Back
/ 47
Chapter 28

🌼 Chapter 27 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

එදා කැෆේ එකේදි ' අහම්බෙන් ' හම්බුනාට පස්සෙ අද වෙනතුරු රශේන් අයියා මගෙ ඇස් මානෙට ආවෙ නෑ......එයාලට ඒලෙවල්ස් පටන් ගත්තා ඒත් අඩුම ඊට කලින් දවසෙවත් මට එයාට විශ් කරන්න හම්බුන්නෑ

ඒක මොන තරම් දරුනුද ??

ඉස්සර හැමදාම නැතත් අහම්බෙන් හරි මැසේජ් එකක් හම්බුනාට අද වෙනකොට ඒක එහෙම නෑ.....ඔය මොක උනත් අදත් වට්සැප් එකේ මැසේජ් ආවෙ නැතත් උඩින්ම අන්සේව් නම්බර් එකක් තියනවා

දවසින් දවස

දවසින් දවස

දවසින් දවස ගෙවිලා ගියෙ රශේන් අයියගෙ එක්සෑම් ඉවරවෙනකොට.......තාමත් ඒ කට හඩවත් අහම්බෙන්වත් ඇහුන්නෑ.....දවස් ගෙව්වා නෙවෙයි ගෙවුනා......මට දැනුනෙ අපි ආයම මුලට ගියා වගේ ෆීලින් එකක්......එතකොට දන්නෙත් නෑ දැන් දන්නවා උනත් නොදන්න ගානට ඉන්නකොට ඒ දෙකේ ඇති වෙනස මොකක්ද ඇත්තටම

ඕවා ඇවිත් මහ වේදනාකාරී දවස්

මට කියන්න ආයම මුලට යන්න පුලුවන් මැජික් එකක්.....නැත්තම් මන්තරයක්......ඔය මුකුත්ම නැත්නම් එක්කො අමතක කරන්න පුළුවන් විදියක්.....ඔය මොකක්මහරි ක්‍රමයක්

ඔය ආඩම්බරකාර ඇස් වලට එබිලා

වරුවක් ගිය තැන

ඉදහිටක ඔය මූනෙ ඇදෙන සීතල හිනාව ගැන

දැන් මට ලියන්න කවි බෝමයි.....

ඔයාව මතක් කරද්දිත් ඔව් මට ලෝබයි.....

ස්නෝව්ඩ්‍රොප් මල් උනත් අන්තිමට තෝරගත්තෙ සීතල ශිශිරය.....!

එහෙම බැලුවහම අයිති නෑ කියලා දැන දැනත් ඔයාව තෝරගත්ත මම ඇත්තටම වැරදිද ??

කමක් නෑ ඔයා ඉතින් හිනාවෙන්න....

මොකද මට පුලුවන් අන්තිමට 'දරාගන්න' !

ඔයාට කියන්න කැලික්ටස්

අලු ඇස් අයිතිකාරයා කොහමත් උද්දච්චයි.....ඒක ඇත්ත මට තිබුනා කාලෙකට විතරක් කලුවර අහසෙ පායන ඒ තරුවට ආස නොකර ඉන්න....එයාත් හරියට නිකන් වොඩ්කා වීදුරුවක් වගේ

හ්ම්ම් නොස්ටැල්ජියානු ප්‍රේමයක්......!

අවසානයටම හැරිලා බලද්දි මගෙ හදවත උනත් පොසිලේන් බාජනයක්...

ඉතින් අභී ඔයා එදා කිව්වා හරි.....' එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා '......ඇත්ත මට ඒ ආඩම්බරකාර ඇස් මග ඇරලා අහක බලන් ඉන්න තිබුනා......ඔය ඔක්කොමත් හරි මට තේරුම්ගන්න අමාරුම ආස දේවල් අත අරිද්දි ඔය හැටි රිදෙන්නෙ මොකද

මම අදත් පුරුදු විදියටම මියුසික් ක්ලාස් ඉවරවෙලා අර කට්ටියටත් බායි කියලා ආවෙ බස් හෝල්ට් එකට......සර්ට කොහෙද යන්න තියනවා කියලා අද කලින් පටන් ගත්තු හන්ද වෙනදට වඩා පැයකට කලින් ක්ලාස් ඉවර උනා......නගින්න ඕන බස් එක ඈත තියා එනවා පෙනි පෙනිම මම කලේ පාර පැනලා පේමන්ට් එක දිගේ කිලෝමීටර එකහාමාරක් විතර පයින්ම ඇවිදගෙන ආපු එක

අවසානයටම මගෙ කකුල් ඇවිත් නැවතුනේ බීච් එක ලග......දන්නවද මනුස්සයෙක්ට දරන්න අමාරුම දැන් ඉන්න විදිය නෙවෙයි කලින් උන්නු විදිය  මතක් වෙන එක !

