Back
/ 47
Chapter 23

🌼 Chapter 23 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

මම අදත් උන්නෙ මියුසික් ක්ලාස් එකේ.....සර් හෝගාලා උගන්නනවා.....අපි ඒ පිම්මට නෝට් එක ලියනවා....ඒ අස්සෙන් එහා පැත්තෙ උන්න එකී මගෙ අතින් ඒ පොතේ ඉරක් ඇදුනා කියලා ගානට මිම්මට ඒ ගානෙම ඉරක් මගෙ පොතෙත් ඇන්දා.....සර්ට හොරාට මම ඒකිට ටොක්කක් අනිනකොට මේ යකින්න කෙලලා ඇරියෙ කෙලින්ම මගෙ පිටට.....ඒකට නම් කොදු ඇට පේලියත් ඇබරිලා ගියාද කොහෙද

" ආ ලමයි මේ ටික බොන්නකො......එක දිගට වැඩ කරලා මහන්සිත් ඇතිනෙ "

" මොකෝ කට්ටිය මං දිහා හොරෙන් බලන්නෙ......දැන් ගෙනාපු හන්දා බොන්ඩලා.......මට බොන්ඩ නෙවෙයිනෙ ගෙනත් දුන්නෙ  "

ඒත් එක්කම වගේ සර්ගෙ අක්කා හැමදාම වගේ අදත් අපිට බීම ට්‍රේ එකකට දාලා ගෙනත් තියනකොට අපිට බොන්න කියාගෙන සර් ඇතුලට ගියා.....මොකද අදත් අපි එනකොටත් රශේන් අයියා මෙහෙ රිංගන් උන්නු හන්දා.....එනකොට දැක්ක පාර ඇරුනහම මම මේ වෙනතුරු එයාව බෙහෙතකටවත් තාම දැක්කෙ නැතිකොට අහේතුවකට මගෙ ඇස් උඩ තට්ටුවට ගියා

" ශෙනුල් මේ සතියෙ උබ කියහන් සිංදුවක්"

" මොකක්ද අප්පා මම විතරද ඉන්නෙ සිංදු කියන්න.......අනේ මට බෑ "

" බෑ කියලා හරියන්නෑ මෝඩයෝ මමත් කිව්වනෙ......කියනවා කියනවා "

එහෙම කියනගමන් අර යකින්න ආයම මගෙ පැත්තට අත දික් කරනකොට මම ටක්ගාලා පැත්තකට පැන්නා.....කවුද දන්නෙ ගහන්න අත ඉස්සුවවත්ද කියලා.....මුංගෙන් බේරෙන්න බැරිම තැන අන්තිමට මම සිංදුවක් කියන්න ගත්තා.....උන්ට ඉතින් මම අහස දිහා බලන් උඩු බිරුවත් ලස්සනයිනෙ

සාගරේ වාගෙ වූ

ආදරේ හිතේ දරන්

මේ හිතේ නැවතිලා

නුබ සදා ලැගුම් අරන්

හිත් කොනේ නලියනා

හීනයේ නැලවෙනා

හිතුමතේ ලංවෙලා

සැනසුම විදිනා

මුරන්ඩුකාර මගෙ ඇස් මටත් හොරාට ආයම සැරයක් ගිහින් නැවතුනේ උඩ ඉන්න රූපයක් ලග.....ගාරාදි වැටට හේත්තුවෙලා පහල බලන් ඉන්න රශේන් අයියව මගෙ ඇස් වලට අහුවෙනකොට

මම කලේ ගිටාර් එකේ තත් අස්සෙන් මගෙ ඇගිලි තුඩු යැව්ව එක

සමහර මිනිස්සු ඉන්නවා එයාලත් හරියට අපි කැමතිම සංගීතයක මතක හිටින පද පේලියක් වගේ.....ආය ආයම අහන්න හිතෙන.....ඒ අහන වාරයක් පාසාම අපේ හදවතේ ගැබුරුතම තැන් අතිශය සියුම් විදියට කූද්දන

කොහම උනත් ඔයා ඇවිත් මට ලියලා ඉවර කරන්න බැරි කවියක්.......!

