Back
/ 47
Chapter 17

🌼 Chapter 17 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

එදා ප්‍රින්සිපල් අපිව සස්පෙන්ඩ් කරලා දවස් දෙකක් ගියා....හවස ගෙදර ආව විදිය දැකලා අම්මා බය උනත් උනේ මොකක්ද කියලා පැහැදිලි කරනකන් ගහන්නෑ කියපු අම්මා මම කියලා ඉවරවෙනවත් එක්කම පිට මැදට අතකින් දීලා අත ඇරියෙ අමාරුවෙන් උන්න මගෙ අමාරුකම් දෙපටින් යනකොට.....හැබැයි ගැහුවෙ එවෙලෙට විතරයි දකින දකින සැරේට බැන්නට අන්තිමට තුවාල හොද වෙනකන් බත් කැව්වෙත් අම්මා.....සස්පෙන්ඩ් කලා කියලා අපේ එකෙක්ට ගානක් නැතිකොට උනුත් මම වගේ ගෙදරට වෙලා ආතල් එකේ උන්නා

කොහොමහරි මේ දවස් දෙකට මම මග ඇරුන ඔක්කොම කොරියන් ඩ්‍රාමා ටික බලලා කම්ප්ලීට් කලේ පුදුම භක්තියකින්....තව තායි ඒවා නම් දෙක තුනක් නම් බලන්නත් තියනවා....Jack and joker ඩවුන්ලෝඩ් කරගත්තට බලන්න උනේ නෑ....ඒ තියා මම 4 Minute ඩ්‍රාමා එක බලලා ඉවර කලෙත් මේ ඊයෙ පෙරේදා....ස්කෝලෙ වැඩයි ක්ලාස් වැඩයි වැටුනහම ඕවා නිකන්ම අතපසුවෙලා ගියත් වෙලාවක් හම්බුන ගමන් මම කරන්නෙ මුල ඉදන් ඔක්කෝම ටික එක දිගට බලන්න ගන්න එක

මොනා උනත් ප්‍රින්සිපල් අපිව සස්පෙන්ඩ් කරපු එකට මල් තියලා වදින්න ඕන....සතියක්ම ස්කෝල නෑ කියන්නෙ ඉතින්....අනිත් උන හොදම දේ තමා ලක්ශිත අයියා මගෙන් ඔයාට කොහමද කියලා අහලා එවලා තිබුන මැසේජ් එක....ඒක මතක් වෙනකොටත් මට නිකන් කිචි වගේ.....ලක්ශිත අයියා මට කියන්නෙ මල්ලි බබා කියලා....මම එයාගෙ මල්ලි බබා එයා මගෙ අයියා බබා....කොහමද ඒක....අපේ අම්මලා උනත් අකමැති වෙන එකක් නෑ එයාලට බෑනෙක් ගේනවට.....ඔය මොනවා කිව්වත් අම්මටත් The Untamed බලන්න පුරුදු කරපු කොල්ලනෙ ඉතින් මම

" හරි ඔය හොදයි......ඔහොම්ම ප්‍රැක්ටිස් කරගෙන යමු.....මේ පාර එන පලාත් තරග වලට ඔය කට්ටියම ස්කෝල වලට නම දෙන්න ඕන හරිද "

දේශාන් සර් එහෙම කියනකොට අපි හතර පස් දෙනාම ඔලුව වැනුවා....අද මියුසික් ක්ලාස්....තව පන්තිය අරින්න පැය බාගයක් විතර තියනකොට මම එහෙම්මම ඔලුව උස්සලා බැලුවෙ එලියෙ ගල් බංකුව උඩට වෙලා පෝන් එක ඔබන රශේන් අයියා දිහා....ඕවර් සයිස් බ්ලැක් කලර්  ශර්ට් එකට ශෝටක් ඇදලා උන්න රශේන් අයියාව සාලෙ පන්තියේ උන්න මට මෙතන හොදට පෙනුනා....කසින් කෙනෙක් කියලා කිව්වට මොකද මම නම් හිතුවෙ නෑ අද මේ මනුස්සයව මෙහෙම දකින්න වෙයි කියලා.....එදා මාව ගේ ලගටම ගෙනත් බස්සලා ගියාට පස්සෙ මේ වෙනකන් එයාවත් මමවත් නිකමට කතා කලේ නෑ....අනේ එයාට හොද නම් මට මොකද

