Back
/ 52
Chapter 46

Chapter 46

දෑගිලි ✔( complete )✨

සියා පප්පායි තමාලයයි මායි අපෙ අනිත් පවුල එකියන්නෙ second grand family එකෙ get togather එකට එන්න කියලා invite එකක් ආපු නිසා පහුවෙන්දා හවස යන්න ලෑස්තිවුනා..

අපි එහෙට යද්දි පවුල් දෙකෙ හැමොම වගෙ ඇවිත් ඉදියා..අපි grand family එක වෙද්දි අනිත් family එක second grand family වුනා..අවුරුදු හයකට කලින් තිබුන වෙඩින්ග් එකෙදි ඉදපු මුහුණු කීපෙකුත් එ පවුලෙ ඉදියා..බාගයක්ම ඉදියෙ දැකපු නැති අය..

එ අස්සෙන් අපෙ තාත්තා විලන් කෙනෙක් වගේ  මට පෙනුනා..එයාගෙ එහා පැත්තෙන් ලොකු නැන්දයි..තව ගෑනු අය දෙතුන් දෙනෙක් ඉදියා..

තමාලයව food side එකට යවලා සීයාපපා මාව කට්ටිය ගාවට එක්කන් ගියා..එතන ඉදපු හැමොම මන් දිහා බැලුවෙ කුනුමාලු කෑල්ලක් දිහා බලන විදියට.. එ අය අතර ඉදපු අම්මා දුවගෙන ඇවිල්ලා මගෙ ඇගෙ එල්ලුනා..

"අනෙ මගෙ රත්තරනෙ..මට සමාවෙයන්..උබ ඇදිලා ගිහින් මැනිකේ..උබව මෙහෙම දකින්න මගෙ ඇස් පව් කරලා..මට සමාවෙයන් පුතේ..උබට ඕනිම කාලෙ ලග ඉන්න බැරිවුනාට.."

මගේ ඇගෙ එල්ලිලා අඩන අම්මා දිහා හැගීම් මැරුන මනුස්සයෙක් වගෙ බලාගෙන ඉන්නවා ඇරෙන්න ආපිට එයාව බදාගෙන අනෙ මගෙ අම්මේ කියලා අඩන්න මට ඕනි වුනේ නැහැ..සමහර විට මගෙ හැගීම් මැරිලා ඇතී..දැන් කොච්චර කිව්වත් ඔයාත් එදා මාව අතෑරියා අම්මේ..

මන් අම්මාව කෙලින් කරලා ටිකක් එහාට වෙලා හිටගද්දි එයාගෙ හැඩුම දෙගුන වුනා..තාත්තා ඇවිත් එයාව තුරුල් කරන් එක්කරන් ගියෙ මාව දවා අලුකරනවා වගේ බැල්මකුත් දෙන්න අමතක නොකරයි..

කට්ටිය හැමොම ලොකු මේසයක් වගේ ඉඳගද්දි සීයාපප්පා මාවත් එක්කරන් ගිහින් එයාගෙ සිට් එකෙ එහාපැත්තෙන් වාඩිකරව ගත්තා..හැමෝම ලොකුදේකට ලැස්තිවෙලා වගෙයි ඇවිත් ඉන්නෙ...

"හරි කට්ටියම අද මෙතනට රැස් වුනේ..grand family දෙකෙ ඉදිරි අනාගතේ ගැන කතාකරගන්නයි..පවුල් දෙකම ආයෙත් වතාවක් එකතුවෙලා අද මෙ අපි කතා කරන්න යන්නෙ second fam එකෙයි main fam එකෙයි කසාගෙ ගැන..පවුල් දෙකම විසිරිලා තියෙද්දි මෙ වගෙ තීරනයක් ගත්තෙ තරහා මරහා අමතක කරලා නැවතත් එක පවුලක් ලෙස ගොඩනගන්නයි..ඉතිම් මෙතන ඉන්න වැඩිහිටි දෙපලගෙන් මන් අවසර ඉල්ලනවා grand fam එකෙ පොඩි මුනුබුරා වන මගෙ පුතා සප්තගෙත් second grand fam එකෙ එකම මිනිබිරිය වන කවිතාගෙත් විවාහ මංගල්‍යට...."

තාත්තා නැගිටලා හැමොටම ඇහෙන්න කිව්වෙ මන් බලාපොරොත්තුවෙන් ඉදපු දේමයි..එහෙනම් ඒකයි අද එන්න කිව්වෙ..වැඩිහිටියො දෙන්නා කිව්වමයි දැක්කේ..අපෙ සීයට කෙලින් අල්ලපු පැත්තෙන් තව කෙනෙක් ඉදියා..එයත් සීයාගෙ වයසෙ වගේ..

"තාත්තේ..ඔයා විතරයි මෙ තීරනේට විරුද්දව ඉන්නෙ අනිත් හැමොම මෙකට එකගයි ඔයාගෙ තීරනේ-.."

"මන් එකගයි.."

මොකක්..සීයෙ..ඔයත්..ඔයත් මාව රැවැට්ටුවා..මන්..ආයෙත් රැවටුනා..

"තාත්තේ..ඔය ඇත්තටද.."

"මහප්පෙ..මන් දැනන් ඉදියා ඔයා මෙ තීරනේට කැමතිවෙනවා කියලා..වාව්..ෆයිනලී.."

"ලෙට්ස් සෙලිබ්‍රේට් ගායිස්..."