ඉල්ලාවී මේ දෑසම

පපුතුරේ උනුහුම

මේ ආදරේ හිමිකම

විදගමූ සංසාරෙම

දෙකොපුලේ වෑහෙනා

සිනහවේ පුරා පිරී

විසිරෙනා සෙනෙහසේ

සුව පවා හොඳින් දැනී

නිදහසේ දඟකලේ

ජීවිතේ නුඹමනේ

දැවටෙනා හැමවෙලේ

සිතුවිලි නිවුනේ

මගෙ ඇස් තාමත් තිබුනෙ උඩ තට්ටුවේ නැවතිලා....අනේ මංදා එතනින් ඇස් අහකට ගන්න ඕන උනාට ගන්නත් බෑ එහෙමයි කියලා නොබලා ඉන්නත් බෑ

ඕවට තමා කියන්නෙ කැලික්ටස් දරුණුතම මායාවන් තියෙන්නෙ ඇස් අස්සෙ කියලා...

සසැලුනේ හිත මගේ

නුඹ නිසාම හුරතලී

හදවතේ හැමදිනේ

නුඹ හිඳීවි ගැස්ම වී

අම්බරේ සඳ වගේ

නැවතිලා ඉඟිකලේ

සසැලෙනා හදවතේ

ගැස්මන් අතරේ

ඉල්ලාවී මේ දෑසම

පපුතුරේ උණුහුම

මේ ආදරේ හිමිකම

විඳගමූ සංසාරෙ..ම

අන්තිමට මගෙ ඇගිලි ගිටාර් එකේ එහාට මෙහාට යන එක නැවතුනා.....මෙච්චර වෙලාවක්ම උඩ ගරාදි වැටේ උන්න රූපෙත් නැතිවෙලා ගියා.....මම එහෙම්මම කට්ටිය දිහා බැලුවා.....උන් ඉන්නවා කටවල් ඇරගෙන......මම කිව්වනෙ මම අහක බලන් හූ කිව්වත් ඒකත් මුංට පුදුම තරම් ලස්සනයි

" මොකද ඔහොම බලන්නෙ......"

" ඔහොම බලන්නෙ කියන්නෙ අනේ........ඔයාට ලස්සනට සිංදු කියන්න පුලුවන් ශෙනූ.......ඔන්න බලන්නකෝ මේ පාර කම්පිටිශන් එකෙන් ඔයා තමා වින් කරන්නෙ "

" බටර් ගාන්නෙපා ඕයි ඔච්චර......කෝ අහකට යනවකො ඇගේම ඇලෙන්න එන්නෙ "

මම මගෙ ඇගේ ඇලෙන්න ආපු කෙල්ලව එහාට තල්ලු කලා.....ඇත්තටම නෙවෙයි විහිලුවට.....ඒකිත් මට ගස්සලා අහක  බලාගන්නකොට මම අතේ තිබුන ගිටාර් එක පරිස්සමට පැත්තකින් තිබ්බා.....මේ ගෑනුන් ඔහොම්මමයි

මම අදත් උන්නෙ මුහුදු වෙරලෙ......එදා වගේම අදත් එයා එක්ක.....මේ ඇවිත් දෙවනි දවස......මගෙ ඇස් නැවතිලා තිබුනෙ රැලි ගහන මුහුද ලග.....බටහිර අහස පැස්ටල් කූරකින් හරි හැඩට පාට කරන් යන ඉර අන්තිමට දුර ඈත ක්ෂිතිජයක ගිලෙනගමන් උන්නා....වෙනදා වගේමයි අදත් හවස් වෙනකොට කුරුල්ලො ඈත අහසෙ පියෑබුවා.....මිනිස්සු තමන්ගෙ සමීපතමයන් ලගට යන ගමන් උන්නා...

දැන් දැන් අර අහස උසට විහිදුන කොන්ක්‍රීට් ගොඩනැගිලි වල පාට එලි විහිදෙනවා.....තව පැයක් හමාරක් ගිය තැන කලුවර වේවී.....කොහමහරි හැමෝම අර කියන්නත් වගේ මටත් පිලිගන්න තව එක දෙයක් තියනවා.....ඇත්ත

' කොළඹ ' ලස්සන රෑට !

