Back
/ 20
Chapter 18

දහසයවන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

ගිය දවස් කීපයට ගොඩක් දේවල් වෙනස් වුණා.අභිශේක් තවදුරටත් එයාගේ සදහිරුට සුදු බේබි නම් වුණේ නෑ.මහත්තයා නැත්තම් පොඩි හාමු කියලා තමයි පුංචි කොල්ලට අක්මැත්තෙන් වුණත් මහත්තයට කතාකරන්න සිද්ධවුණේ.එහෙම කතා කරන එක පුංචි කොල්ලට දරාගන්න පුලුවන් වුණත් මහත්තයගෙ මේ වෙනස්වීම,ඒ හිත රිද්දන වචන දරාගන්න පුංචි කොල්ලට බැරිවුණා.අවුරුදු ගානක් තමන්ගෙ ආදරේ දීලා වෙනස් කරපු ඒ නපුරු චරිතෙ ආයම තමන් ඉස්සරහ දකින වාරයක් ගානේ ඒ පපුව පිච්චිලා ගියා.ඒ හැමදේම එක තප්පරේකින් වෙනස් වුණ විදිහ කොල්ලට හීනයක් වගේ.

අඩුම සදහිරු අතින් හදන තේ එක පවා අභිශේක් ප්‍රතික්ශේප කරා.ආදරේ කරන මනුස්සයා අතින් ප්‍රතික්ශේප වෙන එකතරම් වේදනාවක් තවත් නැතුව ඇති.ඒත් සදහිරු කියලා ඒ දේවල් කාට කියන්නද?

හැමතැනකදිම අසරණ වුණේ ඒ අහිංසකය විතරයි.සහශ්‍රට බැරිවුණා සදහිරුගෙ දුක නැති කරන්න.හැමදාම රෑ වෙද්දි තනියම අඩලා දුක දරාගන සදහිරු ආයම උදේ පාන්දර නැගිට්ට ගමන් අභිශේක්ගෙන් නොකරන වැරදි වලට පවා බැනුම් අහනවා.කොහොම වුණත් ඉස්සර ඉදන්ම බැනුම් අහගෙන හරි මෙච්චර කල් වලව්වෙ ජීවත් වුණ සදහිරුට ඒක මහලොකු දෙයක් නෙවේ.ඒත් ඉස්සර ඇඩුවත් තමන්ගෙ දුක කියලා අඩන්න,හිස තියාගන්න උරහිසක් පුංචි කොල්ලට තිබුණත් දැන් ඒ විදිහට හිටපු එකම කෙනත් කොල්ල එක්ක නැතිවෙද්දි ඒ හිත කෑලී සියගානකට කැඩිලා ගියා.දුක නැති කරගන්න විදිහක් නැති තැනම අඩලා අඩලම ඒ ඇස්වලට කදුළු ඉනුවෙත් නෑ.ඔහේ වැඩක් නැති වෙලාට බලාගත්තු අත බලාගෙන හිටියා මිසක් සදහිරු වෙන වැඩක් කරේම නැහැ.

ඒත් මේ දවස් ටිකේනම් කොල්ලට මහත්තයගෙන් බැනුම් අහන්න වුණේ නෑ.මොකද අභිශේක්ට දැන් සති දෙකක ඉදන් ඔලුව උස්සගන්න බැරිතරමට හොදටෝම උණ ගැනිලා, හේතුවක් නැතුවම මහත්තයට මෙහෙම වුණ එක ගැන කොච්චර කෑගැහුවත් බැන්නත් සදහිරු හිටියෙ දුකෙන්,සතියක් තිස්සෙ වෙද මහත්තයා දුන්න බෙහෙත් පවා අභිශේක්ට පොවාගත්තෙ බොහොම අමාරුවෙන්,හරියට කෑමක් කාගන්න බැරුව දෙන බෙහෙත්ටික පවා අභිශේක් එවෙලෙම වමනෙ දාද්දි ඒ දිහා බලන් ඉන්න සදහිරුට පුළුවන් කමක් තිබුණේ නෑ.ඉතින් රෑක් දවාලක් නැතුව කොල්ලා මහත්තයා ළගමයි, කොච්චර කීවත් කිසිම දෙයක් කන්නෙ බොන්නෙ නැති අභිශේක් දිහා බලන් සදහිරුට පුළුවන් වුණේ නෑ බත් කටක්වත් කන්න.මළානික ඇස් වලින් උනත් සදහිරු දැක්කා අභිශේක් ඉන්නෙ ගොඩක් කේන්තියෙන් කියලා.අභිශේක් සදහිරු දිහා බැලුවෙවත් නැති තරම්,සදහිරු කොච්චර උත්සහ කළත් බෙහෙත් ටික සදහිරු අතින් නම් අභිශේක් බිව්වෙ නෑ.අන්තිමට ලොකු හාමිනේට සිද්ධ වුණා අභිශේක්ට බෙහෙත් පොවන වැඩේ බලාගන්න.

