Back
/ 47
Chapter 22

🌼 Chapter 22 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

හරි නේද සුදූ......පුලුවන් නම් ඕක ගෙදරට එනකම්වත් ගලව ගන්නෙ නැතුව ඉන්න බලන්න......කට්ටිය ඉස්සරහ සරම ගැලවිලා වැටුනොත් ලැජ්ජාවේ බෑ.......තාත්තා හරියට බෙල්ට් එක තද කලානේ "

" මේක එවෙලෙ වෙනකම්ම පටලන් ඉන්න බෑ අප්පා......අනේ අම්මෙ තව බත් කටක් කවන්නකෝ නැත්තම් දානෙ බෙදනකම් මුකුත් නෑ........වෙනදටනම් ඔය මොනවහරි හොරෙන් හරි කනවනෙ "

" වෙනදට කෑවට කමක් නෑ.....අද එහෙම හොරෙන් කන්නෑ හරිද යාලුවො එක්ක.......නැත්තම් මෙයාලා වෙසක් එකට සිල් ගන්නවා කෙසේ වෙතත් හොදට හොරාට ගිලී "

" එහෙම හොර වැඩ කරනවද අනේ ඔයාගෙ සුතු පුතා.......මෙහෙම හිටියට මාත් බොදු දරුවෙක් "

" වෙසක් එකට වෙන්ඩෑ "

ඕකනෙ බැරි.....බොදු දරුවෙක් කිව්වටවත් අම්මා නෙවෙයිනෙ විශ්වාස කරන්නෙ....අන්තිම බත් කටත් කවපු අම්මා වතුර වීදුරුව අතට දීලා අත හෝදගන්න කුස්සියට යනකොට කන්නාඩිය ඉස්සරහට ආපු මම මගේම රූපෙ දිහා බැලුවා.....අර කිව්වත් වගේ මේක වැටෙයිද දන්නෑ.....කමක් නෑ යටට ඩෙනිමක් ඇදලනෙ ඉන්නෙ....අනික තාත්තා හුස්ම හිරවෙන්නම බෙල්ට් එකත් තද කෙරුවනෙ....වැටෙන් නැති වේවි

මේ ගෙවෙන්නෙ වෙසක් මාසෙ.....කාලය යන ඉක්මන....ඔරලෝසු කටු ඒක උඩ නැගගෙනද කොහෙද ඉන්නෙ.....පැය කට්ට පවා රේස් දුවනවද කොහෙද....මට තාම මතකයි එකොලහට ආපු මුල් කාලෙ....හැම පාරම වගේ මේ පාරත් ස්කෝලෙ වෙසක් සමරනවා....උදෙන්ම හාමුදුරු නමක් වැඩම කරනවා පිරිතට....පොඩි අය පන්ති වලට උනත් දහය එකොලහයි ඊට උඩ පන්තියි සේරෝම හෝල් එකේ සිල් ගන්න ඕන....ඒකත් එපා වෙනවා.....එක තැන ඉදගෙන ඉන්නවා කියන එක තරම් මට දිරවන් නැති තව මුකුත් නෑ.....කොහමහරි බිත්තියක් අයිනක සෙට් උනොත් හොදා

" සුදු පුතා......හරිද දරුවො......පරක්කුවෙයි"

" මේ එනවෝ "

මේස උඩ තිබුන බෑග් එකත් එක කරකට දාගත්තු මම එලියට ආවෙ දොර ලග ඉදන් අපි දිහා බලන් උන්න අම්මටත් වදින ගමන්.....බයික් එකට නගිනකොට වෙනදා වගේ නැතුව පිලිවෙලකට නැග්ගෙ සරම කඩාගන්න ඕන නැති නිසා....ගෙදර වගේ නෙවෙයි ගේට් එකෙන් ඇතුලට ගිය ගමන්ම වගේ මේ මගුල කැඩුනොත් මං අහන්නෙ මොන දෙයියන්ට කියන්නද

" පරිස්සමට ගෙදර යන්න "

