Back
/ 47
Chapter 33

🌼 Chapter 32 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

මම උන්නෙ මගෙ කැබින් එකේ ලමයි ටිකගෙ එසයිමන්ට් චෙක්කරන ගමන්........මුං සමහරක් එහෙම් පිටින්ම නැති උනත් කොපි ගහලා.......මුංට මගෙ කනෙන් රිංගලා යන්න අමාරුයි........දැන් අවුරුදු කීයක් කියලද මම උගන්නන්නෙ......අසයිමන්ට් චෙක් කරනගමන් උන්නු මගෙ ඇස් ගියෙ දොර දිහාට.......වෙන මොකවත් නෙවෙයි මෙවෙලෙ ආවෙ කවුද කියලා බලන්න

ක්ලික්..........

" රශේන් "

දොර දිහා බලපු මම දාන් උන්නු කන්නාඩි දෙකත් හරියට හදාගන්න ගමන් බල බල උන්නු අසයිමන්ට් එකට ඇස් ගෙනිච්චා.......මොකද ඒ ඇවිත් උන්නෙ මම කොහෙත්ම කැමති මාතෘකාවක් නොවන හන්දා.......ඕක ගැන හිතුවත් ඇති නැති ඔලුවෙ කැක්කුම් පවා හැදෙන්න

" රශේන්......."

පලවෙනි පාර කතා කරපු එකට මම මුකුත් නොකිව්ව හන්දද කොහෙද එයා දෙවෙනි පාරත් කතා කරනකොට ලොකු හුස්මක්ගත්තු මම ඉස්සරහ හිටන් උන්නු අකේශි දිහා බැලුවා........මන් දන්නෑ මගෙ මොන කරුමෙටද කියලා ඒකිත් අන්තිමට උනේ ලෙක්චර් කෙනෙක්.......අන්තිමට පවක් පඩිසන් දෙන්නද කොහෙද මේ යුනි එකටම අහු උනා

" රශේන් මාව ඇහෙනවද "

" ම්ම්ම් "

" ඇයි රශේන් මට මෙහෙම කරන්නෙ.......ඇයි ඔයා මෙහෙම "

අකේශි අහනකොට මම කලේ ශීට් එකේ පිටිපස්සට උන එක.......හැමදාම එකම පොයින්ට් එක.......ඒ හැමදාකම එකම උත්තරේ.......මට එපා උනත් ඒකිට එපා වෙන්නෙ නැත්තෙ මගෙ කරුමෙට...

" මොනවා මම ඔයාට කලේ "

" මොනවද.........ඇයි ඔයා මාව මේ විදියට මග අරින්නෙ රශේන්....."

" ඔයා ඒකට හේතුව හොදාකාරවම දන්නවනෙ අකේශි......මම එදත් පැහැදිලිවම තමුන්ට කිව්වා මට මේ ඉන්න විදිය හොදයි කියලා.......තමුන්ට සිංහල නොතේරුනාට මට කරන්න දෙයක් නෑ"

මම කිව්වෙ  දාගෙන උන්නු කන්නාඩිය ගලෝලා පැත්තකට තියනගමන්.......ඇත්තටම මට මාම තේරෙන් නැත්තෙ ඇයි අකේශිට මම කියන එක තේරුම්ගන්න බැරි කියලා.....මටම එපා වෙනවා

" මම ඔයා වෙනුවෙන් අවුරුදු ගානක් බලන් උන්නා.......දැන් අවුරුදු කීයක්ද රශේන්.......මාත් කෙල්ලෙක් "

" ඉතින් මම කිව්වද......මම කිව්වද අකේශි ඔයාට මම හන්දා බලන් ඉන්න කියලා ආ........මම කවදහරි එහෙම කිව්වද........එදා මම කිව්වෙත් එකයි අද කියන්නෙත් ඒකමයි.........අනික මගෙ තමුන් ගැන දන්නෑ කියලාද හිතන් ඉන්නෙ.......රෑට රෑට අහුමුලු ගානෙ එක එකා එක්ක ලගින ඒවා මම දන්නෑ කියලද හිතන් ඉන්නෙ "

මම කිව්වෙ සීතල බැල්මක් අකේශි දිහාට දීලා......මම බලාගෙන ඒක ඇහුනහම අකේශිගෙ ඇස් ගැස්සෙනවා......ඒක දැකපු මට කට කොනින් හිනාවක් ගියා.......හිතන් ඇත්තෙ කටවහන් ඉද්දි මුකුත් දන්නෑ කියලා.......ඕකගෙ සරනේරුවත් දැන් හොයාගන්න නැතිව ඇති

