Back
/ 47
Chapter 19

🌼 Chapter 19 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

ඒක ජිම් එකක්.....යකඩ බඩු තමා ඉතින්....අනිත් කාමරේ තනිකරම හිස්....හිස් කියන්නෙ කාමරේ මැදට වෙන්න පියානෝ එකකුයි ඊට එහා පැත්තෙ ගිටාර් එකකුයි තිබුනා....තව කාමරේ පැත්තකට වෙන්න පේන්ටින් බඩු වගේකුයි....මුලු කාමරේටම තිබුනෙ ඔච්චරක් විතරක් උනාට අනිත් කාමර දෙකටම වඩා මෙතන හරි නිදහස්..

" එන්න "

රශේන් අයියා මට අඩගහනකොට එයා එක්ක මම කාමරේ ඇතුලට ගියෙ අයියා ඉස්සරහ තිබුන කර්ට්න් එක ඇදලා පැත්තකට කරනකොට

" ඔයාට චිත්‍ර අදින්නත් පුලුවන්ද "

මම ඇහුවෙ එතන තිබුන පේන්ටින් බඩු පෙන්නලා...

" පර්ෆෙක්ට්ලි බෑ.....ඒත් අදිනවා "

" ඇයි අහලා නැද්ද අකීකරුකමට ගහන පින්සල් පාර පවා හරි අපූරු සිත්තමක් කියලා "

මම එයා පැත්තට හැරෙන ගමන් අහනකොට රශේන් අයියා පියානෝ එක ලග තිබුන පොඩි පුටුවෙ ඉදගත්තෙ මම ඒකට හේත්තු වෙනකොට...ඇරලා තිබුන තිර රෙදි අස්සෙන් ඉර එලිය කාමරේ ඇතුලට වැටෙනකොට අකීකරුකමට මගෙ ඇස් ගිහින් නැවතුනේ රශේන් අයියා දිහාට...ඒ දිග ඇස් පිහාටු වැහිලා තිබුනෙ හරි සාමකාමීව

" මගේ හදවත රිදුනු තැන්වල

නුබේ කදුලක නෙතේ හැංගුන

අපිට අපි හිමි නොවුන තැන්වල

කිමද දැනුනේ සෙනෙහෙ සොදුරුම "

මම බලන් උන්නා ඒ දිග ඇගිලි රටාවකට පියානෝ එකේ යතුරු උඩ එහෙ මෙහෙ යන හැටි....රශේන් අයියගෙ ගැඹුරු කටහඩ කෙලින්ම ගිහින් නැවතුනේ පපු කොනක වෙනකොට මගෙ මූනෙ ලා හිනාවක් ඇදුනා....අහේතුවකට සාමාන්‍ය රිද්මෙන් පිට පැනපු පපු දාතු දෙකක් විතරක් ගැහෙනකොට මගෙ අතක් ගිටාර් එකේ තත් උඩ නැවතුනා

" ඉතින් මාත් කියන්නද සිංදුවක් "

සමහර වෙලාවට දැනෙන හැගීම් කියාගන්න බැරි උන තැන්වල ඒවා විස්තර කරන්න පුලුවන් හොදම විදිය තමයි මියුසික් කියලා කියන්නෙ...

මියුරු කල්පනා නෙතක දැල්වුනා

අමයුරු රස හසකැන් මැද සිතක් හිනහුනා

වරෙක නැලවුනා වරෙක ලතැවුනා

නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා

හිමගිර මට වැලි අහුරකි

මහ සමුදුර දිය රැල්ලකි

කටු අකුලේ මල් පුබුදමි

ඔබ සැනසේ නම්

පිණි බිදකින් මුතු අමුණමි

දිනිසුරුගෙන් සීතල දෙමි

කඩු තුඩු මත සැතපෙන්නමි

ඔබ හිනහේ නම්

මගෙ ඇස් කොනට රශේන් අයියා බලන් ඉන්න විදිය පේනකොට ගිටාර් එක තිබ්බ තැනින්ම තියපු මම එයාගෙ පැත්තට සම්පූර්ණයෙන්ම හැරුනා....ඉතින් අදත් මම වෙනදා පුරුද්දට ඒ වලව්කාර ඇස් වලට එබුනා....ඒවා සාමකාමී....හරියට නිකන් නිදහස් අහසක් වගේ