ස්කලෙ ගේට් එකට මෙහාට වෙන්න තාත්තා බයික් එක නවත්තනකොට ඒකෙන් බැහැපු මම හෙල්මට් එකත් ගලෝල තාත්තගෙ අතට දීලා කීදෙනෙක් යනවා එනවා උනත් පාර අයිනෙ දන ගහලා වැන්දා.....මොකට ලැජ්ජ වෙන්නද ඒ මගෙ තාත්තා වෙනකොට

ගේට් එකෙන් ඇතුලට ආපු මම සරමෙ පැත්තකුත් අල්ලගෙන සංවරව ඇවිදගෙන ආවෙ මේක කොයි වෙලාවෙ හරි කැඩෙයිද කියලා හිත හිත.....මොකද කොච්චර තදට ගැට ගැහුවත් බැරි වෙලාවක හරි ඕක කඩන් වැටුනොත්.....මොන දෙයියන්ට කියන්නද....ඒ තරම් මගෙ වෙලාව....පසිදුලා මම මෙහෙම ඇවිදිනවා දැක්කොත් උන්ට හිනාවෙන්න තැන් නැතුව යනවා...

පන්තියට ආපු මම බෑග් එක ගලවලා පුටුව උඩින් තිබ්බා....මෙලෝ බරක් නෑ ඒකෙ ගෙනාවටත් පාඩුයි.... ස්කෝලෙ ඇතුලු වෙනකොටම ඇහුනෙ සද්දෙටම දාලා තිබුන බොදු බැති ගී....ඔය හැම එකක්ම ඉතින් කට්ටිය සිල් පවාරනය කරනකන් විතරයි.....ඔක්කොමත් හරි ස්කෝලෙ නිකන් සිරස වෙසක් කලාපය වගේ....හැම තැනම කූඩු එල්ලලා.....එන පාර දිගටම ලයිට් වැල් එල්ලලා තියෙනකොට  ශෙක්ෂන් පුරාවටම ඉස්සරහට වෙන්න වෙසක් කූඩු එල්ලා තිබුනා....අපේ පන්තියෙ ලයිට් එකටත් කහයි සුදුයි කූඩුවක් එල්ලලා

" යමං හෝල් එකට පැත්තට.....කට්ටියටම එන්න කිව්වා "

" සරමෙන් අල්ලන්න එපා මලීෂ.......කැඩෙයි ඕයි අමාරුවෙන් ඇදගෙන ඉන්නෙ "

" ඒව්ව්ව් සුතු මහත්තයා......සරමක්වත් ඇදගන්න බෑද අනේ ඔයාට "

" ඇයි උබට පුලුවන්ද......ඔය අත ගනින් යකෝ "

අපි හතර දෙනා ආවෙ හෝල් එකට....යනකොටත් හුගක්  කට්ටිය එතනට ඇවිල්ලා....මලීශ මගෙ සරම අල්ලන්න හදනකොට ඒකගෙ අතටත් පාරක් ගහපු මම ඒ කරට අත දාගෙන හෝල් එකට ආවා.....මේ සිල් ගන්න අස්සෙත් අපයෝජන කරන්න එනවනෙ....තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද මෙතන....ඉතින් මුං යයිද දිව්‍ය ලෝකෙ....මම නම් කොහමත් යනවනෙ....ලක්ශිත අයියත් එයි....අයිගෝ සුද්දා...හ්

ලක්ශිත අයියා ගැන මතක් කරනකොට එයා ස්ටේජ් එක උඩ ඉදන් මයික් එක හදනවා....සුදු සරමක් ඇන්දහම එයා නිකන් තනිකරම ඇවිදින බෝ පැලේ වගේ....ඒ තරමටම අහිංසක පාටයි....පසන් අයියගෙ එහෙම සංවරකම එහෙම බේරනවා....ටොප් බෝඩ්නෙ ඉතින්....ඒකට පසිදුවා....පසන් අයියා ලගින්වත් නිකමට හරි තියන්න පුලුවන්ද මම අහන්නෙ

" උබලා තැනක් බලපන්.....මම අර පැත්තට ගිහින් එන්නම් "