මන් විතරක් දුක් වෙද්දි අනිත් හැමෝම සතුට සමරනවා..සියා මන් දිහා බලාන ඉදියෙ හැගිම් විරහිත මුහුනකින්..ඔයත් එයාලා වගේ මාව රැවැට්ටුවා සීයේ..මන් එතනිම් නැගිටලා යන්න හදද්දිම සීයා මගෙ අතින් අල්ලලා නතර කරා..

"ඇයි සීයේ..ඔයත්.."

"මන්..මන් හිතුවේ...මන් ඔයාව විශ්වාස කරා සීයේ.."

"මන් ඇයි මෙච්චර පව්කාර.."

"දගලන්නැතුව ඉන්නවා ටිකක්..තමුන් දැන් ගියොත් හැමදෙයක්ම විනාසවෙයි.."

තවත් විනාස වෙන්න දෙයක් නෑ කියලා මට කියන්න හිතුනත්..මෙතන මාව තෙරුම් ගන්න පුලුවන් කවුරුත් නැ කියලා මට තේරුම් ගියා..

"කො අපෙ මනමාලයා..එන්න එන්න..මනමාලි ගාවින් වාඩිගන්න.."

"පොඩ්ඩක් ඉන්න අන්නපූර්නා..මන් කිව්වෙ මෙ කසාදෙ වෙනවා කියලා විතරයි..කවුරු කාත් එක්කද කියලා කිව්වෙ නෑනෙ.."

"තාත්තෙ ඔයා මොනවද මෙ කියවන්නෙ.."

"මහප්පෙ.."

"ශ්ශ්ශ්..සද්ද කරන්නෙපා..ඔයාලට ඕනි පවුල් දෙක එකතු කරන්න..එහෙමනෙ..ඒක තමයි මාත් දැන් කරන්න හදන්නෙ.."

" අපි කතා කරාවගේම මෙ කසාදෙ වෙයි..සප්ත බදිනවා..එයා බදින්නෙ එයා කැමති කෙනාව.."

"මොන විකාරයක්ද මහප්පෙ ඔයා මෙ කියන්නෙ..මගෙ දුව ඇරෙන්න මෙ පවුලෙ කවුද ඉන්නෙ පවුල් දෙක එකතු කරන්න පුලුවන් එක්කෙනෙක්.."

"එක්කෙනෙක් ඉන්නවා..එයා දැන් එයි..අපි එතකම් ඉවසිමෙන් බලන් ඉමු.."

ඒ ගමන සීයා මොන විකාරයක්ද මෙ කියවන්නෙ..එයාලා නාට්‍ය රගපාද්දි මන් ප්‍රේක්ෂකයා වගේ බලාගෙන ඉන්නවා..ඩිරෙක්ටර් සියාපප්පා වෙද්දි මීලග කොටසින් මොකක් වෙයිද කියලා හිතාගන්න බැරුව මන් ඉන්නවා..

දැනුයි මට මීටර් වුනේ..අර අනිත් පැත්තෙ වාඩිවෙලා ඉන්න මනුස්සයාගෙ එහාපැත්තෙ ඉන්නෙ..ඒ එයා..එයා තමයි සුදු අයියාගෙ තාත්තා..ඔව් ඒ එයා තමයි..එයා මොකද මෙතන කරන්නෙ..

"හෙලො ගායිස්..මන් පරක්කුද..දැන් තමයි හොදම හරිය පටන් ගන්නෙ..මන් හරිනේද සීයෙ.."

මොකක් අවිනාෂ්..මෙ ලමයා මොකද්ද මෙතන කරන්නෙ..අනික සීයා..එයා එක්ක..

"පොඩි මෑන් ඔයා පරක්කුයි.."

"ඌප්ස් සමාවෙන්නොනෙ සීයෙ..සුදු අයියේ ඇයි මෙ යකෙක් දැක්කා වගේ..මෙ මම ඔයාගෙ අවී.."

තමාලයා කොහෙන්දො මන්දා ඇවිත්  එ අස්සෙන් මගෙ කනට කරලා කියනවා මුන් ඔක්කොම නෑදෑයො මල්ලි කියලා..වෙන වෙලාවකනම් හිනායන්න තිබ්බා..එත් දැන් ෆුල් සීරියස් පිට ඉන්නෙ...

"අවිනාෂ් ඔයා.."

"නැ නැ මන් ඔයාගෙ අවී..නේද සීයේ..සීයා නෙමෙ මී සීයා.."

"අවිනාෂ් තමුන් මොකද මෙතන කරන්නේ.."

එ කෑගැහුවෙ අයියාගෙ තාත්තා..

"ඔහ් ගෝඩ් ග්‍රෑන්ඩ්පා..මට ඔයාව අමතක වුනා ඒයි..හව් හව්..ඉතිම්.."

මොකක්..ඇයි මේකා එයාට ග්‍රැන්ඩ් පා කියන්නෙ..තමාල් මගෙ දිහා බැලුවෙ වට්ද පක් වගෙ බැල්මකින්...

"සුදු අයියේ..සීයාපප්පේ එහෙනම් කසාදෙ තීන්දු කරමු නේ.."

"මොකක්!!!.."

"ශ්ශ්ශ්..සුදුඅයියේ කෑගහන්නෙපා අනෙ.."

"තාත්තෙ කවුද මෙ පොඩි එකා..මොනාද මෙ කියන්නෙ.."

"මහප්පේ.. ඇයි මේ කවුද මෙ.."

