Back
/ 47
Chapter 32

🌼 Chapter 31 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

' ආදරණීය අලු ඇස් අයිතිකරුට '

පොතේ මුල්ම පිටුවෙ තිබුනෙ එහෙම.......අදත් වෙනදා වගේම පොත පෙරලපු මගෙ ඇස් මුල් පිටුවෙ සෑහෙන වෙලාවක් නැවතුනා.......මම ආය ඒක කියෙව්වා.....ඒත් සැටිස් නෑ කියලා හිතුන තැන ආය ආයම කියෙව්වා......රූල මැදට වෙන්න නිල් කාබන් පෑනකින් ලියවුන ලස්සන අකුරු කීපයක්.......මගෙ අතේ හිරවෙලා තිබුනෙ විද්වාන් එදා දවසක මට දුන්න එයාගෙ පොත ලග.......මම හැම දවසකම මේක පෙරලන්න ඇති.....පෙරලලා කියවන්න ඇති.....දුක හිතුන වේලාවට වේදනාවක් දැනුන වේලාවට තනිකම උපරිමයටම ගියපු වෙලාවක සිය දහස් වෙනි වතාවටත් මම මේ පොත කියවන්න ඇති

ඉතින් අදත් එයාගෙ පොත පෙරලපු මම පලවෙනි පිටුව ලග සැලකිය යුතු වෙලාවක් අරන් නැවතුනා......වෙනසක් නෑ කලින් හැගීමම යි........ආදරය එක්ක වේදනාවක්?? අපෝ මොන පිස්සුද මේ ඇවිත් තනිකරම වේදනාත්මක පසුතැවීමක්.........ඉතින් හැමදාකම වගේ අදත් පපුව ඇතුලෙ තියන හදවත වේගෙන් මිරිකි මිරිකි යනකොට මම බලන් උන්නා

වේදනා දෙන හදවතක් වාරු කරගන්න එක ඔය කියන තරම් ලේසි නෑ

" දන්නවද මගෙ මැණික එතන රිදෙනවා ඕයි සෑහෙන්න "

මම කිව්වෙ පොත දිහා බලනගමන්.........විද්වාන්ගෙ හිනාව ආය ආයම මට මතක් වෙනකොට මම කලේ පොතේ පිටු අස්සෙ හැංගිලා තිබ්බ හතරට නවපු කොලේ ගත්තු එක.......ඇත්තටම උබ ඔය කීවෙනි වතාවටද ඕක ඔහොම දිග අරින්නෙ?? මගෙ හිත මගෙන්ම අහනකොට උත්තරයක් නැතුව මම නිරුත්තර උනා......මොනා කරන්නද......එදා මුල් දවසෙ හැගීමම තාමත් ඒ විදියමයි.....

මැණික උබ දන්නවද මේ පොත පෙරලන හැමදාකම මගෙ හදවත වේගෙන් ගැහෙනවා........ආදරේ එක පැත්තකින් තියනකොට වේදනාවෙන් මම අනිත් පැත්තෙන් මිරිකෙනවා.......මේ පොත බලන හැමදාකම උබ නෑ කියලා මතක් වෙනකොට මම ආය මැරෙනවා.......ආය ආයම මැරෙනවා........මම ඒ කාලකණ්නි හැගීමට හොදටෝම වෛර කරනවා

මම අදටත් විශ්වාස කරන්නෑ උබ අපිව දාලා ගියා කියලා.......මට ඒක අදටත් පිලිගන්න හිතේ හයියක් නෑ......කොහම පිලිගන්නද උබ කියන්නෙත් මගෙ අතිශය ප්‍රථම ආදරය වෙච්චකොට.......අදටත් මම බලාපොරොත්තු වෙනවා විද්වාන් ඔයා ආයම එයි කියලා.......ඉස්සර කෑ ගහලා ඇඩුවට දැන් මම නිකමටවත් අඩන්නෑ........ඒ වෙනුවට වේදනාවෙන් පිච්චෙනවා.......අර පපුව හූරගෙන යන හැගීම ඒක මහ සාපයක් විද්

