Back
/ 20
Chapter 17

පහළොස්වන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

උදේ පාන්දර ඉර එළිය මූණට වැටෙනවත් එක්කම ඊයේ දවසෙ හපන්කම්වල අමාරුවට තවත් කැරකිල්ලට වගේ එද්දි අභිශේක් එක අතකින් ඔලුවත් අල්ලන් නැගිට්ටෙ ඊයේ රෑ සිද්ධවෙච්ච දේවල් ගැන කිසිම අදහසක් නැතුව.අභිශේක් ඇදෙන් බැහැලා යන්න හැදුවත් එයා දැක්ක දේ එක මොහොතකට අභිශේක්ව එතනම නතර කළා.හැමදාමත් වගේ අදත් හරියටම එයා නැගිටින වෙලාවට මේසේ උඩ තියන කිරි කෝප්පෙ උණු උණුවෙම දුන් දාන ගමන් අදත් ඒ විදිහටම මේසේ උඩ තිබුණා.පුංචි සතුටක් එක්කම කියාගන්න බැරි දුකක් වේදනාවක් අභිශේක්ගෙ මූණේ ලියවිලා තිබුණා.එයාල දෙන්නම මේ එයාලටම කරගන්නෙ මොනතරම් රගපෑමක්ද බොරුවක්ද කියලා අභිශේක් හිතින් දහස් වාරයක් හිතන්න ඇති,ඒත් සදහිරුට වගේම අභිශේක් පැත්තෙනුත් එයාට ඕනේ වුණේ එයාගේ පුංචි රෝසමල සතුටින් ඉන්නවා දකින්න විතරයි. අභිශේක් දන්නවා මේ කසාදෙට එයා අකමැති වුණොත් එයාගේ අප්පච්චිගෙන් කරදරයක් ,විරුද්ධත්වයක් නැතිවුණත්, එදිරිමාන්න ඇමති කවදාවත් ඒක එච්චර ලේසියෙන් අත අරින්නෙ නෑ කියලා.

අභිශේක්ට තිබුණේ බයක්,ඒත් ඒ තමන්ට ඒ හිතක් පපුවක් නැති මනුස්සයා මොනවත් කරයි කියල නම් නෙමෙයි අභිශේක්ට තියන සදහිරු කියන වගකීම නිසයි. ඒක මේ දේට හරස් වුණේ නැත්තම් එයා අනිවාරෙන්ම දැන් වෙනකොට හොදින් හරි නරකින්හරි මේ ප්‍රශ්නෙ විසදගෙන.ඒත් ඒ හිත භය වුණේ එකම එක දේකට විතරයි. සදහිරුට ඒ තිරිසන් මිනිහා අතින් කරදරයක් වෙනවා බලන්න අභිශේක්ට කොහෙත්ම ඕනේ වුණේ නෑ. අභිශේක් දන්නවා තිසෙන්දි එදිරිමාන්නගෙ තාත්තා කොහොමද මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නෙ කියලා ඉතින් එයා එක මොහොතක්වත් පසුබට නොවෙන්න තිබුණා එයාගේ එකම දුර්වලතාවය වගේම එයාගෙ පණ ඩිංග සදහිරු නොවුණනම්, එයා හොදටම දන්නවා එයාට මොනවමහරි සිද්ධවුණොත් සදහිරු කාත් කවුරුවත් නැතුව තනිවෙනවා කියලා. අන්න ඒ හේතුව නිසාමයි අභිශේක් මෙච්චර ඉවසන්නෙ.ඉවසීම කියන්න දේවරාජ පොඩිහාමු ළග තියන දෙයක් නෙමෙයි.ඒත් දැන් අභිශේක් තීරණය කරලා ඉවරයි එයාගේ සදහිරු වෙනුවෙන් ඉවසන්න. අභිශේක් දැන් ඉන්නෙ කරන්නෙ මොනවද කියලා හිතානගන්න බැරි තැනක,

එක පැතතකින් එයාගේ රෝසමලව එයා පරිස්සන් කරන්න ඕනේ, අනික් අතින් එයාට මේ දේට අකමැති වෙන්නත් බෑ.ඉතින් අභිශේක් ඉන්නෙ කරන්නෙ මොනවද කියලා හිතාගන්න බැරි තැනක.ඒත් සදහිරු හොදින් ඉන්නවනම් එයා ඕනෙම දෙයක් ඒ වෙනුවෙන්

කරන්න ලෑස්තියි.