මගෙ ඇස් අහේතුවකට නැවතිලා තිබුනෙ එලියෙ ගල් බංකුව උඩ ඉදන් පෝන් එක කන රශේන් අයියා ලග වෙනකොට එක පාරටම එයත් මේ පැත්ත බලද්දිනම් ගැස්සුනේ නෑ කිව්වොත් බොරුවක්....මොකද ඇත්තටම මම හිතුවෙ නෑ එයා මේ පැත්ත බලාවි කියලා....රශේන් අයියා ඇහි බැමක් උස්සන ගමන් ඇයි කියලා අහනකොට මම කලේ මුකුත් නෑ කියන්න ඔලුව වනලා ගිටාර් එක පෙන්නුව එක.....ඉතින් මම බලන්න ආසම අර ආඩම්බරකාර ඒත් ලස්සන හිනාව ඒ මූන පුරාවටම ඇදෙනකොට බොරු කියන්නෙ මොකටද එයාට මීටර් ගානක් දුරින් උන්න මගෙ ඇගේ එක පාරටම හිරියක් යනවා වගේ දැනුනා

" ඔයා ඔහොම ලස්සනයි "

ඔන්න ආයමත්.....හොදට උන්න පපුව අහේතුවකට පිස්සු නටන්න ගන්නකොට මම මෙතන ඉදන් එයාගෙ ඒ හිනාව ලස්සන වග තොල් වලින් මුමුනනකොට ඒ මූනෙ ඇදුන හිනාව පුලුල්වෙනවා මම බලාගෙන....කට කොනින් ලාවට හිනාවක් ඇදුනොත් ඇරෙන්න එයා එයා කොහොමත් ඔහොම හිනා නොවෙනකොට හදවත උනත් ඔහොම පිස්සු නටන එක අහන්නත් දෙයක්ද.....ජීවිතේට අහම්බෙන් හම්බෙන මිනිසුන් ඉන්නවා....එයාලා හුගක් වෙලාවට කටින් පිට නොදාන වචන හුගක් කියන්නෙ ඇස් වලින් වෙනකොට එයාලට ප්‍රියකරන ආත්මත් දියවෙලා යන්නෙ ඉබේටමයි.....මම නම් කියන්නෙ ජීවිතේට එක පාරක් හරි හම්බෙන්න ඕන එහෙව් මනුස්සයෙක්.....මොකද එයා ලග අපි හරි නිදහස්

" පරිස්සමට පලයන් ශෙනුල්......ඔය ගහගත්ත විදියට අරුන් එකෙක් දෙන්නෙක් උබට මග රැකන් ඉදලා ගහන්න බැරිකමකුත් නෑ හැබැයි.....මම යනවා බං ලබන සතියෙ හම්බෙමුකො "

" ආව්....හ් යකෝව්.....පිටට ගහන්න එපා වැද්දියෙ "

අන්තිම පැය බාගෙදි දේශාන් සර් හැමදාම රිපීට් කරන ටික අදත් වෙනසක් නැතිවම කියනකොට ගිටාර් එකත් අතකට තුරුලු කරගත්තු මම පුටු ඇන්දට හේත්තු උනේ එහා පැත්තෙ උන්නු ගෑනු දෙන්නා සර් කියන කියන එකට ඔලුව වනනකොට....උන් ඔය ඔලුව වනන්නෙ ආසාවට නෙවෙයි මෙතනින් ගැලවිලා යන්න ඕනකමට....ඇයි ඉතින් සර් හැමදාම කියන්නෙ ඕලෙවල් වලට තව මාස කීයද....හොදට විභාගෙ කරලා දවසක හොද මනුස්සයෙක් වෙන්න.....එතනින් ගියහම මේ වයසට ලව් තියාගන්න එපා.....සුදු අම්මිලා සුදු තාත්තිලා ගෑවට උබලට ඕවා බදින්න වෙන්නෑ....තව ඉතින් ලග ලගම එන තරගවලට අනිවාර්යයෙන්ම නම දාන්න එහෙම නොදා මේ පැත්තෙ පස්වත් පාගන්න එපා....ඕවා තමා ඉතින්...හැබැයි ඉතින් මෙහෙ පස්වලට වඩා තියෙන්නෙ තණකොළ....ඒකත් පිට රටින් ගෙනාපුවලු

