Back
/ 20
Chapter 20

දහඅටවන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

Sadahiru pov:

අදින් පස්සෙ මගෙ ජීවිතේ ආයමත් පටන්ගත්තු තැනටම යයි නේද මගෙ සුදු බේබී...දැන් සෑහෙන වෙලාවක්,සුදු බේබියි තිසෙන්දි බේබියි විවාහ ගිවිසගත්තා...!දැන් ටිකකට කලින් පවුල් දෙකෙන්ම කැමැත්ත ලැබිලා විවාහයත් ස්ථීර වුණා...!හැමදේම හරි ඉක්මනට වෙනස් වුණා...!මට කිසිම දේකට දුක නෑ සුදු බේබී,ඒත් කොහොමද මේ තරම් ලස්සනට මගෙ සුදු බේබී හිනාවෙලා ඉන්නෙ...!මේ හිතට දැනෙනව වගේ පුංචිමහරි දුකක් ඔය හිතට දැනෙන්නෙ නැද්ද මයෙ දෙයියෝ...?

ඔය මූණේ හිනාව දකින්න ආසකරන මන් තරම් වෙන කෙනෙක් නැතුව ඇති රත්තරනේ...!!ඒත් හිතාගන්න බෑ දැන් ඔය හිනාව ඇයි මේ තරම් මගෙ හිත රිද්දන්නෙ කියලා මහත්තයෝ...!!අදින් පස්සෙ ඒ හැමදේම ඉවරයි නේද...!කළු වළාකුලකින් වැහිලා තිබ්බ මගෙ ජීවිතේට මගෙ සුදු බේබී නිසයි හැමදේම ලැබුණේ...!මට ආපහු මන් දාකලවත් නැති මගෙ අහිංසක අම්මා අප්පච්චි දෙන්නම ලැබුණා වගේ තිබුණා සුදු බේබී...!පවුලක් කියන දේ මොනවගේද කියලා සුදු බේබී,ලොකු හාමු,ලොකු හාමිනේ,සහශ්‍ර බේබී එකට ඉන්න විදිහ දැකලා,දවසක සුදු බේබී එක්ක ලස්සන පවුලක් හදාගන්න මට ඕනේ වුණා සුදු බේබි...!මට හැමදේම දුන්න මගෙ සුදු බේබී වෙනුවෙන් මට පුළුවන් හැමදෙයක්ම කරන්න මන් හීන දැක්කා...!ඒත්,මේ හිතට වාවන්නෑ ,මට රිදෙනවා සුදු බේබී...!

වලව්වට ආව පළවෙනිම දවසෙ බය වෙලා ගුලි ගැහිලා කා ළගටවත් එන්නෙ නැතුව අඩ අඩා කාමරේ අස්සට වෙලා ඉද්දි පළවෙනි වතාවට ඔය උරහිසට මාව හේත්තුකරගත්තු වෙලාවේ මට කියාගන්න බැරි තරම් ආරක්ශාවක් දැනුණා සුදු බේබී...!!අදින් පස්සෙ ආයමත් මට හැමදේම තනියම දරාගන්න සිද්ධවෙයි මගෙ සුදු බේබී...!මට අඩන්න උරහිසක් දෙන්න මගෙ සුදු බේබීට තවදුරටත් මන් ළග ඉන්න බැරිවෙයි...!

අද උදේ පාන්දර මට ඒ හැගීම කාලෙකට පස්සෙ ආපහු පළවෙනි වතාවට දැනුණා සුදු බේබී...!මන් කිව්වා වගේම ආපහු තනි වෙලා...!මන් මේක කරන්න එපා කියලා කෑ ගහද්දි මගෙ සුදු බේබී මාව නෑහුනගානට යන්න ගියේ කොහොමද කියලා මට දැනටත් හිතාගන්න බෑ සුදු බේබී...!ඒත් ඊටවඩා මින් ඉස්සරහට මම කොහොම ජීවත් වෙන්නද කියල හිතාගන්න බෑ සුදු බේබී...!මට බයයි...!

"සදහිරු...!!පුතේ මේ බීම දෙක ගිහින් සුදු බේබිටයි,තිසෙන්දි බේබිටයි දීලා එන්න පුතේ..!!"

කුස්සියේ පිටිපස්සෙ දොරට හේත්තුවෙලා කල්පනා ලෝකෙක පැටලිලා හිටපු මම පියවි සිහියට ආවේ ලොකු හාමිනේගේ කටහඩට,ඇස් වලට උනලා කම්මුල් දිගේ පහළට පල්ලම් බහින කදුළු ඉක්මනට අත් දෙකෙන්ම පිහිදගෙන ඒ පැත්තට හැරිලා සමාන්‍ය විදිහට කතා කරන්න මන් උත්සහ කළා...ඒත් කදුළු උනන්න පොර බදින ඇස්,වෙවුලන කටහඩ එක්ක මට කතා කරගන්නත් අමාරු වුණා.

