Back
/ 20
Chapter 12

දහවන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

අභිශේක් pov :

එදා අප්පච්චි මන් ඇහුවට කිව්වෙ නෑ මොකද්ද එයා වෙච්ච පොරොන්දුව කියලා. මන් ආය අහන්න ගියෙත් නෑ. ඒත් මන් දන්නවා අප්පච්චි හදන්නෙ වෙන කෙනෙක්ව මට කසාද බන්දන්න.මන් කොහොමද මගෙ අහිංසක කොල්ලට මේවා කියන්නෙ. එයා අප්පච්චි කියපුවා හොරෙන් අහගෙන ඉදලා එදා හොදටම ඇඩුවාත් එක්ක. ඒ වෙලාවේ කිව්වට මන් මොනවහරි කරනවා කියලා මන් දන්නෙ නෑ මේකට මොකද කරන්නෙ කියලා.

එදා ඒ පුංචි කටහඩින් මහත්තයට මාව ගැලපෙන්නෙ නෑ මන් මේ වලවෙ වැඩකාර කොල්ලා කියද්දි මගෙ පපුව පිච්චිලා ගියා බන්.

මේ දවස් ටිකට උබ හිනාවෙනවා මම දැක්කෙම නෑ බන්. ඉස්සර මා එක්ක තොරතෝංචියක් නැතුව කියවන කොල්ලා දැන් කිසිම කතාවක්වත් නෑ.මම මහ බයගුල්ලෙක් බන් මට තාම මුරණ්ඩු වෙලා තීරණ ගන්න බෑ අනික මොනව වුණත් ඒ ඉන්නෙ මගෙ අප්පච්චිනෙ බන්. ඒ කියලා මට උබව නැතිකරගන්නත් බෑ.

මන් කල්පනා කර කර සාලෙට වෙලා ඉදලා. ආපහු ඉස්සරහට යද්දි දැක්කෙ උදේ පාන්දරම පහන තියන්න මල් කඩන උබව.මම එදාම කිව්වා මාව මගාරින්න එපා කියලා.දැන් උබ කතා කරන්නෙත් නෑ , වෙනදා වගේ හිනාවෙන්නෙත් නෑ.උබ ඔහොම ඉද්දි මගෙ පපුවට ඒක දරාගන්න බෑ මැණිකේ. මන් ඒක කියන්න ගියොත් අනිවාරෙන් මන් උබට බනියි. ඒත් මන් කොහොමද ඔය අහිංසක මූණ දිහා බලාගෙන උබට වචනයක්වත් කියන්නෙ. පොඩි කාලේ ඉදන්ම අම්මාවත් තාත්තාවත් නැතුව උබ මේ වලව්වට ආවේ කොහොමද කියලවත් මන් දන්නෙ නෑ. ඒත් උබව මන් පළවෙනියටම දැක්ක දවසෙ මට උබව කාටවත් දෙන්නෙ නැතුව මන් ලගම තියාගන්න හිතුනා.මේ හිත හරි ආදරෙයි බන් සදහිරු උබට.

මන් බලාන හිටියට අදත් ඒ වගේම උබ මාව මගහැරලා ගියා. කොච්චර කිව්වත් ඒ හිතත් බය ඇති. මන් උබට කවදාවත් කරදරයක් වෙන්න දෙන්නේ නෑ බන්. ඒක මන් මටම දීගත්ත පොරොන්දුවක්. ඒත් මගෙ හිතට හරි නෑ වගේ, මන් දන්නෙ නෑ ඉස්සරහට මොනව වෙන්න යනවද කියලා. ඒත් මගෙ හිතට අමුතු බයක් දැනෙනවා.

දවල් මට කරන්න මුකුත් වැඩක් නැති නිසා මම හිටියෙ වලව්ව ඉස්සරහ තියන ලොකු අඹ ගහ යට තියන ලී බංකුව උඩ.ඒත් එක්කම වගේ ලොකු ජිප් එකක් ඇවිත් වලව්ව ඉස්සරහ නතර කරා.

මන් දන්නවා ඔය කවුද කියලා. වාහනේ දකිනකොට මට කියන්න පුලුවන් කවුද කියලා. අර වැඩකට නැති බල්ලො රැළක් තියාගෙන මේ ගමේ අහිංසක මිනිස්සුන්ට වද දෙන හිතක් පපුවක් නැති මාන්නක්කාර ඇමතියා. මන් ඉවසන් ඉන්නෙ අප්පච්චි නිසා. නැත්තන් මන් ඕකව මෙතනම මරලා දාලා.

ගමේ මිනිස්සු කී දෙනෙක්ට ඕකා තිරිසන් වැඩ කරලා තියනවද,මට ඇහැට දැක්කත් අප්පිරියයි. අනික් එක ඕකා මහ ගෑණු පේරේතයෙක් කී තැනක ඕකගෙ ළමයි ඉන්නවද දන්නෙ නෑ.

එදිරිමාන්න ඇමති , තිසෙන්දි එදිරිමාන්නගෙ අප්පච්චි. තිසෙන්දි කියන්නෙ මගෙ පොඩි කාලේ හොදම යාළුවා. ඒත් ඒක නැතිවෙලා ගියේ ඒකි මන් එක්ක තියාගෙන තියන්නෙ එහෙම සම්භධයක් නෙමෙයි.තිසෙන්දි මට කැමතියිලු. ඒත් මන් ඉස්සර ඉදලම කියනවා මන් කැමති නෑ කියලා. ඒත් මන් පස්සෙන් එල්ලීගෙන එන එකමයි කරන්නෙ. හොද යාළුවෙක් නම් ඒක තේරුම් අරන් යාළුවො වගේම ඉන්නවා. ඒත් පස්සෙන් ඇවිත් වද දෙන්නෙ තාත්තගෙ ජාන දුවටත් තියන නිසානේ.දැන් ඔය ඇවිත් ඇත්තෙත් ඒකටම තමා. මන් ආවා කියලා ආරංචි වෙන්න ඇති.