නෑ මං අහන්නෙ ඔය කියන ටික ඇයි අර එලියට වෙලා පෝන් එක කන මනුස්සයට කියන්න බැරි.....ඒකා අපිට කලින් විභාගෙ ලියනවනෙ....එහෙම බැලුවහම අපි දෙන්නටම විභාගෙ තියෙන්නෙ මේ අවුරුද්දෙ....එයා මට වඩා අවුරුදු තුනක් වැඩිමල්.....ඒක හන්දා තමා හැමවෙලාවෙම මම මොනාහරි කිව්වහම වයසටවත් ගරු කරන්න දැනගන්න මල්ලි කියලා බනින්නෙ.... සර් කියලා කියලා මේසෙන් නැගිටිනකොට අපිත් ඉන්න තැන් වලින් නැගිටගන්න ගමන් ගිහින් දේශාන් සර්ට වැන්දා

සර්ටත් වැදලා බායි කියන ගමන් එලියට ආපු මගෙ පිටට ටමාෂා අතින් ගහනකොට මම ඒකි දාගෙන උන්නු කොන්ඩෙන් ඇද්දෙ අරකි හූ තියනකොට....ආවා මෙතන මට ගහන්න.....මුං ඔක්කොටම අහුවෙන්නෙ මගෙ පිට....ඇයි යකෝ මුංට තේරෙන්නෙ නැත්තෙ පිටට ගැහුවහම රිදෙනවා කියලා...කොන්ඩෙන් ඇද්ද පාර ඒක අවුල් ගියපු හන්දා ඒකි මට පුප්පනකොට මම කලේ දිව දික්කරපු එක...කියුට් අප්පා....ටමාෂට තිබුනෙ දිග කොන්ඩයක් හන්දා මම ඇද්ද පාර දාගෙන උන්නු බූල් බෑන්ඩ් එක ටිකක් පහලට උනේ ඒ විදියට ඒකි හුරතලේට පේනකොට.....ඕකිගෙ මූන විතරයි හුරතල්....මහ යකින්නක්.....පව් හැබැයි රිදෙන්න ඇති....මොනා කරන්නද මටත් රිදුනනෙ

" රණ්ඩුවෙන්න එපා විද්වාන්.....ඉවර නම් යමුද "

" කවුද අනේහ් රණ්ඩු උනේ.....ඒ ඉතින් ආදරේටනෙ නේද ටමාෂේ..හ් "

" ඒකනෙ ඒකනෙ.....ආදරේට "

" තොට මම...හ් අත ඇරපන් මෝඩියෙහ් "

" එහෙනම් ශෙනුල් බබෝ මම යනවා.....මගෙත් ඇද්දනෙ නේද......පස්සෙ හම්බෙමුකො බායි බායි "

මෙච්චර වෙලාවක්ම පෝන් එක ඔබපු රශේන් අයියා අපි ලගට ඇවිත් රණ්ඩු කරන්න එපා කියනකොට ටමාෂාගෙ කරටත් අතක් දාගත්තු මම අරයා දිහා බලලා හිනාවුනේ රණ්ඩු  කලේ නෑ කියලා කියන්න.....ඇත්තටම ඉතින් අපි රණ්ඩු කලේ නෑනෙ.....ඒ ඇවිත් පිට් එක....අයියා දිහත් බලපු අර යක්සනී ඊලග පාර මගෙ කොන්ඩෙ අදින ගමන් දුවලා ගිහින් නෙතාරාගෙ අතේ එල්ලුනේ මම ගහන්න පන්නනකොට උනත් මොකද ඒ පැත්තට දුවන්න හදපු මාගෙ අතකින් අල්ලගත්තු රශේන් අයියා මාව නවත්ත ගත්තා....එහෙමයි කියලා මම සැලුනද....මොන පිස්සුද රශේන් අයියා ලග උන්න මම ටමාශා යක්සනී දිහා බලනගමන් ඇගිලි දෙකකින් අයි කන්ටැක්ට් එක පෙන්නුවෙ ඒක හිනාවෙවී යන්න යනකොට