පසිදු ගැන කියලා කට ගන්න හම්බුන්නෑ ඒකා ඉස්සරහ අයියලා කට්ටියක් එක්ක පැදුරු එල එල උන්න පසන් අයියා දිහාට යනකොට අපි ඉදගන්න තැනක් හෙව්වා....අනේ ඉතින් මේ වගෙ දවසකවත් සංවරව හැසිරෙන්නෙ නැති හැටියක්....අපි තුන් දෙනත් ඉතින් මොක්කුද වගේ ඉදගන්න තැනක් හෙව්වා....අන්තිමට කොහොමහරි දිග හෝල් එකේ මැදට වෙන්න තැනක් හම්බෙනකොට මම බිත්තිය පැත්ත ගත්තා....මොකද පැය දෙක තුනක් මට බද්ධ පර්යන්කෙන් ඉන්න බැරි නිසා....කොන්දෙ අමාරුව අල්ලනවා....වයසට ගිහින්ද කොහෙද මේ පොඩි වයසෙන්

පැදුරෙන් සරමත් හදාගෙන ඉදගත්තු මම කලේ ඇන්ටනාව දානගමන් රශේන් අයියා කෝ කියලා හොයපු එක....මගෙ මුරන්ඩුකාර ඇස් මටත් හොරාට මුලු හෝල් එක පුරාවටම දුවනකොට හෝල් එකේ කොනක ලයිට් වැලක් එල්ලන රශේන් අයියා ලග අවසානයටම නතර උනා....සුදු සරමට අත් දිග ශර්ට් එක ඔක්කොම සුදු උනත් මොකද මට වගේ නෙවෙයි ඒක එයාට ඕනවටත් වඩා හොදට ගැලපුනා....අමුතු පෞරුෂයක් එක්ක කඩවසම් බවක්

ඒ ඇසුත් අහම්බෙන් තප්පර කීපයකට විතරක් මේ පැත්තට වෙන්න නවතිනකොට මම කලේ පේන නොපෙනෙන ගානට හිනාවුන එක....දැකලා තියනවද ඇස් හිනාවෙනවා.....ඇස් හිනාවෙනවා කැලික්ටස් හරි අපූරුවට

අවදානම් කලාපයක්......!

මට හිතුනෙම එහෙම.....මොකද අර ගැබුරු කලු කුහරෙට ඇතුලුවෙන අලු පාරේ යනවා කියන්නෙම කොහමත් එතනින් පස්සෙ තියෙන්නෙ අර කිව්වත් වගේ 'අවධානම් 'කලාපයක්.....හරියටම මීට තප්පර කීපයකට පෙරාතුව මොලේ එපා කියලා රතු එලි එක දිගට නිකුත් කලත් මොකද ඔය කෝටි ප්‍රකෝටි ගානකින් පිරිලා තියන තාරකා මම පහුකලා....අන්තිමට හැල්මෙ දුවපු හදවත එක මොහොතකට නතරවෙන ගමන් හති ඇරියා

මායාකාර ඇස් දෙකක අතරමං උනහම ඔය කියන වල්ගා තරු නිහාරික පාස් කරලා යූ ටර්න් එකක් ගහන්නත් හරිම අමාරුයි

කොහමත් ඔයා උනත් දැනගන්න ඕන ඔය ඇස් වලට මම පිස්සු වැටුනෙ අද ඊයෙක නොවන වග.....ආ තව දෙයක්, ඉතින් දන්නවද මගෙ වලාකුළ් පිරිමි ලමයෝ

මට අනුව ඇස් වලටත් හිනාවෙන්න පුලුවන්....ඔව් ඔය ඇස් හිනාවෙනවා...ඒකත් හරි ලස්සනට !

එක්කො මම යූ ටර්න් නොගහා ඉන්නම්.....කොහමත් මට හොඳටම පුලුවන් ඕවා අස්සෙ අතරමංවෙන්න මිසක් හැරිලා එන්න නොවෙනකොට මම ස්ව කැමැත්තෙන්ම අදත් අර කලු කුහරෙ අතරමං උනා

" නමෝ තස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස....// "

හාමුදුරුවො ගාථා කියනකොට මමත් වැදගත්තෙ බිත්තියටත් හේත්තුවක් දානගමන්.....අපි උන්නෙ මැද හන්දා එහෙම අවුලක් නෑ....දහතුනේ අයියා කියලා හිතන් ඉන්න කට්ටිය ඉස්සරහින්ම නැතුව තැනින් තැන ඉඩ තියන තැන් වලින් ඉදගන්නකොට රශේන් අයියාල අපේ පිටිපස්සට ආවා....පසිදුවට නම් ඉතින් හෙන හැපී

