Back
/ 47
Chapter 29

🌼 Chapter 28 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

දැලි ලන්තෑරුම් එළිය හෙමින් බරයි නුඹේ මුහුණ

කොහේ මුවා උනාද මේ සෙවනැල්ල

මල් පෙතිත් නැතුවාය මෙතරම් සියුමැලි

ඔයා මත්වෙලා ඉන්නෙ මගේ ආදරෙන්......ඒකයි ඔය......ඔයා කිව්වෙ එහෙම.......මට ඇහුනෙ එහෙම

' අපි මේ ලෝකෙ ඉන්න ආදරණීයම පෙම්වතුන් වන්නෙමි '

( Copied)

"  අයියෙ අපි හම්බෙමුද........මට ඔයාට කියන්න දෙයක් තියනවා........ඉතින් පුලුවන්ද "

මම දැන් තප්පර ගානක් ඉදන්ම බලන් උන්නෙ මම ටයිප් කරපු මැසේජ් එක දිහා.....යවනවද.......නැද්ද.....ආය ආයම මම මගෙන්ම ඇහුවෙ එහෙම.....මම එක මොහොතකට හිතුවා.......එක්කො යවනවා.......මොකද මේ අන්තිම පාර

" ම්ම්ම්........කොහෙදිද "

ඕන එකක් කියලා රශේන් අයියට යවපු මැසේජ් එකට තප්පර ගානක් යන්න කලින් අනිත් පැත්තට රෙප්ලයි හම්බෙනකොට මටත් නොදැනිවම බර හුස්මක් පිට උනා.......ඔහොම කරන්න එපා.......ඔය විදියට හැසිරෙනකොට නොලැබෙන දේකට බලාපොරොත්තු තියාගන්න මම ඇත්තටම වැරදිද??

" පුස්තකාලෙට මම අද යනවා......හවසට එනවද "

" ම්ම්ම්......"

ඉතින් එච්චරයි.......රශේන් අයියා එවපු මැසේජ් එක දිහා තව එක සැරයක් බලපු මම කලේ ෆෝන් එක ඕෆ් කරලා පැත්තකින් තිබ්බ එක

මම ඇස් ගෙනිච්චා......පුස්තකාලෙ කියන්නෙම මම අධිමාත්‍රිකව ආශ්‍රේ කරන තැනක් වෙනකොට මෙතනට ආවා කියන්නෙම ආය මට හැරවීමක් ඇත්තෙම නෑ.....අර කිව්වත් වගේ වෙලාව ගෙවෙන්නෙම නැති තරම්......මගෙ ඇස් ගිහින් නැවතුනේ ඉස්සරහ තිබුන ලී රාක්කෙ උඩම තට්ටුව ආශ්‍රේ කරන මායාකාර පොත් ලගටවෙනකොට මම කලේ හරි පරිස්සමට ඒවා දිගේ ඇගිලි තුඩු සියුම්ව ගෙනියපු එක......සමහර පොත් කහ ගැහිලා උනත් ඒවායෙ පිටු දාර නැවිලා උනත් මම ආස කලේම ඒ පරන පොත් වලින් එන පුස් ගදට

කොහමත් මම වගේ කතා පොතකට ආදරේ කරන.......කැළෑ මල් පොකුරකට ආස කරන.......කෝපි කෝප්පයක් රස විදින්න කැමති කෙනෙක්ව ඔයාට ගැලපෙන්නෑ.......මොකද ඔයා කියන්නෙම මහ සංකීර්ණ මනුස්සයෙක්......මට කොහමත් බෑ මහා පරිමාණෙන් ඔයා වගේ හැගීම් පපුව අස්සෙ හංගලා දාන්න.......කොහමත් මට බෑ ඔය ග්ලැසියර බැල්මකට ගනන්හදන එක  ඇරුනහම ඔය වගේ බැල්මකට මේ ආත්මෙට උරුමකම් කියන්න......ඔය ඔක්කොමත් හරි මට බෑනෙ ඔයා වගේ අනිත් අයව පිස්සු වට්ටන්න.....එහෙම බැලුවහම ඔයා කියන්නෙම මහ සංකීර්ණ මනුස්සයෙක් අයියෙ

මොන බොරුද මට පුලුවන්ද ඔයාට වගේ තප්පරේකට කෝටි ගානකින් තව කෙනෙක්ගෙ හදවත් වේගෙ වැඩි කරන්න?? කොහමත් මට ඔයාට දොස් කියන්න බෑ.......මොකද අපිට බෑනෙ තව කෙනෙක්ගෙ හදවතක අපිව අමරණීය කරන්න...

