Back
/ 47
Chapter 24

🌼 Chapter 24 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

අදත් වෙනදා වගේම තාත්තා මාව ගේට් එක ලගින් දාලා යනකොට තාත්තටත් අත වනපු මම ස්කෝලෙ ඇතුලට ආවෙ රශේන් අයියා ගේට් එක ලග ඉන්නවා දකිනකොට......ගේට් එක ලග උන්න ප්‍රිෆෙක්ට් අයියා එක්ක හිනා උන මම එයා පැත්ත හැරුනේ මූනෙ හිනාවක් රදවන් උනත් මොකද ඒ තප්පරෙන්ම ඒ හිනාව නැතිවෙලා ගියේ රශේන් අයියා මාව මග ඇරලා යන්න යනකොට

ඉතින් දැන් ඒකත් එහෙමද

එතනම උන්න අයියා කෙනෙක්ට මොන මොනවදෝ කියපු රශේන් අයියා පිටටත් තට්ටුවක් දාලා යන්න ගියා.....මම තාමත් උන්නෙ ගේට් එක ලග......මගෙ ඇස් තාමත් නැවතිලා තිබුනෙ මාව දැක්කෙ නෑ වගේ ඈතට යන එයා ලග......එයා ඒ මාව මග ඇරියද?? ඒත් ඇයි......එදා කිව්ව දේටද.......සමහරවිට එයා මාව හරියට දකින්න නැතිව ඇති.....අන්තිමට මම මගෙ හිතට තරවටු කරගත්තෙ එහෙම

නොකිව්වට මොකද දැක්කා හෝ නොදැක්කා ඒකෙන් උනේ මට රිදුන එක.....මම ආය ආයම පසුතැවුනා එයාට එහෙම කියපු එක ගැන.....සමහරවිට මට වැරදෙන්න ඇති.....ලොකු හුස්මක් පාත දාපු මම ආවෙ පන්තියට

" මොකද බං උබ දාහට අරන් සීයට දීලා වගේ ඉන්නෙ.......මොකක්හරි ප්‍රශ්නයක්ද....."

යසිරු එහෙම අහනකොට මම කලේ මුකුත් නෑ කියන්න ඔලුව වනපු එක...

" මමත් දැන් බලාගෙන......අද උදේ ඉදන් ඔයා ඔහොමයි ශෙනූ.......මොකක්ද උනේ කියන්න.......වෙනදට කියලවත් අපිට  නවත්තගන්න බැරි කටර් එක මොකද අද වැහිලා ගිහිල්ලා "

" අව්....හ් "

ඊලගට පසිදු එහෙම කියනකොට මම ආයම කලේ ඔලුව වනපු එක......ඒත් එක්කම නොහිතපු වෙලාවක පිටට වැදුන පාර හන්දා මම නොක්කාන්ඩුවට බැලුවෙ මලීශ දිහා.....ඒකා පුපුරනවා

" වචන......වචන වලින් කතා කරපන්.......ඔලුව උඩටයි පහලටයි වනන්නෙ නැතුව.......කටක් තියනවනෙ උබට නේද.......මොකක්ද ප්‍රශ්නෙ කියහන්කෝ නැති වෙන්න බෑනෙ......අපි උබේ යාලුවොනෙ........අපිට කියන්න බැරි දේවලුත් තියේද දැන් "

" එහෙම එකක් නෑ.......තියනවනම් කියනවනෙ "

" දැන් කියන්න බැරි නම් කමක් නෑ.......පස්සෙ හරි කියන්න ඕන කියලා හිතුන වෙලාවක කියන්නකො......මේකත් මතක තියාගන්නකො ඔයාට යාලුවො තුන් දෙනෙක්ම ඉන්නවා කියලා "

මුකුත්ම නොකියා හිනා උන මම කලේ එහා පැත්තෙ උන්න යසිරුවගෙ අතට හේත්තු උන එක......කියන්න බැරි කමක් නෙවෙයි බං පටන්ගන්න ඕන කොතනින්ද කියලා හිතාගන්න බැරිකමක්  තියෙන්නෙ......මම ලොකු හුස්මක් පාත දැම්මා.....අද වෙනකන් අපි අතර එහෙම රහස් තිබිලා නෑ......රහස් තියෙන්නෙ කොහොමද අපි ඇවිත් යාලුවන්ටත් එහා ගිය සහෝදරයො වෙනකොට

