Back
/ 47
Chapter 34

🌼 Chapter 33 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

ම්හ්හ්........ආව්හ්

මම තදට ඇස් පියාගෙන අනිත් පැත්ත හැරුනා......ඒ කරලත් බැරිම තැන කොට්ටෙට ඔලුව ගහගත්තා......ඔලුව පැලෙන්න තරම් වේදනයි......ඊයෙ කටේ ගහපුවගෙ රගේ දැනෙන්නෙ දැන් දැන් වෙනකොට කරන්න දෙයක් නැතිම තැන මම ඇදේ ඉදගන්න ගමන් ඇද විට්ටමට ඔලුව හේත්තු කරගත්තා......බීපු දවසක පහුවෙනිදට මෙහෙම ඔලුව කැක්කුම අල්ලන එක කොහෙත්ම නුපුරුදු දෙයක් නොවෙනකොට මම කලේ පපුව බර කරලා ලොකු හුස්මක් ඇද්ද එක

ඉස්සරත් ඉදලා හිටලා දුමක් ඇද්දෙ නෑ කියන්න බෑ......කොල්ලො එක්ක ආතල් එකට ඉදලා හිටලා ශොට් එකක් ගැහුවට මොකද මේ වගේ සද බොදවෙන්න කීයටවත් බිව්වෙ නෑ.......ඒත් කාලෙත් එක්ක හැමදේම වෙනස්වෙනවා කියන්නෙ කට කහනවට නෙවෙයි කියන්න අන්තිමට මම ඉගෙනගත්තා...

මොනා කරන්නද බන් සමහර මතක පිටු වලට තටු එන්නෙ රෑට වෙනකොට

" උබව මතක් වෙන හැමදාකම උබව තදටම ඕන හිතුන වෙලාවට උබ මගෙ ලග නෑ කියන හැගීම හරි අසරණයි විද්........එහෙව් වෙලාවට මාත් හරි අසරණ වෙච්චිකොට පියවි සිහියෙන් ගව්ගානක් දුර යනවා කියන්නෙත් ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි මැණික "

ඇද විට්ටමට ඔලුව ගහගෙන උන්නු මම පෝන් එක හෙව්වා......ඒකත් ඇගට යටවෙලා තියනකොට අතට අහුවෙනකොට මම එහෙම්මම වෙලාව බැලුවා.......මේ මගුලත් කොයි වෙලාවක හරි කැඩෙන්නෙ රෑට මගෙ ඇගට යටවෙලා

හයයි දහයයි.......

වෙලාව බලපු මම ඇදෙන් බැහැලා කෙලින්ම ආවෙ බාත්රූම් එකට........ශවර් එක ඇරපු මම කලේ සීතල වතුර බිංදු ඇගට වැටෙන්න දුන්න එක.......පාන්දරම නාගන්නෙ වෙන මොනවත්  හන්දා නෙවෙයි ඊයෙ රෑ බිපුවගෙ ගද යන්න.....වතුර බිංදු වැටි වැටි ඇග දිගේ පල්ලන් බහිනකොට ඇස් පියාගත්තු මම ඔහේ උන්නා

දවස් දෙකකට පස්සෙ යුනී යන්නෙ......හේමාල් දැන් නැති හන්දා උගෙ ලෙක් බාගයක්ම මම ඕන ඇදන් යන්න.......ඔය ගොඩට ඊයෙ පෙරේදා  අලුතෙන් ආපු ජුන්නොත් ඉන්නවා......අපරාදෙ අක්කා කට කැඩෙනකන් ඒ දවස්වල කිව්වා වගේ චාටට් කරලා සිමාවත් කරන්න තිබුනා.......ඒත් ඉතින් වැඩක් නෑ

කාර් එකේ යතුරත් අතට ගත්තු මම කුස්සියට ආවා......කබඩ් එකක් අස්සෙ තිබුන පැනඩෝල් කාඩ් එකෙන් පෙති දෙකක් කටේ දාගත්තු මම උදේටත් නොකාම එන්න ආවෙ කොහමත් අර කිව්වත් වගේ ඕවා මට නුපුරුදු දේවල් නොවන හන්දා