පැය එකහ මාරක් විතර හාමුදුරුවො කියන එක අහන් උන්න මම ඉන්නම බැරි තැන පිටිපස්සෙ උන්න රශේන් අයියගෙ කකුලට ශේප් එකේ හේත්තු උනා....පව් ඉස්සරහම ඉන්න අය කොහොම ඉන්නවද මංදා....ඒ අස්සෙන් මට ඈනුමක් යන්න එනකොට මම කලේ ටක්ගාලා කටට අත තියාගත්තු එක....මේ වෙලාවෙ මොනවා හරි හපන්නවත් තිබුනනම්~

ඒ අස්සෙ මට කෑමත් මතක් වෙනවා....ඒ අස්සෙ හාමුදුරුවො එහෙන් පවන් ගගහා බණ කියනවා....මම මෙතන ඉදන් ඊයෙ බලපු තායි ඩ්‍රාමා එක ආය ආයම රිපීට් කරනවා.....අනේ මංදා මෙහෙම ගියොත් දිව්‍ය ලෝකෙ දොර ලගටවත් යන්න පුළුවන් වෙයිද මංදා...මුංට කලින් ආපායෙ ටුවර් එකක් යන්න මට සෙට් වෙයි වගේ

" කෙලින් ඉන්න.....දගලන්න එපා "

රශේන් අයියා ඉස්සරහට නැමිලා හිමිහිට මුමුනනකොට මම අනිත් කකුලට බර දුන්නා.....එකම විදියට ඉදගෙන කකුලත් හිරි වැටිලා....අල්ලනකොට නිකන් කරන්ට් එක වදිනවා වදිනවා වගේ...

" අම්මෝ..හ් ඇති යන්තන් "

අවසානයටම හාමුදුරුවො ආපිට පන්සලට වැඩම කරනකොට මම ඉදන් උන්නු තැනින් නැගිටගන්න ගමන් කොන්ද අල්ලගත්තා....ඉදගෙන උන්න පැදුරු ටිකත් නවලා හෝල් එකේ කොනක තියනගමන් අපි කෙලින්ම ආවෙ පිට්ටනිය පැත්තට....මොකද ඒ පැත්තෙ කොමස් එකේ අය තොරණක් හැදුවද කොහෙද කිව්වා....තාම ඒකෙ ලයිට් දාලා නෑ

පසන් අයියලා ස්පෝට් රූම් එකට ඒකෙ ලයිට් දාන්න යනකොට රශේන් අයියයි ලක්ශිත අයියයි තව අයියලා කට්ටියකුයි එතනම උන්නා....ඒක හදලා තිබුනෙ ආලවක යක්ෂයා එයාගෙ ආයුධේ වෙච්ච චක්‍රා වලල්ලෙන් බුදු හාමුදුරොවන්ගෙ පැත්තට එවන එකක්.....අන්තිමට කොහමහරි යක්ෂයා දමනය වෙන විදියට....කොහොමින් කොහොමහරි ඒකෙ ලයිට් පත්තු කරපු ගමන් නම් අපිට හිනා ගියා....හිනා ගියා කියන්නෙ එතන උන්න කට්ටියටම ඉබේටම හිනා යනකොට තව පොඩ්ඩෙන් අයියා කෙනෙක් පුටුවක් පෙරලගෙන බිම වැටෙනවා

ඇයි  ඉතින් සමාන්‍යයෙන් කතාවෙ හැටියට ආලවක බුදු හාමුදුරුවන්ගෙ පැත්තට අර වලල්ල එවන්න ඕන උනත් මොකද මෙතන යන හැටියට බුදු හාමුදුරුවො දාගෙන ආලවකට අර චක්‍රා වලල්ලෙන් ගහනවා....මම හිතන්නෙ වයර් සෙට් කරලා තියෙන්නෙ වැරදියටද කොහෙද....කට්ටිය හිනාවෙන සද්දෙටද කොහෙද ස්විච් එක දාන්න ගිය දෙන්නත් එතනට ආවා

