Back
/ 47
Chapter 21

🌼 Chapter 21 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

මම උන්නෙ ඇහැළ ගහ යටම තිබුන බංකුව ලග....දැන් නම් ගහේ මල් පිරිලා....තවත් සමහරක් බිම වැටිලා....ගහේ කොල වලට වඩා මල් පිරිලා තියෙන්නෙ හරි ලස්සනට....පෙලක් අතු මල් කිනිතිත් එක්ක පහලට නැවිලා....ඇහැළ පිපෙන කාලෙට කොහමත් ස්කෝලෙ මේ පැත්ත හරි ලස්සනයි....කොහමහරි මටත් හොරාට මම ආසම මල් ඇහැළ වෙලා....චූටි චූටි මී මැස්සෝ ඉදහිටක සමනල්ලු මේ මල් වලට ආකර්ෂණය උනා....ඕවා ඇවිත් අපි කාටත් නොතේරෙන මහා පරිමාණ සංකීර්ණ දෙබස්

එදා රෑ රශේන් අයියව දැක්කට පස්සෙ ඒ ලෙවල් ලංවෙන හන්දා එයා ස්කෝලෙ එන එක අඩු උනා....පේපර් එකක් කරන්න ආවොත් මිසක දැන් නම් එන්නෙම නැති තරම්....අපිටත් දැන් හැමදාම වගේ ආෆ්ටර් ස්කූල් වැටුනා...ඔය මොක උනත් හැමදාම උදේට ස්කෝලෙ පිට්ටනියේ කැඩෙට් ප්‍රැක්ටිස් තියනවා....හැබැයි දැන් ඉන්නෙ රශේන් අයියා නෙවෙයි....ඒ වෙනුවට වෙන කෙනෙක්....දැන් මම උනත් හේතුවක් නැතුව උදේන්ම ස්කෝලෙ එන්නෙනෑ....මම ආය ආයම එදා රෑ ගැන කල්පනා කලා....දැන් සති කීයක් නම් කියලා ගෙවුනද....ඒත් ඒ මතක එහෙම්මමයි....රශේන් අයියා ගොම කොලපාට කැඩෙට් ඇදුම ඇදගෙන ස්ටේජ් එකට ඇවිත් සෙටිෆිකට් ගත්තු විදිය.....ඒ මූනෙ ලා හිනා රැල්ලක් පෙනෙන නොපෙනෙන ගානට ඇදුන විදිය....ඔය කොහම උනත් ආය එයා කැඩෙට් යුනිෆෝම් එකටනම් බලන්න බැරිවේවි

මේ ලගදි දවසකත් අපේ මුලු පන්තියම ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඉස්සරහ දනගහන් උන්නා....වෙන මොකටවත් නෙවෙයි එයා විකුණන්න හදපු කෝලිකුට්ටු කැනට අපේ අයගෙ පෙරේත බැල්ම වැටුන හන්දා.....එදත් කොහමහරි ආෆ්ටර් ස්කූල් දවසක අපි සෙට් එක ඇග්රි එක ලග තිබුන කෙහෙල් ගහ ලගට ගියේ ඕකට වැඩේ දෙනවමයි කියලා හිතාගෙන....හිතුවත් වගේ අපි වැඩේ දුන්නා....ඉස්සල්ලාම අපි කලේ ගෙනාපු පිහියකින් කෙහෙල් කැන කපලා පැත්තකට කරපු එක....පස්සෙ කෙහෙල් කොල ටික කපලා අයින් කරලා කදත් කෑලි පහ හයකට කැපුවා....ඒ කපපු කෑලියි අර කොළ ටිකයි ස්කෝල සීමාවෙ තැනින් තැන අහුනොවෙන්න කට්ටිය ගිහින් දැම්මෙ කෙහෙල් කැන බාස්කට් බෝල් කරන තැන ලගම තැනක හංගලා....අන්තිමට අර කෙහෙල් ගහ කපපු තැන බේලේඩ් එකකින් පොලවට සමාන්තරව කපලා එතනින් තනකොලත් ගෙනත් හිටෙව්වෙ නැත්තම් අහුවෙන හන්දා

