Back
/ 20
Chapter 16

දහහතරවන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

අමාරුවෙන් පොඩි හාමු මහත්තයව වාරු කරගෙන පඩිපෙළ නැගලා පුංචි කොල්ලට හොදටම හති.ඒ අස්සෙ මහත්තයා මුමුණන දේවල් ඇහිලම මහත්තයගෙ රෝසමලට හොදටම දුක හිතිලා.පුංචි සදහිරු බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයිනෙ මේ සිද්ධ වුණේ.මෙච්චර දවස් මහත්තයව මගඇරලා දැන් කොල්ලට මහත්තයට මුහුණ දෙන්නත් බෑ.මහත්තයව මගඇරලා එයා කොච්චර ලොකු වැරැද්දක්ද කරන් තියන්නෙ කියලා සදහිරුට දැන් ටිකෙන් ටික තේරුම් ගිහින්,අමාරුවෙන් කොහොමහරි මහත්තයාව කාමරේට අරන් ඇවිත් ඇදෙන් හාන්සි කරවපු සදහිරු යන්න හැදුවෙ මහලොකු හාමු මහත්තයගෙ වැඩ වල වෙරි බස්සන්න දෙහි ටිකක්වත් පොවන්න කියලා හිතාගෙන.ඒත් ඉතින් මේ දැන් අසිහියෙන් ඉන්න හාමුවත් එක්ක කොහෙන්ද කොල්ලට ඒකට වෙලාවක්. යන්න ගියපු සදහිරුගෙ අතින් අභිශේක් ඇදලා ගත්තපාර එකපාරටම නොහිතපු වෙලාවක සිද්ධවුණ දේ නිසා හිතන්නවත් වෙලාවක් නොතිබුණ සදහිරු ගිහින් නැවතුනේ අභිශේක්ගෙ පපුව උඩ. අභිශේක්ටත් එතනින් එහාට දෙයක් ඕනේ නෑනේ.ඇගට වැටිච්ච ගමන් අත් දෙකෙන්ම තදට මහත්තයා කොල්ලව බදාගෙන කොල්ලට ගැලවීමක් නෑ. කොච්චර යන්න දැගලුවත් ඒක අසාර්ථක උත්සහයක් වෙද්දි හාමු මහත්තයා කොල්ලගෙ කලබලෙන් එහෙ මෙහෙ දුවන බෝල ඇස් දිහා අඩවන් වෙච්ච ඇස් වලින් බලන් හිටියා.පුංචි කොල්ලා කොහොමද දැන් එයාගේ හාමු මහත්තයගෙන් බේරෙන්නෙ.අදනම් පුංචි කොල්ලා නොදැනුවත්ව හරි මහත්තයගෙ ඉවසීමේ සීමාව නැත්තටම නැතිකරලා දාලා.

"මාව ද-දාලා යන්න එපා බන්. ම-මට

රි-රිදෙනවා බ-බන් උබ මෙ-මෙහෙම කරද්දි."

