Back
/ 47
Chapter 30

🌼 Chapter 29 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

නුඹ වෙනුවෙන් අවසන් පද පේලිය ලියාගන්නට නොහැකි වූවාට සමාවෙන්න......ලියා අවසන් කල නොහැකි එම කවියට මෙවර කොමාවක් වෙනුවට තිතක් තැබුවාට අමනාප නොවන්න......ඉතින් දැන් නික්මෙන්න.....ආදරෙයි යැයි නැවත නොපවසන්න......වචන නොගැලපෙන තරමට හැගීම් නොදැනෙන තරමට මා දැන් ගලක් වී ඇත්දේ මංදැයි මාවත් නොදනිමි

( Copied )

Rashen pov

" එහෙනම් හරිනෙ මෙතන වැඩේ......මම යන්නම්......රෑට කෝල් එකක් ගන්නම් උබලට "

" හා.......පලයන්......ගිහින් අදවත් අර කොල්ලට ඕක කියපන්.......කියලා අපිටත් පාටියක් දීපන් නේද බං "

" පාටි දෙන්න පස්සෙ බැරියෑ බං........පලයන් පලයන් ඉතින් "

මෙච්චර වෙලාම ස්ටේජ් එකේ ක්ලීනින් වැඩ බලලා කරපු මම දෙකට වෙන්න එතනින් ආවෙ ශෙනුල්ව හම්බෙන්න.......මේ පාරවත් කියන්න ඕන.....උදේ කියන්න කියලා ඉදියට බැරි උනේ මුංගෙන් කෝල් එකක් ආපු හන්දා.....පසනයටත් අත වනාගෙන එතනම තිබුන බෑග් එකත් කරට දාගෙන එලි බැස්සෙ ඇහැළ ගහ ලගට යනගමන්.....මට මතක් උනේ එදා දවසක්  ශෙනුල් මගෙ අතේ ඇහැළ මලක් හිර කරපු හැටි

ඉතින් මේ අවාරෙක උනත්  මල් පිපෙන ඍතුවක්......!

ඒක මතක් උන මගෙ මූනෙ ලා හිනා රැල්ලක් ඇදෙනකොට අතත් සාක්කුවට දාගන්නගමන් මම ඇහැළ ලගට ආවා......ඒත් එයා නෑ.....මම බලාපොරොත්තු උන රූපෙ එතන උන්නෑ......සමහරවිට පන්තියට යන්න ඇති.......ශෙනුල් ඇහැළ ගහ ලග උන්නෙ නැතිකොට මම ස්කෝලෙ කෙලවරම තියන එයාලගෙ හෝල් එකට ආවෙ එතන ඇති කියලා හිතලා උනත් එයා උන්නෑ.....යසිරු එක්ක අනිත් දෙන්නාම උන්නත් එයා විතරක් එතන හිටියෙ නෑ....මුලු පන්තිය වටේටම ඇස් ගෙනිච්ච මම යසිරුලා දිහාට හැරුනෙ එයා කෝ කියලා අහන්න

" ඒහ් මල්ලි ශෙනුල් කෝ.....මම එයාව බැලුවත් හිටියෙ නෑනෙ "

" එයා ගෙදර යනවා කියලා ගියා බං අයියෙ........අපිත් මේ යන්න කියලා හැදුවෙ "

" ගෙදර........තනියම.....ඇයි ඔයාලා ගියෙ නැත්තෙ "

" අපිත් යන්න හැදුවා එයා එක්ක........ඒත් එයා එපා කිව්ව හන්දා උන්නා.......මොනා උනත් එයාව තනියෙන් යැව්ව එකනම් මට හරි නෑ "

පසිදු කියනකොට උන්ට ඔලුව වනපු මම ආවෙ ගේට් එක ලගට.......උබ කිව්වනෙ බං මං එනකන් ඉන්නවා කියලා......එහෙම කියද්දිත් මට කියහන් මල්ලි ඇයි ගියෙ කියලා......අපරාදෙ අරුන්ටත් කියලා මම කලින් ආවා......මම අතේ බැදලා තිබුන ඔරලෝසුවෙන් වෙලාව බැලුවා.......දෙකහ මාරයි......ලොකු හුස්මක් පාත දාපු මම ගේට් එකෙන් එලියට ආවෙ ආයම ඇතුලට ගිහින් අනුන්ට උදව්වක් කරන්නවත් හිතක් නැති තැන....

