Back
/ 47
Chapter 20

🌼 Chapter 20 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

මම උන්නෙ මීඩියා කාමරේ ඉදන් එලියට එන ගමන්....හෙට හවස කලර් නයිට් එකට ග්‍රවුන්ඩ් එක ලගම තියන මහින්දෝදය හෝල් එක කට්ටිය ඩෙකරේට් කරන ගමන් ඉන්නකොට බෝගන්විලා පාරෙන් මම ඇවිදගෙන ආවෙ අපේ පන්ති පැත්තට වෙනකොට ඒත් එක්කම කොහෙන්දෝ ඉදන් මගෙ ඉස්සරහට පසන් අයියා එනකොට මම නැවතුනා....එයා අත් දිග ශර්ට් එක වැලමිට ලගටම නවලා....ඒ කියන්නෙ එයා ඉන්න ඇත්තෙත් අර හෝල් එකේ

මම පසන් අයියා දිහා බැලුවෙ  මාව නවත්තගත්තු කාරනේ මොකක්ද කියලා දැනගන්න තිබුන ඕනකමට....කොහෙත්ම ඔය පසිදු ගැන නම් වෙන්න බෑ....මොකද දැන් ඒ දෙන්නා මම කියන්නෙ පසිදු එහෙම ඉස්සරහ වගේ එයා එක්ක එල්ලි එල්ලා රණ්ඩුවට යන්නෑ

" ඒ..හ් මල්ලි උබට පුලුවන් නම් ඔය යනගමන් අපේ පන්තියට ගිහින් ඔලුව දාලා රශේනයා ගැන පොඩ්ඩක් බලන්න පුලුවන්ද "

" ඇයි එයාට මොකද වෙලා තියෙන්නෙ "

" නෑ බං මේ මිනිහා එනකොට කාලා නෙවෙයි ඇවිත් තියෙන්නෙ....උදෙන්ම පොඩි උන්ට කැඩෙට් ප්‍රැක්ටිස් එහෙම තියනවනෙ.....ඒකත් කරලා එපා කියනකොට හෝල් එකේ වැඩ වලටත් ආවා මූ.....දැන් ටිකකට කලින් ගැස්ට්‍රයිටිස්

හන්දා  අමාරුයි කියලා පන්තියට ගියා.....මම කිරි පැකට් එකක් අරන් දුන්නා ඒක බිව්වද බලන්නවත් යන්න විදියක් තිබුන්නෑ....පුලුවන්නම් පොඩ්ඩක් බලනවද....බෑග් එකේ බෙහෙත් ඇති බිව්වද කියලා බලන්නවකො "

" හරි අයියෙ මම යන්නම් "

" තෑන්ක්ස් මල්ලි.....මම යන්න කියලා ආවෙ....උබව දැක්කහම කතා කලේ අතන වැඩත් තියනවනෙ "

" ඒකට කමක් නෑ මම ගිහින් බලන්නම් "

එහෙම කියපු මම පසන් අයියටත් ඔලුව වනාගෙන කෙලින්ම ආවෙ අපේ පන්තියට....හොද වෙලාවට කවුරුත් පන්තියට ඇවිත් තිබුන්නෑ තව....යසිරුටත් එහෙන් මෙහෙන් විස්තරේ කියලා උදේ අම්මා එනකොට ඔතලා දුන්න බත් එකත් අරගෙන මම ආවෙ දහතුනේ කොමස් එකට...

යනකොට පන්තියේ කවුරුවත් නෑ....අනේ අම්මපා මුංට උගන්නන් නැද්ද මංදා....බැලුවොත් එකෙක්වත් පන්තියේ නෑ....කොහමත් අගෝස්තුවල ඒලෙවල් හන්දා ළමයි උනත් එනවා හරි අඩුයි....රශේන් අයියා මැද පේලියක කෙලවරේම ඩෙස් එකේ බෑග් එකට ඔලුව තියාගෙන නිදිද කොහෙද....ගෙනාපු බත් එක එයා ලගින් තියපු මම ඉස්සරහ ඩෙස් පේලියේ තිබුන පුටුවක් ඇදලා එයාට මුහුණලා ඉදගත්තා