තමන් ආදරේ කරන අය නැති උනහම මිනිස්සු අඩන්නෑ.......උන් කාගෙන දරාගන්නවා.......ආයම එයි කියලා බලාපොරොත්තු වෙනවා......ඒක මහ බොලද හීනයක් ඕයි.....කොහමත් හදවත ගැහෙද්දිත් ජීවත් වෙන මලමිනි කියන්නෙ උන්ට........හදවත් ගැහුනත් එතනින් පස්සෙ උන්ගෙ මුලු ආත්මය මැරිලා යනවා.......උන් හුස්ම ගන්නවා.....හැබැයි කෝ එහෙව් මිනිස්සුන්ට ආත්මයක් ??

කොහමත් ප්‍රේමණීය සංවාද උනුහුම් වැලදගැනීම් ආත්මයක් ස්පර්ශ කරන්නා වූ  හිනාවක්වත් නැති උනහම මිනිස්සු උනත් ජීවත්වෙනකොට ඉබේටම හුස්ම අත අරිනවා

මම දෙකට තුනට නවපු කොලේ දිග ඇරියා

ඉතින් ප්‍රේමිය , අවසාන හසුනේද තිබුනේ මගේ අකුරු බව නුඹ නොදන්නවා නොවිය යුතුය.......නොදන්වා ඇරඹි නොදන්වාම නිමාවූ අන්දරයක නුඹ නොදන්නා කතා බොහමයක් තාමත් තිබෙන බව පමණක් ඔබ දැනගත යුතු ය

( Copied )

එයා හරි ලස්සන හිනාවක් තියන ආඩම්බරකාර පිරිමි ළමයෙක්.......මං කිව්වනෙ එයාට තිබුනෙ දකින ඕනම කෙනෙක් ආකර්ෂණය කරගන්න හිනාවක්........තාරකා නිහාරික පාස් කරලා මන්දාගිනියක්ම පිරුනු ගැඹුරු ඇස් දෙකක්.......මම අදටත් කල්පනා කරනවා මොන හේතුවකටද ඒ වගේ සංකීර්ණ මනුස්සයෙක් ලග මම නැවතුනේ කියලා

ඒක අහම්බයක්ද ??

මම මුලු ආත්මයම  සින්නකර ආඩම්බරකාර හිතකට ප්‍රේම කල බව එයා දන්නෙවත් නැතිව ඇති......සමහරවිට එහෙම නොවෙන්නත් පුලුවන්

.....ඉතින් මහ මුහුදෙ ගැඹුරුම රහස් පවා දන්න කලු පාට ඇස් දෙකක් තියන ආඩම්බරකාර පිරිමි ළමයො ඔයා දන්නෑනෙ මගෙ ආදරේ තරම......

-ශෙනුල් විද්වාන්_

පොතේ අගට වෙන්න අවසානයට එහෙම ලියවෙලා තියෙද්දි පෑන අතට ගත්තු මම එතනම යට රූල් කීපය ගත්තා

එයා හරි ආදරණීය පිරිමි ළමයෙක් !

කාටද පුලුවන් මල් මිටියකට.......කතා පොතකට.......කෝපි කෝප්පයකට........රෑ අහසකට.......කෝඩුකාර වැස්සකට ඔච්චරටම පිස්සුවෙන් වගේ පෙම් බදින්න.......ඇස් දෙකකට උනත් පුලුවන්ද අතරොත්තක් නැතිව ඔයහැටි කියවන්න.........මං අහන්නෙ ඔය ඇස්වලට රිදෙන්නැද්ද ඔච්චරටම කියවනකොට

කවුද කිව්වෙ ඒක අහම්බයක් කියලා........නෑ ඒක අහම්බයක් නෙවෙයි.......ඔයා මගෙ හිනාවට ආස උනාට පිළිගන්න පුලුවන්ද මම ඔය මායාකාරී හිනාවට ඇබ්බැහි උන වග......මං අදටත් කියනවා ඔයා හරි බොලද මනුස්සයෙක්.......මං නම් කියන්නෙ  ඕනම කෙනෙක්ට ජීවිතේ එක පාරක් හරි හම්බෙන්න ඕන එහෙව් කෙනෙක්ව........එහෙව් ආදරයක්

ඉතින් කැලික්ටස් අර ඔයා කිව්වත් වගේ දුඹුරු පාට ඇස් තියෙන්නෙ දිව්‍ය ලෝකෙට යන්න පාර හොයාගන්න

ඔයා හරි අභී.......සිංදු කියන කෙනෙක්ට හම්බෙන්න ඕන සිංදු අහන කෙනෙක්ව !