ඉතින් දන්නවද මගෙ වලාකුළ් පිරිමි ළමයො මට ඔයාව හොදාකාරවම දැනුනත් ඔයාට මාව නොදැනෙන තැන මට බෑ කොහමත් ඔයා වැරදියි කියලා දොස් කියන්න......ඔයා හරි......ඒ වගේම හැබැයි ඔයා වැරදි.......ඔයාට තිබුනා එදා දවසක මගෙ ඇස් මානෙට නෑවිදින් ඉන්න

එහෙනම් අපි අදටත් ' හොදම යාලුවො ' !

ඇත්තටම තවත් කෙනෙක්ට එක බැල්මකින් බැදිලා යන්න පුලුවන්ද??

අපෝ පුලුවන් මගෙ මිත්‍රයා ! හදවත උනත් සාමාන්‍ය සංස්කෘතිකයෙන් පිට පන්නවන්න ඔය හැමෝටම බෑ......ඉතින් එහෙව් මනුස්සයෙක්ගෙ තප්පර ගානක ලැබෙන බැල්මක් උනත් හොදටෝම ප්‍රමාණවත් අපිව මේ විශ්වයේ කොනටම එක්කන් ගිහින් අතරමංකරලා දාන්න......එතකොට ඔය මොන නියමෙවත් වැඩක් නෑ.......ඉතින් මම පාපොච්චාරණය කරනවා මනුස්සයෙක්ගෙ එක බැල්මකුත් ඇති අපි එයාලට නොහිතපු වෙලාවක බැදෙන්න...

හරියට මම වගේ~

Forget me not........ලිලැක්......ලයිලැක්.......ඒත් මං ආදරෙයි......ඔය ඔක්කෝම පහු කරගෙන ගියපු මගෙ ඇගිලි අවසානයටම නැවතුනේ ලා අලුපාට තැවරුන කැමේලියා පොත ලග........මම අනිත් හැම එකක්ම එක පාරක් හරි කියෝලා තියනවා.....අතට ගත්තු පොත කාඩ් එකෙන් මාක් කරගෙන මම පුස්තකාලෙන් එලි බැස්සෙ ගෙදර යන්න

රශේන් අයියා එන්නම් කියලා කිව්වට මොකද ඒ ගැන මට තිබුනෙ අවිනිශ්චිත හැගීමක්........ඇත්තටම එයා ඒවිද ?? මම දන්නෑ....

ගෙදර යන්න කියලා හදපු මගෙ අඩි නැවතුනේ පුස්තකාලෙ ලග උන්නු රශේන් අයියව දැකලා.......ඇත්තටම අපි මොන තරම් බොලදද ?? බලාපොරොත්තු විරහිතව තප්පර ගෙවලා ආදරණීයෙක්ගෙ එක හැසිරීමකට ආයම සැරයක් පන ගහන එක ඇත්තටම මොන තරම් විහිලු සහගතද

" තව කොහෙහරි යන්න තියනවද "

" නෑ......දැන් ගෙදර යන්න ඕන "

" ම්ම්ම්......"

අපි සමාන්තරව අඩි තියන ගමන් පේමන්ට් එකේ ඉස්සරහට ඇවිදගෙන ආවෙ මුකුත්ම නොකියා......හුගක් වෙලාවට අපිට කතා කරන්න දෙයක් තිබුන්නෑ......ඒකට දොස් කියන්නත් බෑ මොකද තමන්ගෙ ප්‍රියතම මනුස්සයා එක්ක ඉන්නකොට වචන නැතිවෙලා ඉබේටම ගොලුවෙලා යන එකත් සාධාරණයි.....මම හොරාට බැලුවෙ මගෙ එහා පැත්තෙ ඉස්සරහ බලන් යන රශේන් අයියා දිහා

මොන තරම් ලස්සනද

දෙයියො උනත් පැය ගානක් අරන් නිදහසේ මවපු චිත්‍ර ඕව්වා.....ඔලිව් පාට අහසින් හිතුවක්කාරෙට කඩන් වැටෙන මෝල්ට් පාට තැවරුන රාස්සිගෙ අව් රැල්ල ඒ ඇගට වැටෙනකොට එයා  පැත්තට හරි ලස්සනට දිලිසුනා......ඉතින් මම හිත උනත් එක පාරටම මටම ද්‍රෝහිකම් කරන එක අසාධාරණද......මීට විනාඩි ගානකට පෙරාතුව මාව අරක්ගෙන උන්නු සියලු හිත් රිදවීම් එක මොහොතකට මාව දාලා ගියා

මට තාම විශ්වාස කරන්න බෑ එයා වෙන කෙනෙක්ගෙ කියලා......එක්කො මම ඒක පිළිගන්න කැමති නෑ......කොහම හිත හදාගන්නද මේ ඇවිත් මගෙත් අතිශය ප්‍රථම ප්‍රේමය වෙනකොට

" වහිනවා......"