"යොහ් සීයාපප්පෙ..මෙයාලා කෑගහනවා වැඩි..ඔයාම කියන්න එහෙනම් මගෙයි සුදු අයියාගෙයි කසාදෙ ගැන.."

මොනාද දෙයියනෙ මට මෙ ඇහෙන්නෙ..මගෙ කනේ දෝසයක්ද..මෙ කොල්ලාට අමුකැවිලද..තමාල්ගෙ කට කකුල් දෙක ගාවට ඇරිලා..තාත්තා පපුවට අත තියාගත්තා..නැන්දා කලන්තෙට ඔන්න මෙන්න..මාව නිකම් කරකවලා අතෑරියා වගේ...මෙයාලා විහිලුවක්ද කරන්නෙ..මේක එච්චර හොද දෙයක් නෙමෙයි...

"අවිනාෂ් මොකද්ද මෙ විකාර.."

"විකාරයක් නෙමෙ සුදු අයියේ මේක අපේ කසාදෙ.."

"විහිලුකරනවද කොල්ලො.."

"අයියාව බදින එක මට විහිලුවක් වෙන්නෙ කොහොමද..ම්ම්ම්.."

මේක නිකම් කබලෙන් ලිපට ඇදලා දැම්මා වගේ දෙයක්නේ..මෙ පොඩි එකාට දහ අට ලැබුවා විතරයි..නැ නැ මෙයාලා විහිලුවක් කරන්නෙ..එත් මෙ විහිලුව ඇස් රතුවෙන විහිලුවක්..මේක ඇත්තක්නම්..නැ එහෙම වෙන්න බෑ..මට මෙතනිම් පැනලා යන්න ඕනි..තව ඉදියොත් මොන විනාසයක් වෙයිද කියන්න දන්නෑ...

මන් උපරිම ශක්තිය අරන් මගෙ වෙව්ලන කකුල් දෙකට බර දීහා එතනිම් දිව්වා...මගෙ පස්සෙන් කවුරු එනවද කියලා හැරිලා බලන්නවත් මහන්සි නොවී දිහටම දුවන් ආවා..කට්ටිය මගෙ නම කියාගෙන දුවන් එනවා..තමාල්ගෙ කටහඩත් මට ඇහුනා..මන් එත් නතර නොවිම දුවන් ආවා..ඇස් වලින් කදුලු පෙරාගෙන කට්ට කලුවරේ මහාපාරෙ දුවන් යද්දි යන්නෙ කොහෙද කියලාවත් නොදැන මන් දිව්වා..මන් දුවාගෙන යද්දි පැත්තකින් ආපු ලොකු එලියක් මගෙ දිහාවට එද්දි මන් නැවතිලා ඇස් වහගත්තා.....

මන් හිතුවෙම මගෙ අවසානෙ කියලා..එත් කොහෙන්දො මන්දා ආපු අත් දෙකක් මාව ඇදලා අරන් තුරුල් කරගත්තා...එයා මට කතා කරා..එයා කිව්වෙ...

"මනමේකල.."

"ඔයි සප්තයෝ..නැගිටපම් බල්ලෝ.."

"නිවාඩු දවසෙවත් කොහෙ හරි යමන්..බල්ලො.."

"අනෙ නැගිටපම් වේසාවෝ..."

තමාලයාගෙ පා පහරෙන් මන් ඇදෙන් බිමට වැටුනා..මන් මොකද්ද එ දැක්කෙ..කවුරු හරි මට කතාකරා..එච්චරයිනේ මතක..ශික් මෙ අවුරුදු පහටම මන් දකින එක හීනයක්වත් මට මතක හිටින්නැති හැටියක්..

"මොකද බල්ලො වද දෙන්නෙ.."

"දහයත් පහු..නැගිටපම්..ආන් සීයා උබට එන්න කිව්වා..වරෙම් යන්න.."

"අනෙ ඔයි අද නිවාඩු දවසනෙ.."

"නිවාඩු හන්දා තමා බල්ලො මන් උබට කිව්වෙ  උදෙන්ම මෙ ගුහාවෙන් පනිමූ කියලා..කොහෙද පැය දෙකක් තිස්සෙ උබව නැගිට්ටවනො මැරිලාවගේ තෝ බුදි.."

උඩින් පල්ලෙම් මූන හෝදගෙන දතුත් මදින්නැතුවම සීයාව හම්බෙන්න ගියා..මන් යද්දිම මගෙ ගඩාපි පැටියා 3D ඉන්නවා..අනෙ වස්තුවෑ..කුචි කුචි සොෆ්ට්..මේකාව හුරතල් කරන්නත් වුන්නෑ මේ ටිකේම..අනෙව්ව් මගෙ හුරතලේ..එ තෙත නහයට චොක් ගාලා උම්මියක් දීලා පල්ලෙහාට ගියා..

"ගුඩ්මෝනින්ග් සීයේ.."

"සුබෝදෑසනක් සීයා පප්පෙ..කන්න මුකුත් නැහ්??.."

"ම්ම් ගුඩ්මෝනින්ග් ඉලන්දාරියො දෙන්නාටම..අද නිවාඩු නිසා ටිකක් නිදාගන්න දුන්නෙ මම...එන්න මෙහෙම්ම breakfast එක ගමු.."

"අන්නෙව්වා හොද වැඩ සියෙ..යම් යම්..යකෙක් කන්න බඩගිනී.."