මම ඒත් හිතුවා ඔය ඇස් අස්සෙ තරු කැට පුරෝගත්තු හැටියට උබ මං එනකන් අද ඉදීවි කියලා

කමක් නෑ......මමත් මෙතන වැරදී......බස් හෝල්ට් එකට එද්දි ඊට ටිකක් එහායින් මිනිස්සු දෙතුන් දෙනෙක් එක්ක පොලිසිය ඉන්නකොට හිතට දැනුන මොකක්දෝ අමුත්තකට මම එතනට ගියෙ ඇයිද කියලා මමවත් දන්නෑ

" ඒකනෙ කවුද හිතුවෙ මෙහෙම වෙයි කියලා සර්.......තාම හිතාගන්න බෑ "

" මොකක්ද අයියෙ මෙතන උනේ "

" නෑ බං මල්ලි දැන් ටිකකට කලින් කොල්ලෙක් හයියෙන් ආපු වාහනේකට හැප්පුනා.......ස්කෝලෙ ළමෙක් බං වැඩි වයසකුත් නෑ......පව් බං ඉස්පිරිතාලෙට ගෙනියනකොටත් සිහිය නෑ ඒ ළමයට.......මූණ අතපය එහෙම ගන්න දෙයක් නෑ ගෙනියනකොටත් ලේ විලක්.......බේරගන්න පුලුවන් වෙයිද කියලත් සැකයිලු......ගෙනියනකොටත් පණ ඇද්දා කියන්නෙ "

එතන උන්නු අයියා කෙනෙක්ගෙන් මම අහපු දේට එහෙම උත්තර බදිද්දි තව ඒ ගැන අහන්න ඕනත් ඒත් එක්කම බස් එක ආපු හන්දා මම නැග්ගා.....ගෙදර ආවත් මට මතක් උනේ අර ඇක්සිඩන්ට් එක වෙනකොට ශෙනුල්ට කතා කරන්න මට තදබල ඕනකමක් තිබුනා

ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසු_

අනේ හුත්ත !

මම කීවෙනි වතාවටද මේ ගන්නෙ....ඒක මමවත් දන්නෑ......එයාගෙ නම්බර් එක ඩයල් කරපු හැම සැරේකම එහා පැත්තෙන් ඇහුනෙ එකම දේ වෙනකොට පොඩ්ඩ ඇත්නම් කේන්තියන යන මට උන දේවල් එක්ක නහුතෙටම නැග්ගා.......පෝන් එක පොලේ ගහන්න තරම් තරහවක් ආවත් හොද හුස්මක් ගත්තෙ සන්සුන් වෙන්න......එක්කො උබට තිබ්බා හේතුවක් කියන්න

කබඩ් එක ඇරපු මම රෙදි අස්සෙ තිබුන පෙට්ටියෙන් සිගා එකක් ගත්තෙ බොන්න ඕන කියලා තදටම දැනෙද්දි......අක්කා දන්නවනම් මම මෙලහකටත් අම්බානෙකට කාලා......හැමදාම මගෙ ලග පෙට්ටියක් තිබුනත් කලාතුරකින් ඇරුනහම මම ඒ දිහා ඇහැවත් ඇරලා නොබැලුවෙ වෙන දේ දන්න හන්දා.....ඒත් අද.......අද ඒක එහෙම නෑ.....මට තවත් ඉවසන්න බෑ....මට ඕන මොනම ක්‍රමේකින් හරි දැනෙන පීඩනෙන් මිදෙන්න වෙනකොට මට මතක් උනේ රෙදි අස්සෙ හංගලා තිබුන පෙට්ටිය......තාත්තගෙ නමට හන්දා ගන්න පුළුවන්

දුම් බීම පිළිකා ඇති කරයි !