" දන්නවද විද්වාන් ආදරේ කියන විශ්වීය හැගීම ගැන අපිට තව හුගක් දේවල් තියනවා ඉගෙන ගන්න.......ඉතින් මම තාමත් මම නොදන්න ඒ හැගීම ගැන ඉගෙන ගන්නවා "

ඉතින් මගෙ වළාකුල් පිරිමි ලමයො ඔයා නොදන්නවා උනාට මොකද ඔය කියන විශ්වීය හැගීම හරි මායාකාරයි.....ඒකට පුලුවන් ගැහෙන පපු දාතු එක සැරේම නවත්තලා දාන්න....හරියට මේ දැන් මට වෙනවා වගේ...ප්‍රේමයට පුලුවන් හදවතේ සියුම් මර්මස්ථාන අපිව සංවේදී කරනගමන් ස්පර්ශ කරන්න හරි අපූරුවට...එහෙම බැලුවහම ඔයා උනත් දැනගන්න තව එක දෙයක් තියනවා මෙතන.....ඒ,

ඔයා කියන්නෙම මට විසල් ප්‍රේමයක් බව.....

මම කිව්වනෙ මේ ඇවිත් අයිතියක් ගැන නෙවෙයි !

එතනින් පස්සෙ හවස් වෙනකම්ම ආයම මම පේපර්ස් වගයක් කරන්න ගත්තෙ අයියා ආයම අර පොත බදාගන්නකොට....දවල්ට සෝමා නැන්දා හදපු කෑම කෑවෙ හවස් වෙනකොට....එතකම්ම අපි දෙන්නට බඩගින්නක් දැනුන්නෑ....කොහෙ බඩගිනි වෙන්නද අද මුලු තුන් හිතම පිරිලා ඉතිරිලා ගිහින් තියනකොට....උඩ තට්ටුවේ තියන ටීවි එක ඉස්සරහට වෙලා අපි ෆිල්ම් එකක් බැලුවා....මම ඉස්සල්ලාම නන් බලමු කියලා කිව්වත් රශේන් අයියා බෑ කිව්ව හන්දා අන්තිමට ඉන්දියන් එකක් බැලුවා....පස්සෙ තමා දැනගත්තෙ මේකා හොරර් මූවි වලට බයයි කියලා

ඒත් එක්කම මට මතක් උනේ එයාව පලවෙනියටම දැක්ක දවස....අර එයා අපේ පන්තියට එනකොට මම විහිලුවට ලිව්ව චිට් එක අහුඋනේ....එදානම් මම ඇත්තටම අම්බානෙකට බය උනා.....ඇයි ඉතින් හිනා පොදක් නැති මූනත් එක්ක උන්නෙ දහයකට ගහන්න වගේනෙ....ඒත් කවුද හිතුවෙ එදා ඒ අහම්බෙන් දැක්ක ආඩම්බරකාර මනුස්සයා එක්ක අද මෙහෙම එකට ඉන්න පුළුවන් වේවි කියලා

" ඉතිං කොහොමද මල්ලි පැටියෝ....උදේ දැක්කහම හරියට කතා කරන්නවත් බැරි උනානෙ මට "

තිශාරා අක්කා ඇවිත් අපිට එහා පැත්තෙ තිබුන සෝෆා එකේ ඉදගන්නකොට අක්කා ගෙනාපු බීම එකත් අතට ගත්තු මම එයා එක්ක හිනා උනා...