ඉතින් කමක් නෑ නේද එක මොහොතකට ඒ ' ආදරණීය ' මතක එක්කලා තනි උනාට??

මම හිමි හෙමිහිට අඩිය තියනගමන් ඇවිදන් ගියෙ පුරුදු තැනට......ඉතින් අදත් වෙරලෙ අඩි සටහන් උනා......අදත් එදා වගේම ලුනු රස තැවරුන හුලං පොදවල් ඇවිත් ඇවිත් ඇගේ වැදුනා.......අදත් අර සාගරේ හරි ලස්සනට රළ ගැහුවා ඒත් අද ඒවා බලන්න මගෙ එහා පැත්තෙ ' එයා ' උන්නෑ.......අද මැකිලා යන්න හරි අඩි සටහන් ඉතුරු උනේ මගෙ විතරයි

වෙනසක් නෑ අදත් රැල්ල ඇවිත් ඇවිත් වෙරළට ගොඩ උනා......ආයම ඊලග සැරෙන් එන බව කියලා ආපහු යන්න ගියෙ  බලාපොරොත්තුවක් දීලා......ඒත් එදා වගේමයි වෙරළ නෙවෙයි ඒ ගැන මුකුත් කිව්වෙ

දන්නවද හිත් රිදවීම් වල උපරිමයටම ගිය තැන මිනිස්සුන්ට ස්වයංක්‍රීයව නිහඩවෙනවා.....ඕනකමින් හරි නැතුව හරි එයාලා වේදනා දෙන හිතක් එක්ක අන්තිමට තනිවෙනවා.....ඔයා හරි අයියෙ මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා......අන්තිමට බලාපොරොත්තු සහගතව තනි වෙනවා...

ඉස්සරට තියන්න උන්නු මගෙ කකුල නැවතුනා.....ඇත්තටම කිව්වොත් එක මොහොතකට මම ලොක් උනා.....එහෙම වෙන්න පුලුවන්ද ? විශ්වාස කරන්න බැරිම තැන මම කලේ ඇස් තදට වහගෙන ආයම ඇරගත්තු එක.....ඇත්තටම ඒ මායාවක් වෙන්න බැරිද

" අයියෙ......"

මටත් නොදැනුවත්වම මට අන්තිමටම මිමිනිලා තිබුනෙ එහෙම.....මට විශ්වාසයි......මට හොදටම විශ්වාසයි අඩි ගානක් දුරින් ඉන්න එයා මාව දැක්කෙවත් මම කිව්ව එක එයාට ඇහුනෙවත් නැති වග......කොහම ඇහෙන්නද ඒ කිව්ව එක හරියට මටවත් ඇහුනෙ නැතිකොට

හුරු පුරුදු රූපයක්

ගනන්කාර සුවදක්

හිත පුරවන හැගීමක්

ඔය ඔක්කොම පැත්තකින් තිබ්බහම ඒ ඇවිත් මට වටිනම බැදීමක්.....මම තාමත් උන්නෙ එක තැන නැවතිලා වෙනකොට මගෙ ඇස් ගිහින් නැවතුනේ රශේන් අයියා දිහාට.....එයා මොකද මෙතන කරන්නෙ.....ලොකු හුස්මක් පාත දාපු මම ගිහින් එයා හේත්තුවෙලා උන්නු බැම්මට හේත්තු උනේ හැමදාම වගේ හමන ඒ වැනිලා සුවද අදත් මගෙ නාස් කුහර වලට දැනෙනකොට

" රශේන් අයියෙ......"