පෙට්ටියේ එහෙම ගහලා තිබුනත් ඒකවත් හරිහයට ගානකට නොගත්ත මම ලයිටරෙන් කටේ තිබුන සිගා එක ඇවිලුවෙ බැල්කනියෙ වැටට හේත්තුවෙන ගමන්......මුලු ගෙදරටම උන්නෙ මම විතරයි......කොහමත් අවුරුද්දෙන් බාගෙකටත් වඩා ඒ කාලෙ ඉදන්ම උන්නෙ මෙහෙම හන්දා තනිකම කියන එක මට ගානක් නැතිම තරම්

ඒත් අද මොකක්හරි හේතුවකට පපුව බරයි සෑහෙන්න

කලුවර අහසෙ එක පැත්තකට වෙන්න හද පායලා තියනකොට හදේ පාලුව මකන්නද කොහෙද තරුවක් දෙකක් විතරක් තැනින් තැන තිබුනා......අහසටත් අද පාලු ඇති......සිගා එකෙන් ඇද්ද පලවෙනි දුම් වළාව අහස පැත්තට යවපු මම වැඩක් නෑ කියලා දැන දැනත් ආයම සැරයක් ශෙනුල්ගෙ පෝන් එකට කෝල් එකක් ගත්තා

ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ _

ඇයි බං මෙහෙම කරන්නේ......මං අහන්නෙ ඇයි......ඒත් එක්කම අකේශිගෙන් කෝල් එකක් එනකොට මම කලේ දැක්කෙ නෑ වගේ පෝන් එක ඕෆ් කරපු එක.....ඒකි තමා මේ හැමදේටම මුල......මට මතක් උනේ රත්න ශ්‍රී විජේසිංහයන් කියපු දෙයක්

සදට දොස් නොකියන්න

සද කුමක් කරන්නද

බාල වයසකින් මැරුණු

ප්‍රේමයකි තරු එලිය

" මම ආදරෙයි "

මම හද දිහා බලන් මිමිණුවා.....මට සමාවෙයන් මෙච්චර කල් ඒකට ගත්තට.....ආදරයක් හිතුනෙ ඔයාව දැක්ක දවසෙ කියලා කියන බොරුව මට කොහමත් කියන්න බෑ......මට කොහමටවත් ඒ පුංචි බොරුව කියලා ඔයාව රවට්ටන්න ඕන නෑ.....ඒක මහ බොලද උත්සාහයක්....ඔව් ඇත්ත ශෙනුල් ගැන මගෙ ආදරේ ප්‍රථම බැල්මෙන් ඇති උන එකක් නෙවෙයි

" මට සමාවෙන්න "

මම ආයම මිමිණුවා......මොකද මට බැරි උනා දැනෙන හැගීම් හරියට තෝරගන්න.......එක්කො මමත් අර කියන සම්මතේ කියන රාමුව බලන්න ඇති......කොහමහරි මට ඔයාට ආදරේ කියන්න ඕන

එච්චරයි

මට මතක් උනේ කලු ඇහිබැම යටින් තියන  ඒ කෝපි පාට ඇස් දෙක......ඒවා හරි හරියට කියවනවා ශෙනුල්......ඔය ඇස් කියෝනවා......මම ආසම ඔය කැමේලියා මල් හිනාවට......ඒක හරි සන්සුන් හිනාවක්......මම ආස කලේම උබේ ඔය සන්සුන් විදියටද මංදා......කොහමහරි මම දැන් ඔය හිනාවට අහුවෙලා ඉවරයි......නොදැනුනා නෙවෙයි බං උබ හැම නිතරෝම ඇස් වලින් නොකියා කිව්ව දේවල්.....එහෙම තේරෙද්දිත් මම ඕනකමින්ම ඒ තැන් මග ඇරියෙ දෙන්න උත්තරයක් එතකොට තිබුන් නැති හන්දා....මොකද එතකොටත් මම උන්නෙ සම්මතෙයි හැගීමුයි එක්ක අරගල කරනගමන් හන්දා

කොහමහරි පරක්කුවෙලා හරි කියන්න ඕන උබට මම ආදරෙයි කියලා

රහසක් කියන්නද

සමහර පිරිමි ආස නෑ බං හැගීම් පෙන්නන්න.....උන් පුලුවන් තරම් පපු ගල් කරගන්නවා.....බැරිම වෙලාවකදි ඇරුනහම එහෙව් පිරිමි කවද්ද කියපන් මම තමුසෙට ආදරෙයි කිව්වෙ.....ඒත්  ඒ පපු අස්සෙත් ආදරේ උතුරන්න තියෙනවා.....උන් කවදාවත් ලේසියකට ආදරෙයි කියන්නෑ බං.....මම උනත් අන්න ඒ කොටසට අයිතිවෙනකොට දැනෙන දේවත් හරියට පෙන්නන්නෙ කොහමද කියපන් ?? ඔව් ඇත්ත මම දන්නෑ දැනෙන දේ පෙන්නන්න

