Back
/ 47
Chapter 27

🌼 Chapter 26 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

" මේ බස් එක එන්නත් වෙලා තියෙන හන්දා කඩේකට ගිහින් සුටුස් ගාලා මොනවහරි කාලා එමුද......ඈ බන් "

" බලපන් ඉතින් උබලා හන්දා තමා මගෙ ආර්තිකේටත් කෙලවෙලා යන්නෙ "

" මහ බැංකුව තියෙන්නෙ තමුසෙගෙ පර්ස් එක අස්සෙනෙ යසිරු......බීම එකක් බොන්නවත් ඕක අරින්න බැරිද........අනේ ඉතින් මගෙ කට අවුස්සගන්නෙ නැතිව ඉදපන් බන් මෙතන "

අපි උන්නෙ සයන්ස් ක්ලාස් ඉවර වෙලා ගෙදර යන ගමන්.....ගම්පහ බස් හෝල්ට් එකට කෙලින්ම ඇවිදන් එනකොට මලීශට බඩගිනියි කිව්ව හන්දා පාර පැනලා ටිකක් දුර ඇවිදන් ආවෙ වෙනදා කන රෙස්ටුරන්ට් එකටමයි.....යසිරුයි මලීශයි අදත් බොරුවට රන්ඩු කරන්න ගන්නකොට පසිදු කලේ උන්ට ඕන තරම් රන්ඩු කරන්න දීලා මාවත් ඇදගෙන ඉස්සරහින් ආපු එක

අනේ මංදා......ඒ දෙන්නට රන්ඩු කරන්න හරිහැටි හේතුවකුත් නෑ ඒත් එහෙමයි කියලා රන්ඩු නොකර ඉන්නත් බෑ......ඕවා අහලා අපිට නුපුරුදුත් නෑ

" ඕයි යසිරු දෙන්නම පාර බලාගෙන පැනහන් හරිද......නැත්නම් උඩ බලාගෙන වාහනේකට හැප්පුනාට පස්සෙ අපි එන්න ඕන පොලිසි ගානෙ කට උත්තර දෙන්න.....ඇයි ඉතින් කරන රන්ඩුව ලොකුයිනෙ "

" කටවහන් ඉදපන්කො පසිදු පසන් අයියා කොහම ඉන්නවද දන්නෑ "

" කොහමහරි ඒක අදාල නෑනෙ.....මගෙ කට නැත්නම් කරයි උබලා ඉතින් "

අන්තිමට පසිදුගෙනුත් බැනුම් අහගෙන අර දෙන්නා ඉස්සරවෙලා පාර පනිද්දි ඒ පිටි පස්සෙන් අපි දෙන්නා මාරු උනා.....නැත්තනම් එහෙම මුන් දෙන්නා කහ ඉද මැද්දෙත් මරා ගන්නවා.....වෙන වෙලාවකනම් මමත් ඕවට මොනවමහරි කියලා කට දැම්මට මොකද අද මට ඒ එක්කෙනෙක්වත් බොරුවටවත් අවුස්සන්න හිතුන්නෑ

ඒ තියා පන්තියේ හැමදාම පේලියේ මැදින් වාඩිවෙන මම බිත්තිය අයිනට යන්න පුරුදු උනා....

වේදනාව පිට කරගන්න පුළුවන් හොදම ක්‍රමය ' සංගීතය '.......ඇත්ත මොකද සමහර දවස් තිබුනා හේතුවක් නැතුවම ගිටාර් එක මගෙ අත් අස්සෙ හිර උනු......අලු ඇස් අයිතිකාරයව මතක් වෙනකොට අහේතුවකට මගෙ ඇගිලි තද රතු උන.....පසිදුලා කොච්චර මාව කතාවට අල්ලගන්න උත්සාහ කලත් මම ඕනකමින්ම සමහර ප්‍රිය සමාගම් වලින් මිදුනා

මිනිස්සු වෙනස් වෙනවා හරි ඉක්මනට.....කොටින්ම ඇහි පිල්ලමක් ගහන පමාවට......හරියට ' ඔයා' මම වගේ......එක අතකට ඒකත් සාධාරණයි.....මේ ලෝකෙ වෙනස් නොවෙන එකම දේ වෙනස්වීම විතරක්ම වෙච්චිකොට අනිත් හැමදේම ඒකට යටත් වෙන එක ඇත්තටම සාධාරණයි

