Back
/ 20
Chapter 19

දහහත්වන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

Author pov:

සදහිරුගෙ මහන්සියත් එක්ක අභිශේක් දැන් හිටියට වඩා හොදින්,ඒත් මේ ගෙවුණ දවස් කිහිපයටම අභිශේක් සදහිරු අතර කිසිම කතාබහක් වුණේ නැතිම තරම්...සදහිරු දන්නවා වුණත් අභිශේක් කතා කරන්නෙ නැත්තෙ ඇයි කියලා...පුංචි කොල්ලට මහත්‍තයා හිතනවා වගේ දෙයක් තමන්ගෙ හිතේ නැහැ කියලවත්  පැහැදිලි කරන්න මහත්තයගෙන් අවස්ථාවක් ලැබුණෙ නෑ...හැමදාමත් වගේ එහෙම කියලා පැහැදිලි කරන්න තමන්ට තියන තත්වෙ මොකද්ද කියලා සදහිරු හිතුවා..මොන තරම් ආදරේ වුණත් දවසක අමාරු කාලෙක මහත්‍තයට පිටින් යන්න බෑ කියලා ඒ අහිංසක හිත තේරුම් අරන් දැන් ගොඩක් කාලයක් ගෙවිලා ගිහින්...මොනවා සිද්ධවුණත් තමන් අභිශේක් දේවනාරයන කියන මේ වලව්වෙ සුදු බේබිට කවදාවත්ම ගැලපෙන්නෙ නෑ කියන්න සදහිරු තදින්ම හිතපු දෙයක්...ඉතින් දවසක අභිශේක් වෙනස් වුණොත් ඒකට මූණදෙන්නත් සදහිරු ලෑස්තිවෙලයි හිටියේ...ආදරේ වුණත් එයා සෙල්ලම් කළේ ගින්දරත් එක්ක...ඉතින් මොන දේ සිද්ධවුණත් වෙන දේ බලාගෙන ඉන්න දැනටමත් ඒ අහිංසක පුංචි කොල්ලා තීරණය කරලා ඉවරයි.

"අත ගගා ඉන්නෙ නැතුව ඔය ළූණු ටික ඉක්මනට පොතු ඇරපන් සදහිරු...ලොකු හාමිනේ ආවොත් මට විසුමක් වෙන්නෙ නෑ."

"අ~අනේ ශාන්ති නැන්දෙ ම~මන් මේ ඉන්න තව චුට්ටයි...ඉක්මනින් කරන්නම්."

සදහිරු වෙන කල්පනාවක...අද දවස දේවනාරායන වලව්වට ගොඩක් කාර්යබහුල දවසක් වෙද්දි සදහිරු හෝදලා සුද්ද කරන්න තිබුණ ළූණු භාජනේ දිහා බලන් ගොඩක් ලොකු කල්පනාවක...මෙච්චර කාර්යබහුල දවසක සදහිරු මෙහෙම කල්පනා කරන්න  මොකද්ද ඇත්තටම පුංචි කොල්ලට තියන ප්‍රශ්නෙ.

"ඉක්මන් කරපන් කොල්ලො අර බලපන් කියනකොටත් ලොකු හාමිනේ මේ පැත්තට එනවා."

"ඉක්මන් කරන්න ශාන්ති ඇමති තුමා එහෙම එන්න තව ටික වෙලාවයි තියන්නෙ."

"තව ටිකයි ලොකු හාමිනේ...මේ අලටික තෙල් දැම්මහම සේරම ඉවරයි."

"ඉක්මන් කරන්න ශාන්ති...සදහිරු පුතේ...ටිකක් ඉක්මන් කරන්න හොදද..? ශාන්තිට උදව් කරලා සුදු බේබිටත් ලෑස්තිවෙන්න උදව් කරන්න පුතේ හොදද..?"

"හොදයි ලොකු හාමිනේ..!!"

ඔව් ඇමතිතුමා තමයි...එදිරිමාන්න ඇමති අද දේවනාරායන වලව්වට එනවා...හේතුව නම් අභිශේක් වගේම තිසෙන්දිගෙ විවාහය තීන්දු කරන දවස තමයි අද...වෙනසකට තිබුණ එකම දේ තමයි මේ දේ සිද්ධවුණේ දෙපාර්ශවයෙම කැමැත්ත ඇතුව,අභිශේක් තිසෙන්දිව කසාදබදින්න කැමති වුණා...ඔව් මේක අභිශේක්ගෙ තීරනයක්...ඉතින් සදහිරු ඒ විදිහට හැසිරෙන්න හේතුවත් මෙක තමයි... අභිශේක් සදහිරුව තමන්ගෙ හිතෙන් අයින් කරලා දාලා...සදහිරු ආදරේ කරන්නෙ එයාට නෙමෙයි සහශ්‍රට කියන දේ අභිශේක්ගෙ හිත හොදටම අදුරු කරලා දාලා...ඒ හේතුව නිසාම අභිශේක් තිසෙන්දිව කසාදබදින්න කැමති වුණා...අභිශේක් තිසෙන්දිව කසාදබදින්න කැමති වුණා කියලා කියනකොටත් ඒක සදහිරුට විස්වාස කරන්න බැරිවුණා...ඒත් එයා මොනවා කරන්නද..? මහත්තයට එපා කියලා කියන්නද...?අභිශේක් හැමෝම ඉස්සරහ තිසෙන්දිව විවාහ ගිවිසගනිද්දි ඒ පුංචි හිත ඒක දරාගන්න ලෑස්තියිද..?