ඒත් මම දන්නවා ආදරෙයි නොකියා  ඒක දැනෙන්න දෙන්න

පහුවදා උදේ ඔලුව කැක්කුමත් එක්ක නැගිටපු මම ස්කෝලෙට ආවෙ අදවත් ශෙනුල්ව හම්බෙන්න හිතාන.....ගේට් එක ඉස්සරහ ඩියුටි උන්නු මල්ලිටත් හිනා නොවී බැරිකමට හිනා උන මම ඇතුලට එන්න ආවත් ඔෆිස් එක පැත්තෙ ඉදන් මේ පැත්තට දුවන් ආපු ලක්ශිතයා නිසා මම නැවතුනා

" ර්...රශේන් "

" කියපන්.......උබ හති අරිනවා......ටිකක් වෙලා ඉදලා කියපන් මොකද ඔච්චර කලබලවෙලා "

" ශ්.....ශෙනුල් මල්...ලිහ් "

ලක්ශිතයා හතිය අස්සෙන් ශෙනුල් ගැන කියනකොට ඊයෙ ඉදන් නොදැක්ක හන්දා මම කලබල උනා.....හරියට අරූට හති ඇරගන්නවත් දුන්නැති මම බිමට නැවීගෙන උන්නු ඒකගෙ උරහිස් වලින් අල්ලලා උඩට ඉස්සුවා

" ශෙනුල්.......එයාට මොකද කියපන් "

" මල්ලි...හ් මල්ලි ඊයෙ ඇක්සිඩන්ට් වෙලාලු බං "

ඌ කිව්ව දේත් එක්ක ඇගම පන නැතිවෙලා ගියෙ මම අඩියක් පස්සට යනකොට....හැප්පුනා.....කවුද

" මොකක්ද.....මොකක්ද උබ කිව්වෙ කියපන් "

" ශෙනුල් මල්ලි "

" තෙපරබාන් නැතුව කියපන් යකෝ මගෙ කොල්ලට මොකද "

" එයා ඇක්සිඩන්ට්වෙලා බං ඊයෙ.......ස්කෝලෙ ඇරිලා යනකොට කාර් එකකට හැප්පිලා.....මම දන්නෙත් අද....#### හොස්පිට්ල් එකේලු බං "

ඌ හරියට දෙයක් කියන් නැති තැන මම ඒ උරහිස් කැඩෙන්න තරම් හයියෙන් අල්ලන් හෙලෙව්වෙ මේ ස්කෝලෙ කියලවත් නොබලා වෙනකොට ලක්ශිත එහෙම කියද්දි මුකුත් නොකියා මං අහන්උන්නා......මගෙ ඔලුවට ගියෙ එක දෙයයි ඒ එයා හැප්පිලාලු....ඒත් එක්කම මට මතක් උනේ ඊයෙ පාරෙ උන්න මනුස්සයා කිව්ව දේ

ස්කෝලෙ ලමෙක් හැප්පිලා බං

ගෙනියනකොටත් හොදටම අමාරුයිලු

පව්

" රශේන් ! කොහෙද බං ඔය දුවන්නෙ ඔහොම නැවතියන් "

උන දේ එකින්  පැහැදිලි වෙනකොට ගේට් එක ලග උන්නු මම යුනිෆෝම් එක පිටින්ම දිව්වෙ හොස්පිට්ල් එකට

ප්ලීස් ජීසස් එයාව ආරක්ශා කරන්න......ඒ මගෙ සුරදූතයා

හොස්පිට්ල් එකට කොහම ආවද කියලවත් මට මතක නැතිකොට පපුව එකසිය ගානට ගැහෙද්දි වෙවුලන කකුල් වාරුකරන් මම ලිෆ්ට් එකෙන් ආවෙ එයා ඉන්නවා කිව්ව රූම් එකට......ඒ එද්දිත් එයාගෙ අම්මයි තාත්තයි ඉන්නකොට මම හිමි හිමින් ඒ පැත්තට ඇවිදන් ගියෙ හීනෙන් වෙනකොට මාව දැක්ක නැන්දා අඩාගෙන ඇවිත් මගෙ ඇගේ එල්ලුනා.....ඒ ඇස් ඉදිමිලා