අභිශේක්ගෙ වචන දහස්වාරයක් ඒ හිත රිද්දන්න ඇති.අහිමි වෙන්න යනවා කියලා දැන දැනම සදහිරුට හිත දුන්නෙ නෑ මහත්තයා එක්ක වචනයක් කතා කරන්න.ලැබෙන්නෙ නෑ කියලා දැන දැන සදහිරුට බෑ තවත් මහත්තයට ළං වෙන්න.අභිශේක් කියන දේවල් අහගෙන ඉන්නව ඇරෙන්න සදහිරුට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. මොනවා වුණත් අභිශේක් එදා කියපු වචන මතක් වෙන මතක්වෙන වාරයක් ගානේ සදහිරුට වාවගන්න බෑ.කදුළු වලට ඉඩදෙනව ඇරෙන්න ඒ වෙනුවෙන් කතා කරන්නවත් ඒ අහිංසකයට ඉඩක් නෑ.මොනවා කියන්නද සදහිරු හිතින් හිතුව වාර අනන්තයි ඇයි ඒ කෙනා දේවරාජ පොඩිහාමුම වුණේ කියන එක.සදහිරුට ඒ හිතේ ඉඩක් නොතිබුණානම් මීට වඩා තත්වෙ වෙනස් වෙන්න තිබුණා.ඒත් සදහිරු දන්නවා එයාගේ මහත්තයා එයාට කොච්චර ආදරයක් හිතේ හිරකරන්ද මේ හැමදේම දරාගෙන ඉන්නෙ කියලා.ඒත් මේ වෙලාවේ එයාගේ හාමු මහත්තයත් හොදටම අසරණයි.ඒත් ඊටත් වඩා මහත්තයගෙ වචන සදහිරුට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා තිබුණා. තිසෙන්දිගෙ තොල් අභිශේක්ගෙ තොල් එක්ක ඒ ඇස් ඉස්සරහම එකට ගැටෙන තප්පරේම ඒ අහිංසක හිත ආපහු එකතු කරන්න බැරි තරම් කෑලී සියගානකට කැඩිලා ගියා. අභිශේක්ට කොච්චර ළගින් හිටියත් එයාට කරන්න බැරි වුණ දේවල් තිසෙන්දි එච්චර ලේසියෙන් ලබාගන්න විදිහ,ඒ හිත හිතුවෙ එහෙම, එයාට ළං වෙන්නවත් බැරි දුරකට අභිශේකව එයාගෙන් ඈත් කරන්න එයාලට පුලුවන්. ඒ හාදුව දුන්න වෙලාවේ වගේම අභිශේක් එයාගෙන් ඈතට එක්ක යනකනුත් එයාට බලන් ඉන්න වෙයි කියන බය තදින්ම ඒ අහිංසකයට දැනිලා ඉවරයි.හාමු මහත්තයා කොහොමද කියන්නෙ ආයම පුංචි කොල්ලට එයා ළගට එන්න කියලා දාලා යන්න එපා කියලා.සදහිරුට ඕනේ නෑ අභිශේක්ව දාලා යන්න.මැරෙන තුරාවට මහත්තයාත් එක්කම ඉන්නවා කියන එකයි සදහිරු එයා එයාටම දුන්න පොරොන්දුව ඒත් ඒ හැමදෙයක්ම බය කියන දේ ඉස්සරහ හැමවෙලේම සදහිරුව නැවැත්තනවා. අභිශේක් එයා එක්ක ඉන්නවා වුණත්,එයා වෙනුවෙන් කතා කරන්න ඉන්න එකම කෙනා වුණ මහත්තයවත් නැතිකරගන්න ඒ හිත බය වුණා.එදිරිමාන්න ඇමති කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියලා පුංචි කොල්ලා නොදන්නවා නෙමේනේ.මහත්තය සතුටින් ඉන්නවටත් වඩා මොනවිදිහකින් හරි පරිස්සමින් අභිශේක් ජීවත් වෙනවා බලන්නයි සදහිරුට ඕනේ.ඇස් වලට නොපෙනෙන දුරකින් වුණත් අභිශේක් ජීවත් වෙලා ඉන්නයි සදහිරුට ඕනේ.අභිශේක් නැති ජීවිතයක් ගැන හිතන්නත් ඒ අහිංසක හිත කැමති වුණේ නෑ. ඉතින් එයාටත් සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් මහත්තයා එයා එක්ක ඉන්නවා කියලා ඒ හිතට දැනෙන තුරාවට විතරයි. අභිශේක් නැති ලෝකෙක සදහිරු කෙනෙක් නෑ.සදහිරු අභිශේක් දෙන්නම එක්කෙනෙක්.සදහිරු දැනටමත් එයාගේ මුළු ජීවිතේම දේවරාජ පොඩිහාමු වෙනුවෙන් ලියලා ඉවරයි. අභිශේක් හොදින් ඉන්නවනම් සදහිරු ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරයි.ඒ හිතට තියන එකම බලාපොරොත්තුව ඒක විතරයි.

"ස්-සුදු බේ-බේබී ම-මට යන්න දෙන්න."

"උබ ම්-මාව දාලා කොහේ යන්නද බ-බන් හික්"

"මහත්තයා ද්-දැන් ඉන්නෙ හ්-හොද සිහියෙන් න්-නෙමෙයි.අ-අපි පස්සෙ කතා ක-කර-

"ම-මන් මට මුකුත් වෙලා න්-නෑ. උ-උබ අ-අද හ-හරි ල-ලස්සනයි මැණිකේ හහ්."