_රශේන් අනුත්තර _

පොත වහලා දාපු මම ලොකු හුස්මක් ගත්තා.......ඉදන් උන්නු තැනින් නැගිට ගත්තු මම පෝන් එකෙන් වෙලාව බැලුවා......හතයි විසිපහයි.......නවය වෙද්දි ලෙක්චර් එක තියෙන්නෙ.......බාත්රූම් එකෙන් උදෙන්ම ඇග හෝදගත්තු මම එතනම තිබුන කන්නාඩියට එබුනා......රැවුල හොදටම වැවිලා.....රේසර් එක ගත්තු මම හිමි හිමිහිට රැවුල කපන්න ගත්තත් මේ ලෝකෙ සිහියෙන් හිටියෙ නැති හන්දමද මංදා නිකට හරිය රේසර් එකට කැපිලා ගියෙ එතනින් ලේ බිංදුවක් මතක් වෙනකොට

ඕක මොකක්ද.....මෙච්චර වේදනාවක් උහුලන මට ඔය තුවාලෙ දැනෙන්නෙවත් නැතිකොට මම කලේ මූන හෝදගත්තු එක.....

මම බලන් උන්නෙ කන්නාඩියෙන් පේන මගේම රූපෙ දිහා.......මිනිස්සු වයසට යනකොට පරිනත වෙනවලු.......කන්නාඩියෙන් දැන් මම වෙනුවට ඉස්සර උන්නු මාව පේනකොට මම ඔහේ බලන් උන්නා.......ඉස්සර තිබුන කොලුකම ගිහින් දැන් දැන් හැමෝමටම වෙනවා වගේ මගෙත් පරිණත පෙනුමක් පෙනුනා

" දන්නවද මැණික පරිණතයි කියලා හිතුවට සමහර තැන්වලදි  ඇත්තටම මට හිතුනා මම පරිණතයිද කියලත් "

එයා දුන්න සිල්වර් කලර් චේන් එක හැමදාකම වගේ අදත් මම බෙල්ලට දාගත්තා........ඉස්සර එහෙමට කියලා අදුරු පාට නොඇන්දත් එදා ඉදන් මම ලාපාට ඇදුම් අදින එක අත ඇරියා.......කලු ට්‍රවුසර් එකට තද කොල පාට ශර්ට් එක ඇදගත්තු මම කොන්ඩෙ පීරගත්තා.......කාමරේ වටේ ඇස් ගෙනියපු මම ලොකු හුස්මක් උඩට ඇද්දා......ඇවිල්ලවත් අස් කරනවා මේ මගුල

ඒත් එක්කම කෝල් එකක් එනකොට ශර්ට් එකේ අත් වැලමිට ලගට නවනගමන් පෝන් එක දිහාට ඇස් යැව්වෙ කවුද බලන්න...

තාත්තා !

මෙවෙලෙ කතා කරන්න උවමනාවක් නැතත් මම කෝල් එක ආන්සර් කරලා ස්පීකර් දැම්මා

" රශේන්........මොකක්ද රශේන් උබ මේ නටන නාඩගම......ඇයි උබ මෙහෙම "

" ..............."

වෙනසක් නෑ.......තාත්තා අදත් වෙනදා වගේම පුරුදු බණම කියන්න ගන්නකොට මම ඇහෙන්නෑ වගේ ඇද හැදුවා.......හැමදාම එකම මාතෘකාව

" මං කියන දේ ඇහෙනවද තමුසෙට.......උබ විහින් නහස්ති වෙන්නද හදන්නෙ ආ........උබට ඕන මැරිලා යන්නද........ගෙදර ආවෙ කවද්ද කියපන් අන්තිමට "

" .................. "

තාත්තා එහෙම කියනකොට මම මුකුත්ම නොකියා කල්පනා කලා......ඇත්තටම අර කිව්වත් වගේ කවද්ද මම අන්තිමට ගෙදර ගියෙ........මට මතක නෑ.......දැන් ඉන්නෙ මගේම තැනක උනත් මොකද මම හූග දවසකින් ගෙදර ගියෙ නෑ...

