Back
/ 20
Chapter 4

දෙවන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

අභිශේක් pov:

මහනුවර මගෙ උපන් ගම.හරිම නිස්කලංක ගුණයහපත් කම් වලින් පිරුණු මිනිස්සු ජීවත් වෙන ගමක්.අවුරුදු ගානකට කලින් වලව්වක හැදුන වැඩුන එක සෙල්ලක්කාර කොල්ලෙක් දැන් වගකීමක් ඇති මිනිහෙක් විදිහට පරිණත වෙලා. මට මන් ගැනම ආඩම්බරයි. මට ඕනේ වුණේ නෑ කවදාවත් මගෙ අප්පච්චි වගේ වලව්වක් බදාගෙන ඒක මත්තෙම නැහෙන්න. මට දැන් මන් හොයපු ජීවිතේ ලැබිලා. දේවරාජ වලව්වෙ ලොකු හාමුගෙ බාල පුතා අභිශේක් ශෂික ශ්‍රී දේවනාරායන. ගමේ මිනිස්සුන්ටනම් අනුකම්පා විරහිත ඒත් නීතියට අකුරට වැඩ කරන දේවරාජ පොඩිහාමු. මන් මට අවුරුදු 20 ඉදන්ම හිටියෙ කොළඹ නගරෙ. මට ගම දාලා යන්න දුකක් තිබුණත් මට මගෙ ජීවිතේ හදාගන්න නගරෙට යන්නම සිද්ද වුණා අකමැත්තෙන් වුණත්.ඒවගෙ ප්‍රතිඵලයක් විදිහට මන් අද වෙනකොට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වගේම ශ්‍රී ලංකා යුධ හමුදාවෙ මේජර්වරයෙක්. මන් මුලින් අවුරුද්දක් ගානේ අම්මා,අප්පච්චි බලන්න ආවත් මගෙ වැඩත් එක්ක මට  ගමට එන්න බැරිවුණා. මන් මේ නුවරට පය තියන්නෙ අවුරුදු  පහකට විතර පස්සෙ.

වාහනේ ඇතුලේ ඉදන්ම මන් බලන් හිටියෙ පහුවෙන ලස්සන කදු පන්ති දිහා.කොළඹ ක්‍රොන්ක්‍රීට් වනාන්තරේ ජීවත් වෙච්ච මට  ආපහු ගමට එද්දි  දකින මේ දේවල් ගෙනාවේ වෙනදා වගේම ආගන්තුක හැගීමක්.මන් ආසයි නුවරට.

කොළඹින් පිටත් වෙද්දි වෙලාව උදේ පාන්දර තුනහමාරට විතර ඇති. මගෙ පුංචිත්තා තාම  සැපට ගුලි වෙලා නිදි. මන් කොහෙත්ම කැමති නැහැ මගෙ රෝස මලව කාටවත් දෙන්න.මගෙ ලෝකෙම මගෙ රෝසමල විතරමයි. මේ අභිශේක්ට පුලුවන් එයාගේ රෝසමල වෙනුවෙන් ඕනේම දෙයක් කරන්න.

මොකද මන් මැරෙණහැටි වගේම මරණ හැටිත් හොදට දන්නවා.මන් කැමති නෑ මගෙ වයිෆ් තිසෙන්දි උනත් මගෙ රෝස මලව එයා ළග තියා ගන්නවට.මට කොච්චර වැඩ රාජකාරි තිබුණත් මන් මගෙ රෝසමලව මගෙ ළගින්ම තියාගන්න ඕනේ නිසයි එයාව කොළඹ එක්කන් යන්නෙ. තිසෙන්දිගෙත් ඒකට අකමැත්තක් නෑ.මන් මහන්සිවෙලා මොනතරම් තෙහෙට්ටුවකින් හිටියත් ගෙදර ඇවිත් රෝස මලව දකිද්දි  ඒ හැම වෙහෙසක්ම නැතිවෙලා යනවා. ඒ සන්සුන් මූණ දැක්කහම මට දැනෙන්නෙ නැතිවෙලා තිබුණ මොකක්හරි දෙයක් මට ආපහු ලැබිලා වගේ.මට අදටත් තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා. මට බෑ එයාව නැතිකරගන්න. මොන තරම් සැහැල්ලුවෙන් මම හිටියත් මොකක්හරි හේතුවකට මට හිතෙනවා රෝසමලව මට නැති වෙයි වගේ හැගීමක්.

මොන දේ වුණත් මන් එක දෙයක් මගෙ හිතට පොරොන්දු වෙලා ඉවරයි.මන් මගෙ රෝස මලව හැමදාම ආරක්ෂා කරනවා.තාත්ති ආදරෙයි මේ ලෝකේ කාටත් වඩා එයාගේ රෝසමලට.කල්පනා කර කරම යද්දි නුවරට ඇවිත් තිබුණා.