එක්කො ඔයාව ආශ්‍රය කරනකොට ඔය වලව්කාර ඇස් වලට දැනුම් දීමකින් තොරවම ඇතුලුවෙනකොට මට තව එක පාරක් හිතන්න තිබුනා......අර අත්තික්කා තරු හිනාවට පෙම් බඳින්න කලියෙන් ඇත්තමයි මට හදවතට වාරන දාගන්න තිබුනා......කොහමහරි  ඔය හැමදේම තේරුම් යනකොට අන්තිමට මම පරක්කුවෙලා තිබුනා

ඇයි මං ඔයාට ' ඇඩික්ට් ' වෙලා තිබුනා....

" යමං ඇතුලට......"

පසිදු දොර අරිනකොට යසිරු ඇවිත් මගෙ කරට අතක් දාගත්තෙ මම ලාවට හිනාවෙද්දි......රෙස්ටුරන්ට් එකේ කෑම තියන පැත්තට කෙලින්ම ගියපු මලීශ පිටිපස්සට වෙලා උන්නු යසිරුයි මායි දිහා බැලුවා

" මොනවද කන්නෙ "

" ඔයාලා කන දෙයක් ගන්න "

මලීශ එහෙම අහනකොට මම උත්තර දුන්නෙ වටපිට බලන ගමන්......මේ වෙලාවට වැඩි සෙනගක් නැති හන්දම නිදහස් ඉතින්

" අපි ඕඩර් එක දාලා එන්නම් ඔයාලා ගිහින් ඩෙස් එකක් අල්ලගන්න "

පසිදු එහෙම කියනකොට මම කලේ හා කියන්න ඔලුවත් වනාගෙන යසිරුගෙ අතිනුත් ඇදගෙන සෙට් වෙන ඩෙස් එකක් හොයාගන්න ආපු එක

" ඒහ් යසිරු මල්ලි "

මගෙ කකුල් නැවතුනා.....යසිරුවත් ඇදගෙන ඩෙස් එකක ඉදගන්න ආවට මොකද හුරු පුරුදු කටහඩවල් ටිකක් ඇහුන හන්දා අපි දෙන්නා එතනම නැවතුනා.....කතා කලේ කවුද බලන්න බෙල්ල හරෝනකටයි දැක්කෙ බිත්තියේ කොනකට වෙන්න තියන රවුම් ලොකු මේසෙක ඉදන් උන්න ලක්ශිත අයියලා කට්ටියව.....ඇත්තමයි මුංට ඒලෙවල් තියනවා කියලා ගානක්වත් නැද්ද මං අහන්නෙ......බැලුවොත් තැන් තැන්වල රවුම් ගහනවනෙ

මම එහෙම්මම ඇස් ගෙනිච්චෙ මේසෙ ඉන්න කට්ටිය කවුද බලන්න......අදුරන් නැති අයියලා දෙන්නෙකුත් ඉන්නවා....පසන් අයියත් ඉන්නවා....බොරු කියන්නෙ මොකටද එයාව දැක්ක මට හිතට ආවෙ එක ප්‍රශ්නයයි

එතකොට කෝ රශේන් අයියා

ඔව් ඇත්ත.....විලි ලැජ්ජාවක් නෑ බං මම තාමත් හොයන්නෙ මට මග ඇරුන ඒ රූපෙ

ඒත් එක්කම මගෙ යටි තොල තදටම දත් වලට හැපිලා ගියෙ මුරන්ඩුකාර ඇස් ගිහින් පෝන් එක ඔබ ඔබ උන්නු ' එයා ' ලග නතරවෙනකොට

මතක එක්කර කියනු හැකි නම්

අකාලේ මුණගැසීම

වඩා රිද්දන දෙයකි හිතවති

හිමව යළි අත්හැරීම

තබා යා හැකි නම් ළඟින් ඔබෙ

ආදරය ගැන මැනීම

හැකිය හදවත ගලවලා නුඹෙ

දෙඅත මැද්දෙහි තැබීම

බැසගියායින් පසුද අහසක

සඳක් ගැන කවි ලිවීම

ප්‍රේමියේ ප්‍රේමයෙම හැටියකි

නොලද මුත් තව බැඳීම

පෑරුවද මතකයන් මතු වී

නුඹේ උවනත දැකීම

වරක් නොව තව වරක් පුළුවනි

හදවතක් ඉන් නිවීම

" මොකද කට්ටිය මෙහෙ කරන්නෙ "