"හ්_හොදමයි..!!ලොකු හාමිනේ..!!"

බන්දේසියේ තිබුණ බීම වීදුරු දෙක වෙවුලන අත් එක්ක අතට ගත්තෙ සුදු බේබි ළගට යන්න වුණත්,ඒ ඇස් මතක් වෙන ගානේ කදුළු පාලනයක් නැතුව මටත් නොකියම කම්මුල් දිගේ පහළට පල්ලම් බැස්සා...සුදු බේබියි තිසෙන්දි බේබියි එළියටවෙලා කතා කරනවා බලන් ඉන්න බැරි තැනයි මම කුස්සියට වෙලා හිටියේ...ලොකු හාමිනේ ඇවිත් මට ආපහු එතනටම යන්න වැඩ සිද්ධකරද්දි මට ලොකු අපහසුවක් දැනුණා.

"පුතේ...!!අනේ ඇයි මයෙ කොල්ලෝ මේ ඇස් වල කදුළු...!!අසනීපයක්වත්ද මයෙ පුතේ..!!"

"අහ්..!අනේ නෑ ලොකු හාමිනේ..!ම_මේ උදේ පාන්දර සීතලට...මන්_ මන් මේක සුදු බේබිට ගිහින් දිලා එන්නම්...!!"

මන් මොනවද දෙයියනේ කියන්නෙ...මගෙ සුදු බේබිව මට දෙන්න කියලා ඉල්ලන්නද...?මගෙ සුදු බේබී මගෙන් ඈත් වෙනවා බලන් ඉන්න බැරි තැනයි මේ විදිහට ඉවරයක් නැතුව කදුළු උනන්නෙ කියන්නද...?මගෙ දුක නැතිකරන්න කියලා කෑ ගහලා ඉල්ලන්නද...?තවත් ලොකු හාමිනේ ඉස්සරහ ඉන්න බැරි කමට මම බොරුවක් කියලා හිත බෑ කියද්දිම වෙව්ලන අත් වලින් ලොකු හාමිනේ අතින් බන්දේසියත් එක්ක තිබුණ බීම වීදුරු දෙක එක්ක මන් අඩියෙන් අඩිය එළියට ගියා...සුදු බේබියි,තිසෙන්දි බේබියි ඉන්න තැන ළං වෙන්න ළං වෙන්න මාව වෙව්ලලා ඇගම පණ නැති වෙලා යද්දි,ගැහෙන පපුව පිරෙන්නම මම ලොකු හුස්මක් ගත්තෙ කදුළු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා.

මට තවත් සුදු බේබි ඉස්සරහ කදුළු හංගන්න උවමනාවක් නෑ...මොකද දැන් ඉස්සර වගේ ඒ හිත මගෙ කදුළු නිසා රිදෙන්නෙ නැනේ...!කතා කරගන්න හයියක් නැතිකොට මගෙ හිත කොච්චර කෑ ගැහුවත් සුදු බෙබී දිහා බලන්න කියලා තවත් හිත රිද්දගන්න බැරිකමට මම සුදු බේබී දිහා නොබලම බීම වීදුරු දෙක එළියේ තිබුණ මේසේ උඩින් තියලා එන්න හැරුණා.

"ඊව්!!මේ හිගන කොල්ලා තාම මෙහෙද ඉන්නෙ අභී...!!"

මාව එතනම නතරවුණා...!මට කදුළු අතරින්ම හිනාවක් ගියා...!මගෙ සුදු බේබි ඉස්සරහම මන් දැන් කාත් කවුරුවත් නැති අනාතයෙක් වෙච්චිකොට ඔය වචන වලට දැන් ඉස්සරවගේ මගෙ හිත රිද්දන්න බෑ තිසෙන්දි බේබී...!වචනයක් හරි බලාපොරොත්තු වුණා...අඩුම මට එහෙම කියන්න එපා කියලවත්,ඒත් කිසිම සද්ධයක් නෑ...!ආයම මන් එන්න ආවා...,ඒත්,

"ඒයි නවතිනවා...!!තමුසෙ ගියහම අපිද මේවා ගිහින් තියන්නෙ...!!මන් ආවට පස්සෙනම් මෙයාව මෙහෙ තියාගන්න ලෑස්තිවෙන්න එපා අභී...!!"

