Back
/ 47
Chapter 25

🌼 Chapter 25 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

කාලය.......ඒක ගෙවිලා යනවා හරි ඉක්මනට......ඔරලෝසුව ඇතුලෙ තප්පර කට්ටට වඩා වේගෙකින් පැය කට්ට රේස් දුවනවද කොහෙද......හරියටම මාසයක්......එයා මම කතා නොකර අද වෙනකොට මාසයකුත් ගෙවිලා....ඉතින් අද එයාගෙ එක්සෑම් වෙනුවෙන් ඇඩ්මිශන් ගන්න දවස......අනිවාර්යයෙන්ම එයා අද ඒවි මගෙ හිත මටම මිමිනුවෙ එහෙම

අදත් මගෙ කකුල් නැවතුනේ මියුසික් රූම් එක ලග......ඉස්සරනම් මම යන්නෙ පුස්තකාලෙට එහෙම නැත්තම් ස්ටඩී රූම් එකට.....ඒත් දැන් වැඩක් නැති හැම වෙලාවකම මම එන්නෙ මියුසික් රූම් එකට......වෙලාවට මැඩම් නෑ.....නැත්තම් මේ එන ඒමට මාව මියුසික් වලිනුත් අස්කරලා දානවා.....ඇතුලට ආපු මගෙ කකුල් අහේතුවකට නැවතුනේ පිට්ටනිය පේන ජනේලෙ ලගට......ඒක ඇරලා දාලා.....මෙතනට හොදටම කැඩෙට් රූම් එක පේනවා......කැඩෙට් කෝඩ් එකට ඇස් යැව්ව මගෙ හදවතේ පැත්තක අමුතු හිරියක් ගියා

ආය ඒ දවස් නිකමටවත් එකක් නෑ.....ඒවා ලස්සනම මතක විතරක් වෙලා හිතේ කොනක ඉතිරි වේවි......ඉතින් ආයම මම උදේට ග්‍රවුන්ඩ් එකට එන්නෙ නැතිවෙයි.....ආයම මගෙ බෝතලේ උදෙන්ම හිස් වෙන්නෙ නැතිවෙයි......ඒ කිසි දේකට හේතුවක් නැතිවෙයි

මේ ගෙවෙන්නෙ කොල හැලෙන විඩාබර ගිම්හානයක්.....හේමන්තයේ දීර්ඝතම රාත්‍රියක්........මල් පවා නොපිපෙන ඍතුවක්

ඔයා වැරදි නෑ.......ඔයා කොහෙත්ම වැරදි නෑ......ගිලෙනවා කියලා දැන දැනත් අලු පාට ඇස් දෙකකට ඕනවටත් වඩා එබුනහම හදවතේ උනත් ලිමිට් එක පනිනවා......අර කිව්වත් වගේ කොල හැලෙන ගිම්හානයේ අහුවෙන ගහකට වසන්තය ගැන ඒ හැටි බලාපොරොත්තුවක් කොහිද

ඉතින් දන්නවද මගෙ වළාකුල් පිරිමි ළමයො මිනිහෙක්ට පුලුවන් තමන්ගෙ ප්‍රථම බැල්මෙන් උනත් තවත් ආතමයක් අවුලවන්න හරි අපූරුවට.....මම අදටත් කියනවා ඔය ලක්සරි වැනිලා සුවදට......ගනන්කාර අහස් බැල්මට ඇයි අර අලුපාට තැවරුණු මැජිකල් ඇස් වලට.....ඕවට අහු උනහම ස්ව කැමැත්තෙන්ම මම උනත් හිරගත වෙනවා...

හැමෝටම බෑ හිනාවකින් තවත් මනුස්සයෙක්ව ඔයහැටි පිස්සු වට්ටන්න.....ඒත් ඔයාට පුළුවන් ඔය හිනාව පෙන්නලා මාව විශ්වයේ ඈත කොනකට ගිහින් අතරමං කරන්න.....ඒකට කමක් නෑ මේ පාර මම හැංගෙනන්නම්.....මොකද ඔයාට තියෙන්නෙම මැජික් කුඩු ඉහාපු හිනාවක් හන්දා.......ඕක හොයාගන්න ඩිස්නියේ කිලෝ මීටර් ගානක්ම දුර යන්න ඇති නේද

අලු ඇස් අයිතිකාරයා කියන්නෙම මැජික්කාරයෙක්......!!!