" පන්ති ඇරලා මලීෂට බඩගිනී කිව්ව හන්දා මොනවහරි කාලා යන්න ආවා......එතකොට අයියලා මෙහෙ "

" දන්නැද්ද ඉතින් කට්ටිය සෙට් උනා  "

එතන ඉන්න අයියා කෙනෙක් කියනකොට මම බලාන පසන් අයියගෙ ඇස් රෙස්ටුරන්ට් එකේ හැමතැනම වගේ දුවනවා.....එකත් එකටම ඔය හොයන්නෙ  හොයන්නෙ අපේ පසියව.....ඔක්කොම දුක පැත්තකින් තියලා මම ඇස් හීනි කරගත්තා......එහෙම නටන්න දෙන්න පුලුවන්ද මුංට.....යකෝ ඒ මගෙත් ලව් එක......ඕන නම් ෆිෆ්ටි ෆිෆ්ටි

" තාම මොකද හිටන් ඉන්නෙ ගිහින් ඉදගනිල්ලකො......ආසාවට හිටන් ඉන්නෙ"

" නෙත්සර......"

ඒත් එක්කම අර දෙන්නත් අපි උන්නු තැනට එනකොට පසන් අයියා  අපේ පසිදුගෙ නම මුමුනණ හැටි මගෙ ඇස් වලට හරි සූක්ෂම ලෙස අහුඋනා....ඒත් පසිදුට නම් ගානක් නෑ.....ඒ තියා එයා පසන් අයියව දැක්කෙ නෑ වගේ අපිත් එක්ක මේසෙකට යන්න හදනකොට පසන් අයියගෙ මූන මැලවෙලා යන හැටි මම දැක්කා.....පසිදු එයාව කොහෙත්ම නොදැක ඉන්න විදියක් නෑ....මම හිතන්නෙ මොකක්හරි ප්‍රශ්නයක්....

විහිලුවට මොන දේ හිතුවත් මැලවෙලා තියෙන ඒ මූන දැක්කහමනම් ඇත්තමයි මට දුක හිතුනා.....ඒ දිහා බලපු මම ආය පසිදු දිහා බැලුවෙ අරයා එක්ක කතා කරන්න කියන්න

" යමු......."

" ඔය කොහෙද වෙන තැනකට යන්නෙ මෙතනටම වරෙල්ලා බං....."

" නෑ ඕන නෑ බං අයියෙ......අපි අරහෙට යන්නම්......එතන හොදයි "

" වරෙන් වරෙන් බං අපි නොදන්න මිනිස්සුන්ද උබලගෙත් බොරු මරිසිනෙ "

" තොපිට දැනගත්ත එක තමා අපිට හෙනේට හිටියෙ "

අයියා කෙනෙක් කිව්ව කතාවට මලීශ හිමීට මිමිනුවෙ කට්ටිය ගිහින් ඉඩ තිබ්බ තැන් වලින් වාඩිවෙනකොට....මදැයි ඉදලා ඉදලා කන්න කියලා ආවා......මග ඇරලා යන්න හැදුවත් බෑනෙ......ඔය ඔක්කොමත් හරි මට තේරෙන් නැත්තෙ ඇයි අපි මග අරින්න හදන දේවල් ආය ආයම අපේ ඉස්සරහට එන්නෙ කියලා

රශේන් අයියා ඉස්සරහින් මම ඉදගන්නකොට දෙයක් මග අරින්න කොච්චර අමාරුද කියලා ජීවිතේ පලවෙනි පාරට මට හිතුනා

ඒ ඇවිත් දෛවය උනත් අපිට කරන දරුණුතම ගනයේ විහිලු

පසන් අයියා ලගින් පසිදු ඉදගන්නකොට මම ඉදගත්තෙ ලක්ශිත අයියා ලග.....ලක්ශිත අයියා ඇස් හීනි කරනගමන් අර වලගැහෙන කම්මුල් වලින්  හරි ලස්සනට මා එක්ක හිනාවෙනකොට මමත් එයාට හිනාවක් දුන්නෙ ඒකට උත්තරයක් විදියට.....මේ ඇත්තමයි මල්සරා අර හීයකින් මට නොවිදින්න සිරාටම මම ලක්ශිත අයියා එක්ක පැනලා යනවා