" අ....නේ පුත්..තේ බලන්නකො මගෙ ද..රුවට වෙච්ච..හ් දේ.......ඒ මගෙ පන ඩිංග දරුවො "

සදූ නැන්දා කොච්චර ඇඩුවත් එයාව සනසන්න තරම්වත් මට සිහියක් නැතිකොට මගෙ ඇස් පැය ගානක් තිස්සෙ නැවතිලා තිබුනෙ රූම් එකේ දොර දිහාට....ඒත් එක්කම ඩොක්ටර් කෙනෙක් එලියට ආවෙ නැන්දා ඒ කෝට් එකේ එල්ලෙනකොට.....මම හැගීම් විරහිත ඇස් වලින් බලන් උන්නෙ එයා මොනා කියයිද කියලා

උබ අනිවාර්යයෙන්ම බේරෙනවා බං.......උබට සනීප වෙනවා

" ඩොක්...ටර් මගෙ දරුවා "

" සමාවෙන්න අපිට කණගාටුයි......එයාව බේරගන්න විදියක් නෑ......අපි උත්සාහ කලා ඒත් "

" ඒත් මොකක්ද යකෝ......තොපිට ඒකවත් හරියට කරගන්න බැයිද......මොකටද ඔය කෝට් එක දාන් ඉන්නෙ "

" ලමයො ප්ලීස් කාම් ඩවුන්.......මේක හොස්පිට්ල් එකක්......අපිට ඔයාලා ඉන්න තත්වෙ තේරෙනවා......ඒත් මෙහෙම හැසිරෙන එක වැරදී "

කිව්ව දේ විශ්වාස කරන්න බැරි තැන මම ඒ කෝට් එකෙන් අල්ලගෙන කෑගහනකොට එතන උන්නු දෙතුන් දෙනෙක් මාව අල්ලගත්තා......එහෙම කොහොමද එයාව බේරගන්න බෑ කියන්නෙ.....එයා බේරෙනවා

යකෝ ඒ මගෙ ආදරේ !!!

" අනේ මගෙ දරුවා දෙයියනේ !!!"

" අපිට සමාවෙන්න........අපි සෑහෙන්න උත්සහ කලා.......ඒත් ඒ දරුවා මෙහෙට ගෙනෙද්දිත් උන්න කන්ඩිශන් එක එක්ක එයාව බේරගන්න අපිට බැරි උනා......එයාට තව පැයක කාලයක් තියෙනවා ඔයාලට එයාව බලන්න පුලුවන්.....පුලුවන් නම් එයාව කලබල නොකර ඉන්න.......we did our best.....Again we are really sorry "

එහෙම කියපු ඩොක්ටර් ඔලුවත් පාත් කරලා යන්න යනකොට සදූ ආන්ටි ෆෙන්ට් උනා......අංකල් එහෙම්මම බිත්තියට හේත්තුවෙනකොට ශොක් උන පාර මම බිම ඉන්ද උනා

එයාට ඉතුරු පැයයිලු

කොහම විශ්වාස කරන්නද.....දැනිලා තියෙනවද තමන් ආදරේ කරන කෙනාට ජීවත්වෙන්න තියෙන්නෙ පැයක් කියනකොට ඒ දැනෙන හැගීම.......අනේ මම එදා එතනම මැරුණා බං

" අම්....මා "

" මගෙ වස්තුව "

දැන් පැය බාගෙකටත් වැඩිය ඉදන් අපි උන්නෙ රූම් එක ඇතුලෙ.....ශෙනුල්ව සුදුමැලිවෙලා ගිහින් තියනකොට එයා හුස්ම ඇද්දෙ බට ගොඩක් මැද්දෙ.....අංකල්.....නැන්දා අඩ අඩ ඒ මූන සිය දහස් වතාවක් අතගානකොට මම තාමත් දොර ලග ඉදන් බලන් උන්නා

ශෙනුල්ව දැක්ක හැටි.....ඒ හිනාව මතක සේරම තප්පර ගානක් ඇතුලත උඩු දුවනකොට පපුව හැරෙන වේදනාවක් දැනුනා

අන්තිම විනාඩි පහ !