" දැන් මොනවද ආෆ්ටර් ඕලෙවල් කරන්න ඉන්නෙ "

තිශාරා අක්කා එහෙම අහනකොට එක මොහොතකට මම කල්පනා කලා.....එයා අහනකම්ම මම මේ වෙනකන් ප්ලෑන් කරලා තිබුන්නෑ ඕලෙවල් වලින් පස්සෙ මොනවද කරන්නෙ කියලා....ඇත්තටම කිව්වොත් මම තාම හරියට ඕලෙවල් වලටවත් ෆෝකස් කරලා නෑ

" කොමස් තමා ඉතින් "

මම ඒක කිව්වෙ කටට ආපු පලියට....වැඩිය නොහිතා කිව්වට මොකද මම ආයම කල්පනා කලේ ඇයි මම එහෙම කිව්වෙ කියලා....ඇත්තටම ඇයි ?? ඔන්න එතකොට නම් මෙච්චර වෙලාවක්ම  ටීවි එක දිහා බලන් උන්න රශේන් අයියාත් මගෙ පැත්ත බලනකොට මම කලේ දැක්කෙ නෑ වගේ අක්කා දිහා බලපු එක....එයත් බොරුවනෙ කරන්නෙ

" ඒක හොදයි.....කරන්නෙ මොනවා උනත් තමන්ගෙ කැමැත්තයි වැදගත්.....මොකද කැමැත්තෙන් කරන දේවල් තමා හරි යන්නෙ "

ඒකටත් මම ඔව් කියන්න ඔලුව වැනුවා...මේ දැන් වෙනකන් කොමස් කරන්න මගෙ තුන් හිතකවත් ආසාවක් තිබුනෙ නැතිකොට මගෙ කටින් පිට උන එක ගැන මම උන්නෙත් කම්පියුස් වෙලා...

" යන්ද....අම්මා බලන් ඇති......රෑවෙයි "

එහෙම කියන ගමන් ටීවි එකත් ඕෆ් කරලා රශේන් අයියා නැගිටිනකොට මම කලේ එයා එක්කම එලියට ඇවිත් තිශාරා අක්කටත් යන්නම් කියනගමන් අරයගෙ දඩු මොණරෙට නැගපු එක....අක්කා නම් පට්ට හොදයි....හෙනම කාම් චරිතයක්....ආය දවසක මල්ලි එක්ක මෙහෙ එන්න පැටියො කියලත් කිව්වා...තිශාරා අක්කත් බායි පාරක් දාගමන් අපි එන්න ආවා....ස්කෝලෙ ලගින් එනකොට මට මතක් උනේ ලබන සතියෙ ප්‍රිෆෙක්ට්ලා ඕගනයිස් කරලා තියන කලර් නයිට් එක

මීඩියා යුනිට් එක බාරව ඉන්න කල්පනී මැඩම් මට ඒකට අනවුන්ස් කරන්න කියලා ඊයෙ කෝල් එකක් දාලා කිව්වා....ඇයි ඉතින් සති දෙකක් ස්කෝලෙ ගියෙ නෑනෙ....වෙලහකටත් මුලු ස්කෝලෙම පාලුවට ගිහින් ඇති....පිනාටත් පාලු ඇති අපෙන් කරදරයක් ආවෙ නැති හන්දා...කමක් නෑ හෙට ආයම යනවනෙ

ඒත් එක්කම මට මතක් අනේ කෘෂිකර්මෙ ලග තිබුන කෝලිකුට්ටු ගහ...ඕකට අපේ පන්තියේ එවුන් බැල්ම දාගෙන උන්නෙ....පිනා ඇහැ දාන් ඉන්නෙ ඕක විකුණන්න වෙනකොට අපි බලන් ඉන්නෙ ඕකට හොරෙන්ම ගේම දෙන්න....එහෙම විකුණන්නෙ කොහමද ළමයි හිටෝපුවා.....අනික ඒ කෝලිකුට්ටු....අපේ අයටත් කෙසෙල් හරි කමක් නෑ....කොහමත් කට්ටිය කලින් ඉදන්ම කතාවෙලා තිබුනෙ ආෆ්ටර් ස්කූල් දවසක ඕකට වැඩේ දෙන්න