මන් එතනම නැවතිලා බලන් හිටියා...!මොනවා වුණත් මන් කියන දේ කරන්න ඕනෙනෙ...!එයාලා සෑහෙන වෙලාවක් කතා කරා...බීම වීදුරු දෙකම හිස් වෙනකන් මට බලන් ඉන්න වුණා...!ඊටත් වඩා ඒ ඇස් මන් දිහා බලයි කියලා මන් බලාපොරොත්තු වුණත් එක මොහොතකටවත් වැරදිලාහරි ඒ ඇස් මන් දිහාවට හැරුණෙ නෑ...!මන් මොකද්ද කරපු වැරැද්ද සුදු බේබී...!මේ තරම් ලොකු දඩුවමක් මට දෙන්න,මන් මොකද්ද සුදු බේබිට කරපු ඒ තරම් ලොකු වරද...?

කොච්චර හිත හයියකරන් ඉන්න හැදුවත් තිසෙන්දි බේබිගේ වචන මට සැර වැඩියි...!ඒ වචන ඉස්සරහ හිතට කියාගන්න බැරි තරම් බයක් දැනෙනවා.

අනේ මන් මේ හැමදෙයක්ම ඉවසන්නම්,ඒත් අනේ මට යන්න එන්න තැනක් නැතිකරන්නම් එපා සුදු බේබී...!මන් දන්නවා මන් ගැන ඔය හිතේ දැන් කිසිම හැගීමක් නැතුව ඇති...!ඒත් මට ඉන්න තැනක් නැති කරන්න එපා සුදු බේබී...!මාව එළවලා දැම්මොත් මන් කොහේ කියලා යන්නද...?මට මගෙ කියලා කවුරුවත් නෑනේ සුදු බේබී...!

"ඒයි!!!උබට දැන් කොච්චර වෙලා කතා කරනවද...?මොනවද උබ සුදු බේබී දිහා බලන් අඩන්නෙ හිගන කොල්ලො...!මේකත් අරන් පළයන් මෙතනින්,බලන් හිටියා කියලා උබට හම්බෙන දෙයක් නෑනේ...!!"

මාව ගැස්සිලා ගියා...කල්පනාවේ ඉද්දි තිසෙන්දි බේබී කතා කරනවා මට ඇහිලත් නෑ...!හොදටම බැන්නා මට,බයේම වෙව්ලන අත් වලින් තිසෙන්දි බේබිගේ බැනුම් අස්සෙම හිස් වුණ බීම වීදුරු දෙකත් එක්කම බන්දේසිය මන් අතට ගත්තා...!අකමැති වුණත් පිළිගන්න වෙන ඇත්ත ඒක තමයි...මන් ඇස් රිදෙනකන් ඔය රූපේ දිහා කදුළු හල හල බලන් හිටියත් මට දැන් සුදු බේබිව නැතිවෙලා ඉවරයි නේද සුදු බේබී, තිසෙන්දී බේබී බනිද්දි කදුළු වලටම තෙත් වුණ ඇස් එක්ක තවත් ඒ වචන දරාගන්න බැරි තැනම මන් සුදු බේබී දිහා බැලුවා...!

"උබලට වලව් පැලැන්තියේ උන් හරියන්නෑ...!ගිහිලා උබල වගේ අනාතයොන්ට ගැලපෙන එකෙක්වම හොයාගනින්...!!"

මගෙ ඇස් ඒ ඇස් දිහා බලාගෙනම කදුළු හැලුවා...!!එකම තැන හිටගෙන මන් තිසෙන්දි බේබිගේ වචන අහගෙනම කදුළු වලට බොද වුණ ඇස් එක්ක ඒ ඇස් දිහා බලන් හිටියා...!කදුළු නවත්තගන්න බෑ සුදු බේබී...! මන් සුදු බේබිට ආදරේ කරලා කරගත්තෙ වැරැද්දක්ද මගෙ සුදු බේබී...!ඇත්තටම මන් අනාතයෙක්ද සුදු බේබී...!මන් එහෙම නෑ නේද...?සදහිරුට එයාගේ සුදු බේබි ඉන්නවා නේද...?තිසෙන්දි බේබිට කියන්නකො මට සුදු බේබි ඉන්නවා සදහිරු අනාතයෙක් නෙමෙයි කියලා...!ඒක එහෙම නේද සුදු බේබී...!මන් තනිවෙලා නෑ නේද...?අනේ එක වචනයක් කතා කරන්න සුදු බේබී...!සුදු බේබී ආදරේ කරන්නෙ මට විතරයි කියන්න සුදු බේබී...!මට රිද්දන්න එපා කියන්න සුදු බේබී...!

"තවත් මොනවද බලන් ඉන්නෙ...!!එකසැරයක් කිව්වහම පළයන්...!!"

