Back
/ 47
Chapter 18

🌼 Chapter 18 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

රශේන් අයියගෙ බයික් එක මිදුලෙන් නවත්තනවා ඇහෙනකොට කාමරේ උන්න මම කන්නාඩිය ඉස්සරහට ගිහින් ආයම සැරයක් වටයක් කැරකෙන ගමන් බැලුවෙ මොනවාහරි අඩුපාඩුවක් තියනවද කියලා.....ම්ම්හුහු....එහෙම පේන්නනම් නෑ.....ඔය ඉන්නෙ ලස්සනට

ඇද උඩ තිබුන බෑග් එක ගත්තු මම එලියට ගියේ රශේන් අයියා බයික් එකට හේත්තුවෙලා කෝල් එකක ඉන්නකොට

" නෑ නෑ.....ම්ම්ම් මම බලන්නම් අකේශි.....හරි එහෙම කරදරයක් නෑ....ඔව් කොහමත් ඉන්වයිට් අපේ ස්කෝලෙටත් එනවනෙ "

"................"

" මට එන්න වෙයිද කියලනම් එදාට ශුවර් කරන්න බෑ හැබැයි......වොලිබෝල් මැචස් පටන් ගන්නවා......ඔව් ඒකට ප්‍රැක්ටිස් කරන්නත් ඕන......එහෙමද.....හරි එහෙනම් මම තියන්නම් "

මම ලගට ආවා කියලා දැනිලද කොහෙද ශීට් එක උඩ තිබුන හෙල්මට් එක මගෙ පැත්තට දික් කරනකොට මම කලේ මුකුත් නොකියම ඒක ගත්ත එක

" කවුද.....කෙල්ලද "

මම ඇහුවෙ නක්කලේට හිනාවෙලා....කෝල් එක කට් උනාට පස්සෙ පෝන් එක සාක්කුවට දාගන්න ගමන් එයා මගෙ දිහා බලනකොට මම ටක්ගාලා අහක බලාගත්තා

" තව කී සැරයක් කියන්න ඕනද "

" මොකක්ද "

" මට කෙල්ලෙක් නෑ කියලා "

" හරි ඉතින්......ඕක ඔච්චර ගනන් ගන්න දෙයක්යෑ.....ජෝක් එකටනෙ ඇහුවෙ "

මම හිනාවෙලා එහෙම කියනකොට ඔලුව දෙපැත්තට වනනගමන් රශේන් අයියා බයික් එකට නැග්ගෙ ඒත් එක්කම අම්මත් මිදුලට එනකොට

" පරිස්සමට යන්න පුතා......වේගෙන් එල්ලන්න එපා.....අපේ එක්කෙනා කරදර කලොත් දෙකක් ගහන්න ඒකට කමක් නෑ......කොහමත් මෙයාට එක විදියට ඉදලත් පුරුදු නෑනෙ "

" අම්මා !! "

මම හෙල්මට් එකත් අතේ තියාගෙන පිටිපස්සට හැරෙන ගමන් කෑ ගැහුවා....මේ මොනවද කියවන්නෙ.....ඒකත් රශේන් අයියා ඉස්සරහ....ලැජ්ජාවෙ බෑ....මම නොක්කාන්ඩුවට අම්මා දිහා බලනකොට අම්මා හිනාවෙනවා...අන්න අන්න පේනවා නේද ඉතින්

" පුතාට කරදරයක්ද දන්නෑ "

" එහෙම මුකුත් නෑ ආන්ටි.....අපි එහෙනම් යන්නම්.....ආන්ටි බයවෙන්න එපා හවස් වෙනකොට මල්ලිව ගෙනත් දාන්නම් "

" හරී....පරිස්සමට ඔය දෙන්නම තේරුනාද"