මගෙ ඇස් තිබුනෙ රැලි බිඳෙන වෙරලෙ උනත් මොකද හිත ඊට ගව්ගානක් දුර ගිහින් තිබුනා.....ඇත්තටම මෙතන නිදහස්...

හිත නිවන වටපිටාවක්......ආයම කෙනා එක්ක එක මොහොතකට තනි වෙන්න වරුවක්.....ඉතින් ඒ ඇවිත් හරි උනුහුම් හැගීමක්.....මට එක මොහොතකට හිතුනා.....ජීවිතේ විදින්න මේ දේත් හොදටෝම ඇති කියලා.....ඇත්තටම මනුස්සයෙක් තමන්ගෙ ජීවිතේ එක පාරක් හරි විදින්න ඕන හැගීමක් මේක.....හරියට උනුහුම් කෝපි කෝප්පයක් වගේ

කොහම උනත් මේ ගෙවෙන්නෙ නිදහස් තප්පර

ඒත් එක්කම මගෙ එහා පැත්තෙන් ඉදගත්තෙ රශේන් අයියා.....අදත් ඒ සුවද වෙනසක් නැතුවම දැනුනා.....ඒත් එක්කම එයා මගෙ පැත්තට දික්කලේ උරයක්....ඒක මගෙ අතට ගත්තු මම බැලුවෙ ඒ මොනවද කියලා.....ඉස්සො වඩේ.....මම ආසම කෑමක්.....සමහරවිට එයත්......වඩේ උරේ නාහෙට ලංකරගත්තු මම කලේ ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තු එක

මම ඇස් උස්සලා බැලුවෙ රශේන් අයියා දිහා.....ඒ ඇස් තාමත් නැවතිලා තිබුනෙ මගෙ ලග

ආඩම්බරකම වෑස්සෙන ඇස් වලින් බලන

ගනන්කාර බැල්ම

එහෙමත් කලාතුරකින් ඇදෙන අර

කට කොනේ හිනාව

හැම නිතරෝම මූනට වැටිලා තියන කැරලිකාර කොන්ඩ ගස් අස්සෙන් පේන

ගැබුරු කලුපාටට හුරු අලු පාට ඇස් දෙක

මම උනත් දැන් පාස් කරන්නෙ

ප්‍රේමයේ අමාරුතම තැන්

මේ ඇත්තමයි

' කාලෝස් රතු රෝසත් ' පරාදයි ඔය 'මිලාධික ' රූපෙට

දුශ්කර ක්‍රියා කරන්න අත් හැරීමම ප්‍රගුන

කරන්න ඕන නෑ මැණික

එක වතාවක් ඔයා දිහා බැලුවහම

මට ආයම මතක් වෙනවා

' ප්‍රේමය ' කියන්නෙත් එක්තරා දුශ්කර

ක්‍රියාවක් බව.....!

මම එයාගෙ පැත්තට වඩේ මල්ල දික්කලේ ඇස් වලින් ගන්න එකක් කියන ගමන්

වළාකුල් පිරිමි ළමයො

ඉතින් ඔයා දන්නවද මට උනත් දැන් ඇස් වලින් කතා කරන්න පුලුවන්.....හැබැයි ඔයා තරම් බෑ.....මම දන්නවා ඔයා වගේ කොහමත් මට ඇස් වලින් හොදට කතා කරන්න බැරි විත්තිය.....මොකද ඔයා තමයි ඒකට පර්ෆෙක්ට්ම කෙනා.....මට බෑ දැනෙන හැගීම් ඔයා වගේ හංගන්න.....හැබැයි ඔයා ඒක  හරි ලස්සනට කරනවා.....එතනදිත් ඔයා දිනුම්......ඒක මම පිලිගන්නවා

හැබැයි ඔයාට බෑ මම වගේ හද එක්ක අරගල කරන්න.....අලු පාට අහසක තරු ගනන් කරන්න......ග්ලැසියර බැල්මවල් වල දිග පලල හොයන්න.....එහෙම බැලුවහම ඔයාට කොහමවත් බෑ මම වගේ ඔයාට ආදරේ කරන්න