කල්පනා ලෝකේන් මිදුන අභිශේක් මූණත් සෝදගෙන අලුත් ඇදුමකට මාරු වෙලා කිරි කෝප්පෙත් අතේ තියාගෙනම පඩිපෙළ බැහැගෙන පහළට ආවේ සදහිරුව බලාපොරොත්තුවෙන් ඒත් අභිශේක්ට පුංචි කොල්ලව හම්බවුණේනම් නෑ.සදහිරුව හොයන්න කියලා අභිශේක් වලව්වෙන් එළියට බැහැලා බලද්දි දැක්කෙ,උදේ පාන්දරම ලොකු කූඩෙයකුත් උස්සගෙන අඹ ගහ දිහා බිම ඉදන් බලාගෙන ඉන්න සදහිරුව.කොල්ලා මොනවද කරන්නෙ කියලා බලන්න අභිශේක් මුකුත්ම නොකර කොල්ලා දිහාම බලන් හිටියා.කූඩේ පැත්තකින් තිබ්බ කොල්ලා මිදුලේ තිබුණ පුංචි කෝටු කෑල්ලක් අරන් අඹ ගහට විසි කළා. දැන් තමයි අභිශේක්ට තේරුණේ පුංචි කොල්ලා මොකද්ද කරන්න යන්නෙ කියලා.අද දවල්ට අඹ අච්චාරු හදන්නද එතකොට කොල්ල හදන්නෙ.ගහපු එක කෝට්ටක්වත් අඹ ගහේ එක කෝලේකවත් නොවැදි ආපහු පහළට වටෙද්දි අභිශේක් බලන් ඉද්දිම සදහිරුගෙ මූණ බෙරි වෙලා ගියේ රෝසපාට තොල් නොපිට පෙරලෙද්දි. කටකොනට ආපු හිනාවත් එක්කම අභිශේක් පුංචි කොල්ලට උදව් කරන්න කියලා හිතාගෙන යන්න හැදුවත් තියපු අභිශේක් තියපු පළවෙනි අඩියම ඉබේම ආපස්සට ගියා.

සහශ්‍ර, හේතුව තමයි සහශ්‍ර. අභිශේක් වගේම සදහිරු ළග අතරමන් වෙලා හිටිය සහශ්‍ර නොදැනුවත්ව වුණත් අභිශේක්ට වඩා ඉක්මන් වෙලා තිබුණා.සහශ්‍රට හාන්කවිසියක්වත් තිබුණෙ නෑ ඒ නපුරු ඇස් දැනටමත් තියන්නෙ සදහිරු ළග කියලා.තිබ්බ පළවෙනි අඩියම ආපස්සට තියවුණේ බිම වැටිලා තිබුණ කූඩේ සදහිරුගෙ පුංචි අත් දෙක උඩින් පරිස්සමට තියපු සහශ්‍ර නිසා. අභිශේක්ගෙ ඇස් ඉස්සරහම ඒ අතින් අල්ලන් හිටපු පුංචි කෝටු කෑල්ල අතට ගත්ත සහශ්‍ර ඒකෙන් දෙපාරක් තුන්පාරක්ම අඹ ගහෙන් කොල්ලට මදි නොකියන්න අඹ කඩලා දුන්නා.සදහිරුගේ මූණේ සතුටින් පිරිලා ගිහින් සහශ්‍ර ලොකුහාමු

