Back
/ 20
Chapter 9

හත්වන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

සදහිරු pov:

මොකක්හරි හේතුවක් හින්දා හිතට ලොකු බයක් දැනෙනවා.මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. ඒත් මේ දවස් ටිකේම මම ඉන්නෙ හරි බයෙන්.එදා සුදු බේබි මට බැන්න දවසෙ ඉදන් මට තනිකම කිය දේ වෙනදටත් වඩා දැනෙනවා.එදා සුදු බේබි මට දර ගෙනියන්න උදව් කරත්, එදා හවස ආයම මන් උයපු කෑම එයාට කන්න බෑ කියලා අතේ තිබුණ වීදුරුවත් පොලේ ගහලා පුංචි බේබිවත් අරන් කාමරේට ගියා.වීදුරු කටු සුද්ද කරන්න ගිහින් මගෙ අතත් තුවාල වුණා. මන් බෙහෙත් දාන්න යද්දි ආයම එයා ඇවිත් මට උදව් කලා.මට හිතාගන්න බෑ එයා එක එක වෙලාවට මේ විදිහට වෙනස් වෙද්දි.

ඇයි මේ අහිංසක මටම හැම කරදරයක්ම. මන් දුක විතරක්ම විදින්න මේ ලෝකෙට ආව කෙනෙක්ද?මට සතුට කියන දේ එක මොහොතකටවත් විදින්න උරුම නැද්ද? මට කවද්ද ආපහු සතුටින් ඉන්න ලැබෙන්නෙ.හැමෝම කරේ මගෙන් හැමදේම උදුරගත්ත එක විතරයි.මාත් ආසයි සතුටින් ඉන්න තනියම වුණත් කමක් නෑ, ඒත් මගෙ සතුට නැතිකරන්න එපා.

අද තමයි කුඹුරේ අස්වනු නෙළන දවස, ගෙදර ඉන්නෙ මමයි , ලොකුහාමිනෙයි,තිසෙන්දි නෝනයි විතරයි. ඔව් තිසෙන්දි නෝනා ආපහු ගෙදර ආවා.අනික් හැමෝම කුඹුරෙ, ලොකු හාමු,සහශ්‍ර ලොකුහාමු, සුදු බේබි,විහස් මහත්තයා ඔක්කොම. මන් ලොකු නෝනා කියපු විදිහටම කුඹුරට යන්න ලෑස්තිවුණේ දවල් කෑම හදාගෙන. තිසෙන්දි නෝන නම් ඉතින් ඕවට කැමති නෑනේ ඒ නිසා එන්නෙ නැහැලු යන්න.මමයි ලොකු හාමිනෙයි කුඹුරට ගියා. සුදු බේබී මන් නිසා පුංචි බේබිව කුඹුරට එක්ක ගියා.මට හිතෙන්නෙ එයා කැමති නෑ මන් රෝසමල එක්ක ඉන්නවට.

මන් කල්පනා කර කර ලොකු නෝනා පස්සෙන් දන්නෙම නැතුව කුඹුර ළගටම ඇවිලා.

ලොකු නෝනා ගොයම් කපන්න ආපු හැමෝටම කෑම බෙදද්දි මන් එතන පැත්තකට වෙන්න තිබුන ගලක් උඩ ඉදගෙන එතනට ලස්සනට පේන කදු දිහා බලන් හිටියා. දැන් අවුරුදු ගානකට කලින් මේ විදිහටම දවසක මන් මේ ගල උඩම කොච්චර  සතුටින් ඒ කදු දිහා බලන් හිටියද , ඒත් දැන් හැම දෙයක්ම වෙනස් වෙලා.එදා හිටපු මමමද මෙතන මේ විදිහට ඉදන් ඉන්නෙ කියලා මටම හිතෙනවා.ඒ කටකාර දගබෝලයක් වගේ  කියලා හැමෝම කියන , හැමදාම හිනාවෙලා ඉන්න ඒ හුරතල් කොල්ලා අද නිහඩ චරිතයක් වෙලා.

