Back
/ 52
Chapter 47

Chapter 47

දෑගිලි ✔( complete )✨

තිනෙත්‍රගෙ දින සටහන්

ඉඩෝරය පහුකරගෙන වසන්තය එනවා වගේම එ ආපු වසන්තයත් දවසක ආයේ අපිව තනිකරලා යන්න යනවා..ඒක ලෝක ස්වභාවය..ජීවිතේ සුන්දර කාලවකවානු නිමාවී කර්කෂක කාර්තුවලට මුහුණ දෙන්න අපිට හුරුවෙන්න වෙනවා..

ගෙවන්නම් වාලෙ ජීවතය ගතකරපු මගේ ලෝකෙට පායපු පුංචි හිරුකුමාරයා මන් නොහිතපු විදියට මගේ ජිවිතය එළිය කරා..සහෝදරයන්ගෙන් ඇරුනම දෙමාපියන්ගෙන්වත් හරියාකාරව හම්බුනෙ නැති ආදරය, සෙනහස මට එ පුංචි කුමාරයා ලබාදුන්නා..මගේ ජිවිතේ හුස්ම ගැනීමෙ අයිතිය හැර අනික් හැම දෙයක්ම පාලනෙ කරෙ මගෙ පවුලේ මුදුන් මූලයන්..මන් එයාලගෙ අතෙ නැටවෙන රූකඩයක් කියලා විතරයි මන් දන්නෙ..පොඩි වයසෙන්ම වගකීම් දරන්න සිද්ද වෙන එක හිතන තරම් සරල නැහැ..තනියෙන් ජීවත් වෙන්න ඇවිත් හැමදේම හරී කියලා හිතන් ඉදියත් හිතුව තරම්වත් දෙයක් එතන තිබිලා නැහැ..

මගෙ පුංචි හිනා කුමාරයා..එ හිනාව ඉනාවක්..මන් ගාව හුරතල් වෙලා කෝලම් කරන මගෙ පුංචි ජීවියා..හම්බුන ටික කාලෙට මගෙ මුලු ජීවිතේම වුනා කිව්වොත් හරි..ජීවිතෙදි මනුස්සයෙක්ට ඕනි මොන තත්වෙදි උනත් නිවෙන්න පුලුවන් උනුසුමක්..මට හම්බුන හොදම හමුවීම..මගෙ comfortable zone එක..හිනාවකින් මනුස්සයෙක්ව නිවන්න පුලුවන් අරුම පුදුම මායාකාරයෙක් එයා..මගෙ පුංචි මැජික් බබා..

හැම ආදර කතාවකටම මොකක් හරි නරකකට මුහුන දෙන්න සිද්ද වෙනවමලූ..වේදනාවක් නොමැති හිමිවීමක් මෙ ලෝකෙ නැති තරම්..රෝස මලෙ කටු ඇනුනම අමාරුයි කියලා දැන දැනමයි මන් මල අල්ලගත්තෙත්..එත් මට අමතක වුනා කටුව ඇනිලා දැනෙන වේදනාව දරාගන්න පුලුවන් තරම් ශක්තියක් මට තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න..

අපෙ ආදර කතාවටත් කනකොකා හැඩුවා..මගෙ ජිවිතෙ සිද්ද වුනේන අනපේක්ෂිත දේවල්..එ වෙච්චි දේවල් අතරින් හොද දේකට කියලා තිබුනේ එක දෙයයි..ඒ එයා..මගෙ වස්තුව..වස්තුව කියන්නෙ නිකම් නෙමෙයි මන්..මොකද එයා තමයි මගෙ ජීවිතේ මටත් වඩා වැඩියෙන් වටින එකම කෙනා..නාගයෙක්ට නාගමාණික්‍ය වටින්නෙ කොච්චරක්ද ඊටත් වැඩියෙන් මට මගෙ වස්තුව වටිනවා..එයා වෙනුවෙන් මගෙ ජීවිතෙ සතුට වුනත් කැපකරන්න මන් දෙපාරක් හිතන්නැ..

බලාපොරොත්තු වුනෙ නැති විදිහට එදා තාත්තයි සීයයි මාව හොයාගෙන ආවෙ මගෙ ජිවිතෙ සතුට උදුරගෙන මාව අපායකට තල්ලුකරලා දාන්න බලාගෙනයි..මගෙ ජීවිතෙ මට පේන්නම බැරි මාව පෙන්නන්නත් බැරි මනුස්සයෙක් ඉන්නවනම් එ තමයි ලොකු සීයා..එයා මන් ඉපදුන දවසෙ ඉදන් වෛර බැදන් ඉදපු මනුස්සයෙක්..මන් දන්නැ ඇයි කියන්න එත් කට්ටිය කියන්නෙ නම් එයාගෙ නැතිවුන පුතා මගෙ ලොකු මාමගෙ පෙනුමම මට ඇවිත් තීන නිසාලු එයා මට අකමැති..තව කතාවක් තිනවා එයාගෙ පුතාව මරාගෙනලු මන් ඉපදුනෙ..එ දේවල් මොනා වුනත් මට වගේම එයාටත් අපි දෙන්නාට දෙන්නා නයාට අඳු කොල වගේ රුස්සන්නෑ..