අඩියට දෙකට අම්මා ලගට ආපු මම එයාව බදාගෙන කම්මුලකට හාදුවක් දුන්නෙ අම්මා මගෙ ඔලුව අතගානකොට....ගේට් එකෙන් යන්න ඔන්න මෙන්න තියලා මම අම්මට අත වැනුවෙ එයා තාමත් මිදුල මැද ඉදන් අපි දිහා බලන් ඉන්නකොට

කවදාවත් කිව්වට හිමින් යන්න දන්නෙම නෑනෙ....මුට ඕන පියාබන්නමයි....මම ඒ උරහිස් වලින් අත් තියලා අල්ලගත්තෙ රශේන් අයියා ඩ්‍රයිව් කරන වේගෙ වැඩි හන්දා

අදට අපි සස්පෙන්ඩ් වෙලා දවස් හයක්....අනිද්දට ඉතින් ආයම සුපුරුදු විදියට ස්කෝලෙ....ඒ යනකොට අම්මව එක්කන් යන්න ඕන....කමක් නෑ මම විතරක් නෙවෙයිනෙ.....කොහමද පන්ති දෙකක ලමයි ඔෆිස් එක ඉස්සරහ භාරකාරයෙකුත් එක්ක හිටන් ඉන්නකොට....ඉතිහාසයෙ උනත් උන දේවල්ද ඉතින් මේවා

බෝයි ස්කූල් එකක් හන්දම හොදයි...ඔය මොක උනත් කට්ටිය ස්කෝලෙ ඇරිලා ගෙදර යන්නෙනම් ගර්ල් ස්කෝල ගාවින්....එකක් නෙවෙයි බාලිකා පාසල් දෙකක්ම හෑව්....ඒකෙන් අපේ අය කොච්චර ප්‍රයෝජන ගන්නවද කියන්නෙ සමහර අයට ස්කෝලෙ දෙකෙන්ම කෙල්ලො දෙන්නයි....මේ ලගදිත් එක ස්කෝලෙක ප්‍රින්සිපල් මැඩම් ඇවිත් අපේ සර් එක්ක කතා කරලා ගියා....හැමදාම උදේ රැස්වීමට පිනා ගිරිය කඩාගෙන ඔය ස්කෝල ලගට යන්න එපා කියලා කෑගැහුවත් වැඩක් නෑ

ඔය මොක කොහම උනත් ඔය ගෑනු ස්කෝල දෙක එක්කම අපි තරහයි....ඇයි ඉතින් මොකක්හරි තරගෙකට ඉන්වයිට් ස්කෝල වලින් අපි ඒවට ගියොත් හරි එහෙන් මෙහෙට ආවොත් හරි ගෑනු කියලා නෑ උන් වලියක් ඇදගෙනමයි යන්නෙ....ඒත් ඉතින් අන්තිමට කොච්චර වලි ඇදගත්තත් උන්ගෙ උස්සවේකදි අපේ මීඩියා යුනිට් එකට තමා යන්නෙ...

ගම්පහ ටවුන් එකට ටිකක් එහාට වෙන්න තිබුන ප්‍රයිවට් ලේන් එකට වේගෙන් ආපු බයික් එක අවසානෙදි සුදු පාට තාප්පයක් ලග නැවතිලා හෝන් ගහනකොට ගාඩ් එකේ හිටපු මැදි වයසෙ අන්කල් කෙනෙක් ඇවිත් කලු පාට ගේට් එක අරිනකොට

රශේන් අයියා මිදුලෙ කොනට වෙන්න බයික් එක නවත්තනකොට මම වටපිට බැලුවා....කොළ පාටට තණකොල වවාපු මිදුල මැද තට්ටු තුනක විසාලට හදපු ගේ ඇත්තටම ලස්සනයි....මගෙ අතේ තිබුන හෙල්මට් එක ගත්තු අයියා තාමත් මිදුලෙ හිටන් උන්න මට ඇතුලට එන්න කියාගෙන යනකොට මමත් එයාගෙ පස්සෙන් ආවෙ වටපිට බලන ගමන්....අපි ඇතුලට යනකොටම අක්කා කෙනෙක් සාලෙට ආවෙ එතන එහා පැත්තෙ තිබුන කොටසෙන්....මම හිතන්නෙ ඒ තියෙන්නෙ කුස්සිය....එතකොට මේ ඉන්නෙ රශේන් අයියගෙ ඉන්ජිනේරු අක්කා....එයා ලස්සනයි....අපිව දැකපු අක්කා මගෙ පැත්ත බලන් හිනාවෙනකොට මමත් එයා එක්ක හිනා උනේ එයා අපි ලගට එද්දි