මන් නිකමට වගේ හැරිලා බැලුවෙ මට එහා පැත්තෙන් කවුරුහරි ඉදන් ඉන්නව වගේ මට දැනුනු හින්දා.

මන් හැරිලා බලද්දි දැක්කෙ....

දැක්කෙ.....

දැක්කෙ කවුද?

අදට ඉවරයි.......!

නෑ නෑ ඉවර  නෑ 😂

මන් හැරිලා බලද්දි දැක්කෙ මට එහා පැත්තෙන් ඉදන් ඉන්න සුදු බේබිව. මන් හැදුවෙ එතනින් නැගිටලා යන්න.මොකද මට බෑ තවත් සුදු බේබි එක්ක ඉන්න.මන් මාවම රවට්ටගන්නව කියලයි මට හිතුනෙ.ඒත් මට යන්න හම්බවුනේ නැත්තෙ මගෙ අත එයා තද කරලා අල්ලගත්ත නිසයි.ඒත් මන් ඒ අත ගසලා දාලා එතනින් දුවලා ආවේ හැමදාම මන් එන මාර ගහ ළගට එතන කාටවත්ම පේන්නෙ නෑනේ කුඹුර මැදට වෙන්න තිබුණත්  ගහ ගොඩක් ලොකු නිසා කාටවත්ම පේන්නෙ  නෑ.ඒත් එයා මේ තැන ගැන දන්නවා.

ටික වෙලා ඉද්දි එතනට ආවේ එයා , ඔව් මගෙ සුදු බේබී. ඔව් මගෙ ඒත් ඒ ඉස්සර. දැන් එයා මට අයිති කෙනෙක් නෙමෙයි. මන් සුදු බේබී ළගට ආවත් ගනන් ගත්තෙ නෑ.ඒත් ආපහු සුදු බේබී මන් ළගින් ඇවිත් ඉදගත්තා.මන් ඉස්සරහ බලාගෙනම හිටියා. එතකොටම සුදු බේබී කතා කරන්න පටන් ගත්තා.

"කැමතිද ලස්සන කතාවක් අහන්න.මන් ගොඩ කාලෙයක් තිස්සෙ හදපු කතාවක් ඒක.ඒත් ඒකට හොද අවසානයක් හම්බවුණේ දැනුයි.ඉතින් මම ඉස්සර වෙලාම ඒක ඔයාට කියන්න හිතුවා.කැමතියි නේද?."

මොනවද මේ සුදු බේබී කියවන විකාර.කතාවක් මම කිව්වෙ, මට තේරේන්නෙ නෑ සුදු බේබී.කොහොමද මම මේ වෙනස් වෙන විදිහට මුණ දෙන්නේ.ඒත් මම ඔලුව වැනුවෙ.ඒක කියලා මෙතනින් යයිනෙ කියලා හිත හදාගෙන.

"ඒ කියන්නෙ කැමතියිනෙ.හ්ම්ම්......හරි එහෙනම් අහගන්නකො.

එක ගමක ලස්සන කිරිල්ලියක් හිටියලු. ඒ කිරිල්ලි තනියමලු හිටියෙ. ඒත් දවසක් ඒ කිරිල්ලගෙ ලස්සන දැක්ක කුරුල්ලෙක් ඒ කිරිල්ලට ආදරේ කරන්න පටන්ගත්තා. ඉතින් කාලයක් යද්දි එයාලගේ ආදරේ ගොඩක් ශක්තිමත් වුණාලු.ඒත් දවසක් එයාලා අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා  ගමෙන් කැලේට යන්න ගියාලු.යන අතරමග

කුරුල්ලට කිරිල්ලව මගහැරුණලු. ඒ කුරුල්ලා කිරිල්ලව හෙව්වත්  එයාව හම්බවුණේ නැතිලු. අවාසනාවකට කාලයක් යද්දි කුරුල්ලට කිරිල්ලව අමතක වෙලා ගියාලු.