ඉතින් අදත් උදේ පාන්දරම පුංචි කොල්ල හිටියෙ මහත්තයගෙ කාමරේ.උදේ පාන්දරම ඔලුවට අත තියලා බැලුවත් උණ නම් අඩුවක් නෑ.අඩුවක් නැතුව වැස්සත් එක්ක අභිශේක්ට මේ උණ අඩු නොවෙන එකේ පුදුමයක් තිබුනෙ නෑ.උදේ පාන්දර මහත්තයව ඇහැරවලා මූණ එහෙම සෝදලා දත් මදින්න පවා අහංකාර දේවරාජ පොඩිහාමුට උදව් කරේ සදහිරු.මහත්තය අකමැති එක වෙනම කතාවක්.ඒත් සදහිරු කියන්නෙ අහිංසක හිතක් තියන පුංචි කොල්ලෙක්.ඒ හිතේ මහත්තයට තියන ආදරේ අඩුවක් නෑ.ඇද අස්කරලා ආයම අභිශේක්ට නින්ද යනකන් ඉදපු සදහිරු ඊළගට ආවේ මහත්තයට උදේ පාන්දර දෙන්න ඕනේ බෙහෙත් ටිකත් අරන්. මහතයගෙ රැවුම් ගෙරවුම් මැද්දෙ අද උදෙත් කොල්ලා අභිශේක් ළග.

මහත්තයා ඇහැරලා නැති තැන කොල්ලා ඇද ළග බිමින් වාඩිවෙලා මහත්තයගෙ ඔලුවට අත තියලා බැලුවා.අත තිබ්බ පමාවට පුංචි කොල්ලගෙ මූණෙ හිනාව නැති වෙලා ගියේ ඉබේටමයි.තවමත් ගිනි කබල වගේ රස්නෙයි.

අකමැත්තෙන් වුණත් සදහිරුට සිද්ධ වුණා මහත්තයගෙ සැප නින්ද කඩලා දාන්න.

"සුදු බේබි!සුදු බේබි නැගිටින්න.මේ බෙහෙත් ටික බීලා ඉන්න මහත්තයො."

"ම්හ්හ් ස~සදූ."

අදනම් වෙනදට වඩා මහත්තයට අමාරු පාටයි.ඒ කටහඩටම සදහිරු බය වෙලා ගියා. වෙනදට වඩා ගොඩක් අමාරුවෙන් කතා කළේ.වෙනදට බෙහෙත් බීලා රවන ගොරවන අභිශේක්ගෙ වෙනදට වඩා මළානික ඇස් සදහිරුව බය කරා.

"අ~අනේ ඇ~ඇයි මේ මගෙ දෙයියෝ!!"

"ඇ~ඇයි උඹ එ~එහෙම කළේ කියපන්."

"අනේ මගෙ සුදු බේබී.මොකද මේ ."

අභිශේක් අමාරුවෙන් කතා කරද්දි කවදාවත් නැතුව ඒ උණ අමාරුවටම රතු වුණ ඇස් වලින් උණු කදුළු කඩාගෙන වැටෙනවා දකිද්දි සදහිරුට දරාගන්න බැරි වේදනාවක් දැනුණා.