සීයා පප්පාගෙ දිග කෑම මේසෙ අපි තුන්දෙනා විතරක් ඉදියට ඒකෙ ගමකට කෑම තිබ්බා..තමාලයනම් හැම එකෙන්ම බෙදාගෙන කද්දි සීයා සසරකල කිරුන මූඩ් එකකින් අහක බලාගෙන කන්න ගත්තා..

"සප්ත.."

"සීයේ.."

"දවල්ට මාත් එක්ක ගමනක් යන්න තීනවා..ලැස්තිවෙලා ඉන්න.."

"ඈ සීයා පප්පේ මාත් එන්නොනෙද ඒයි.."

"නැ තමුන් අනවශ්‍යයි.."

ඒකට නම් තමාලයගේ මූන මැලවිලා ගියා...

"ම්හුක් හා ඉතිම්.."

"තමුන්ට පුලුවන් හෙට තීන පාටි එකට එන්න..සප්ත දෙක වෙද්දි පහලට එන්න.."

"සා වෑව්..පාටි පාටි යේහ්..මරු මරූ.."

"හරි සීයේ.."

සියා පප්පා මාව එක්කන් ගියෙ අවිනාෂ්ගෙ ගෙදරට ඉස්සරහා තිබුන විශාල මැදුරට..අපි මොකද මෙහෙ කරන්නෙ..ගෙට ඇතුලු වෙද්දිම මන් දකින්න අකමැති හැමෝම එතන ඉදියා..හැමොම වාඩිවෙලා ඉදියෙ ලොකු මෙසෙක වටේට..එක පැත්තක අපෙ පවුලෙ අය වාඩිවෙලා ඉද්දි අනිත් පැත්තෙ වාඩිවෙලා ඉදපු අයව මන් මිටකලින් දැකල තිබුනෙ නෑ..එ අතර දවසක් තමාල්ගෙ ගෙදර ඉද්දි සුදු අයියාව බදාගත්ත කෙල්ලත් වාඩිවෙලා  ඉදියා..මේක මේ විදියටම කලින් සිද්ද වුනා වගේ දැනෙන්නෙ ඇයි මට..හරි අමුතුයි...

"ඉලන්දාරියා..මෙතන ඉන්න අපහසුයිනම් එලියට වෙලා ඉන්න පුලුවන්.."

"තාත්තෙ එයා-.."

"මෙතන වැඩ සිද්ද වෙන්නොනෙ කාගෙ කීමට ද කියලා අමතකවෙලා වගෙ තමුන්ට..පොඩි මෑන්..එලියට ගියානම්.."

"හා සීයේ.."

මාව එලියට යවලා සීයා එතන තිබුන ලොකු පුටුවෙන් වාඩිවුනා..සැක් ඉදියනම් කතාවෙන්නෙ මොනාද කියලා අහගෙන ඉන්න තිබුනා..එලියෙන් තියන්න නම් එක්කන් ආවෙ මොන මගුලටද..

සීයාගෙ ගෙදර වගෙම ලොකු ගෙයක් මේක..ලොකු ගෙවල්.දැකලම දැන් මොලෙත් කරවෙලා වගේ..මෙතන ඉදලා වැඩක් නැති නිසා අවි කොල්ලාගෙ ගෙවල් පැත්තට ඇවිදගෙන ගියා..

සිකියුරිටි එකෙ ඉදපු මනුස්සයා මාව අදුරගත්ත නිසා ඇතුලට යාගන්න  ලේසි වුනා..ගේට් එකෙන් ඇතුලට ආවට පේනතෙක් මානෙක මනුස්ස පරානයක් නෑ..මෙහෙට ආව එකෙනුත් වැඩක් නැ වගේ..මන් හැරිලා යන්න හදද්දිම දැක්කෙ රතු රෙද්දක් පෙරවගත්ත මනමාලියෙක් වගෙ බැබලි බැබලි ඉන්න ලොවි ගහක්..ලොවි කොච්චර කෑවත් පෙරේතකමනම් යන්නෑ..අවියත් නැති එකේ ලොවියක් හරි තිබ්බානෙ..

ගහ යටට ගිහින් එ හරියෙ කෝට්ටක් පේන්න තිනවද කියලා බැලුවා..ආසාවට කෙක්කක් නැ..ගහත් හොල්ලන්න බැරි තරම් විශාලයි..මේ කොල්ලත් පේන්න නැනෙ..ගහට නගින්න බැ ඇදන් ආපු ඩෙනිම නිසා..සුදු ඩෙනිමෙ ජරාව ගෑවුනොත් ඉදලා ඉවරයි..

බැරිමතැන අර යක් පැටියට කෝල් එකක් ගත්තා..දෙවනි සැරෙ රින්ග් වෙද්දිම පොර ආන්සර් කරා..

"හෙලො..කොල්ලො..මේ පල්ලෙහාට වරෙම්කො.."

"මොකක්..මොනාද සුදු අයියේ කියවන්නෙ.."

"අනෙ නිදිද බන්..මල් යහනෙන් බැස වරෙම්කො බකමූනෝ..මන් මෙ පල්ලෙහා.."

"බීලද අයියේ..උදේම කියවන්නෙ මොනාද ඔයා.."

"මන් බීලා නැ හලෝ..දැන් උදේ කියන්නෙ උබද බිව්වෙ මමද..ඒකනෙමෙ පහලට එනවකො ලොවි ටිකක් කඩාගන්න.."