මම තාමත් උන්නෙ පෑරෙන මතක එක්ක හුස්ම අල්ලන එයා දිහා බලන්

" අම්...මෙ "

" කියන්න වස්තුව "

" රශේ...න් අ..යියා එක්ක "

නැන්දලා යනකොට මම බලන් උන්නා......මගෙ දිහා බලපු ශෙනුල් හරි ලස්සනට හිනාවෙනකොට අනේ මට හීල්ලුනා

මට කියපන් මනුස්සයෙක්ට පුලුවන්ද ඔහොමත් හිනාවෙන්න.....

Shenul pov

" මල්ලි "

" මෙත...නට එන්න අයි...යෙහ් "

මම කිව්වෙ ඇද කොන පෙන්නන්න ගමන්......හුස්ම ගන්න අමාරුයි....පපුව හිරවෙලා යනවා.....අමාරුවෙනන් හුස්ම අල්ල කතා කරපු මම එයාට එන්න කිව්වා

" බයවෙන්න එපා ඔයාට සනීපවෙනවා ම්ම්ම් "

රශේන් අයියා මගෙ ඔලුවත් අතගාලා එහෙම කියනකොට මම කලේ හිනාවෙන ගමන් ඔලුව දෙපැත්තට වනපු එක....මොන තරම් ප්‍රාථමික බොරුවක්ද ඒක......මට තේරෙන්නෑ මාව ඒ සනසන්නද නැත්තනම් එයාගෙම හිත රවට්ටගන්නද කියලා

" ම්..මම ද්...දන්නවා මට වෙලා න්..නෑ කියලා "

" මොන බොරුවක්ද ඒක ම්"

" ඒ...ක මො..න බොරුවක්ද අයියෙ "

" ............"

මම හිමිහිට ඒ අත අල්ලගත්තා......අනේ තව ටික වෙලාවක් තිබුනනම් කියලා හිතුනා

" මට....මට සමාවෙන්න මල්ලි "

" මොකටද.......ඔයා වැරදි නෑ "

" ............"

" අය්....යෙහ් "

" කියන්න "

" ක්හැක්........මට....මට.....කියන්න ද්...ක්හැක් ත්....තියනවා "

" මටත්.......ඔය පරිස්සමට "

මම ඒ මූනට එබුනා....

" ප්....පොරොන්දු වෙන...වද මට.......ආ..යම ඉප...දීමක් තිබිලා මාව ඔයාට හම්බු...නොත් එදාට මා එක්ක හ්...හිනාවෙනවා කියලා  "

"  පොරොන්දුවෙනවා.......එදාට ඔයාව මගේම කරගන්නවා ම්......බයවෙන්න එපා ඔයාට මුකුත් වෙන්නෑ අපිට තව කල් තියනවා.......අපි වයසට යන්න ඕන "

ආයමත් එකම බොරුව...

" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන

මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද  ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න.....

පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන උනා තව එක පාරක් ඔය වලව්කාර ඇස් ඇතුලට එබිලා ගනන් හදන්න......මේ කීවෙනි පාරටද මම අතරමංවෙන්නෙ ඇත්තටම?? මංවත් දන්නෑ......මට උත්තරයක් ඇත්තෙත් නෑ

" ඇහැළ කියන්නෙ මට අනුව ආදරේ සංකේතයක් විද්වාන් " ඔයා කිව්වෙ එහෙම......මට ඇහුනෙ එහෙම......අනේ ඇත්තට තප්පර කට්ටටවත් බැරිද නිකමට ටිකක් නැවතිලා හති අරින්න

මිනිස්සු අධිමාත්‍රාවෙන් ප්‍රේම කලහමත් අසරණවෙන තැන් එනවා......අන්තිමට මම තේරුම්ගත්තෙ එහෙම.......එයා උනත් දැනගන්න ඕන ම  ' ප්‍රේම ' කලේ ඇත්තටම වග......එච්චරයි !