" කුඩේ ඇතුලට එන්න "

" ඕන් නෑ ඔයාව තෙමෙනවා......ඉක්මනට යමු "

" නෑ මාව තෙමෙන්නෑ.......අපි දෙන්නටම යන්න පුලුවන් මේකෙ.......කෝ එන්නකො අයියෙ "

මීට ටික වෙලාවකට කලින් හොදට තිබුන අහස එක පාරටම බරවෙන ගමන් වහින්න ගත්තෙ මම කුඩේ ඉහලන ගමන් එයාටත් අල්ලනකොට.....රශේන් අයියගෙ එක පැත්තක්ම තෙමිලා ගියෙ මම එයාට වඩා කොට නිසා......කුඩේ එයාට ගන්න කිව්වත් අහන්නෑ

" අර හෝල්ට් එකට යන්......වැස්ස අඩු කරනකන් ඉදලා යමු "

මම කිව්වෙ අපිට ටිකක් එහාටවෙන්න තිබුන බස් හෝල්ට් එක පෙන්නලා.....බස් හෝල්ට් එකට ගොඩ උන මම කුඩේ අකුලලා පැත්තකින් තිබ්බා......රශේන් අයියගෙ වම් උරහිස තෙමිලා ගිහින්

" විද් "

" ම්ම්ම් අයියෙ "

" මොනවද කියන්න ඕන "

රශේන් අයියා අහද්දි මම කලේ පුස්තකාලෙන් එලි බහින්න කලින් දෙකට නවපු කොලේ පිටු අස්සෙ හංගාපු කවි පොත එයාට දික් කරපු එක.....කලින් හරි හිමිහිට පොලවට එක දෙක වැටුන වතුර බිංදු දැන් දැන් මහ සද්දෙට කඩා වැටෙනකොට රශේන් අයියගෙ ඇස් මම දුන්න පොත උඩ නවතින හැටි මම බලාන

අහසක් උනත් කදුලු කැට වට්ටන්නෙ ඉවසලා ඉවසලා බැරිම තැන......එහෙව් වෙලාවට පොළව උනත් දැනගන්න ඕන අඩන අහස වචනයක් නොකියා දරාගන්න

" පොතක් "

"  ඕක ඇවිත් නිකන්ම නිකන් පොතක් නෙවෙයි අයියෙ "

" ............!?? "

" ඕක ඇවිත් හුස්ම ගන්න පොතක්......පොත් වලටත් පන ගැහෙන හදවත් තියනවා අයියෙ.......හිතුන වෙලාවක ඕක කියවන්නට එතකොට ඔයාට උනත් තේරෙයි ඒ පොත හුස්ම ගන්න හැටි "

මොකද ඔය ඉන්නෙ මම.....! ඔයාට මග ඇරුන මම.......මගෙ අදහස් ඒ වගේම මගෙ හැගීම්

රශේන් අයියගෙ අතට ඒ පොත දුන්න මම ආයම ඉස්සරහ බලුවෙ තාමත් ඒකාකාරෙට වහින වැහිකෝඩෙ දිහා......මට එයා දිහා බලන්න බෑ......මොකද මම ඒ අත උඩ තිබ්බෙ අර කිව්වත් වගේ එයා නොදන්න මාව හන්දා.....මොකද ඒ ඇවිත් මම පුරවපු පද පේළි......එදා ඉදන් අද වෙනකන් එයාට නිර්මාණාමිකව හම්බුන කවි

මේ ගෙවෙන්නෙ ආමාරුම දවස්

*

*

*

අද උදේ ඉදන් කොමස් සෙක්ශන් එක කඩිගුල වගේ ඇවිස්සිලා......ටීචර්ලා සර්ලා   එහෙට මෙහෙට දුව දුව අඩුපාඩු පුරවනවා.....ඒ අස්සෙන් ඒලෙවල් ලියපු අයියලා කට්ටියත් බරටම වැඩ අස්සෙ හිර වෙලා ඉන්නකොට මම ආයම සැරයක් මගෙ අතේ තිබුන ස්ක්‍රිප්ට් එක දිහා බලලා ලොකු හුස්මක් ගත්තා