හැබැයි යුනි එකට කලින් මගෙ කාර් එක නැවතුනේ හොස්පිට්ල් එක ලග.......කාර් පාක් එකේ වාහනේ නවත්තපු මම අදත් #### කියලා ගහලා තිබුන හොස්පිට්ල් එක ඇතුලට ආවා

" How can I help you sir ?? "

" Doctor Kumarasiri ?? "

" Yes he is there.......Have you made an appointment in advance ?? "

" Yes I did......He knows me "

එහෙම කියපු මම රිසිප්ශන් එකේ කෙල්ලට මගෙ කාඩ් එක පෙන්නුවේ ඒක බලපු කෙල්ල ඉදන් උන්නු තැනින් නැගිටිනකොට

" oooh sorry sir......The doctor is in his room "

" mmm...."

ලිෆ්ට් එකට නැග්ග මම කෙලින්ම ආවෙ හතරවෙනි තට්ටුවේ ඩොක්ටර් කුමාරසිරිගෙ කැබින් එකට

" ඕහ් රශේන් එන්න.......එන්න......ඇවිත් ඉදගන්න "

ඩොක්ටර් එයාට ඉස්සරහ තිබුන පුටුව පෙන්නලා කියනකොට මම කලේ මුකුත්ම නොකියා ඇවිත් එතනින් ඉදගත්තු එක

" ඉතින් කොහමද මොනාහරි සුවයක් දැනෙනවද "

ඩොක්ටර් එහෙම අහනකොට මම එක මොහොතකට කල්පනා කලා......අවුරුදු ගානක් තිස්සෙ මම මෙතනට එනවා ඒ හැමදාකම ඩොක්ටර් අහන්නෙ එකම ප්‍රශ්නෙ........ඔයාට දැන් කොහොමද ?? ඇත්තටම මම හොදින්ද ? මොන පිස්සුද මගෙ සැනසීම උන එයා මගෙ ලග නැතිකොට කොහෙන්ද මට හරිහැටි

සුවයක්

" එහෙම මුකුත් නෑ "

මම කිව්වෙ අහක බලාන.......කරන්න දෙයක් නෑ අවුරුදු ගානක් තිස්සෙ මම ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ අහක බලාන වෙනකොට මම හිතන්නෑ එයාටවත් මටවත් ඒකෙ පුදුම වෙන්න දෙයක් තියනවා කියලා.......ඒත් එයා ගැඹුරු හුස්මක් පාත දානහැටි මගෙ ඇස් කොනට අහු උනා

" රශේන් මේ අහන්න.......අවුරුදු ගානක් තිස්සෙ ඉදන් මම ඔයාව දන්නවා.......ඔයාගෙ ඩොක්ටර් විදියට කී අවුරුද්දක් තිස්සෙ ඉදලද මම ඔයාට බේත් දෙන්නෙ........ඒත් මට අදත් කියන්න තියෙන්නෙ එදා කියපු දේමයි සමහර තුවාල වලට අපි රෙකමන්ඩ් කරන බෙහෙත් වලින් වැඩක් නෑ........තුවාල උනු හිත් වලට ඕන සහනයක් පුතා.......මම මේ දැනුත් කියන්නෙ ඒක "

ඩොක්ටර් එහෙම කිව්වෙ දාන් උන්නු කන්නාඩි කුට්ටම ගලෝලා පැත්තකින් තියනගමන් වෙනකොට මම උන්නු තැනින් නැගිට්ටා........ඇත්ත.......එයා කිව්වා හරි සමහර තුවාල වලට ඕන මතුපිටින් රෙකමන්ට් කරන බෙහෙත් නොවෙනකොට ඒවා හොදවෙන්න පරක්කුවෙන්නවා.......සමහර වෙලාවට එහෙව් තුවාල දීර්ඝකාලීනයි

කොහමත් අර කිව්වත් වගේ මට තියෙන්නෙත් තුවාල උන හදවතක්......ලේ පොම්ප කරන වේගෙ මන්දගාමී උන හොදටෝම ලෙඩ ඕන හදවතක්.......අවුරුදු ගානක් තිස්සෙම කිසි බලාපොරොත්තුවක් නැතුව පසුතැවීම විතරක් ඉතුරු උන හදවතක්

ඒක ඇවිත් හොදටෝම අබලන් උන අරටු දිරා ගියපු මැස්සක් !

