Back
/ 47
Chapter 31

🌼 Chapter 30 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

ප්‍රේමණීය සංසාරිකයා

මේ මොහොතේත් ණය පියවනවා විය හැකිය...

ණය පියවා පිටවගියා විය හැකිය

නැතිනම්

ණය පියවන්නට මගබලා සිටිනවා විය හැකිය....

ඉතිං ණය පියවාගත් කල වෙන්ව ගියද

සංසාරයට ප්‍රේමණීයයන් හමුවන්නේ නම් එය කෙතරම් අගනේද ??

( උපුටා ගැනීමකි )

' සබ්බං පහාය ගමනීයං

සියල්ල දිනෙක හැරදා යුතු ය.... '

මම දන්නෑ කොහම කියලා එයාගෙ ගෙදර ආවද කියන්න......මම එන්නෑ....මට එන්න ඕන උනේ නෑ......මගෙ අත් උඩට අවසානතම තප්පරයෙ ශෙනුල් වැටෙනකොට මම හොද සිහියෙ උන්නෑ.....මට දැනුනෙ අන්ත අසරණකමක්......හැම දේකින්ම පැරදුනා වගේ......හැම හැගීමක්ම එයා එක්ක මැරිලා ගියා වගේ

එයා ?? නෑ ඒ මගෙ හුස්ම පොද

මම දන්නෑ මගෙ මුලු ලෝකෙම ඇස් ඉස්සරහ කඩන් වැටුනෙ කොහමද කියලා......මම තාම විශ්වාස කරන්නෑ......මම පිලිගන්න කැමති නෑ මගෙ හුස්ම මාව දාලා ගියා කියලවත්.....මැශින් වල තනි ඉර වැටුනෙ කොයි වෙලාවෙද සදූ ආන්ටි එක්ක අංකල් ඇතුලට දුවන් ආවෙ කොයි වෙලාවෙද අඩුම මම මෝචරිය ඉස්සරහ කෑ ගැහුව හැටිවත් මට මතක නෑ

" මචං අපි යමු......මළ ගෙදර වැඩ තියනවා.......ආන්ටි අංකලුයි ඉන්නෙත් හොද සිහියකින් නෙවෙයි.......අපිට තේරෙනවා ඕයි උබව......වැටෙන්න එපා බං "

එවෙලෙ ඇවිත් පසන් පිටට තට්ටු නොකරන්න මම තාමත් මෝචරිය ඉස්සරහ......සුදු රෙද්දකින් වහලා එයාව ගෙනියනකොට මාව පන නැතිවෙලා ගියපු හැටි දන්නෙ මම විතරයි....මිදුලට යන්න ගියපු මගෙ කකුල් නැවතුනේ ගේට් එකේ ගහලා තිබුන බැනර් එකට

ශෙනුල් විද්වාන් සොයුරාට නිවන් සුව !

එන පාර දිගටම සුදු කොඩි ගහලා......ආය ආයම පපුව හූරගෙන යනකොට හරිහැටි අඩාගන්නවත් බැරි මම බැනර් එක දිහා බලලා ඇතුලට එන්න ආවා......ඒ යනකොටත් ස්කෝලෙ කොල්ලො ටිකක් හට් ගහනකොට මේ ලෝකෙ සිහියෙන් නොවුන මම හීනෙන් වගේ ඇවිදන් ආවෙ එයාගෙ කාමරේට

ලැවැන්ඩර් සුවදක් !

ඉතින් ඒ එයාගෙ සුවද.......මෙච්චර වෙලාවක්ම වැට කඩුලු දාන් තිබ්බ කදුලු ඇස් කෙවෙනි පොඩි කරනගමන් වාන් දැම්මෙ උගුර අස්සෙ හිරවෙලා තිබුන ඉකිය එලියට පයිනකොට.......අඩන්න ඕන උනත් අඩාගන්න බැරිකොට මම එහෙම්මම ඔලුව බිත්තියේ ගහගත්තා

උබට ඉන්න තිබ්බා බං

මම දන්නෑ කොච්චර වෙලාවක් මම එහෙම උන්නද කියලා උගුර අස්සෙ මොනාදෝ හිරවෙලා වගේ තියනකොට යටි තොල තදට හපාගත්තු මම ඇදෙන් ඉදගත්තා.......මුලු කාමරේ පුරාවටම ලැවැන්ඩර් සුවදයි......හැම නිතරෝම අත රොත්තක් නැතුව කියවන කෝපිපාට ඇස් දෙක සැරෙන් සැරේ මතකෙට ඇවිත් යනකොට දරන්න බැරිම තැනකදි මම කලේ කාටත් හොරාට මාවම හූරගත්තු එක......කොන්ඩ ගස් ගැලවිලා යන තරමටම තදට අත් වලින් ඇදගත්තු මම හෙඩ් බෝඩ් එකට ඔලුව ගහගත්තා

දඩස්.......