" ඔයා ඔහොම ඉන්නෙ අර කොල්ලා හන්දද රශේන්.......ආ තාමත් හිතන්නෙ ඒ කොල්ලා ගැනද ඌ දැන් මැරිලා කොච්චර කල්ද........මැරිලත් සැනසීමක්_"

" අකේශි !!! කට වහගන්නවා "

අකේශි  මොනවා කිව්වත් මම අහන් හිටියට මොකද එයා අන්තිමට කිව්ව දේත් එක්ක මෙච්චර වෙලාවක්ම හංගගෙන උන්නු මගෙ තරහ එලියට ආවෙත් ඉදන් උන්නු පුටුවෙන් නැගිටගත්තු මම අකේශිගෙ බෙල්ල ලගින් අල්ලගෙන එතනම බිත්තියට තද කලෙත් එකම වෙලාවෙමයි......මේ හැමදේම උනේ මිලි තප්පර ගානකින් වෙනකොට නහර වැල් ඉලිප්පුන අතක් ඒ බෙල්ලට තද උනා

" ර්...රශේන් "

" කට.......කට වහගන්නවා.......මොකක්ද ඒ කිව්වෙ ආ......මගෙ කොල්ලට මොනවද ඒ කිව්වෙ ම්ම් "

අක්ශි උන්නෙ වේදනාවෙන් මිරිකෙන ගමන්.......දැනුන තරහටම මම කලේ අකේශිගෙ බෙල්ල තව තවත් බිත්තියට තදකරපු චක්‍ර වෙනකොට මම හිතන්නෙ මගෙ ඇස් වලින් ගිනිපිට උනා.....මැරිලත් සැනසීමක් නෑ........ඒකි කොහමද එහෙම දෙයක් කියන්න තියා හිතන්නෙවත්

ඒ මගෙ මුලු ලෝකෙම යකෝ

අකේශි කිව්ව ඒවා ආය ආයම රිපීට් වෙවී මතකෙට එනකොට මගෙ හිත කෑ ගැහුවා.......විද් නැතුව විදින විදවිල්ල දන්නෙ මම.......ඌ නැතුව හුස්ම ගන්න තිය අමාරුව  දන්නෙ මම.......කොටින්ම මගෙ වේදනාවෙ තරම දන්නෙ මම වෙච්චකොට යකෝ මගෙ කොල්ලට එහෙව් දේවල් කියනකොට මට කේන්ති යන් නැද්ද ?? මම අසාධාරණද?

" ර...රශේන් ප්...ලීස් "

" මේක හොදට අහගන්නවා.......ආය මට ඇහෙනවද විද්වාන් ගැන තමුන් ජරා කතාවක් කිව්වොත් මම කිව්වෙ නෑ කියන්න එපා හරි.........මම එදත් කිව්වා තමන්ට ආදාලම නැති දේවල් කොහෙත්ම අදාල නෑ ඒ හන්දා ඔය කට පරිස්සම් කරගෙන උන්නොත් තමුසෙගෙම ඇගට හොදා.......අනික මම තමුන් නටන නාඩගම් දන්නෑ කියලා හිතන්නත් එපා "

අකේශිගෙගෙ මූනට පහත් උන මම දත්මිටිකාගෙන මිමිනුවෙ එලියට ඇහෙයි කියලා හිතලා......මොකද අකේශිට ආදාලම නෑ මං ගැන.......වීද්වාන් ගැන අරහම දෙයක් කියනකන් කට පියාගෙන ඉන්න තරම් මට අමාරුවකුත් නෑ.......දැනෙන කේන්තිය පෙන්නුවොත් අකේශිගෙ ඔලුව බිත්තියේ ගැහන්න පුලුවන් මට.......ඒත් තාමත් මම මේ ඉන්නෙ කෙල්ලෙක් හන්දා ඉවසනවා

" යනවා ඉතින්.......ආයම ඔය වගෙ කතා ඇදගෙන මගෙ ලගට නෝආවට කමක් නෑ හරි "

මම එහෙම කියන ගමන් අකේශි ලගින් ඈත් උනා.....බෙල්ල තදකරපු පාරට ලාවට වගේ තැනින් තැන රතුවෙලා......හොද වැඩේ තියන අමාරුවට......කටින් නොකිව්වත් මොකද මම එහෙම හිතින් මිමිණුවා