ඇරත් ගෙදර එන් නැද්ද කියලා ඔයා මගෙන්ද අහන්නෙ තාත්තෙ ?? ආ ඔය මගෙන්ද අහන්නෙ ?? එතකොට ඉස්සර.......ඉස්සර ඔයාට ඇයි මතක් නොවුනෙ ගෙදර එන්න......අපි බලන් උන්නා කියන්න.......මගෙ හිත එක දිගට තාත්තගෙන් ප්‍රශ්න කලත් මොකද ඔය මොකක්වත් කටින් මෙහාට ආවෙ නෑ......මොකටද.......දැන් වැඩක් තියනවා කියලද.......කොහමත් මට අතීතෙ හාර අවුස්සන්න ඕන නෑ

" උබේ ඔය පිස්සුව නවත්තපන් පුතේ........මොන නාඩගමක් ද ඔය........අර මැරුන කොල්ලෙක් ගැන හිතන්නෙ........ඌ මැරිලා ඉව_"

" තාත්තෙ ! ඔය ඇති.......මේ මගේ ජීවිතේ ඒක මම මට ඕන විදියට ගෙවාගන්නම්..........අනික විද්වාන් ගැන මුකුත් කියන්න එපා.......ඌ මැරුනත් තාම මගෙ හිතේ ජීවත් වෙනවා.......ඌ හැමදාම මා එක්ක ඉන්නවා ඒක මතක තියාගන්න"

ඔක්කොම කට වහන් අහන් හිටියත් මොකද තාත්තා කියපු අන්තිම දේට මට කේන්ති ගියා......තාත්තට වඩා හයියෙන් කෑ ගහපු මම ලොකු හුස්මක් උඩට ගත්තෙ මාවම සන්සුන් කරගන්න

ඌ මැරිලා නෑ යකෝ.....ඌ ඉන්නවා.......මගෙ විද්වාන් ඉන්නවා

හිත හයියෙන් කෑ ගහනකොට මට ඇහුනා එහා පැත්තෙන් අක්කා තාත්තට කතා කරනවා

" තාත්තෙ මම මල්ලිට කතා කරන්නම්.......කෝ මට දෙන්නකො "

" මල්ලි.......ඔයාට මාව ඇහෙනවද මල්ලි "

" ම්ම්ම් "

" තාත්තා කියන ඒවා ගනන්ගන්න එපා රශූ.......එයා ඕවා කියන්නෙත් දුකටනෙ.......ඔයා එන් නැද්ද මෙහෙ......අපි හැමෝම බලන් ඉන්නවා........තරූට ඕනලු ඔයා එක්ක එන්න "

" කොල්ලට කියන්න ගේට් එක ලග ඇරුනහම ඉන්න කියලා.......මම ගන්නම් එයාව "

" දැන් අවුරුදු කීයක්ද මල්ලි "

අක්කා එහෙම කියනකොට මම කල්පනා කලේ ඇත්තටම දැන් අවුරුදු කීයක්ද කියලා......අවුරුදු විසි එකක්........අද වෙනකොට ඔය හැම දෙයක්ම වෙලා අවුරුදු විසි එකක්.....මේ අවුරුදු ගානට මොනවද නොවුනෙ විද්......පසන්ලා පවුල් පන්සල් වෙලා......යාලුකම එහෙම්මම උනත් උන්ට උන්ගෙම කියලා පවුලක් තියෙනවා.......එතකොට යසිරුලා......උනුත් දැන් ලොකුවෙලා.......මට හතලිස් එකක් විද් උන්නනනම් තිස් අටක් !