මම හිතන්නෙ අවසිහියෙන් ගහගත්ත පාර හොද පාරක් වැදුනත් ඒකවත් මට ගානක් ගියෙ නෑ......අංකලුයි ආන්ටියි කොහෙදවත් දන්නෑ.......එලියෙ වැඩ කරන මිනිසුන්ගෙ සද්ද බද්ද ඇහෙද්දී මම කලේ එයාගෙ පොත් මේසෙ පුරාව ඇස් ගෙනියපු එක.....ගානකට පිලිවෙලකට හදපු පොත් මේසෙ කොනකට වෙන්න රාමු කරපු විද්වාන්ගෙ පොටෝ එකක් තියෙනකොට ඇස් වලින් ගලන්යන කදුලු කැට වලට නිදහසේ ගලන්යන්න දුන්න මම කකුල් වෙවුලත් නැගිටලා ගිහින් ඒ පොටෝ එක අරන් පපුවට තුරුල් කරගත්තා

" මට....මට ක්...කියපන් ඇයි රත්තරනේ උබ..ට්හ් යන්න ඕන උනේ....මට කියපන් ඇයි ඒ......මම බලන් උන්නා බ්...බං.....මම  කියන්නනෙ උන්නෙ ඔයාට.....ඇයි ඒකවත් ඇහුවෙ නැත්තෙ "

" ඇයි ජීසස් එයාව ඔයා ලගට ගත්..තෙ......ඔයා හ්..හැමදාම ගත්තෙ මම ආදරේ කරන අයව.....ඉස්සෙල්..ලාම අම්මා....හ් ද්..දැන් විද්වාන්......ඔයාට එයාව මට දෙන්න තිබුනා......ඒ මගෙ පොලියානා "

" මිනිය ගේනවා කියන්නෙ කීයටද "

" හෙට පාන්දරවෙනවා කියන්නෙ "

මං අහන් උන්නා.....විද්වාන්ගෙ පොටෝ එක පපුව තුරුලු කරන් උන්න මම එතනම බිම ඉන්ද උනේ එලියෙ ගෑනු දෙන්නෙක් කියපු කතාවට.....මිනිය ?? හහ්.....දන්නවද මගෙ මැණික අපි මැරුනහම ඉස්සෙල්ලාම නැතිවෙලා යන්නෙ අපේ නම බං.....වෙන වෙලාවකනම් මම ඕකට බයිනවා ඒත් දැන් ඉන්නෙ  මම මාවවත් තේරුම් ගන්න බැරි තත්වෙක....මොකද මම උන්නෙ මේ ලෝකෙ සිහියකින් නෙවෙයි

" මට තාම විශ්වාස කරන්න බෑ විද්වාන්.......මට තාම විශ්වාස නෑ......මේක හීනයක් නම් මට නැගිටින්න ඕන මල්ලි "

" ඇයි ඕයි රියලිටි එක මෙච්චර බර.......එදා කිව්වා වගේ ඔයත් අම්මා ලග ඉදන් මං දිහා බලන් ඉන්නද හදන්නෙ ඔය.......ඇයි එතකොට අපි පුරාවෘත්තයක් වෙන්න ඕන නැද්ද.......ඊලග වසන්තෙ ගස් වල මල් පිපෙන හැටි ඒවයින් මල් ඔටුනු හැදෙන හැටි අපි බලන්න ඕන නැද්ද ම්ම්ම් "

" එක්කො මම නොමළ ගේකින් කොහමහරි අබ මිටක් හොයාගන්නද මල්ලි........එහෙම උනොත් මට ඔයාව ආයම දකින්න පුලුවන්ද "

