Back
/ 20
Chapter 10

අටවන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

වසර කිහිපයකට පෙර

සදහිරු pov :

මේ පාරනම් කතා කරන්නෙ නෑ නෑ නෑමයි.

නසරානී හාමුවා ම්හ්ක්. දෙන්න තියන්නෙ දත් තිස්දෙක බඩට යන්න.හමුදාවට බැදුනා කියලා ඔච්චරටම වැඩද මෙයාට කෝල් එකක්වත් ගන්න බැරි.මන් මේ මට ඕනේ හින්දා කියනවා නෙමෙයි.ලොකු හාමිනේ පව් නැද්ද, ඒ මනුස්සයා බැලුවොත් ටෙළෆෝන් එක ළගට වෙලා ඉන්නවා.යන්න කලින් කොහොමද කිව්වෙ.හැමදාම කතාකරනවා කිව්වා.මේ මාසෙටම ගත්තෙ කෝල් දෙකයි.මන් දන්නවා මෙලහකටත් කොළඹින් ලස්සන ගෑණුළමයෙක් හොයාගෙන ඇති එයා.ඉතින් මට මොකද ? ඇත්තට මන් මොකටද කොහෙවත් ඉන්න නසරානි හාමුවෙක් ගැන හිතන්නෙ ම්හ්ක් වෙන වැඩ නෑනේ මට කරන්න.

දන්නවද ඇත්තටම ඔය කියන නසරානි හාමුවා අද එන නිසා තමයි මට මේ දූවිලි වැහිලා තියන කාමර සුද්ද කරන්න වෙලා තියන්නෙ.මොකද මේ කාමරේ එයාගෙනෙ. හිටියත් නැතත් කොහොමත් කාමරේ මෙහෙම්මම තමා.කිසිම පිළිවෙළක් නෑ.කාවහරි කසාද බැන්ද දවසකට එයාට හාමුවගේ කාමරේ සුද්ද කර කර ඉන්න තමා වෙන්නෙ.මන් මෙහෙම බැන්නට මොකද ලොකු හාමිනේට හරි ලොකු හාමුට හරි ඇහුනොත් එහෙම මන් හාමුවට කියන දේවල් මාව මේ වලව්වෙනුත් පන්නලා දායි. දේවරාජ ලොකු හාමු කියන්නෙ මේ ගමේ හොද තැනක් තියන කෙනෙක්.ඒකට හරියන්න මේ නසරානි පුතන්ඩියා කරන ගොන් වැඩ ටික ඉවසගන්න බැරුවයි ලොකු හාමු හිටියෙ.ඒත් හදිස්සියේම ඉතින් පොඩි හාමු කොළඹ ගිහින් හමුදාවට බැදෙනවා කියලා තීරණයක් අරගෙන කොළඹ යන්න ගියා.අවුරුද්දකට පස්සෙ අද තමයි ඔන්න වලව්වට එන්නෙ.

මොනව කිව්වත් හාමුවා හරි නපුරුයි. ඩිංග බැරිවෙන්න බෑ මාර කේන්තියක් යන්නෙ. මුලු ගමම බයයි ඒ යස්සයට ඉතින්.දේවරාජ පොඩිහාමු කියලා තමා හැමෝම කියන්නෙ. නපුරු වුණාට බොරු කියන්න ඕනේ නෑනේ එයා හරි හොදයි. පොඩි කාලේ ඉදන්ම පොඩි හාමුයි, පොඩි හාමුගෙ අයියා සහශ්‍ර ලොකුහාමුයි මමයි හිටියෙ එකටමයි. මන් නම් ඔය හාමුවට කවදාවත් ඔය හාමු කෑලි දාන්න ගියේ නෑ.මම කිව්වෙ සුදු බේබි කියලා.

ලොකු හාමිනේ නම් එක එක කෑම ජාති හදනවා ශාන්ති නැන්දා එක්ක එකතු වෙලා. මන් තමයි මේ කාමර සුද්ද කරන්න ඕනේ. වලව්වෙ ඔය ඕන තරම් තව වැඩකාරයො ඉන්නෙ ම්හ්ක්. මාවමයි පේන්නෙ. ආවදෙන්කො ඔය හාමුවා. මන් සුද්ද කර කර ඉද්දි ඇහුනෙ මොකක් හරි ලොකු වාහනයක් වලව්ව ඉස්සරහ නතර කරන සද්දයක්. එයා ඇවිල්ලා. මන් ටක්ගාලා පහළට දිව්වා.මන් කුස්සියට ගියත් කවුරුවත්ම හිටියෙ නෑ. මන් ඉස්සරහට යද්දි ලොකු හාමිනේව බදාගෙන ඉන්නවා. ඒත් පිටිපස්ස හැරිලා හිටපු නිසා මූණ හරියට පෙනුනේ නෑ මට.

