Back
/ 20
Chapter 3

පළමුවන දිගහැරුම

~අහිමි මතක~ (Taekook Nonfanfiction)

Sadahiru pov :

පාන්දර සීතල හුලන් පොදවල් ඇග වටේ එතෙද්දි සුදූපාට මීදුම් වලින් වැහිලා තියන පාර දිගේ මන් ඇවිදන් ආවේ වැව් කන්ඩියට ගිහින් නෙලන් ආව නෙලුම් මල් පොකුරයි, ගමේ කඩමන්ඩියෙන් වලව්වෙ ලොකු හාමු දුන්න සල්ලි වලින් වෙනදා වගේම කිරි බෝතල් දෙකයි ඇරන්. මන් අඩිය ටිකක් ඉක්මන් කරේ පොඩි නෝනගෙන් බැනුම් අහන්න වෙයි කියන බය නිසා.වලව්වෙ ලොකු හාමිනේ වගේ නෙවෙයි එයා හරිම වසයි. ඩිංග බැරිවෙන්න බෑ කෑ ගහනවා. අද වලව්වෙ උදේ පාන්දර ඉදන්ම හරි කලබලේ. දේවරාජ පොඩිහාමු ඒ කියන්නෙ සුදු බේබී අද නිවාඩුවට ගමේ එනවලු. ලොකු හාමිනේ අද කාටත් කලින් නැගිටලා හිටියෙ සතුටට වෙන්නැති.සුදු බේබිගෙ අයියා සහශ්‍ර ලොකු හාමුටනම් ගානක්වත් නෑ. දේවරාජ හාමුනම් ඊයේ ඉදන් කියන්නෙ මගෙ කොල්ලා කාලෙකට පස්සෙ ගමේ එනවයි කිය කිය. මන් කවදාවත් දැකලා නෑ දේවරාජ ලොකුහාමු ඔච්චර සතුටින් ඉන්නවා. වෙනදට හිනා කදුලක් නැති මූණේ සුදු බේබී ගැන කිව්වොත් ඇදෙන හිනාව දකින්න පුලුවන් වෙන්නෙ සුදු බේබී නිසාම විතරයි.මන් අඩිය දෙක ඉක්මන් කරේ ඉක්මනින් යන්න කියලා හිතාගෙන. කොහොමහරි මම පුලුවන් වේගෙන් වලව්ව ළගටම ආවා.මන් ඉක්මනටම වලව්ව පිටිපස්සෙන් කුස්සිය පැත්තට ගිහින් ශාන්ති නැන්දා අතට කිරි බෝතල් දෙක දීලා.ලොකු හාමිනේ සුදු බේබිගේ කාමරේ මල් වාස් එකට දාන්න කිව්ව නෙලුම් මල් පොකුරත් මල් වාස් එකට දාලා ආයම කුස්සියට ආවා.

මන් යද්දි පොඩි නෝන ඉන්නවා කුස්සියේ.

තිසෙන්දි නතාශා එදිරිමාන්න

වයස අවුරුදු 27

"ඇයි තමුන් මෙච්චර පරක්කු ආ. මන් කීවා නේද ඉක්මනට එන්න කියලා."

"අනේ ම..මට ස්..සමාවෙන්න පොඩි නෝනා.

කන්දෙ කඩෙන් කිරි බෝතල් ගන්න ගිය නිසයි පරක්කු වුණේ. ලොකු හාමිනේ කිව්වෙ ගේන්න කියලා."

අදනම් පොඩි නෝනට හොදටම කේන්ති ගිහිල්ලා.මන් දැනුම් තේරුම් තියන කාලේ ඉදලා ඉන්නෙ මේ වලව්වෙ. මන් මෙහෙට ආවේ කොහොමද කියන්න මන්වත් දන්නෙ නෑ.පොඩි කාලේ ඉදන්ම ලොකු හාමිනේ එහෙම මට හොදට සැලකුවා.ඉගෙනගන්න නගරෙට යන්න කියලා ලොකු හාමිනේ මට ඉගැන්නුවා ගමේ ඉස්කෝලෙන්. කොච්චර හොදට විභාග පාස් වෙලා නගරෙට යන්න අවස්තාව පෑදිලා තියෙද්දිත් ලොකු හාමිනේට පවා කරගන්න දෙයක් නැතිවෙන තරමට මගෙ ඉරණම වෙනස් වෙලා තිබුණා.අදටත් මට ඒ ගැන කතාකරනකොට දැනෙන්නෙ දුකක් කලකිරීමක් පසුතැවීමක් විතරයි .වලව්වෙ ලොකු හාමිනේ මට අම්මා කෙනෙක් වගේ එ කාලෙම වගේ තමයි සුදු බේබි පොඩි නෝනව මේ ගෙදරට කැන්දන් අවේ. පොඩි නෝනට මා එක්ක තියන්නෙ ගොඩක් ලොකු තරහක්. නෝනා තවමත් ඒ නිසා මගෙන් පලිගන්නවා. මේ කරලා තියෙන දේවල් මදිද නෝනට තරහ නිවා ගන්න.මන් කොච්චර ඇත්ත කිව්වත් වෙනදා වගේම පොඩි නෝනා මට බනින්න පටන්ගත්තා.