ඉතින් මට කියන්න ඇත්තටම මෙතන වැරදිකාරයා මමද ?? නැත්නම් ඔයාද ??

කාමරේ කෙලවරකට වෙන්න තිබුන පියානෝ එක ලගින් ඉදගත්තු මම ඒක උඩ ඇගිලි එහාට මෙහාට යැව්වෙ රටාවකට.....පිය උන ඇස් අස්සෙන් පේන අර ' හුරුපුරුදු ' රූපෙ සාමකාමීව පහලට වැටුනත් ටොන් ගානක් බර හුස්ම පොදවල්   නහර වැල් පවා හදවතට ලේ පොම්ප කරන වේගෙ හොදටෝම සීමා කරලා තිබුනා

සෙනෙහසකට අරුතක් පුරවන්නට

අහසේ තරු ගැන්නා...

වෙරලේ රළ මැන්නා...

සීමාවක් මායිමක් නැතැයි කී

සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුළක් සිදුනින් හදවත පිපුණූ

කඳුලෙත් අතුමත විස තිබුණා

බිඳුනොත් බඳුනක පිළියම් කරනට

බැරි කැළලක් මතුවී පෙනෙනා...

සෙනෙහසකට අරුතක්...//

පවකින් පෙර අත් භවයක සිදුවූ

සිතකින් සිතකට දුක පිරුණා

මගෙ අත දිගු කළ හැකි හැම තැනදී

ඔබ අත මා දුරකින් තිබුණා...

අවසානයටම මම නැගිට්ටා.....වෙන මොකවත් හන්දා නෙවෙයි මීට විනාඩි ගානකට පෙරාතුව මියුසික් රූම් එක ඉස්සරහට වෙන්න නැවතුන සපත්තු අඩි සද්දයක් හන්දා.....මම නැගිට්ටෙ පන්තියට යන්න උනත් මොකද සති ගානකට විතර පස්සෙ නාස් කුහර පුරෝපු ඒ සුවදට එහෙම්මම දොර ලගදි මගෙ අඩි බාල උනා......හිතට ආවෙ එක සිතුවිල්ලයි.....ඒ

' දවස් කීයකට පස්සෙද ඇත්තටම මම ඔයාව දකින්නෙ ?? '

දොර මෙහා පැත්තෙ උන්නු මම පුලුවන් තරම් ගට් අරන් එලියට බැස්සෙ අර ආඩම්බරකාර රූපෙ මගෙ ඇස් වලට අහුවෙනකොට....ඒ ඇස්......ඒවා මම එදා පලවෙනි දවසෙ දැක්ක විදියමයි......හැගීම් පවා හිස් වෙලා ගියපු ඇස් දෙකක්......කරන්න දෙයක් නැතිකමට මම කලේ රශේන් අයියට ලා හිනාවක් දුන්න එක.....ඒත් ඒකට ප්‍රතිචාරයක් විදියට මට ආපිට පෙරලා හිනාවක් ලැබුනේ කියලා ඔයාලා හිතනවද ?? අපෝ නෑ එයා නෙවෙයි මගෙ දිහා බැලුවෙවත්...

ඒ ඇස් නැවතිලා තිබුනෙ ඉස්සරහින් පේන ඇහැළ ගහ ලග වෙනකොට තප්පරයක්......දෙකක්.......තුනක් ඒ දිහා බලන් උන්නු මම අන්තිමට එන්න ආවා....මොකද අපි අතර ආයමත් සැරයක් තිබුනෙ අර මුලින් තිබුන ආගන්තුක හැගීම කියලා මට දැනුන හන්දා

අස්ථිර හිතක් ළඟ ස්ථීරවම නැවතුණු මම

දවසකට දහ දොලොස් වතාවක් ඔයා ගැනම හිතන එක

මොකට මේ හැටිම

හැඟීම්බර ද..?

අනික් අතට මේක ඒක පාර්ශ්වීය ප්‍රේමයක් විතරක්ම උනු නිසා

හිතට දැනෙන සමහර හීං වේදනා උනත්  මොන තරම් සෙනෙහෙබර ද..?

