Back
/ 20
Chapter 13

එකොළොස්වන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

"දැන් ඒවට පුරුදු උනොත් හොදයි මොකද ඔයාට මාව කසාද බදින්න වෙනවා අභී අයියේ ඔයත් ඒක හොදට මතක තියාගන්න. අප්පච්චි ඒ ගැන කතාකරන්න තමයි ආවේ. ඒකට කැමති නැති වුණොත් ඒකටත් එයා ලෑස්ති වෙලයි ආවේ."

මාව එතනම නතර වුණා.මොනවද මේ කියන්නෙ. නෑ නෑ ඒක වෙන්න බෑ. මේක වෙන්න බෑ. ඒකියන්නෙ අප්පච්චි  පොරොන්දු වුණා කිව්වෙ මේකටවත්ද? නෑ මගෙ අප්පච්චි කවදාවත් මට එහෙම කරන්නෙ නෑ.  දෙයියනේ මන් දැන් මොකද කරන්නෙ.මන් හිත හිත ඉද්දි තිසෙන්දි මාව පහුකරගෙන වලව්ව ඇතුළට ගියා.

මන් ඒ පස්සෙන් ගේ ඇතුළට ගියා.යද්දි ඇමතියා ඉදන් ඉන්නවා. අප්පච්චි එක්ක බර කතාවක්. මාත් ගිහින් අප්පච්චිටයි ඇමතියටයි ඉස්සරහ තිබුණ පුටු සැටියෙ ඉදගත්තා. තිසෙන්දිත් මට එහා පැත්තෙන් ඉදගත්තට පස්සෙ ඇමතියා කතා කරන්න පටන්ගත්තා.

"අභිශේක් පුතා දැන් ලස්සන වෙලා කොච්චර කාලෙකින්ද දැක්කෙ. පුතාට මාව මතකයිනෙ නේද?,එහෙම අමතක වෙලා කොහොමද නේද?"

කාලකන්නියා!!! , උබේ කටින් මගෙ නමවත් කියන්න එපා. ඒ තරමට අප්පිරියයි මට. දන්නවා මට කොහොමත් උබ වගේ එකෙක් අමතක වෙන්න විදිහක් නෑ කියලා. දැනුත් මගෙ කේන්තියේ උපරිමේ මම ඉන්නෙ.මට මුකුත් කරන්න බෑ මෙතන අප්පච්චි ඉන්න නිසා.නැත්තම් මම මෙතනම උබව ආයිශ්..!!මම මුකුත්ම කිව්වෙ නෑ බොරු හිනාවක් දාලා අහක බලා ගත්තා.

"දැනටමත් පුතා දන්නව ඇතිනෙ මන් ආවේ මොකදටද කියලා.ඉතින් මන් අප්පච්චි එක්ක කතා කරා.මම ආයම කියන්න ඕනේ නෑනේ. කොහොම උණත් මේකට කැමති වෙන එක මේ ගෙදර හැමෝටම හොදයි. නැත්තම් ඉතින්  මට කල්පනා කරන්න වෙනවා මොකද කරන්නෙ කියලා."

මොනවද මිනිහො මේ කියන්නෙ. මගෙම ගෙදරට ඇවිත් මටම තර්ජන කරනවද උබ. හිටපන්කො අද තමා උබ මන් කවුද කියලා හරියටම දැනගන්නෙ.කොහොම කිව්වත් උබ වගේ එකෙන් ඉන්න තැනකින් මට වතුර උගුරක් වත් ඕනේ නෑ. මට තවත් නම් කට පියාන ඉන්න බෑ. මන් නැගිටින්න හදද්දිම වගේ අප්පච්චි කතා කරන්න ගත්තා.

"මම කලිනුත් කිව්වනෙ ඇමතිතුමා මගෙ තීරණේ ගැන, ඒ නිසා කලබල කරන්න ඕනේ නෑ. මම හිතනවා ඔබ තුමා මම කියන දේ තේරුම්ගනියි කියලා."

ඒ කියන්නෙ අප්පච්චිත් මේකට කැමතිද? මට හිතාගන්න බෑ එයා මේ වගේ දෙයක් කලේ කොහොමද කියලා. මම අප්පච්චි දිහා බැලුවත් එයා මගෙ මූණ දිහාවත් බැලුවෙ නෑ. මේ හැමෝම එකතුවෙලා හදන්නෙ මගෙ ජීවිතේ විනාස කරන්න.