" තමුන්ට ඉස්සල්ලා මම කියපු වැඩේ කරලා යන්න තිබ්බනෙ ඔය මගුල අරන් එන්න. අනික තමුසෙ මටත් නොකියා සුදුබේබිගෙ කාමරේට ගියේ කොහොමද මෝඩ කොල්ලා .මල් ගෙනාවනම් ඒක දෙනවා ලොකු හාමිනේට. තමුන්ට එයා කිව්වෙ මල් ගේන්න විතරයි, කාමර අස්සෙ රිංගන්න කිව්වෙ නෑ.යනවා දැන් ගිහින් පහල ලිදෙන් වතුර ගේනවා ගිහිල්ලා අර පොඩි ලිද පිරෙනකන්."

" හ..හරි පොඩි නෝනා."

මට බැනලා බැනලා පොඩි නෝනා යන්න යද්දි. මන් බර හුස්මක් පහල දාලා යන්න හැදුවෙ වතුර ගේන්න. ඒත් ,

"සුදූ උබ ඕවා හිතන්න එපා කොල්ලො. ඔය කට වාචාල ගෑනිගෙ හැටි ඔහොමනෙ කොහොමත්. දේවරාජ පොඩිහාමුගෙ හයිය අරන්නෙ ඔය කතා කරන්නෙ. ඕකියි ඕකිගෙ අමති අප්පයි දෙන්නම එකයි.අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ගැරහුවෙ නැත්තම් ඕකුන්ට නින්ද යන්නෙ නෑ."

" මන් දන්නවා ශාන්ති නැන්දෙ. මන් පහලට ලිදට ගිහින් එන්නම්. කොහොමත් දැන් කිව්ව වැඩේ කරන්නත් එපෑ."

" තනියෙන් පුලුවන්ද ළමයො. ඕන්නම් අපේ සිරිමල් කොල්ලා ඇති වත්තෙ ඒකව එක්ක පලයන්."

" ඕනේ නෑ නැන්දේ මන් යන්නම්."

ශාන්ති නැන්දා කියන්නෙ දේවරාජ වලව්වෙ කුස්සි අම්මා. ශාන්ති නැන්දා තමයි මන් පොඩි කාලේ ඉදන් මන් දන්න අදුරන මේ ගමේ එකම කෙනා වුණේ. එයාට මට වඩා වැඩිමල් පුතෙක් ඉන්නවා,සිරිමල් අයියා.එයා හරි හොදයි. සිරිමල් අයියානම් දැන් ලොකු රස්සාවක් කරනවා කොළඹ පැත්තෙ.මට ගොඩක් උදව් කරනවා නිවාඩුවට ගෙදර ආවම.ශාන්ති නැන්දා වලව්වට බැලමෙහෙවරකම් කරලම තමයි සිරිමල් අයියට ඉගැන්නුවෙ. නැන්දා මන් ගැන ගොඩක් දේවල් දන්නවා.මන් මන් ගැන නොදන්න සමහර දේවල් පවා ශාන්ති නැන්දා දන්නවා. ඒත් එයා ඒ දේවල් මට හරි කාලේ ආවහම කියන්නම් කිව්වා මිසක් වෙන කිසිම දෙයක් මට කිව්වෙ නෑ. එයා කියන්න තියන දේ මූණටම කියනවා වලව්වෙ හාමුලට ඇරෙන්න. මොකද ශාන්ති නැන්දා කාලා ඇදලා ජීවත් වෙන්නෙත් එයාගෙ රස්සාව නිසානේ,ඒක එයාට නැති කරගන්න බැරි නිසා