එයාට ගානක්වත් නෑ මම ආවා කියලා....සමහර නින්ද යන්න ඇති....පසන් අයියා කියනවා ගැස්ට්‍රයිටිස්ලු....මූ කන්නෙ නැද්ද මංදා ගෙදර ඉන්නකොට....එදත් මම දැක්කනෙ ගෙදර ගිහින් කාපු වෙලාව....ඔහොම එකක් එදා දන්නවනම් කනෙන් ඇදන් ගිහින් කන්න කියන්නෙ....ඒ උනාට මහ ලොකුවට කැඩෙට් ලීඩර්....යැයි යැයි යැයි තමා

මෙහෙම නිදන් ඉන්නකොට ඇහැරවන්නත් ලෝබයි....ඒත් පසන් අයියා ගෙනල්ලා තිබුන කිරි පැකට් එකවත් මේ මෝඩයා බීලා නෑනෙ....ඒකත් පැත්තක....මේ වගේ වෙලාවට තමයි ඉතින් මට නගින්නෙ...ඇයි මෙච්චරටම කෙයාලස්....දැන් හුග වෙලාවක ඉදන් මගෙ ඇස් නැවතිලා තිබුනෙ රශේන් අයියා ලග වෙනකොට කටින් නොකිව්වට මොකද හිතින් මම පුලුවන් තරම් එයාට දෙහි කැපුවා....නෑ ඉතින් මම අහන්නෙ ලෙඩක් කියන්නෙ සෙල්ලමක්ද

ඒ කොන්ඩ අස්සෙන් ඇගිලි යවන්න කියලා  අහේතුවකට මගෙ අත දික් උනත් මොකද සෙන්ටි මීටර දෙක තුනක් තියලා මගෙ අත නතර උනා....මම එහෙම්මම අත මිටමොලව ගත්තෙ මාවම පාලනේ කරගන්න....එයා ඉන්නෙ අසනීපයෙන්...ඒ උරහිසකට අතින් හිමිහිට තට්ටු කරපු මම අයියට කතා කලේ නැගිට්ටවගන්න

" රශේන් අයියෙ "

" අයියෙ....නැගිටින්නකෝ "

" අයියෙ....හ් "

බැරිම තැන මම ඒ කනට ලංවෙලා කතා කලා....ඔන්න එතකොට නම් හිමිහිට ඇස් පොඩි කරකර නැගිටින එයාව දැක්කහම මටත් නොදැනිවම ඉබේටම හිනාවක් එලියට පැන්නෙ එයා මගෙ දිහා බලනකොට....ඒ කොන්ඩ ගස් එහෙන් මෙහෙන් අකීකරුකමට මූනට වැටිලා තියනකොට හරි ලස්සනයි....පොඩි එකෙක් වගේ

" වි..ද්වාන් ඔයා මොකද මෙහෙ කරන්නෙ"

" ඔව් මම තමා....කෝ නැගිටින්න මම කෑම එකක් ගෙනාවා....කන්න එන්න....පසන් අයියා කිව්වා ඔයාට අසනීප උනා කියලා.....කෝ ඉතින් දැන්වත් නැගිටින්න අප්පා "

එහෙම කියපු මම ඒ අතකින් ඇද්දත් මොකද එයා නෙවෙයි හෙලඋනේවත්....කන වෙලාවට යකඩද මංදා ගිලින්නෙ....බැරිම තැන මම ඒ පිට අල්ලට හිමිහිට ගැහුවා....ඒත් රශේන් අයියා තාමත් උන්නෙ මගෙ දිහා බලාන වෙනකොට මම ඇයි කියලා  ඇස් වලින් ඇහුවා

" මේ....මේ ඔයාට පුළුවන් නම් මට කවන්න බැරිද "

ඒක එයා අහපු විදියට මගෙ කටින් හිනාවක් පැන්නෙ ඉබේටමයි....මම කිව්වෙ හරියට පොඩි එකෙක් වගේ...ඉස්සර රවන් උන්න මනුස්සයමද මේ ඉන්නෙ කියලා හිතෙනවා