" මොකද බං උබලා ගුලි කාලා වගේ හිනා වෙන්නෙ.....ට්‍රැකද "

" ට්‍රැක අපිට නෙවෙයි උබලට.....බලපන්කෝ උබලා හදපු තොරනෙ ලස්සන.....අදයි දන්නෙ මේ කතාවෙ ඇත්ත සිද්ධිය.....ඉතිහාස වෙනස් කරන්න එපා බං.....කොමස් දැනුමෙන් ද මේකට වයර් සෙට් කලේ "

" උබෙ අම්මට_ කට වහන් ඉදපන් ලක්ශිතයා.....ඕකට ඔච්චර හිනාවෙන්න ඕනද.....මිනිස්සුන්ට වරදින්නෙ....ඈ බොල පසනො ඊයෙ යනකොට මේක දාලා බැලුවෙ නැද්ද උබලා "

කොහොමින් කොහමහරි පසන් අයියලාගෙ ට්‍රැක් පැනපු තොරනත් බලලා පන්තියෙන් දුන්න සව් එකත් බීලා දවල්ටත් කාලා අපි ස්කෝල වටේ රවුමක් ගැහුවා....හැම තැනම ලයිට් වැලුයි කූඩුයි එල්ලලා තිබුනෙ හරි ලස්සනට....ඒ යන අතරමගදි පොඩි පන්තිවල දුන්න කෑමත් කාලා අන්තිමට ආවෙ උඩ පන්ති පැත්තට

" ආ වරෙන්.....වරෙන් සිංදුවක් කියමු.....ආය ඉතින් සෙට් වෙන්නෙත් නෑනෙ අපි "

අපි යනකොටත් කට්ටිය කැඩෙට් එකේ....මෙයාලට රිංගන්න මතක්වෙන එකම තැන මෙතන විතරමද කොහෙද....බැලුවොත් මේකෙ අස්සෙ රිංගලා....ඒ අස්සෙ එයාලා සිංදු කියනවා....පෙනේද නායකයො කියලා හිතන් ඉන්න අයගෙ පැටිකිරිය....අපි හතර දෙනත් ඉඩ තියන තැන් වලින් ඉදගන්නකොට මට හම්බුනේ රශේන් අයියගෙ ඉස්සරහ තිබුන පුටුව....ඒ මැද්දෙන් ඩෙස් එකක්

" උබලත් සිංදුවක් කියනවද "

" ශෙනුල්ට කියන්න දෙමු එහෙනම් "

" ශෙනුල් මල්ලි කියනවද උබ සිංදුවක් "

" ඒත් මට_"

" ඤන් පචන් ගාන් නැතුව කියපන් බං......මොකට ලැජ්ජ වෙන්නද.....ඒහ් ලුකා උබ තාලෙ අල්ලන්න පටන් ගනින් "

එතන උන්න අයියා කෙනෙක් සිංදුවක් කියමු කිව්වත් මම ඔලුව වනන ගමන් බෑ කියන්න කට හැදුවත් මොකද වැඩක් උනේ නෑ.....අන්තිමට කට්ටිය ලාවට ඩෙස් වලට ගහන ගමන් තාලෙ අල්ලනකොට මම උගුර පෑදුවෙ ඔන්න ඔහෙ සිංදුක් කියන්න

තප්පරේකට.....දෙකකට......තුනකට වගේ බොහෝම පොඩි කාලෙකට මගෙ ඇස් ඒ ගැබුරු ඇස් අස්සෙ නතර උනේ මටත් හොරාට.....අනිත් හැම දෙයක්ම පරයා අර ගනන්කාර මනුස්ස ආත්මෙ  වැනිලා සුවද අඩසද කපාට කර්නිකා කෝශිකා බිත්ති පාස් කරගෙන හදවතේ සියුම්ම තැන් වලටම ගිහින් අරක් ගන්නකොට ප්‍රේමය උනත් වෙලාවකට කොච්චර බරද කියලා මට හිතුනා....අහු වෙන්න හොදම නැත්තෙ එහෙව් මායාකාර බැල්මවල් වලට

එයා දිහා බලපු මම අනිත් කාටත් නොපෙනෙන විදියට ලා හිනාවක් දුන්නා..