" උබට ඉංග්‍ලිශ් අනව්ස්මන්ට් එක දෙන්න පුලුවන්නෙ ශෙනුල් මල්ලි එහෙනම් ගානට........ලුකා සිංහල එක කරයි......උබ ඌ එක්ක ප්‍රැක්ටිස් කලානෙ......ගැම්මට කරපන් ඈ......ආරාධිත පාසල් වලින් අර ගෑනු ටිකත් එනවනෙ......උන්ගෙ එක මොකක්ද කියලා හිතෙන තරමට අපි මේක ගින්දර වගේ දෙන්න ඕන "

" හරි අයියා "

මගෙ ඉස්සරහ උන්න අයියා කියන දේට ඔලුව වනපු මම ආයම අනවුන්ස් කරන්න තිබුන කොලේ උඩ ඉදන් පල්ලෙහාටම කියෙව්වා.....දවස් ගානක් ඉදන් ලුකා අයියා එක්ක ප්‍රැක්ටිස් කලා.....අපි හොදයි......මේකට කට්ටිය කොච්චර මහන්සි උනාද......අද ඒකෙ අන්තිම දවස......අර කිව්වත් වගේ ආරාධිත පාසල් වලට එහා පැත්තෙ තියන බාලිකාවො දෙගොල්ලොම එනවා.....උන් ඔක්කොම කොමස් ඩේ එක තියලා ඉවරයි.......අන්තිමට ඉතුරු අපේ එක

" මම එලියට ගිහින් එන්නම් "

" එලම "

කොලේ එතනම තිබුන ඩෙස් එක උඩින් තියලා මම එලියට එන්න ආවා......තව පැය එකහ මාරකින් පටන් ගන්න කොමස් ඩේ එකට හැමෝම උන්නෙ හොඳහැටි මහන්සිවෙන ගමන්....ඇහැළ ගහ ලගින් පන්තියට එන්න ආපු මගෙ කකුල් ඉබේටම නැවතුනේ එතන උන්නු රශේන් අයියා හන්දා

ඇත්තටම කී දවසකට පස්සෙද එයාව සුදු යුනිෆෝම් එකෙන් මම දකින්නෙ.....එයා ස්කෝලෙ ආවත් හරි අද දවසටම මම මේ එයාව පලවෙනි පාර දකින......එයාව පාස් කරන් යන්න හදපු මම නැවතුනේ ඒ කටහඩට වෙනකොට මම රශේන් අයියා දිහාට හැරුනා

" මම අර පොතේ මුල් පිටුව කියෙව්වා "

" මම ඒක_"

" මට ඔයාට දෙයක් කියන්න තියෙනවා "

Ring.......

" මොකක්ද "

" මම_"

Ring.....

මම ඒ මූන දිහා බැලුවෙ රශේන් අයියා මට දෙයක් කියන්න තියනවා කියනකොට.....ඒත් එයාට ඒක කියාගන්න බැරි උනේ ඒ සාක්කුවේ තිබුන ෆෝන් එකට කෝල් එකක් ආපු සද්දෙට වෙනකොට ඒක කට් කරපු එයා ලොකු හුස්මක් ගන්නගමන් මගෙ දිහා බැලුවෙ ඒ බැල්මට ඉබේටම මගෙ පපුව ගැහෙන වේගෙ වාඩිවෙනකොට......පිට කොන්ද දිගේ හරියක් ගියෙ මාව එක මොහොතකට සීතලවෙලා යනකොට

ඇත්තටම එයා මොකක්ද කියන්න යන්නෙ

" නෑ මං ඔයාට_"

Rings......

" ඕක ආන්සර් කරන්න අයියෙ.....මොකක්හරි හදිසි වැඩක්ද දන්නෑනෙ....."

මම කිව්වෙ තුන්වෙනි පාරටත් රින්ග්ස් යන ෆෝන් එක දිහා බලලා

" ඕ කියපන් "

"............"