මම මේසෙට හේත්තුවෙලා බලන් උන්නෙ අකේශි යනකන්......මගෙ දිහත් එක සැරයක් බලපු අකේශි මුකුත්ම නොකියා යන්න ගියත් මොකද මම ඒකිව එක තප්පරේකට නැවැත්තුවා

" අකේශි "

මගෙ කට හඩට දොර ලගට ගියපු අකේශි මේ පැත්ත හැරෙනකොට මම කලේ මගෙ අතේ තිබුන පැන්සල ඒකිට පේන්න දෙකට මැදින් කඩපු එක

" මම කිව්වනෙ මම ඔය හැමදේම ගැන හො...දට දන්නවා.......තමුන් මොන වගේද කියන්නත් හොදට දන්නවා ඒ හන්දා පරිස්සමින් "

" ඔයා මොනා_"

" තමුසෙට දැන් යන්න පුලුවන් "

මම තාමත් බලන් උන්නෙ අකේශි ගියපු දොර දිහා.....එයා බැදලත් නෑ.....මට වැඩකුත් නෑ.......කොහමත් ඕක නොබැද ඉන්නෙ මට ආදරේට කියලා කියන්නත් බෑ......ඔය මොක උනත් මට ඕවා ආදාල නෑ.......ඩෙස් එකට හේත්තුවක් දාන් උන්නු මම කෙලින් වෙනගමන් දෙකට කැඩුන පැන්සල එතනම තිබුන ඩස්පින් එකට දැම්මා

" එදා විද් අන්තිමට හම්බුනේ උබව කියලා මම නොදන්නවා නෙවෙයි.......මම තාමත් ඉවසන්නෙ වැටුන වෙලාවෙ පසන්ලට පස්සෙ මගෙ ලග හිටියෙ උබ හන්දා "

" අද වැඩ නැද්ද පුතේ "

" නෑ ආන්ටි මම එහෙන් දවස් දෙකක් නිවාඩු ගත්තා "

අපි උන්නෙ පන්සලට යන ගමන්........අංකල් අතේ තිබුන බඩු ටික කාර් එකට දාගත්තු මම ගේට් එකෙන් එලියට කාර් එක දාගත්තෙ ඒ දෙන්නා බයික් එකේ එන්නම් කිව්ව හන්දා.......අදට හරියටම එයා අපෙන් ඈත්වෙලා අවුරුදු විසි එකක්.......පල්ලි ගියපු මම එයා හන්දම පන්සල් යන්න පවා හුරුවෙනකොට මංදා සමහර තැන් වලදි මම හිත නිවෙන හැටි දැක්කා......සමහර තැන් වලදි මිනිස්සු බැදීම් නැතුව ජීවත්වෙන හැටි දැක්කා

ඔය මොන දේ දැක්කත් මට තාම එයා නැතුව හිත හදාගන්න බැරි උනා.......මට මගෙ වටිනම බැදීම අත ඇරගන්න බැරි උනා........මම හිතන්නෑ නිකමට හරි එහෙම දවසක් ඒවි කියලා........ඒ ආවත් මම අනිවාර්යයෙන්ම ඒ තැන මග අරීවි.......බැදීම් කියන්නෙම දුකක් බව කොච්චර නම් බණට කිව්වත් මට කවදාවත් ඕන උනේ නෑ ඒ බැදීම් අත ඇරගන්න......මම කිව්වනෙ මට ඕන අන්තිම හුස්ම වෙනකන් බලාපොරොත්තු විරහිතව හරි බලන් ඉන්න

" බොහොම පින් මහත්තයො "

" අම්මට තව බෙදන්නද "

" එ....එපා ඇති පුතේ "

අපි උන්නෙ වැඩිහිටි නිවාසෙක......මෙතන ආවහම මිනිස්සු ජීවිතේ කොච්චර නම් අසරණ වෙනවද කියලා මට හිතුනා.......සදූ ආන්ටි එක්ක අංකල් කෑම බෙදනකොට මම කලේ හැම කෙනෙක් ලගටම ගිහින් එයාලගෙ අඩුපාඩු  බලපු එක

" පුතේ "

ඒත් එකම එක තැනක මගෙ කකුල් නැවතුනා.......රැලි ගැහුන වියපත් අතක් මාව නවත්ත ගන්නකොට මම පිටිපස්ස හැරුනා......වයසක අම්මා කෙනෙක්........ඒ අතින් මට එයාගෙ ලගට අඩගහනකොට මම ඇදේ පැත්තකින් ඉදගත්තා

" මට ඔයාව දැක්කහම මතක් වෙන්නෙ මගෙ පුතාව........අනේ එයා අද හිටියනම් එයත් ඔයාගෙ වයසෙ "