මම ආය ආයම මතක් කරනවා ආදරේ තියෙන්නෙ පරාද වෙන්න පුළුවන් අයට මගෙ ලමයො

මම නම් කියන්නෙ අපි ප්‍රිය කරන පුද්ගලයන්ගෙ බැල්මකට අහු උනා කියලා කියන්නෙම එතනින් පස්සෙ තප්පර ගානකට ලෝකය නවතිනවා....අර මායාකාර මනුස්ස ආත්මෙ එක්ක ඔයා විතරක් ඉතිරි වෙනවා....එහෙව් තැන්වල මොලේ අක්‍රීයවෙලා හදවත ට්‍රැක් පයින ගමන් පිස්සු නටන එක බොහොම සාධාරණයි.....!

වින්ටේජීය මතක තැවරුන ලක්සරි වැනිලා සුවදකට පුලුවන් ආය ආයම  මාව ඔයාට ඇබ්බැහි කරවන්න..

ප්‍රේමය කියන්නෙ මොකක්ද කියලා දන්නවද ?? දස දහස්වෙනි වතාවට අතිශය නිර්ලජ්ජිත ලෙස මම ' ඔයාට ' අහුවෙන එකට...

ඔයා හරි දක්ශයි අතින් අල්ලන් ගිහින් විශ්වයේ කොනටම මාව එක්කන් ගිහින් අතරමංකරලා දාන්න....ඔයා උනත් තාම හරියටම දන්නෑ මට උනත් ඔය කතා පොත් අස්සෙ හිරවෙලා ඉන්න ආදරණීය චරිත වලට වඩා ' ප්‍රේමනීය ' වෙන්න පුලුවන් බව....ඉතින් ඔයා කොහොමටවත් දන්නෑ මම ඇවිත් ඔයාට දරුණු විදියට ඇබ්බැහි උන තවත් එක ප්‍රාණියෙක් බව

මතකයන් අතරේ තනිවී මා

හීන රහසේ නිවේ ඔබ හා මා

විඩා නිවෙනා ඔබගේ ඒ සිනා

සොයමි මතකේ වෙලිලා

නුඹ දැක මා නිවුනා

ඒ රුවමයි දැනුනා

කදුලක රස මැකී..ලා පාවෙනා

ආදරේකට තව හේතු සොයනවද

ආදරේ..ටම ආදරේ….. නම්

ආදරේකට තව හේතු සොයනවද

ආදරේ..ටම ආදරේ…. නම්

නුඹ දැක මා නිවුනා

ඒ රුවමයි දැනුනා…

කදුලක රස මැකී..ලා

තව ලංව දැන් මට.. ආදරේ දැනෙනවද

තනිවෙන්න දෙනවද.. ඔය දැසමත සිරවී

තව ලංව දැන් මට.. ආදරේ දැනෙනවද

තනිවෙන්න දෙනවද.. ඔය දැසමත සිරවී

මතකයන් අතරේ තනිවී මා

හීන රහසේ නිවේ ඔබ හා මා

විඩා නිවෙනා ඔබගේ ඒ සිනා

සොයමි මතකේ වෙලි….ලා

නුඹ දැක මා නිවුනා

ඒ රුවමයි දැනුනා

කදුලක රස මැකී..ලා පාවෙනා

මල් පිපෙන තුරු ලතා

මද සුලගෙ නැලවුනා

සිත දකින දකින සිහිනෙදි

ඔබ මට මතක් උනා

ඇසිපිය හෙලන මොහොතක්වත්

මතක නැති උනා......!

🌼 කොහමද ඉතින් අද කොටස.....හොදද ??

මම මෙහෙම ඉල්ලන්න කැමති නෑ ඒත් කතාව ගැන ඔයාලට දැනෙන දේ කියාගෙන යන්න පුළුවන්ද වස්තුලා.....මොකද ලියන මට ඔයාලගෙ වොට් එකක් කමෙන්ට් එකක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ.....මට විතරක් නෙවෙයි හැමෝටම එහෙමයි.....ඒ වගේම ස්තූතියි මහ හුගක් මගෙ කතාව කියවනවට....🤍🤍🤍

ආදරෙයි....🌼🌼🌼

ඔලී~

Share This Chapter