Back
/ 20
Chapter 14

දොළොස්වන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

Author pov:

එදා එදිරිමාන්න ඇමති වලව්වට ඇවිත් ගිය දවසෙ ඉදන් ගොඩක් දේවල් වෙනස් වුණා. සුදු බේබී එයාගේ සදූ එක්ක කතා කළෙත් නෑ. සදූ එයාගෙ සුදු බේබී එක්ක කතා කළෙත් නෑ. ඒත් දේවරාජ පොඩිහාමු කියන්නෙ ඉවසීම කියන දේ පොඩ්ඩක්වත් තියන කෙනෙක්නම් නෙමෙයිනෙ . කොච්චර උත්සහකළත් නපුරු කුමාරයට බැරි වුණා එයාගේ ලස්සන කුමාරිකාව අල්ලගන්න. ඔව් සදහිරු මේ දවස් ටිකේම කළේ සුදු බේබීව මගහැරපු එක. තවත් මේක ඉවසන් ඉන්න බැරි තැන අභිශේක් අද තීරණය කරා දෙකෙන් එකක් විසදගන්න.ඉතින් කලින්ම නැගිටලා සුදු බේබී උදේ පාන්දරම කිරි බෝතල් ගේන්න කන්දෙ කඩේට යන කොල්ලව අල්ලගන්නයි ලෑස්තිය. ලොකු හාමු මහත්තයට තේරුණත් මේ කොල්ලා දෙන්නා විරසක වෙලා කියලා එයා දන්නවා දෙන්නගෙ හැටි පොඩි කාලේ ඉදලම ඔහොමයිනෙ කියලා ලොකු හාමු ඒක එච්චර ගනන්ගත්තෙ නෑ. ඒත් එතන ඊට වැඩිය දෙයක් තිබුණා ,මොකද පොඩි කාලේ රණ්ඩු වුණේ යාළුකමට වුණත් දැන් යාළුකමට එහා ගිය බැදීමක් එයාලා අතර තියනවා කියලා ලොකුහාමු දැනන් හිටියේ නෑ.. අන්න එතනයි ලොකුහාමුට වැරදුණේ.

අභිශේක් දැක්කා සදහිරු යන්නයි ලෑස්තිවෙන්නෙ කියලා. ඉතින් කොල්ල ගෙදරින් එළියට බැහැල ටිකක් ඈතට යනකන් දොරකඩට වෙලා බලන් හිටිය අභිශේක් පුංචි කොල්ලා පස්සෙන් යන්න පටන් ගත්තෙ හැමදේම විසදගන්න බලාගෙන.මීදුමින් වැහිච්ච ලස්සන පාරක් දිගේ සුදු බේබී තමන් පස්සෙන් එන බව නොදැන පුංචි සදූ ඇවිදන් යනවා. ඒත් ටික වෙලාවකින් ඇහෙන ගැඹුරු කටහඩක් නිසා එතනම නවතින්නෙ කරගන්න දෙයක් හිතාගන්න බැරුව. සදහිරු හොදින්ම දන්නවා ඒ කටහඩේ අයිතිකාරයා කවුද කියලා.එයාට තිබුණා නැවතෙන්නෙ නැතුව දිගටම ඉස්සරහට ඇවිදන් යන්න. ඒත් මොකක්හරි හේතුවකට එයාට එහෙම කරන්න හිතුනෙ නෑ. ඉතින් නැවතිලා ඉන්නවා ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.

අභිෂේක් බලන් හිටියා සඳහිරු එයාගේ පැත්තට හැරිලා බලයි කියලා.ඒත් එහෙම නොවුන නිසා අභිෂේක්ට ටිකක් විතර කේන්ති ගියා. දවස් ගානක් කතා නොකර ඉඳලා මෙහෙම කරද්දි තරහ නොගන්න එක අභිෂේක්ට කරන්න අමාරු වැඩක් මොකද දේවරාජ පොඩි හාමු කියන්නේ ඉවසීම කියන දේ ඩිංගක්වත් තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් තවත් ඉවසන්න බැරි තැන අභිෂේක් සඳහිරුගේ ළඟට ගිහින් උරහිස්වලින් අල්ලලා එයාගේ පැත්තට හරවගත්තා.