ඒ අම්මා කිව්වෙ මගෙ කම්මුලක් අතගානගමන් වෙනකොට මම මුකුත්ම නොකිය බලන් උන්නා.......අද හිටියනම් කියන්නෙ එයා නැති වෙලාද.......සමහරවිට වෙන්න ඇති.......අහන්න හිතුනත් මම නොඇහුවෙ එයාගෙ හිත රිද්දන්න බැරිකමට......මට මතක් උනේ සදූ ආන්ටිව.......පව් එයත් අම්මෙක්

" ඔයා එනවද යන්න "

" නෑ දැන්ම එන්නෑ ආන්ටි ඔයාලා පරිස්සමට යන්න "

අපි උන්නෙ යන්න ලෑස්ති වෙනගමන්.......සදූ ආන්ටි ලගට එන ගමන් එයාලා එක්ක එනවද අහනකොට මම නෑ කිව්වා......මොකද එසෙ යයන්න කලින් මට තව එක තැනකට යන්න ඕන...

" රශේන් රෑ වෙන්න කලින් ගෙදර එන්න "

" එන්නම් "

එහෙම කියපු එයාගෙ තාත්තා  පිටට තට්ටුවක් දානගමන් ආන්ටි එක්ක වාහනේ ලගට යනකොට ලොකු හුස්මක් පාත දාපු මම කලේ වාහනේට නැගපු එක.......අවසානයටම වාහනේ cemetery එක ලගින් නවත්තනකොට කාර් එකේ පිටිපස්සෙ තිබුන මල් පොකුර ගත්තු මම එලියට බැස්සා

ඒ ඇවිත් කැළෑ මල් පොකුරක් !

ලොකු ලොකු හයි ලක්සරි මල් පොකුරක් ගන්න බැරිව නෙවෙයි ඒත් විද් ආසම හරි සරල දේවල් වලට.......කැළෑ මලක් උනත් සුවදයී කියලා මම  අන්තිමට තේරුම්ගත්තා.......ඔය ඔක්කෝමත් හරි එයා ආස කෝපි කෝප්පෙක තිත්ත රස පවා අවසානයටම මම අදුනගත්තා.......ඉතින් මම දැනගත්තා කෝපි කෝප්පයකට අයිති තිත්ත රස විතරක්ම නෙවෙයි කියන්න

මල් පොකුර අතේ තියන් මම හිමින් අඩි තියනගමන් ආවෙ එයා ලගට.......අපි ආදරේ කරන කෙනා නැති උනහම ඒ වේදනාව දරන්න මේ තරම් අමාරුද විද් ?? මට කියපන් ඒක මේ තරම් අමාරුද........මට කෑ ගහලා අඩන්න ඕන මල්ලි

දැනිලා තියෙනවද තමන් ආසම කෙනෙක් තමන් වල නැති උනහම ඒ දැනෙන හැගීම.......කොහමත් මගෙ මුලු ලෝකෙම ඇස් ඉස්සරහ කඩන් වැටුනෙ අද ඊයෙක නෙවෙයි.......මට අදත් විද්ව ගෙනියපු පෙට්ටියේ බර අඩුවක් නැතුවම දැනුනා.......හරියට එදා වගේම !

එයා ලගට ඇවිදන් යන දුර පවා ගව්ගානක් දුරයි වගේ දැනෙනකොට අන්තිමට මගෙ කකුල් එක තැනක නැවතුනා

' ශෙනුල් විද්වාන් '

ඉතින් අදත් අර පපුව හූරගෙන යන වේදනාව.......කොහම කියන්න බං මම උබ එනකන් මග බලන් උන්නු විදිය......මම හිමිහිට සොහොන් කොත ලගට නැවුනා......එයා හිනාවෙනවා ඉස්සරහට වගේම

" ඉතින් කොහොමද ඔයාට.......සමාවෙන්න   ඔයාව බලන්න එන්න පරක්කු උනාට විද්.......මම කොහම එන්නද වස්තුව තාමත් මට හිත හදාගන්න බැරි වෙච්චකොට "

මම කිව්වෙ අතේ තිබුන කෑලෑ මල් පොකුර කොත උඩින් තියන ගමන්.......උබ නොදන්නවා උනාට මොකද එදා පෑරුන තැන් තාමත් එහෙම්මයි.......වචනෙන් විස්තර කරන්න බැරි විදියට මනුස්සයෙක් උන මටත් හරියට රිදෙනවා