මම ඔහේ කියවන් ගියෙ විද්වාන්ගෙ පොටෝ එක පිරිමදිනගමන්......මට ඊයෙ රෑ පපුව රිදුන හේතුව දැන් හොදටෝම පැහැදිලියි......පපුව රිදෙනවා ඕයි හරියට

" ඇහුනද ඔයා එනකොට රෑ වෙනවලු විද්......ඇයි එච්චර වෙලා යන්නෙ.......මට නොකියා මුහුද බලන්න යනවද.......එහෙම උනොත් ඉස්සො වඩේ කනකොට පරිස්සමට හරිද.......මොකද හැමදාම මම ඉස්සො වඩේ ගන්නෙ ලුණු අඩුකරලා......ඔයාට බඩ රිදෙනවනෙ මල්ලි"

ඇතියි කියලා හිතෙනකම්ම ඒ මූන අතගෑව මම එයාගෙ පොටෝ එකත් තුරුලු කරගෙන එතනම වකුටු උනා

....රිදුම් පිරිමදින හදවත් මියයන්නේ හුස්ම නැවතීමෙන් නොව ප්‍රේමණීය හැගුමන් අවසන් වූ කල්හිය....

ඔයා දන්නවද මම ඔයාට ආදරෙයි.....ඔව් ඒක ඇත්ත මට කොහමත් බෑ ඔයාට වගේ හැගීම් පිටට පෙන්නන්න.......මම ආස ඔයාගෙ ඔය කැමේලියා මල් හිනාවට.....ඉතින් දන්නවද කෝපි පාට ඇස් වලින් හිනාවෙනකොට ඔය ඇස් කොන් හීනි වෙනහැටි මම බලන් ඉන්නවා.....සමනල් හාදුවක් දෙතොල් අග තවරන්න හිතෙනවා......ඒත් ඒ වෙලාවට මුකුත් නොකියා මග ඇරලා යනවා......මොකද සමහර තැන් අපිට මග ඇරෙනවා.....නැත්නම් ඕනකමින් මග අරිනවා

ඉතින් වචනයක් ඔනමද මැණික ආදරෙයි කියන්න

" අනේ මගෙ දරුවා !!.........දෙයියනේ ඔයාට මොකක්ද මේ උනේ වස්තුව.........ඇස් ඇරලා බලපන්කො රත්තරනේ අම්මා දිහා.......සුදු පුතා "

බිම උන්නු මම නැගිට්ටා.....ජයරත්න මල් ශාලාවේ වාහනේ මිදුලෙ නවතින සද්දෙ ඇහෙනකොට ආයමත් සදූ ඇන්ටිගෙ විලාපෙ ඇහුනා......එයා කෑ ගහනවා......ඒ කෑ ගහන විදියට මට රිදෙන්න ගන්නවා......ඇයි.......ඇයි මෙහෙම උනේ......කන් ඇතුලෙන් විද්වාන්ගෙ හිනා සද්දෙ එයා කියපු දේවල් ඇහෙනකොට මම හයියෙන් දෙතුන් සැරයක්ම මගෙ පපුවට අත මිට මොලවලා ගහගත්තා

වේදනයි.....

අයියෙ.......

.............

ආදරෙයි !

අපරාදෙ එදා ඕන දෙයක් වෙන්න කියලා මට උබට ආදරෙයි කියන්න තිබුනා.....ඒක තේරෙනකොට මම සෑහෙන්න පරක්කුවෙලා

" රශේන්......මචං "

"................."

" මල්ලිව ගෙනාවා.......එන් නැද්ද බලන්න "

මම හැගීමක් නැති ඇස් වලින් බැලුවෙ මගෙ ඉස්සරහ උන්නු පසන් දිහා.......මට මගෙ කොල්ලව බලන්න යන්නලු......ඒත් කොහමද ?? මම දරාගන්නෙ කොහමද

" මම කොහමද බං කොල්ලව ඒ විදියට බලන්නෙ........මම හිත හදාගන්නෙ කොහමද  "

" ඕයි.......අනේ කොල්ලො අඩන්න එපා බං........අරහෙ පසිදුලත් අඩනවා "

" උබ පලයන් මම එන්නම් "

මම ඇස් වලින් කඩන් වැටුන කදුලු පිහිනගමන් එහෙම කියනකොට පසන් පිටට තට්ටුවක් දාලා යන්න ගියා......දැනෙන හැම වේදනාවක්ම දියකරලා දාන්න ලොකු හුස්මක් ගත්තත් මොකද ඉහලට ඇදපු හුස්මත් හිරවෙනවා වගේ දැනුනා