ඒක දන්නෙ සදහිරු විතරමයි...කවුරුවත්ම නැහැ ඒ අහිංසකයගෙ දුක අහන්න...හිත විතරක් හයියෙන් අඩද්දි සදහිරු තවමත් කුස්සියට වෙලා වැඩ කරනවා...තමන්ගෙ එකම ආදරේ වෙන ගෑණු ළමයෙක්ට අයිතිවෙන දවසෙ කාටද පුලුවන් කිසි දෙයක් නොවුණ ගානට බලන් ඉන්න...ඒක කරන්න බැරි වුණත් සදහිරුට සිද්ධ වුණා අමාරුවෙන් වුණත් ඒ දේ කරන්න...ළූණු කපද්දි ඇඩෙනවද නැත්තම් සදහිරු වේදනාවට අඩනවද හිතාගන්න බැරිවෙද්දි සදහිරු දිගටම කදුළු වලට ගලාගෙන යන්න ඉඩදීලා වැඩ කරා.

"අම්මා!!!තිසෙන්දිට කියන්න එද්දි මෙහෙ අද ඉන්න බලාගෙන එන්න කියලා...හෙට හවසට ඕනේ බඩු ටික ගන්න යන්න ඕනේ."

"හරි හරි මන් කියන්නම් ළමයෝ..! පුතා ඔයා තාම ලෑස්තිවුණේ නැද්ද ළමයෝ..!!'

"තව වෙලා තියනවා අම්මා...!!"

නොහිතපු වෙලාවට කුස්සියට ආපු අභිශේක්ගෙ කටහඩ ඇහුණ තප්පරේම සදහිරුගෙ පපුවෙ දිගේ වේදනාවෙන් හිරියක් ඇදිලා ගියා...බලාපොරොත්තු නොවුණ වෙලාවක ඇහුණ කටහඩත් එක්ක පපුවට පිහිතුඩකින් අනිනවා වගේ දැනෙනකොට කිසි දෙයක් කරගන්න බැරුව ඔලුවවත් උස්සලා බලන්න බැරිකමට සදහිරු දිගටම බිම බලාගෙන වැඩ කරා.

අභිශේක් සදහිරු දිහා බැලුවත් කිසිම හැගීමක් ඒ ඇස් වල තිබුණෙ නෑ...වෙනදාවගේ සදහිරු වෙනුවෙන් ඒ ඇස් තවදුරටත් දිලිසුණේ නෑ...සදහිරු ඒ ඇස් නොදැක ඉන්න තරම් වාසනාවන්ත වුණා...මොකද ඒ හැගීමක් නැති ඇස් පුංචි කොල්ලා දැක්කනම් ඒ අහිංසක හිතට ඒක දරාගන්න බැරි වෙන්න තිබුණා.

"අනේ කොහේ තියන වෙලාවක්ද  ළමයෝ...යන්න ගිහින් ලෑස්තිවෙන්න...සදහිරු පුතේ සුදු බේබිට ලෑස්ති වෙන්න උදව් කරන්න පුතේ."

"අ_අනේ ම_මම  හොදයි ලොකු හාමිනේ."

නොයා බැරිකමට සදහිරු එයා දිහාවත් නොබලා යන්න යන එයාගේ සුදු බේබි දිහා බලාගෙන බෝල ඇස් වැටෙන්න යන කදුළු නවත්තගන්න තොල් තදින් හපාගෙන අසාර්ථක උත්සහයක් ගත්තා...ලොකු හාමිනේ කියන පමාවට අකමැත්තෙන් වුණත් බෑ කියන්න අයිතියක් නැතිකොට පුංචි කොල්ලට සිද්ධවුණා මහත්තයගෙ කාමරේට යන්න...අභිශේක්ට කොච්චර ඕනේ වුණත් සදහිරුව මගහරින්න ,හැමදාම එයාගේ ඇදුම් හොයලා,මැදලා ලෑස්තිවෙන්නත් උදව් කරන සදහිරු නැතුව අද විතරක් කොහොමද පණ්ඩිත සුදු බේබි එයාගේ වැඩ තනියම කරගන්නෙ...අකමැත්තෙන් වුණත් අභිශේක්ට සිද්ධවුණා සදහිරුව උදව් කරගන්න.