" කවුද රශූ මේ.....ඔයාගෙ යාලුවෙක්ද.....පසන් මල්ලිලාව ඇරුනහම මම මේ පොඩ්ඩවනම් දැකලා නෑ මීට කලින් "

" මේ පාර ඕලෙවල්......කොමස් පාඩම් වගයක් අහගන්න ආවෙ.....අක්කෙ මේ ඉන්නෙ විද්වාන්.....විද්වාන් මේ මගෙ අක්කා තිශාරා "

රශේන් අයියා මාව එයාගෙ අක්කට අදුන්වලා දෙද්දී මම ආයම සැරයක් එයා එක්ක හිනාඋනා....රශේන් අයියා වගේ නෙවෙයි අක්කා හෙන ෆ්රෙන්ඩ්ලි....එයාට තිබුනෙ හිනාවෙනකොට එහෙම වල ගැහෙන කම්මුල් දෙකක්

" ඕ...හ් මේ එයාද......අහලා තිබුනට දැක්කෙ අදනෙ.....කොහොම ඉතින් විද්වාන් මල්ලියෝ "

" අවුලක් නෑ ඉන්නවා අක්කා "

" රශූ නාසරානියො ඇරුනහම හොද අයවත් ආශ්‍රේ කරන්න දන්නවා නේහ්.....එහෙනම් මල්ලි පැටියො මම මගෙ කාමරේට යනවා දැන් ටිකකට කලින් ආවෙ....අපි පස්සෙ කතා කරමුකො හොදේ.....රශූ සෝමා ආන්ටි කෑම හදලා ඇති මල්ලි එක්ක කන්න හරිද "

තිශාරා අක්කා මගෙ දිහා බලන් ඔලුවත් අතගාලා යන්න යනකොට මම ඔලුව වැනුවා.....මම කිව්වෙ එයා මෙයා වගේ නෙවෙයි....හරි හොදයි....ඒත් එක්කම රශේන් අයියා මගෙ පැත්ත හැරුනා

" බඩගිනිද "

" නෑ "

" එහෙනම් යං

එයා මගෙන් බඩගිනිද අහනකොට මම ආයම වතාවක් නෑ කියන්න ඔලුව වැනුවා....ඇත්තටම මට බඩගිනි නෑ මොකද එන්න කලින් අම්මා මට කැව්ව හන්දා....ඒත් එයාට බඩගිනිද දන්නෑනෙ....මගෙන අතින් ඇදන් උඩ තට්ටුවට යන්න පඩිපෙල නැගපු රශේන් අයියව මම නවත්තගත්තෙ පිටිපස්සට බෙල්ල හරෝපු එයා ඇයි කියලා ඇස් වලින් අහනකොට

" ඔයා කාලා නෙවෙයි නේද ඉන්නෙ.....කාලා එන්න මට හදිස්සි නෑ.....බඩගින්නෙ ඉන්න එපා ""

" එහෙම එකක් නෑ.....පස්සෙ කමු "