වෙවුලන කකුල් වාරුකරන් මම සාලෙට එනකොට එතන එකම විලාපයයි......යසිරුලා එහෙන් අඩනවා......අර මනුස්සයො එහෙන් අඩනවා........මට අඩාගන්න බැරි තැන දරාගන්නවා......මට දැනුනෙ පපුව දිගේ සීරුවට පිහි දාරයක් අරන් යනවා වගේ......මගෙ කොල්ලව ගෙනල්ලා.....මම තාම උන්නෙ උදේ ඇදපු යුනිෆෝම් එක පිටින්........ඒකත් තැලිලා ගිහිල්ලා

ආයම උගුර අස්සෙ මොනාහරි හිරවෙලා වගේ දැනෙනකොට පපුව ඉදිකට්ටකින් හාරන තරම් වේදනාවක් දැනුනා......ඇස් වලින් සට සට ගාලා කදුලු කැට පෝලිමට බිමට වැටෙනකොට මම වෙවුලන අත දික්කරනගමන් හරි පරිස්සමට ඒ මූන අතගෑවා........එයා උන්නෙ ස්කූල් යුනිෆෝම් එකෙන්......බැජ් එක එක්ක ටයි එක දාලා තියනකොට අනිත් අතින් මම ග්ලවුස් දාලා තිබුන ඒ අතක් අල්ලගත්තා

සීතලවෙලා ගිහින්......අනේ එයා සීතල වෙලා ගිහින්.........ඒ ඇස් තදට පියවෙලා ගිහින්.......එයාට නින්ද ගිහින්......ඒ ග්ලවුස් දාලා තියන අතක් මගෙ අතකට හිරවෙලා ගිහින් තියනකොට මම ඒ නලල කොනක තොල් තද කලේ ඇස් අගින් ගිලිහුන කදුලු කැටයක් ඒ මූන උඩට වැටෙනකොට......කෝ බං උබේ ලැවැන්ඩර් සුවද.....කෝ වෙනදට උබ ලගින් එන ඒ සුවද

මම ඒ පපුවට අතක් තිබ්බා.....ඒක දැන් ගැහෙන්නෑ........ඒක......ඒක නැවතිලා ගිහිල්ලා........එයාගෙ පපුව නැවතිලා දෙයියනේ.......මම බලන් උන්නෙ සැනසීමේ ඇස් පියවන් උන්න මගෙ හුස්ම දිහා......ඒ මූනෙ වෙනසක් නැතිවම අදත් ලා හිනාවක් ඇදිලා තිබුනා

කොහමද බං තාමත් ඔහොම හිනාවෙන්නෙ ??

" ඌ මගෙ පන බං "

මම කිව්වෙ මගෙ ලගට ආපු ලක්ශිතට....

" උබට අඩන්න ඕන නම් අඩපන් රශේන්.......ඔහොම වේදනාව හිරකරන් ඉන්න එපා බන් "

" එතකොට එයා ආයම එයිද ?? අම්මා තාත්තා අඩනකොටත් ආවෙ නැති එයා මම අඩනකොට එයිද බං.........මගෙ කොල්ලා මා එක්ක තරහවෙලා.......ඒකයි ඔය "

" මචං "

" මම එයාව කොහමහරි යාලු කරගන්නම් බං......මම යාලු කරගන්නම් "

මම කිව්වෙ ආයම සැරයක් ඒ නලල උඩ මගෙ තොල් තද කරලා

*

*

*

මම උන්නෙ ස්කෝලෙ ඇහැළ ගහ යට......ඇහැළ ගහේ මල් පිරිලා ගිහින්......ඒවායෙ මල් පිපිලා........ගහට හේත්තුවක් දාන් මම බලන් උන්නෙ මගෙ ඉස්සරහ ගල් බැංකුවේ ඉදන් උන්නු විද්වාන් දිහා.....ඒ අත් අස්සෙ කතා පොතක් හිරවෙලා ගිහින්

" අයියෙ......"