ඒත් එක්කම වගේ තිසෙන්දි මගෙ අතේ එල්ලිලා කිව්ව දේ නිසා මට කරගන්න දෙයක් නැති වුණා.

"අනේ තාත්ති ඔයාලා හිතන්න කලින් එයා ඒක මට කිව්වා. එයා කැමතියි මේකට. එහෙම නේද අභී අයියෙ."

ඒකී බොරු හිනාවකින් එකපාරටම කියද්දි.මාව ගැස්සිලා යද්දි අප්පච්චියි , ඇමතියයි දෙන්නම එකවර මගෙ මූණ දිහා බැලුවා. මොනවද මේකී මේ කරන්න හදන්නෙ. දැන් මන් නෑ කියලාකියන්නද දෙයියනේ.මට කරන්න දෙයක් නෑ. මොකද්ද මේ ගෑනී නටන්න හදන නාඩගම.

කැමතියි කිව්ව පලියට එහෙම කසාද බදිනවනම් මොනව කරන්න බැරිද?

මන් මේකට මොනවහරිම කරනවා. ඒත් දැන්ම හදිස්සි වෙලා මේක කරන්න බෑ. මොකද එදිරිමාන්න ඇමති වගේ මිනිහෙක් එක්ක හැප්පෙනවනම් හිතන්න ගොඩක් දේවල් තියෙනවා.මොකද ඒ ඉන්නෙ අපි වගේ මනුස්සයෙක් නෙමෙයි. මනුස්සයෙක් වගේ වෙස් වලාගත්ත අමනුස්සයෙක්.

ඔහොම පැය බාගයක් විතර කතා කර කර ඉද්දි. මගෙ මැණික වෙනදා වගේම ඇවිත් අම්මා හදලා දුන්න තේ ටික තිබුණ බන්දේසිය ටිපෝව උඩින් ගෙනත් තිබ්බා..ඒත් මේ පාරනම් එයා ආව එක මට එච්චර හරි නෑ.මම එයා දිහා බැලුවට කොල්ලා නෙමෙයි ඔලුවක්වත් උස්සලා මන් දිහාවත් බැලුවෙ..! තේ ටික මේසේ උඩින් තියලා බන්දේසියත් අරන් එයා ගේ ඇතුළට ගියා..!එයා කලේ වැරදි වැඩක්...! ඇයි මේ වෙලාවෙම මෙතනට ආවේ...!මම කොහෙත්ම කැමති නෑ මේ වගේ තිරිසනෙක්ගෙ බැල්මක්වත් මගෙ මැණිකට වැටෙනවට. මොකද මගෙ මැණික ලස්සනයි. ගොඩක් ලස්සනයි. මම  දැක්කා මගෙ අහිංසකයා ආපු වෙලාවේ ඇමතියගෙ ඇස් දෙක  තිබුණෙ මගෙ කොල්ලගෙ ළග.හැමදේම බලන් ඉවසීමෙන් හිටපු මගෙ ඉවසීමේ සීමාව නැත්තටම නැතිවෙලා ගියේ තිරිසන් ඇමතියා කිව්ව කතාවට, මට හිතුනෙ ඒකව මෙතනම මරලා දාන්න.

" හරි අපරාදයක් අර වගේ කොල්ලෙක් වලව්වක වැඩ කාරයෙක් වෙලා ඉන්න එක. මටත් කොල්ලෙක් හිටියනම් බන්දලා දෙන්න තිබුණා. කොහෙද ඉතිම් වැඩකාරයෙක්නෙ. මොනව උනත් ලස්සන කොල්ලා."

මන් දැක්කා ඇමතියා කියද්දි උගෙ ඇස් වල තිබුණෙ මොන වගේ චේතනාවක්ද කියලා. ඒකා මගෙ කොල්ලව ඒ ඩිංගට උගේ ඇස් වලින් විනාස කරා. මටම ලැජ්ජයි මන් මහ කොන්ද පන නති එකෙක් කියලයි මට හිතෙන්නෙ. මන් දැක්කා අප්පච්චි උනත් ඒ කතාව නිසා අවුල් ගියා කියලා. මගෙ කොල්ලා පව්. වැඩකාර කොල්ලා තමයි. ඒත් මේ වලව්වෙ කවුරුත්ම එයාට ඒ විදිහට කතාකරලවත් අඩුම ඒ විදිහට සලකලවත් නෑ. විශේෂයෙන්ම අප්පච්චි එයා සදහිරුට සැලකුවෙ එයාගෙම දරුවෙක් වගේ. මට තවඑක විනාඩියක්වත් එතන ඉන්න ඕනේ වුණේ නෑ.මම තවත් මෙතන හිටියොත් වෙන්නෙ මගෙ අතින් මෙතන මිනීමැරුමක් සිද්ධවෙන එක...!අප්පච්චි නොහිටින්න මු දැන් මන් අතින් මැරුං කාලා...! කේන්තිය පාළනේ කරගන්න බැරිම තැන එතනින් නැගිට්ට  මම මගෙ කාමරේට ගියා.