මගෙ දිහා පොඩි එකෙක් වගේ බලන් ඉන්න රශේන් අයියා දිහා ටිකක්වෙලා බලන් උන්න මම ඔලුවත් වනනගමන් එතනම තිබුන වතුර බෝතලේ එලියඨ අරගෙන ඇවිත් අත හේදුවා....අනිත් පැත්තට පන්තියට එන්න හදනකොට මම දැක්කෙ බත් එකට ඉව අල්ලන රශේන් අයියව....එහෙම දකිනකොටනම් මගෙ පපුවත් මොකක්ද වෙලා ගියා....මම හිතන්නෙ මටත් ගැස්ට්‍රයිටිස්ද කොහෙද

අම්මා බැදලා දුන්න කෙහෙල් කොලේ ඔතාපු බත් එක මම හිමිහිට ලෙහුවා....පොලොස්.....මාලු ඇඹුල් තියල්... පරිප්පු......කොළ මැල්ලුමුයි....පපඩම් එක්ක මිරිස් කරල් බැදලා......අයිනට වෙන්න තිබුන පපඩම් කෑල්ලක් මම කටට දාගන්න ගමන් රශේන් අයියටත් දුන්නා....පලවෙනියටම අනපු බත් කට ඒ කටට ලංකලේ ඒ නිකට යටින් අතත් තියලා උනත් මොකද එයා කලේ මගෙ දිහා  බලන් උන්න එක

" ඇයි......කෝ ආ කියන්න "

" මුකුත් නෑ "

එහෙම කියපු රශේන් අයියා තප්පරයක්......දෙකක්.......තුනක් විතර මම  කට ලගට ලං කලන් උන්න බත් කටයි මගෙ දිහයි මාරුවෙන් මාරුවට බලලා කට ඇරියෙ මම එයාට කවනකොට.....මම කවන කවන කටට එයා කට අරිනකොට මට පව් කියලත් හිතුනා

" මොකද අනේ වෙලාවට කන්නෙ නැත්තෙ.....හැමදාම ඔහොම අසනීප වෙනවද.....ඇයි ඔච්චරටම කෙයාලස්....දැන් ඒලෙවල් නේද ඕක නොතේරෙන්න බෑනෙ.....ඒ මදිවට පසන් අයියා ගෙනත් දීලා තියන කිරි පැකට් එකටවත් ඇත තියලා නෑනෙ....ගෙදරින් එද්දි කාලා ආවෙ නැත්තම් අඩුම මෙහෙට ඇවිත්වත් කන්න බැරි උනාද ඔයාට....ඒකට මොකද ඉන්නෙ නම් දහයකට ගහන්න වගේ....ඒත් ගැස්ට්‍රයිටිස්....විහින් හදාගත්තු ලෙඩනෙ ඕවා....මම කියන්_ "

" විද්වාන් "

" මොකද....මොකද විද්වාන් තමා....මූන බෙරි කරගත්තට වැඩක් නෑ මම මේ කියන්නෙ ඔයාගෙ හපන්කම් ගැන....අනේ ඇත්තට ලෙඩ කියන්නෙ සෙල්ලමක්ද අයියෙ ඔයාට.....තමන්ට ගැස්ට්‍රයිටිස් තියනවා කියලා දන්නවනම් ඇයි මම අහන්නෙ වෙලාවට කන්න බැරි.....ඇයි විහින් ලෙඩ වෙන්න හදන්නෙ.....කොච්චර සල්ලි තිබුනත් වැඩක් තියේද හැදෙන ලෙඩ ඔය සල්ලිවලට අපිට වෙන කාටවත් දෙන්න බෑනෙ "

" විද්වාන් ප්ලීස්.....බයින්න එපා මල්ලි.....ඔය කියවිල්ලට ඔලුව කැක්කුමත් අල්ලනවා "

" අනේ ඇත්තට "

මම නොක්කාන්ඩුවට අන්තිම බත් කටත ඒ කටේ එබුවා...ඔලුව කැක්කුම අල්ලනවලු....අනේ හරි පව් ඉතින්...