පහුවදා සුපුරුදු පරිදි ඒ පැත්තෙ විසිට් එකට ගියපු පිනාට අර කලින් දවසෙ තිබුන කෙහෙල් ගහ නම් පේන්න තිබුන්නෑ....කොහෙ පේන්නද එතන තිබුනෙ තණකොලනෙ....එහෙම කෙහෙල් ගහක් තිබුනද කියලවත් හිතාගන්න බෑ ඒ තරමට අපේ වැඩ හෙන ක්‍රියේටිව්....ඔය දවස් වල පිනා උන්නෙ ආවේස වෙලා....ඇයි ඉතින් ගහට මොකද උනේ කියලා හොයාගන්නම බෑනෙ....අපිත් ඉතින් සද්දෙ වහලා උන්නා....ඒත් ඔය විදියට සාමකාමීව දවස් ගෙවුනෙ බොහෝම පොඩ්ඩයි.....කොච්චර පරිස්සමට වැඩේ කලත් අන්තිමට ඒක ඇනුනා.....ඇනුනා කියනවට වඩා තියන බඩජාරිකමට ඒක ඇනුවා කිව්වනම් තමයි  හරි....වැස්සත් හන්දා අපි කෙහෙල් කැන බලන්න කඩලයව ඒ පැත්තට යවනකොට ඒක ඉදිලා තිබුන හන්දා මූ ගොනා වගේ කුඩේ අස්සට ඕක දාගෙන එද්දි කරුමෙට එදා පිනාට අහුවෙලා....බලන්න තරම් ලස්සනයි එයාගෙ මූනනම්....අන්තිමට වැඩේ සංවිධානය කරපු සංවිධායකගෙ ඉදන් අපි ගුටි කෑවා....කොහම උනත් අපේ අය ඕකෙ මහ මොළකරු මම කියලා පාවලා නොදෙන තරමට අපේ හෙන බොන්ඩ් එකක් තිබුනා....මට දුක ගුටිකෑව එකට නෙවෙයි අච්චර කට්ට කාලා පන්නපු කෙහෙල් කැනේ එක ගෙඩියක් හරි කාගන්න බැරි උන එක ගැන

ඕක විතරක් නම් කමක් නෑ දඩුවම විදියට අර වයසක කෘශි මැඩම්ගෙ වත්තත් සුද්ද කරන්න උනා....ඒක සුද්ද කර කර ඉන්නකොට චමරු අතින් පොලව යට තිබුන වතුර බටයක් කැඩුන හන්දා අපි ඒකට ගල් කැට පිරෙව්වෙ නැත්තම් ඒකටත් කන්න වෙන හන්දා....එතන ආයම වතුර ලීක් නොවුන හන්දා අපි මුලු වත්තම සුද්ද කරලා එනකොට දැක්කෙ හයේ ශෙක්ෂන් එක ඉස්සරහ නිකන් පූල් එකක් වගේ....වෙලා තියෙන්නෙ ඉතින් මොකක්ද කියලා අපිට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ....කොහමහරි ඕකෙ දෝශේ හොයාගෙන අන්තිමට මුලු ටැප් ලයින් එකම හදන්න පිනාට වෙනම ගානක් දෙන්න උනා....රෙස්පෙක්ට්~

පහුගිය දවස් වල උන දේවල් මතක් වෙනකොට මට ඉබේටම හිනාවක් ගියා....බල බල උන්න පොතේ අනිත් පිටුවත් මම පෙරලුවෙ මගෙ ඉස්සරහින් කවුරුහරි කෙනෙක් ඇවිත් හිට ගන්නකොට....පොත එහෙම්මම තියෙද්දි ඔලුව උස්සල බැලුවෙ ඒ කවුද කියලා උනත් මොකද ඒ ඇවිත් උන්නෙ මම හොදටම දන්න කියන කෙනෙක් හන්දම ආයම මම කලේ අර පෙරලපු පිටුවට අවදානෙ දුන්න එක....Forget me not.....එක අතකට කොහමද මට එච්චර හුරු සුවදක් මග ඇරුනෙ....දවස් කීයකට පස්සෙද මම ඔය දකින්නෙ....ඒ හන්දම මම කලේ ආයම සැරයක් පොතෙන් ඇස් අහකට ගත්තු එක

" රශේන් අයියෙ.....ඔයාට ජීවිතේ එකම කෙනෙක්ට අහම්බෙන් හරි දෙවනි පාරත් ආදරේ කරන්න හම්බුනොත්......එහෙම උනොත් ඇත්තටම ඔයා මොකද කරන්නෙ"

" එහෙම අපිට කොහෙදිවත් එකම කෙනාව දෙපාරක් හම්බෙන්නෑ විද්වාන් "