එයා එහෙම කරේ නෑ. ඒත් පොඩි නෝනටනම් ශාන්ති නැන්දා නැති තැන බනිනවා නොසෑහෙන්න. කිව්ව වගේම දේවරාජ ලොකු හාමුලා ඇරෙන්න මේ මුලු ගමේම මිනිස්සු පොඩි නෝනගෙ තාත්තට බයයි. එදිරිමාන්න ඇමති කිව්වාම හැමෝම දන්නවා.තාත්තා වගේම දුවත් මහ නපුරුයි, හිතක් පපුවක් නෑ කියලයි මිනිස්සු කියන්නෙ. එදිරිමාන්න ඇමති කියන්නෙම මහ ජරා මිනිහෙක් කියලා මන් මගෙ ඇස් දෙකටම දැකලා තියනවා. ඒ මිනිහගෙ කුඹුරු වල වැඩට දාලා ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න නොදී වැඩ ගන්නවා. ඒවා ඩිංගක්හරි නැවතිලා තියන්නෙ දේවරාජ හාමු නිසා. ඒ හින්දම ගමේ මිනිස්සු සේරම වගේ දේවරාජ හාමුට නොසෑහෙන්න ගෞරව කලා.ඒත් ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණේ ඇයි දේවරාජ ලොකු හාමුගෙ පොඩි පුතා ඒ නරුමයාගෙ දුවවම දීග ගෙනාවෙ කියන එක. ගමේ මිනිස්සු ජීවත් වෙන්නෙත් දේවරාජ හාමුගෙ පිහිටෙන් වෙද්දි උන්නාන්සෙ මොනව කලත් අපි ඒකට ගරහන්නෙ කොහොමද කියලා උන් හිතනව ඇති.

මන් වතුර කලෙත් උකුලට අරන් පහල ලිදට ගියේ වතුර අදින්න.පොඩිකාලෙ ඉදන් මම මේ ලිදෙන් වලව්වෙ පොඩි ලිදට වතුර අදිනවා. ඒක ගොඩක් ලොකු ලිදක් නෙවෙයි. ඒත් ඒක පිරෙන්න නම් මේ කලෙන් වතුර දහපාරක් විතර ඒකට පුරවන්න වෙනවා. කීයට හරි කරලා ඉවර කරන්නත් එපෑ. වෙලාවකට සහශ්‍ර ලොකු හාමු මට උදව් කරලා තියෙනවා. ඒත් මට මතකයි පොඩි කාලේ සහශ්‍ර ලොකුහාමුට වඩා ඉස්සර වෙන්නෙ සුදුබේබී.

සහශ්‍ර ලොකු හාමුයි, සුදු බේබියි වෙලාවකට රණ්ඩුත් වෙනවා මගෙ වතුර කළේ උදුරගන්න

ඒත් දැන් ඒ ගැන කතාකරන්න මන් කැමති නෑ. මට බෑ මගෙ හිත තවත් පාරගන්න. එක එක දේවල් හිත හිත මන් වතුර කල පහක් විතර උඩට ඇද්දා.දමලා ගහලා මට නිකන් ඉන්න හිතුන වාර අනන්තයි මෙහෙම වලව්වෙ වැඩ කරද්දි මහන්සි දැනුනාම. ඒත් මට ජීවත් වෙන්න එකම එක හේතුවක් තියනවා කියලා මතක් වෙද්දි ඒ හැම දෙයක්ම අමතක වෙලා , මගෙ හැම වේදනාවක්ම නැතිවෙලා යනවා. එයත් කවද හරි වෙනස් වෙයි එතකන්වත් මට එයා දිහා ඈත ඉදන්වත් බලන් ඉන්න මට වලව්වෙ ඉන්නම වෙනවා.වලව්වෙ ඉන්නනම් මට වැඩ කරන්න වෙනවා. මොකද මන් මෙහෙ හිටියා කියලා නිකන් කන්න බොන්න මට ලැබෙන්නෙ නෑ. මන් ඒවට හරියන්න වැඩ කරන්න ඕනේ.ඉතින් මන් තමයි මේ ගමේ හැමෝම කියන විදිහට දේවරාජ වලව්වෙ වැඩකාර කොල්ලා.

"ඒයි තමුන් මොනවද කල්පනා කර කර ඉන්නෙ කොල්ලො. දැන් මන්ද ඕක කරන්න ඕනේ තමුන් ඔතනට වෙලා මොකාද වගේ බලාගෙන හිටියාම. අද පොඩි හාමු ගෙදර එන්නෙ, නැතුව තමුන්ගෙ මිනිහා නෙමෙයි, තමුන්ට ඕනේ ඕනේ වෙලාවට වැඩ කරන්න.