අභිෂේක්ගෙ ඇස් දෙක දැක්කට පස්සේ සඳහිරුට ගොඩක් බය හිතුනා. ඒ ඇස් ඒ තරම්ම නපුරු පාටයි. එයාට තේරුම් ගන්න අමාරුවුණේ නෑ වෙනදට වඩා සුදු බේබිට අද ගොඩක් කේන්ති ගිහින් කියන එක. ඒත් ආයෙම එදා එයාගේ සුදු බේබි කියපු දේවල් මතක් වෙද්දි සඳහිරු හැදුවේ සුදු බේබිගේ දරදඬු අත්වලින් ගැලවිලා දුවලා ඈතකට යන්න.ඉතින් සඳහිරු සුදු බේබිගේ අත් වලින් ගැලවිලා යන්න හැදුවත් එයාට ඒකට ඉඩක් ලැබුනේ නම් නැහැ.මොකද සදහිරුට වැඩිය සුදු බේබි ගොඩක් ශක්තිමත්. සඳහිරු ඒ කරපු වැඩේ නිසා සිද්ධ වුණේ සුදු බේබීගෙ තරහ තවත් ඇවිස්සුන එක විතරයි.

"ඇයි බන් උබ මට මෙහෙම කරන්නෙ. මට මේක තවත් බලන් ඉන්න බෑ මැණික. ඇයි මේ විදිහට මාව මගාරින්නෙ.මටත් ඉවසන් ඉන්න පුලුවන් සීමාවක් තියනවා බන්. හේතුවක් නැතුව එකපාරටම මෙහෙම කරන්නෙ ඇයි. අඩුම මට මොකද්ද වුණේ කියලවත් කියපන්කො.මන් මොකද්ද උබට කරපු වරද. උබ මාව මගහරිනවා ඇරෙන්න මේ පපුව රිදෙන්න වෙන හේතු ඕනේ නෑ බන්. මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි."

එයාගේ සුදු බේබී උරහිස් වලින් හොලව හොලව අහනවා. ඒත් සදහිරු හිටියේ ඒවා අහන්න පුලුවන් මට්ටමක නෙමෙයි. එයා හිතන් ඉන්නෙ සුදු බේබී එයාට මේ දේවල් කියන්නෙ එයාගේ හිත හදන්න කියලා. එදා තිසෙන්දි කිව්ව දේ ඒ පුංචි හිතේ ඇතුළටම කිදාබැහැලා තිබුණා.ඉතින් එයා ඒ කළු වලාකුලෙන් වැහිලා හිටිය නිසා එයාට මේ හැම දෙයක්ම පෙනුනෙ වැරදි විදිහට.සදහිරු කියන්නෙ ලේසියෙන් හැම දෙයක්ම විස්වාස කරන කෙනෙක් නෙමෙයි. එයා හැම දෙයක් ගැනම හොයලා බලනවා. ඒත් ආදරේ කියන දේ ඉස්සරහ අපි හැමෝටම වෙන දේ තමයි එදා සදහිරුටත් සිද්දවුණේ. එයාට එකපාරටම ඇහුණ වචන විස්වාස කරගන්න බැරිවුණා. ඒත් ඒක නේද ඇත්තටම ඇත්ත කියලා හිතෙද්දි ඒ හිත මේ තත්වෙට පත් වුණා. එයාට හැමවෙලේම මතක්වුණේ එකම එක වචනටිකයි.

" අනේ තාත්ති ඔයාලා හිතන්න කලින් එයා ඒක මට කිව්වා. එයා මේකට කැමතියි. එහෙම නේද අභී අයියෙ."