"තිනෙත්‍ර..එනවා පහලට.."

මන් රූෆ් ටොප් එකෙ ඉද්දි වාහනෙන් ඇවිත් එයාලා බහිනවා දැක්කත් නොදැක්ක ගානට අහක බලාගෙන ඉදියා..එ මනුස්සයාව අවුස්සන එකෙන් මට ලැබුනෙ පුදුමාකාර මානසික තෘප්තියක්..ස්නොව්බෝල් හාවාගෙ නාකි වර්ශන් එක වගේ එයා කෑගහද්දි..මන් දන්නවා දවසක එයා මැරෙන්නෙත් මට කෑගහන්න ඇවිත් පපුවෙ නහරයක් පුපුරලා..

එයා මැරෙන දවස අද නෙමෙයි කියලා දැනුන නිසා මන් පල්ලෙහාට ආවත් හරි මන් ලගට කඩාගෙන බිදගෙන ආපු සීයා කන පුපුරලා යන විදියට මගෙ කම්මුල අතගෑවා..තප්පර ගානක් යනකන්ම කන කීං ගෑවා..

"උබේ මුරන්ඩු වැඩ අපි ඉවසන් ඉන්න නිසාද තමුන් ඒ ගමන පවුලට ලැජ්ජ වෙන වැඩ කරන්නෙ ආ..උබට ඕන ඕන විදියට නටන්න මන් ඉන්නකම් ඉඩක් නැ කියලා මතක තියාගනිම්..උබට කෙල්ලෙක් ඉදියෙම නැද්ද කොල්ලෙක් එක්ක හැ'නෙන්න හැදුවෙ..කියපම් බලන්න..උබට බුරුල දුන්න හින්දනෙ මෙ ඔක්කොම..උබ වහාම මෙ දැන්ම ඔය මගුල නතර කරගන්න ඕනි..තේරුනාද උබට.."

"මන් එහෙම කරෙ නැත්තම්..නැත්තම් සියා පපා නැන්දට කරපූ දේම මටත් කරන්න..කමක් නෑ..පවුලක් නැතිවුනාම තව පවුලක් හම්බෙනවනේ.."

"මොකද්ද තමුන්..ආ මොකද්ද කියන්නෙ..සංජීව තමුන්ගේ පුතන්ඩියට මන් කිව්ව දේ ඇහුනෙ නැද්ද අහපන්..නෑ තව මුකුත් කතා ඕනි නෑ..තමුන් මෙ දැන්ම ඔය විකාරෙ නවත්තගන්න ඕනි.."

"මගේ තීරනේ තමයි අන්තිම තීරනේ.."

"මගෙ තීරනෙ තමයි මගෙ අන්තිම තිරනේ..සීයා කියන විදියට මට මෙ සම්බන්දෙ නවත්තන්න බෑහැ..එච්චරයි.."

"ඩෑඩ් තවත් මේ ගැන කතාකරන්න දෙයක් නෑ..සීයට කියන්න තීන්නෙ එච්චරයිනම් එහෙනම් මන් ගියා.."

"පුතා..ඔහොම ඉන්නවා..මේක විහිලු කරන වෙලාවක් නෙමෙයි..තමුන්ට ඇහුනානෙ සීයා කියපු දේ.."

"I'm not joking dad...Um serious.."

"නේත්‍ර මේතන තමුන්ට ඕනි විදියට නටන්න දෙන්න බෑ..සීයා කියපු දෙ ඇහුනනෙ..උබ හින්දා අපිට පිට මිනිස්සුන්ගෙන් ජරා කතා අහගන්නත් සිද්ද වුනා..මොනාද ලමයො මෙ කරන ලැජ්ජ නැති වැඩ..ආර්ය්‍ය මහප්..මන් කිව්වෙ Mr.ආර්ය්‍ය අද ගෙදරටම ඇවිත් කෑගහලා නටලා ගියේ තමුන්ව හරියට හදාගන්න කියලා අපිට තර්ජනේ කරලමයි.."

"ඩෑඩ් ආදරෙ කරන එක ලැජ්ජ නැති වැඩක්ද..ම්ම්ම් එතන තීන ලැජ්ජාව මොකද්ද..අපි ඉන්නෙ දහනමවෙනි සතවර්ශෙ නෙමෙයි..ඔයත් දන්නවා..අදකාලෙ මේවා නෝර්මල්.."

"තමුන්ට ආදරෙ කරන්න කොල්ලෙක්ම ඕන වුනාද ආ..ඒකත්..ඒකත් අර..අර වැඩකට නැති පවුලකින්..තමුන් හොදටම දන්නවා ඇතිනෙ එ මිනිස්සුත් එක්ක අපේ කිසි සම්බන්දකමක් නැති විත්තිය.."