සදහිරු උත්සහ කරලා බැරිම තැන යන්න දෙන්න කියලා ඉල්ලුවෙ.අභිශේක් එක්ක හැරෙන්නවත් එයාට බැරි නිසා.ඒත් හාමු මහත්තයා නම් කොල්ලව අතාරින පාටක් නෑ. වචන ටිකක් ගැටගහගෙන අහපු ප්‍රශ්නෙටත් මහත්තයා දුන්නෙ අනික්පැත්ත ආයමත් ප්‍රශ්නයක් වෙනකොට සදහිරුට කර කියාගන්න දෙයක් නැතිවුණා.අරත් මේ විදිහට කවුරුහරි එයාලව දැක්කොත් සිද්ධවෙන්නෙ මොනතරම් නරක දෙයකද,ඇයි සදහිරුගෙ දේවරාජ පොඩිහාමුට මේ කිසිම දේක බරපතලක් තේරේන්නෙ නැත්තෙ.ඉස්සර හිටපු දගකාර කොල්ලනම් දැන් මහත්තයා හොදට කන පිරෙන්න අහගෙන ගුටිත් කාලා. ඒත් දැන් සදහිරුට පුලුවන් වුණේ මහත්තයා දිහා බලන් හූල්ලන්න විතරක් වෙනකොට කොහොමද වැරැද්ද මහත්තයට විතරක්ම පටවලා මහත්තයාට බනින්නෙ.අභිශේක් මේ විදිහට හැසිරෙන්නෙ එයත් එක හේතුවක්, ඒ දේ සදහිරු හොදින්ම දන්නවා.හැමදේම විනාඩියකට නවත්තල සදහිරුට දැන් ඕනේ මහත්තයගෙන් ගැලවෙන්න විතරයි.ඉතින් තියන අන්තිම දේත් කියලා බේරිලා යන්න හිතුවත් අභිශේක් අසිහියෙන් කියවන දේවල්  සදහිරුව පුදුම කරා.කවදාවත් නැතුව කට පුරා "උබ අද හරි ලස්සනයි මැණිකේ"කියලා අත් දෙකෙන්ම මූණ හරි පරිස්සමට අල්ලන් කියද්දි කවදාවත් තමන්ගෙ හැගීම් මේ තරම් විවෘතව කාටවත්ම පෙන්නලා නැති දේවරාජ පොඩිහාමු අද තමන් ඉස්සරහ ඒ විදිහට කිව්වා කියලවත් සදහිරුට විවාස කරගන්න බැරි වුණා.එක තප්පරේකට සදහිරුට හැමදේම අමතකවුණා.එහෙම්මම තවමත් වැටුණ විදිහටම අභිශේක්ගෙ පපුව උඩ සදහිරු ඒ අඩවන් වුණ ඇස් දිහා බලන් හිටියා. හරි සිහියකින් කිව්වා නොවුණත් තවමත් අභිශේක්ගෙ වචන විස්වාස කරගන්න සදහිරුට බැ.හරි සිහියකින් හිටියා නොවුණත් සුදු බේබිගේ ආදරේ උතුරන ඇස් දැක දැක ඒවා මගහරින්න සදහිරුට බැරිවුණා.ඒ කළුපාට ගැඹුරු ඇස් අස්සෙ සදහිරු වෙනදා වගේම අතරමන් වුණා.වටපිටාවේ සිද්ධවෙන කිසිම දෙයක්  අභිශේක්ටවත් සදහිරුටවත් දැනගන්න ඕනේ වුණේ නෑ. සුදු බේබිගේ ඇස් අස්සෙ ආදරේන් අතරමන් වෙලා හිටපු සදහිරුගේ අත් ඉබේම නතර වුණේ අභිශේක්ගෙ දාඩියෙන් තෙත් වුණ කොණ්ඩෙ. සදහිරුගෙ හීනී රෝසපාට ඇගිලිතුඩු මහත්තයගෙ දාඩියෙන් පිරුණු කොණ්ඩ කැරලි අතරින් හිමින් එහෙ මෙහෙ ගියේ හරිම හිමින්.නොදැනුවත්වම  මහත්තයගෙ මූණ දිහාවට ඇදෙන එයාගේ අත ගැන සදහිරුට කිසිම අදහසක් නෑ.මහත්තයගෙ අත් ඇවිත් සදහිරුගෙ පුළුන් කම්මුල්වල නතර වෙනකන් පුංචි කොල්ලා ඒ ගැන දන්නෙ නෑ.ඒ තරම්ම සදහිරු ඒ ඇස් වල හොයාගන්න බැරි තරම් දුරකට අතරමන් වෙලා.මේ වෙනකොට  අභිශේක්ගෙ ඉවසීමේ සීමාව ගොඩක් දුර අරන් ගිහින් තිබුණෙ සදහිරුගේ හීනී රෝසපාට තොල්. එන්න ඒන්නම අභිශේක්ගෙ සීතල තොල් සදහිරුගේ පුංචි රෝසපාට තොල් ළගට ළං වෙද්දි ඒ දෙන්නා අතර තිබුණෙ බොහොම පුංචි පරතරයක්.අභිශේක්ගෙ උණුසුම් වුණ හුස්ම වැල් සදහිරුට හොදින්ම දැනුණා.ඒත් එක්කම ඒ තොල් ස්පර්ශ වෙන්න පුංචිම පරතරයක් තියෙද්දි හොදටම වැඩිවෙලා හිටපු අභිශේක්ට සිහි නැතිවෙලා ආයම ඇදට වැටුණෙ සදහිරු එකපාරටම වුණ දේ නිසා ගැස්සිලා යද්දි.ඉක්මනටම අභිශේක්ගෙ ඇග උඩින් අයින් වුණ සදහිරු අභිශේක්ව ඉක්මනින් කොට්ටෙට හරියට ඔළුව තියවෙන විදිහට හදලා ඔළුව ඉක්මනට අතගාන්න ගත්තෙ වැටෙන වෙලාවේ අභිශේක්ගෙ ඔළුව ඇදවිට්ටමේ හයියෙන් වැදෙන සද්දෙ සදහිරුට හොදින්ම ඇහුණ නිසා.පුංචි දේටත් අඩන සදහිරුගේ ඇස් වල ඒක නිසා දැනටමත් කදුළු පටලයක් බැදිලා.කොහොමහරි පැයක් දෙකක් විතරම සදහිරුට අභිශේක්ගෙ ඔළුව අත ගගා ඇද ළගට වෙලා ඉන්න වුණේ හීනෙනුත් අභිශේක් එයාගේ නම කෙදිරිගාන්න පටන්ගත්ත නිසා. කොහොමහරි අන්තිමට කොල්ලගෙ මහන්සියට පින්සිද්ධවෙන්න එයාගේ සුදු බේබිට නින්ද ගියා.ඒත් ඉතින් සැකේ කියන්නෙ මේවා උදේ පාන්දර වෙද්දි මහත්තයට මතක තියෙයිද කියන එකයි.