" ම්ම්ම් "

නිකමට කතා කලත් මම හිතුවෙ නෑ එයා මට උත්තර බදීවි කියලා.....දෙන්නා අතර තිබුන නිහඩකම බිදින්න ඕන උන හන්දම මම එයාට කතා කලත් මොකද ඇත්තටම මට කතා කරන්න ඕන මොනවද කියලා එකපාරටම ඔලුවට ආවෙ නෑ.....ඔය ඔක්කොමත් හරි මම අදත් එක තැන හිර උනා

මම කලේ ඇස් කොනින් මට එහා පැත්තෙ උන්නු රශේන් අයියා දිහා බලපු එක.....එයා උන්නෙ ඉස්සරහ බලාගෙන.....මට අහන්න ඕන එයාට කොහමද කියලා......එතකොට මට දැනගන්න ඕන එයා එක්සෑම් හොදට කලාද කියලා......ඊටත් වඩා මට දැනගන්න ඕන අර අකේශි හරියටම එයාගෙ කවුද කියලා

" ඒලෙවල් කොහමද........හොදට කලාද "

මම ඇහුවෙ ඒ මූනට එබිලා....මොකද මට ඕන උන්නෑ අධිමාත්‍රිකව ගෙවෙන මේ වින්ටේජීය තප්පර කොහමවත්ම මග ඇරලා යන්න

" අවුලක් නෑ.......ඉකෝන් එක ටිකක් අමාරුයි ඒත් ශේප් "

" එහෙමද.......එතකොට ඉස්සරහට මොකද කරන්නෙ "

" චාටට් කරනවා "

ඇයි ඉර අහසකින් බැහැගෙන යනකොට මෙච්චරටම ලස්සන ?? ඒ අපි උනත් ඉගෙනගන්න ඕන හොද පාඩමක් මගෙ ළමයො......ඉර උනත් අහසකින් බැහැගෙන යන්නෙ පාට පෙට්ටියේ තියෙන ලස්සනම පාටකූරු අරගෙන අර අහස හැඩ කරලා....ඒ මොකද දන්නවද තමන් දවසක් හරි ආදරේ කරපු තැනකින් යනකොට හිත්වල ' දුක ' කියන දේ දැනෙන්න දෙන්න බැරි හන්දා......අපි උනත් කාගෙහරි ජීවිතේකින් නික්මෙනවනම් ඒ යන්න  ඕන ඒවා ලස්සනට පාට කරලා මිසක අදුරු කරලා නොවෙන වග අපි ඉගෙනගන්න ඕන

" මම.....මම අතනට ගිහින් එන්නම් "

මම කිව්වෙ අතින් රැල්ල ගහන වෙරලෙ මුල් හරිය පෙන්නලා.....රශේන් අයියා හා කියන්නවත් එපා කියලා කියන්නකන්වත් ඉන්නැතුව මම කලේ ඉස්සරහට ආපු එක....මොකද මට ඕන මීට ටික වෙලාවකට පෙරාතුව මාව අරක්ගත්තු සිතුවිලි වලින් එක මොහොතකට මිදෙන්න

මම කලබලයි.......මට දැනෙනවා හදවත අදත් වේග රිද්මෙන් ගැහෙන විදිය.....මම එහෙම්මම බැලුවෙ මගෙ අත් දිහා.....ලාවට වෙවුලනවද කොහෙද.....නෑ මං අහන්නෙ මනුස්සයෙක්ට පුලුවන්ද ඔච්චරටම දරුනු විදියට අපිව එයාලට ඇබ්බැහි කරෝගන්න

අනේ මංදා

ලා රස්නෙ මුහුදු රැළි ඇවිත් ඇවිත් නිරුවත් කකුල් තෙමාගෙන යනකොට මම බලන් උන්නා......තප්පර ගානකට විතරක් හැදෙන පෙන කැටි කකුල් වටේ එතිලා ඊලග මොහොතෙ හුස්ම අත අරිනකොට මම කලේ පපුව පුරවන්න ලොකු හුස්මක් ගත්තු එක

ඇත්තමයි මේ ගෙවෙන දවස් හරි විඩාබරයි....!!!

දැනෙන හැගීම් අපිව ස්පර්ශ කරන්නෙ හරි සියුම් විදියට.......වෙලාවකට ඒවා පපුව හරි අපූරුවට කොනිති ගහනකොට එයාට නොපෙනෙන්න මම කලේ පපුවට අත මිට මොලවලා දෙතුන් පාරක් ගහගත්තු එක....නෑ මට තේරෙන්නැත්තෙ කාලෙකට කලින් හොදටම දන්න අඳුනන අපිට ' වටින ' කෙනෙක් එක්ක කොහමද ඉන්න ඕන කියලා.....මට දැනගන්න ඕන එයා කොහමද ඔහොම මුකුත් දන්නෑ වගේ හැසිරෙන්නෙ කියලා