" ඒ දේවල් සීයලා හදාගත්ත දේවල්..මට කරන්න දෙයක් නෑ..මන් කා එක්කවත් තරහා නෑ..අනික ඔයාට කලින් ඔයා දැන් කිව්ව වැඩකට නැති පවුලෙ මුල්තැන..අන්න එයාටත් මන් මේක පැහැදිලි කරලා දීලායි තීන්නෙ..බලන්න එයා හොද ලමයා වගේ තේරුම් ගත්තා..සියෙ ඔයා තමයි වෙන්දා වගේම කොනක් අල්ලන් උඩපනින්නෙ..අහ් මට අමතක වුනා..නහරයක් වැඩී කියලා.."

"සංජීව!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේ කාලකන්නි පැටියට කට වහගන්න කියපම්.."

මෙ විදියට තව දෙතුන් ගමනක් බෙරිහන් දුන්නොත් සීයට ඔටෝ ටිකට් එක ඇදගන්න පුලුවන්වෙයි..ඇත්තටම මෙ මනුස්සයා එක්ක මට කේන්ති ගන්න හිතෙන්නෙම නැ..මොකද වස්තු මට බනින විදිහයි සීයා බහින විදිහයි ටිකක් එකවගේ..මගෙ වස්තු ස්නොව්බෝල් මිනි වර්ශන් වෙද්දි සියා නාකි වර්ශන් එක වුනා..

"පුතා..ඔය කටවහන් එනවා යන්න අපි එක්ක..මේක ගොඩින් බේරගන්න හදද්දි තමුන්ටත් ඕනි විනාසයක් බලාගන්නමයි.."

" එතනට ගියත් මගෙ තීරනෙ වෙනසක් වෙන්නෑ ඩෑඩ්..ලොකු සීයේ බොරුවට කෑගහලා වළට යන්න තීන ටයිම් ටික වේස්ට් කරගන්නෙපා ප්ලීස්.."

" ඒකද තමුන්ගෙ අන්තිම තීරනේ..ම්ම්.."

සීයට පුලුවන් ඔච්චරයි..කටින් කතාකරලා විසදගන්න බැරිවුනාම ඊලගට එයා කතාකරන්නෙ ගන් එකෙන්..

"ඔය සෙල්ලම් තුවක්කුවට බයවුන කාලෙ ඉවරයි සීයා..ම්ම්ම් කෑගහලත් මහන්සි ඇතිනේ..බොමුද සීතල කිරි වීදුරුවක්..සස්ටජන් ඇති ග්‍රැනීට ගෙනාපු.."

"මන් දන්නවා තමුන් මේකට නැමෙන්නෑ කියලා..මේක ගෙනාවෙ කොහොමත් තමුන්ට නෙමෙයි..ගොඩින් විසදගන්න බෑනෙ එහෙනම්..හරි යමුකො තමුන්ව නිහඩ කරන්න බැරි එකේ අනිත් එකාව හරි නිහඩ කරන්නම්..තමුන් දන්නවනෙ මන් ගැන.."

"සියේ!!!!!!!!!!!!"

"ඇයි පොඩි එකෝ..ශ්ශ්ශ්...සද්දෙ වැඩී වගේ..වයසට ගියාට මොකද තාම මගෙ කන් වැඩ..ඔය මොන රජාගෙත් රැස් බහින දුර්වලකමක් තීනවලුනේ..ඉතිම් මොකද කියන්නෙ..අපි එහෙමවත් කරමු.."

"සීයා..මෙතන විකාර නටන්න ලෑස්තිවෙන්නෙපා..මගෙ ජීවිතෙ අයිතිය තීන්නෙ මට මිසක් ඔයාලට නෙමෙයි..අනික එයාට..එයාට හීරිමක් හරි වුනොත්..මටත් ඔයා මගෙ සියා කියන එක අමතක වෙයි.."

"තමුන්ට කරන්න පුලුවන් මොකද්ද..ම්ම්..කොටින්ම එ කොල්ලාව බලාගන්න පුලුවන් තත්වයක්වත් තීනවද..නෑනේ..තමුන්ට බැරිවුනා කම්පැනියක්වත් ගොඩදාගන්න..අයියලා ඉදියෙ නැත්තම් ඒකත් නෑ..ම්ම් කියනවා බලන්න මොකද්ද තමුන්ගේ තත්වේ..නැ මුලින්ම හිතලා බලනවා..තමුන් හිතනකම් මන් මෙතනට වෙලා ටිකක් වාඩිවෙලා ඉන්නම්..හිතන්න..හිතන්න..හිමීට හිතන්න.."

"සියේ එත්-.."

"ශ්ශ්ශ්..මන් කිව්වෙ හිතන්න කියලා..හොදට හිතන්න..සද්දෙ වහලා හිතන්න..."

