Back
/ 20
Chapter 5

තුන්වන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

සදහිරු pov:

ඊයේ සුදු බේබී ආවට පස්සෙ මන් වලව්ව ඉස්සරහට ගියේම නෑ.මගෙ කාමරේට වෙලා මන් හැමදේම අහන් හිටියා.සුදු බේබීව මන් ආවට පස්සෙ දැක්කෙ කෑම කන වෙලාවෙදි විතරයි.පස්සෙ පුංචි බේබිවත් වඩාන උඩ කාමරේට ගියා. මේ සතිය නිදහසේ ඉන්න පුලුවන් වෙයි පොඩි නෝනා කොළඹ යනවලු ලොකු වැඩකට.ශාන්ති නැන්දනම් ඉන්නෙ මාරම සතුටින්.එයා කොහොමත් පොඩි නෝනට කැමති නෑනේ.උදෙන්ම පිටත් වෙන්න ඕනේ නිසා ඊයේ සුදු බේබීලා ආව වාහනෙකම පොඩි නෝනා උදේම කොළඹ ගියා.

මන් උදේ පාන්දර නැගිට්ටෙ පොඩි නෝනට උදව් කරන්න කියලා ලොකු හාමිනේ ඊයේ හවසම මට කියපු නිසා වගේම සුදු බේබිට උදේ පාන්දර වෙලාවට නැගිටිනකොටම කිරි එක ළග තියෙන්න ඕනේ කියලා දන්න නිසායි.

පොඩි නෝනා යනක්ම් බලන් ඉදලා මම ගියේ සුදු බේබිට කිරි එක හදන්න.හිත අකමැති වුණත් පිලිගන්න , මන් කාලයක් කොච්චර ආසාවෙන් හිටියද දවසක මේ අත් දෙකෙන් අයිතියක් ඇතුවම එයාට කිරි කෝප්පයක් හදලා දෙන්න. මොනව කරන්නද දැන් මගෙ සුදු බේබිට මාව නිකන්ම වැඩකාර කොල්ලා විතරක් වෙනකොට මගෙ නමවත් සුදු බේබි දැන් දන්නෙ නෑ.අවුරුදු පහකට පස්සෙ ආවත් මට ළගට යන්න පුලුවන් වැඩක් කරන වෙලාවට විතරයි . ඒත් හැමදාම මේ හිත බලාපොරොත්තු වුණේ වෙන විදියක්.කිරිඑක හදලා ඉවර වෙලා එකක් චූටී කෝප්පෙකටයි අනික ලොකු වීදුරු කෝප්පෙකටයි දාලා මන් ඒ දෙකම බන්දේසියක තියලා සුදු බේබිගෙ කාමරේට අරන් ගියා.

දොර ළගට ගිහින් මම සුදු බේබිගේ දොරට තට්ටු කරා.(දැන් අහන්න එපා ට්‍රේ එක අතේ තියද්දි දොරට තට්ටු කරේ කොහොමද කියලා කොහොමහරි තට්ටු කරාලු හරිද 😌)

ඒත් දොර ඇරුනෙ නෑ. කවුරුවත් කතාකලෙත් නෑ. ඒ නිසා මන් දොර හිමින් ඇරලා ඇතුලට ගියා.මන් ඇතුළට ගිහින් කිරි කෝප්ප දෙකම කාමරේ තිබුණ මේසේ උඩින් තියලා කාමරේ ජනෙල්වල ජනෙල් පියන් ඇරියා.ඒත් එක්කම මන් දැක්කෙ චූටි බේබිවත් තුරුල් කරගෙන නිදන් ඉන්න සුදු බේබිව.

🤫

නිදාගෙන ඉන්නකොට කොච්චරනම් අහිංසකද, මන් බලාගෙන හිටියා සුදු බේබියි, චූටි බේබියි දිහා.මටත් තිබුණා කාලයක් ඔය පපුවට තුරුල් වෙලා හිටපු. එත් දැන් සුදු බේබීට මාව මතක නෑනේ. දන්නෙම නැතුව මගෙ අත ගියේ විනූශ පුංචි බේබී ළගට, ඇස් දෙකෙන් එකපිට එක කදුලු වැටෙද්දි මට තවත් එතන ඉන්න බැරි වුණා.මන් තව එක විනාඩියක්වත් එතන ඉන්නෙ නැතුව පහළට දිව්වා.

අභිශේක් pov :

වෙනදා වගේම මම ඇහැරුනේ හැමදාම පේන විකාර හීනේ නිසා.ඒකනම් මහ වදයක්. හිතාගන්න බෑ මට මොකද්ද ඒ කියලා.දැන් අවුරුදු දෙකක් තිස්සෙ ඔය හීනේ මට පේනවා. වෙනදට වඩා පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ. නගරෙට වඩා ගම කියන්නෙ දාහින් සම්පතක්. රෝසමල නම් තවම නිදි, මහන්සි ඇති ඊයේ ඇවිල්ලා.

මම නැගිටලා යන්න හදද්දි මගෙ කකුලට මොකක්හරි දෙයක් හැප්පුනා.මම දැක්කෙ අතට පුංචි breslet එකක්. ඒත් කොහොමද මේක මෙතනට ආවේ.අනික ඒක මගෙ අතේ තියන breslet එක වගේම සුදුපාට එකක්.

මන් ඒක අතට අරන් බැලුවා.ගොඩක් පරණයි වගේ. පස්සෙ ඒක මන් මේසේ උඩින් තියද්දි දැක්කා කිරි කෝප්ප දෙකක් මේසේ උඩ තියනවා. තවම දුන් දානවා කෝප්ප දෙකේම.

එතකොට කවුරුහරි මන් නැගිටින්න කලින් කාමරේට ඇවිල්ලා. ඒත් කවුද?

මන් හිත හිතම washroom එකට ගිහිලා wash එකක් දාගෙන ආවා.ඇදුමකුත් ඇදන් රෝසමලවත් නැගිට්ටවලා එයාට කිරිඑක පොවලා මාත් මගෙ එක බිව්වා. මේකනම් හිතට මහම මහ වදයක්.මන් ආපහු අර breslet එක අතට අරන් බැලුවා.ටික වෙලාවක් කල්පනා කරද්දි මගෙ ඔලුවෙන් එකපාරටම උහුලන්න බැරි වේදනාවක් ආවා. මන් අත් දෙකෙන්ම උලුව අල්ලන් එහෙම්මම ඇදේ කොනකින් ඉදගත්තා. ටිකක් වෙලා ගියහම වේදනාව අඩු වුණා.ඇස් දෙක අත් දෙකෙන් පිහදාලා ඔලුව පොඩ්ඩක් ගසලා මම මොකද්ද වුණේ කියල කල්පනා කලා.මේකටනම් මොකක්ම හරි කරන්න වෙනවා.අර රෑට පේන විකාර හීනේ වගේම දැන් ටිකකට් කලිනුත් මට ඇහුනේ මගෙ නම කියලා කවුරුහරි කෑගහන කටහඩක් . මොන විකාරයක්ද මේ.

Waterlily-jeon ✍️

Share This Chapter