" වෙන්න පුලුවන්.......ඒත් බැරිවෙලා හරි ඒක එහෙම උනොත් ?? "

" බැරිවෙලා හරි එහෙම උනොත්.....බැරිවෙලා හරි එහෙම වුනොත් පලවෙනි පාර වගේ දෙවනි පාර නම් ලේසියකට ගැලවෙන්න දෙන්නෑ......ආයම වතාවක් අත අරින්නෑ "

එයා එහෙම කියනකොට මම කලේ හෙමිහිට ඔලුව වනපු එක....මම බලාගෙන ඒ ඇස් මගෙ අතේ පෙරලන් උන්න පිටුව දිහාට යනවා

' ලබන වසන්ත කාලය ගැන ගස් වලට නම් ස්ථිර බලාපොරොත්තු තියනවා.ඊලග දුරුතු සීතල එක්ක වසන්තයත්, මලුත් මී මැසි ඔපෙරාත් හිමිවන වග ගස් දන්නවා. ඒත් මම විතරක් ඔහේ බලාගෙන ඉන්නවා. ජීවිතයේ ආයෙත් කවදාකහරි වසන්තය ඒවි දැයි කිසිම විශ්වාසයක් නැතුව. ඒක හරි වේදනාකාරියි

මේ අවුරුද්දෙ වගේම, ලබන අවුරුද්දෙත් මේ කාලෙටම මල් පිපෙනවා.ඒ මල් වැටෙනවා. මල් ඔටුනු හැදෙනවා. මමත් ඉන්නවා.එයත් ඉන්නවා.ඒත් අපි නෑ "

තප්රයක්......දෙකක්......තුනක් ඔහේ ගෙවිලා යන්න ඇති....මගෙ පැත්තට දික් උනේ ගෝල්ඩ් කලර් අත් ඔරලෝසුවක් දාපු අතක්....මම එහෙම්මම ඔලුව උස්සලා බැලුවෙ රශේන් අයියා දිහා

එයා මට දික් කලේ ඇහැළ මලක්

හරියට එදා මං දුන්නා වගේම ! දික් කරපු කහ පාට ඇහැළ මල් මගෙ අතේ හිර උනේ ඒ ඇගිලි තුඩුත් දැනෙන නොදැනෙන ගානට මගෙ ඇගිලිවල ස්පර්ශ වෙනකොට....ඉතින් මම බලාන ඒ අඩම්බරකාර මූනෙ අර ' දුර්ලභ ' ගනයේ හිනාව ඇදෙනවා....ඒ ඇවිත් මම එයාගෙන් දකින්න ආසම හිනාව.....මම කිව්වනෙ රශේන් අයියට තිබුනෙ අත්තික්කා තරු හිනාවක්.....ලේසියකට හිනා නොවෙන අය හිනාවෙද්දි ලග ඉන්න අයත් පිරිලා යන්නෙ එයාලට නොදැනේවමයි....ඉතින් මම කියන්නෙ එහෙව් හිනා හරි දුර්ලභයී

වෙනසක් නෑ වෙනදා වගේම ඒ ගනන්කාර බැල්ම එහෙම්මම තිබුනත් මොකද අර වලව්කාර ඇස් නම් අද වෙනදටත් වඩා දිලිසෙනවද මංදා....ඇස් උනත් ලස්සන මන්දාගිනියක්ම ඒ අස්සෙ හිර උනහම....ඒ කලු පාටට හුරු අලුපාට ගැඹුරු ඇස් වලට එබෙන්නනම් අර කියන්නත් වගේ වල්ගා තරු නිහාරික පාස් කරනගමන් තාරකා මන්දාගිනියක හිරවෙන්නම වෙනවා....නිකමට හරි ඇතුලට එබුනොත් ආය දෙකක් නෑ හැමෝටම පාර කියන ඔරායන් උනත් අතරමංවෙනවා....මනුස්සයෙක්ට පුලුවන්ද ඔය තරමටම තමන්ට දැනෙන හැගීම් හංගලා දාන්න....ස්ව කැමැත්තෙන්ම හිමායනය උන මායාකාර බැල්මවල් වලට අහුවෙනවා කියන එකත් ලේසි නෑ

කොහමහරි මේ සෘතුව ගෙවිලා ඉවර වෙනකොට නම් මම ඔය කියන බැල්මවල් වලට ස්ව කැමැත්තෙන්ම අහුඋන ආතුරයෙක්.....!