පපුව වේගෙන් ගැහෙද්දි මන් ඒ එක්කම බැලුවෙ සුදු බේබී දිහා.එයා මොනවද මේ කියන්නෙ.ඒ කතාව ඒ හැම දෙයක්ම සමානයි.මන් ඒ වෙලාවෙ විතරක් සුදු බේබී දිහා බැලුවා.දැනට අවුරුදු ගනකට කලින් මන් ඒ ඇස් වල දැක්ක ආදරේ අදත් ඒ විදිහටම තිබුණා.මන් ඒ ඇස් දිහාම බලන් හිටියා.එයා කියනවා.

"අර ගමේදිම ආයම දවසක කුරුල්ලට කිරිල්ලව හම්බවුණත් අදුරගන්න බැරි වුණාලු.ගමට ඇවිත් ටික දවසකින් කුරුල්ලට දාල ගිය කුරුලු පැටියෙක් හම්බවුණාලු.කුරුල්ල අනික් කිරිල්ලි එක්ක ඒ පැටියව බලන් සතුටින් හිටියලු.ඒත් අර කිරිල්ල මේ දිහා ගොඩක් දුකින් බලන් හිටියලු.එයා කවදාවත් කුරුල්ලට එයාව මතකද කියලවත් අහන්න එයා ලගටවත්  ගියේ නැතිලු."

මගෙ සුදු බේබී අඩනවා.ඒත් ඇයි, මට මන් හන්ගන් ඉන්න කදුලුත් නවත්තගන්න බැරිවුණා සුදු බේබී අඩනවා දැකලා.ඒත් එයා මෙහෙම කෙනෙක් නෙමෙයි.මට මේ කතාව නවත්තගන්න කියලා කියන්න ඕනේ වුණත් මන් එහෙම කලේ නෑ.ඇයි එයා හැම දෙයක්ම මතකයි වගේ හැසිරෙන්නෙ. ඒ කතාවෙ තියන හැම දෙයක්ම ඒකට සමාන වෙන්න පුලුවන්ද , එහෙනම් ඇයි සුදු බේබී අඩන්නෙ.මගෙ ඔලුව විකාර වෙලා.

" ඒත් ආපහු දවසක කුරුල්ලට  අර කිරිල්ලි ගැන මතක් වුණාලු. පස්සෙ ඒ කුරුල්ලා දැනගත්තා එයා අර කිරිල්ලට හැම දේම නැති කරලා කියලා.

මොකද ඒ කුරුල්ල තමයි මේ දේවරාජ පොඩි හාමු. එයාගෙ කිරිල්ලි තමයි මේ එයා ඉස්සරහ ඉදන් ඉන්නෙ.කුරුල්ලට දැන් හරියටම සතියකට කලින් එයාගෙ මතකෙ ආපහු හම්බවුණා.එයාට හැමදෙයක්ම මතක් වුණා.ඒ වගේම එයා දැනගත්තා එයා පණ වගේ ආරක්ෂා කරපු එයාගෙ රෝසමලේ ඇත්තම අයිතිකාරයා කවුද කියලත්.ඇයි මට මෙච්චර කාලයක් මේවා නොකියා හංගන් හිටියෙ මගෙ මැණික. ඇයි එහෙම කලේ ඔයාට තිබුණා මේ මෝඩ මිනිහට ගහලා හරි මේවා මතක් කරලා දෙන්න. පොඩි කාලේ ඉදලම දුක විතරක්ම විදපු ඔයා මේ වගේ දුකක් දරාගත්තෙ කොහොමද මගෙ සදූ මැණික. ඔයා කොච්චරනම් බලාපොරොත්තු තියාගත්තද මැණික දවසක අපි දෙන්නා පුංචි පැටියෙකුත් එක්ක ලස්සන ජීවිතයක් ගෙවනවා බලන්න.මන් හොයා ගත්තා හැම දේම හැම දේම. අපිට මෙහෙම කලේ කවුද කියලා මන් හොයා ගත්තා.මට කියන්න මැණික.මට හැම දේම කියන්න එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මොකද වුණේ කියලා.මරණවා මන් එකෙක්වත් ඉතුරු කරන්නෙ නෑ.හැම එකාම මරණවා. එක කෑල්ලක්වත් ඉතුරු කරන්නෙ නෑ ඕකුන්ගෙ.එවුන් දුක් දුන්නෙ මේ අභිශේක් දේවරාජගෙ මුලු ජීවිතේම වෙච්ච මගෙ එකම ආදරේට.