මටත් ඕන කියන්න......ඒත් මොනවද?? මම අහන්නෙ මොනවා ගැනද......කොහමද මම කියන්න ඕන......මම එක මොහොතකට කල්පනා කලා

නවතින්න තැන ආවහම හොදම යලුවො වෙලා නවතිමු කියලා පොත්වල ලිව්වට කවුද කැමති එහෙම සංසාරයක් එකට අත් බැදන් ආපු අතක් ගලවන්න.....ඕවා ඇවිත් පිටුවලටත් සෑහෙන්න බර වචන

උදේම පන්තියට ආවත් හරි අර කිව්වත් වගේ මම කතා කලේ නැතිම තරම්.....ඒ තියා අද උගන්නපු දේවල්වත් හරියට ඔලුවට ගියාද කියලා මට සැකයි...

" හරි උබ නෑ කිව්වට ඉන්නෙ අවුලෙන් කියලා දන්නවා......මොකද කියන්නෙ කැන්ටිම පැත්තෙ තියන ඇඹරල්ලා ගහේ ගෙඩි තියනවා......යමුද ඒ පැත්තෙ විසිට් එකකට "

" ඇයි එදා කෙසෙල් කාලා මදිද......කොච්චර කොහොම කිව්වත් තොපිට ලැජ්ජත් නෑ උබලා එක්ක එන මට ලැජ්ජත් නෑ "

" එන්න බැරිනම් ඉතින් උබ ඉදපන්......අපි බලෙන් අරන් යන්නෑ උබව......කොහමත් දැන් එක් කෙනෙක් ලගදි ඉදන් හැදිලා කියලා පේනවා අපිටත් දැන්.......සැලකිය යුතු සංවර්ධනයක් "

" කියවන් නැතුව යමං ඉතින්......"

අන්තිමට බෑ කියපු පසිදුම යන්න ඉස්සර වෙනකොට නැගිටින්නත් කලින් මලීශ අතින් ඇදපු පාර තව පොඩ්ඩෙන් මම කඩලයගෙ ඇගේ......ඒකගෙ ඇගේ වැදුනනම් තමා බලාගන්න තිබ්බෙ.....පන්තියෙන් එලියට ආපු පාර අපි කෙලින්ම නැවතුනේ ඇඹරල්ලා ගහ වග වෙනකොට අර කිව්වත් වගේ ගහේ ගෙඩි තිබුනා.....පහල අතුවල ගෙඩි තියා කොලයක්වත් හොයාගන්න නෑ.....ඔක්කොම කට්ටිය කාලා

කොහමත් අපි එනකන් කවුරුත් ගහේ ගෙඩි ඉතුරු කරන්නෑනෙ.....මේ පැත්තෙ මේ වෙලාවට එහෙම කවුරුවත් එන්නෙ නැති හන්දා යසිරු එතනම තිබුන තාප්පෙට නැගලා ගහේ අත්තකට නැග්ගා.....මලීශ පැත්තකට වෙලා ඔත්තු බලනකොට මායි පසිදුයි කලේ යසිරුවා බිම දාන ගෙඩි හැම එකක්ම අහුලගත්තු එක

මෙහෙමයි අපේ ස්කෝලෙ කැන්ටිම් දෙකක් තියනවා.....කොහමත් ළමයි හයදාහත් පන්නලා ඉන්න ස්කෝලෙකට එක කැන්ටිමක් ගෑවෙන්නවත් මදිනෙ.....අපි දැන් උන්න කැන්ටිම තිබුනෙ ස්කෝලෙ පිටිපස්සට වෙන්න මායිමේ තිබුන තාප්පෙ ලග.....මේ පැත්තෙ තියෙන්නෙ කරාටි රූම් එකයි මියුසික් එක රූම් එකකුයි....ඒ හන්දා කවුරුවත් එලියෙ නැති වෙලාවෙ අපි ගස් උඩ නැගලා ඉන්නවා කාටවත් එහෙම වැඩිය නෝට් වෙන්නෑ

හැබැයි කරුමෙට හරි සර් කෙනෙක් ආවනම් තමයි මාට්ටු වෙන්නෙ

" උබලට හොදටම ශුවර් නේද මේවා හේදුවා කියලා....."

" ඇයි උබට සැකද.....අපිත් උබ වගේ කියලා හිතුවද...."