වලව්ව පාරට වාහනේ හරවද්දි හිත අමුතු සතුටකින් පිරිලා ගියා.ගමේ කුඹුරු වල වෙනසක් නැතුව හැම තැනම මිනිස්සු වැඩ කරනවා.කොළම කොළ පාටයි හරිම ලස්සනයි. විටින් විට එබි එබිත් බලනවා කවුද එන්නෙ කියලා.ඒ උනාට උන් සේරම දන්නව කවුද එන්නෙ කියන්න.මොකද ගමේ මිනිස්සු බාගෙට බාගයක්ම වලව්වෙ වැඩ කරන මිනිස්සුනෙ.උන් දන්නවා මේ පොඩි හාමු වලව්වට එනකොට. අප්පච්චි දැන් කොහොමත් වැඩිය කුඹුරු වල වැඩ බලන්නෙ නෑ.අයියට තමයි බාරදීලා තියන්නෙ.මන් ආපුවහම උදව් කරන්න යනවා.අප්පච්චි නම් කියන්නෙ මන් ආවම තමයි අස්වනු එහෙම වැඩිපුර ලැබෙන්නෙ කියලා. ඒක ආශ්චර්යක් නෙවෙයි.ඒ දවස් වලට හැමෝම වැඩට එනවා. මොකද උන් දන්නවා මාත් එක්ක නීතියට වැඩ ඕනේ කියලා.දන්නෙම නැතුව වාහනේ වලව්ව ලගටම ඇවිලා.

විශාල් දෙනුවන් සේනාධීර

වයස අවුරුදු 30

"විශාල් වාහනේ ඇතුලටම දාපන්. මෙතන නතර කරොත් ගමේ කොල්ලොටිකගෙන් උබට වාහනේ බේරගන්න ලැබෙන්නෙ නෑ.අනික් එවුන්ටත් කියපන් ඇතුලට දාන්න කියලා ."

" ඕකේ බොස්.එතකොට ගෙනාපු බඩු ටිකට මොකද කරන්නෙ."

" ඒ ටික store room එකට ගිහින් දාපන්"

"ඕකේ බොස්."

මන් දැක්කා ඈත තියාම අම්මයි, අප්පච්චියි, අයියායි,තිසෙන්දියි බලන් ඉන්නවා.හැමදාම වගේ මන් ආවේ මගෙ හොදම ගෝලයා විශාල් එක්ක. මිනිහා තරම් හොද bodyguard කෙනෙක් කොහෙවත් නැතුව ඇති.නුවර එන හැම පාරම මාලිගාව බලන්න ඕනේ කිය කිය පොඩි එකා වගේ මෙහෙ නැවතිලා මන් එක්කම තමයි මනුස්සයා  ආපහු කොළඹ යන්නෙ.අනික් එවුන්වනම් මම යවනවා ආපහු. විශාල් ඉන්න දවස්ටිකේ මට උදව් කරගෙන ඉන්නවා ඉතින්. වාහනේ නතර කරහම මන් එළියට බැස්සා. අම්මගෙයි අප්පච්චිගෙයි මූණූ දෙකම හිනාවකින් පිරිලා.

මන් ආපහු වාහනේ දිහාවට හැරුණේ මන් මේ ලෝකේ අහන්න ආසම කටහඩ මට ඇහුන නිසා. ඔව්.. ඒ මගෙ රෝස මල.

" දැදා වදා ගන්නකෝ. අපි ආවද සීයා පප්පව බලන්න."

"අනේ ඉතින් මගේ බෝලේ නැගිට්ටද ? අර ඉන්නෙ සීයා පප්පා. අපි එනකන් බලාගෙන."

රෝසමල හරි ආදරෙයි අප්පච්ච්ට. අම්මා , තිසෙන්දි එක්ක ඉන්නවට වඩා මෙහෙ ආවම එයාට මටත් වැඩිය එයාගෙ සීයා පප්පව තමයි ලොකු. දැනුත් අත දික් කර කර සීයා පප්පා ළගට යන්න තමයි ඔය දගලන්නෙ.

මන් රෝස මලවත් වඩාගෙන අම්මයි අප්පච්චියි ළගට ගියා.

" අනේ මගෙ කොල්ලා. බලන්නකො දැන් මගෙ කොල්ලගෙ ලස්සන. අවුරුදු පහකට පස්සෙනෙ දෙයියනේ මේ."

" මේ වැඩ එක්ක වෙලාවක් අහුවෙන්නෙ නෑ අම්මෙ.දැන් මන් ආවනේ. අඩන්න එපා ඉතින්."

අම්මා අඩනවා මගෙ මූණ අත් දෙකෙන්ම අල්ලගෙන. දරාගන්න බැරුව ඇති අම්මට. කොච්චර කිව්වත් පොඩි දවස් වල  මන් උනත් එක විනාඩියකටවත් අම්මා නැතුව ඉන්න කැමති වුණේ නෑ.කොහොමද අම්මාකෙනෙක් තමන්ගෙ දරුවා ලග නැතුව හිත හදාගෙන ඉන්නෙ. ඒක මට දැන් හොදට තේරෙනවා. මොකද මගෙ රෝසමල මන් ළග නැතුව මට එක තප්පරයක්වත් ඉන්න බෑ. ඉතින් මගෙ අම්මටත් ඒ වගේ වෙන්න ඇති.මන් අම්මට අඩන්න එපා කියලා එක අතකින් කදුළු පිහදැම්මා. ඒත් එකපාරටම  තිසෙන්දි ඇවිත් රෝසමලව වඩාගන්න හැදුවා.