"එළියට වෙලා ඉන්න...මන් ඕනේ වුණොත් කතා කරන්නම්."

ආයම පටන්ගත්ත තැනටම ඇවිත් , එහෙම තමයි සදහිරුට හිතුණෙ...එයාලා අතරට ආදරේ හරස් වෙන්න කලිනුත් අභිශේක් හැසිරුණේ මේ විදිහටමයි...ආයම ඒ අභිශේක්ව දකිනකොට සදහිරුගෙ පපුව දිගේ වේදනවා කියන දේ ගලාගෙන ගියත් ඒ ඉන්නෙ තමන්ට පණ වගේ අදරේ කරපු එයාගේ සුදු බේබිම නේද කියලා මතක්වෙද්දි ඒ මූණට එන හිනාව නවත්තන්න සදහිරුට ඕනේ වුණේ නෑ...වැහිලා ගිය දොර දිහා බලාගෙන සදහිරු බලාපොරොත්තු වුණා එයාගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් අභිශේක් කතා කරයි කියලා...ඒත් විනාඩි ගානක ගෙවිලා ගියත් ඒක එහෙම වුණේ නෑ...සදහිරුටත් නොකියා ඒ ඇස් වල කදුළු ඉස්සරවෙලා පල්ලම් බහිද්දි එකපාරටම ඇරුන දොරත් එක්ක කොල්ලා ඉක්මනට කදුළු පිහිදාගත්තෙ හිතේ ඇතිවුණ පුංචි සතුටත් එක්ක...ඒත් දොර ඇරලා ගිහින් පණ්ඩිත කමට කණ්ණාඩිය ඉස්සරහටවෙලා ශර්ට් එකේ බොත්තම් වරද්දලා දාගන්න අභිශේක්ව දැකලා සදහිරු අහිංසකව හිනාවුණා.

"ම_මම උ_උදව් කරන්නද සුදු බේබී."

"හ්ම්ම්."

අභිශේක් බලන් ඉද්දි ලගට ගියපු සදහිරුට අභිශේක්ගෙ ඇස් දිහා බලන්න අපහසුවක් දැනුණා...ඉතින් කොල්ලා දිගටම මහත්තයගෙ ශර්ට් එකේ අපිලිවෙලට තිබුණ බොත්තම් ටික

ගලවලා එකින් එක දාන්න පටන්ගත්තෙ දැන් සුදු බේබි බලන් ඉන්නෙ එයා දිහා කියලා සදහිරුට හොදටම දැනෙද්දි...කාටද පුලුවන් තමන් ඇත්තටම ආදරේ කරන කෙනෙක් ළග සන්සුන්ව ඉන්න...නොදැනිම සදහිරුට වගේම අභිශේක්ට එකිනෙකාගෙ හදවත ගැහෙන සද්දෙ හොදින්ම ඇහෙද්දි අභිශේක්ගෙ අත් ඉබේම සදහිරුගෙ ඉන වටේ එතුණා...ඒත් ඊළග මොහොතෙ ආයම ඒ අත් ඉබේටම නිදහස් වෙද්දි සදහිරුට කියාගන්න බැරි තරම් දුකක් දැණුනා...ඒ වෙලාවෙ තමයි සදහිරු

තීරණය කළේ සදහම අයිති නොවෙන්න කලින් එක වචනයක් හරි සුදු බේබි එක්ක කතා කරනවා කියලා...කදුළු වලට බොද වුණ ඇස් එක්ක ශර්ට් එකේ බොත්තම් දාලා ඉවර වුණ සදහිරු අභිශේක් දිහා බැලුවා.

"අ~අද සුදු බේබි ගොඩක් ලස්සනයි."

මහත්තයා ඉස්සරහ කැඩි කැඩී පිටවෙන වචන එක්ක ඇඩෙන්න එද්දි සදහිරු හිනාවෙලා කිව්වා...ඒ වේදනාව දන්නෙ සදහිරුම විතරයි...කට වචනෙට නොකිව්වට සදහිරු මුළු හදවතින්මයි තමන් ඉස්සරහ ඉන්න ඒ කඩවසම් පිරිමියට ආදරේ කලේ...කොහොමද හිතක් හදාගෙන සදහිරු එයාගේ සුදු බේබිට යන්න දෙන්නෙ...සදහිරු මවපු හීන එයාගේ ඇස් ඉස්සරහම බොද වෙනවාදකිද්දි මේ සති කිහිපයටම ඒ ඇස් කදුළු වලින් නොතෙමුණ දවසක් නැතිම තරම්...එයාගේ වචන වලට කිසිම ප්‍රතිචාරයක් නැති සුදු බේබි දිහා බලාගෙන තවත් වචනයක්වත් කියාගන්න බැරුව වැටෙන්න ගිය සදහිරු මහත්තයගෙ බාහුවලින් අල්ලන් ඒ ශක්තිමත් පිරිමි පපුවටම වාරු වුණා...තවත් වාවන්නෙ නැති තැන සදහිරු තමන්ගෙ හැම දුකක්ම මේ හම්බුණ විනාඩියට හරි කදුළු විදිහට ඒ පපුව උඩම හෝදලා දැම්මා.