මේ වගේ ලස්සන දවසක

ඉර බහින රතුම රතු හවසක

ඔය උරහිසට මගේ මේ පොඩි හිතේ බර ඔක්කොම දෙන්න ඇත්තන් කොච්චරක් පෙම්බර ද.. ?

අනිත් අතට

ඉඳල හිටල සිද්ධ වෙන අහම්බයකින් විතරක්ම ඔයාව දකින්න ලැබෙන එක

කොයි තරම් දුක්බර ද..?

ඇත්තටම

ඒකපාර්ශ්වීය ප්‍රේමය මේ තරම් සුන්දර ද..?

( Copied )

ඒක පාර්ශ්වික ප්‍රේමය ඇත්තට මොන තරම් ලස්සනද ??

ඔය ඇස් දිහා බලලා වරුවක් ගිය තැන අර අලු පාට අහසෙ පායපු තාරකා නිහාරික පාස් කරලා මන්දාගිනියක අතරමංවෙන එක මෝඩ තරම් අමාරුද

දැනිලා තියෙනවද තමන් ප්‍රියතම ආත්මයක් දැක්කත් නොදැක්කා වගේ යන්න උනහම දැනෙන ඒ වේදනාව.....ඒවා ඇවිත් දරුණුතම ඝනයේ හිත් වේදනා.......කොහම නොදැක්කා වගේ යන්නද ඒ උන්නෙ මගෙ ' අතිශය ප්‍රථම ප්‍රේමය ' වෙනකොට...

මංදා එතනින් පස්සෙ මම පීරියඩ් කොහොම ගෙවාගත්තද කියලා.......අද පල්ලියේ පූජාව තිබුනෙ ඒලෙවල් අය වෙනුවෙන්මයි......වෙනදට ඒකට යනවා උනත් අද මම ඒ පැත්තෙවත් ගියෙ නෑ.....හේතුවත් දැනගන්න ඕන ඒත් එයාගෙ ඉස්සරහට යන්න තරම්වත් මට හයියක් නෑ.....කොහම යන්නද එයා මාව මග අරිනවා කියලා මට හොදටම දැනෙනකොට

" ශෙනුල් හිතන්න එපා බං ඒක වැඩිය.......අපි ඉන්නවනෙ උබට "

" මම දන්නවා........"

වෙන කල්පනාවක උන්නු මම එකපාරටම ගැස්සිලා ගියේ යසිරු මගෙ පිටට තට්ටු කරනකොට......ඒ කරනකොටයි මම දැක්කෙ තුන් දෙනාම මගෙ දිහා බලන් ඉන්න හැටි......එතකොට කෝ ඉංග්‍රීසි මැඩම්......මම ඔරලෝසුවෙන් වෙලාව බැලුවා......මැඩම් ගිහිල්ලා මොකද පීරියඩ් එක ඉවරවෙලා.....උන්නු කල්පනාව කොච්චරද කියලා කියනවනම් බෙල් එක ගහනවවවත් මට ඇහුනෙ නෑ

මලීශ මට මොනවහරි කියන්න හැදුවත් මොකද ඒක කියාගන්න බැරි උනේ දොලහයි දහයට ප්‍රෙයාස් කියන්න පටන් ගත්තු හන්දා......අපි හැමෝම උන්නු තැන් වලින් නැගිට්ටෙ ප්‍රෙයාස් කියන්න

" Hail Mary full of grace, the loard is with you.....blessed are you among women.......and blessed is the fruit of your womb jesus

Holy mary Mother of god pray fou us sinners..............."

ප්‍රෙයාස් කියලා ඉවරවෙනවත් එක්කම අපි ආයම උන්නු තැන් වලින් ඉදගත්තා......පන්සලකුයි පල්ලියකුයි දෙකක් තිබ්බහම දෙකම මික්ස්.....මම මග අරින්න හැදුවත් මොකද ආයම අපි සුපුරුදු මාතෘකාවට වැටුනා

" ඔයාට එයාව හම්බෙන්න ඕනද......."