"තිසෙන්දි...!!"

මට තවත් එතන ඉන්න ශක්තියක් නැතිකොට

වෙවුලන කකුල් අතපය වලට වාරු දීලා තිබුණ අන්තිම ශක්තියත් එන්න එන්න හීන වෙද්දි මන් එතනින් ආවා...!හීනෙන් වගේ ඇහුණ සුදු බේබිගේ කටහඩින් මන් පුලුවන් තරම් ඈත් වෙන්න උත්සහ කළා...!අන්තිමේදී බන්දේසියත් එක්ක් බීම වීදුරු දෙක කුස්සියේ ටයිල් මේසේ උඩින් තියපු මම කෙළින්ම ආවේ මගේ කාමරේට,තියන අන්තිම ශක්තියෙන් කාමරේ ඇතුළටම ආපු මම බිත්තියට හේත්තුවුණා...තවත් දරාගන්න තරම් ශක්තියක් නැතිවෙද්දී හිරකරන් හිටපු කදුළු වලට ඔහේ ගලන් යන්න ඉඩ දුන්න මම බිත්තිය දිගේ පහළට ලිස්සලා බිම සීතල පොළවේ ඉන්දවුණා...!!

මගෙ අත් වෙව්ලනවා...!!ඒ දිහා බලාගෙනම මන් වෙව්ලන අත් වලින් මගෙම කොණ්ඩෙ තද කරලා ඇදගත්තා...!උදේ ඉදන් සිද්දවෙච්ච හැමදෙයක්ම එක පේළියට මගෙ ඔලුව ඇතුළේ කැරකෙද්දි,සුදු බේබි කියපු දේවල්,තිසෙන්දි බේබී කියපු වචන මගෙ කන් ඇතුළේ ඒ විදිහටම දෝංකාර දෙන්න පටන්ගත්තා...!

"ම_ම මට බ_බයයි සු_දු බේබී...!!"

හැමදෙයක්ම නැතිවෙලා කියන හැගීම මට ඕනෑවටත්වඩා දැනෙද්දි,උදේ සුදු බේබිගෙ කාමරෙන් අරන් ආපු සුදු පාට ලොකු කමිසේ අත් දෙකෙන්ම මන් තදකරලා මගෙ පපුවට තුරුල් කරගත්තා...!!තවමත් සුදු බේබිගේ සුවද අඩුවක් නැතුවම මට දැනෙද්දි මගෙ ඇස් වල කදුළු මටත් නොකියම තවත් අලුත් වුණා...!කියාගන්න තේරෙන්නෙ නැති මහ අමුතු මූසල හැගීමක් මගෙ මුළු හිතම වෙලාගනිද්දි මන් උඩින් ඇදන් හිටපු මගෙ උඩ ඇදුම ගලවලා දැම්මා...!කදුළු පිරුණු බොද වෙච්ච ඇස් වලට පේන මගෙ අත් අස්සට හිර වුණ සුදු බේබිගෙ සුදු පාට කමිසෙ දිහා බලන් මගෙ හිත හීල්ලුවා...!කදුළු කැට එක දෙක පොළොව තෙත් කරද්දි මන් සුදු බේබිගේ කමිසෙ අත් අස්සෙන් මගෙ අත් යැව්වා...!මට වඩා දෙගුණයක් විතර ලොකු සුදු පාට කමිසෙ

මට නොගැලපුණත් කමිසෙන් දැනෙන සුදු බේබිගේ සුවදට මන් ඒක ඇදගත්තු මාවම තදින් බදාගත්තේ කදුළු කැට එක දෙක සුදු බේබිගෙ කමිසෙ තෙත් කරද්දි...!බිම ඉදගෙනම මන් සීතල පොළොවෙ වැතිරුණේ කදුළු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා...!

"මේ සුවද මට ආයම කවදාවත් දැනෙන්නෙ නැති වෙයිද සුදු බේබී...!"

"මගෙ සු_දු බේබි නැතුව ම_මන් කොහොමද ඉ_ස්සරහට ජීවත් වෙ_න්න හිත හ_දාගන්නේ සු_දු බේබී...!!"

__________________________________________

[ඔයාලගෙ අහිංසක සුදු බේබී කොල්ලා 😁🤧🤌.ඕක තමා T_Shirt එක හරිද 😉]

මන් අහිංසකයි 😁🤌

දැන් ඉවරවෙන්න ළගයි...!

ඊළග එකේ අපායට යන්න ලෑස්තිවෙලා ඉන්න 😏

ඒනම් මන් ගියෝ...!!

Comment goal 40

Waterlily_jeon ✍️

Previous
Last

Share This Chapter