"අනෙ සුදු අයියේ ප්ලීස් අප්පා..හිනෙනුත් ඔයා ඇවිල්ලා මගෙ ඔලුවට ටෝන් ගාල ගහපු පාර ඇදෙනුත් වැටිලා ලෙප්ට් වෙලා ඉන්නෙ..මෙ තාම නිදිමරගාතෙ මන් හිතන්නෙ.."

"හිනෙන් නෙමෙ යකො මන් හැබැහින් ආවෙ..මෙ පල්ලෙහා ඉන්නෙ වරෙම්කො කොල්ලො..උබ ඕන්නෑ කෙක්කක් එවපම් මට.."

"ඕන මගුලක් කරගනිම් සුදු අයියේ..මට බෑ..ඕන්නම් පල්ලෙහා චූටි බාප්පි ඇති..එයාගෙන් ඉල්ලගන්න.."

"ආ දැන් උබ එහෙමයි නේ...එහෙනම් උබ එන්නෑ එකියන්නෙ..මන් මේක ලේසියෙන් අතාරින්නෑ..උබ එන්නෙම නැද්ද ආ..හෙලෝ..හෙලො..කට් කරා නේද යා සෙක්කියා..........ලොන්ත පොලොස් කොට්ටෝරුවා.....ශික්.."

කට් කරානෙ මේකා..වරෙම්කො සුදු අයියේ අර අයියේ ගාන්..උබ නාවත් මන් අද කඩාගෙන මිසක් යන්නෙ නෑමයි..ඉනිමගක්වත් නෑනෙ..මගෙ වෙලාවෙ හොදකමට ටිකක් එහාට වෙන්න තිබ්බ රේක්කයක් දැක්කා..

යුරේකා..ඔය තීන්නෙ..දුවල ගිහින් ඒකත් අරන් ඇවිල්ලා කඩන්න බැලුවා..ඒක උස මදි අප්පා...එහෙමයි කියලා මෙ සප්ත සැලෙනවද ආ..නෑනෙ..උඩ පැන පැන රේක්කෙ වැනුවා..ලගින් යනවා වැදෙන්නෑ..අනෙ මෙවන් දුකක් වනෙ වන හතුරෙක්ටවත් නොවේවා.....

මට අමතක වුනානෙ ස්කොලෙ කාලෙ හෙල්ල විසිකරලා මන් 1st place ආවා කියලා..වෙලාවෙ හොදකමට මගෙ ප්‍රඥාවන්ත නුවණට ඒක දැන් මට මතක් වුනා.. අඩි දෙක තුනක් රිවස් එකට ගිහිල්ලා දුවගෙන ඇවිත් රේක්කෙ විසික් කරා..රේක්කෙ වැදුන පාර ගහෙන් පැත්තකට තිබුන ගෙඩි ටික බිම..රේක්ක තාප්පෙන් එහාට ගිහින් අල්ලපු වත්තට වැටුනා ඒක වෙනම කතාවක්..ෆයිනලී මට ඔනි ටික වුනා...

කලිසමේ කහට ගාගන්නැතුව පරීස්සමට ගෙඩිටික ඇහිදිද්දි පිටිපස්සෙන් කවුරු හරි එන සද්දයක් ආවා..ආ උබ දැන්ද එන්නෙ..වරෙම්කො ඉල්ලගෙන දෙන්නැ බොට ඇටයක්වත්..

"යසයි පොඩි බේසිකයා..පෙරහැර ගියා උබ එද්දි..දැන් පත්තුවුන රතිඤ්ඤා ඇහිදපම්.."

"ඉල්ලන්න එපා ගෙඩියක්වත් දෙන්නෙ නෑ හරිද.."

"කෝල් කරලවත් ගෙන්න ගන්න බැ..වැඩක් නැ උබෙන්..යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ආ..මොකද ගොලු බෙහෙත් බිව්වද..වරෙම්කො මට සුජු අයියේ ගාන්..බලන්නැ ඇහැක් ඇරලා.."

මං ලොවි ටිකත් ශර්ට් එකෙ මල්ලක වගෙ ඔබන් පස්සෙන් පස්සට ඇහිදන් ඇවිත් හිටගත්තා විතරයි මෙකා මගෙ පිටිපස්සෙන් අත්දාලා මාව උස්සලා කැරකෙව්වෙ නැතැයි...

"යා...යා....පොඩි මෝඩයා..මාව අතෑරපම්.."

"කැරකිල්ල වගේ කොල්ලො.."

"මාව බිමින් තියපම් යකෝ..."

"ඔල්මාදෙද තොට..ආආආ අනෙ යකො ගෙඩි ටික.."

"ආආආ....අතෑරපම්..ගෙඩි ටික හැලුනා..තලනවා උබෙ අහවල් එක..තියපම් මාව..මන් උබේ ගුරා යකෝ.."

"පට්ටමට ගරු කරපම් අඩො..වමනෙට වගෙ බම්ලෝ..කැහ් කැහ්.."

මාව දහපාරක් විතර කරකවලා බිමින් තියලා එ මදිවට මාව පිටිපස්සෙන් බදාගත්තා..ඇස් ඇරියා විතරයි ලොවිගහා මා වටා භ්‍රමනය වෙලා මන් ලොවි ගහා වටා පරිභ්‍රමනය වෙනවා වගෙ ෆීලින්ග් එකක් දැනුනා..එ අස්සෙන් අවියගෙ ගෙ පාවෙනවා වගෙත් දැක්කා..කුරුල්ලො බිම බඩගාද්දි ගස් ටික පාවෙවී යද්දි මගෙ බඩ ඇතුල කැලතීගෙන එනවා දැනුනා..