මගෙ දිහා ටිකක් වෙලා බලන් උන්නු පසිදු අවසානයටම එහෙම අහද්දි මම කලේ එක මොහොතකට කල්පනා කරපු එක.....ඇත්තටම මට එයාව හම්බෙන්න ඕනද ?? හම්බෙන්න ඕන නේන්නම් ඒකටනෙ නොකිව්වට මම උනත් වලි කෑවෙ......ඒත් එයාව හම්බෙන්න මට ගට් එකක් නෑ......වෙන මොකවත් හන්දා නෙවෙයි එයා මාව දැන් දැන් මග අරින්න හන්දා

ඒත් මට එයාව අන්තිම පාරට හම්බෙන්න ඕන........මට සමාවෙන්න කියන්න ඕන......ඉස්සර වගේම නැති උනත් එක මොහොතකට මට ඒ වලව්කාර ඇස් අස්සට එබිලා බලන්න ඕන...

මොකද මට හරියටම දැනගන්න ඕන මම ඒවායින් දැක්ක දේවල්.......ඒවා මට කිව්ව දේවල් වැරදදි කියලා......සමහරවිට මම ඒවා කියවන්න ඇත්තෙ වැරදියට

අර තුන්දෙනා මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මගෙ දිහා තාමත් බලන් ඉන්නකොට මම කලේ ඔලුව දෙතුන් පාරක් උඩට පහලට වනපු එක

" ම්ම්ම් ඔව්........"

එහෙම කියනකොට මලීශ පසිදු දිහා බලන හැටි මගෙ ඇස් කොනට පෙනුනා

" හරි එහෙනම් මම පසන් අයියට කියන්නම්........ඔයා ගිහින් කතා කරන්න......හැබැයි එක පොරොන්දුවක් පිට........ඔය ගිහින් එන්න ඕන ආයම.අපේ පරන ශෙනුල් වෙලා.......අපිට ඕන පිස්සු කෙලිය අපේ කලින් යාලුවව මිසක් පැත්තක් බලන් ඉන්න ඔයාව නෙවෙයි "

පසිදු කතා කරද්දි මම මුකුත්ම නොකියා උන්නෙ මට ඒකට දෙන්න තරම් මට හරිහැටි උත්තරයක් නොතිබුන හන්දා

මම හිමි හෙමිහිට අඩිය තිබ්බා......අඩියක් අරන් ඉස්සරහට අඩියක් තියන වාරයක් පාසාම මගෙ හද ගැස්මත් එන්න එන්නම වැඩි උනා.....පිට අල්ලට දාඩිය දාලා තියෙනකොට නලල කොනෙන් දාඩිය බිංදුවක් රූට්ටන හැටි මටම දැනුනා......අවසානයටම මගෙ අඩි එක තැනක නතර වෙනකොට මම එහෙම්මම ඇස් උස්සලා බැලුවෙ මගෙ ඉස්සරහ උන්න  රූපෙ දිහා

එයා තාම දන්නෑ මම ආවා කියලා......එක්කො එයාට දැනුනත් නොදැනුනා වගේ උන්නා......මම කලේ ලොකු හුස්මක් පාත දාපු එක........හදවත අදත් වෙනදා වගේම සාමාන්‍ය සම්ප්‍රදායෙන් පිට පයිනකොට වෙනසක් නැතිවම මම ඒ ලක්සරි වැනිලා සුවදින් පපු කුහර හොර රහසේ පුරෝගත්තා

" අයියෙ........"

මම කතා කරනකොට රශේන් අයියා මගෙ දිහා බැලුවෙ සාක්කුවට අතකුත් දාන්.....බෑග් එක ඒ එක උරහිසක එල්ලෙනකොට මම කෙලින්ම බැලුවෙ ඒ ඇස් දිහා

ඒ වලව්කාර ඇස් එහෙම්මමයි

ඒ ගනන්කාර ග්ලැසියර බැල්ම එහෙම්මමයි

ලක්සරි වැනිලා සුවද එහෙම්මමයි

ඒත් ඒ ඇස්වල හැගීම් ?? අර වෙනදට තරු කැට පුරෝගත්තු ඇස් ?? ඒ කිසි දෙයක් වෙනස් අද මට පෙනුන්නෑ......මම කිව්වනෙ කොහමත් එයා දක්ශයි දැනෙන හැගීම් හංගලා දාන්න හරි ලස්සනට.....වෙනදට දහසකුත් කතා කියෝපු ඒ ඇස් කියවගන්න පුලුවන් උනාට මොකද අද මම ඒකෙනුත් අන්ත පරාජයකට ලක් උනා