ඇත්තටම අපි ආදරේ කලාද ?? අපි ආදරේ කරන්න ඇති....සමහරවිට එහෙම නැතුවත් ඇති....ඒ කොහම උනත් ඒ ඇවිත් සදාතනික මිත්‍රත්වය නෙවෙයි....ඒ විශ්වීය හැගීමට අපිට ආදරේ කියන්න බැරිනම් කමක් නෑ අපි එහෙම නොකියා ඉමු.....හැබැයි යාලුකම කියන නම නොදී ඉන්න පරිස්සම් වෙමු....මොකද අපි දෙන්නම හොදාකාරවම දන්නවා අපි ඒ කලේ උගුරට හොරා බේත් බීපු එක බව

කොහමත් ගනන්කාර බැල්මකට අහු උනාම ගැලවෙන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි....හදවත උනත් ට්‍රැක් පයින මේ පලවෙනි වතාවත් නෙවෙයි....හැමවෙලාවකම හිනාවෙන අය වගේ නෙවෙයි ඉදලා ඉදලා කලාතුරකින් හිනාවෙන මිනිස්සුන්ට තියෙන්නෙම මායා කුඩු කිලෝ ග්රෑම් පිටින් ඉහාපු හිනාවල්....නෑ මම කියන්නෙ ඒ ඇවිත් ' මිලාධික' හිනාවල්...

ගනන්කාර බැල්මවල් අයිතිකාර පාර්ශවයන්ට පුලුවන් තමන් ප්‍රියතම ආත්ම තමන්ට ආකර්ෂණය කරගන්න හරි අපූරුවට.....ඒවා ඇවිත් හරියට නිකන් රෙඩ් වයින් උගුරක් වගේ.....ඔය මිනිසුන් පුලුවන් කැලික්ටස් තමන්ට දැනෙන දාහකුත් හැගීම් කිසි හිතක් පපුවක් නැති විදියට අර ග්ලැසියර පපු දාතු අස්සෙ හංගගන්න....පස්සෙ මුකුත්ම නොවුනා වගේ හැසිරෙන්න

ඔව් එයා හරි.....එයා සීයට සීයක් හරි.....මල් උනත් පිපෙන්න ඕන හරිම කාලෙට.....එතකොටයි ඒවා ලස්සන....ඉතින් මේ ඇවිත් මල් පවා නොපිපෙන  සෘතුවක්.....!කොහොමහරි අවසානයට හැරිලා බලද්දි ලස්සන මතක හුගක් තියේවි....නොලියූ පෙම් කවි නොකියූ පෙම් බස් නම් එමට තියේවි.....එයාට මගෙ හැගීම් තේරුනේම නැද්ද ??මම ආය ආයම කියනවා ඇස් වලටත් කතා කරන්න පුලුවන් කියල මම ඉගෙන ගත්තෙත් ඔයාගෙන්.....ඉතින් එහෙව් ඔයාට මාගෙ ඇස් කියපු කතා නොතේරුනා වෙන්න බෑ නේද?? මම කිව්වනෙ ඒකට කමක් නෑ කොහමත් මම කලේ ප්‍රේමයක් මිස ආදරයක් නොවන හන්දා....මේ ඇවිත් පසු වදනක් නැති කතාවක්

ඔයා හරි ඇස් කියන්නෙම මායාවක් කැලික්ටස්....

ඔයා දන්නවද කැලික්ටස් අර කලු ඇස් අයිතිකාරයගෙ දාහකුත් කතා මම කියෙව්වා....කෝටි ප්‍රකෝටි ගනන් හැගීම් හිරවෙලා තිබුන ඒ ආඩම්බරකාර ඇස් මට දැනුනා....ඉතින් මහ මුහුදෙ ගැඹුරුතම රහස් පවා අවසානයට මම දැනගත්තා....දිලිසෙන තාරකා කැට මන්දාගිනි වල්ගාතරු ඔය ඔක්කොම පාස් කලාට පස්සේ කලු කුහරෙක අතරමං වෙනවා කියන්නෙත් එසේ මෙසේ,මායාවක් නෙවෙයි කැලික්ටස්....! තව එක දෙයක් ඔයාට පුළුවන් නම්. විතරක් පොතේ මුලටම ගිහින් පිදුම මෙන්න මෙහෙම වෙනස් කරන්න ' අවාරයේ හමුවූ කලු ඇස් අයිතිකරුට ' කියලා

ප්‍රේමය කියන්නෙම අයිතියකට නෙවෙයි......ප්‍රේමය කියන්නෙම දැනෙන තැන නතරවෙන එකත් නෙවෙයි....ඒක ඇවිත් හරි ලස්සන අව්‍යාජ හැගීමක්

සමහර මිනිස්සුන්ට පුලුවන් ලැබීමක් නැතුවම ප්‍රේම කරන්න.....ඒ ඇවිත් සංසාර පුරුද්දද මංදා.....ඒ කොහොම උනත් මම කිව්වනෙ මේ ඇවිත් අයිතියක් ගැන නෙවෙයි !