"මොනවද ඔ..ඔයා කි..කියන්නෙ 😭😭. මගෙ සු..සුදු බේබී. මන් ඇඩුවා කෑ ගහලා ඇඩුවා.සුදු බේබී තරහින් කෑ ගහලා මොනවද කියනවා මට ඒ එකක්වත් ඇහුනෙ නෑ.මට ඇහුනෙ මට හැමදේම මතක් වුණා කියන මෙච්චර කාලයක් මන් හිතේ හිරකරන් හිටිය කදුළු මම ඒ පපුවට හේත්තුවෙලා දිය කරලා දැම්මා.පැය ගානක් එක දිගට ඇඩුවා මම ඒත් මට නවත්තගන්න බැරි වුණා.

"අනේ ඇති මැණික. මන් මේහෙම කියන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඒත් අඩන්න එපා මට මොනව හරිම කියන්න.දැන් කොච්චර වෙලා මේ විදිහට අඩන්නද මැණික. මට බලන් ඉන්න බෑ උබ මේ විදිහට අඩද්දි."

"රෝ..රෝස ම..මල මේ ලෝ..ලෝකෙට එන ද..දවසෙ  😭😭😭😭  ම..මන් ගොඩක් අසරණ වුණා මගෙ මහත්තයො 😭😭😭.

මන් බලන් හිටියා මගෙ මහත්තයා එනකන් මන් බලන් හිටියා. එ..එයා ඔයා වගේමයි කියන්න බලන් හිටියා. එදා ඉදන් අද වෙනකන් ම්..මට බලන් ඉන්න වුණා ඒ..එක කියන්න."

"හැම දේම දැනගත්තට පස්සෙ මගෙ දරුවට දුකක් දෙන්න බැරි නිසයි මම දරුවව මගෙ සුදු බේබීටම ගෙනත් දුන්නෙ.

මට ඕනේ වුණේ නෑ මට වුණ දේවල් මගෙ දරුවට වෙනවා දකින්න.ම..මට සමාවෙන්න  සුදු බේබි"

"මොනවද මේ කියන්නෙ මැණික.මට එදා එහෙම දෙයක් නොකර ඉන්න තිබුණේ. එදා මන් මයි ඔයාව බලෙන් park එක්කන් ගියේ.මට තිබුණා තව ටිකක් ඉවසන්න.මන් නිසයි මේ හැම දේම සිද්ද වුණේ.එදිරිමාන්න ඇමති. ඌ තමයි මේ හැමදේම කලේ. මන් ඕකව ඉතුරු කරන්නෙ නෑ.

"අනේ එපා මගෙ මහත්තයො  .මට ආපහු හැමදේම නැතිවෙයි. මට ඕනේ නෑ ආපහු මගෙ පවුල මට නැතිවෙනවා දකින්න.උන් මහ තිරිසන් සත්තුවගේ හිතක් පපුවක් නැති මිනිස්සු.උන් එක්ක හැප්පෙන්න යන්න එපා මහත්තයො."

"ඇයි මේ. මහත්තයො මහත්තයො කියන්නෙ. මැණික කැමති නැද්ද ඉස්සර වගේ කට පුරා අභි කියලා කතා කරන්න."

"ආසයි ඒත් මට තව ටිකක් මෙහෙම ඉන්න දෙන්න මගෙ මහත්තයො.මට හිතාගන්න බෑ.කොහොමද මෙහෙම වුණේ කියලා. මේක හීනයක් නෙමෙයි නේද?"

"නෑ මැණික මේක හිනයක් නෙමෙයි. මන් ඇත්තටම ඔයා ලග ඉන්නවා."

වසර කිහිපයකට පෙර

ප්‍රශ්න තියනවනම් අහන්න 😁.

ඊළග chapter  එකේ ඉදන් අතීත කතාව තියන්නෙ.

අදට ඉවරයි.

Waterlily-jeon ✍️

Share This Chapter