ඉතින් සදහිරු ටික වෙලාවක් කදුළු පිරුණු ඇස් වලින් බලන් ඉදලා.සුදු බේබීගෙ අතුත් ගසලා දාලා පිටවෙන්න යන ඇඩුම නවත්තගන්න අත් දෙකෙන්ම කට තද කරලා වහගත්තා.එක වතාවක් ආයම එයාගෙ සුදු බේබී දිහා බලන් හිටිය සදහිරු ඈතට දුවලා යන්න ගියේ ඒ ඇස් තමන් දිහා බලන් කියන්න උත්සහකලේ මොනවගේ දෙයක්ද කියලා අභිශේක්ට ප්‍රශ්නයක් ඉතුරු කරලා.

කිසිම දෙයක් හිතාගන්න බැරිවුණ අභිශේක් ආපහු වලව්වට ආවේ හිත හොදටෝම රිද්දගෙන. සදහිරුගෙ කදුළු කියලා කියන්නෙ අභිශේක්ගෙ ලොකුම දුර්වලතාවය ඉතින් එයාට සදහිරුගෙ ඇස් වල තිබුණේ වේදනාවක් විතරයි කියලා තේරුණා.ඒත් ඒ ඇයි කියන්න එයා දන්නෙ නෑ. සදහිරු ඒක කොච්චර ඇහුවත් කියන්නෙත් නෑ.ඉවසීම, තරහ, දුක, කේන්තිය මේ හැම දෙයක්ම එක්ක අභිශේක් හිටියෙ කරගන්න දෙයක් හිතාගන්න බැරුව.අභිශේක් වලව්වට එනව දැකපු ලොකුහාමුට අභිශේක්ගෙ මූණේ තියන්නෙ මොනවගේ හැගීමක්ද කියලා තේරුම් ගන්න වැඩිවෙලාවක් ගියේ නෑ.

හේතුව නොදැන කිසි දෙයක් අහන්න හොද නෑති නිසා ටිකක් වෙලා කල්පනා කරපු ලොකු හාමු අභිශේක් ළගට එනකන් බිබී හිටපු තේ කෝප්පෙත් පැත්තකින් තියලා බලන් හිටියා.

ටිකකින් ආපු හැටියම ඒ විදිහට කාමරේට යන්න ගියපු අභිශේක්ව ලොකු හාමු කතාකරලා නවත්ගත්තා.

"පුතා කොහෙද මේ උදේ පාන්දර ගියේ. මන් උදේ හිට හෙව්වා."

"කොහෙවත් නෑ අප්පච්චි. පොඩ්ඩක් ඇවිදලා එන්න ගියා. ගේ ඇතුළටම වෙලා ඉන්නත් බෑනේ ඒකයි."

ලොකුහාමු අහද්දි අභිශේක් එච්චර වෙනසක් පෙන්නන්නෙ නැතුව කිව්වත් ලොකු හාමුට ඒක හංගනවා කියන්නෙ බොරු වැඩක්. මොකද ඒ ඉන්නෙ අභිශේක්ගෙ තාත්තා. අභිශේක්ගෙ හැටියට තාත්තා කොයි වගේ කෙනෙක්ද කියලා හිතාගන්න පුලුවන්නෙ. දේවරාජ ලොකුහාමු බැලූ බැල්මට අභිශේක් වගේම කඩවසම්.අභිශේක්ට වඩා වයස වුණත් තවමත් තරුණ පෙනුම කිසි අඩුවක් නැතුව ලොකු හාමුට පිහිටලා තිබුණා. ඉතින් අභිශේක්ට වඩා ලොකුහාමු කියන්නෙ හැමදෙයක්ම ගැන දන්න කෙනෙක් ඉතින් එයාට මේ වගේ දෙයක් තේරුම් ගන්න මහලොකු වෙලාවක් යන්නෙ නෑ.මොකද්ද ලොකුහාමු මේ වයසට ආවේ අභිශේක්ගෙ වයස පහු කරලා.

"පුතා මොකක්හරි ප්‍රශ්නයකද ඉන්නෙ?"

"න්..නෑ අප්පච්චි ඇයි එහෙම ඇහුවෙ?"