එහෙම කියපු එයා ආයම පඩිපෙල නගින්න ගන්නකොට මමත් එයාගෙ පස්සෙන් ආවෙ එයාගෙ කාමරේ ලගට....එයාගෙ කාමරේ තිබුනෙ තුන්වෙනි තට්ටුවේ කොනට වෙන්න....ඒ තට්ටුවෙත් සාලෙ පහල වගේම ටීවි එකක් තිබුනා....හැබැයි කලින් තට්ටු දෙකටම වඩා මේක වෙනස්....ඊටත් වඩා ලස්සනයි....රශේන් අයියගෙ කාමරේ ඇරුනහම මේ තට්ටුවටම තිබුනෙ තව කාමර දෙකයි....හැම තැනකම වගේ පැල හිටෝපු පෝච්චි තිබුනා....සාලෙ කොනටම වෙන්න පුංචි දිය ඇල්ලක් තියනකොට ඒක වටේටම පැල තිබුනා....ටීවි එක එහා පැත්තට වෙන්න පොත් රාක්කයක් තිබුනෙ රක්කෙ එක පැත්තක වැලක් ගිහින් තියනකොට

ඔය ඔක්කොම මම බලාගෙන ආවෙ එයා එක්ක එයාගෙ කාමරේට....මේක වෙනම ලෙවල් එකක්....උඩ තට්ටුවම හරි ලස්සනට පැල එහෙම වවලා හදලා තිබුනත් මොකද රශේන් අයියගෙ කාමරේනම් ඊට හාත්පසින්ම වෙනස්....දකින කාටවත් කියන්න බෑ මේ තට්ටුවේ මේ වගේ කාමරයක් තියනවා කියලා....මොකද මුලු තට්ටුවම එලිය උනත් මේ කාමරේ විතරක් අදුරු පාට හන්දා

මුලු කාමරේම ඩිසයින් කරලා තියෙන්නෙ කලු පාටයි රතු පාටිනුයි.....පාඩම් කරන පොත් මේසෙ ලගට විතරක් ඉර එලිය වැටෙනවා....ඇයි එයාගෙ අර ගනන්කාර සුවද අන්ධකාර කාමරේ පුරාවටම අරක් අරගෙන

" ඉදගන්න විද්වාන්.....මේ මගෙ ඕලෙවල් කාලෙ පාස් පේපර්ස්.....ඔයා එනවා කිව්ව හන්දා ඊයෙ හොයලා ගත්තා.....කරන්න බලන්න බැරි තැන් අපි පස්සෙ ඩිස්කස් කරමු "

එහෙම කියපු රශේන් අයියා තඩි පාස් පේපර් ගොඩකින් පේපරයක් අරන් මට දෙනකොට කටත් ඇදකරගත්තු ඩෙස් එකට මෙහායින් තිබුන මම පුටුවෙන් ඉදගත්තෙ එයා අනිත් කොනෙන් ඉදගන්නකොට....පේපරේ අතට ගත්තු මම එහා පැත්තයි මෙහා පැත්තයි හරවනගමන් ආයම බැලුවෙ මගෙ ඉස්සරහ පොතක් පෙරලන් මොන මොනවදෝ හදන රශේන් අයියා දිහා....දැන් මම මේක හදන්නම ඕනද

" ඇයි......මොකක් හරි ප්‍රශ්නයක් තියේද "

" නෑ.....නෑ.....මුකුත් නෑ "

ඒ මූන දිහා බලන් උන්න මගෙන් ඔලුව උස්සන ගමන් එයා මොක කියලා අහනකොට මම කලේ නෑ කියන්න උරහිස් ඇකිලුව එක....මට මේ පේපර් එක කරන එක කොහෙත්ම ප්‍රශ්නයක් නෙවෙයි....එයාගෙන් අහගන්න කියලා ආවට සුලු දෙයක් ඇරෙන්න අපිට උගන්නපු පාඩම් වලින් වෙන ඒවා ඇත්තෙම නැති තරම්....සමහරවිට ඒක එයා උනත් දන්නවා....මම මගෙ අතේ තිබුන පේපර් එක දිහා බැලුවා