" ආයිශ් එහෙමද.......ඉදපන් මම මේ දැන් එනවා "

එහෙම කියපු රශේන් අයියා කෝල් එක කට් කරලා ෆෝන් එකත් සාක්කුවට දාගෙන යන්න ගියත් මොකද ආයම පිටිපස්ස හැරිලා මගෙ දිහාට එනකොට මම බලන් උන්නා

" විද්වාන් "

" ම්ම්ම් අයියෙ "

මම එක පාරටම උන්නු තැන ගල් උනා.....මගෙ දිහාට ආපු රශේන් අයියා මම හිතුවෙවත් නැති වෙලාවක උරහිස් වලට අත් තියලා මූනට එබෙද්දි මම ගැස්සුනා.....මොකද මේ උනේ කොහෙත්ම මම හීනෙකින්වත් නිකමටවත් බලාපොරොත්තු උන දෙයක් නොවුන හන්දා......අර අලු ඇස් මිලි සෙන්ටි මීටර ගානකට එහායින් පේනකොට උඩට ගත්තු හුස්ම පොදපවා හිටි හැටියේම හිර උනා

අන්න ආයම අර හදවත් ට්‍රැක් පනිනවා

" මේක ඉවර උනහම අපි හම්බෙමුද "

".............."

" ආ විද්වාන් "

මම තාමත් උන්නෙ එයා දිහා බලන්.......ඒ උනුහුම් හුස්ම පොදවල් ඇවිත් ඇවිත් මගෙ මූනට වදිනකොට අර ලක්සරි වැනිලා සුවද අද තදට මට දැනුනා.....රශේන් අයියා උරහිස් දෙපැත්තෙ තිබුන ඒ අත් ටිකක් තද කරනකොට උත්තරයක්වත් පිටවෙන් නැති තැන මම කලේ හා කියන්න එයාට ඔලුව වනපු එක වෙනකොට මට හරි ලස්සනට හිනාවක් දීපු එයා හෝල් එක දිහාට දුවලා යන්න ගියා.....හැබැයි මම තාම උන්නෙ ඈතට ගියපු එයා දිහා බලන්

ලස්සනට හිනා උනා ?? රශේන් අයියා ?? හිනා උනා නේන්නම්.....මට හොදටම විශ්වාසයි ඒ මූනෙ ලස්සන හිනා රැල්ලක් ඇදුන බව.......මම කියන්නෙ අර කට කොනේ හිනාව ගැන නම් නෙවෙයි

" මොකද බං ගල්වෙලා වගේ ඉන්නෙ "

" ආ.....න්...නෑ එහෙම මුකුත් නෑ "

" වරෙන් යන්න "

එයා හිනා උනා කැලික්ටස්.......ඒ ඇස් හිනා උනා !!!

අපි උන්නෙ ස්ටේජ් එක පිටිපස්සෙ......දැන් ඉවෙන්ට් පටන් අරන් සෑහෙන්න වෙලා......මුලු ඔඩිටෝරියම් එකම ළමයින්ගෙන් පිරිලා ගිහින් තියනකොට මීට ටික වෙලාවකට කලින් ඒසී එක අස්සෙත් සීන් දාඩිය දාපු මට දැන් නම් මේක එච්චරටම ගානක් ගියෙ නෑ

ඒත් එක්කම ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක් කලබලෙන් මේ පැත්තට එනකොට අපි බලන් උන්නෙ ඇයි කියලා

" බලහන්කො බං ඔක්කොම හරියට ගානටම ප්ලෑන් කරාට වැඩක් නෑනෙ එක තැනක් ගැස්සිලානෙ "

" ඇයි මොකද "

" අර සිංදුව ඒක රශේනයා එකට කියන්න උන්නෙ සවියනෙ..........ඌ මොනාද මංදා මගුලක් ගිලලා අන්න ටොයිලට් එකේ.........ඒ පකයටත් අදම දහ ජරාව ගිලින්න උනානෙ...."

" දැන් මොකද කරන්නෙ "

" ඒක තමයි බං හිතාගන්න බෑ.......මෙවෙලෙට කවුරු කියලා හොයාගන්නද කියපන්කො "

" ශෙනුල් මල්ලි උබට පුලුවන්ද "

" ම්.....මොකක් මම "

අන්තිම ඉවෙන්ට් එකට තිබුනෙ කපල් සෝන්ග් එකක්.......රශේන් අයියා එක්ක ඒක කියන්න උන්නු අයියාට එන්න බෑලු.......ඒ අයිටම් එක අයින් කරන්න විදියක්වත් නෑ......අර අයියා මගෙන් සිංදුව කියන්න පුලුවන්ද ඇහෙනකොට මම බෑ කියන්න ඔලුව දෙපැත්තට වනන්න හැදුවත් මොකද