ඒත් එකපාරටම එයා පිටිපස්ස හැරිලා බැලුවා. දෙවියනේ මේ හාමුවමද? දෙවියනේ එයාගේ ලස්සන, ඉස්සරට වැඩිය ගොඩක් ලස්සන වෙලා. උසයි , සුදුයි , කඩවසම්.

කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ඒත් අර බය හිතෙන මූණ තාමත් එහෙම්මමයි.සුදු බේබි මාව දැක්කත් දැක්කෙ නෑ වගේ ආපහු ලොකු හාමු එක්ක කතා කරන්න පටන්ගත්තා.

ඇයි එයා එහෙම කරන්නෙ.මට මොකද ඔය හාමුවා කොහොමත් ඔහොමනෙ. ටිකකින් සුදු බේබි නාගෙන එනකන් ලොකු හාමිනේ මට කෑම මේසේ හදන්න කතා කලා.කෑම කන වෙලාවෙවත් අඩුම මන් දිහා හැරිලවත් බැලුවෙ නෑ.මටත් පිස්සුනෙ හැම වෙලේම ගොන් වැඩ කරන හාමුවෙක්ගෙන් අවදානේ ගන්න බලාගෙන ඉන්නෙ.

සුදු බේබි කාලා කාමරේට ගියා.ඒ වුණාට මට දුකයි.අඩුම චුට්ටක් හිනාවෙන්නවත් තිබුණා එයාට මට ම්හ්ක්.මන් එහෙම්මම මගෙ කාමරේට යන්න හැදුවත් ලොකු හාමිනේ කතා කරලා සුදු බේබිට දෙන්න අමතක වුණා කියලා අලුත් ඇද රෙදි වගයක් මට ගිහින් දෙන්න කිව්වා. මූණවත් බලන්නෙ නැති එයාගාවට මන් කොහොමද යන්නෙ.එයාට මාව එපාවෙලාවත්ද?

ඉස්සල්ලා විහිළුවට කෙල්ලෙක් ඇති කියලා මන් හිතුවට ඒක ඇත්තවෙලාද කියලා හිතෙනවා මට.කමක් නෑ.මේ ටික ඇද උඩින් තිබ්බා ආවා මට ඕන්නෑ ඔය නාකි හාමුවව ම්හ්ක්. මන් යද්දි කවුරුවත් කාමරේ හිටියෙ නෑ.ඒ නිසා මන් ටක්ගාලා තියලා එන්න හැදුවත් මට ඒක කරන්න හම්බවුණේ නැත්තෙ කවුරුහරි මාව ඇදලා අරන් කාමරේ දොර වහගත්ත නිසා. ඇයි දොර වහන්නෙ මට යන්න ඕනේ අර හාමුවා ඇරෙන්න වෙන කවුරුත් මෙහෙ නෑ. මන් ඇස් දෙක පියාගෙනම හිටියා.

"මගෙ මැණිකට මාව මතක් වුණේ නැද්ද, මන් නම් ගොඩක් පාළුවෙන් හිටියෙ."

"ඔය ඉන්නෙ හාමුවා.දැන් තමා මාව මතක් වෙලා තියන්නෙ.එයා හිටියෙ මාව පිටිපස්සෙන් බදාගෙන.මගෙ උරහිස උඩින් ඔලුව තියන් අහනවා එයාව මතක්වුණේ නැද්ද කියලා.කී දවසක් බලන් හිටියද මම එයාගෙන් කෝල් එකක්වත් එනකන්.හරිනම් මමයි අහන්න ඕනේ ඒක එයාගෙන්."

"ඇයි කෝල් එකක්වත් ගත්තෙ නැත්තෙ. මන් හිතුව මාව අමතක වෙන්න ඇති කියලා."

ඒ පාරනම් මාව එයාගෙ පැත්තට හරවගෙන කතා කලා.

"අමතක වෙන්න ඇයි මන් මගෙ මැණිකව අමතක කරන්නෙ.මේ හිතේ හැමදාම හිටියෙ උබ විතරයි බන්.ඉස්සරහට ඉන්නෙත් උබ විතරමයි."

"අනේ යන්න බොරු කියන්නෙ නැතුව. කෝල් කලෙත් නෑ.ආව වෙලාවෙ මන් දිහා දැන් වෙනකන් බැලුවෙවත් නෑ.මන් දන්නවා කොළඹින් හොද කෙල්ලෙක් හොයාගන්න ඇති ඔයා."