අද දවල්ට තමුන්ට කෑම ඕනේනම් ඕක පොඩි හාමු එන්න කලින් ඉක්මනට ඉවර කරනවා."

හ්ම්ම්...ආයෙමත් පොඩි නෝනා. ලොකු හාමිනේ නැතිවෙන වෙලාවක් බලලා තමයි බනින්නෙ. ඉන්නකොට එයාගෙ බොරු මූණ පෙන්නගෙන හොද නම ගන්නවා. පොඩි නෝනා කිව්ව විදිහට සුදු බේබි දැන් එනවා ඇති ළගම. මන් ඉතින් පුලුවන් තරම් ඉක්මනට වතුර ඇද්දා.අන්තිම වතුර කලේ ගෙනෙද්දි මන් පහළ ඉදන් දැක්කා කොළඹ තියෙන ලොකු ලොකු වාහන හතරක් පහක්ම වළව්ව ඉස්සරහ වේගෙන් නවත්තනවා. මන් එහෙම්මම වතුර කලේ බිමින් තියලා බලන් හිටියා. සුදු බේබී ආව නිසා දැන් උඩට ගියොත් පොඩි නෝනා මට බනීවි, මන් ඈත තියා බලන් හිටියා.සුදු බේබි නිවාඩුවට වලව්වට එන හැම වතාවෙම එන කලුපාට ලොකු වාහනේ වෙනදා වගේම වලව්ව ඉස්සරහින්ම නවත්තල්ල තිබුණා. මගෙ හිත අමුතු සතුටකින් පිරෙද්දි, ඒ සතුටම දුකකට හැරුනෙත් එවෙලෙමයි.සුදු බේබිගෙ වාහනෙ ඉස්සරහින් කලුපාට ඇදගත්ත මහත්තයෙක් වෙනදා වගේම වාහනේ දොර ඇරියා.

වෙනස් වෙලා , සුදු බේබී ගොඩක් වෙනස් වෙලා.ඇරපු අතක් නෑ දේවරාජ ලොකුහාමුටත් වඩා දැන් වැදගත්පාටයි.

ඒත් මන් බලාපොරොත්තු වුණ කෙනා තාම වාහනෙන් එළියට ආවේ නෑ. මගෙ හිත කොනින් පුංචි වේදනාවක් ගලාගෙන එද්දි සුදු බේබී ආයම වාහනෙ පැත්තට හැරිලා වඩාගත්තෙ පුංචිම පුංචි රෝසමලක්. සුදු බේබිගෙ ජීවිතේම වුණ ඒ රෝස මල. විනූශ පුංචි බේබී.හරිම ලස්සනයි,දැන් ගොඩක් ලොකුවෙලා. පුංචි අහංකාර පාටකුත් තියනවා.බලන් ඉද්දි මගෙ ඇස් දෙකට කදුළු පිරුනෙ ඉබේමයි. මට හිතුනෙ මටත් වාසනාවක් තිබුණනම් ඒ පුංචි බෝලෙව මගේ කරගන්න, මන් හරි ආසයි ඒ හුරතල් ඇස් දෙක දිහා බලාගෙන පුංචි බේබිව හුරතල් කරන්න. ඒත් කොහෙන්ද මට ඒකට වාසනාවක් . සුදු බේබි රෝස මලව වඩාගත්තෙ හරි පරිස්සමින්, ඒ දරදඩු අත් වලින් පුංචිහරි සීරීමක් වෙයිදෝ කියලා බයෙන් බයෙන් වගේ. පොඩි නෝනා ඇවිත් පුංචි බේබිව වඩාගන්න හැදුවත් සුදු බේබි කාටවත් පුංචි බේබිව අල්ලන්නවත් දුන්නෙ නෑ.ඒත් ලොකු හාමිනේවයි, ලොකු හාමුයි දැක්කට පස්සෙ ඒ හිනාවක් නැති කඩවසම් මූණේ ලස්සන හිනාවක් ඇදුණා.එයාලා හැමෝම වලව්ව ඇතුලට ගියාට පසෙ මන් අන්තිම වතුර කලෙත් ඇදලා කුස්සියට ගියේ

ශාන්ති නැන්දට උදව් කරන්න හිතාගෙන.

Waterlily-jeon ✍️

අදට ඉවරයි

හිතුව තරම් ලස්සන නැතුව ඇති 🙂

මොකද හිතෙන්නෙ කතාව ගැන

Comment එකක් දාන් යන්න 🥰.

Share This Chapter