Author pov :

ආදරේ කියන දේ මිනිස්සු කොයි තරම් බලාපොරොත්තු වෙනවද, ඒ වගේම තමයි පුංචි සදහිරුත්. එයත් ආසයි එයාගේ එකම ආදරේ වුණ එයාගේ සුදු බේබී එක්ක සතුටින් ජීවත් වෙන්න. ඒත් ඉතින් කොයි ඒ පුංචි කොල්ලට ඒකට වාසනාවක්. වෙන කවරදාටත් වඩා  කොල්ලගෙ හිත අද හොදටම රිදිලා.මොකද සුදු බේබී කිව්වා කියලා ඇහුනු ඒ වචන කොල්ලගෙ රිදිලා තිබුණ පුංචි හිත තව තවත් කෑලී වලට කඩලා දැම්මා. පුංචි කාලේ ඉදන්ම තනියෙන් හැම දුකක්ම ඉවසන් හිටපු ඒ පුංචි කොල්ලට කවුරුත්ම හිටියෙ නෑ. වලව්වෙ හිටියත් පුංචි කොල්ල ලොකු මිනිස්සු එක්ක මොනවා කතා කරන්නද, ඒත් ඉතින් ඒ ඒ වලව්වෙ ඒ වගේම තවත් පුංචි කොල්ලෙක් ඉන්නවා කියලා ඒ හිත දැනගන්නකම් විතරයි ඒ පාලුව තිබුණේ. එදා ඉදන් අද වෙනකන් එයාට හම්බවුණ ඒ පුංචි යාළුවා තමයි සදහිරුගෙ ලෝකේ ලස්සන කරේ. ඔව් ඒ සදහිරුගෙ සුදු බේබී. සදහිරුට  ජීවිත් වෙන්න හේතුවක් තිබුණනම් ඒ අභිශේක් විතරමයි.ඉතින් එහෙම ආදරයක් හිතේ තියන් හිටිය කොල්ලට සුදු බේබී කියපු ඒ වචන විස්වාස කරන්න බැරුව ගියා. එයාට එක මොහොතකට හිතුන එයා ආයමත් තනි වුණා කියලා. ඉතින් ඒ පුංචි හිතට ඒක දරාගන්න අමාරු වුණ තැන  කාමරේ ඇද කොනකට වෙලා අඩනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.

" මට ආපහු ඔයා එක්ක ඉන්න ලැබෙන එකක් නැති වෙයිද මගෙ සුදු බේබී. ඔයාගේ සදූට ගොඩක් පාළු හිතෙයි. මාව ආපහු තනි වුණා වගේ දැනෙනවා සුදු බේබී. අ..අනේ ම..මට මෙහෙම කරන්න එපා. ම..මට ඔ..යා වි..තරයි හිටියේ මගෙ සුදු බේබී. "

පුංචි සදහිරු අඩනවා. එයාගෙන් සුදු බේබීව ඈත් කරන්න එපා කියලා ඒ හිත දහස් වාරයක් ඉල්ලන්න ඇති . ඒත් ඒ අහිංසකය ඒ වෙනුවෙන් මොනවා කියලා කරන්නද? සුදු බේබීත් දැන් එයාව දාලා යන්න තීරණය කරලා.නැත්තම් කවදාවත් සුදු බේබී කවදාවත්ම තිසෙන්දි නෝනා එක්ක යන්න කැමති වෙන්නෙ නෑ කියලා එයා හොදටම දන්නවා. ඉතින් ඒ පුංචි කොල්ල තවම ඒ දුක දරාගන්න සියුමැලි වැඩියි. එයා හිතුවා ආයම සුදු බේබී එයා ඉස්සරහට එන්නෙ නැති වෙයි කියලා.

ඒත් පුංචි සදහිරු දැනන් හිටියනම් එයා අඩ අඩා කියපු හැම දෙයක්ම කාමරේට යන්න ආපු එයාගේ සුදු බේබී අහන් හිටියා කියලා.

Waterlily-jeon ✍️

Share This Chapter