සදහිරු!!!!!!!!!!

එයා හයියෙන් කෑ ගැහුවා.මම එයාගෙ පපුවට හේත්තුවෙලා හිටියත් මාව ගැස්සිලා පිටිපස්සට වුණා.එයාගෙ මූණ දිහා බලන්න බය හිතෙනවා.පුදුම තරහකින් හිටියෙ. එයාට මන් කියපු දේට කේන්ති ගිහිල්ලද, ඒත් ඇයි?කොච්චර කිව්වත් මේ ඉන්නෙ දේවරාජ පොඩිහාමුනෙ මන් කොහොමද ඒක අමතක කරේ.තරහ ගියාම එයා හැමෝටම එකයි.

එයා මගෙ කම්මුල් වලින් තද කරලා එක අතකින් අල්ලගෙන මාව එයා ලගට අනිත් අතින් ඇදලා ගත්තා.මට රිදෙනවා.එයා එක්ක බලනකොට මම ගොඩක් පුංචියි.එහෙම එකේ මන් කොහොමද එයා එක්ක හැප්පෙන්නෙ.කදුළුත් එනවා.

"මේක හොදට අහගනින් සදූ. උබ කවදාවත් හිතන්නවත් එපා උබෙන් පිට වෙන කිසිම කෙනෙක් ගැන මේ හිතේ ඉඩක් තියෙයි කියලා.මැරෙනකන්ම මන්. මේ දේවරාජ පොඩිහාමු ආදරේ කරන්නෙ උබට විතරයි. ඒකට මගෙ අම්මා අප්පච්චි කැමති නොවුණොත් මන් උබවත් අරන් මෙහෙන් යනවා. මට පුලුවන් උබව බලාගන්න.මට කෝල් ගන්න බැරිවුණේ මන් හැමවෙලේම උබෙයි මගෙයි අනාගතේ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන නිසා. මට ඕනේ මන් ඉන්න මට්ටමට වඩා උසස් නිළයක් අරගන්න.ඒකට මට මහන්සි වෙන්න සිද්ද වෙනවා.ලැබෙන පොඩි වෙලාවෙදි තමයි මන් උබට කෝල් කරන්නෙ.ඒත් ඒ වෙලාවෙදිත් අම්මා විතරනෙ බන් කතා කරන්නෙ.ඒ වෙලාවට මේ හිත රිදෙනවා බන්. උබ මෙහෙම කියද්දි මේ දේවරාජ පොඩිහාමුගෙ ඇග ඇතුලෙ ඉන්න සතා ඇහැරෙනවා බන්.ඒ නිසා මාව සතෙක් කරගන්නෙ නැතුව මගෙ ආදරේ විස්වාස කරපන් බන්."

දෙවියනේ මන් මොනවද මේ කරලා තියන්නෙ.මම එයාගේ ආදරේ විහිලුවට අරගෙන. අනේ මට සමාවෙන්න මගෙ මහත්තයො මන් හිතලා නෙමෙයි ඒක කිව්වෙ.අනේ මට සමාවෙන්න.

"අ-නේ දෙ-දෙයියනේ.ම-මට ස-සමාවෙන්න මගෙ මහත්තයො. ම-මගෙ සුදු බේබීව මට අවිස්වාස නෑ.අනේ ම-ට සමාවෙන්න පොඩි හාමු."

මම බිම ඉදගෙන සුදු බේබීගෙ කකුල් දෙක අල්ලලා කිව්වෙ මන් කරලා තියන්නෙ මොන තරම් පහත් වැඩක්ද කියලා මට තේරුණ නිසා.ඒත් එයා මාව නැගිට්ටව්වා.

"අඩන්න එපා බන් මේ හිතට ඕවා වාවන්නෙ නෑ.මන් දිහා බලපන් මැණිකෙ. දැන් හිනා වෙයන්. ඒ වගේම ආයම කවදාවත් මට පොඩි හාමු කියන්න එපා. මන් ආසයි උබ සුදු බේබි කියනවා අහන්න."

එහෙම කියලා සුදු බේබී මාවත් එක්කන් ඇද ළගට ගියා. එකල්ල මාව ඇදවිට්ටමට හේත්තු කරලා ඉනදවලා මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන නිදාගත්තා.

"දැන් මට නින්ද යනකන් ඔලුව අතගාපන්."

"ආය මුකුත්ම නොකිව්ව එයා හොදටම නිදි. මම දිගටම ඒ ඔලුව අතගෑවා.මටනම් තේරෙන්නෙ නෑ මන් මොනවද කරන්න ඕනේ කියලා."

Waterlily-jeon ✍️

Share This Chapter