බයික් එක යන ස්පීඩ් එකට හුළං කපාගෙන ඉස්සරහට යනකොට මම අදත් ඒ බදවටේට මගෙ අත් යැව්වා....හරියට එදා වගේම...ඒ උනුහුම මගෙ අත් වලට දැනෙනකොට වෙනසක් නෑ දැනුත් මොකක්දෝ හේතුවකට පිට කොන්ද දිගේ එක පාරටම හිරියක් ගලාගෙන ගියා

ප්‍රේමය කියන්නෙම සුන්දර හැගීමකට

ප්‍රේමය තියෙන්නෙම අත ඇරෙන බව දැන දැනම ලං උන තැන්වල

ඉතින් ඔය කියන ප්‍රේමයට පුලුවන් ගිනි ගන්න පපු නිවන්න හරි අපූරුවට

" ඇතුලට යන්න "

" කමක් නෑ මම ඔයා යනකම් ඉන්නම්......අනික මම ඉන්නෙ මේ ගේට් එක ලගනෙ.....පරිස්සමට යන්න "

....ඉතින් ග්ලැසියර බැල්මක් එක්ක ඉදහිටක ඒ මූනෙ පෙනෙන නොපෙනෙන ගානට ඇදෙන අහංකාර හිනාවකුත් ඇති ගැහෙන පපු පුරවලා දානගමන් හැගීම් වාන් දාන්න....

ඕවා ඇවිත් මිලාධික හිනාවල් ශෙනුල්....ඒ හිනාව දිහා ඇස් රදෝගෙන උන්න මගෙ හිත මටම  කෙදිරුවෙ එහෙම....ඇත්ත.....හැමවෙලාවකම හිනාවෙන මිනිස්සු වගේ නෙවෙයි ඉදලා හිටලා හිනාවෙන මිනිස්සු ඉන්නවා නේද එයාලගෙ ඒ හිනාවල් වලට පුලුවන් ලග ඉන්න අයවත් ආකර්ෂණය කරගන්න හරි අපූරුවට

මට ඉදුරාම කියන්න පුලුවන් රශේන් අයියට තිබුනෙ වින්ටේජීය හිනාවක් බව

අවසානයටම රශේන් අයියා ගෙදර ලගින් බයික් එක නවත්තනකොට ඒකෙන් බැහැපු මම ගේට් එක ලග ඉදන් බලන් උන්නෙ එයා යනකම් වෙනකොට දොරකඩ ඉදන් බලන් උන්න තාත්තටත් හෝන් එකක් ගහන ගමන් එයා යන්න ගියේ ඒත් එක්කම මම ඇතුලට එනකොට....මම එහෙම්මම තාත්තව තද කරලා බදාගත්තා....තාත්තා ලග හරි සුවදයි....මම කියන්නෙ පර්ෆියුම් සුවද ගැන නෙවෙයි එයා ලගින් එන්නෙ අපි වෙනුවෙන් දවස තිස්සෙම මහන්සිවෙන සුවද

" සුදු පුතා ආවද.....ඇයි අනේ අර දරුවා ආ පයින්ම ගියේ ගෙට ගොඩවෙන්නෙවත් නැතුව......ඔයා එයාට කරදර එහෙම කලේ නෑනේද "

" නෑ අනේ මම එහෙම කාටවත් කරදර කරන ලමෙක්ද නේහ් තාත්තෙ.....කොහෙද ඉතිං අම්මට එයාගෙ එකම දරුවව සැකයිනෙ......අනික එයා ගියේ දැන් රෑවෙලා හන්දා......එයාගෙ අක්කා තනියමලුනෙ"

" ඒ දරුවට අක්කෙකුත් ඉන්නවද ශෙනූ "

" ම්ම්ම්.....ඉන්ජිනියර් කෙනෙක්ලු.....එයා නම් අර බුම්මට්ටා වගේ නෙවෙයි මාරම හොදයි අප්පා...."