" මල්ලි තමුසෙ යනවද.....අක්කත් නෑ ඕයි පාලුයි.....ඕන නම් රෑට මෙහෙට එනවා......ගෙදර හිටියත් ඉන්නෙ තනියමනෙ.....කයියක් ගහමු "

" අරුන් ටිකත් එක්ක එන්නම් රෑට......මෙයාව දාලා එන්නම් "

" උබ ශෙනුල්ව දන්නවද......කිව්වෙවත් නෑ එක ස්කෝලෙ උනාට......අනික කවදා ඉදලද ඕයි තමුසෙ අනිත් අයගෙ ඩ්‍රයිවකම් කරන්න ගත්තෙ "

දේශාන් සර් නක්කලේට කියනකොට මගෙ දිහත් එක පාරක් බලපු අයියා ආයම බැලුවෙ සර් දිහා

" මම එහෙම හැමෝගෙම ඩ්‍රයිවර්ව වෙන්නෑ කියලා උබ දන්නවනෙ අයියෙ "

" හ්ම්ම්ම්......හ්ම්ම් ගිහින් වෙන්කොට එහෙනම්  "

" මම යනවා සර් "

" හරී.....අරයා එක්ක පරිස්සමට යන්න ශෙනුල්.....ඕකා බයික් එකේ යනවා නෙවෙයි විදිනවා......හිමීට යන්න කියන්න"

දොරකඩ උන්න දේශාන් සර්ට අත වනපු මම රශේන් අයියා දික්කරපු හෙල්මට් එකත් අරගෙන එහෙම්මම බයික් එකට නැග්ගා....ඒ කියන්නෙ අද රෑට එයා ඉන්නෙ සර්ගෙ ගෙදර....එයාගෙ යාලුවොත් එනවා කියන්නෙ අනිවාර්යයෙන්ම අද බොන්න ගනී.....ස්කෝලෙ යන ලමයි කරන වැඩද  ඔය මං අහන්නෙ.....ඒක මතක් උන මම එයාගෙ ඉන ලාවට කෙනිත්තුවෙ රශේන් අයියා කෑ ගහනකොට

" මොකද යකෝ කොනිත්තන්නෙ "

" මුකුත් නෑ....සොරි "

මිදුලෙ බයික් එක රේස් කරනගමන් දේශාන් සර්ට හෝන් එකකුත් ගහපු රශේන් අයියා ගේට් එකෙන් එලියට දැම්මා විතරයි සර් කිව්වත් වගේ විදගෙන යන්න ගත්තා....මේ වෙගෙන්ම තව ටිකක් ගියොත් එක්කො මම තටු නැතුව පියාඹනවා එහෙම නැත්තම් කොහෙන්හරි දඩ පාරක් කනවා....එක අතකට මෙයාට කවුද දඩගහන්නෙ

" හිමින් යමංකො බං අයියෙහ්......ඔච්චරටම හයියෙන් යන්නෙ ඇයි කෑල්ලවත් ඉන්නවද මග බලාන.....ඔය ඔය බලාගෙන යකෝ...ව්.....අනේ..හ් මිනිහෝ හිමින් පලකො.....අර ඉස්සරහ පොලිස්සිය ඕයි "

" කෑ නොගහා ඉන්නවකො විද්වාන්.....බයවෙන්න එපා මම ඔයාව වට්ටන්නෑ බං......ඔය කට වහගන්නවා "

කිව්වට අහන්නෙ නැතිහැටි විතරක්....බැරිම තැන හෙල්මට් එක දාන් උන්න ඒ ඔලුවට පාරක් ගැහුවෙ ඉස්සරහ පොලීසිය උන්න හන්දා.....ඒත් මේ මනුස්සයට වගක් නෑනෙ.....කොහෙ බයවෙන්නද එක අතකට ඒ උන්දැලත් මේකට බය උනොත් ඇරෙන්න

" බහින්න "