මම නම් කියන්නෙ කෝපි පාට අහසක හදට තනියම පායන්න ඉඩ ඇරලා ඉර උනත් දැනගන්න ඕන කැන පැත්තකට වෙන්න.....ඇයි වෙනදට බැලේ නටන හුලග උනත් දැනගන්න ඕන දැන් නම් සංවරව හැසිරෙන්න

මගෙ අතේ හිර උන ඇහැළ මල් නාහෙට ලංකරගන්න ගමන් මම හොද හුස්මක් ඉහලට ඇද්දෙ ඔක්සිජන් මදිඋන පපු කුහර හරියට පුරෝගන්න....මට හිනාවක් ගියා....අර ගනන්කාර ආඩම්බර සුවද.....තප්පරයක්.....දෙකක්.....තුනක් ඇස් වහන් උන්න මට මතක් උනේ මීට ටික වෙලාවකට කලින් කියවපු පොතේ තිබුන දෙයක්

යූමී සං, ඔයා පුරාවෘත්තයක් වෙන්න.මට ගහක් වෙන්න ඕන

මම ආයම බැලුවෙ මට ඉස්සරහ උන්න රශේන් අයියා දිහා....මොකද මට උනත් දැනගන්න ඕන කොහමද හරියටම ඔහොම මනුස්සයෙක්ව එක බැල්මකින් ආකර්ෂණය කරගන්න රහසිගත මායාව

" රශේන් අයියෙ ඔයා  පුරාවෘතයක් වෙන්න......එතකොට මට පුලුවන් ගහක් වෙන්න "

ඔන්න ආයෙමත් සැරයක් අර අලු පාට ඇස් අස්සෙ තියන තාරකා දිලිසෙන්න පටන් ගන්නවා....මම ආයම අර ' මිලාධික ' හිනාවෙන් ඒ මූන පිරෙන්න ගන්නවා....මගෙ මූනෙත් මටත් හොරාට ලා හිනාවක් ඇදුනා....හැමදේම සාමකාමී....හැබැයි එක දෙයක් ඇරෙන්න....මුරන්ඩුකාර මගෙ හදවත.....ඒක හැමදාම වගේම අදත් සාමාන්‍ය සංස්කෘතියෙන් පිට පැනලා

කොහමත් සමහර මිනිස්සුන්ට පුලුවන් තමන්ට ප්‍රියතම ආත්මයන් තමන් ලග ඉන්නකොට ඒ අයගෙ හදවතේ කුටීර වලට ලේ පොම්ප කරන වේගය වැඩි කරනගමන් පාඩුවේ ගැහෙන ඒ පපු දාතු සාමාන්‍ය සම්ප්‍රදායෙන් පිට පන්නෝලා දාන්න හරි අපූරුවට.....ඇයි ඒ විතරක්ද ඒ මායාකාර මිනිස්සුන්ට පුලුවන් කටින් නොකියන දහසකුත් හැගීම් රුධිර කේශ නාලිකා වලටම කාවද්දනගමන් හරි ලස්සනට එක බැල්මකින් ගුලිකරලා දානගමන් පපුව අස්සටම ඔබන්න

අතිශයින්ම බරපතලයි ! මම නම් කියන්නෙ අපි පරිස්සම් වෙන්න ඕනම එහෙව් මිනිස්සුන්ගෙන්....මොකද ඒ ඇවිත් මායාකාර මිනිස්සු

" මට බෑ හැමෝම දැනගන්න පුරාවෘත්තයක් වෙන්න.....ඒත් මට පුලුවන් ඔයා කියවන්න ආසම පොතක් වෙන්න....එතකොට ඔයාට පුළුවන් ඔයා කැමතිම පිටුව අස්සෙ මලක් තියන්න "

" එහෙනම් හැම පිටුවක් ගානෙම මට මලක් තියන්න වේවි "

" ඔච්චරටම පොත් වලට ඇබ්බැහිවෙන්න එපා විද්වාන්......මොකද අපි දේකට  ඇබ්බැහිවෙන තරම් ලේසි නෑ ඒවායින් ගැලවෙන්න ගියහම "

" මනුස්සයෙක්ට සීමාවක් නැතුව ඇබ්බැහි වෙනවට වඩා පොතකට ඇබ්බැහි වෙන එක හොද නැද්ද අයියෙ.....පන ගැහෙන හදවත් කියන්නෙම බයානක දේකට.....ඒවට ඇබ්බැහි උනොත් ලේසියකට ගැලවෙන්න බෑ.....ඒ ඇවිත් අතිශයින්ම දරුණු ගනයේ මිනිස් අපරාධ "