" අවුරුද්දක් ගියා උබව බලන්න එන්න මට........සමහර දවස් තිබුනා විද් මහ රෑ කියලා නොබලා උබ ගාවට දුවන් එන්න හිතුන ඒ වෙලාවට මාත් හරි අසරණයි මැණික "

" මම එකක් පත්තු කරගන්නද "

මම ඇහුවෙ මාත් එක්ක හිනාවෙලා උන්නු එයාගෙන්.......සාක්කුවේ තිබුන ලයිටරේ ගත්තු මම ඇගිලි අස්සෙ හිරවෙලා  තිබුන සිගා එක පත්තු කරලා දුමක් උඩට ඇද්දා.......පත්තු කරපු සුදු පාට ඉටි පන්දම් දියවෙවී යනවා ඒවායෙ දැල්ල හුලගට එහෙ මෙහෙ පැද්දෙනවා  මම බලාන.......මම එහෙම්මම කොතට හේත්තු උනා

" එක්කො උබට මහ රෑට හීනෙන් හරි එක මොහොතකට ඇවිදින් යන්න තිබුනා මල්ලි"

ඒක ඇවිත් මම හද තරු දිහා බලන් ඉදලා.,

දුක තුනීකර ගැනීමක්....

' අඩන්නෑ !' කියලා කියූ හැටියෙ කඳුලු යලි

ඔබවාපු

මහ දරාගැනීමක්....,

හොරෙන් ඉකි බිදීමක් , තනිව පොර

බැදීමක්......!!

යලිත් කිවහොත්.....,

ඒක ඇවිත් මාවම මා විසින්  රව්ට්ටාගෙන

තනිව දරාගන්නා ලද

මහා පරිමාණ අහිමි කරගැනීමක්.....!

( Copied)

" ඔයා අද උන්නනම් හරි ලස්සනට ඉදීවි විද් "

මම කිව්වෙ එයාගෙ පොටෝ එක ඇගිලි තුඩු වලින් හරි හිමිහිට පිරිමදිනගමන්......දැන් දැන් ඒකෙත් පාට මැකිලා යන්න අරන්.......කාලෙ එක්ක හැමදේම වෙනස් වෙනවා විද්......අපි වයසට යනවා......එදා අපි ගියපු ස්කෝල වලට අද තවත් ලමයි යනවා මල්ලි......උනුත් අපි වගේම පිට්ටනියෙ ක්‍රිකට් ගහනවා......ටීචර්ලාට විහිලු කරනවා පස්සෙ ගුටිකනවා

ඇත්තටම ඔයා මම උන්නු ඒ කාලෙ කොච්චර ලස්සනද ??

දන්නවද මල්ලි ඔයා කියෝපු කතා පොතේ තිබුනා වගේම අදත් මල් පිපෙනවා.......මී මැස්සෝ ඔපෙරත් කියනවා......සභහරක් මල් ඔටුනු හැදෙනවා......ඒත් අර කිව්වත් වගේ මම විතරක් ඔහේ බලන් ඉන්නවා කිසිම විශ්වාසයක් නැතුව.......ඒක ඇත්ත ඒක මහ වේදනාකාරියි විද්

මේ ගෙවෙන්නෙම මරණීය වේදනාවන් අන්තර්ගත තප්පර........එතන උබ නෑ කියන්නෙම කොහමත් ඔය ගෙවෙන තප්පර මහ වේදනාකාරී.......කවුරු කොහම කිව්වත් මම නම් කියන්නෙ ආදරේ කරනවනම් දරාගැනීම ස්ථිරයි

මේ පාර ඔයා නෑ.......හැබැයි මම ඉන්නවා......අපි ඉන්නවා

ඒත් ඔයා නෑ !

ජීවිතේ එහෙමයි......මිනිස්සු හිමිවීම්.....දරා ගැනීම්.......අහිමි වීම් මේ හැම දේකටම කාලයක් යද්දී ඉබේටම හුරුවෙනවා.....හරියට මම වගේ.......ඒත් කොතනකවත් අත් අරින්නැතූව ඉන්නවා

ආදරේ එහෙමයි විද්

මට තව දරාගන්න බෑ කියන්නෑ ඒත් මට මහන්සියි......එක්කො නින්දකදි හරි ඇස් මානෙට  ඇස් මානෙට ඇවිත් පලයන්.....මට පාලුයි

සමාවෙන්න ඒ වගේම ආදරෙයි !

🌼 ඉතින් කොහොමද ඔයාලට ?? හොදින් ඉන්නවනෙ.....මාත් ආදරෙයි අනේ

Share This Chapter