අම්මටත් එහෙම කියාගෙන මම ටීවි එක ඉස්සරහින් ඉදගත්තෙ ඒකෙ ප්‍රවෘත්ති යනකොට.....මම නම් ඕවා බලන්නෑ ඒත් ඉතින් දවසම අරහෙ ඉදන් ඇවිත් අම්මා තාත්තා  එක්ක ඉන්නැතුව ආව පයින්ම කාමරේ අස්සට රිංග ගන්නත් බෑනෙ....මට ඒත් එක්කම මතක් උනේ රශේන් අයියව.....පරිස්සමට ගියාද දන්නෙත් නෑ....කමක් නෑ හෙට ස්කෝලෙ....ඒක කිව්වහමයි මතක් උනේ අම්මවත් අරගෙන එපැයි ස්කෝලෙ යන්න....කරපුවගෙ හපන්කම් තමයි

කොහමත් අපේ පන්තිය ප්‍රින්සිපල්ට නම් කවදාවත් අමතක වෙන්නෑ.....මේ අවුරුදු දෙකට අපි මොනවද නොකලෙ....ඔෆිස් එක පිටිපස්සෙ තියන වෙරළු ගහෙන් ගෙඩි කඩලා කැන්ටිමෙන් ලුණුයි මිරිසුයි ඉල්ලගෙන කාපු මිනිස්සුනෙ අපි

*

*

*

අද උදෙන්ම ක්ලාස් දෙකේම අය භාරකාරයො එක්ක ඔෆිස් එක ලග හිටන් ඉදියෙ අහිංසකයො වගේ....ලේසිද ඉතින් සති දෙකක්ම සස්පෙන්ඩ් කලා කිව්වහම.....ප්‍රින්සිපල්ගෙ දවස් ගානක් ගිහිනුත් කේන්තිය තාම නිවීලා නැද්ද කොහෙද.....ගාථා කියලා ඉවර උන වෙලේ ඉදන් ඔෆිස් එක ඉස්සරහ බයින්න ගන්නකොට මෙච්චර වෙලාම හොදට උන්න අම්මා මට රවන්න ගත්තා

කොහොම හරි එතනත් පැය ගානක් හිටන් ඉදලා අන්තිමට පන්තියට ආවෙ දෙවනි පීරියඩ් එකේ මැද හරියෙදි වගේ....අපි එනකොට අනිත් පන්තිවල අයත් බලන් ඉන්නවා දැක්කහම කට්ටිය ආවෙ නිකන් ඉන්දියන් ෆිල්ම්වල ඉන්න සාරුක් ඛාන් වගේ....කොහමත් මේ පීරියඩ් එකේ බාගයක් ගිහින් තියන එකේ උගන්නන්නෑ....අනික පන්තියට එන හැම සර් කෙනෙක්ටම ටීච කෙනෙක්ටම මුල් ඉදන් උන දේවල් ගැන සවිස්තරාත්මකව විස්තර කරන්නත් ඕන....අපි නම් ඉතින් ආව ගමන් කලේ බෑග් එකත් තියලා පහුගිය සති දෙකේ මිස් උන කෝප්ප ටික හෝදන්න ගත්ත එක....අලුතෙන් ඉංග්‍රීසි උගන්නන ලස්සන මිස් කෙනෙකුත් ඇවිල්ලලු

"' බඩගිනිවෙලා මා ගිය කල කැන්ටිමට

දුන්නයි රොටි දෙකක් රුපියල් පනහකට

ගම්දෝ නොගම්දෝ කියලා සිතුනි මට

මැනලද ඇන්ටි පිටි දැම්මේ රොටියකට "

අතේ තිබුන රොටි කෑල්ලකුත් උස්සනගමන් එකෙක් කවි කියනකොට උගෙ දුක් අදෝනාව අපි අහන් උන්නෙ හෙනම අමාරුවෙන්....මම එහෙම්මම බිත්තියට පුටු කකුලෙන් හේත්තු උනා....පිටිපස්සෙ බිත්තිය නිකන් සීගිරි කැටපත් පවුර වගේ....ඒ තරමටම කුරුටු ගී