"නෑ එහෙම විශේෂයක් නෙමෙයි.අද අයියා එනවලු. පුතාගේ මූණ ටිකක් අමුතුයි වගේ නිසා ඇහුවේ.ප්‍රශ්නයක් නැත්තම් කමක් නෑ. මොනවහරි ප්‍රශ්නයක් තියනවනම් මට කියන්න ඕනේ."

"අනේ එහෙම මුකුත් නෑ අප්පච්චි. මේ මහන්සියට වෙන්න ඇති. අයිය එනවනම් කොච්චර දෙයක්ද? හැබැයි මනුස්සයා මට කිව්වෙවත් නෑ."

"හරි හරි. ඕවා එයැයි ආවහම කතාකරගන්න බැරියෑ. දැන් පුතා ගිහින් ඇගපත එහෙම සෝදගන එන්නකො.අද හවසට පොඩි පැදුරු සාජ්ජයක් එහෙමත් තියෙයි. අයියා කොහොමත් කැමතියිනේ ඒවට.පුතාගේ අකමැත්තක් නෑනේ."

"අනේ නෑ අප්පච්චි මම මොකට අකමැති වෙන්නද?ගොඩ කෑලෙකින්නෙ එන්නෙ. එයා කැමති දේවල් නොකර කොහොමද? එහෙනම් අප්පච්චි මන් wash එකක් දාන් එන්නම්."

අභිශේක් ගියාට පස්සෙ ලොකුහාමු ආයම වහලා තිබුණ තේක බොන්න ගත්තෙ ඈතින් වලව්වට එන පුංචි කොල්ලා සදහිරු දිහා බලන් මොකක්හරි කල්පනා කරන ගමන්.

After few minutes later

දවල් දොළහ විතර වෙද්දි දේවරාජ වලව්ව ඉස්සරහ car එකක් නතර කරේ කඩවසම් ඒත් හරිම අහිංසක හිනාවක් මූණේ පුරවගත්ත තවත් ලස්සන මහත්තයෙක් car එකෙන් එළියට බහිද්දි. ඔව් ඒ තමයි දේවරාජ වල්ව්වෙ ලොකු හාමුගෙ වැඩිමල් පුතා. සහශ්‍ර දෙව්මිත් දේවනාරායන. හැමෝම කිව්වෙ සහශ්‍ර ලොකුහාමු කියලා. CID එකේ වැඩ කරන නිසා අභිශේක් වගේම ගොඩක් කාර්යබහුල කෙනෙක්.car එකේ සද්දෙ ඇහුණ පමාවට ලොකුහාමු, හාමිනේ , අභිශේක් වගේම සදහිරු හිටියෙ වල්ව්ව ඉස්සරහ. ශාන්ති නැන්දා නම් ඉතින් බරටම වැඩ එයා ඉතින් නපුරු සුදු බේබීට වඩා ටිකක් වැඩියෙන් කැමති සහශ්‍ර ලොකුහාමුට තමයි. නැත්තම් ඉතින් සුදු බේබී වලව්වට ආ දවසට වඩා ශාන්ති නැන්දට දැන් වැඩ ගොඩගැහෙන්න විදිහක් නෑනේ. සුදු බේබීටත් එයා ආදරේ නැතුව නෙමෙයි. ඒත් සහශ්‍ර කියන්නෙ අභිශේක්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. එයාට කිසිම විදිහකින් කේන්ති යන්නෙ නෑ. හැම දේටම කේන්ති ගන්න අභිශේක්ට වඩා සහශ්‍ර ගොඩක් නිවුණ චරිතයක්.

"සහශ්‍ර දෙව්මිත් දේවනාරායන"

ඉතින් ගොඩ කාලෙකින් වලව්වට ආව සහශ්‍ර දැකලා හැමෝටම සතුටුයි. ඉතින් සහශ්‍ර ආපු ගමන් ළගට ගිහින් දණගහලා වැන්දෙ ලොකු හාමිනේට. ඊටපස්සේ තමයි ලොකුහාමුට වැන්දෙ.මම කිව්වනෙ සහශ්‍ර කියන්නෙ අභිශේක්ට වඩා ගොඩක් වෙනස් කෙනෙක් කියලා.