ලාභ ආලාභ , මූල්‍යතත්ව ප්‍රාකාශ හදන්න....මම හැමදාම හදන ගාන....MCQ ටික පැය බාගයක් වගේ යනකොට ගහලා ඉවර කරපු මම ප්‍රධාන ප්‍රශ්නෙ ඉවර කරපු ගමන් පෙරලගත්තෙ පේපර් එකේ අන්තිමට තිබුන ලාභ අලාභ ගාන....ඕක අන්තිමට හදාගන්න තියාගත්තොත් වෙන්නේ වෙලාව වෙන එක

පැය ගානක් ඔහේ ගෙවිලා ගියේ එයා එයාගෙ වැඩයි මම පේපර් එකයි කරනකොට....එතන තිබුන හුගක් පාස් පේපර් වල MCQ ගණන් ටිකයි දෙවනි කොටසෙ පලවෙනි ප්‍රශ්නෙයි  කරලා ඉවරකරපු මම ඉදන් උන්නු පුටුවත් පස්සට කරන ගමන් අත් දෙක දෙපැත්තට දික්කලේ හිරි අරින්න...ඒත් එක්කම මට ඈනුමක් ගියා....රශේන් අයියා තාම අර පොත පෙරලන් ලියනවා....මම එහෙම්මම පුටුවෙන් නැගිට ගමන් එයාගෙ පිටිපස්සෙන් ගිහින් පොතට එබුනා....සමාගම් ගානක්....ඒක දැක්කහම මට ඔලුව රිදෙන්න ආවා...ඇයි ඉතින් එයාලට තියෙන්නෙ අපිට වගේ වත්කම් වගකීම් හර බැර කරන්න නෙවෙයිනෙ....මේසෙ කොනට වෙන්න ඉකෝන්.....BS.....අකව්න්ටින් ටියුට් ගොඩ ගහලා තියනකොට මම උඩම තිබුන ඉකෝන් ටියුට් එකක් අරගෙන නිකමට පෙරලුවා....මේවා කොහම පාඩම් කරනවද දන්නෑ

සැලළිහිණි සංදේශෙ මොකක්ද ඇහුවොත් සැලළිහිනියො ඔබ දන්නෙ නෑ මගේ පෙම වැටහෙන්නෙ නෑ වගේ අපි බාස්කෙට් සබ්ජෙට්වල කොමස් කියලා කරන්නෙ තනිකරම සීනි බොල තියරි....කවදහරි චාටට් එකවුන්ටන්ලා තමා ඉතින්....මම ආයම රශේන් අයියාගෙ පොතට එබෙනකොට ඔන්න ඒ පාර නම් ලිය ලිය උන්න පතරංග ගාන කරලා ඉවර කරපු එයා පොත වහලා ඉදන් උන්න පුටුවෙන් නැගිට්ටා

" ඔහොම ඉන්න පහලට ගිහින් කෑවට කිසි ගතියක් නෑ.....මම කෑම එක උඩට අරන් එන්නම් "

" මාත් එන්නද ඔයා එක්ක යන්න "

" එපා....ඕන නෑ ඔහම ඉන්න "

එහෙම කියපු රශේන් අයියා දොර ඇරගෙන පහලට යනකොට පොත් අස්සෙ තිබුන පොතක් ගත්තෙ ඒක චිත්‍ර පොතක් කියලා දැකපු හන්දා....සාමාන්‍ය චිත්‍ර පොතක් වගේ නෙවෙයි ඒකෙ පිටු පවා ගනකම්....පේන්ටින් කරන්න පුලුවන් පොතක්.....පොතත් අරන් ඇදේ කොනකින් වාඩිඋන මම හිමිහිට ඒක පෙරලලා බැලුවා....මම අදනෙ දන්නෙ අපේ ස්කෝලෙ මියුසික් ක්ලබ් එකේ ප්‍රරසිඩන්ට ලස්සනට චිත්‍ර අදින්නත් පුලුවන් කියලා