" අනේ බං බෑ කියන්න නම් එපා.......මේකට කැමති වෙයන් මල්ලි.......උබ කැමතිද කියපන්කො අර ගෑනු ඉස්සරහ අපි චාටර් වෙනවට "

" හා "

කරන දෙයක් නැතිම තැන මම හා කියනකොට අර අයියා හිනාවෙලා මගෙ පිටට තට්ටුවක් දැම්මා

" තෑන්ක්ස් බං........මම උබට සිංදුව දෙන්නම් "

මම උන්නෙ ස්ටේජ් එකට පල්ලෙහායින් ටිකක් එහාට වෙන්න.......මුලු ඔඩිටෝරිම් එකේම ලයිට් ඕෆ් වෙනකොට ස්ටේජ් එක විතරක් ෆෝකස් කරලා ලයිට්ස් දාලා තිබුනා.......මයික් එකක් අතේ තියන් ස්ටේජ් එකේ හිටන් ඉන්න රශේන් අයියව හැමෝටම පෙනුනත් පල්ලෙහායින් උන්නු මාව කාටවත් පේන්නැත්තෙ මුලු ඔඩිටෝරිම් එකම කලුවර නිසා

හදවත එකසිය ගානට ගැහෙනවා......මම සීතලවෙලා ගිහින්......හදවත මේ පාර ට්‍රැක් පැනලා තියෙන්නෙ වෙන මොකවත් හන්දා නෙවෙයි ප්‍රැක්ටිස්වත් නොකර මට සිංදුවක් කියන්න උන නිසා.....අච්චර මිනිස්සු ගානක් ඉස්සරහ කොහම කියන්නද එහෙම එක පාරටම......මියුසික් එක ඇහෙන්න ගන්නකොට මම කලේ ලොකු හුස්මක් ගත්තු එක

අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ

අඳුරේ හෑඬුවා රහසේ

තනිකම ඉහිලුම් නොදේ

ගිලුනා හද මා අඳුරේ

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී

එහි සැමරුම් රූ තමයි ජීවිතේ

රශේන් අයියා සිංදුව කියනවා......ඒ කටහඩ හරි ගැඹුරුයි......ඒකට පුලුවන් මාව ආයම සැරයක් අතරමංකරලා දාන්න......මම බලන් උන්නෙ ස්ටේජ් එකේ සිංදුව කියන එයා දිහා.....මෙච්චර වෙලාවක්ම දැනුන බය ටිකෙන් ටික නැතිවෙලා යනවා වගේ දැනෙනකොට මම බලන් උන්නා

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

එහෙම කියන ගමන් රශේන් අයියා පඩිපෙල බහින්න හදනකොට මම මගෙ කොටස කිව්වෙ ස්ටේජ් එක පැත්තට යනගමන්........ඒත් එක්කම මෙච්චර වෙලාවක්ම කලුවර වෙලා තිබුන ඔඩිටෝරියම් එකේ ලයිට් පත්තු උනේ රශේන් අයියා බයවෙන්න එපා කියලා ඒ ඇස් වලින් කියනකොට......ඉතින් මට තිබුන පොඩිම නොසන්සුන්කමත් ඒ බැල්මෙන් නැතිවෙලා යද්දි මම කලේ එයා දික්කරපු අත අල්ලගන්න ගමන් හරි ලස්සනට හිනා උන එක

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා

මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී

එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

රශේන් අයියා මගෙ දිහාම බලන් කියද්දි මම ඒ අත තදකරලා අල්ලගත්තා...

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී

හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී

එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

" මට ඔයාව හම්බෙන්න ඕන "

" ඇයි "

" මෙතන බෑ "

කොමස් ඩේ එකේ වැඩේ ඉවර උනහම එතනත් ඉදලා මම වොශ්රූම් පැත්තට එන්න ආවත් මොකද ඇහුන කටහඩට මම මග නැවතුනා......අකේශි........එයත් ආරාධිත පාසල් වලින් ඇවිත්.....වෙන්න එපැයි එයා කරන්නෙත් කොමස්නෙ......ටික වෙලාවක් අකේශි අක්කා දිහා බලන් උන්නු මම එයා එක්ක ආවෙ වැඩිය ළමයි නැති පැත්තකට

" මොනාද ඔයාට මට කියන්න ඕන "