එහෙම බැලුවාම පාට වියකිලා ගිය මල් පෙත්තක් උනත් හරි රෝමාන්තිකයි.....සමහර හිත් ආදරේ කරනවා හරි අපූරුවට........

ඉතින් මේ ඇවිත් අධිමාත්‍රිකව ගෙවුන වින්ටේජීය මතකයන් !!!

ස්තූතියි ඒ වගේම සමාවෙන්න

ඉතින් මේ ඇවිත් අන්තිම වතාව මම ඔයාට මෙහෙම කියන

" අයියෙ "

" කියන්න "

" ආදරෙයි "

" මාත් "

ඉතින් මං ගොලුවෙලා ගියා......නොහිතපු වෙලාවක කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් ඇහෙනකොට ඇත්තමයි මම උනත් පුදුම උනා....අපරාදෙ එක්කො ඔයාට ඕක කලින් කියන්න තිබ්බා ඒත් බැරිනම් නොකියා ඉන්න තිබුනා

" මම ඔයා...ගෙන් ද්...දෙයක් ක්හැක් ගත්තතොත්  තරහවෙන්නෑ නේද මාව එක්ක "

" කොහෙත්ම නෑ ! "

රශේන් අයියා එහෙම කියනකොට මම ඒ තොල් වලට මගෙ තොල් තදකලේ ඒ අතක් මගෙ ඔලුව පිටිපස්සට වෙන්න නවතිනකොට.....මම දන්නවා ඉක්මන් වැඩී කියලා.....ඒත් පුංචි වරදකට මට පව් පිරෙන එකක් නෑ......මම බලාපොරොත්තු උනා ඒත් මෙහෙම නෙවෙයි

පියන් උන්නු ඇස් අස්සෙන් රූට්ටපු අහංකාර කදුලු කැටයක් සුදු රෙද්ද උඩට වැටෙනකොට මට දැනුනෙ පපුව හැරෙන යන තරම් වේදනාවක්.......හිරවෙන පපුව වාරුකරගෙන ඒ මූන ලාවට මම අතගෑවා......ඔයා තාමත් දක්ශයි දැනෙන හැගීම් හංගන්න

පලවෙනිම වගේම අන්තිම හාදුව !

ටීන්න්න්න්.........

අවසානයටම ඒ මූන උඩ තිබුන මගෙ අත එක පාරටම කඩන් වැටුනෙ බාගෙට පියවෙලා තිබුන ඇස් තදට පියවෙලා යනකොට

" මට සමාවෙන්න "

ඉතින් අපි හම්බෙමු.......අනිවාර්යයෙන්ම දවසක !

Author pov

ප්‍රේමනීය හදවත් කාෂ්ටක නියගයකට අහුඋනහම

ඉස්සෙල්ලම ඉරිතලනවා

අවසානයටම අර කඩතොලු තැන් වලින් දුම් පිටවෙලා ගිනිගන්නවා

ඔය කොහම උනත් ආදරේ අත අතනෑර ඉන්නවා......මිනිස්සු හුස්ම ගන්නවා.....බැරිම තැනකදි මැරෙනවා

මම අදටත් කියනවා මට හම්බුන ' හොදම ' හමුවීම ඔයා ! මට කොහෙත්ම බැරිවෙයි මුට්ටාස්ට වගේ ටඡ්මහලක් හදවන්න....හැබැයි මට පුලුවන් සංසාරයක්  ඔය නලල උඩ තියලා ඔයා වෙනුවෙන් තව කල්පයක් බලන් ඉන්න

ඒ ගෙවුන දවස් මායාකාරී

ආ නැද්ද ???

මම ආය ආයම මතක්කරනවා ආදරේ තියෙන්නෙ පරාදවෙන්න පුලුවන් අයට

ඉතින් හිතවතුනි,

' දරාගන්න '

🌼 🥺🥺🥺🥺🥺🥺

Share This Chapter