ඒක නිකන් ඩයිරියක් වගේ....පෙලක් චිත්‍ර පැන්සලෙන් ඇදපුවා....තවත් සමහරක්වා පේන්ටින් කරපුවා....මොනා උනත් තනි වචනෙන් ඒ හැම එකක්ම ලස්සනයි....ඒ හැම චිත්‍රයක් යටම දිනේ දාලා තියනකොට අන්තිම පිටුවෙ තිබුනෙ ඊයෙ දවස....ඒත් එක්කම කාමරේ දොර ඇරෙනකොට ඒ දිහා බලපු මම දැක්කෙ කෑම පිගන් දෙකක් උස්සන් ඉන්න රශේන් අයියව

" ඔයාගෙ චිත්‍ර පොත මම ගත්තා....ඒවා හරි ලස්සනයි "

" තෑන්ක්ස්....අත හෝදන් එන්න විද්වාන්"

මම කිව්වෙ මගෙ අතේ තිබුන චිත්‍ර පොත පෙන්නලා....කාමරේ  කෙලවරේ තිබුන දොර ඇරගෙන බාත්රූම් එකට ආපු මම අතත් හෝදගෙන එයා ලගට ගිහින් ඒ අතක තිබුන පිගානක් ගත්තෙ එයාගෙ පිටිපස්සෙන් යන ගමන්....කාමරේ පැත්තක්ම වහගෙන තිබුන කලු පාට කට්න් එක රශේන් අයියා එහාට කලේ මම පුදුමෙන් ඒ දිහා බලනකොට....වෝ....හ්.....කට්න් වලින් වැහිලා තිබුනෙ බිත්තියක් නොවෙනකොට ඒ පැත්තම තිබුනෙ වීදුරු....එක වීදුරු දොරක් ඇරගෙන බැල්කනි එකට ආපු රශේන් අයියා එතනම තිබුන සෝෆා එකෙන් ඉදගත්තෙ ඒත් එක්කම මාත් ඉදගන්නකොට

මේ වීව් එක පට්ට....බැල්කනි එකට කෙලින්ම පේන්නෙ ගාඩ්න් එකේ තියන පූල් එක....ඉර එලිය පූල් එකට වැටිලා දිස්නෙ ගහනකොට හිතෙන්නෙම මෙතනින් පැනලා පූල් එකේ පීනන්න

" කන්න.....සෝමා ආන්ටි හදලා හැදුවෙ "

" සෝමා ආන්ටි කියන්නෙ අර එනකොටම හිටුපු කෙනාද "

" ඔව්.....එයා මම දන්න කාලෙ ඉදලා උන්නෙ  ඉන්නෙ මෙහෙ.....අක්කගෙයි මගෙයි දෙන්නගෙම නැනී.....Although she is old her kindness like our Amma.....She always understand us very well.....That's why I like her  "

රශේන් අයියා එහෙම කියනකොට මුකුත්ම නොකියපු මම මැකරෝනි හැන්දක් කෑවා....සමහර වෙලාවට අපිට ඕන කතා කරන්න කෙනෙක්ට වඩා අපිව අහන් ඉන්න පුලුවන් කෙනෙක්....අඩනකොට හේතුවක් නාහම අපි වෙනුවෙන් උරහිසක් කැපකරන කෙනෙක්...ඒකයි එයා කියන හැමදේම සද්දයක්වත් නැතුවම මම අහන් උන්නෙ

මොකද එයාට උනත් දැන් ඕන කතා කරලා හිත හදන කෙනෙක්ට වඩා හොද සවන් දෙන්නෙක්....