" මිරිස් ටිකක් දෙන්නකො පසියෝ "

අපි උන්නෙ තාප්පෙට හේත්තු වෙලා.....ඇඹරල්ලා ගෙඩිත් කඩාගෙන ඒවා පහල ටැප් එකෙනුත් හෝදපු අපි සෙට් එක කැන්ටිමෙන්ම ලුනුයි මිරිසුයි ඉල්ලගෙන තාප්පෙට හේත්තුවෙලා කන්න ගත්තා

ඒ කන්න ගත්තත් මලීශයි පසිදුයි මරා ගන්නවා.....උන් දෙන්නට හිතේ හැටියට රණ්ඩු කරන්න දීලා මායි පසිදුයි කලේ ශේප් එකේ ඇඹරල්ලා ටික ඉවර කරපු එක.......එයාලට රණ්ඩු කරගන්න එක වැදගත් උනාට මොකද අපිට වැදගත් කන එකනෙ

" අන්න උබේ ප්‍රේම කුමාරයා එනවා......ඔබ කොතනද මා එතනයි මා කොතනද ඔබ එතනයි අහන්න මේ ඇහුනාද~ "

" ට්‍රැකද මලීශ......කට වහන් ඉදපන්කො "

" ඔව් දැන් අපිට ට්‍රැක නේ...හ්......උබෙත් බොරු මරිසියනෙ "

අර කිව්වත් වගේ අපි උන්න තැනට ආවෙ පසන් අයියා එක්ක තව අයියා කෙනෙක්.....මම පුරුදු රූපයක් බලාපොරොත්තු උනත් මොකද ඒ රූපෙ නම් ඇස් මානෙට උදේ දැක්කයින් පස්සෙ දැක්කෙම නෑ.....සමහරවිට පන්තියේ වෙන්න ඇති

" කනවද....."

" මිරිස් වැඩිය එපා "

පසන් අයියා හොරාට පසිදු ලගට යනකොට අපි තුන්දෙනා මෙහා පැත්තෙ ඉදන් බලන් උන්නා.....තුන් දෙනා කිව්වට අර අයියත් එක්ක හතර දෙනා.....අනුන්ගෙ ලව් එකක් නම් අපේ අයට කන්න ඕනත් නෑ......ඒ තරමටම ඕප.....ගෑනු පරාදයි ආය.....අනුන් කියලා කිව්වට අපේනෙ.....අපි හතර දෙනා අතර මගේ කියලා නෑ හැමදේම පොදුවේ ගත්තොත් අනේ.....එතකොට පසන් අයියවත් එහෙම බැලුවහම ඔෆීශියල් පසිදුගෙ උනාට අපේ

යාලුවො උනත් ඉන්න ඕන ඒ ගානට...

" ඒ ලව් එක බලහන්කෝ "

" ඔතනින් කවුරු වෙන්න ඇතිද ටොප් "

යසිරුවා ඇහුවෙ අර අයියගෙන් වෙනකොට මම ඇඹරල්ලා කෑල්ලක් කටේ දාගත්තා....

" කවුද දන්නෙ...."

" ඔයා මොකද හිතන්නෙ දෙනුවන් අයියෙ "

" මොනවා හිතන්න පසනා තමා "

ඒ ඉතින් දන්න තරම.තමා.....මට ඒ අස්සෙන් තනියම හිනා.....පසන් අයියා ටොප් වෙයි ඔතන පසිදු නැතුව වෙන කෙනෙක් උන්න නම්.....අයිනෙ දන්නෙ එයා ගැන

" කීයක් ඔට්ටුද......පසන් අයියා නෙවෙයි "

" නැත්තෙ මොකෝ ඌ තමා......මේ පොඩි එකෙක්ට සෙකන්ඩ් වෙයිද අපේ එකා "

" ආ නෑ කියලද කියන්නෙ "

ඒ අස්සෙ යසිරුවා දෙනුවන් අයියා එක්ක මරාගන්න පටන් ගත්තා.....මම නම් දැක්කෙ නෑ මට වැඩක් නෑ වගේ උන්නා.....ඕවට මැදිහත් වෙනවට වඩා හොදයි බෙල්ලෙ ගලක් බැදන් ගගක මුහුදක පනිනවා.....අන්තිමට ඇඹරල්ලා කඩන්න කියලා ආවාට මොකද ඒක කාලා ස්කෝලෙ වටේ රවුමකුත් ගහලා පන්තියට ආවෙ.....යසිරු කැඩෙට් රූම් එකට යන් කියලා කිව්වත් මම කලේ ඒක හිමිහිට මග ඇරපු එක