" පරක්කුවෙන්න බෑ වැඩිය හරිද.....පැයකින් වගේ යන්න ඕන "

" ම්ම්ම් "

මෙච්චර වෙලාවක්ම දාගෙන උන්න හෙල්මට් එක ගලවලා මම එහෙම කියන  ගමන් ඒ අතට දුන්නෙ එයත් බයික් එකෙන් බහිනකොට....අපි ඇවිත් උන්නෙ බීච් එකට....මෙතනත් පැයක් ඉදලා ගෙදර යනවා කියන්නෙ කොහමත් කලුවර වැටිලා....මම මියුසික් ක්ලාස් විතරයි කොලඹ එන්නෙ....ගම්පහ ඉදන් එන්න දුර උනාට දේශාන් සර්ගෙම එන්නෙ එකක් සල් හොදට කරන හන්දා.....අනික අපේ තාත්තා සර් එක්ක හිතවත් හන්දා....ග්රුප් ක්ලාස් එකේ  අනිත් ඔක්කොම කට්ටිය ඒ අවට උනත් මම විතරයි දුරකතර ගෙවාගෙන මෙහෙම ඉගෙනගන්න එන්නෙ

කමක් නෑ දුක් විදලා ඉගෙන ගත්තහම තමා ඒකෙ ප්‍රතිපලයක් තියෙන්නෙ....අනික ඉතින් අපිටත් බැරියෑ දැන් ඔය අපේ අම්මලා කියනවා වගේ කවදහරි දවසක අපේ ලමයිටත් අපි මෙහෙමයි ඒ කාලෙ ඉගෙනගත්තෙ කියලා හරි කියන්න....ක්ලාස් එකෙන් ඇරෙනකොට අම්මට කිව්වෙ එනකොට මගදි රශේන් අයියව සෙට් උනා එයාගෙ වැඩකුත් කරගෙන එයා එක්ක එන්න ටිකක් ප්‍රතිපලය කියලා....අම්මා අයියව දන්න හන්දා එහෙම මුකුත් කිව්වෙ නෑ

" යමු "

රශේන් අයියා අතකින් ඒ කොන්ඩ ගස් අස්සෙන් ඇගිලි යවනගමන් කියනකොට මම කලේ එයා එක්කම සමාන්තර අඩි තිය තිය වැල්ලෙ ඇවිදපු එක....බෑග් එක තිබුනෙ බයික් එක උඩ උනත් ගිටාර් එක තිබුනෙ මගෙ ලග....මගෙ පනත් හරි මේකත් හරි මට....රශේන් අයියා එක්ක වැල්ලෙ ටික දුරක් ඇවිදගෙන ආපු මම එහෙම්මම පිටිපස්ස හැරිලා බැලුවෙ වැල්ලෙ සටහන්වෙලා තිබුන අපේ අඩි පාර දිහා වෙනකොට එයාගෙ ඇසුත් එක මොහොතකට පිටිපස්සට හැරෙනවා මම බලාගෙන

අන්තිමට අපි දෙන්නා නැවතුනේ පොඩි කොටයක් ගාව වෙනකොට සරුවත් අහසෙ මළ ඉර බැහැගෙන යන ගමන් තිබුනා....ඉර උනත් බැහැගෙන යන්නෙ මුලු අහසම හැඩ කරන් වෙනකොට ඒක නිකන් හරියට පැස්ටල් කූරු වලින් ඇදපු චිත්‍රයක් වගේ

තප්පරෙන් තප්පරේ

තප්පරෙන් තප්පරේ

තප්පරෙන් තප්පරේ නිහඬවම ඔහේ ගෙවිලා යනකොට මම බලන් උන්නෙ රැලි බිඳෙන වෙරල දිහා....මුහුදු හුළං හිතුවක්කාරෙට අපේ ඇගෙත් වැදෙන ගමන් රහස් කොදුර කොදුර යන්න යනකොට මම කලේ මූනට වැටුන කෙස් රොදවල් ඇගිලි තුඩුවලින් එහාට මෙහාට කරපු එක