" මට....මට අම්මගෙ සුවද මොනවගේද කියලවත් හරියට මතක නෑ විද්වාන්......මගෙ මේසෙ කොනක තිබුන එයාගෙ පොටෝ එක ඔයා දැක්කද.....එයා ලස්සනයි නේද.....අක්කා කියන්නෙ මම අම්මා වගේලු.....සමහර වෙලාවට මටත් ඒක එහෙම හිතෙනවා....ඒත් මම එයා තරම් කරුණාවන්ත කෙනෙක් නෙවෙයි....මං කියන්නෙ ලගම ඉන්න අය ඇරුනහම මම එහෙම කාවවත් ආශ්‍රය කරන්න කැමති නෑ.....තාත්තව උනත් ඉදහිටක ඇරුනහම එහෙම හැමදාම දකින්නෑ.....ඒක දැන් මට පුරුදුයි

පාලුවක් දැනුනහම මම කරන්නෙ චිත්‍ර අදින එක.....ඒක නිදහස් "

රශේන් අයියා එහෙම කියනකොට තවත් මැකරෝනි හැන්දක් කටේ දාගත්තු මම එයා දිහා බැලුවා....එහෙන් මෙහෙන් එන හුලං පොදවල් ඇගේ වදිනකොට හරි සනීපයි....මෙතනට එකට එහා පැත්තෙ පාර පවා හොදට පේනවා

" දුක් වෙන්න එපා....අපි හැමෝටම සතුටු හිතෙන දේවල් ජීවිත වල නෑ....ඒත් අපි දැනගන්න ඕන එහෙම සතුටු හිතෙන දේවල් නැත්තම් ඒවගේ ඒවා හදාගන්න....එහෙමයි කියලා සමාජෙන් ඈත්වෙන එක නෙවෙයි හොදම විසදුම.....මට තේරෙනවා.....අම්මා නැතුව පාලුයි.....ඒත් එයා ඔයා දිහා බලන් ඉන්නවා ඇති මං කියන්නෙ කොහේහරි ඉදන් "

" ඔයා කියන්නෙ එයා අහසෙ තරුවක් කියලද "

රශේන් අයියා මගෙ දිහා බලනකොට මම ඔලුව දෙපැත්තට වැනුවෙ එහෙම නෑ කියන්න

" ඔයාම දන්නවනෙ ඒක ප්‍රැක්ටිකල් නෑ කියලා....අපිට කවදාවත් අහසෙ තරුවක් වෙන්න බෑ.....මොකද තරු උනත් අහසකින් කඩන් වැටෙන වෙලාවල් එනවා....එතකොට අහසට පාලු හිතෙනවා.....මම දන්නෑ ඒත් කොහෙහරි.....එයා අනිවාර්යයෙන්ම ඔයාලා දිහා බලන් ඇති "

පූල් එක දිහා බලන් මම එහෙම කියනකොට මට දැනුනා ඒ ඇස් මගෙ දිහාට නතරවෙලා තියනවා කියලා

" ඔයත් හරියට පොලියානා වගේ "

" ...........!?? "

රශේන් අයියා කිව්වෙ මම එයා දිහා බලනකොට....ඒ මූනෙ ලා හිනා රැල්ලක් ඇදිලා තියනකොට මම දිගටම බලන් උන්නා....පොලියානා.....මම ??

" එහෙම නෙවෙයි.....ඔයාටත් පුලුවන් නැති දේ ගැන දුක නොහිතා තියන දෙයින් සතුටුවෙන්න.....හරියට පොලියානට වගේ"

" ඒත් අන්තිමට එයාටත් දුක හිතෙන අවස්ථාවක් ආවා "

" ඒ උනාට එයාගෙ වටේ ඉන්න අය එයාව සතුටින් තිබ්බා "

අන්තිමට බැල්කනි එකේ ඉදන් කාලා සෝමා නැන්දා හදලා දුන්න බීමත් බීලා උඩ තට්ටුවට ආවෙ රශේන් අයියා අර මම කලින් දැක්ක දොරවල් දෙකෙන් එකක් අරිනකොට.....මමත් ශේප් එකේ එයාගෙ අත යටින් කාමරේ ඇතුලට ඔලුව දැම්මෙ මොකක්ද කියලා බලන්න

Share This Chapter