ඌත් ඉදලා ඉදලා විද්දෙ හරි තැනකට.....බීලද කොහෙද ඉදලා තියෙන්නෙ ඒකෙන් මට විදිනකොට

" මල්ලි බබෝ ඉතින් කොහොමද "

" වරදක් නෑ ඉතින් "

කොච්චර බලන්නෑ කියලා මගෙ හිතට වාරන දාගත්තත් මොකද වැඩක් නෑ බං කියන දේකට නාහන ඇස් මටත් හොරාවට ගිහින් ගිහින් නැවතෙන්නෙම මට ඉස්සරහට වෙන්න උන්නු රශේන් අයියා ලග......අපි ආවත් හරි එයා තාම වචනයක් කතා කලේ නෑ.....ඒ තියා ඔලුව උස්සල අපි එක්ක හිනා උනේවත්

නෑ මං අහන්නෙ ඔච්චරටම මග අරින්න ඕනද මාව ??

" ගනන් ගන්න එපා.......වෙන්න තියන දේවල් වෙනවා......ඒවා වෙන්නෙ හොදම විදියට......හැමදේම හරියන දවසක් එනවා"

මගෙ කනට පහත් වෙනගමන් ලක්ශිත අයියා එහෙම මුමුනනකොට මගෙ ඇස් එවලෙත් නැවතිලා තිබුනෙ මාව මග අරින එයා ලග

" හැමදේම හරියන දවසක් එන්නෑ අයියෙ.......කාලයත් එක්ක අපි හැමදේටම හුරුවෙනවා ඉතින් අපි හැමදේටම හුරුවෙන දවසක් එනවා "

අන්තිමට මම කිව්වෙ එහෙම

" පාඩම් කරන්නැද්ද ඕයි තමුසෙ මේ තැන් තැන්වල රෝන්දෙ ගහන්නෙ......ඒලෙවල් කට ලග නේද "

" කෑ ගහන්න එපා නෙත්සර......පාඩම් නොකර ඉන්නෑනෙ මං......කට්ටිය  එන්න කිව්වහම මට බෑ කියන්නද "

"............"

" නෙත්සර.......තරහා වෙන්න එපා මා එක්ක "

" නෑ තරහා නෑ "

ඒ අස්සෙ එහා පැත්තෙ උන්න පසිදුලගෙ කතාවත් ඇහෙනකොට මම ශේප් එකේ ඒ දිහත් බැලුවා......ඩෙස් එක යටින් පසන් අයියා පසිදුගෙ අතක් ලාවට පිරිමදිනකොට මට හිනාවක් ගියා

දන්නවද අසම්මත උනත් සමහර තැන් වලදි මම ආදරේ හරි ලස්සනට දැක්කා !

මම ආයම හැරුනෙ ලක්ශිත අයියා දිහාට

" ඔයා කොහොමද දන්නෙ "

" මොනවද "

" ඔයා නොදන්නවා නෙවෙයිනෙ මම අහන එක "

" ඒක ඔයාගෙ ඔය ඇස් වලින් හරි ලස්සනට පේනවා මල්ලි......ඔයා රශේන් දිහා බලන් ඉන්නකොට විශ්වාස කරනවද ඔයාගෙ ඔය ඇස් දිලිසෙනවා කියලා.......ඒවයින් හැගීම් වාන් දානවා ශෙනුල්.......ඔයා රශේන් දිහා බලන් ඉන්නකොට ඔයා දිහා බලන ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා "

මම ආය ආය ආයම වතාවක් බැලුවෙ රශේන් අයියා දිහා.....අනිත් අයට පේනවා කියන්නෙ ඔයාට නොපෙනුනා වෙන්න කොහමටවත් බෑ නේද අයියෙ......එහෙනම් ඔය කාටත් කලින් ඔයාට තේරෙන්න ඇති.....ඒත් ඔයා නොදැනුනා වගේ ඉන්න ඇති

ආපරාදෙ~

මට එහෙමත් අවසානයට හිතුනා......ඇත්ත අපරාදෙ මම එයාට ඒක කිව්වෙ......මට එහෙම්මම ඉන්න තිබුනා

ඉතින් එයා දන්නෑනෙ කැලික්ටස් එදා අලු ඇස්වල අයිතිකාරයා මට දුන්න අර ඇහැල මල තාමත් මම ආසම පොතේ පිටුව අස්සෙ තියන බව

" මං එන්නම් "

ආපු කෝල් එකකට රශේන් අයියා නැගිටලා යන්න යනකොට මම කලේ එතන තිබුන බීම වීදුරුවක් කටේ ගහගත්තු එක....