ඇත්තටම කොහොමද ?? නෑ මං අහන්නෙ ඒක ඒ තරම් ලේසිද

" විද්වාන් "

නොහිතපු වෙලාවක මගෙ මැනික් කටුව ගාවින් එයාගෙ අතකට තද වෙනකොට මම කලේ බෙල්ල විතරක්ම හරෝනගමන් මගෙ පිටිපස්සට වෙන්න උන්නු එයා දිහා බලපු එක.....එයා ඒ මට කතා කලාද.....මට හරියටම දැනගන්න ඕන.....ඒකත් ඉස්සර විදියටම

( ඔයාට තේරෙන් නැද්ද ?

දරදඩු මිනිස්සු අඩන්නෑ

ලැබෙන එකම ප්‍රේමාන්විත බවත් නැති උනාම

හිනාවෙන්නෙ නෑ !....

_Copied_ )

ඒ අත උනුහුමයි.....ඔය ඔක්කොම පරයා මට දැනුනෙ මැනික් කටුව ගාවින් තදවෙලා ගියපු රශේන් අයියගෙ අතේ උනුහුම......මම හිතන්නෙ මෙච්චර වෙලාවක්ම හිස්ව ගියපු මගෙ ඇස් ඒ උනුහුමට මෘදුවෙන්න ඇති

" දැන් ඔය ඇති.......ගොඩට එන්න "

රශේන් අයියා එහෙම කියනකොට මම තප්පරයක්.......දෙකක්.......තුනක් ඒ වලව්කාර ඇස් දිහා බලන් උන්නා.....ඒවා ඒ දිලිසෙනවද.....මම හිතන්නෙ ඒ දැන් දැන් අවටින් වැටෙන ලයිට් එලියට වෙන්න ඕන

" විද්වාන්........ඔයාට මම කියන එක ඇහෙනවද "

" ආ..හ් ම්....මොකක්ද "

මම තාමත් උන්නෙ ඒ මූන දිහා බලාන....මම හිතන්නෙ එක තප්පරේකට මට වටපිටාව අමතකවෙලා ගියාද කොහෙද......මුහුදු රළ ගහන සද්දෙ පවා මගෙ කන් ඇතුලින් ඈත්වෙලා යනකොට ඒ ගැබුරු කටහඩට මම ගැස්සිලා ගියා

" ගොඩට එන්න......ඔය ඇති "

මම කලේ මුකුත්ම නොකියා ඔලුව වනපු එක.....මගෙ අතිනුත් ඇදගෙන රශේන් අයියා ගොඩට යනකොට මගෙ ඇස් ගිහින් නැවතුනේ පැටලිලා එකට තියන අපේ අත් වලට......එයාට ඒක ගානක් යන්න නැතිව ඇති....මට එකපාරටම හිනාවක් ගියා.....වෙන මොකවත් හන්දා නෙවෙයි මම කොච්චර බොලදද ඇත්තටම?

" ඉස්සො වඩේ කනවද "

රශේන් අයියා එක පාරටම අහද්දි මම ඇහි පිල්ලමක්.....දෙකක් විතර ගහන ගමන් එයා දිහා බැලුවා

" හා "

ඒකටත් කලේ මම ඔලුව වනපු එක......අපිට ටිකක් එහාට වෙන්න තිබුන ඉස්සො වඩේ කරත්තෙ ලගට රශේන් අයියා යන්න යනකොට මම ඒ අතකින් අල්ලගෙන නැවැත්තුවෙ එයා ඇයි කියලා ඒ ඇස් වලින් අහනකොට

" අපි කෝපි එකක් බොමුද "

මම දන්නෑ ඇයි  මම එහෙම ඇහුවෙ කියලවත්......අඩුම එයා මේ වෙලාවෙ කොහොම ඒක හොයාගන්නද කියලා....ඒත් මට ඕන උනා එක වතාකට හරි එයා එක්ක කෝපි එකක් බොන්න...දවල්ට ගිනිගන්න අව්ව මම හිතන්නෙ අහස එක්ක සාමගිවිසුම් ගහලාද කොහෙද

ඉතින් මම ආය ආයම කියනවා මේ ගෙවෙන්නෙ වින්ටේජීය තප්පර

" තෑන්ක්ස් "

