Back
/ 20
Chapter 15

දහතුන්වන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

"මේ දැන් ටිකකට කලින් මෙතන හිටියනෙ කොල්ලා.මන් හිතන්නෙ ශාන්තිට උදව්කරන්න යන්න ඇති."

අභිශේක්ගෙන් උත්තරයක් නැතිනිසා ලොකුහාමු සහශ්‍රට කිව්වෙ අභිශේක් තවමත් කලින් සදහිරු හිටපු තැන දිහා එකදිගටම බලන් ඉද්දි.

"එහෙමද , මේ පාරනම් එයා හදන අර කිරි කොස් කන්නම ඕනේ. ඒ තරම් රසට එවා හදන්න වෙන කාටවත් බැ.නැද්ද අභිශේක්."

"අහ්..අ ඔව් ඔව්."

සහශ්‍ර මොනව කිව්වත් අභිශේක්ට ඒ කිසිම දෙයක් ඇහුණෙ නෑ. එයා හිටියෙ වෙනම ලෝකෙක. සහශ්‍ර එයාගේ නම කියනවා ඇහුණට පස්සෙ තමයි එයා හරි සිහියට ආවේ.

ඔහොම හැමෝම ටික වෙලාවක් කතා කර කර ඉදලා එහෙම්මම වල්ව්ව ඇතුළට ගියේ තව විස්තර කතා කරන්න හිතාගෙන.

At night

වලව්වෙ වැඩ කරන හැමෝම වගේ රෑ වෙලා වලව්වට ආවේ ලොකුහාමුගෙන් ලැබුණ ආරාධනාව නිසා තියනවා කිව්ව පැදුරු සාජ්ජෙට. ඉතින් ඒ අයටත් එතනින් එහාට දෙයක් නෑ.සදහිරු , ලොකුහාමිනේ වගේම ශාන්තිත් එකතුවෙලා රෑ කෑම හදද්දි ලොකු හාමු, අභිශේක්,සහශ්‍ර  එක්ක එයාලගෙ ගමේ කොල්ලො ටික එකතුවෙලා අනික් වැඩ ගැන බැලුවා.

හැමදේම හොදින් සිද්ධ වුණත් එක්කෙනෙක්ටනම් නම් ඒක එහෙම වුණේ නෑ. ඔව් අභිශේක් හිටියෙ හොද සිහියකින් නෙමෙයි. ඒකට හේතු දෙකක් තිබුණා.එකක් තමයි උදේ වුණ සිද්දිය එයාගෙ හිතට තවම වද දෙනවා. අනික තමයි උදේ එයාගේ අත ගසලා දාලා අඩාගෙන දුවපු සදහිරුම සහශ්‍ර එක්ක කෑම මේසිදි කතා කරපු විදිහ උදේ ඉදන් දවසම සහශ්‍ර එක්කම සදහිරු හිටපු විදිහ.කෑම මේසෙදි සහශ්‍රගෙ වගේම සදහිරුගෙ ඇස් දෙන්නට දෙන්නා කතා කරපු විදිහ , සදහිරු මහන්සි වෙලා කරන ඕනෙම වැඩකට උදව් කරන සහශ්‍ර. මේ දවස් ටිකටම අභිශේක් සදහිරුගෙන් බලාපොරොත්තු වුණ ඒ ලස්සන හිනාව සහශ්‍ර එක්ක කතා කරද්දි නිකන්ම එලියට එන විදිහ. මේ හැමදෙයක්ම අභිශේක්ගෙ හිත තිබුණටත් වඩා රිද්දලා තිබුණා.ඊටත් වඩා දුක කියන දේ උපරිමේදී අභිශේක් හිටියෙ දරාගන්න බැරි තරම් කේන්තියක් වගේම දුකක් ඒ හිත අස්සෙ හිර කරගෙන.ඒ ඇස් රතු වෙලා අත්වල බෙල්ලෙ නහර කොළ පාටින් ඉලිප්පිලා.තමන්ගෙ අයියා වුණත් සහශ්‍ර ගැන අභිශේක්ගෙ හිතේ තමන්ගෙ ආදරේ ඉස්සරහ ලොකු තරහක් ඇතිවෙලා තිබුණේ.කාටද ඉවසන්න පුලුවන් තමන්ගෙ එකම ආදරේ මේ විදිහට තමන්ව මගහරිද්දි. අභිශේක් දවල් ඉදන් පුදුම විදිහට එයාගේ කේන්තිය පාලනය කරන් ඉන්නෙ. ඒත් ඒක අසාර්ථකයි. වැඩ කරන වෙලාවල් වලදි අභිශේක් කීප තැනකම වැටෙන්න පවා ගියා.ඒ හිත එක තැනක නෑ.එයාගේ මූණ දිහා බලන් ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් එයා මොනතරම් කේන්තියකින්ද ඉන්නෙ කියලා.