"ම~මන් මොනවද කියන්න ඕනේ මගෙ සුදුබේබි...!!ම~මන් දන්නෙ නෑ මගෙ මහත්තයෝ...මගෙ සුදු බේබි කො~හොමද මේ ත~රම් ඔය හිත හ~යියකර ගත්තෙ."

"ම~මන් මගෙ ම~මහත්තයට වැරැද්දක් කරලා නෑ මගෙ මහත්තයෝ...!!මගෙ මහත්තයගෙ හිත මේ තරම් හයිය වුණාට ම~මගෙ හිතට මේවා වාවන්නෙ නෑ මගෙ දෙයියෝ....!!!"

සදහිරු ඇඩුවා...අභිශේක්ව බදාගෙන සදහිරු ඉකි ගගහ ඇඩුවා...ඒත් සදහිරුගෙ දෛවය එයා එක්කම සෙල්ලම් කරනවද කියලා දන්නෙ නෑ...පුදුමෙකට මේ තරම් විලාප තිය තිය සදහිරු පිස්සුවෙන් වගේ එයාගේ සුදු බේබිව බදාගෙන ඇඩුවත්,අභිශේක්ගෙ අත් වෙනදා වගේ ඒ ඉන වටේ එතුනෙනම් නෑ...සාක්කුවලට දාගත්ත අභිශේක්ගෙ  අත්

ඒ විදිහටම තියෙද්දි අභිශේක් තවමත් ඉස්සරහ තියන හිස් අවකාශය දිහා බලන් හිටියා.

"සහශ්‍ර බේබි ගැන ම~මන් දන්නෙ නෑ සු~දු බේබී...ම~මන් මුකුත් දන්නෙ නෑ සුදු බේබී...මගෙ හිතේ හැමදාම හිටියේ මගෙ සුදු බේබි වි~තරයි මගෙ දෙයියනේ...!!!ම~මන් මට මේවා අහන්න අයිතියක් නෑ මගෙ සුදු බේබී...ඒත් මේ වලව්වෙ දන්න ඇති කාලෙක ඉදන් වැඩ කරන ස්~සුදු බේබිට මැරීගෙන අ~ආදරේ කරන මේ වැඩකාර කොල්ලා ඉන්නවා කියලා දැන දැනම මේ වගේ තීරණයක් ගත්තෙ ඇයි මගෙ සුදු බේබී...ස්~සුදු බේබි විතයි මට අම්මෙක් තාත්තෙක් වගේ හැමදේම කියන්න පුලුවන් එ~එකම කෙනෙකුට හිටියෙ සුදු බේබී...සුදු බේබී මාව දාලා ගියහම ම~මම අ~අනාතයෙක් නේද සුදු බේබී...මේ අනාත කොල්ලට එක වතාවක්වත් හරි ආදරේ කරානම් දෙයියන්ගෙ නාමෙට මේක නවත්තන්න සුදු බේබී...මට මට දරාගන්න බැරිවෙයි සුදු බේබී."

ඊළග මොහොතෙ අභිශේක්ගෙන් සදහිරුට ලැබුණෙ බලාපොරොත්තු නොවුණ ප්‍රතිචාරයක්...සදහිරුව තමන්ගෙන් ඈත් කරපු අභිශේක් මුකුත්ම නොකියා කාමරෙන් එළියට ගියේ සදහිරු එතනම බිම වැටෙද්දි...අභිශේක් යනකන් ඉදපු සදහිරු ඇද උඩ ගලවලා දලා තිබුණ අභිශේක් ඇදන් හිටපු ශර්ට් එක පපුවට ගුලි කරන් කෑ ගහලා ඇඩුවේ අභිශේක් සදහිරුගෙ වේදනාතමක විලාපයන් ඇහි ඇහිම කාමරෙන් ඈතට යනකොට.

_________________________________________

After long time guys 😁

අමතක නම් කියවලා එන්න කලින් කොටස 🥰

මොකද හිතුණෙ අද කොටස ගැන ❤

Waterlily_jeon ✍️

Share This Chapter