මම ඇහුවෙ වැඩි වෙලා මට එතන ඉන්න ඕන නැති නිසා......හේතුවක් නෑ ඒත් මට බෑ.......මොකද මට ඕන නෑ මෙච්චර වෙලාම මගෙ ලග තිබුන සතුට නැති කරගන්න......ඒ හන්දා මට ඉක්මනට යන්න ඕන

" හරි මම කෙලින්ම කියන්නම්කො ඔයා රශේන්ගෙන් ඈත්වෙන්න "

අකේශි අක්කා එහෙම කියනකොට මට කියන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි උනා......ඇත්තටම කිව්වොත් මම ගොලුවෙලා ගියා......මොනා කියන්නද.....මම කියන්නද ඒක බොරුවක් කියලා

" ඔයා_"

" නෑ ඔයා මම කියන එක අහන්න........ඔයා එයාට කැමතී එහෙමනෙ......ඔයාට ඒක බොරු කියන්න බෑ.......මම රශේන්ට ආදරේ කියලා ඔයාගෙ ඔය ඇස් වලින්ම පේනවා.......ඒවට මුකුත් හංගන්න බෑ......කොල්ලො කොල්ලො මොනා කරන්නද ආ........මොන ලැජ්ජ නැති වැඩක්ද ඒක......කෙල්ලෙක් හොයාගන්න බැරි උනාද.......ඔයාට බැරිනම් මම ඔයාට හොද කෙල්ලෙක්ව හොයලා දෙන්නම් රශේන්ගෙන් ඈත් වෙන්න "

" මම එයාට ලං උන්නෑ "

" ඒත් එයා ඔයාට ලංවෙනවා........ඒ මට ප්‍රපෝස් කරලා ඉන්න කොල්ලා........ඔයා කොහමද එයාව ගන්නෙවත් අනික ඔයා හිතනවද අංකල් මේවා දැනගත්තොත් ඉන්නවත් හම්බෙයි කියලා ඔයාට ආ......දැන්වත් ඔය විකාර වැඩේ නවත්තනවා මල්ලි මට ආය කියන්න බෑ.......ඔයාව.......ඔයාව දකින හැම සැරේම  මාව පිච්චෙනවා.......ඔයා රශේන් දිහා බලන විදියෙන් මම අසරණ වෙනවා.......ඒ මගෙත් ආදරේ මල්ලි.......රශේන් කියන්නෙ මගෙ ආදරේ නැතුව ඔයාගෙ නෙවෙයි.......ප්ලීස් එයාව අත අරින්න.......එයා මගෙ නැතුව ඔයාගෙ නෙවෙයි "

මම තාමත් උන්නෙ ගොලුවෙලා......මගෙ ඉස්සරහ උන්නු අකේශි අක්කා ඇස්වල කඳුලු පුරෝගෙන මා එක්ක කතා කරනකොට මට මොනවද කියන්න ඕන කියවත් කටට ආවෙ නෑ......මට එක දෙයයි මතක් උනේ.......' එයා මගෙත් ආදරේ '......ඒ එයාගෙත් ආදරේලු

" ප්ලීස් අපි අතරට ආය නෑවිදින් ඉන්න......මට පුලුවන් රශේන්ව බලාගන්න......ඔයා එයාගෙන් ඈත්වෙලාම යන්න "

කෙලින්ම පන්තියට ආපු මම බෑග් එකත් කරට දාගන්නකොට ගමන් කෙලින්ම ආවෙ ගේට් එකෙන් එලියට.......මට එක දෙයයි මතකෙ තිබුනෙ.....දැනටමත් හුගක් ළමයි ගිහින්

' ඒ මගෙත් ආදරේ '

මම ඔහේ පාර දිගේ ඇවිදන් ආවා.....වෙනදට නගින බස් හෝල්ට් එකත් පහුකරගෙන මම ආවා.....මම උන්නෙ කල්පනාවක ගිලිලා වෙනකොට ආය ආයම මතක් උනේ අකේශි අක්කා කියපු දේවල්.......අඩුම අද රශේන් අයියා මාව හම්බෙන්න ඕන කියලවත් මට මතකෙට ආවෙ නැතිකොට මම බෑග් එකත් කරට දාගෙන එන්න ආවා