නිසා.ඒත් ඈත ඉදන් බලන් ඉදපු අභිශේක්ගෙ කේන්තිය එන්න එන්නම වැඩි වුණේ සදහිරු සහශ්‍ර දිහා බලලා හිනාවුණ ඒ පළවෙනි තප්පරේමයි.අතින් අල්ලන් හිටපු කෝප්පෙ අඩුව කිටි කිටියේ අභිශේක්ගෙ අත් වලට මිරිකිලා යද්දි ඒ බෙල්ලෙ පවා කොළපාට නහර ඉලිප්පුණා.මේ කිසිදෙයක් නොදන්න සදහිරු සහශ්‍ර දෙන්න තවමත් එකිනෙකා එක්ක ඇස් වලින් කතාකරන ගමන් හිටියා.අභිශේක්ට තවත් ඒ දිහා බලාන ඉන්න පුලුවන් කමක් තිබුණෙ නෑ.අයියා වුණත් මෙච්චර තරහක් අභිශේක්ගෙ හිතේ ඇති වෙන්නෙ ඒ හිතේ සදහිරු වෙනුවෙන්ම විතරක් පණ ගැහෙන ආදරේ නිසා.ප්‍රශ්න එක්ක තමන්ට එකම ආදරේත් නැති වෙන්න යනවා කියලා දැනෙද්දි මේ දේවල් තවත් ඉවසන් ඉන්න අභිශේක්ට බැරිවුණා.දෛවය සදහිරු අභිශේක් දෙන්නා එක්ක මොන වගේ සෙල්ලමක් කරන්න හිතාගෙන ඉන්නවද කියලා ඒ දෙන්නාවත් දන්නෙ නෑ ඒත් මේ දකින,සිද්ධවෙන දේවල් නිසා දේවරාජ පොඩිහාමු ටිකෙන් ටික පරණ තත්වෙටම යන ගමන් හිටියා.මොකද දේවරාජ පොඩි හාමුව වෙනස්ම චරිතයක් වුණේ ඒ පුංචි කොල්ලා නිසා.තමන් ආසම දේවල් නැතිකරගන්න අභිශේක් කැමති නෑ.ඒක එයාගේ පොඩිකාලේ ඉදන්ම පුරුද්දක්.

අභිශේක් බලන් හිටියා දැන් නවත්තයි දැන් නවත්තයි කියලා.ඒත් සදහිරු ළග අතරමන් වෙලා ඉදපු සහශ්‍රට නම් ඒ ගැන ගානක්වත් නෑ.සදහිරු හිටියෙ සහශ්‍ර එක්ක කතා කරන ගමන් බිම වැටිලා තිබුණ අඹ ටික කූඩෙට එකතු කරන ගමන්.සදහිරු දිහා බලනකොට සහශ්‍රගෙ ඇස්වල තිබුණ ආදරේ පිරුණු බැල්ම

අභිශේක්ට දරාගන්න බැරිවුණා.ඊළග තප්පරේ ඇහුණේ සද්දෙට වීදුරුවක් බිදිලා යන සද්දයක්.එකපාරටම ඇහුණ සද්දෙ නිසා ගැස්සිලා ගිය සදහිරු වගේම සහශ්‍ර දෙන්නා පැත්තට හැරුණත් දකින්න පුලුවන් වුණේ කිරිත් එක්කම බිදිලා ගිය වීදුවෙ වීදුරු කටු ටික විතරයි.ඈත තියාම ඒ කෝප්පේ බිදිලා ගිය වීදුකෑලී දිහා හොදින් බලපු පුංචි කොල්ලා අතේ තිබුණ කූඩේ බිම වැටුණේ ඒ පුංචි ඇස් වලින් කදුළු කැට එක දෙක වැටෙන්න පටන්ගනිද්දි.හැමදාම උදේට තමන්ගෙම අතින් හදපු කිරි එක ගිහින් දෙන කොල්ලට මහත්තයගෙ කෝප්පෙ අදුරගන්න බැරිද?

ඒත් එක්කම වගේ වේගෙන් ඇවිදන් වලව්වෙන් එළියට ආපු අභිශේක් සදහිරු සහශ්‍ර දිහා නොබලම ගිහින් ජීප් එකේ දොර ඇරලා හැදුවෙ වාහනෙට නගින්න වුණත් සහශ්‍ර අභිශේක්ව නැවැත්තුවා.

"කොහෙද අභිශේක් උබ යන්න හදන්නෙ.අනික මොකද මේ."

යන්න හදපු අභිශේක්ව නවත්තල එක එක උරහිසකින් අල්ලගත්ත සහශ්‍ර හේතුව මොකද්ද කියලා හොදින්ම දැන දැනත් ඇහුවෙ කොහෙද යන්නෙ කියලා දැනගන්න.

"මාව අතඇරපන්!!!!"

අභිශේක් පුලුවන් තරම් කේන්තිය පාලනය කරන් සහශ්‍රට කිව්වෙ තවමත් වාහනෙ පැත්තට හැරිලා ඉන්න ගමන්.ඒත් සහශ්‍ර කියන දේ ගානකටවත් ගත්තෙ නෑ. ඒක අභිශේක්ගෙ කේන්තිය තවත් වැඩි කරා.