එයා දැනන් ඉදියා මාව වට්ටන්න පුලුවන් එකම ක්‍රමේ ඒක කියලා..හැමදාම වගේ මන් එදත් සීයාගෙ එ වචන වලින් හිරවුනා..ඇත්ත මට තාම මගෙ කියලා කිසි දෙයක් නෑ..කොච්චර සල්ලි තීන පවුලක ඉපදුන කොල්ලෙක් වුනත් මට ඕන ඕන විදියට හැසිරෙන්න ඉඩක් හම්බුනේම නෑ..කටේ බලේට සීයාගෙ නීතිවලින් පැනලා ගියත් ලොකු තීරන ගන්න තරම් ශක්තියක් මන් ගාව තිබුනේ නෑ..සීයා හරි..එයාගෙන් මගෙ කොල්ලාව බේරගන්නවත් මට බැ..මට අයිති හැමදෙයක්ම තීන්නෙ වෙන මිනිස්සුන්ගේ පාලනේ..මේ දේ මේ විදියටම දවසක වෙයි කියලා දන්න නිසාමයි මන් හැමදේම හිමීට ලබාගන්න හිතුවෙ..එත් මන් තියපු පලවෙනි අඩියම මට ආයෙම ආපස්සට ගන්න සිද්ද වුනා.. සීයා සැටියෙන් වාඩිවෙනවත් එක්කම තව වාහන දෙකක් වත්තට ඇතුලු වුනා..

එ ආවෙ මනමේකලගෙ සීයයි එයාගෙ පොඩි නැන්දායි..එයාලා ආවත් හරි එතනින් එහාට එලඹුනේ මාව තවත් අන්ත අසරන තත්වෙට පත්වෙච්චි මොහොතයි..

"ඉතිම් කොල්ලො..මොකද්ද තමුන්ගේ තීරනේ..අර කොල්ලාට මෙ කසාදෙ කරන්න දෙනවද නැත්තම් ඒකාගෙ ජීවිතෙ බේරලා තමුන් අයින්වෙලා මෙහෙන් ගිහිම් මන් කිව්ව දේ කරනවද..ම්ම්..මොකද්ද තීරනේ..."

"මං...මං මෙහෙන් යන්නම්..හැබැයි..මට ටික කාලයක් ඕනි..එයා එක්සැම් කරනකම්වත් මට කල් ඕනි.."

"හරි එහෙනම්..තමුන් ගත්තේ හොද තීරනයක්..යමු එහෙනම්.."

මගෙ තීරනේ අහපු එයාලා මාවත් එක්කගෙන එයාගෙ ගෙදරට ගියා..අපි යද්දි එහෙත් ගිනි ඇවිලෙනවා..අපෙ ගෙදරට ගිනි තියපු නැන්දයි එයායෙ සීයයි එහෙටත් ගිනි පත්තුකරලා..

මගෙ තනියට එවෙලෙ පොඩි අයියා ඉදියත් මගෙ කොල්ලාගෙ පැත්තට කවුරුත්ම ඉදියෙ නැ..මන් යද්දි එයා අඩාගන්නවත් අවසර නැතුව අසරන වෙලා ඉදියා..මෙ දේවල් මෙච්චර ඉක්මන්ට සිද්දවෙයි කියලා හිතුවෙ නැති එක මගේ වැරැද්ද..එයාගෙ පැත්තෙන් එයාට හයියක් වෙලා හිටගන්න බැරිවුන එක මගේ වැරැද්ද..මන් අසරනයි මැනිකේ..

එයාගෙ ජීවිතෙන් අයින් වෙනවා කියලා නොකියා කියන්න සිද්දවුනා මට..ගෙදර අය ඉස්සරහා අදින් පස්සෙ එයත් එක්ක කිසි කතාවක් නෑ කියන පොරොන්දුව දුන්නත් මන් එයාට කිව්වා දුරින් ඉදන් හරි එයාව අල්ලන් ඉන්නම් කියලා..මගෙ එ වචන වලට හිතහදාගත්ත ඔයා අර මනුස්සයා එක්ක එයාලගෙ ගෙදරට යන්න කැමති වුනා..මොනාවුනත් එයාගෙ සීයා අපෙ ලොකු සීයාවගේ මුර්ගයෙක් නොවුන එකට මන් ස්තූතිවන්ත වෙනවා..කාටත් හොරෙන් මන් ගත්ත තීරනේදි එයා මට උදව්කරා..එයාව විශ්වාස කරනවා ඇරෙන්න මට වෙන දෙයක් හිතාගන්න බැරිවුනා..

දිනමාස ගනන් ගතවුනේ අපිදෙන්නාවත් ඈත් කරගෙනයි..හිතට සහනෙකට තිබ්බෙ එයා බාප්පාගෙ ගෙදර නතර වුනා කියලා දැනගත්තාමයි..එත් එයා එහෙ ගිහ දවසින් පස්සෙ මට ඒ ගෙදරත් තහනම් ප්‍රදේශයක් වුනා...