කැන්දා ගෙනා සංවේදනා

ඉන්නා තුරා ලංවී ඔයා

මං ගාව නෑ ආරාධනා

බොල් හීනයේ හිත් පාරනා

යුනි එකේ පාකින් ඒරියා එකේ වාහනේ නවත්තපු මම ඇතුලට එන්න ආවත් මොකද මගෙ කකුල් එතනම නැවතුනේ ඈතින් ඇහුන කටහඩකට.......මොකක්දෝ හේතුවකට එතනට ගිහින් බලපන් කියලා හිත බල කරනකොට සාක්කුවටත් අත්දෙක දෙක දාගත්තු මම හිමින් අඩි තියනගමන් ආවෙ තෙල් බැම්ම ලගට

ලං වූයේ වෙන් වූයේ

නුඹ නේද නිස්සාරනා

මන්දාරමේ පෙම් හීතලේ

දුර යන්නම් රිදුමන් එපා

තෙල් බැම්මට මීටර් ගානක් මෙහායින් නැවතුන මම බලන් උන්නෙ ඒ පැත්ත වෙනකොට කවුරු හරි කොල්ලෙක් සිංදුවක් කියනවා ඇහුනත් ඒ කොල්ලගෙ මූන බලාගන්න බැරි උනේ තවත් කොල්ලෙක්ට එයා කවර්වෙලා හිටපු නිසා........අනිවාර්යයෙන්ම අලුත් බැජ් එකේ කොල්ලෙක් වෙන්න ඇති.......මේ රැග් සීසන් එකනෙ.......ඒත් ඒ කටහඩ........ඒක නිකන් හරියට_

කැන්දා ගෙනා සංවේදනා

ඉන්නා තුරා ලංවී ඔයා

මං ගාව නෑ ආරාධනා

බොල් හීනයේ හිත් පාරනා

ඒක වෙන්න බෑ !

මම හිතන්නෙ මම දැක්ක දෙයින් එතනම තිබුන ගහට හේත්තු උනේ වාරු නැතුව.......කකුල් දෙක මටම වාරු නැති තැන මම ගහට හේත්තු උනා.......එක මොහොතකට මාව සීතල වෙලා ගියෙ මගෙ ඇස් තාමත් තෙල් බැම්ම උඩ නැවතිලා තියෙනකොට

ඒක වෙන්නෙ කොහොමද........දෙයියනේ ඒ එයා

මම කලේ එහෙම්මම ඇදුම්කන දෙන පපුවට දෙතුන් පාරක්  ගහගත්තු එක වෙනකොට අනිත් අතට හයියෙන් හයියෙන් හුස්ම ගත්තා.......අර කොල්ලා අයින් වෙනවත් එක්කම එයාට කවර්වෙලා

උන්නු ඒ කොල්ලව පේද්දි දැක්ක දෙයින් මම ශොක්වෙලා ගියා......මට තාම හිතාගන්න බෑ.......මට තාම හිතාගන්න බෑ මේක හීනයක්ද කියලා.......දෙයියනේ මම උනත් පුදුම වෙන්නෙ නැතුවද ඒ උන්නෙ විද් වෙනකොට

විද් ?? ඔව් එයා නේන්නම්......ඒ උන්නෙ මගෙ විද්මයි......කිසි වෙනසක් නෑ ඒ උන්නෙ එයාමයි

හීනයක් කියලා හිතුන තැන මම කලේ මාවම කොනිත්ත ගත්තු එක වෙනකොට නොහිතපු විදියට ඒ ඇස් ඇවිත් මගෙ ලග නැවතුනා