" තෑන්ක්ස් "

" තෑන්ක්ස් කරන්නෙ මොකටද ඔයානෙ අරන් දුන්නෙ "

එහෙම කියනගමන් මම ඉස්සො වඩයක් කටට දාගත්තා.....අපි දෙන්නම බලන් උන්නෙ මුහුද දිහා.....ප්‍රේමණීය සංවාද......ගැබුරුතම රහස්.......දීර්ඝ වැලදගැනීම් මුකුත්ම නැති උනත් මොකද අපි ඔහේ බලන් උන්නා.....අපිට කතා කරන්න හරිහැටි මාතෘකාවක් තිබුන් නෑ.....එහෙමයි කියලා අපි අද වෙනතුරු මුකුත් බෙදාගෙනත් නෑ.....ඒත් ඔහේ ගෙවෙන මේ තප්පර නිකරුනේ නාස්ති උනෙත් නෑ

මුහුදු හුළං අපි දෙන්නවම පාස් කරගෙන ගියේ ඇගත් හිරිවට්ටගෙන.....සැරෙන් සැරේට කඩදාසි මල්ලට වැටෙන ගෝල්ඩ් කලර් අත් ඔරලෝසුවේ අයිතිකාරයා......එතකොට මම හන්දා ඒක ඇතුලෙ තිබුන ඉස්සො වඩේ ඉවර උනේ අඩියෙ එකක් විතරක් ඉතුරු වෙනකොට....අන්තිම ඉස්සො වඩේ අතට ගත්තු මම ඒක දෙකට බෙදුවෙ එයා බලන් ඉන්නකොටමයි

ඉස්සො වඩෙන් බාගයක් මගෙ අතේ තියනකොට අනිත් කෑල්ල මම රශේන් අයියා දිහාට දික්කලා

" එපා ඔයා කන්න "

" කමක් නෑ අපි දෙන්නම කමු "

මම හිනාවෙලා එහෙම කියනකොට මුකුත්ම නොකියපු රශේන් අයියා කලේ මගෙ අතේ තිබුන ඉස්සො වඩේ බාගෙ අරගෙන කටේ දාගත්තු එක...

ප්‍රේමය තමන්ගෙ ප්‍රියතම ආත්ම  ආකර්ශනය කකරගන්නෙ හරි අපූරුවට

" අයියේ....."

" ම්ම්ම්....."

" අපි කතා කරමු "

" මොනා ගැනද "

එයා එහෙම කියනකොට එක මොහොතකට මම කල්පනා කලා.....කතා කරමු කියලා කිව්වට ඇත්තටම මොනවා ගැනද.....ඒත් අපි මොනවද දන්නෙ.....එහෙම බැලුවහම අපිට කතා කරන්න හුගක් දේවල් ගැන

" මොනවාහරි ගැන "

මම කිව්වෙ උරහිස් අකුලලා.....ඇත්තටම මොනවමහරි ගැන......මට දැන් ඕන කතා කරන්න....මම එහෙම්මම බෑග් එක කකුල් දෙක උඩ තියාගත්තා

" මොනවද ඔච්චරටම කල්පනා කරන්නෙ....."

" මොනවද කතා කරන්නෙ කියලා "

" එහෙම කතා කරන්න දෙයක් නැත්තම් අපිට පුලුවන් හද ගැන තරු ගැන එතනින් ගියහම ඔයා කැමති දේවල් ගැන එතකොට මම කැමති දේවල් ගැන කතා කරන්න "

" මම කැමති කිසි දෙයක් නෑ විද්වාන්......."

".........!??"

" හැමදේම තියෙන්නෙ මම ආදරේ කරන දේවල් "

රශේන් අයියා ඉස්සරහ බලන් කියනකොට මෙච්චර වෙලාවක්ම වැල්ලෙ ඉදගෙන උන්නු මම අවසානයට  නැගිටගත්තා.....කලිසමේ වැලි ටික හෙමිහිට පිහගත්තු තනියම නැගිටින්න පුලුවන් උනත් මම අත දික්කලේ ඉදන් උන්න රශේන් අයියා දිහාට

දික්කරපු මගෙ අත අල්ලගන්න ගමන් එයත් නැගිටිනකොට මම කලේ එයාගෙ පස්සෙන් බයික් එක ගාවට ගිය එක....ඒත් එක තැනක මම නැවතුනේ මට මතක් උන දෙයක් හන්දා

" රශේන් අයියෙ......"