" ම්ම්ම් "

මම එයාට හූමිටි තියනකොට හෙමි හෙමින් මගෙ ලගට ආපු විද් මගෙ අතකින් අල්ලගත්තෙ මම ඒ මූන දිහා බලන් ඉන්නකොට.....අදත් ඒ මූන පුරාවටම හිනාවක් ඉහිරිලා ගිහින්.....වෙනදට එන ලැවැන්ඩර් සුවද තදට දැනෙනකොට විද් කලේ අර කෝපි පාට ඇස් වලින් හිනා උන එක

" පොරොන්දු වෙනවද "

" මොකක්ද "

" ආයම අඩන් නෑ කියලා......ලස්සනට ජීවත් වෙනවා කියලා "

" ............"

" ආ අයියෙ........පොරොන්දු වෙනවද "

" මට බෑ "

" අයියෙ ! "

විද්වාන් පොරොන්දු වෙන්න කියනකොට මම කලේ රවාගෙන බෑ කිව්ව එක.....දාලා යන්න වගේ මේ පොඩි එකාගෙ කතාව

" අනේ පොරොන්දු වෙන්නකො අප්පා "

" බෑ "

" රශේන් අයියේ...හ් "

" හා බන් හා "

විද්ගෙන් බේරෙන්නම බැරි තැන මම හා කියනකොට එයා මා එක්ක හිනා උනා.....අල්ලගෙන උන්නු මගෙ අත ලාවට පිරිමැදපු කොල්ලා කෙලින්ම බැලුවෙ මගෙ මූණ දිහා

" අයියෙ "

" ම්ම්ම් "

" ආදරෙයි "

" රශේන්......මචං.......දැන්වත් නැගිටපන් "

මම ගැස්සිලා ඇහැරුනා.....පසන් ලගට ඇවිත් කතා කරනකොට එයාගෙ පෙට්ටිය ගාව ඇස් පියන් උන්නු මම ගැස්සිලා ඇහැරුනා.....

" මේ කෝට් එක ඇදගනින් කොල්ලො '

" කෝට් එකක් ?? මොකටද "

" මල්ලිව අද ගෙනියනවා "

" ගෙනියනවා......කොහාටද "

" රශේන් හරි සිහියට වරෙන් "

එහෙම කියපු පසිදු එලියට යනකොට නැගිටගත්තු මම බැලුවෙ නිදන් උන්නු එයා දිහා......තාමත් ඉවර නැද්ද තරහ පිරිමහලා.......දැන්වත් නැගිටපන් මල්ලි.......ඒ අතක් මගෙ අත් අස්සට හිරකරගත්තු මම ඒ නලලට මගෙ නලල හේත්තු කලා

ආයම ගල්වෙලා තිබුන කදුලු ඇස් වලින් එලියට පයිනකොට ආය ආයම තුවාලයක් පෑරෙන්නා වගේ මගෙ වේදනාව පෑරුනා......මම ඇඩුවා......කෑ ගැහුවෙ නැතත් මම ඇඩුවා

" රශේන් අයින් වෙයන් "

පසන් ආයම ඇවිත් කිව්වත් මම අයින් උන්නෑ....ඒ අත තව තවත් තදට අල්ලගත්තු මම එහෙම්මම උන්නා.....උබව ගෙනියනවලු වස්තුව......අද උබව ගෙනියනවලු......අනේ බං උබට තනියම ඉන්න බෑනෙ.......නැගිටපන්කො

" උබට මෙච්චර ඉක්මනට යන්න ඕන උනාද මැණික "

" මට කියපන් ඔය මාත් එක්ක තරහවෙලාද වස්තුව ගියේ......මම.....මට තේරුම්ගන්න කල් ගියා බං "

" මට සමාවෙයන් "

" නැගිටපන්කො මම ආදරෙයිනෙ මල්ලි "

" රශේන් ඇති "

" බෑ යකෝ ! මට ඉන්න දීපන් "

පසන් බලෙන්ම මාව අහකට කරනකොට මෙච්චර වෙලාවක්ම ඔක්කොම කාගෙන උන්නු මම කෑ ගැහුවා......මෙච්චර වෙලාම කාටත් හොරෙන් අඩපු මම කෑ ගගහා අරුන්ව තල්ලු කලා.....ඇයි මුංට තේරෙන් නැත්තෙ.....ඇයි තේරෙන් නැත්තෙ එයා තනියම කියලා

" රශේන් "

" අත ඇරපන් යකෝ මාව......ඒ මගෙ කොල්ලා යකෝ.......ඌව මට තනි කරන්න බෑ.......ඌ බයයි "