ඒ කාලේ මතුදා ආලේ තවරා

ආයේ නොයෙනා

දුන් හීනේ හැබැහින් මාගේ වෙනකල්

තාමත් මමනම්

ඔය රූ මගෙදෝ මගෙම විතරදෝ

සැමදා මට හිමිදෝ

ඔබට නොහැකිදෝ වෙනකෙකු දැන හෝ

එන්න සොයා මා නිරිදෝ

ඉතින් කාලෙකට පස්සෙ මගෙ හදවත වේග රිද්මෙන් ගැහුනා......මම තාමත් බලන් උන්නෙ තෙල් බැම්ම ලග උන්නු එයා දිහා.......ඒත් මට විශ්වාස කරන්න බෑ......ඒක වෙන්න පුලුවන්ද?? එහෙම වෙන්නෙ කොහොමද? අවුරුදු ගානකට පස්සෙ ඒ රූපෙ ඒ විදියටම මගෙ ඇස් ඉස්සරහට ඇවිත් තියනකොට මම අත් මිට මොලවගත්තා

එක්කො මට පිස්සු වෙන්න බැරිද....

මට හිතාගන්න බෑ ඒ එයාද කියලා......අවසානයටම සිංදුව ඉවර උනත් එතනින් එකා දෙන්නා ගිහින් තෙල් බැම්ම ලග හිස් උනත් මොකද මම තාමත් උන්නු තැන උන්නු විදියටම උන්නා

" විද් ඒ ඔයාද මගෙ මැණික "

මම මිමිණුවෙ අහස් දිහා බලලා......ඇත්තටම ඒ එයාද.......ඒ එයානම් මට අහන්න ඕන ඇයි පරක්කු උනේ කියලා ඒත් ඒ එයා නෙවෙයි නම් ?? මට වැරදුනා වෙන්න බැරිද......නෑ කොහෙත්ම නෑ......මම දැක්කා.....මම ඇස් දෙකටම දැක්කා ඒ උන්නෙ එයාමයි

මගෙ විද්

කොච්චර වෙලාවක් තිස්සෙ ඉදගෙන මම එයන උන්නද කියලා නොදන්නවා උනත් මම දැක්ක දේ තාමත් හිතාගන්න බැරිතැන මම එතනම උන්නා.......ආයම සැරයක් මම මාවම කොනිත්ත ගත්තා.......කී සැරයක් කියලා මම දැන් කොනිත්ත ගන්න ඇතිද......වම් අතේ මැණික් කටුව ලග රතුවෙලා ගිහින්

මට කියපන් ඒක උබමද වස්තුව

දන්නවද මැණික මට මේ වෙලාවෙ දැනෙන හැගීම මොන වගේද කියලවත්......උබට අඳුනගන්න බැරි උනාට මම දන්න උබ අවුරුදු ගානකට පස්සෙ මගෙ ඇස් ඉස්සරහට ආවහම උබට හිතාගන්නවත් බෑ මට මොනවද හිතුනෙ කියලා.......මට ඕන උනා දුවගෙන ඇවිත් උබව බදාගන්න.......මට ඕන උනා උබෙන් සමාව ඉල්ලන්න.......මට ඕන උනා උබ එක්ක හිනාවෙන්න......ඒත් කොහමද ?

" රශේන්........රශේන් මචං මේ අහපන්.......මම.කියන දේ ඇහෙනවද උබට ........සන්සුන් වෙයන්.......උබ ඉන්නෙ කලබලෙන් කොල්ලො ඉස්සල්ලාම සන්සුන් වෙයන් "

" උබ කිව්වට........උබ එහෙම කිව්වට කොහමද කියපන් මම සන්සුන් වෙන්නෙ.......අනේ බං ඒ මගෙ කොල්ලද කියපන් "

" උබට හොදටම ශුවර්ද ඒ කොල්ලා අපේ ශෙනුල් මල්ලි වගේමයි කියලා "