පපුව බරයි සෑහෙන්න

පරන මතක හදවත කොනිත්ත කොනිත්ත උඩට එනකොට මුරන්ඩුකාර කදුලු බිංදුවක් බොද උන ඇස් අස්සෙන් පහලට කඩන් වැටෙනකොට මම කලේ තදට කම්මුල් අතින් පිසදාගත්ත එක......වැඩක් නෑ ආය වැටෙනවා.......ආය ආයම මම අත් දෙකෙන් කම්මුල් පිහදැම්මෙ හිතුවක්කාරෙට කදුලු කැට කඩන් වැටෙන්න ගන්නකොට......ඇයි මට මෙච්චරටම රිදෙන්නෙ

වේදනා දෙන හදවතක් දරාගන්න මෙච්චරටම ආමාරුද

ප්‍රේමය , මිනිස්සුන්ව සනසන අපූරුව !

රිදුම් දෙන හදවත් යලි පිලිසකර කරන අපූරුව

ආදරය......එය මායාවකි.....නැවත නැවතත් අප අතරමංකර දමන අපූරු හරි මායාවකි......විටෙක හදවත් වේදනාවෙන් පුරවයි.....කෙසේ හෝ යලිත් වේදනාවෙන් වුවද අප වැළදගනුයේ එවන් ආදරයම ය

ඉතින් ප්‍රේමිය මේ සෘතුව තුල නැවත හමු නොවූවාට කම්නැත......මල් පිපෙන වස්සානය දක්වා බලාපොරොත්තු සහගතව බලාහිදින බව ඔබ දැනගත යුතුය

මට ඒත් එක්කම මතක් උනේ අම්මව......අනේ මට ඔයාට තුරුල්වෙන්න ඕනනෙ අම්මෙ.......අම්මව මතක් උන පාර එයාට කෝල් එකක් ගන්න ඕනකම තදටම දැනුන හන්දා පාර දෙපැත්තවත් බලන් නැතුව මම පාර පැන්නෙ පාරෙන් එහා පැත්තේ තිබුන කඩේට යන්න

ඒත් මම හිතන්නෙ මට වැරදුනා......මම එවෙලෙ ඉක්මන් උනා

බ්රාස්.........

" දෙයියනේ ළමෙක් හැප්පුනා නේද වාහනේකට "

" #### ස්කෝලෙ නේද......ලේ විලයි "

" ඒ දරුවට මොකද උනේ "

" කවුරුහරි ඇම්බියුලන්ස් එකට කෝල් කරන්න......ඉක්මන් කරන්නලා "

" ඒකට කෝල් කරන්න වෙලා නෑ......ළමයගෙ ඇගෙන් හොදටම ලේ යනවා "

" එයාට සිහිය නෑ.....පව් දෙයියනේ "

පාර පයින්න හැදුවත් මොකද ඒත් එක්කම වේගෙන් ආපු ශාහනේකට මාව හැප්පුනේ මං පාරෙ කොනකට විසිවෙලා යනකොට.......තප්පරයක් යන්නත් කලින් මිනිස්සු වටවෙනකොට මට දැනුනෙම මට මාව අයිති නෑ වගේ.......ඇග තියනවද කියලවත් දැනෙන්නැතිකොට නලල පැත්තකින් උකුවට ගලන් ගියපු ලේ පාරට වැටුනා......අතපය ලොක්වෙලා වගේ.......මට අම්මගෙ මූන මතක් උනා......තාත්තගෙ හිනාව මතක් උනා....අර අලු ඇස් අයිතිකාරයව මතක් උනා

අම්මා !

තෙත් වෙච්ච ඇස් අස්සෙන් කවුරුහරි මාව උස්සගන්නවා පේනකොට මගෙ ඇස් පියවෙලා ගියා

" ළමයට හුගක් ආමාරුයි.....බේරගන්න පුලුවන් වෙයිද කියන එක උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕන "

අන්තිමට මට ඇහුනෙ එහෙම

පමණ ඉක්මවා මා නුඹට පෙම් කරන බව මේ මොහොතේදීත් මට දැනෙමින් පවතී......හදවත නැවතී නුබ නැතිව ගෙවන මේ තප්පරය බොහෝ කලක් යැයි මට සිතේ......බොහෝ තැන් දරා ගොඩනැගූ මේ හැගුම ජීවිත කාලයම මා නිර්මාණය කල ආදරණීයම හැගුම විය !

( Copied)

🌼 ඉතින් කොහොමද ඔයාලට ??

පරිස්සමෙන් ඉන්නලා කට්ටිය......ආදරෙයි.....🤍

Share This Chapter