️‍🔥

මන් ආවා 👉👈

මොකද්ද වුනේ කියලා අපි තිනෙත්‍ර අයියාගෙන්ම අහපු පස්සෙ හිමීට 😌

වොට් කරන කමෙන්ට් දාන හැමොටම ආතරෙයි😽❤️‍🔥

එන්නම්...

_Gojo_

Share This Chapter