මීට ඉස්සල්ලා තිබුන අපේ අඩි සටහන්.....ඒවා දැන් මැකිලා ගිහිල්ලා....මම මට එහා පැත්තෙ උන්න රශේන් අයියා දිහා බලනකොට එයා මට දික් කලේ එයාගෙ පෝන් එක....ඒක අතට ගත්ත මම බැලුවෙ ඒ මොකක්ද කියලා....වීඩියෝ එකක්....ඒකත් මේ ඊයෙ පෙරේදා තිබුන කැඩෙට් තරග වල වීඩියෝ එකක්....Nayakan's කියලා කැප්ශන් එකට තිබුන ෆේස්බුක් අප්ලෝඩ් කරපු වීඩියෝ එකක්....ඒකෙ පලවෙනි ප්ලේස් එක හම්බෙලා තිබුනෙ අපේ ස්කෝලෙට.....රශේන් අයියා මුලූ ටීම් එකම හරි ලස්සනට  ලීඩ් කරන හැටි ඒකෙ පේනකොට මම ඇහි පිල්ලමක් නොගහා වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා

අන්තිමට මම පෝන් එක එයාට දෙනකොට අයියා පෝන් එකත් එක්කම ඒ අත් දෙකත් සාක්කුවට ඔබාගත්තු එක

" සුභ පැතුම්....මම ආසයි ඔයා එහෙම කැඩෙට් ටීම් එක ලීඩ් කරනවා බලන්න....එතන ඉන්නෙ මෙතන ඉන්න මම දන්න ඔයා නෙවෙයි.....එතන ඉන්නෙ වෙනමම රශේන් කෙනෙක්.....ඒ ගැම්ම....පර්ෆෙක්ට්.....ම්ම්ම් ඔයාගෙ ඒ පර්සනැලිටි එකට මම කැමතී.....පුදුමයක් නෑ කෙල්ලො ඔයාගෙ පස්සෙන් එන එක ගැන "

එයාගෙ පැත්තට හැරුන මම එහෙම කිව්වෙ මූනෙ හිනාවක් රදවගෙන....ඇත්තටම මට සතුටුයි.....ඊට වඩා ආඩම්බරයි...මමමයි කිව්වෙ අපි යන්නෙ නැති හන්දා මට ඒක බලන්න ඕන කියලා

නමක් නැති ඒත් හිත පුරවන හැගීමක් !

නොකිව්වට මොකද එයා ලගදි මම ඕනවටත් වඩා කම්ෆටබල්....මේක නමක් නැති බැදීමක් උනත් මොකද ගැහෙන හිත් පුරවලා දානවා හරි අපූරුවට....දැනෙන හැගීම් වලට කොහෙන්ද සීමා මායීම් ප්‍රේමය කියන්නෙම අහේතුක හැගීමක් වෙනකොට

මතක තියාගන්න ජීවිතේ එක පාරක් අනිවාර්යයෙන්ම එනවා ඔයාට මට ප්‍රේමයක් දැනෙන....මම මේ කියන්නෙ ආදරයක් ගැන නෙවෙයි....ආදරේ බරයි....ඒත් ප්‍රේමය හරි සැහැල්ලුයි....මොකද ප්‍රේමය ඇතුලෙ නීති රීති අන පනත් ඔය මුකුත් නෑ.....මම ආයම කියනවා ප්‍රේමය කියන්නෙ ලබාගැනීමම නෙවෙයි

මොකද ඒකට පුලුවන් දුර ඉදන් උනත් බලන් ඉන්න!

....ඉතින් මගෙ වළාකුල් පිරිමි ලමයො ඔයා දන්නෑනෙ නීති රීති අණ පනත් කෙටුම්පත් මේ මුකුත්ම නැති ප්‍රේමයක් ඇතුලෙ තියෙන්නෙම අපරජිත හැගීමක් බව....

