Back
/ 47
Chapter 35

🌼 Chapter 34 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

ශෙවින් pov

උදේ තිබ්බ එලාම් එකට පින් සිද්ද වෙන්න නවයහ මාරට තියන ලෙක්චර් එකට යන්න අටයි තිස් පහට විතර මම නැගිට්ටුනා.......අඩුම ඒ ලෙවල් වලට පාඩම් කරන්නවත් රෑට ඇහැරන් උන්නොත් ඇරෙන්න උදේට මලාට නැගිටගන්නෙ නැති මම අපරාදෙ කියන්න බෑ ජපුරෙ කැම්පස් සිලෙක්ට් උනත් හරි එදා ඉදන් උදෙන්ම නැගිටිනවා.......කරන්න දෙයක් නෑ අම්මත් කියනවනෙ කට්ට කාලා තමා ඉගෙනගන්න ඕන.......දවසක ගොඩ ගියහම බැරියෑ මයික් එකක් ඉස්සරහට ගිහින් ඕවා කියන්න

අම්මා ඩොක්ටර් කෙනෙක් උනත් මොකද ඕලෙවල් කරලා ඒලෙවල් වලට    මට බයෝ කරන්න ආසාවක් ආවෙ නැත්තෙ ඇයිද මංදා.......කොහමත් අප්පච්චිට වගේ යුධ පුහුනුව ලබන්න මට කොහෙත්ම බෑ......ඇයි අනේ කටු ටික වැහෙන්න මස් ටික විතරයි.........හේතුවක් නැති උනාට මොකක්දෝ හේතුවකට මට ඕන උනේ කොමස් කරන්න.....සමහරවිට ඒ මට පේන සමහර හීන හන්ද වෙන්නත් ඇති

" ශෙවින්.......සුදු පුතා "

" ඕ කියන්න අම්මා "

බාත්රූම් එකේ ඉදන් එනකොටම අම්මගෙන් කෝල් එකක් ආපු හන්දා පෝන් එකේ ස්පීකර් දාලා සවුන්ඩ් වැඩි කරපු මම අල්මාරියෙන් ගත්තු ඩෙනිම අදින්න ගත්තා

" දැන් නේද නැගිට්ටෙ ඔයා........ඔය බෝඩිම් අස්සෙ ඉන්න බැරිනම් ගෙදර එන්න පුතා.......අප්පච්චිට පුලුවන්නෙ ඔයාව ගෙනත් දාන්න ඒත් නැත්නම් මමත් ඉන්නවනෙ "

" අයියෝ.....හ් අම්මාහ් හැමදාම පරක්කු වෙන්නෑ අනේ.........කෝ අප්පච්චි "

" එයා නිදි......ඊයෙ එනකොට රෑ උනා "

" ම්ම්ම් "

බෑග් එකට පොතකුයි නිල් පෑනකුයි දාගත්තු මම ඇදේ ඉදගෙන සපත්තු දෙක දාන්න ගත්තා......ගෙදර ඉදන් කැම්පස් එන්න පුලුවන් උනත් තියන ආසාවටමයි නාහෙන් අඩලා අඩලා මම බෝඩිමක නැවතුනේ.......මුල් දවස්වල එච්චර හොදට යන්න හොද නෑ මොකද රැග් වලට අහුවෙනවා.......ඔය කොහම ගියත් රැග් වලට අහුවෙවමයි.......ඊයෙ සිංදුවක් කියලා ශේප් උනා........ඒත් අනිත් දවස් වලට.......නිකමට හිතන්නකො මුලු බැජ් එක්කම ලෙව කාපු ටොපිය තමන්ට අන්තිමට හම්බෙනකොට මොනවගේ හැගීමක්ද කියලා දැනෙන්නෙ

මොනවා දැනෙන්නද කරන්න දෙයක් නැතිකමට කටේ දාගත්තත් රැග් එක ඉවරවෙලා ආවත් හරි මම කෙලින්ම දිව්වෙ වොශ්රූම් පේලියට........ඔය පලවෙනි දවසෙ......තාම මුල හන්දා ඉවසන්න වෙනවා බෑ කියලා බඩුත් අකුලන් ගෙදර යන්නද