ගෙදර මිනිස්සුන්ට හොරෙන් අසතියට දවසක් හරි අමාරුවෙන් අපිදෙන්නාට හම්බෙන්න පුලුවන් වුනා..පොඩි අයියයි තමාලුයි විභූශයි බාප්පායි ඇරෙන්න අපි දෙන්නා හම්බෙන්න යනවා කියලා කවුරුත්ම දැනන් ඉදියෙ නෑ..එයාව හම්බෙන්න ගියපු හැමදවසකම අවසානෙ අපි වෙන්වෙද්දි එයා පිටවුනෙ හැඩූකදුලින්..මන් දන්නවා වස්තු..ඔයාට වගේම මටත් වේදනාව දැනෙනවා..ඔයාව දාලා යන්න වෙනවා කියලා මතක්වෙද්දිත් මගෙ පපුව නතරවෙන්න එනවා..දැන් මෙහෙමනම් මන් නැතිදාක උබ කොහොම උහුලයිද මැනිකේ..

එයාගේ එක්සෑම් එක ඉවරවෙනකම්ම මන් එයත් එක්ක ඉදියා..එ කාලෙ ඇතුලත මගෙ පොඩි වෙනසක්වත් එයාට දැනෙන්න ඉඩහැරියෙ නෑ..එක්සෑම් එක ඉවරවෙද්දිම වගේ එයයි මායි හම්බෙන එක ටිකෙන් ටික අඩුකරන්න වුනා..මන් හිතලම එයාගෙන් ඈත්වුනා..කොටින්ම එයාගෙ කෝල් පවා මන් මගහැරියා..

එයාගෙ රිසාල්ට් එනකම්වත් මට ඉන්න පුලුවන් වුනොත් හොදයි කියලා හිතුනා..එ වෙද්දිත් එයාලා මාව යවන්න ඕනි කරන්න හැමදේම ලෑස්තිකරලයි තිබුනේ..

"ඇයි බන් නේත්‍ර උබ අහක බලන් හූල්ලන්නෙ.."

"මෙ ගෙවෙන්නෙ මගේ ජිවිතෙ එයත් එක්ම ගෙවෙන "ලස්සන" පරිච්ඡේදයෙ අන්තිම දවස් ටික නේද බං.."

"හිත හදාගනිම් මල්ලියේ..අවුරුදු පහයි..එක හරි ඉක්මන්ට ගෙවිලා යයි.."

මාත් හිතනවා එ අවුරුදු ටික ඉක්මන්ට ගතවෙලා යයි කියලා..දවස් ගෙවිලා අන්තිමේදි එයාගෙ රිසාල්ට් එන දවසත් ආවා..මගෙ කොල්ලා කොහොමහරි ගොඩගියා..මට සතුටුයි..මන් තරම් සතුටුවෙන කවුරුත් නැතුව ඇති..එයා රිසාල්ට් දැනගත්ත ගමන් මට කෝල් කරා..මාස ගානකට පස්සෙයි මන් එයාගෙ කටහඩ ඇහුවෙ..

"සුදු අයියේ..ඔන්න මන් ඔයා කියපු විදියටම එක්සෑම් එක පාස් වුනා..මගෙ අයියට සතුටුද..අයියේ..මන් පාස්.."

"සුභ පැතුම් මනමේකල..මන් දැනන් ඉදියා ඔයා පාස් වෙනවා කියලා..මට සතුටුයි..ඔයා හොදට කරා.."

"අයිය්-.."

මට එච්චරයි අහන් ඉන්න පුලුවන් වුනේ..තව කතාකරනානම් මට මාවම පාලනෙ කරගන්න බැරිවෙන්න තිබුනා..එයාට කතාකරෙත් ඇස් වලින් පනින්න බලාගෙන ඉදපු කදුලු ගල් කරගෙන..මගෙ එ වචන එයාට හුගක් රිදෙන්නැති..සමාවෙයන් වස්තු..ඔයාගෙ සතුටු මොහොත විනාශ කරාට..මෙ දවස එනකම් තමයි මමත් මග බලාන ඉදියෙ..ඔයාගෙ ජයග්‍රහණේ දැකලා සතුටුවෙනවද..ඔයාව දාලා යන්න වෙන හින්දා අඩනවද කියලා මට හිතාගන්න බැරිවුනා..