" රශේනයටත් දැන් හරි ගිහින්නෙ.......අනිවාර්යයෙන්ම දැන් ඔය කතා කරන්න ඇත්තෙ අරකි "

" මොකක්ද "

" ඇයි උබලා දන් නැද්ද අපේ එකාට අර අකේශිව ගෙවල් වලින් ප්‍රපෝස් කරලා කියලා.........හරි තීරනයක් නෑ........මූ හරියට දෙයක් කියන්නෙත් නෑනෙ......පැත්ත ගහලා ඉන්නෙ "

" සචිදු!!! "

ඇහුනද හදවතක හුස්ම නවතින සද්දෙ

අයියා කෙනෙක් කියපු කතාවට ලක්ශිත අයියා තදට කතාකලේ අර තුන් දෙනා මගෙ දිහා බලනකොට.....එයාලට හිනා උන මම මුකුත් නොවුනා වගේ උරහිස් අකුලන ගමන් බීම බටේ කටේ ගහත්තා

කාටවත් නොපෙන්නුවට මුකුත් නොවුනා කියන්න කොහමත්ම බෑ......මොකද ඒ වචන ඇවිත් කෙලින්ම වැදුනෙ ගැහෙන පපුවකට හන්දා......ඒවා නිකම්ම නිකන් වචන කියලා අහක දාන්න බැරිකොට හේතුවක් නැතුවම අදත් මම රිද්දගත්තා හරි අපූරුවට

අකේශි

ඉතින් කොහොම අමතක කරන්නද ඒ නම......බීම වීදුරුව අඩියටම හිස් කරපු මම ඉදන් උන්න තැනින් නැගිට්ටෙ හැමෝගෙම ඇස් මගෙ ලග නතරවෙනකොට

" මම වොශ්රූම් එකට ගිහින් එන්නම් "

" මාත් එන්නද "

පසිදු අහනකොට මම ඔලුව දෙපැත්තට වැනුවෙ එපා කියන්න

" ඕන නෑ මම ගිහින් එන්නම් "

" ගනන්ගන්න එපා.....ඒක කම්ෆර්ම් නෑ "

" නෑ මම ගනන්ගන්නෑ "

ලක්ශිත අයියා එහෙම කියනකොට එයාටත් ඔලුව වනපු මම එන්න ආවා......හැබැයි ඒ වොශ්රූම් එකට නම් නෙවෙයි......මම කෙලින්ම ආවෙ රශේන් අයියව හොයාගෙන....මම හොදාකාරවම දන්නවා මේක වැඩක් නැති දෙයක් කියලා.....ඒත් හිත මුරන්ඩු නම් ??

රශේන් අයියා බිත්තියට හේත්තුවක් දාගෙන ඉන්නකොට මම එයාගෙ ඉස්සරහින් හිට ගත්තෙ ඒ ඇස් ඇවිත් මගෙ ලග නතරවෙනකොට.....මම පිලිගන්නම ඕන

ඕවා ඇවිත් තව කල්පයක් ගියත් ගැලවෙන්න බැරි බැල්මවල්

ලෙහාගන්න  බැරිව ලතවෙන සංකීර්න ගැටලු

අපෙ ඇස් මිලි තප්පර ගානකට පැටලුනා......වෙනසක් නෑ අයිතිය කියාගන්න බැරි උනත් මොකද අදත් හදවත් වේගෙ වැඩි උනා.....මගෙ කකුල් දෙක එක මොහොතකට ඒ බැල්ම දරාගන්න බැරුව පන නැතිවෙලා ගියා

ඉතින් ඒ මට අත අරින්න පුලුවන් ඇබ්බැහියක්ද ??