මන් දැක්කෙ නෑ වගේ හිටියා. කොහොමත් මට ඔය වගේ මිනිස්සු එක්ක ගනුදෙනු ඕනේ නෑ. මන් එහෙම්මම ඉද්දි මේකි ඇවිත් මාව බදාගත්තා. මොන වදයක්ද මේ.

"අභී අයියා මන් දැනගත්තා ඔයා ආවා කියලා. බලන්නකො අනේ ඔයාගේ ලස්සන. ගොඩක් හැන්ඩ්සම් වෙලා.ඉතින් කොහොමද ඔයාට කියන්නකො."

මම ඉස්සරහම බලන් හිටියා. මට වැඩක් නෑ මේකිගෙ මලසමයං. මන් නැගිටලා යන්න හැදුවෙ ඒත් මේකි මගෙ අතේ එල්ලිලා මගෙ පස්සෙන් එනවා. මගෙ හිතේ ඉන්න කෙනාවත් මෙහෙම මාව අල්ලලාවත් නැති කොට මේකි මෙහෙම මාව අල්ලද්දි ඇත්තමයි මට කේන්ති ගියා. ගෑණු ළමයෙක් නිසා ඉවසන්නෙ මම.

"මොකද්ද අනේ....කතා කරන්නකො අප්පා. ඔයත් මොනවහරි කියන්නකො. හරි කමක් නෑ,ඔයා ඉතින් කොහොමත් කතා කරන කෙනෙක් නෙමෙයිනෙ."

මට කොහොමත් උබලා වගේ එවුන් එක්ක කතා කරන්න ඕනේ නෑ තමා.මන් මුකුත් කිව්වෙ නෑ.

"මට දෙයක් කියන්න ඕනේ.අද අප්පච්චිත් ආවා. ඔයාලගෙ අප්පච්චි එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා කිව්වා.අපි යන්ද ඇතුලට. හානේ හානේ....!"

ඒ මිනිහා මොකටද ආවේ. මන් දැක්කෙ නෑනේ වාහනෙන් බහිනවවත්. වැදගත් දෙයක් කතාකරන්න ඕනෙලු. මොකද්ද දන්නෙ නෑ ඔච්චරට වැදගත් දේ.

මොකද අනේ තවත් හිටන් ඉන්නෙ යමුකො.

ආනේ.... ඔයාගේ මේ කම්මුල් දැක්කහම මට කිස් එකක් දෙන්නමයි හිතෙන්නෙ.

මොකද්ද මේකී ඒ කලේ.මම කවුරු කියලා හිතාගෙනද මගෙ කම්මුල කිස් කරේ. මට ඒකට ඇත්තටම තරහ ගියා. කිසිම හැදියාවක් නැති නැහැදිච්ච කෙල්ලෙක්. කිසිම ලැජ්ජාවක් නෑ. ශික් අප්පිරියයි. මන් දෙකක් කියන්න කියලා අනික්පැත්ත හැරෙද්දිම මන් දැක්කෙ මගෙ මැණිකව. ඒ ඇස් වල කදුළු පිරිලා මන් දිහා බලන් ඉන්නවා ඈතට වෙලා.මන් කතා කරන්න කියල හැදුවත් එක විනාඩියක් ඉන්නෙ නැතුව එයා දුවලා ගියා. මන් මොකද්ද දෙයියනේ මේ කරේ. එයා දුකින් හිටියේ මේ දවස් ටිකේම. දැන් මම ඒ හිතට තවත් දුකක් දුන්නා. එයා දැක්කා මාව බදාගෙන තිසෙන්දි කිස් කරනවා. මට තිබ්බ කේන්තිය තවත් වැඩි වෙද්දි මන් තිසෙන්දිගෙ බෙල්ලෙන් අල්ලගත්තා. මට පුලුවන් නම් මේ දැන් මන් මේකිව මරණවා. මරණඑකත් මරණවා මට ඒ තරම් කේන්තියි.

"මොකද්ද ගෑණියේ තෝ ඒ කරේ. මතක තියා ගනින් උබට ඕනේ දේ කවදාවත් සිද්ද වෙන්නෙ නෑ. උබේ මේ අහිංසක මූණ පිටිපස්සෙ ඉන්න මායාකාරි කොයි වගේද කියලා මන් හොදට දන්නවා. උබට ඕනේ මාව නම් මන් උබට කැමති නෑ එච්චරයි. මට ආය වදයක් වෙන්න ආවොත් උබව මම නිකන් අතාරින්නෙ නෑ. මේ දේවරාජ පොඩිහාමු කියන්නෙ කවුද කියලා හොදට මතකතියාගනින්.

මන් කියලා එන්න හැදුවත් මේකි නෙමෙයි නැවතුනේ.

"දැන් ඒවට පුරුදු වෙන්න වෙයි මොකද ඔයාට මාව කසාදබදින්නම වෙනවා අභී අයියේ ඔයත් ඒක හොදට මතක තියාගත්තොත් හොදයි."

Waterlily-jeon ✍️

Share This Chapter