අභිශේක් ,සදහිරු ,සහශ්‍ර කියන්නෙ පොඩි කාලේ ඉදන්ම එකට හැදුන වැඩුන තුන්දෙනෙක්. ඉතින් ලොකු වෙද්දි අභිශේක්ගෙ හිතේ වගේම සහශ්‍රගෙ හිතෙත් සදහිරු ගැන ආදරයක් ඇතිවෙලා තිබුණා. ඒත් ඒක අභිශේක් සහශ්‍ර දෙන්නට දෙන්නා දැනගෙන හිටියෙ නෑ.ඒත් සහශ්‍රට ටික කාලයක් යද්දි දැනෙන්න ගන්නවා සදහිරු ඇත්තටම ආදරේ කරන්නෙ අභිශේක්ට විතරයි කියලා.ඉතින් සහශ්‍ර ඒකට ඉඩ දීලා සාමාන්‍ය විදිහට හිටියා.ඒත් හැගීම් හංගනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් අද සිද්ද වුණෙත් ඒකමයි අභිශේක් දැකපු හැමදේම සහශ්‍ර කලේ එයාගෙ හිතේ සදහිරු වෙනුවෙන් තියන තැන තවමත් ඒ විදිහටම තියන නිසයි.එයාට කවදාවත් ඕනේ වුණේ නෑ එයාගේ මල්ලීගෙ සතුට නැති කරන්න.සදහිරුගෙ හිතේ කවදාවත් සහශ්‍ර ගැන එහෙම හැගීමක් තිබුණේ නෑ සදහිරුට සහශ්‍ර කියන්නෙ එයාගෙම අයියා වගේ.සදහිරු අභිශේක් ළගදි  දැනුනෙ ඊට හාත්පසින්ම වෙනස් හැගීමක්. සදහිරුට ඕනේ සුදු බේබීව මගාරින්න එයාට බෑ සුදු බේබීට මූණ දෙන්න ඉතින් එයා අකමැත්තෙන් වුණත් සුදු බේබී දිහා නොබලා ඉන්න තීරණය කරා.මොකද ඒ පුංචි හිත බයවුණා තවත් ඒ හිත රිද්දගන්න. වෙන වෙලාවක වගේනම් අභිශේක්ට වුණත් මේක සාමාන්‍ය විදිහට පේන්න තිබුණා ඒත් සදහිරු වගේම අභිශේක් දෙන්නම ඉන්නෙ ලොකු ප්‍රශ්නයක ඉතින් එයාලා දෙන්නටම හැම දේම පෙනුනෙ තිබුණට වඩා ගොඩක් වැරදියට.