" අර අතන ඔයාට පේනවද......අපිට මෙතනට ඉරයි මුහුදයි එකට එකතුවෙනවා කියලා පෙනුනට ඒක ඇත්තටම එහෙම නෑ....ඒක ඇවිත් ක්ෂිතිජයයක්.....අපිව රවට්ටලා දාන....ඒත් අපි ආසයි කවදාවත් එකතු නොවෙන ඒ ක්ෂිතිජයට එහෙම නේද "

මම කිව්වෙ මගෙ අත මුහුද පැත්තට දික්කරන ගමන්....මට එයාට කියන්න ඕන.....අහන් ඉන්නවනම් මට එයාට කියන්න හුගක් දේවල් තියනවා....ඒත් මේ ඇවිත් ඒකට වෙලාව නෙවෙයි කියලත් මම   නොදන්නවා නෙවෙයි

" හරියට නිකන්_"

" අපි වගේ "

එයා කියන්න ගියපු එක අන්තිමට මම සම්පූර්ණ කලේ එහෙම....ගිටාර් එක කවරෙන් එලියට ගත්තු මම අත් අතරට හිර කරගත්තෙ මගෙ ඇස් මුහුදෙ තනරවෙනකොටත් ඒ වලව්කාර ඇස් මගෙ ලග නතර වෙනකොටත්

" සිංදුවක් කියන්නම් අහන් ඉන්නවද.....බැරි උනත් කමක් නෑ අහන් ඉන්න "

එයාගෙන් ඒකට උත්තරයක් බලාපොරොත්තු නොවීම මම ඇස්දෙක පියාගත්තෙ ගිටාර් එකේ තත් අතර මගෙ ඇගිලි එහා මෙහා යනකොට.....රැල්ල ඔහේ ගහන සද්දෙ......මුහුදු හුළං සද්දෙ කන්වලට වැඩියෙනුත් එක්ක  ඇහෙන්නන ගන්නකොට ඒ හැමදේම පරයා ලක්සරි වැනිලා සුවදක් දැනුනෙ මගෙ එහා පැත්තෙන්

" ඡීවිතේ වන්දනා ගමනක

ප්‍රේමයෙන් පුදසුනක් වැන්දම

ලිහා යන්නට උනත් පුලුවන්

මතක මිටිකර අකුරු බැන්දම

මනෝ රාජික පෙම් කතාවල

ප්‍රතිපලය මහ නපුරු හින්දම

සිත්තරෙක් වුව මැරී වැටෙනවා

ඒ වගේ සිතුවමක් ඇන්දම "

සිංදුවේ අන්තිම පද පේලිය ඉවරවෙනවා එක්කම මම ඇස් ඇරියෙ මෙච්චර වෙලාම මගෙ ලග තිබුන ඒ ඇස් රැලිගහන මුහුද දිහාවට යනකොට....විනාඩි කීපයක් යනකම් එකිනෙකා බර හුස්ම හඩ විතරක් ඇහෙනකොට අන්තිමට එයා කතා කරනවා මම අහන් උන්නා

" විද්වාන් දන්නවද ඉර උනත් අහසකින් බැහැලා යන්නෙ හදට එලිය වෙන්න දීලා කියලා "

රශේන් අයියා එහෙම කියනකොට මම කලේ මුකුත්ම නොකියා හිනා උන එක....ඉතින් ඇයි ඉරට උනත් බැරි හදක් එක්ක එකම අහසක පායන්න

පැස්ටල් කූරකින් හැඩවුන මාන්නකාර අහසක් යට අලු පාටට හුරු කලු පාට ඇස් දෙකක ගනන්කාර බැල්මක කෝටි ප්‍රකෝටි  ගණනින් හැගීම් හිර උනහම නෑ මං අහන්නෙ හදවත උනත් හිටි හැටියෙ ට්‍රැක් පනින එක අවුල්ද

මං කිව්වනෙ මේක ඇවිත් පසුවදනක් නැති කතාවක් !

" මම ආසයි අපි ඉස්සල්ලාම හම්බවෙච්ච දවසට ආයම සැරයක් යන්න.....ඒ වෙන මොකටවත් නෙවෙයි මට ඕන එදා දැනුන ඒ අහේතුක හැගීම ආයම සැරයක් මුලු හිතින්ම වැළදගන්න "

අන්තිමට මම කිව්වෙ එහෙම....

🌼 හොදයිද ඉතින් කතාව......ඔයාලගෙන් ලැබෙන ආදරණීය වෝට් එකකට.....කමෙන්ට් එකකට ස්තූතියි හුගක් !

ආදරෙයි 🤍

Olivia Mea~ 🌼🌼

Share This Chapter