*

*

*

දවස් නම් ඔහේ ගෙවෙනවා......එදා ගේට් එක ලගදි රශේන් අයියව දැක්කට පස්සෙ මම එයාව දැක්කෙම නැති තරම්.....අනික ඒලෙවල් එන්න එන්න ලංවෙන හන්දා ස්කෝලෙ එන එකත් අඩුයි.....ඒ තියා මම ආයම මිසුසික් ක්ලාස් එකට ගියහම බයික් එකේ සද්දෙවත් ඒ රූපෙවත් මට මුන ගැහුනේ නෑ

කොහමහරි හිස් පීරියඩ් එකක් අල්ලලා මම අදත් වෙනදා පුරුද්දට ආවෙ ඇහැළ ගහ යටට.....දැන් දැන් ගහෙත් මලක් දෙකක් ඇරුනහම ඉතුරුවා හැලිලා ගිහිල්ලා

මේ ගහටත් ඊලග ඍතුව ගැන හුගක් බලාපොරොත්තු ඇති.....ආයම මල් පිපේවි......මල් ඔටුනුත් හැදේවි......මී මැසි ඔපෙරාත් ඇහෙයි......ඒත් අර කිව්වත් වගේ ඒ කිසි දෙයක් බලන්න එයා නැති වෙයි......ඊලග අවුරුද්දෙ මම විතරක් එදාට ආයම මෙතනට එයි.....මේ එයාගෙ අවසානතම අවුරුද්ද.....අන්තිම මාස කීපය

සමහර මතක පිටු තියනවා ඒවා ඇවිත් තනිකරම මරණීය වේදනාවන්......ප්‍රේමණීය ප්‍රේමයට හදවතේ සියුම් මර්මස්ථාන හිමි හිමිහිට කූද්දන ගමන් ගැහෙන පපු දාතුවල හුස්ම හිර කරන්න පුලුවන් හරි ලස්සනට

මේ ගෙවෙන්නෙම විඩාබර දවස්...

ප්‍රේමයට පුලුවන් අමෝරා වැසි වස්සන්න

හදවත් ස්පර්ශ කරන ප්‍රේමයට පුලුවන් ඒ සියලු සංවේගයන් පරයා විරහව උනත් හරි ලස්සනට කා වද්දන්න

මම ලා කොල පාට දලු පිරුනු ඇහැළ කදට හේත්තු උනා.....ඉතින් අද වෙනදා වගේ හුලග උනත්  ඔපෙරා නෑ......වලාකුළු උනත් බැලේ නටන් නෑ......අර අලු ඇස් වලට අයිතිය කියන ආඩම්බර අයිතිකාරයා ඇස් මානෙට උනත් දැන් එන්නෑ......ඉද හිටක හමන හුලං පොද පවා ප්‍රේමණීය මාවත් මග ඇරලා යනකොට මම බලන් උන්නා

මට කියන්න ප්‍රේමය උනත් ඔය තරම් දරුණු ද ??

කැලික්ටස් එයාට අනිවාර්යයෙන්ම කියන්න මම ඒ අලු ඇස් අයිතිකාරයගෙන් සමාව ඉල්ලුව වග....

එයාට කියන්න කැලික්ටස් පසුවදන් ස්තූති කතා මේ මුකුත් ඕන නෑ......පුලුවන් නම් එක මොහොතකට ඇස් මානෙනට ඇවිත් යන්න කියලා ඉල්ලුව වග

ඉස්සරම උන්නු නුබ හන්තාන වගේය

නුඹට අමතකම මම ආදරේ වගේ ය

මතක අහුලන ගමන් මම අතර මගය

නුඹට මග හැරුනු මුත්, නුබ තාම මගේය....!

සොදුර, මේ ඍතුවේ ආමාරුම දවස්ය

සතුට යැයි කියන්නෙම නුබ උන්නු හවස්ය

අතින් අල්ලන් ගියේ මාවතේ මගක් ය

ඉතින් දැන් අපි අතර නොපිරෙනා හිඩැස්ය

මම මගෙ සාක්කුවට අත දැම්මා.....මගෙ ඇස් නැවතිලා තිබුනෙ දකුනු අතේ හිරවෙලා තිබුන සිල්වර් පාට චේන් එක ලග.....හදවත් භාගයක්.....එදා අර වලව්කාර ඇස් අයිතිකාරයට දුන්න හදවතේ ඉතුරු කොටස මම තියාගත්තා

ඒක දිහා බලන් උන්න මට මතක් උනේ දවසක් එයා කිව්ව දෙයක්

මේ ලෝකෙ කොච්චර පොඩිද විද්.......කෝටි ගානක් මිනිස්සු උන්නත් අපිව මග ඇරලා යන අය අපිට මග ඇරුන අය අනිවාර්යයෙන්ම දවසක මුන ගැහෙනවා.....