මම කිව්වෙ එයා මගෙ පැත්තට දික්කරපු කෝපි කප් එක ගන්න ගමන්.....උනුහුම් දුම් රැලි අහසට යන්න යනකොට මම කඩදාසි උරේ තිබුන ඉස්සො වඩයක් කටට දාගත්තා......අපි උන්නෙ රශේන් අයියාගෙ බයික් එකට හේත්තුවක් දාන්වෙනකොට ඇස් තිබ්බෙ කලබලකාරී පාර දිහාවට

තමන් ආසම කෙනා එක්ක ඔලිව් පාට හැන්දෑවක ඉස්සො වඩයක් එක්ක දුම්දාන කෝපි කෝප්පයක්.......ඇත්තටම ඒක මොනතරම් උනුහුම් හැගීමක් ද ?? කොච්චර නම් ලස්සන ද.....මුලු ලෝකයම කලබල වෙලාවක අපි විතරක් සන්සුන්ව ඉන්න එක මොන තරම් නිදහස්ද......ඔරලෝසුවෙ තප්පර හරි ඉක්මනට ගෙවිලා යන්නෙත් මේ වගේ නිදහස් වෙලාවල් වල

ඒ අතින් බැලුවහම දෙයියො මොන තරම් දුශ්ටද

" කොමස් ඩේ එක කොහමද "

" මේ දවස්වල හරියට ඒකට තමයි කට්ටිය  අවධානෙ දීලා තියෙන්නෙ.......ඔයාලත් එනවනෙ "

" ම්ම්ම්ම්.......සදුදට එන්න ඕන අපේ අන්තිම කොමස් ඩේ එකනෙ "

කෝපි කප් එකේ අන්තිම උගුරත් කටට හලාගත්තු මම කෙලින් උනා.අර කප් එක එයාට පේද්දිම හරි පරිස්සමට මම බෑග් එක ඇතුලට දාගත්තා...

" මම යන්නම් "

රශේන් අයියා එක්ක හිනාඋන මම එන්න ආවෙ දැනටමත් වෙලාව පරක්කුවෙලා තියෙන හන්දා.ඒත් එහෙම කියලා එන්න ආවත් මොකද ආයම ඒ කටහඩට මම පිටිපස්සට හැරුනෙ ඇයි කියලා අහනගමන්

" විද්වාන් "

" කියන්න "

" මා එක්ක යමු "

" ඕන නෑ මට බස් එකේ_"

" එක සැරයක් කිව්වහම අහනවකො ඕයි"

එහෙම කියනගමන් රශේන් අයියා බයික් එකට නැගලා ඒක ස්ටාට් කලේ ඕන නෑ කිව්වත් මමත් පිටිපස්සට නගිනකොට.....හිත උනත් කරන ද්‍රෝහිකම්වල ඉවරයක් නෑ

" හයියෙන් අල්ලගන්න "

හෙල්මට් එක දානගමන් රශේන් අයියා කියද්දි මම කලේ හෙමිහිට ඒ ජැකට් එක දෙපැත්තෙන් පොඩිකරලා අල්ලගත්තු එක

" පරිස්සමට යන්න "

මම කිව්වෙ බයික් එක අපේ ගේ ලගින් නවත්තනකොට.....හෙල්මට් එකත් ගලවන ගමන් ඒ අතට දීපු මම එක මොහොතක් බලන් ඉදලා ගේට් එක ලගට ආවා......ඒත් ඇතුලට යන්න කලින් මම නැවතුනා

" විද් "

ගේට් එකට අත තියාගෙන මම ආයම සැරයක් රශේන් අයියා දිහාට හැරුනත් මොකද එයා කලේ ඔලුව දෙපැත්තට වනපු එක

" මුකුත් නෑ "

ඉතින් මම එන්න ආවා...

හදවත් ස්පර්ශ කරන්නාවූ ප්‍රේමය,  ඉතින් දැන් නික්මෙන්න......යළි කිසිදා හමුනොවන්න.....වසන්තයේ මල් පරව ගොස් හමාරය.....ඉදිරියේදී පැමිනීමට නියමිත කාෂ්ටක ගිම්හාන කාලය  වේදනාවෙන් වුවද විද දරාගමි

ඉතින් නැවත නොපැමිණෙන් න !

🌼 කොහමද වස්තුලා අද කතාව.....ඔයාවට මොකද හිතෙන්නෙ ආත්ම ස්පර්ශ ගැන......ශෙනුල් ගැන......එතකොට රශේන් ගැන

Share This Chapter