"එක පාරක් කිව්වහම මාව අතඇරපන් මිනිහො!!!!"

ඉවසීමේ උපරිම සීමාවේ හිටපු අභිශේක් සහශ්‍රගෙ පැත්තට හැරෙන ගමන් ඒ අත කේන්තියක් ගසලා දාලා හයියෙන් කෑ ගැහුවෙ සදහිරුව ගැස්සිලා යද්දි.අභිශේක් එයාගේ පැත්තට හැරෙද්දි රතුවෙලා තිබුණ ඇස්වල තිබුණ කදුළු දැකලා සහශ්‍ර ගැස්සිලා ගියා.ඒ කේතිය සදහිරුට වගේම සහශ්‍රට මීට අවුරුදු ගානකට කලින් හිටපු අභිශේක්ව මතක් කරා. මෙච්චර දවසක් ගෙදරට කලිසම් ශර්ට් ඇදපු අභිශේක් අද සුදු සරමට කළු පාට ටී ශර්ට් එක ඇදලා කොණ්ඩෙත් ආපහු පිටිපසට කරලා ගැටගහලා තිබුණා.සහශ්‍රට ආපහු අභිශේක් හිටපු තත්වෙටම ඇවිත් ඉන්නවා පෙනෙද්දි ඉබේටම සදහිරු දිහා බැලවුණා.

වාහනෙට නැගපු අභිශේක් ඩ්‍රයිවර්ට වාහනෙ ස්ටාර්ට් කරන්න කියන්න හැදුවත් ඇහුණ ඒ පුංචි කටහඩ නිසා ආපහු හැරිලා බැලුවා.

"ස්-සුදු බ්-බේබී ඇයි ඇ-ඇයි මේ."

සදහිරු මේ වෙන දේවල් හිතාගන්න බැරුව කිව්වෙ තමන් මහන්සි වෙලා මීට අවුරුදු ගානකට කලින් නැතිකරපු ඒ අභිශේක්ගෙ නපුරු චරිතෙ ආපහු එයාගේ ඇස් ඉස්සරහ ආපහු ඉද්දි ඒ හිත ගොඩක් බය වුණා.මොකද ඒ හිටපු හාමු මහත්තයා එයාට ටිකක් හොදින් හිටියත්,කලින් ඉදපු අභිශේක් තරම් එච්චර හොද කෙනෙක් නෙමෙයි බව සදහිරු දන්නවා.

වචන දෙක තුනක් ගැටගහගෙන සදහිරු අභිශේක්ට කතා කරේ තවමත් ඒ අහිංසකයට මේ වෙන දේවල් ගැන කිසිම අදහසක් නැති තැනයි.ඒත් නොහිතපු විදිහට අභිශේක්ගෙන් තවමත් කදුළු බේරෙන ඇස්වලට හම්බවුණේ ඒ අහිංසකයා කොහෙත්ම බලාපොරොත්තුවුණ උත්තරයක් නම් නෙමෙයි.

"සුදු බේබි හහ්. කවුද සුදු බේබී! මින් පස්සෙ දේවරාජ පොඩිහාමු කියලා කතාකරනවා. මට දෙපාරක් කියන්න තියන්න එපා."

සදහිරුගෙ මූණටම කියපු අභිශේක් ජීප් එකේ දොර හයියෙන් වහගත්තෙ.වාහනෙ ස්ටාර්ට් කරලා දූවිලිත් අවුස්සන් වේගෙන් වලව්වෙන් එළියට ගියේ තේ වත්ත පැත්තට වාහනේ නොපෙනී යද්දි.වාහනෙ යනකන්ම උඩට අල්ලන් ඉදපු සදහිරුගෙ හුස්ම ඉකියක් එක්කම එළියට එද්දි ඒක මහ ඇඩිල්ලක් වෙන්න කලින් ඇස් වලින් එළියට එන්න දගලන කදුළු පිහ පිහම සදහිරු වලව්වට දුවන් ගියේ අභිශේක්ගෙ වචන තවමත් ඒ කන් වල දෝංකාර දෙද්දි.

Waterlily-jeon ✍️

Share This Chapter