මම කෑ ගැහුවත් වැඩක් උන් නෑ.....මම කොච්චර කෑ ගැහුවත් වැඩක් උන් නැති තැන මාව අපේ පන්තියෙ කොල්ලො දෙතුන් දෙනෙක් අල්ලගත්තෙ පෙට්ටිය  වහලා දානකොට

" වහන්න එපා බං......අනේ මං වදින්නම් ඕක වහන්න එපා.......අත ඇරපල්ලකො මාව "

" අනේ මගෙ දරුවා ! "

" රත්තරනේ මයෙ අම්මා !! "

" සුදු පුතා !! මගෙ කොල්ලා ! මගෙ පණ ඩිංගනෙ අයියො අර අරන් යන්නෙ "

සදූ ආන්ටි පපුවට ගගහා කෑ ගහනවා.......අංකල් ෆෙන්ට් වෙන්න යනකොට කවුරු හරි ගිහින් අල්ලගත්තා.....පසිදුලා හයියෙන් අඩනකොට මල් වඩම් ඉස්සුවා

ඉතින් උබ යන්නම යනවා!

සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා

පපුව එක දිගට හූරගෙන යනකොට අවසිහියෙන් උනත් මම පෙට්ටියට කර ගැහුවා.....මගෙ එහා පැත්තෙන් පසන් ඉන්නකොට පිටිපස්සෙ ලක්ශිත එක්ක ස්කෝලෙ අපේ පන්තියෙ කොල්ලො උන්නා......පෙට්ටියේ කොනක් මගෙ උරහිස උඩ නතරවෙනකොට මම දස දහස්වෙනි වතාවටත් එතනම මැරුණා

අනේ උබව මම එදා වාරු කරගත්තට මැරෙන්න ගිය මාව වාරුකරගන්න කාටවත් බැරි උනා විද් !

මල් වීදි අතර සඟවා

ගිය හාදු ඇතිද බැලුවා

වැල් පාලම ගත සොලවා

අපි බයද කියා බැලුවා

සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා

අපේම කොල්ලො උබේ මල් වඩම් උස්ස ගන්නකොට එදා ගමේ ඔක්කොම උබෙ පස්ස පාරෙ වැටුනා.......උබේ අම්මා සෑහෙන්න ඇඩුවා........තාත්තා දරාගත්තා......හැබැයි මම එදා එතනම මැරුණා

වැදි රජුට කඩුව පවරා

වල ලගදී මනමේ හැඩුවා

ඒ මතක සියලු සඟවා

මහවැලිය ඔහේ ගැලුවා

සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා

" නැවත අපි අතරම ඉපදේවා "

කවුදෝ කෙනෙක් කියනවා ඇහුනා......අවසිහියෙන් දාපු පස් පිඩක් උබේ පෙට්ටිය උඩට වැටෙනකොට අනේ  බං මගෙ හුස්ම හිර උනා......උබ එක්ක උන්නු හැටි ඔය හිනාව එක දිගට මතක් වෙනකොට ශරීරෙ තිබුනට එදා මගෙ මුලු ආත්මයම මැරුණා

ඉතින් තවත් එක හදවතක් නතර උනා......උබේ තනියට පත්තු කරපු ඉටිපන්දම් විතරක් ඉතුරු උනා......සොහොනට ආපු මිනිස්සු ඔක්කොම යන්න ගිහින්......එයාගෙ අම්මා තාත්තා......යසිරුලා පසන්ලා ඇරුනහම මම විතරක් ඉතුරු උනා......හිටන් ඉන්න පණ නැති උන මම එහෙම්මම පස් උඩ දනගහගත්තා...

පිං තියන මගේ මැණික ආයම ඉපදියන් මගෙ ඇස් මානෙම......මම බලන් ඉන්නවා !

ඉතින් දැන් නික්මෙන්න.....නමුත් යළි අප හමු නොවනවා යැයි නොපවසන්න.....අප හමුවිය යුතුම ය......කොමාවක් යෙදූ කතාව දිනෙක සම්පූර්ණ කල යුතුම ය.....ඉතින් අප හමුවෙමු !

මරණය ලං වන්නාවූ අවසන් මොහොත තෙක් මා ඔබ එනතුරු දෑස් දල්වා බලා සිටිමි

🌼   බායි.......🤍

Share This Chapter