එහා පැත්තෙ ඉදන් පසන් අහනකොට මම හූමිටි තිබ්බා.......කරන්න ඕන මොනවද කියලවත් හරිහැටි සිහියක් නැති තැන මම කරපු එකම දේ එවෙලෙ පසනට කෝල් එකක් ගත්තු එක වෙනකොට දැන් විනාඩි ගානක් තිස්සෙ ඉදන් ඌ මට කියන්නෙම සන්සුන් වෙන්න කියලා

කට වචනෙට එහෙම කිව්වට මම කොහමද එහෙම සන්සුන් වෙන්නෙ

" කලබල නොවී ඉදපන්.......අපි බලමුකො.......පසිදුට මම කියන්නම් "

පසන් එක කතා කරපු මම කෝල් එක කට් කරලා හොද හුස්මක් ගත්තා.......එක අතකට මට සතුටුයි......මම නැතත් උන් ඉන්නේ සතුටින් හින්දා......මට නැතත් උන්ට උන් ආදරේ කරන අයව අන්තිමට හම්බුන හන්දා......ඇත්ත පසන් බැන්දෙ පසිදුව......මොනා උනත් අසම්මතේ කියන ලේබල් එක පිට උනත් මොකද උන් දෙන්නා තාමත් ආදරෙන් ඉන්නවා

තව එකම එක පාරක් මගෙ ඇස් මානෙට වරෙන්

හෝල් වලට ලමයින්ට උගන්නන්න ගියත් මම හිතන්නෑ මම උන්නෙ මේ ලෝකෙ සිහියකින් කියලා......ඔලුව යකාගෙ කම්මල වගේ.......යුනි එක පීරල හරි විද්ව ආපහු හොයාගන්න ඕන කියලා හිතුනත් මම ඉවසගෙන කාගෙන උන්නා......එකක් ඒ රූපෙ උනාට ඇත්තටම ඒ විද්මද කියලා දන්නෙ නැති නිසා වෙනකොට අනික මොන ප්‍රාතිහාර්යෙකට හරි ඒ එයා නම් මට මතක එයාව එයාට මතක නැති නිසා

හවස තිබුන ලෙක්චර් එකට මම අලුත් බැජ් එකට උගන්නන්න හෝල් එක ඇතුලට ආවෙ වටපිටවත් නොබලා වෙනකොට ස්ටේජ් එකට නැගපු මගෙ ඇස් එක මොහොතකට ලමයි  සියගානක් අතරින් කෝපි පාට ඇස් දෙකක් ලග නැවතුනා

ලබ් ඩබ්

ලබ් ඩබ්

ලබ් ඩබ් ගගා හදවත එන්න එන්නම ගැහෙන්න ගන්නකොට ඒ ඇස් දැකපු මට සේටේජ් එකෙන් බැහැලා ගිහින් එයාව මගෙ පපුවට තෙරපගන්න හිතුනා.....ඒ ඔලුව ඉබිනගමන් ඇයි පරක්කු උනේ කියලා අහන්න හිතුනා........මගෙ මැණික කියලා මුණුණන්න ඕන උනා.........ඒත් මම නිහඩ උනා.....මොකද ඒ හරියටම මගෙ විද්මද කියලා නොදන්න නිසා

ඒ උබ නම් මට උබව තුරුලු කරගන්න ඕන........වචන නැතිවෙන තරමටම මගෙ මැණිකව ගොලු කරන්න ඕන......මට ඕන උබේ ඔය හිනාවෙන ඇස් අස්සට එබිලා බලන්න........වැරදුන තැන් අමතක කරලා ආයම මුල ඉදන් හැමදේම පටන්ගන්න.......ඒ උබ නම් අපිට පුලුවන් මුහුද අයිනෙ ඉර බහින හැටි මුකුත්ම නොකියා බලන් ඉන්න.......හරියට ඉස්සර වගේ

මගෙ පොලියානා !

🌼 ඔබට සතුටුයිද දැන් ??

Share This Chapter