" එහෙනම් මම තියන්නම්..........පරිස්සමට යන්න......බුදු සරණයි වස්තු "

" බුදු සරණයි අම්මා.......මම ලෙක්චර්ස් ඉවර උනහම ඔයාට ගන්නම්කො "

අම්මාගෙන් ආපු කෝල් එක කට් වෙනකොට දාගත්තු සපත්තු දෙකේ ලේස් හිරකරගත්තු මම කන්නාඩි මේසෙ ලගට ඇවිත් හිටගත්තා.......ඔය ඉන්නෙ කොල්ලා ලස්සනට........කන්නාඩියෙන් පේන මගේම රූපෙ දිහා බලපු මම විරිත්තුවා......ඒත් එක්කම මට පෙනුනෙ ඉස්සරහම තිබුන පොල් දත් දෙක

( ශෙවින් අභිර්ය)

' හාවා '

කැම්පස් එකට පය ගහපු මුල්ම දවසෙම මේ දතක් හන්දා මට හාවා කියලා කාඩ් එක හම්බුනා........කමක් නෑ ලැබෙන දෙයින් සතුටු වෙන්න මම පුරුදු වෙලා ඉන්න හන්දම හොදයි

" කොහෙද බන් ඉන්නෙ "

" උබ කොහෙද ඉන්නෙ "

" උබේ බෝඩිම ඉස්සරහ "

" ඔහොම ඉදපන්.........මම මේ දැන් එනවා"

ඒත් එක්කම ආවෙ ආශරගෙන් මැසේජ් එකක්........ආශර කියන්නෙ කැම්පස් එකේදි මට හම්බුන එකම යාලුවා......එයාගෙ බාප්පද කොහෙද අපේම යුනි එකේ ලෙක්චර් කෙනෙක් කියලා ඒකා කිව්වට මොකද මම අද වෙනකන් ඔය කියන බාප්පව දැක්කෙ නෑ.......එක අතකට කොහෙ දකින්නද ඇවිල්ලත් තව සතියක් ගිහින් නැතිකොට....... ඒකත් මම වගේ හන්දමද කොහෙද මටම හරි ඉක්මනට සෙට් උනා.......කන්නාඩියෙන් පේන මගෙ රූපෙ දිහා තවත්  එක සැරයක් බලපු මම බෙල්ලෙන් ටිකක් පහලට වැටෙන්න වවලා තියන කොන්ඩ කෑලි ටික පිටිපස්සට කරලා බූල් බෑන්ඩ් එකෙන් තද කරගත්තා.......කොහෙද කරාබුවක් දාගන්න ආසාවක් තිබුනත් කරාබුවක් කනට දාගෙන අප්පච්චිගෙන් ගුටිකන්න තමා ඉතින්

( ආශර තරුශාන්)

" මොකද යකෝ පරක්කු උනේ.......බලපන් කීයෙ ඉදන්ද කියලා මම මෙතන ඉන්නෙ "

" අයියො...හ් සුද්දා.හ් "

අර කිව්වත් වගේ බෝඩිමෙන් එලි බහිද්දිම  පාරෙන් එහා පැත්තෙ තාප්පෙට හේත්තුවෙලා ආශර පුපුර පුපුර ඉන්නකොට එයා ලගට ගියපු මම ඒ බඩට ගැහුවෙ ඒකා ඒත් එක්කම මගෙ බෙල්ල මුලින් අල්ලගන්නකොට

මූ මාව මරන්න හදනවා  !

" අත.......අත ගනින් ආශර........මැරෙයි යකෝ "

" බොරුව නොදා ඉදපන් ශෙවින්.......වරෙන් යන්ඩ දැන්වත් "

අන්තිමට කොහමහරි අපි දෙන්නා ගහ මරාගෙන ආයම යාළුවෙලා බස් එකෙත් එල්ලිලා කැම්පස් එක ඇතුලට එනකොට අදත් කට්ටියක්ව සින්නො ඈත ඉදන් රැග් කරනහැටි පේනකොට ආශරගෙ අතින් අල්ලගත්තු මම ශේප් එකේ එන්න ආවා......අහු උනොත් එහෙම ඉවරයි.......මොනා කරන්නද මාළුවා නහින්නෙ කට හන්දා වගේ ආව දවසෙ ඉදන් මා එක්ක ආශරත් හුගක්ම රැග් උනේ මගෙ කට හන්දා වෙනකොට