" දන්නවද විද්වාන් මට මතක ඇති කාලෙක ඔහොම කෙනෙක් කවපු පලවෙනි  වතාව මේ......අම්මලා උයන කෑම හරි රහයි නේද මල්ලි.......ඒවගෙ තියෙන්නෙ හරි අමුතු රහක්......ඔයා කන්නෙ කොහමද.....මම මොනවාහරි අරන් දෙන්නද "

" මොකටද....මට එපා......පසිදුලා ලග තියනවා......ආය නොකා ඉන්න එපා "

එහෙම කියපු මම කලේ වතුර බෝතලේ අරන් අත හෝදගන්න නැගිටපු එක උනත් මොකද පුටුවෙන් නැගිටින්න හදනකොටම රශේන් අයියා වම් අතේ මැණික් කටුව ගාවින් අල්ල ගත්තෙ මම එයා දිහා බලනකොට

" තෑන්ක්ස්........මම වෙනුවෙන් ඔයාගෙ කෑම එක දුන්නට.........මම අම්මාගේ අතින් හදාපු කෑම කාලා නෑ.......ඒත් අද තේරුනා ඒවා හරි රහයි කියලා "

රශේන් අයියා එහෙම කියනකොට මුකුත්ම නොකියපු මම එයාට හිනාවක් විතරක් දීලා එලියට එන්න ආවා.....මොකද එයාට මොනවද කියන්න ඕන කියලා හරිහැටි උත්තරයක් මගෙ ලග තිබුනෙ නැති හන්දා......අතත් හොදගත්තු මම ඇතුලට නොයා එහෙම්මම එතන තිබුන බිත්තියට පිට දුන්නා....ඒ ඇස්.....ඒවාගෙ අදත් හැගීම් පිරිලා තිබුනා.....ඒත් මට ඉදුරාම කියන්න පුලුවන් ඒ ඇවිත් සතුටට නෙවෙයි

" මේ බේත් ටික බොන්න.....ආ.....කෝ වතුර එක ගන්නකෝ අයියෙ "

මම කිව්වෙ එයාගෙ අතට බේත් ටික දෙනගමන්....ඉස්සරහ ඩෙස් එකක තිබුන වතුර බෝතලේ ගත්තු රශේන් අයියා අතේ තිබුන බේත් ටික එක කටට බොනකොට ගත්තු විදියටම බේත් කවර ටික මම ඒ බෑග් එකට දැම්මා....ඔහොම එකපාර මම බිව්වොත් එක්කො බේත් පිට උගුරෙ ගිහින් මැරෙන්නෙ

" හෙට රෑට එනවා නේද......ශෂික එක්කනෙ අනවුන්ස් කරන්න ඉන්නෙ "

" ඔව් ඉතින් එන්න එපැයි.....මම ආවෙ නැත්තම් කවුද එතකොට මම වෙනුවට අනවුන්ස් කරන්නෙ කියන්නකො බලන්න......ඒක නෙවෙයි ඔයත් හෙට ටීම් එක එක්ක ඉන්නවනෙහ් "

" ම්ම්ම් "

" අමාරුනම් ටිකක් ඔලුව තියාගන්න ඉතින් "

" කමක් නෑ......මෙහෙම හොදයි "

ඒත් එක්කම රශේන් අයියා බෑග් එකෙන් ගත්තෙ ඇපලක්.....ඒක දැකපු මගෙ ඇස් ලොකුවෙලා ගියා.....පේනවා නේද ස්කෝලෙ ආදර්ශමත් නායකයො....යකඩෝ අපි ගෙනාවනම් තමා ඒවා අහුවෙලා දහ අට සන්නියම නටන්නෙ....කොහමත් අපේ බෑග් චෙක් කලාට මෙයාලගෙ කරන්නෑනෙ....පුටුවෙ පිටිපස්සට කරනගමන් පෝන් එකත් අනිත් පැත්තට හරෝලා එයා ගේම් ගහන්න ගන්නකොට එතනම තිබුන එයාගෙ පොතක් මම අතට ගත්තා

දීර්ඝ සංවාද නොතිබුනත් වරු ගනන් එකට නොහිටියත් මොකද මේ ගෙවෙන තප්පර එයා කෙසේ වෙතත් මම මුලු හිතින් විදගත්තා....ඇත්තටම අපිට කතා කරන්න දෙයක් තිබුන්නෑ.....තිබුන් නෑ කියන්නෙ ඉතින් සුදුසු මාතෘකාවක් ඇත්තෙ නෑ.....එයා ඉන්න කියලා නොකිව්වට මොකද අහේතුවකට මම එහෙම්මම උන්නා....අපි අතර නිහඩකම රජකලත් හිත් දෙකක් ඉබේටම පිරෙවෙනවා කියලා අපි දෙන්නම ඕනවටත් වඩා හොදට දැනන් උන්නා