සමහරවිට මම වැරදි ඇති.......මට ඒ ඇස් එදා ඉදන්ම හරියට කියෝගන්න බැරිවෙන්න ඇති......මම ඒවා තේරුම් ගත්තෙ වැරදියට වෙන්න ඇති

රශේන් අයියා මුකුත්ම කිව්වෙ නෑ......ඒ ඇස් කෙලින්ම නැවතිලා තිබුනෙ මගෙ ලග වෙනකොට මට යටිතොල තදට හැපිලා ගියෙ අතේ තිබුන කොලේ අතටම තදවෙලා යනකොට

නවත්තපන් හිත !

අදත් මම ඔය ගැබුරුතම ඇස් දිහා බලන් කියන්නෙ එකම එක දෙයයි...

මරණීය වේදනා අන්තර්ගත ' අධි අනාරක්ෂිත කලාපයක් ' !!!

මේ පලවෙනි පාර මං ආදරෙයි කියන.....ඒකත් ඔයාට !

මට මතකයි

හැමදාම වගේ දිලිසෙන ඇස් වලින්

ඔයා මට කතා කරනවා.....

කට කොනින් රවාගෙන

ඇස් අගින් හීනියට හිනාවෙනවා

ආදරේ කියන්න කලිනුයි ඒක දැනෙන්නෙ

මම හිතුවෙ එහෙම.....

ඉතින් ඔය ඇස් මගනොහැර

මගෙ ඉස්සරහ මතුවෙද්දි මට ඒක ඔප්පුඋනා

" මම ඔයාට ආදරෙයි " අන්තිමට මම එහෙම කිව්වා.....

මට මතකයි මගෙ අතේ තිබුන

තනි ඩේසි මල මැලවුනා....

මල් පොකුරක් අතින්ගත්තු

අයිතිකාරයෙක් ඔයා ලග නැවතුනා

ඉතින් ඔය ඇස් තමයි වස්.....!

ඔය ඇස් නිසා එදත් අදත් මං රැවටුනා....

( Copied)

" හොදට ලියන්න.....ඔයාට පුළුවන් ඒක මම දන්නවා "

එහෙම කියපු මම අන්තිමට ඒ අතේ දෙකට නවපු කොලයක් තිබ්බෙ ඒ වලව්කාර ඇස් දිහා කෙලින් බලනගමන්.....ඉතින් ඒත් එයා මුකුත්ම නොකියද්දි නොරිදුනාම කියන්නත් බෑ.....පපුවෙ පැත්තක් හෙමි හෙමිහිට ඇවිලෙද්දි මම කලේ මගෙ ලග දුන්න ලස්සනම හිනාව එයා වෙනුවෙන් වැය කරපු එක

මම දන්නවා මේ අපි හම්බෙන අවසානම දවස් නොවන වග.....ඒත් මෙහෙම ' දන්න අදුරන අය ' විදියට මුන ගැහෙන අවසානතම වතාව මේක වේවි.....මෙතනින් පස්සෙ අපි ආගන්තුකයො වේවි.....එයාට මම තවත් එක ' හමුවීමක් ' විතරක්ම වේවි

ඒත් මට එයාව හොදම හමුවීමක් වේවි

" ඒ වගේම සමාවෙන්න......"

එහෙම කියපු මම හැරිලා එන්න ආවෙ රශේන් අයියා එතන ඉදන් බලන් ඉන්නකොට

ප්‍රේමය නම් නිර්ලජ්ජිත ලෙස තව තවත් ඔබ දෙස බලා හිදීමය......හමුවීම කොතනකවත් ලියා නැති අන්දරයක හිමි  වීමක් ගැන නොපතන ලෙස පැවසිය යුතුමය......එහෙත් කෙදිනක හෝ යලි හමුවන දිනක කතා කිරීමට ඇවැසි බව පමනක් ඉදුරාම මම ඔබට පවසමි

ඉතින් ප්‍රේමිය, ගිම්හාන කාලයෙන් පසුව එලබෙන වස්සානය දක්වා බලාපොරොත්තුව  සහිතව බලාහිදින බව අගවා අවසානයේ නිහඩවෙමි......!

Share This Chapter