" ස්ස්ස්........ආ නංගේ "

මාර ගස් යට එදා මම ආශරට පෙන්නපු  කෙල්ල ඉන්නවා දකිනකොට එනගමන් එයාටත් හිමීට විශිල් පාරක් ගහගෙන ආවෙ ඒකි හිනාවෙලා ඇබරෙන්න ගන්නකොට.......ඔක්කොටම කලින් ඒකි මොන ෆැකල්ටියේද කියලා හොයාගන්න ඕන

" ආව්....හ් මොකද බන් උබට වෙලා තියෙන්නෙ "

මම ඇහුවෙ ඔලුව අත ගානගමන්......වෙන සිහියකින් හිනා වෙවී ආපු මම මේ ලෝකෙට ආවෙ ආශර ඔලුවට ඇනපු ටොක්කට වෙනකොට මම කලේ නොක්කාන්ඩුවට ඒකා දිහා බලපු එක......මෙන්න මේකා ආයමත් පුපුරනවා

" මොකද අහන්නෙ.......එක විදියකට ඉදපන් ශෙවින්........කැම්පස් එකට ඇවිල්ලත් තවම කී දවසද......පාඩුවේ පැත්තකට වෙලා ඉදපන් බොරුවට කෙල්ලො ෆෝම් කරන්න යන්නෙ නැතුව........හාවා කියලා නෙවෙයි උබට දාන්න තිබ්බෙ කුකුළා කියලා "

" මම කුකුළා නම් තමුසෙට දාන්න තිබ්බෙ නරියා කියලා.......උබ මට වඩා අන්තයිනෙ"

" අනේ බං කියන තැනකට වැදින්නම් අපේ බාප්පටට අහුවෙන්න නම් ඕවා කරන්න බෑ හරිද.........නිකමට හරි අහු උනොත් මාරාගෙන කයි උබවයි මාවයි දෙන්නම "

" ඒ තරමට සැරද බාප්පා "

මම ඇහුවෙ හෝල් එක ඇතුලට යන ගමන්......ඒ යනකොටත් හුගක් කට්ටිය ඇවිත් තිබුනා......මාවත් ඇදගෙන ආපු ආශර අන්තිම හරියෙ තිබුන ඩෙස් එකක ඉදගත්තෙ විනාඩි පහක් විතර යනකොට ලෙක්චර්ත් ඇතුලට එනකොට

" හුටා.......බාප්පා "

එහෙම කියනගමන් ආශර ඩෙස් එක උඩ තිබුන පොතෙන් මූන වහගන්නගමන් ඔලුව පාත් කරනකොට මම උඩ බිම බැලුවෙ එක පාරටම හොදට හිටපු මනුස්සයට මොකද උනේ කියලා.......බාප්පලු.......කොහෙද

" කෝ කොහෙද "

" ස්ටේජ් එකේ යකෝ "

ආශර හිමිහිට මුමුනනකොට මම එහෙම්මම බැලුවෙ ස්ටේජ් එක දිහා.......ලෙක්චර් නේද......එතකොට එයාද මෙයාගේ බාප්පා.......ආශරගෙ බාප්පගෙ හරියට මූන නොපෙනුනේ එයා අනිත් පැත්ත හැරිලා උන්න හන්දා වෙනකොට මම ආයම සැරයක් මගෙ එහා පැත්තෙ පොතකින් මූන වහන් උන්නු ආශර දිහා බැලුවා

" අරයද ඔයාගෙ බාප්පා "

මම ඇහුවෙ ස්ටේජ් එකේ උන්නු එයා දිහාට අත දික්කරනගමන් වෙනකොට අරකා ඔව් කියලා කියන්න ඔලුව උඩට පහලට වැනුවෙ මම ආයම සැරයක් පිටුපාලා ඉන්න එයා දිහා බලනකොට.....ඒත් එක්කම ආශරගෙ බාප්පා ලමයිගෙ පැත්තට හැරෙනකොට උඩට ගත්තු හුස්ම පොද පහලට දාන්න මට අමතකවෙලා ගියා