දන්නවද විද් තාත්තගෙ බිස්නස් බාර නොගත්තට අද මම කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක්.......චාටට් කරන්න ඉදියට ඒක කරන්නවත් භට ඕන උන්නෑ විද්.......ඒ තියා ඒලෙවල් රිසාල්ට් ආවත් මට ගානක් ගියෙ නෑ.......කාලෙ මොන තරම් පුදුමද

" මම තාමත් ඔයා එනකන් බලන් ඉන්නවා මගෙ විද් "

කාර් එක පාරට දාපු මම කෙල්ල ආවෙ සදූ ආන්ටිගෙ ගෙදරට.......කාර් එකේ සද්දෙ ඇහුන හන්දද කොහෙද ආන්ටි ඉස්සරහට ආවෙ හිනා වෙවී.......මට ලොකු හුස්මක් පිට උනා......දන්නවද විද් එයාලා උබ නැතුව පිස්සු වැටුනා......එක අතකට කොහම දරාගන්නද ඒ අම්මයි තාත්තතයි උබ කියන්නෙ ඒ දෙන්නගෙ එකම දරුවා වෙච්ටිකොට

" පුතා ආවද.......මම බලන් උන්නා "

වාහනෙන් බැහැපු මම ඇතුලට යනකොට සදූ ආන්ටි කිව්වෙ මගෙ මූන පිරිමැදලා.......විද් නැතිඋන දවසෙ ඉදන් හැමදාකම මම මෙහාට ආවා.......ඒ මිනිස්සු බලන් උන්නා......මම විතරක් නෙවෙයි මැණික උබ වෙනුවෙන් බලන් ඉන්නෙ

" බත් කනවද........අරගෙන යන්න මම කෑම එකක් හැදුවා "

" හා.......තේකක් හදලා දෙනවද "

" ඉන්න.......මම හදාගෙන එන්නම්.......ඔයා එන හන්දා මම පොලොස් හැදුවා "

එහෙම කියපු ආන්ටි මගෙ ඔලුවත් අතගාගෙන කුස්සිය යන්න ගියෙ අංකල් එනකොට......මම ඉදන් උන්නු සෝෆා එකේ ඉස්සරහින් ඉදගත්තු එයා මගෙ දිහා බැලුවා.......ඒ දෙන්නම දැන් හොදටෝම වයසට ගිහින්

" රශේන් පුතා හෙට අපේ සුදූගෙ දානෙ "

අංකල් කියනකොට මගෙ පපුව කීවෙනි වතාවටදෝ මංදා පිච්චිලා ගියා......ඇහුනද වස්තුව  හෙට උබගෙ දානෙලු........මේ විසි එක්වෙනි අවුරුද්ද විද්......මට තාම විශ්වාස කරන්න බෑ

" මම කොහමත් එනවා "

" ඒ මගෙ පුතා රශේන්........අපේ එකම වස්තුව.......අපි කොච්චර බලාපොරොත්තු තියන්ද උන්නෙ........ශෙනුල් ලොකුවෙන හැටි කොච්චර හීන මැව්වද........අර මනුස්සයට පිස්සු හැදුන් නැති ටික විතරයි.......උබ මෙහෙන් ඉවරවෙනවා........හිත හදන් මට ඒකට බලන්න යන්නත් බෑ......ස්කෝලෙ ලගින් යනකොටම හැමදාම ඒ පැත්තට ඇස් යනවා මගෙ කොල්ලා තාත්තෙ කියලා දුවන් එයි කියලා..."

මම මුකුත් කියන්න ගියෙ නෑ......අපි ඔක්කොම වින්දෙ එකම දුක.......එකම වේදනාව.......ගන්න හුස්ම පොද පවා පපු අස්සෙ හිරවෙනකොට මට කියපන් කොහම ඉවසන්නද ?? එක්කො උබට තිබුනා උබ නැතුව ජීවත්වෙන හැටි අපිට කියලා යන්න.......එහෙනම් මෙච්චරටම වේදනාවක් නෑ

" පුතේ තව බෙදන්නද........බලන්නකො දරුවො ඔය කන විදිය "

සදූ ආන්ටි බත් හැන්දක් අරන් බෙදන්නද අහනකොට කාලා ඇති උනත් මම හා කියන්න ඔලුව වැනුවා......මම එන්න හන්දා කෑම හදපු ඒ මනුස්සයට මට එපා කියන්න බෑනෙ.....