මට අඩි ගානක් ඉස්සරහින් උන්න රශේන් අයියාට කතා කරනකොට එයා පිටිපස්ස හැරිලා බැලුවෙ මගෙ දිහා

" මේක ගන්න.....මගෙන් ඔයාට පොඩි තෑග්ගක්...."

එහෙම කියනගමන් මම මගෙ අතේ ගුලිවෙලා තිබුන සිල්වර් චේන් එක ඒ අතක හිරකලේ එයා බලන් ඉන්නකොටමයි.....ඒකෙ පෙන්ඩන් එකට තිබුනෙ හදවත් භාගයක්

" මොකක්ද මේ....."

එයා ඇහුවෙ මාලෙ දිහා බලලා.....මම ආයම සැරයක් ලාවට හිනා උනා

" තෑග්ගක්......"

" එක පාරටම....."

" එක පාරටම නෙවෙයි......අනික අපිට කෙනෙක්ට තෑග්ගක් දෙන්න හේතුවක් ඕනම නෑනෙ අයියෙ "

එහෙම කියපු මම එයා එක්ක සමාන්තරව වැල්ලෙ ඉස්සරහට ඇවිදගෙන ආවා.....අපි ආපු පාරෙ අනිවාර්යයෙන්ම අපේ අඩි සටහන් තියනවා ඇති.....ඒත් වෙරල වෙනස් කරන්න එන මුහුදු රැල්ල හන්දා තව තප්පර ගානකින් ඒවා මැකිලා යාවි.....අඩුම අපේ අඩි සටහන් වැල්ලෙ තිබුනද කියලවත් හොයාගන්න බැරිවේවි

මම මගෙ එහා පැත්තෙන් යන රශේන් අයියා දිහා බැලුවා...

ඇත්තමයි මේවා ඇවිත් ආත්ම ස්පර්ශක සංවේගයන්

හුලග කපාගෙන බයික් එක ඉස්සරහට ඇදෙනකොට මම හෙමිහිට ඒ ශර්ට් එකේ කොනක් අල්ලගත්තා.....එයාට ඒක එච්චරටම දැනෙන්න නැතුව ඇති.....සමහරවිට ඒක එහෙම නැතුවත් ඇති

මගෙ ඇගිලි ඒ ශර්ට් එකට තද වෙන හැටි එයාට දැනෙන්න ඇති......දැනුනත් නොදැනුනා වගේ ඉන්න ඇති

අන්තිමට බයික් එක අපේ ගේට් එක ලගින් නවත්තනකොට ඒකෙන් බැහැගත්තු මම හෙල්මට් එක ගලෝලා එයාගෙ අතට දුන්නා....බයික් එක රේස් කරලා එයා යන්න හදනකොට මම කතා කලේ එහෙම්මම රශේන් අයියා බෙල්ල ලාවට ඇල කරනගමන් මගෙ දිහා බලනකොට

" අයියෙ........"

මම හෙල්මට් වලට වැහිලා තිබුන ඒ ඇස් දිහා බැලුවා.....මට මතක් උනේ එයා අපේ පන්තියට ආපු මුල්ම දවස.....වෙනසක් නෑ එදත් ඕවා ඔහොම්මමයි.....මම කල්පනා කලේ කියනවද නැද්ද කියලා.....කියන්නත් ඕන ඒත් බෑ වගේ

ඒ අස්සෙ මට දාඩිය දානවා.....මුහුද ලග ඉදන් එක කවරෙ ඉස්සො වඩයක් කාපු හැගීම නෙවෙයි දැන් තියෙන්නෙ.......මේක ඇවිත් ඊට සම්පූර්ණයෙන්ම හාත්පසින් වෙනස් හැගීමක්.....දාඩිය දාපු අත් එකට අතුල්ලනගමන් මම ඒ ඇස් තප්පරේකට.......දෙකකට මග ඇරියා......මොකද මට සන්සුන් වෙන්න ඕන.....සම්පූර්ණයෙන්ම නැතත් ටිකක් හරි