කොහොමහරි ටික වෙලාවකින් හැමෝම සින්දු කිය කිය නටන්න පටන්ගත්තේ රෑ කෑම එහෙමත් කාලා ඉවරවෙලා. ලොකු හාමිනේ ,ශාන්ති වගේම සාලෙට වෙලා බලන් හිටියෙ එළියේ සින්දු කිය කිය නටන කොල්ලො ටික දිහා. ඒ අස්සෙ සමහර අයටනම් ටිකක් විතර වෙරි ගතියත් වැඩි වෙලා. මේ වගේ බජව්වක් දාද්දි ඕනේ තැනක ඒ වගේ දේවල් තියනවනෙ.ඒත් ලොකු හාමු නොබී හිටියෙ බැරි වෙලාවත් ඒ නිසා කෝලහලයක් ඇති වුණොත් ඒකට බෙහෙතුත් එයා ලග තියෙන නිසා. ඇරත් මේක මෙහෙම දෙයක් වලව්වෙ තියන පළවෙනි වතාව නෙමෙයි. මීට කලින් නම් කිසිම කරදරයක් වෙලා නෑ. ලොකුහාමුට හැමෝම බය නිසා එහෙම කරන්නෙත් නෑ කොහොමත්. සහශ්‍ර කියන්නෙ බොන කෙනෙක් නෙමෙයි එයා කැමති සිංදු කියන්න සහශ්‍ර ටික වෙලාවක් සිංදු කියලා. ගිහින් වාඩිවුණේ අනික් අයට එයාලගෙ විනෝදෙට ඉඩ දීලා.කොහොමත් මේ වලව්වෙ වැඩ කරන මිනිස්සුන්ට මෙහෙම හරි සතුටක් දුන්නෙ නැත්තම් ඒක අපරාදයක් කියලයි සහශ්‍ර හිතුවෙ. එයා එන හැමපාරම මෙහෙම සාදයක් තියන්න සහශ්‍ර අමතක කලේ නෑ.මොකද වලව්වෙ වැඩ කරන හැමෝටම මේ වගේ හැමදාම කරන්න හම්බවෙන්නෙ නැ කියල එයා දැනන් හිටියා. මොනවා වුණත් ඒ මිනිස්සු තමන්ගෙ පවුලෙ බඩගින්න නිවලා තමයි අනික් හැමදේම කලේ කියලත් එයා දන්නවා. අඩුම ඒ මිනිස්සුන්ට මේ වගේ විනෝදෙන් ජීවත් වෙන්න වෙලාවක් නැතිම තරම්. සහශ්‍ර කොච්චර හොද කෙනෙක්ද කියනවනම් එයා වලව්වෙ වැඩ කරන හැම පවුලකම ළමයින්ට එයාගෙයි අභිශේක්ගයි සල්ලිවලින් පොත්පත් පවා අරන් දුන්නා. ඉතින් ඒ මිනිස්සු හැමදාම දේවරාජ වලව්වට වැඩ කරන්න ආවේ කැමැත්තෙන්මයි. එයාලට එදා වේල කන්න සල්ලි හොයාගන්න උදව් කරපු දේවරාජ වලව්වෙ දේවනාරායන ලොකු හාමුට මිනිස්සු ගොඩක් ගරු කලේ ඒ නිසයි.

රෑ දොළහ පහු වුණත් තවම සාජ්ජෙ ඉවර වුණේ නම් නෑ.ඒ වෙලාවේ අභිශේක් සහශ්‍ර දෙන්නා හිටියෙ වෙනම වැඩක. ඇත්තටම කිව්වොත් සහශ්‍ර තමයි ලොකු වැඩක හිටියෙ.

මේ වෙනකොට අභිශේක් හිටියෙ මුලු බෝතලයක්ම හිස් කරලා. සහශ්‍ර නවත්තන්න හැදුවත් ඒක හරි ගියේනම් නෑ.එතන ඉන්න කවුරුවත්ම මේ සිද්දිය දැක්කෙ නෑ.අඩුම ලොකුහාමු , ලොකුහාමිනේවත් දැක්කෙ නෑ.

අභිශේක් මෙහෙම බොන්න හේතුව තමයි හිතේ තියන දුක. අභිශේක් හැම දේම මතක් කර කර දන්නෙම නැතුව මුලු බෝතලයක්ම හිස් කරලා.සහශ්‍ර අභිශේක්ව දැක්කෙ නැත්තම් වෙන්නෙ එයා එතන තව ටිකකින් හොද පිස්සුවක් නටන්න පටන්ගන්න එක තමයි.

අභිශේක් ළගට ගියපු සහශ්‍ර අභිශේක්ගෙ අතේ තිබුණ බෝතලේ අයින් කරලා අභිශේක්ගෙ එක අතක් උරහිස උඩින් දාගෙන අභිශේක්ව එයාගේ කාමරේට අරන් ගියේ එයාව කාටවත් පේන්නෙ නැති වෙන්න.

අභිශේක්ව බොහොම අමාරුවෙන් කාටවත් පේන්නෙ නැතිවෙන්න ගේ ඇතුළට එක්ක ඇවිත් කාමරේට යන්න හදද්දිම වගේ සදහිරු කුස්සියේ ඉදන් සාලෙට ආවේ අභිශේක් , සදහිරු වගේම සහශ්‍ර තුන්දෙනාට තුන්දෙනා එකම විදිහට එකිනෙකා දිහා බලන් ඉද්දි.