තප්පර ගානක් ගියා මන් හරි සිහියට එන්න..මුට මදනයා හොදවැයින් එකකින් ගහලා තීන්නෙ..එ මදිවට මගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගෙන ඉඹ ඉඹ ඉන්නවා..අඩො මන් අන්සතු දේපලක්..මගෙ ඉන වටේ ඔතන් ඉන්න එ අත් දෙක අයින් කරද්දි ඒකා තව තදට මාව මිරිකනවා..බොකුත් එලියට පනිනවා..මේකාගෙ අත් මෙච්චර තඩි වුනේ කෝමද..

"පොඩි එකො මාව අතෑරපම්.."

"මට දැන් සාතන් ආවේස වෙලා ඉන්නේ.."

එ අත් වංගෙඩි බාග දෙකක් වගෙ මගෙ ඇග වටේ තියෙද්දි මන් තරහටත් එක්කම හයියෙන් හැපුවා..මේකා ඒත් ගානක් නැ වගෙ ඉන්නවා..සංවේදන මැරිලා ගිහින්ද..මන් එ අතට තඩිබාගෙන යද්දි මෙකා මාව සකබබරෙ වගෙ කරකවලා අරන් පපුවට ඔබාගත්තා..

"උබට මාව අදුරගන්න බැරිවුනාද වස්තු.."

මට ඇහුනෙ එච්චරයි..මගෙ වටේම නිහඩවෙලා ගියා..එ තුරුලෙ ඉන්නැද්දි මට ඇහුන එකම හඩ එ හද ගැස්ම...

ලබ් ඩබ්..

ලබ් ඩබ්..

ලබ් ඩබ්..

මෙ අවුරුදු හය පුරාවටම මන් අහන්න ආසාවෙන් ඉදපු ඒ හඩ..අනේ මට ඒක ආයෙම ඇහුනා නෙද..මට මාවම විශ්වාස නෑ..එ පපුවෙ උනුහුම..අදටත් එ විදියමයි..අනෙ මෙ උනුසුම නැතුව මට පිස්සු හැදුන්නැති ටික විතරයි..එයා ගාවින් එදා වගේම අදත් ආවෙ මන් ආදරෙ කරපු..මට අදටත් අමතක කරන්න බැරි එ පිච්ච මල් සුවද..එ සුවද..අනෙ මගෙ ඇස් වලින් කදුලු හොගාලා ගලනවා..මන් හිතුවෙ අඩලම ඇස් හිදිලා ගියා කියලා..කොහෙ තිබුන කදුලුද දන්නෑ..ඉවරයක් නැතුව ගලාන යද්දි මට හයියෙන් ඉකි ගැහුනා..මගෙ උපරිම යොදලා පුලුවත් තරම් තදට මන් එයාව බදාගත්තා..අනෙ ආයෙ මාව දාලා යන්නෙපා මගෙ දෙයියෝ..තවත් නම් උහුලන්න බෑ..මේක හීනයක් වෙන්නෙපා කියලා මන් පාර්තනා කරනවා..මෙ තුරුලෙන් ඈත් වෙලා ඔය මූන බලන්නත් බයයි අයියේ..මන් ඈත් වෙන ටිකට ඔයා මාව දාලා ගියොත්..මන් ආයෙම තනිවෙයි..මට බෑ..ඔයාට යන්න දෙන්න බෑ..මට ඔයාව නැතිකරගන්න බෑ..මන් වැඩිහොදටත් එක්ක කකුල් දෙකත් එයාගෙ වටෙ ඔතාගෙන එ ඇගෙ එල්ලුනා..මාව ලිස්සලා යන්න හදද්දි එයා මගෙ රාජ පස්සට අත තියලා මාව උස්සලා වඩාගත්තා..

එ බෙල්ල වගෙ අත් යවලා හිමිට එ පපුවෙන් මූන අරන් එයා දිහා බැලුවා..

අනෙ එයා ඇත්තටම ඉන්නවා..මන් කලින්ටත් වැඩිය හයියෙන් කෑගහලා ඇඩුවා..අද මගෙ ඇස් වලින් වැටෙන්නෙ සතුටු කදුලු..අවුරුදු ගානක් බලාපොරොත්තුවෙන් ඉදපු එ මූන ආයෙත් මගෙ ඉස්සරහා තියෙද්දි මන් මැරිලා ඉපදුනා වගෙ හැගීමක් දැනුනා..මගෙ අත් දෙකෙන් හිමීට එ මුන දෙපැත්ත අල්ලලා බැලුවා..නැ මායාවක් නෙමෙ..අයියෙ ඔයා මෙතන ඉන්නවා..මට පිස්සු වගේ..අතෝරක් නැතුව මන් එ මූන සිපගත්තා..එක අංශුවක් නෑරම එ මූනෙ හැම අගලක්ම සිපගත්තා..මගෙ කදුලු කෙලවලින් එ මූනම නෑවුනා..අනෙ එයා හිනාවෙවි බලන් ඉන්නවා..එ ඇස් වලත් කදුලු..මාව මැරෙන්න වගේ..යොවුන් කියනවා වගේ මන් දැන් ස්ඵෝථනය වෙයිද දන්නෙත් නැ..

"අනේ..අනෙ අයියේ..මෙ ඔයාමද දෙයියෝ.."

"අනෙ කියන්න..කියන්න මේක හීනයක් නෙමෙයි කියලා.."