එතකොට ඒ එයාද

මම තාමත් උන්නෙ එයා දිහා බලාන.......අහේතුවක ඔලුවෙ පැත්තක් හිරි වැටීගෙන යනකොට ඒකවත් හරියට ගනන් නොගත්තු මම කලේ එක දිගටම එයා දිහා බලන් උන්නු එක.......එයා මාව නොදැක්කත් මම එයා දිහා බලන් උන්නා......ඒ ඇස්.......ඒවා අලු පාටයි......එයාට තිබුනෙ අලු පාට ඇස් දෙකක්......ඒවා මට මොන මොනවදෝ මතක් කරනවා ඒත් මතක නෑ

අදත් හදවත මොකක්දෝ හේතුවකට රිදෙන්න ගන්නකොට මම බලන් උන්නා........හරියට එදා වගේමයි........එදා රැග් එකට අහු උන වෙලාවෙ අහම්බෙන් මගෙ ඇස් එයා ලග නතර උන හැටි මට හදටෝම මතකයි......හැම වෙලාවකම වගේ ආශර මේ සැරෙන් මගෙ වැලමිටට අතින් අනිනකොට මම ඌ දිහා රවලා බැලුවා

" ඇයි "

" ඔහොම එක දිගට බලන් ඉදලා උබ අනිමිසලෝචන පූජාව වඩනවද........අහක බලාගනින්කො බාප්පා දැක්කොත් ඉදලා හමාරයි "

මම එහෙම්මම රවාගෙන පොතට එබුනා.......පැය තුනක වෙලාවෙ ඉදන් ආශරගෙ බාප්පා උගන්නකොට අහේතුවකට සැරින් සැරේට මගෙ බැල්ම ස්ටේජ් එක පැත්තට නොගියා කිව්වොත් ඒක බොරුවක්.......ඒ අලු ඇස් අයිතිකාරයව දකින වාරයක් ගානෙ ඔලුව ඇතුලෙන් මට මොනවාහරි මතක් කරන්න හදනකොට අමාරුවෙන් උනත් මම ඉවසන් උන්නා....

බාප්පට තිබුනෙ ගැඹුරු කටහඩක්.......මයික් එකෙන් ඇහෙන ඒ කට හඩට දන්න ඉංග්‍රීසිත් මට අමතකවෙලා ගියේ ඉබේටමයි......අපේ අප්පච්චිගෙම වයසෙ වගේ උනාට එයාට පරිණතබවක් එක්ක අමුතුම ලුක් එකක් තිබුනා.......ස්ටේජ් එක උඩ එහාට මෙහාට යනගමන් උගන්නන එයා දිහා බලපු මම කලේ ඔලුව දෙපැත්තට ගසපු එක

උබට පිස්සු......යකෝ ඒ උබේ ලෙක්චර්........ඊටත් වඩා ඒ මනුස්සයා ආශරගෙ බාප්පා

මොලේ හොද කනේ පාරක් ගහන ගමන් එහෙම මුමුණනකොට වතුර බොතලේ මූඩිය ඇරපු මම ඒක කටේ ගහනගමන් බැලුවෙ එහා පැත්තෙ උන්නු ආශර දිහා......මොකද සාමාන්‍යයෙන් ඒකා ලෙක්චර්ස් අස්සෙ නිදාගන්නවා......පුදුමයි ඒත් දැන් එහෙම නෑ........සමහරවිට බාප්පගෙ ලෙක්චර් එක හන්දා වෙන්න ඇති......පේනේද වැදගත් දරුවො

" මොකද ඔහොම බලන්නෙ "

" සිරාටම උබට ට්‍රැක්ද බන් දැන් මම හුග වෙලාවක ඉදන් බලාන ඔලුව ගසනවයි.......පෑන් හපනවයි.......ඒ පාර මොන මරාලයක්ද "

" එහෙම මුකුත් නෑ "

මම කිව්වෙ උරහිස් අකුලලා......කොහමහරි තව පැයක් ගිය තැන ලෙක්චර්ස් ඉවරවෙද්දි ආශරගෙ බාප්පා යන්න ගියෙ මේකා ලොකු හුස්මක් පාත දානකොට.......පව් ඉතින් මූ හිතන් ඉන්නෙ බාප්පා මූව දැක්කෙ නෑ කියලා ඒත් මමනෙ දැක්කෙ දැන් යනකොටත් මේ පැත්තට බැල්මක් දීලා ගියපු හැටි