ටික වෙලාවකින් අභිශේක් අසිහියෙන් වුණත් සහශ්‍රව අතඇරලා වැනි වැනීම ගිහින් සහශ්‍රව බදාගත්තා. ඒක දැකලා සහශ්‍ර ටිකක් පුදුම වුණත් ඊට වඩා කලබල වෙලා හිටියෙ සදහිරු. එයා දැනගත්තා මොකද්ද වෙලා තියන්නෙ කියලා. එයා අතේ තිබුණේ වීදුරු පිගන් ටිකක් ඒ ටික අතේ තියෙද්දිම සුදු බේබී එයාව මෙහෙම බදාගෙන ඉන්න නිසා එයාට හෙල්ලෙන්නවත් විදිහක් තිබුණෙ නෑ.ඊට වඩා එයා අපහසුවෙන් හිටියෙ සහශ්‍ර ලොකුහාමු එයා ඉස්සරහ මේ විදිහට පුදුම වෙලා බලන් ඉද්දි. ඒත් එක්කම

" ස..සදූ මගෙ මැණික . ඔ-ඔයා මේ ම-මාව දාලා යන්නෙ නෑ නේද? ම්-ම..මම හරි ආ..අදාරෙයි නෙ බන් උබට."

අභිශේක් කදුළු පුරවන් සදහිරු දිහා බලන් බීපු විකාරෙන් කියවන්න පටන්ගත්තේ සදහිරු වගේම සහශ්‍ර දෙන්නා මූණට මූණ බලන් ඉද්දි.ටික වෙලාවකින් සදහිරුගෙ අත් දෙකෙන් පිගන් ටික තමන්ගෙ අතට ගත්ත සහශ්‍ර සදහිරුට උඩ කාමරේ පෙන්නන ගමන් අභිශේක්ව කාමරේට එක්ක යන්න කියලා කිව්වෙ සදහිරු එයාව බදාගෙන වැටෙන්න ඔන්න මෙන්න ඉදන් තවත් කියවන අභිශේක්ව වැටෙන්න නොදී ඒ පුංචි ඇගට අමාරුවෙන් වුණත් එයා වගේ දෙකක් විතර අභිශේක්ව වත්තම් කරගෙන පඩිපෙළ දිගේ අමාරුවෙන් උඩට යද්දි.

සහශ්‍ර කැමති වුණේ නෑ අභිශේක් සදහිරු දෙන්නා මැද්දට තවත් තුන්වෙනියෙක් වෙන්න.ඒ නිසයි එයා සදහිරු ගැන එයාගේ හිතේ තියන අදහස අමාරුවෙන් වුණත් යටපත් කරගත්තෙ.අභිශේක් මේ විදිහට බොන්න හේතුවත් අද උදේ ඉදන් සදහිරු එයා එක්ක ඕනැකමින්ම අභිශේක්ව මගහරින ගමන් හැසිරුණ එක කියලා සහශ්‍ර දන්නවා. ඒ දෙන්නා අතර මොකක්මහරි ප්‍රශ්නයක් කියලා සහශ්‍රට දෙන්නගෙ හැසිරීමෙන්ම තේරිලයි තිබුණෙ.අභිශේක් ඉන්නෙ සහශ්‍ර එක්ක එච්චර හිත හොදින් නෙමෙයි කියන්න සහශ්‍ර අද එයා එක්ක වැඩි කතා බහක් නැති අභිශේක්ගෙන් හොදින්ම දැක්කා.ඒ ඉන්නෙ එයාගේ මල්ලි ඉතින් සහශ්‍රට ඒක තේරුම් ගන්න අමාරුවුණේ නෑ.සහශ්‍ර එයාගේ මල්ලි විදිහට අභිශේක්ට හැමදේම දුන්නා.එයාගේ හිතේ පළවෙනියටම දළුදාපු ආදරේ පවා සහශ්‍ර අභිශේක්ට දුන්නා.එයාට තිබුණා විරුද්ධ වෙන්න.ඒත් එයා එහෙම කළේ නෑ.ඒත් අභිශේක් සදහිරුට කවදමහරි දවසක රිද්දුවොත් අන්න ඒ දවසට සහශ්‍ර අභිශේක්ට කවදාවත්ම ඒකට සමාව දෙන එකක් නෑ.මොකද එයා අකමැත්තෙන් වුණත් අභිශේක්ට දුන්නෙ එයාගෙත් පණ.ඉතින් ඒ හිතත් කැමති නෑ ඒයාගෙ පුංචි රෝසමලට කවුරු වුණත් රිද්දනවට.පඩිපෙළ නැගලා සදහිරු අභිශේක් දෙන්නා එයාගේ ඇස් මානෙන් ඈතට යනකන්ම බලන් ඉදපු සහශ්‍ර එළියට ආවේ ඇස් දෙකට ලාවට ඉනුව කදුළු එක අතකින් පිහදාන ගමන්.

Waterlily-Jeon ✍️

Share This Chapter