අවසානෙදි එයාව දාලා යන දවස ආවා..කාටවත් නොකිය එ ගමන මන් එදා ආවෙ මගෙ ජීවිතෙ එයාගාව තියලා..මට මන් ගැනම අනුකම්පා හිතුනා..මේකයි අපේ දෛවය..මෙතනිම් එහාට අපි දෙන්නා පාරවල් දෙකක..එත් අවසාන මොහොත වෙනකම්ම උබෙ අයියා උබට ආදරෙයි වස්තු.....

~~~~~~~~~~~~~~~~~~~~~~~

එදා අන්තිම වතාවට මන් එයාව දාලා යද්දි එයාගෙ සුවදත් මන් අරගෙනයි ආවෙ..අදටත් කොහෙ හරි යනකොට එ සුවද දැනුනොත් කකුල් ඉබේටම නතර වෙලා එ දවසට මතක් වෙනවා..එදා මට එයාව පලමුවෙන්ම හම්බුන දවස...

ඔය මූනට මන් ආදරෙ නෑය කියලා කියාගන්න බැරි හන්දාම ෆොන් එකෙන් කතා කරලා කිව්වත් උඹ මැරෙන්නම හැදුවා මාව හම්බෙන්න ඕනෙයි කියලා..මගෙ හිත හයිය නැ වස්තු ඔය මූනට කියන්න අදින් පස්සෙ මෙ සම්බන්දෙ අවසන් කියලා..මගෙ පපුව පලලා අතදාලා හදවත එලියට ඇදලා ගත්තා වඩා දරුනු වේදනාවක් ඒක..උබ වෙනුවෙන් මට ඉවසන්න වුනා..මන් දකින්න අකමැතිම උබෙ කදුලු මට දරාගන්න සිද්ද වුනා..අවසන් වතාවට උබ මන් ලග අඩද්දි තිරිසනෙක් වගේ ඉන්නවා කියලා හිතුවත් මගෙ හිත දියවුනා..උබ දිහා කෙලින්වත් බලන්නැ කියලා මගෙ හිතට තහංචිදාන් දාපු මමම උබව ඇදලා අරන් පපුවට තුරුලු කරගත්තා..උබ ඇඩුවම රිදුනෙ මටයි..මෙ සම්බන්දෙ නතර කරමුයි කියලා කිව්වෙ ඔය හිතට මන් නැති තනිකම දරාගන්න බෑ කියලා දැන දැනමයි..ආදරණිය සමුගැනීමක් දෙන්න බැරි වුනාට සමාවෙයන් වස්තූ..මට ඕනි වුනෙ මන් උබ ලග ඉදියා හො නැතා උබෙ ගමන උබ යනවා දකින්නයි..මට වෛර කරලා හරි හිත හදාගනිවි කියලා හිතලයි මන් එහෙම කලෙත්..එවෙලෙම මන් හිත හදාගත්තා..මන් ආයෙම එනදවසට උබ වෙනස් වෙලා වෙන කෙනෙක් ලග ඉදියොත් උබෙ සතුටට දැකලා මාත් සතුටු වෙන්නොනේ කියලා..ඔයා සතුටෙන්නම් එ සතුට කා ලග තිබුනත් මට ප්‍රශ්නයක් නෑ..මට ඕන වුන එකම දේ ඔයාගෙ සතුට විතරමයි.....

මේක අපෙ අවසාන හමුව නෙමෙයි..හැමදෙම හරිගස්සන් මන් ආයෙම ඔයා ගාවට එනවා..කියලා කියන්න ඕනි වුනත් එ හැම වචනයක්ම හිත අස්සෙ ගල් කරන් කෙටි කාලෙක සමුගෑනිමේ වැලදගැනීමක් එක්ක එ නලලට උනුසුම් හාදුවක් තැවරුවෙ මන් එනකම් බලාන ඉන්න කියලා ඉඟියක් විදිහටයි..

එදා ඉදන් මෙ අවුරුදු ගානටම මන් ජීවත් වුනේ අන්දකාරෙක..නිදහසෙ හුස්මක් ගත්තු දවසක් මට මතක නැහැ..ඇස් රතු නොවිච්ච රැයක් තිබුනෙ නැහෑ..කාත් කවුරුවත් නැති රටක මගෙ තනියට ඉදියෙ මත් පැන් වීදුරුවයි සිකරට් එකයි..වෙන මිනිස්සුන්ගෙ හීන ඉෂ්ට කරන්න මට මගෙ ජීවිතේ අතාරින්න වුනා..මට දුකක් නෑ..මගෙ සතුට මන් කැපකරෙ ඔයා නිදහසේ ඉන්න ඕනි නිසයි..මන් ඉදියනම් ඔයාට එ කෙල්ලව බදින්න වෙනවා..ඔයා එ නල්ලමලේ පවුල් දෙකේ බිල්ලක් වෙනවා දකින්න මට ඕනි වුනෙ නැහැ..එ වෙනුවට මන් පො රොන්දු වුනා ඔයාගෙන් ඈත්වෙලා අර නාකියාගෙ වැටුන කම්පැනි දෙක ගොඩ අරන් දෙන්නම් කියලා..