" දෙන්න අභී මන් විනූව ගන්නම්. ඔයාට මහන්සිත්  ඇතිනෙ."

"ඕනේ නෑ තිසෙන්දි මට පුලුවන්. අනික වාහනේ ඇවිත් මොන මහන්සිද?"

මට ඕනේ නෑ. එයාට විනූව දෙන්න. මගෙ රෝස මල ඉන්නෙ මන් එක්ක විතරයි.අනික මගෙ රෝස මලේ ඇත්තම අයිතිය කාටද තියන්නෙ කියලා මන් දැනගන්නකම් මට ඕනේ නෑ එයාව කාටවත් දෙන්න. ඒක මන්  රෝසමලව හම්බුණ දවසෙම මටම දුන්නු පොරොන්දුවක්.

අප්පච්චි බලන් ඉන්නවා මන් දිහා. ඒ දරදඩු හිත හැමදාමත් වගේ මන් ළගට යනකන් ඉවසීමෙන් බලන් ඉන්නවා.මන් ගිහින් රෝසමලව අප්පච්චිගෙ අතට දුන්නා. මන් දන්නවා මන් දිහා බැලුවට අප්පච්චිට ඕනේ මගෙ රෝස මලව බලන්න කියලා.සමහර විට අප්පච්චි රෝසමලගෙන් මගෙයි අයියගෙයි පුංචි කාලේ බලාපොරොත්තු වෙනවා ඇති.

"මගෙ පුංචිත්ත ආවද සීයා පප්පව බලන්න. සීයා පප්ප පාළුවෙන් හිටියෙ රත්තරනේ.කොහෙද ඉතින් මේ කොල්ලට බෑනේ මගෙ පුතාව සීයා පප්ප ළගට එක්ක එන්න."

" හරි හරි අප්පච්චි. මන් දැන් අප්පච්චිගෙ පුංචිත්තව කොහොමහරි එක්ක ආවනේ."

" පුංචිත්ත මොකද , තමුන් එනකොනුත් මන් බලන් හිටියා හරිද කොල්ලො.දැන් ඉතින්  ඉන්න ටිකේ අයියට උදව් කරගෙන ඉන්න ඕනේ."

" ඒවනම් මොකද අප්පච්චි. මන් ඉතින් අප්පච්චිගෙ හොද කොල්ලනේ."

" අප්පේ ඒවනම් මොකට කියනවද...., හා හා දැන් එලියෙ ඉන්නෙ නැතුව කට්ටියම  නාගෙන කරගෙන කන්න ආවනම් තමයි හොද."

එච්චරයි. මන් දිහා එකපාරක් බලලා රෝසමලවත් වඩාගෙන අප්පච්චි වලව්ව ඇතුලට ගියා.මට හිතෙන්නෙම අප්පච්චිට තාමත් සීයා කෙනෙක්ගෙ චරිතේ ගැලපෙන්නෙ නෑ. මොකද අප්පච්චිගෙ පෙනුම තාම තරුණයි. වලව්කාරයෙක්ට තියෙන පෙනුම කියනකොට අපි හැමෝටම මතක් වෙන්නෙ වයසට ගිය නාකි කොන්ඩෙ ඉදිච්ච වයසක මනුස්සයෙක් වුණත් අප්පච්චි තාමත් හොද පෙනුමට ඉන්නවා. හරියට මගෙ ලොකු අයියා වගේ කියලායි හැමෝම කියන්නෙ.ටිකකින් තිසෙන්දියි අම්මයි ඇතුලට යන්න යද්දි අයියා ඇවිත් මාව බදාගත්තා.

" කොහොමද කොල්ලො වැඩ එහෙම. හොදින් කෙරීගෙන යනවද?"

"වැඩනම් කෙරෙනවා. නිදහසක් තමයි නැත්තෙ බන්."

"ඕවා ඔහොම තමයි කොල්ලො.මට කියලා මෙහෙ වෙනසක් නෑ. මෙහෙ හැම වැඩක්ම බලන්නත් ඕනේ. ඒ මදිවට රස්සාව කරන්නත්  එපෑ.CID කියන්නෙත් ලේසි රස්සාවක් නෙවෙයිනේ බන්."

" ඒකත් ඇත්ත.හැබැයි මන් මේ පාර දිග නිවාඩුවකට ආවේ. මාත් ඉන්නවනෙ ඒ නිසා ලේසී වෙයි."

"අන්න ඒකනම් හොද දෙයක් තමයි."

පස්සෙ මන් අයියා එක්කම ගේ ඇතුලට ගියේ. විශාල් එහෙම ගෙනාපු බඩු බාන්න පටන් අරන් තියෙද්දි.

Comment ,vote කරන්න.

ආදරෙයි 🥰

Waterlily-jeon ✍️

Share This Chapter