"අයියෙ කතා කරන්නකො..මට පිස්සු වගේ..මෙ ඔයාමද.."

"ඔව් වස්තු..මන් ඔයාගෙ සුදු අයියා.."

"අනෙ..අ.අයියෙ..කො.කොහෙ.ද..දෙ.යියො..ගි.හින්..ඉදි..යෙ..ම..න්...මන්..කො...ච්චර..බ..ලන්..ඉදියද..මන්..අ..නේ  මන් හි..හි..හිතුවෙම..ම..ට..මට..ඔ..යාව..ආයෙ..ම.ආයෙ..ම..."

"ශ්ශ්ශ්ශ්...ඔය ඇඩුවා මදිද මැණිකේ..ආයෙ ඔයාට අඩන්න වෙන්නැ..ශ්ශ්ශ්ස..කො ඉතිම්..මන් ආවානෙ.."

මට කෑගහලා අඩන්න ඕනි..අනෙ දෙවියනේ..එයා..එයා ඇත්තටම ඇවිල්ලා..ඒ මූන..එ කටහඩ..එ හුස්ම..උ උනුහුම..එ සුවද..මෙ ඔක්කොම මට මෙ අවුරුදු ගානටම මගෑරුනා..මන් ජීවත් වුනේ මැරුන මනුස්සයෙක් ගානට..මන් හිතන්නෙ මේක තමා මගෙ නැවත ඉපදීම..මනුස්සයෙක් දෙපාරක් ඉපදෙනො කියලා කතාවකුත් තීන්නෙ..

මට නටන්න තරම් සතුටුයි..අනෙ මට කෑගහන්නෝනෙ..මන් සතුටටම මැරෙයිද දන්නෙ නෑ..අනෙ එයා තවත් ලස්සන වෙලා..ටිකක් උසත් ගිහිම්..එ පපුව..තවත් පලල් වෙලා..එයා ගාව ඉද්දි මන් පොඩි එකෙක් ගානට පේන්නෙ..ඉස්සර ජිනික්ස් කියලා මන්ගා එකකුත් තිබ්බා ඒකේ ටොප් වගේ නිකම්..ආආආආඅර්ග්ග්ග්ග්ග් මට සතුටුයි..මැරෙන්න සතුටුයි..අනෙ දෙවියනෙ මෙ සතුට මගෙන් ඈත් කරන්න එපා..

එ වුනාට මට තරහයි..මෙ සම්බන්දෙ ඉවරයි කියලනෙ මෙ මනුස්සයා යන්න ගියේ..දැන් ඇවිල්ලා මාව තුරුල් කරන් ඉන්නවා..එව්වා කොහෙද මන් එක්ක..ක්ශනික ඇතිවුන කේන්තිය නිසා මන් එයාගෙ දකුනු උරහිස හයියෙන් හැපලා බිමට පැන්නා..

"ආව්...මොකද වස්තු හපාකන්නෙ.."

"වස්තු..කවුද වස්තු..මෙහෙ ඇති වස්තුවක් නෑ.."

"ඇයි ඇයි දැන්..ඔහොම බැලුවා කියලා මන් රැවටෙන්නෑ..එ ගොනා වික්කා.."

"කලින්ට වඩා හුරතල් වෙලා.."

"කවුද මම..නැ නැ.මෙ ඕවට එන්නෙපා..මන් හුරතල් නැ හරිද..මන් බදින්න ඉන්නෙ හෙට අනිද්දා..අනික කොල්ලෙක්ට හුරතල් ගැලපෙන්නැ.."

"ඇත්තද..එ වුනාට මගෙ වස්තුට ගැලපෙන්නෙම හුරතල් කියන වචනේ තමයි.."

"කවුද කවුද ඔයාගෙ වස්ශ්ශ්හ්ස්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..."

මට කියන්න හම්බුනේ එච්චරයි..එ රලු දෙතොල්..අවුරුදු හයකට පස්සෙ..ආයෙත් මට එ තොල් වල පහස විදින්න පුලුවන් වුනා..මෙ තොල් මට කොච්චර මිස් වුනාද..අනෙ මට ආයෙම ඇඩෙනවා..දුකයි සතුටුයි මිශ්‍ර වුන හැගීමක්..තරහට මන් එයාගෙ තොල් හපාකෑවා..මට ඕන දෙයක් කරන්න ඉඩදීලා එයා බලාගෙන ඉදියා..මන් එ තොල් කෑවා...හැපුවා..ලෙවකෑවා..දත් වලින් ඇද්දා..එක එක විකාර කරා..ඔය ඔක්කොම කරෙ අඩ අඩ..මගෙ හොටුත් බේරෙන්නැති..ලුනු රහකුත් ආවා..එව්ව්ව් එයාටත් කැවුනද මන්දා...කමක් නැහැ..ඒක තමයි දඩුවම

එ තොල් වලින් මෑත් වෙද්දියි දැක්කෙ..මගෙ නියපොතුවලට මූනත් හීරිලා..තොල් රතූපාටයි ලොවි වගේ..මන් ආයෙම එ ඇගෙ එල්ලුනා..අනෙව් මට මිරිකලා දෙකට තුනට නවලා සාක්කුවෙ අස්සෙ ඔබාගන්න හිතෙනවා සීයාපප්පේඒඒඒඑ....

"බාප්පේ..."

"චුටි බප්පි ඔයා කොහෙද.."

"බාප්පේ.."