එහෙම කියපු මම කලේ අර දුන්න මල  කියෝපු පොතේ මම ආසම පිටුව අස්සෙන් තියපු එක.....ඉතින් ආයම දවසක් මේ පොත පෙරලනකොට අර දඩබ්බර ඇස් මට මතක් වේවි....ආයම සැරයක් එතකොට දරුනු ගණයේ අපාරාධයකට අහුවෙන්න හිතේවි

සාක්කුවට අත්දෙක දාගත්තු රශේන් අයියා එහෙම්මම ඇහැළ ගහට හේත්තු උනේ කොහෙන්දෝ ආපු හුලං පාරක් ගහේ අතුත් ගස්සගෙන අපේ ඇගෙත් වැදගෙන යන්න යනකොට.....ඒක ඇවිත් ලා හුළං පාරක් උනත් මොකද දැනටමත් වැටෙන්න නියභවෙලා තිබුන අතු අගිස්සට වෙන්න තිබුන මල් ඒ හීන් හුලගට සංවේදී වෙනගමන් බිම වැටිලා යනකොට බංකු උඩ විතරක් නෙවෙයි ගහ වටේටත් කහ පාපිස්සක් එලුවා වගේ තිබුනෙ හරි අපූරුවට....මල් උනත් අර හුලගට නොක්කාන්ඩු නොකිව්ව එකනෙ පුදුමෙ

ගහේ කදට පිට දීපු රශේන් අයියා එක කකුලක් ගහට තියලා නවන හැටි මම බලන් උන්නා....ඒ ඇස් මගෙ ලග නවතිනකොට යූමී සංට එයාගෙ ආදරේ එක්ක මම උනත් තනිවෙන්න ඉඩ දුන්නා...මම එහෙම්මම මල් කිනිත්තක පුරාවෘත්තය වහලා දැම්මා....මොකද අර කිව්වත් වගේ අපිට පුරාවෘත්තයක් ඕන නැති හනාදා....ඒ මම ආසම පිටුවෙ නෑ මගෙ හදවත වැඩිම වාර ගනනක් ගැහුන පිටුවෙ පාලු මකන්න කලින් දවසක අර කිව්වත් වගේ කාලෙකට විතරක් පිපෙන ඇහැළ මලක් ඒ පිටු අස්සෙ හංගන ගමන්...

" දන්නවද විද්වාන් මම දන්න ආදරේ හරි සරලයි.....ඒවා තියෙන්නෙ තනිකරම පොත් අස්සෙ....ආදරේ වෑස්සෙන්නෙම ඒ චරිත අස්සෙ.....ඒ ගැන මම ඉගෙන ගත්තෙ වෙන කාගෙන්වත් නෙවෙයි ඔයාගෙන්.....මම ඉගෙනගත්තා ආදරණීය චරිත ඉන්නෙ කතා පොත් අස්සෙ විතරක්ම නෙවෙයි කියන්න.....එහෙම බැලුවහම ආදරෙත් හරි සරලයි විද්වාන්......හරියට ඔයා වගේ "

" ඒත් අයියා දන්නවද මට අනුව ආදරේ කියන්නෙම සංකීර්ණ ගනුදෙනුවකට...."

වෙලාවකට ඒක තියෙන්නෙ අත්තික්කා තරු හිනාවක් අස්සෙ....කලු පාටට හුරු අලුපාට ගැඹුරු අලුපාට ඇස් අස්සෙ....කොටින්ම ආදරේ තියෙන්නෙම ග්ලැසියර බැල්මවල් අස්සෙ හිර උන හැගීම් වල

ඔයා නොදන්නවා උනාට මොකද කාලෙකට සැරයක් විතරක් කලුවර අහසක පායන ඉරබටු තරුවකට හද කියන්නෙම මහා අරගලයක් අයියෙ....කොටින්ම මේ ඇවිත් මම දිනන් නැති යුද්ධයක්......තව එක දෙයක්,

ආදරේ තියෙන්නෙම පරදින පුලුවන් අයට වග ඔයා උනත් දැනගන්න ඕන !

🌼 ඉතින් වස්තුලා ආදරේද බර ප්‍රේමයද??? මොකක්ද වැඩියෙන්ම ගැඹුරු

මම යනවා අනේ...ව්

Share This Chapter