මහත්තයට නින්ද යනකම් ඔලුව අතගාලා අතගාලා,කොහොමහරි දෙහි ටිකත් නිදිමත අස්සෙම පොවලා කොල්ලටත් ඇද පාමුලම මහත්තයගෙ අතත් අල්ලන් නින්ද ගියේ තාමත් පහළ ඩොල්කියේ සද්දෙත් එක්කම බරටම සිංදු කියන සද්දෙත් ඇහෙද්දි.ඒත් පුංචි සදහිරු වගේම අභිශේක් දැනන් හිටියෙ නෑ ඒ දෙන්න දිහා දැන් ටික වෙලාවක ඉදන් කෙනෙක් බලන් හිටපුබව.මහත්තයගෙ අතත් අල්ලන් බිම ඉදන් ඇදට ඔලුව තියන් නිදන් ඉන්න කොල්ලගෙ ඇගට සීතලට වැහෙන්න ශීට් එකක් පොරවපු ඒ කෙනා සදහිරු වගේම අභිශේක් දිහා බලන් හිටියෙ වේදනාවෙන්.ඔව් සහශ්‍ර.තවමත් ඇයි සදහිරු මේ තරම් පරක්කු කියලා බලන්න උඩට ආපූ සහශ්‍ර දැක්කෙ අභිශේක්ගෙ ඔලුව අතගාන ගමන් අඩ අඩා ඉන්න සදහිරුව.සහශ්‍රට ඕනේ වුණා සදහිරු ළගට යන්න.ගිහින් බදාගෙන අඩන්න එපා කියන්න.ඒත් එයා බලන් හිටියා.ඒ එයාට අයිති දෙයක් නෙමෙයි.ඒ කදුළු වුණත් ඉනුවෙ අභිශේක් වෙනුවෙන් ඉතින් දෙන්නටම නින්ද යනකන් බලන් ඉදපු සහශ්‍ර සදහිරු ළගට ඇවිත් ශීට් එක පොරෙව්වෙ සදහිරු ටිකක් ශීට් එක අස්සෙ ගුලිවෙද්දි.අභිශේක් දිහාත් බලපු සහශ්‍ර කාටත් හොරෙන්ම සදහිරුගෙ නළල මුදුනෙන් පුංචි හාදුවක් තැවරුවේ දොරත් හිමින් වහගෙන එයාගේ කාමරේට යන්න කලින් ආයම එකපාරක් එයාගේ එකම මල්ලි අභිශේක් දිහත් , එයාගේ පළවෙනි ආදරේ සදහිරු දිහාත් බලලා බර හුස්මක් පහත දාන ගමන්.

Waterlily-jeon ✍️

Share This Chapter