" ම්.....මේ....මේ "

කකුල් පන නෑ වගේ.....දැන් ඇදගෙන වැටෙන සයිස් එකේ තියනකොට හදවත අදනම් හොදටෝම ට්‍රැක් පැනලා වෙනම ලෙවල් එකක පිස්සුවක් කෙලිනවා....වේලිලා ගියපු උගුරත් හිමිහිට පාද ගත්තු මම ආයම සැරයක් බැලුවෙ එයා දිහා.....ඒවා තාමත් මගෙ තිබුනෙ මගෙ දිහා බලාගෙන

ඒත් මම තාමත් නොසන්සුන්

" ආදරෙයි......"

ඕන එකක් කියලා මම කියලා දැම්මා.....මම කිව්වනෙ මට බෑ එයාට වගේ දැනෙන හැගීම් නවත්තගන්න.....ඒවා නොදැනුනා වගේ ඉන්න......එයා තරම් කොහමත් මම ඕවට දක්ශ නෑ

මගෙ දිහා තප්පර කීපයක්ම බලන් උන්න රශේන් අයියා මුකුත්ම නොකියා බයික් එකත් හයියෙන් රේස් කරන් යන්න ගියේ බෑග් එක මගෙ අතට තද උන එක.....එයා මුකුත්ම කිව්වෙ නෑ......හා කියවත් එක්කෝ බෑ කියලවත්......අඩුම උබට පිස්සුද යකෝ කියලවත්.....මුකුත්ම නොකියපු එයා යන්නම්වත් නොකියා යන්න ගියා

" පරිස්සමට......."

මම හිතින් මිමිනුවෙ ඈතින් මැකෙන ඒ ජායාව දිහා බලාගෙන.....කොහමත් මම එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු උනෙත් නෑ.....මට ඕන මාව තෙරපුන මේ හැගීම එයාට කියලා නිදහස් වෙන්න විතරයි

" ඒ වගේම සමාවෙන්න "

ලොකු හුස්මක් පාතදාපු මම ගේ ඇතුලට ඇවිත් එහෙම ගියෙ අම්මව හොයාගෙන.....මොකද මට දැන් ඕන උනේ උනුහුම් වැලදගැනීමක්......ඇදුමවත් මාරු නොකර කෙලින්ම කුස්සියට ගියපු මම උය උය උන්නු අම්මව පිටිපස්සෙන් බදාගත්තෙ ඒ බෙල්ල අස්සට මූන ඔබාගන්න ගමන්....අම්මා ලග හරි සුවදයි...

" මොකද මේ ම්ම්ම් "

පිටිපස්සට අත දාන ගමන් මගෙ ඔලුව අතගාලා අම්මා එහෙම ඇහුවත් මොකද මම උත්තර දුන්නෑ

ඇත්තටම මට ඕන උන විදියටම උනුහුම් වැලදගැනීමක් ලැබුනා......ඒක ඇවිත් හරි ආදරණීය වැලදගැනීමක්...

මට දැනුනා මෙච්චර වෙලාම නොසන්සුන් වෙලා උන්න මම සන්සුන් වෙන විදිය....රශේන් අයියා මොනවහරි හිතාවිදි.....අපරාදෙ කිව්වෙ.....මට එහෙම නොකියා ඉන්න තිබුනා.

අන්තිමට මට එහෙමත් හිතුනා

සංසාරයක් වුනත් කම්නෑ

අත් බැදන් අපි ඇවිදිමු

නවතින්න ඕන තැන ආවහම

හොදම යාලුවො කියලා නවතිමු

( උපුටා ගැනීමකි )

🌼 කොහමද ඉතින්......කම්මැලිද ඔයාලට මේ කතාව

ස්තූතියි ඔයාලගෙන් ලැබෙන ආදරණීය වෝට් එකට......කමෙන්ට් එකට 🤍

Share This Chapter