" මම කරන්නද ඔයාට "

" හා "

මම ඒකටත් ඔලුව වැනුවා.......අත හෝදගත්තු මම ආයම එයා ලගින් ඉදගත්තෙ එයා අනපු බත් කටක් මට කවනකොට........දන්නවද විද් මම අන්තිමට අම්මගෙ ආදරේ කොයි වගේද කියලා දැනගත්තා.......මම දැනගත්තා අම්මා කෙනෙක් අනලා කවන බත් කට පවා කොච්චර රසද කියලා......ඒක මම මේ අවුරුදු ගානටම අත් වින්දා විද්වාන්

ඒත් ඔයා දන්නවද මම ආදරේ කරන්න ඉගනගත්තෙ ඔයාගෙන්.......ඒත් අන්තිමට ආදරේ කරන්න උගන්නපු ඔයාම මාව දාලා යන්න ගියා......එදා උබ නිකමට හරි මම එනකන් නැවතුනානම්......එහෙනම් අද උබ ඉන්නවා....

" මම යන්නම් ආන්ටි "

" පරිස්සමට ගිහින් එන්න පුතා "

ආන්ටිගෙයි අංකල්ගෙයි කකුල් අල්ලලා වැදපු මම කාර් එක පාරට දානගමන් එන්න ආවෙ රේඩියෝ එකේ සිංදුවක් යනකොට

යන්නම් මග හැරලා

තනි වෙන්න ඉඩ දෙන්න නූරා

යලි නෑ එන්න හීනෙන් පවා

අතින්වත් අත නොඅල්ලා

අපි කොහොම බැඳුනාද මන්දා

අතහරින්නේම නෑ ඒ නිසා

රිදි, රිදී සනහනා ආදරේ

මැරි, මැරී ඉපදෙනා ජීවිතේ

රිදි, රිදී සනහනා ආදරේ

මැරි, මැරී ඉපදෙනා ජීවිතේ

සමහර සිංදු තියනවා ඒවා ඇහෙනකොටත් අපිට මාර විදිහට රිදෙන්න ගන්නවා.....පපුව රිදී නූලකින් ඇදගෙන යනවා වගේ දැනෙනවා........

සංසාර ආදරේ

රහසේම මියැදුනා

ඔහු මාව සිපගත් ඒ වෙලේ

අවසන් කවක් ලියා

සුසුමන් අරන් ගියා

ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ

රිදි, රිදී සනහනා ආදරේ

මැරි, මැරී ඉපදෙනා ජීවිතේ

රිදි, රිදී සනහනා ආදරේ

මැරි, මැරී ඉපදෙනා ජීවිතේ

ඔයා කොහමද අභී ඔය තරමට ආදරේ හරිම නිලේ බලලම කොනිත්තන්නෙ.........'ඔහු මාව සිපගත් ඒ වෙලේ අවසන් කවක් ලියා සුසුමන් අරන් ගියා '.........ඒ පද පේලියට හොදටම පුලුවන් උනා පපුවෙ හතර කොන් හරි ලස්සනට හාරලා දාන්න

මට කියපන් විද් මම තව කොච්චරක් උබ නැතුව ඉවසන්න ඕනද ??

බැරිම හන්දා කවමදාවත් ආය ඔබ වෙත හැරෙන්න....

කුමක් කියන්නද දැන් ඉතින් මම සමාවෙනු මැන ඇරෙන්න....

ජීවිතේ තව බොහො දුර ඇති

අතරමග බෑ මැරෙන්න....

ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ලග හැරෙන්න....

( Copied )

රශේන්ගෙන් විද්ට

🌼 හුගක් අය අහලා තිබ්බා මේක සෑඩ් එන්ඩින්ද කියලා......බයවෙන්න එපා වස්තුලා මේක හැපී එන්ඩින්

මම යනවා......හුම් !

Share This Chapter