හැ හුටා..අවිනාශ් නේද..මන් දඩි බිඩිගාලා අයියාගෙ ඇගෙන් බැහැලා ඈත්වුනා..

අර එන්නෙ මහා උන්දා..තාම නිදි ඇදුම පිටින්..රෙද්දකුත් ඔලුවට පෙරවන්..එව්ව්ව් ඇස් කස කස එන්නෙ..කබත් අයින් කරනො එව්ව්ව්..ඒ ඒ කොහෙද මේ දුවන් එන්නෙ..යාඅ...මේන් මේකා මගෙ මනුස්සයාගෙ ඇගෙ එල්ලුනා...

"බාප්පි..මන් ඔයාව හැම තැනම බැලුවා අනෙ.."

මේකා යකො..ඇගෙ එල්ලුනා මදිවට මගෙ මනුස්සයාගෙ බඩටත් ඇන්නා..පොඩ්ඩක් ඉන්න මොකක්..

"බාප්පා.!!!!!!!!!!!"

"ඔහ් ශිට් සුසුසුසු සුදු අයියෙ..."

"හැ සිරාවටම මෙ ඔයාද..ඔහ් නෝ.."

"එ අවිනාෂ් ඔහොම ඉන්නවා කොහෙද ඔය දුවන්නෙ..අඩෝ කොල්ලෝ.."

එකා යකෙක් දැක්ක ගානට බය වෙලා උසේන්ට් බෝල්ගෙ ආච්චි වැහුනා වගේ දුවන් ගියා..බාප්පා..මොකක්..මගෙ මනුස්සයාගෙ ලමයෙක්..

"අයියේ..එයා කිව්වෙ බාප්පා කියලද.."

"ම්ම්ම් ඔව් වස්තු.."

"අයියේ මන් නැති ටිකට තමුසෙට ලමයෙකුත් ඉදියද..මට ආරන්චි වුනා තමුන් බැන්දා කියලත්..කොහොමද ඔයා මට මෙහෙම කරෙ..ඔයා බැන්දෙ ලමයෙක් ඉන්න ගෑනියෙක්වද..ඔයාට ලමයෙක් ඕනි වුනානම් මන් අරන් හදාගන්න හරි දෙනවනේ.."

මෙන්න යකො ඒගමන මෙ මනුස්සයා බඩ අල්ලන් හිනාවෙනො..යකො හිනාවෙන්න දෙයක්ද මන් කිව්වෙ..

"දෙයියනෙ මගෙ වස්තුව..ඔයා තාමත් ඉස්සර වගේමයි..මොලේ වැඩිලා නෑ.."

"අනෙ මෙ එන්නෙපා ඕවට..කවුද ඒකා..ඔය ඇටයා මට කිව්වෙත් නෑ මේක ගැන.."

"එ අවිනාෂ් වස්තු..මගෙ ලොකු අයියාගෙ පුතා..ඔයාට මතක නැද්ද අර එදා වෙඩින් එකේදි මෙයා ඉදියා..එතකොට පොඩි..ම්ම් මතක නැතුවත් ඇති.."

"මට..එ කාලෙ වෙච්ච දේවල් ආයෙම මතක් කරන්න ඕනි නෑ.."

"ම්ම්ම් හරි අපි යමු.."

"කොහෙද..අනෙ අයියෙ..කොහෙද යන්න හදන්නෙ ඔයා.."

"මන් විතරක් නෙමෙ මැනිකෙ ඔයත් යනවා එන්න..ඉස්සරහා ගෙදරට යන්නෙ.."

"ම්ම්මොකක්..බැ..අනෙ අයියේ..එයාලා ආයෙ ඔයාව මගෙන් ඈත් කරයි..බැ බැ..අනෙ දෙයියෝ එහෙට යන්න බෑ..අපි යමූ..අනෙ අපි දෙන්නා වෙන් කොහෙ හරි ගිහින් හැන්ගෙමූ.."

"ශ්ශ්ශ්ශ්..කො කලබල වෙන්නෙපා වස්තූ..අපි හැන්ගුන කාලෙ ඉවරයි..කාටවත් බෑ දැන් අපිව වෙන් කරන්න..කො එන්න යමු.."

"බෑ බෑ..අනෙ අයියේ.."

"බාප්පේ..සුදු අයියේ.."

එයා මාව එක්කගෙන ඉස්සරහා ගෙදරට යන්න හදද්දි මන් බෑම කිව්වා..එ මිනිස්සු අපි දෙන්නාව ආයෙ වෙන් කරයි..මට බැ ඔයා නැතුව ආයෙත් දුක් විදින්න..අනෙ අයියේ මට බෑ ඔයාව නැතිකරගන්න..

ඒත් එක්කම එතනට අවිනාෂ් ආවා..

_________________

හෙලො ලමයි😌❤️‍🔥

මිහිරාව ආවා 😌❤️‍🔥

ඒත් එක්කම වසන්තෙත් ආවා 😌

සප්ත අවියාද බදින්න ගියා කියලා කලබල වුන ලමයි මේ පැත්තට...👉

ම්ම්ම් සමාපාද ත්‍රිකෝනෙක හැගිමක් දැනෙනවා👉👈

ආයෙම එන්නම්....

ආදරෙයි❤️‍🔥😌

ස්තුතියි හැමෝටම..මට ඔයාලගෙ අදහස් හුගක් වටිනවා ලමයි🥺❤️‍🔥

_Gojo_

Share This Chapter