මේ ඇවිත් හරි නිදහස් හැගීමක්.....කටින් නොකියන ඇස් වලින් හුවමාරුවෙන බැල්මවල් තියනවා නේද ඒවා ඇවිත් හරි ප්‍රභල සංවේගයන්.....හරියට නිකන් උණුහුම් කෝපි කෝප්පයක් වගේ.....නෑ මං කියන්නෙ මේවා ඇවිත් හරි නිදහස් තප්පර

....ඉතින් දන්නවද මගෙ වළාකුල් පිරිමි ලමයෝ උණුහුම් හැගීම් උනත් පුරවලා තිබුනෙම නොකියම දනවන තැන්වල බව....

රශේන් අයියා ගේම් ගහන සද්දෙ විතරක් ලාවට ඇහෙනකොට එයාගෙම පර්ස් එකෙන් පෑනක් ගත්තු මම එයාගෙ දික්රූල් පොතේ අග පිටුවක් පෙරලුවා

හැමදාම එකම දේ රිපීට්වෙවී

යනකොට

නෑ මං අහන්නෙ ඔයාටත්

එපාවෙන්නෙ නැද්ද ??

එක්කො අපි මෙතනින් නවතිමු

නැත්තම් තව ගව්ගානක්

දුර යමු....

ඔයා නොදන්නවා උනාට මොකද

ස්වර්ගීය ප්‍රේමණීය මායාව ඉස්සරහ

ඔයා කියන්නෙම ලොකු මනුස්සයෙක් මට !

එහෙම බැලුවහම ඔය

කොයි බ්‍රෑන්ඩඩ්  විස්කිය උනත් පරාදයි....

මේ ඇත්තමයි !

" නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවෙයි ප්‍රේමය.....බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය

අහම්බෙන් හම්බෙන දවසට අපිට පුළුවන් කටපුරා හිනාවෙන්න....

ඉතින් එහෙමත් දවසක අපිට පුළුවන් එක මොහොතකට හැමදේම අමතක කරලා හරි ලස්සනට හිනාවෙන්න

ඔව් අපි හිනාවෙමු......අනිවාර්යයෙන්ම දවසක....! "

පොත වහපු මම පෑනත් පැත්තකින් තියන ගමන් ඇස් හැරෙව්වෙ රශේන් අයියා දිහාට....එයාට නම් ගානක් නෑ ඔහේ ගේම්ගහනවා

ඉතින් මහ මුහුදෙ ගැඹුරුතම රහස් පවා දන්න කලුපාට ඇස් තියන අලුපාට පරිමි ළමයෝ ඔයා දන්නෑනෙ මගෙ ආදරේ තරම...

අපි උන්නෙ ගේට් එක ලග.....ස්කෝලෙ ඇරිලත් දැන් විනාඩි දහයක් විතර වෙනවා......දැන් තමා කට්ටිය එලියට යන්නෙ.....ළමයි පෝලිම් ගැහිලා එලියට යනකොට අපි  තුන්දෙනා බලන් උන්නෙ පසන් අයියා එක්ක කතා කරකර උන්න පසිදු එනකම්.....අනේ ඉතින් කාටද ඔය බොරු කරන්නෙ මං අහන්නෙ....ඒත් ඒ නැවත් ඕෆීශියල් නැති උනාට මොකද නිර්නාමීකව සෙට්ද කොහෙද

" රශේන් "

ඒ කටහඩට මම පිටිපස්ස හැරිලා බැලුවෙ අරයට කතා කලේ කවුද බලන්න....ඒ කෙල්ලෙක්ගෙ කට හඩක්....ගේට් එකෙන් ඉස්සරහ බලනකොට මම දැක්කෙ කවුදෝ කෙල්ලෙක් හිනාවෙවී ඇවිත් රශේන් අයියා ලගින් හිට ගන්නවා

" ආක්ශි "

ඒ උන්නෙ එදා ස්පෝට් මීට් එකේ ඇතීනට උන්න එහා පැත්ත ස්කෝලෙ ඉන්න අක්කා

🌼🌼🌼......

Share This Chapter