පදනම් විරහිත ප්‍රේමයක්

හේතු විරහිත බලාහීදීමක්

බලාපොරොත්තුව විරහිත හැගීමක්

ඇත්තටම ඔයා කියන්නෙම නොස්ටැල්ජියානු ' ප්‍රේමයක් '.....තප්පර ඔහේ ගෙවිලා යනකොට අපි අතර තිබුනෙ තද නිහැඩියාවක්.....හැගීම් වලින් පිරුනහම කතා කරන්න බැරිව වචන හිරවෙලා යන එකයි හැගීම් උල්පත් හිදිලා ගිය තැන කතා කරන්න වචන නැතිව යන එකයි සම්පූර්ණයෙන්ම වෙනස්......ඉතින් මට රිදෙනවා.....සෑහෙන්න

හද එක්ක උනත් අරගල කරලම මට දැන් හති........ඇත්ත මේ ඇවිත් කොහමත් මං දිනන්නැති යුද්ධයක්

" අයියෙ "

අන්තිමට මම ඕන එකක් වෙන්න කියලා කතා කලා.....ඒකත් හරි හිමීට

" ඔය තරමටම මාව මග අරින්න මම වැරැද්දක් කලාද "

" එහෙම එකක් නෑ "

" එහෙනම් ?? "

මම එයාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් එයා දිහා බලන් උන්නත් මම හොදාකාරවම දන්නවා ඕකට මට උත්තරයක් කොහෙත්ම හම්බෙන්නෙ නැති වග

" Congratulation "

ඒ මූන දිහා බලාගෙන මම කිව්වෙ බොහොම අමාරුවෙන් වචන එකතු කරගෙන

" මොනවටද "

" හැමදේකටම "

සරල සංවාදයක්......එහෙම කියලා පෙනුනට ඇත්තටම මේක සරල නෑ......දැනෙන හැගීම් වචන කරගන්න තියන අමාරුව දන්නෙ මම විතරයි......මේ ඇවිත් ඉහලට ගන්න හුස්ම පොද පවා හිර කරලා දාන තප්පර

තව ටිකක් වෙලා එතන උන්නු මම එන්න ආවෙ අර තුන් දෙනා පරක්කු උනොත් හොයන නිසා.....ඒත් අඩි කීපයක් ඉස්සරහට ආපු මගෙ කකුල් ඉබේටම නැවතුනේ රශේන් අයියගෙ කටහඩට

" විද්වාන් "

එයාගෙ පැත්ත හැරුන මම ඇයි කියලා ඇස් වලින් අහනකොට රශේන් අයියා කලේ ඔලුව දෙපැත්තට වනපු එක

" මුකුත් නෑ......."

ඉතින් මම එන්න ආවා.....සමහර වෙලාවට කියන්න ඕන වචන උගුරෙන් මෙහාට ආවෙ නෑ......නැත්නම් ඇස් වලින් කිව්ව දේ එයාට තේරුන්නෑ

අර වැනිලා සුවද එන්න එන්නම ඈත් යනකොට ඉස්සරහට ආපු මම නැවතුනා.....ඒ පසිදුව දැකලා......සමහරවිට එයා දකින්න ඇති

" ඔය පැත්තෙද වොශ්රූම් තියෙන්නෙ "

පසිදු අහනකොට එයාට මුකුත් නොකිව්ව මම හිනාවක් විතරක් දීලා එන්න ආවෙ ආයම පපුව හරි අපූරුවට කොනිති ගහනකොට

ප්‍රේමණීය මාවත්හි පියනැගූ හදවත් අහිමි මිනිසුනි අහිමි වූ ස්නේහයේ උනුසුම පපුතුරේ හංගා ප්‍රේමයෙන් නික්ම පිය මැනීමට අවසර.....හදවත් ස්පර්ශ කරන්නාවූ ප්‍රේමයෙහි කඩතොලු වූ මං මාවත් දිගෙහි නැවත සැරි නොසරන්න...

මෙවර රිදි රිදී ගලන්නේ සෙනෙහසක හැගීම්ය......නුබට පෙනෙනුයේ ප්‍රේමයේ නටඹුන් ය....

ප්‍රේමණීය පපු දාතු උනත් නාය යනවා මගෙ මිත්‍රයා

ඉතින් හිතවතුනි ' දරාගන්න ' !!!

Share This Chapter