"අනේ පුතේ මේ මොකද , වලව්ව ඇතුළට ගිහින් මේවා කරන්න තිබුණනෙ මගෙ කොල්ලට මහන්සිත් ඇති."

"මහන්සි නෑ අම්මෙ.මන් ගොඩක් පාළුවෙන් හිටියෙ ඔයාලා නැතුව."

ලොකුහාමුටවත් , අභිශේක්ටවත් ලොකුහාමිනේ සහශ්‍රට තියන ආදරේට පොඩ්ඩක්වත් ඊරිසියා හිතුණෙ නෑ. එයාලා දන්නවා එයාලා මෙහම කොහේ හරි ගිහින් ආවත් ලොකු හාමිනේ හැමදාම හැමකෙනාටම එකවගේ සැළකුවෙ කියලා. සදහිරුට වුණත්. ඉතින් අද කාලෙකින් ඇවිත් ඉන්නෙ සහශ්‍ර නිසා එයාට තමා අද පළවෙනිතැන.

" හා හා අම්මලා පුතාලා කතා කරලා ඉවරනම් දැන් අපිටත් කතාකරන්න අවස්තාවක් දෙන්නකො නැද්ද අභිශේක්."

" ඒකතමයි අප්පච්චි දැන් මෙයාට අපිව මතක නැද්ද කොහෙද"

මෙහෙම ගියොත් වෙන්නෙ අද ලොකු හාමිනෙයි සහශ්‍රයි දෙන්නා කතා කරන දිහා බලන් ඉන්න තමයි කියලා හිතුව ලොකුහාමු කතා කළේ අභිශේකුත් ඒකට එකතුවෙද්දි.

" අනේ එහෙම නෑ අප්පච්චි මට එහෙම අමතක වෙනවද මගෙ අප්පච්චි පුංචි මල්ලියි. පුංචි කිව්වට කොල්ල දැන් ඉස්සරට වඩා හැන්සම් වෙලා ලස්සන වෙලා."

"අනේ පළයන් බන් යන්න. මගෙ මොන ලස්ස්නක්ද මේ හිටපුවිදිහම තමයි. මොනව නැතත් ඔයා ආව එකටනම් සතුටුයි.මොකද මමත් ටික දවසකින් ආපහු කොළඹ යනවා. ඉතින් ආපු එක හොදයි."

" ඒකනෙ. මම යනකොට තව ටිකක් පරක්කු වෙයි. ඒත් මේ දවස් ටිකේ එකට ඉන්න පුළුවන්නෙ.කෝ ඒක නෙමෙයි කොයි අනේ මේ සදූ හොරගෙඩියා මන් එනවා දැකලා හැංගුනාවත්ද"

මෙච්චර වෙලා සහශ්‍රගෙ කතා වලට හිනා වෙවී හිටපු අභිශේක්ගෙ මූණ එකපාරටම වෙනස් වෙලා ගියේ අකුණක් ගැහුවා වගේ.

ඒත් එක්කම වගේ එයා දැක්කෙ දැන් ටිකකට කලින් එයාලා එක්ක හිටපු සදහිරු එතන නෑ කියාලා.

"මේ දැන් ටිකකට කලින් මෙතන හිටියනෙ කොල්ලා.මන් හිතන්නෙ ශාන්තිට උදව්කරන්න යන්න ඇති."

අභිශේක්ගෙන් උත්තරයක් නැතිනිසා ලොකුහාමු සහශ්‍රට කිව්වෙ අභිශේක් තවමත් කලින් සදහිරු හිටපු තැන දිහා එකදිගටම බලන් ඉද්දි.

___________________________________________

කෝමද ඉතිම් (✿◠‿◠)

Vote ,comment කරන්න..! ආදරෙයි ❤

Waterlily-jeon ✍️

Share This Chapter