එ හිනාව..එ ඇස් වල බැල්ම එ සුවද එ හැමදෙයක්ම මට දරුනු විදියට ඕනි වුනා..මන් පිස්සෙක් නොවී පිස්සෙක් වුනා..රෑට දකින හීනවල පවා ඔයා මගෙන් ඈත්වෙලා ගියා වස්තු..උන් මගෙන් ඔයාව උදුරගත්තා..හීනවලදි පවා උන් ඔයාව අරන් ගියා..උන් සේරමල්ලා මගෙ නින්දත් නැතිකරා වස්තූ..මගෙ සැනසීම උබයි..මගෙ නිවිමත් උබයි..එදා ඉදපු අසරන කොල්ලා මැරුනා..දැන් ඉන්නෙ කාටත් බයනැති නරුම හිතක් තීන මිනිහෙක්..

ඔෆිස් එකෙ මිනිස්සුන්ට මන් යක්ෂ බොස්..එත් එ බොසුත් බලු වෙනවා හැමරෑකම එක ෆොටෝ එකක් ගාව..එ යක්ශයා කෑගහලා අඩනවා එක රූපයක් වෙනුවෙන්..එ කටහඩ කනේ දෝන්කාර දෙනවා..ඇස් ඇරන් ඉද්දිත් ඔයා පෙනිලා නැතිවෙලා යනවා..

උබ හොදින් ඉන්නවා කියලා විතරයි මට දැනගන්න පුලුවන් වුනෙ..Mr.ආර්ය්‍යට පිං අත්වෙන්න අවුරුදු තුනක් ගෙවෙනකම්ම මගෙ කොල්ලා ගැන විස්තර දැනගන්න පුලුවන් වුනා..එයාට පත්වීමක් හම්බෙලා..මගෙ පුන්චි සර්..උබ දැන් ලොකු මිනිහෙක් වස්තු..උබෙ හොදම කාලෙ මෙ කාලකන්නියාට ලගින් ඉන්න බැරිවුනා..මන් නැතත් උබ ඉස්සරහට ගිහින්..

හතරවෙනි අවුරුද්ද ගෙවෙද්දිම මන් මෙහෙට ආපු ඊලග රාජකාරිය ඉෂ්ට කරන්න මට සිද්ද වුනා..Mr. ආර්ය්‍ය මට කියපු මනුස්සයාව මන් නිව්යෝර්ක් පීරලා අවසානෙදි හොයාගත්තා..එතනදි තමයි මන් හිතුවෙ නැති විදියට මගෙ ඉරණම වෙනස් වෙන්න පටන් ගත්තෙ...

හරියටම අවුරුද්දකින් මට ආරංචි වුනා මගෙ පුංචි ස්කොලෙ මහත්තයා මගෙ පොඩි එකාගෙ ස්කෝලෙට පත්වීම අරන් ආවා කියලා..අයියාගෙ පොඩි එකාගැන මට ආඩම්බරයි..එ වයසෙදි මන් නාස්තිකාරයෙක් වෙද්දි මගේ පොඩ්ඩා මාව හොයාගන්න පුලුවන් තරම් දක්ශයෙක් වුනා..පොඩි අයියාටවත් බැරිවුන එකා පොඩි එකා කරා..

ඉතිම් එදායින් පස්සෙ දවසගානෙම මට වස්තුගෙ විස්තර අහගන්න පුලුවන් වුනා..හැමදාම එයාගෙ ෆොටොස් මට හම්බුනා..ඉදියට වඩා හුගක් වෙනස් දැන්..මගෙ කොල්ලා කෙට්ටුවෙලා..හැබැයි තාම එ කටෙ සද්දෙ එහෙම්මමලු..ඔයා සතුටින් නම් මට ඒ ඇති වස්තූ........

කාලෙත් ගෙවිලා යද්දි මන් ආපු රාජකාරි දෙකම ඉවරයක් කරගන්න පුලුවන් වුනා..තව ටික කාලයයි..ඊටපස්සෙ එන්නෙ මාරයාගෙ හෝරාව......

කොහොම හරි පොඩි අයියත් මාව හොයාගෙන මට මරන තර්ජන එල්ල කරා..හැමදේටම වෙලාවක් තීනවා..මන් බලන් ඉන්නෙ එ වෙලාව එනකම්..ගොදුරට ඇතිවෙනකම් සතුටින් ඉන්න දෙන්නොනෙ..එතකොටයි ලේ වල රස තවත් වැඩිවෙන්නෙ..

හැමදේම හොදින් වෙද්දි අවිනාෂ්..එකියන්නෙ අපෙ පොඩ්ඩා..ඉපදුන ගමන් ඒකාගෙ තාත්තාටත් කලින් මන් අත්දෙකට අරගත්තේ..මගෙ ලෝකෙ වස්තුගෙන් පස්සෙ මන් වැඩිපුර ආදරෙ කරපු කෙනෙක් ඉන්නවනම් ඒ අවි තමයි..මට ඕනි විදියට නමත් දැම්මා..බාප්පිගෙ නමට ගැලපෙන්නම කොල්ලාගෙ නම වැටුනා..එයා මගෙන් ඉල්ලුවෙ මට කිසි සේත්ම දෙන්න එකග වෙන්න බැරි දෙයක්..බාප්පි මට ඔයාගෙ වස්තුව ඕන කියද්දි සත්තයි මගෙ හිත බිදිලා ගියා පුතේ..කොල්ලා මගෙන් ජීවිතේට මුකුත් ඉල්ලලා තිබුනෙත් නෑ..ඉල්ලපු පලවෙනි දේ..එහෙමයි කියාලා මට පුලුවන් ද මගෙ හුස්ම ටික අතාරින්න..මගෙ ජීවිතේ එතරම් අසරන වෙච්චි දෙවනි අවස්තාව..මන් එයාට මුකුත් කියන්න ගියෙ නෑ..මන් මොනා කියන්නද..