ඒක මතක් උන මට මටත් හොරාට ලා හිනාවක් ගියා.....එහෙනම් කවදහරි දවසක ඔයාට මග ඇරුන මාව ආයම හම්බෙයි නේද ?? ඒත් එදාට අපි මෙහෙම නැතුව හිනාවෙමු.....කතා කරන්න දෙයක් නැති උනත් අපිට පුලුවන් එකිනෙකා දිහා බලන ගමන් කටපුරා හිනාවෙන්න

එදාටත් මම ඔය තරු කැට පිරුන අලු පාට අහසට ගනන් හදන්නම්.....ඔය ග්ලැසියර බැල්ම කොයි තරම් දරුණුද කියලා කියන්නම්.......ඇයි අර ' මායාකාර ' හිනාව ?? කලාතුරකින් ඔය මූනෙ ඇදෙන අත්තික්කා තරු හිනාව ගැන මට එදාට ඔයාට කියන්න පුලුවන් වේවි

එදාට මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන්න පුලුවන් දරුණුතම ගනයේ රහස මම අනිවාර්යයෙන්ම ඔයාට කියන්නම්

" ඉතින් අර කිව්වත් වගේ අපි හිනාවෙමු.....අනිවාර්යයෙන්ම දවසක.......!"

ස්කෝලෙ ඇරපු ගමන් මම පසිදුවත් ඇදගෙන ආවෙ ගේට් එක ලගට.....මොකද මට හරියටම හේතුවක් දැනගන්න ඕන.....මෙච්චර දවසක් මාව මග ඇරියෙ ඇයි කියලා මට දැනගන්න ඕන.....ඉතින් මුලින් පේලි හැදිලා ආපු ලමයි අවසනයටම අඩු උනා.....මගෙ ඇස් කලබලේට එහෙ මෙහෙ දිව්වෙ දැන් දැන් එකා දෙන්නා හිමිහිට එන ලමයි දිහාට.....ඒත් මම හොයපු රූපෙ

ඒක තාම මතුවුන්නෑ

" රශේන්........."

අද දවසටම නොදැකපු හන්දා එයා ආවෙ නෑ කියලා හිත හදාගත්තු මම පසිදුගෙ  අතිනුත් ඇදගෙන බස් ස්ටෑන්ඩ් එකට යන්න හැදුවත් මොකද ඇහුන කට හඩට ඉබේටම මගෙ කකුල් එක තැන නතර උනා.....හෙමිහිට පිටිපස්ස හැරුන මම දැක්කෙ අර ගෑනු ලමයව...අකේශි ' අක්කා'

මෙච්චර වෙලාම මගෙ ඇස් වලට අහු නොවූන රූපෙ ගේට් එක ලගින් මතු වෙනකොට අර අක්කා හිනාවෙවී ගිහින් රශේන් අයියා ලගින් හිට ගත්තෙ මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගන්නකොට.....ඒ අර වෙනදා වගේ ඒ බැල්ම හන්දා ගැහුන වේගයක් නෙවෙයි.....කොහෙත්ම ඒ ඒක නෙවෙයි...

මට මතක් උනා එදත් දවසක මේ විදිහටම ඒ ගෑනු රූපෙ අර අතක් කාටත් හොරාට අල්ලපු විදිය......වෙනසක් නෑ අදත් ඒ විදියමයි....මගෙ අත අල්ලන් උන්න පසිදුගෙ අතට තදවෙලා ගියා

" අපි යමු......"

පසිදු හිමිහිට අත පිරිමදින ගමන් මුමුනනකොට මගෙ ඇස් තාමත් නැවතිලා තිබුනෙ ඈතින් අපිට පිටුපාලා යන එයාලා ලග....

ඉතින් මිලි තප්පර ගානක  බැල්මක් මේ පැත්තට වෙන්න නවතිනකොට ඔය ඇස් වලට අදත් මාව අහුවුනේ නෑ කියන බොරුව කියන්න බෑ නේද අයියෙ

Share This Chapter