කොහොමහරි අන්තිම පීරියඩ් එකට කලින් පීරියඩ් එකේ මීඩියා යුනිට් එකට ගියෙ මැඩම් මට දෙන්න ඕන කිව්ව ස්ක්‍රිප්ට් එක ඉල්ල ගන්න....මට තිබුනෙ සිංහල අනව්න්සින්.....ඉංග්‍ලිශ් එක අයියා කෙනෙක්ට දීලා තිබුනා....මැඩම් කියපුවත් අහගෙන මම කෙලින්ම ආවෙ පුස්තකාලෙට....කලින් ගත්ත පොත ආපහු දීලා නවල් තියන පැත්තකට ගියෙ අලුත් පොතක් හොයාගන්න

මම කොහමත් කතා පොත් එකතු කරනවා....තාත්තම ගෙනත් දීපුවා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා....පොත් කියන්නෙ ඇඩික්ට් එකක්....පොත් රාක්කෙ ලගට ආපු මම කියවන්න හොද පොතක් හෙව්වා....අන්තිමට උඩ ක්‍රීම් පාට කවරයක් තියන පොත දකිනකොට මම සපත්තු අඩියෙන් උඩට ඉස්සුනේ ඒක ගන්න.....මොකද මට ඒක ගන්නධ බෑ කොටයි....ඒක තිබුනෙ උඩම තට්ටුවේ වෙනකොට කකුල් වලින් ඉස්සුන මම අත දික්කලේ පොත ගන්න උනත් මොකද මගෙ පිටි පස්සෙන් ආපු අතක් මට කලින් ඉස්සරවෙලා ඒක අරගත්තා

ඒත් ඒක කොහොමද වෙන්නෙ....ඒක ගන්න උන්නෙ මමනෙ....ගත්තෙ කවුද බලන්න එහෙම්මම මම මූනත් ඇදකරන් පිටිපස්සට හැරෙන්න හැදුවත් මොකද දැනුන සුවදෙන් එක තප්පරේට මම ඒ කවුද කියලා අදුන ගත්තා

මොකද ඒක ඇවිත් අර ලක්සරි වැනිලා සුවද !

" ඔයා "

රශේන් අයියා මගෙ පැත්තට දික්කලේ අර පොත....මම උන්නෙ තාමත් රාක්කෙට පිට දීලා වෙනකොට එයා උන්නෙ මගෙ හුස්මක දුරින්....හොද වෙලාවට මෙවෙලෙ කවුරුවත් පුස්තකාලෙ නැති හන්දා හොදයි

" එපා......ඔයාට ඕන නම් ගන්න "'

මම කිව්වෙ ඒ ඇස් දිහා බලාන....කොහමත් මම ඕක ගත්තට මොකද එක පාරක් කියවලා තියෙනවා....ඒත් පොත දැක්කහම ආයම පාරක් කියවලා බලන්න ආස හිතුනා....ඒත් එක පාරක් කියවපු මට වඩා ඒක නොකියපු එයාට දෙන එක නෙවෙයිද හොදම

" මට නෙවේ ගත්තෙ ඔයා මේක ගන්න බැරිව උඩ පැන පැන දගලපු හන්දා අරන් දුන්නෙ "

එහෙම කියපු රශේන් අයියා සාක්කුවටත් අත්දෙක දාගන්න ගමන් එතනම තිබුන මේසෙට හේත්තු වෙනකොට මම බැලුවෙ එයා මගෙ අතින් තිබ්බ පොත දිහා

පියේද්රා ගගබඩ හිද මම වැලපුනෙමි- පාවුලෝ කොයියෝ

පොතෙන් ඇස් අහකට ගත්තු මම ආයම සැරයක් බැලුවෙ මගෙ ඉස්සරහ තිබුන ඩෙස් එකට හේත්තුවෙලා උන්න රශේන් අයියා දිහා.....එයාත් බලන් උන්නෙ මගෙ දිහා කියලා දකිනකොට මම කලේ මගෙ ලග තිබුන ලස්සනම හිනාව එයාට දුන්න එක....මේ පොතේ එක තැනක මෙන්න මෙහෙම තිබුනා

' අවසානය දක්වා සටන් කරන්න තරම් වටින දේවල් ජීවිතයේ තියනවා......

ඉතින් ඔයත් ඒ වගේ වටින දෙයක්....'

🌼🌼🌼......

Share This Chapter