මගෙ වස්තුත් මාව අමතක කරලා වෙන කෙනෙක් එක්ක.......නැ මට එයාව සැක නෑ..මට එයාගෙ ආදරෙ විශ්වාසයි..එත් මන් එදා එයාව දාලා ආවෙත් අපි අතර සම්බන්දයක් නෑ කියලා කියාගෙනමයි..එත් එහෙම කිව්වට අපේ හිත්වල ආදරෙ වෙනස් වෙයිද..මන් අදටත් එයාට ආදරෙයි..ඉදියටත් වැඩිය මන් එයාට ආදරෙයි..මොන දේ වුනත්..එයා මන් වෙනුවෙන් ඉදියත් නැතත් එයාගෙ සතුටට මන් ඉඩදෙනවා...

මන් හිතුවට ඉඩෝර අවසන් කියලා..නෑ තවම අහවර වෙලා නෑ..ඔය අතරෙ මන් අවිගෙ ආරන්චි මාර්ග වලින් දැනගත්තා එයා...මගෙ කොල්ලා..මගෙ වස්තු..මන්..මන් නැතුව පිස්සෙක් වුනා කියලා..දෙවියනේ මගෙ කොල්ලා විශාදයෙන් පෙලෙනකම් එක බල්ලෙක් එයා ගැන බලලා නැද්ද..මුන් ඔක්කොම මාව රැවැට්ටුවා..උදව්වට ඉදපු ආර්ය්‍යකාරයත් මට ඇත්ත වහංකොරලා..

මන් මෙච්චර කල් වේදනා විදගෙන අමාරුවෙන් ජීවත් වුනේ මගෙ වස්තුව හරි හොදින් ඉන්නවානෙ කියන විශ්වාසෙනුයි..නැ මුන් මගෙ කොල්ලාව පිස්සෙක් කරලා..නෑ....උන් නෙමෙයි මමයි වැරදී..මමයි එයාව පිස්සෙක් කරපු පව් කාරයා..මම..මම එයාව දාලා ආවෙ නැත්තම්..නැ ඒත්..අනෙ දෙවියනේ තමුන්වහන්සේලා ඇත්තටම උඩ ඉන්නවනම් ඇයි අපිට මෙහෙම කරේ..එදා එයාව දාලා එනවා ඇරෙන්න මට වෙන මාර්ගයක් පෙන්නුවෙ නැත්තෙ ඇයි...ඇයි මන් මේ තරම් අවාසනාවන්තයෙක් වුනේ..ඇයි අපි දෙන්නාව විනාශ කරේ..අපි මොනාකරාටද...පිස්සු වැටෙන්න තරම් මගෙ කොල්ලා කරපු වැරැද්ද මොකද්ද..ආදරෙද...අපි කරපු එකම වැරැද්ද ආදරෙද...ඇයි ආදරෙ කරන අයටම මෙච්චර දරුනු දඩුවම්..මන් තවත් මෙහෙ ඉදලා වැඩක් නෑ..මන් යන්නෝනේ...එයාගාවට මන් යන්නම ඕනී...

මන් ආවා..ඊට පහුවෙන්දම තිබුන ෆ්ලයිට් එකෙ ආවා..මන් ආවා කියලා දැනගත්තෙ පොඩ්ඩා විතරයි..දවස් දෙක්කට පස්සෙ මන් එයාව දැක්කා..එයා අදටත් අපි අන්තිම වතාවෙ හම්බුන තැනට ඇවිල්ලා බලාගෙන ඉන්නවා..මන් ආවා..උබට පොරොන්දු වුනා වගේම පහුගිය අවුරුදු පහේම මෙතනට පොරොන්දුවුන දවසට ආවා..එත් මන් ඔයාව දැක්කෙ නෑ වස්තූ..ඒ එක දවසකවත් ඔයා ඉදියේ නෑ...ඒක අපේ නරක වෙලාව..

මන් ආවානෙ කියලා දුවන් ඇවිත් ඔයාව වැලදගන්න හිතුනත් මට තාමත් අයිතියක් තියෙනවද මැනිකේ උබව බදාගන්න..ඔයා වුන දේවල් වල වැරදිකාරයා මන් වෙද්දි කොහොමද හිත හදන් ඔයාගෙ ඉස්සරහට එන්නෙ..මට සමාවෙයන් වස්තු..මෙ පව්කාරයා ඔයාව විනාශ කරා..එයා එතනිම් අයින්වෙලා එද්දි මගෙ ඇගෙ හැපුනත් එයා හැරිලා බලන තප්පරෙන් මන් අහකට වුනා..

ඔයාට මාව අදුරගන්න පුලුවන් වෙයිද වස්තු.............

___________________________

හෙලො ලමයි ❤️‍🔥

මන් ආවා....

ද්වීනාශ් කොල්ලත් පව් හැබැයි...

🙂👍

ආයෙම එන්නම්❤️‍🔥

ආදරෙයි

_Gojo_

Share This Chapter