කවදාවත් අභිශේක් එයා ඉස්සරහ මේ විදිහට ඉන්නවා සදහිරු මීට කලින් දැකලා තිබුණෙ නෑ.වචන කැඩි කැඩි ඇයි උබ එහෙම කලේ කියපන් කියලා අභිශේක් අහද්දි මහත්තයගෙ ඇස් වලට පිරිච්ච ගලන් යන කදුළු රෝස පාට ඇගිලිතුඩු වලින් සදහිරු පිහලා දැම්මෙ අභිශේක්ගෙ ඔලුවත් අත් දෙකෙන්ම අතගාන ගමන්.ඒ පහසට අභිශේක්ගෙ ඇස් පියවිලා ගියත් ඊළග තප්පරේදී ආයම ඒ මළානික ඇස් සදහිරු දිහා බලන් හිටියා.

"එ~එක පාරක් කියපන්.උ~උබ ආදරේ කරන්නෙ මේ මට වි~විතරයි කියලා."

"අනේ මගෙ දෙයියනේ ඇයි මේ."

"උබව වෙන උන් එක්ක ද~දකින්න බෑ බන්.උබව මට සදහටම නැතිවුණා වගේ දැනෙනවා බන්.මේ පපුවට වාවන්නෙ නෑ.

එ~එක පාරක් කියපන් උබ ආදරේ කරන්නෙ මට විතරයි කියලා.මුළු ජීවිත කාලෙම උබව මලක් වගේ පරිස්සම් කරන්නම්."

අභිශේක් කියන වචනයක් වචනයක් ගානේ සදහිරු අහන් හිටියත්,අන්තිම වචන ටික ඇහෙද්දි මොකක්හරි හේතුවකට සදහිරුට එක උත්තරයක් දෙන්න බැරිවුණා.සදහිරුගෙ නිහඩ බව අභිශේක්ව නොසන්සුන් කරා.ටික වෙලාවක් සදහිරු දිහා මළානික ඇස් වලන් බලන් හිටපු අභිශේක්ගෙ මූණේ ඇදුනෙ බලාපොරොත්තු කඩ වුණ හිනාවක්.ඒ සැනින් සදහිරු දිහා නොබලම අභිශේක් ඇස් දෙක පියාගත්තෙ සදහිරු තවමත් අභිශේක් දිහා බලන් ඉන්නකොට.

"මෙතනින් ය~යන්න සදහිරු.මන් හිතන්නෙ මට උත්තරයක් හම්බවුණා."

"සුදු බේබී ම~මම_

"එකපාරක් කිව්වහම යන්න සදහිරු!!!!"

අභිශේක්ගෙ වචන සදහිරුගෙ හිත ගැස්සුවත් යන්න අදිමදි කරපු සදහිරු කතා කරන්න ගිය ඊළග තප්පරේම අභිශේක් කෑ ගහද්දි වැටෙන්න යන කදුළු පිහ පිහම අකමැත්තෙන් වුණත් සදහිරු අභිශේක්ගෙ කාමරෙන් එළියට ගියා.

"මට සමාවෙයන් මගෙ මැණිකෙ,මට වෙන කරන්න දෙයක් නෑ."

සදහිරු යන දිහා අමාරුවෙන් ඇස් ඇරලා බලපු අභිශේක් එයාටම කියාගත්තෙ,ඒ රතු වෙච්ච මුරණ්ඩු ඇස් වල බැදිලා තිබුණ කදුළු පටලය ඇස් වහනවත් එක්කම පල්ලම් බහිද්දි.

_______________________________________

ගොඩ කාලෙකින් දුන්නෙ.අමතකනම් කලින් ඒවා ටික කියවලා එන්ඩලා.

අද කොටස ගැන මොකද හිතුණෙ,කියාගෙන යන්නකො.

Vote,comment කරන්න.

Fallow කරලා නැති අයලා fallow කරන්න.

ආදරෙයි 🥰❤

Waterlily-jeon ✍️

Share This Chapter