" බලපන් ඉතින් තව අවුරුදු හතරක්ම ලුනුත් නැති කිරිත් නැති මේ වගේ වතුර කෑම කන්න තියනවා කියන්නෙ එතනත් දුකක්නෙ බං "

" එහෙම තමා ඉතින්  ඉගෙනීම කටු අත්තකි එහි පලය මල් ඉත්තකි කියලා කියනවනෙ.."

මම කිව්වෙ  ආශර අතේ තිබුන පරාටා එක  අරගෙන ඒක පරිප්පු ඇට නැති මිරිස් හොද්දෙ පොගෝන ගමන්.......ඇත්ත අර කිව්වත් වගේ පරිප්පුවේ ඇට පාරෙන් තියෙන්නෙ මිරිස් වතුර.......හාල් මැස්සො හොද්දක හාල්මැස්සෙක් අහු උනේ එහෙමත් කෙනෙක්ට......වැඩක් නෑ

" සර් !!! "

" හ්ම්ම්.......හ්ම්ම්ම් ඉදගන්වලා "

පොගෝපු පරාටා කෑල්ල කටට දාගන්න හම්බුන්නෑ ඒත් එක්කම සින්නො වගයක් කැන්ටිම ඇතුලට එනකොට කකා උන්නු එකත් අතේ තියන් හිටපු අපි දෙන්නා එක්ක කැන්ටිමේ උන්නු තව කොල්ලො ටිකක් නැගිටලා එයාලට සැලියුට් කලා.....ඕක නීතියක්......සින්නෙක් දැක්කහම හරි එයාලා ලගින් යනකොට හරි රැග් එක ඉවරවෙනකන් අපි එයාලට සැලියුට් කරන්න ඕන.......එහෙම තමා ගරු කරන්නෙ

" අර පැත්තට යමන් "

කැන්ටිමෙන් කාපු අපි දෙන්නා උන්නෙ කැම්පස් එක වටේ ඇවිදිනගමන්......මොනා කරන්නත් කලින් වටපිටාව දැනගන්න එපැයි.......තැන් තැන් වල කපල් මල් කඩනවා......පෙලක් අය පාඩම් කරනවා......අවුලක්ම නෑ ශේප්

පාරෙ ඇවිද ඇවිද උන්නු මගෙ කකුල් ඇහැළ ගහක් ලග අහේතුවකට නතර උනා......ගහ පුරාවටම මල් පිපිලා.......සමහරක් බිම හැලිලා.....ලස්සනයි.......ගහ යටට ගියපු මම බිම වැටුන ඇහැල මලක් ඇහිද ගත්තා.......හරිහැටි හේතුවක් නැති උනත් මොකද අහුල ගත්තු මල මම කලේ ඇගිලි තුඩු වලින් කරකවන ගමන් පෙති හෙමිහිට පිරි මැදපු එක

" තරුශාන් එන්න "

" බාප්පෙ මම මෙයා එක්කම බස් එකේ එන්නම්කො.......එයත් තනියමනෙ "

අපි උන්නෙ හවස තිබුන ලෙක්චර් එකත් ඉවරවෙලා කැම්පස් එකේ ගේට් එක ලගින් එලියට එනගමන් උනත් මොකද පිටිපස්සෙන් ඇහුන කටහඩකට අපි දෙන්නම නැවතුනා

ඒ උන්නෙ එයා.......ආශරගෙ බාප්පා

සාක්කුවටත් අත්දෙක දාන් උන්නු එයා ආශරට එන්න කියනකොට මගෙ දිහා බලපු ආශර එයාගෙ බාප්පා දිහා බැලුවා.......එන්න කියනවනම් කොහමද බෑ කියන්නෙ......ආශරගෙ පිටට තට්ටුවක් දාපු මම ලාවට හිනා උනා

" ඒකට කමක් නෑ.......ඔයා බාප්පා එක්ක යන්න......මට බස් එකේ යන්න පුලුවන් පොඩි දුරනෙ "

" ඔයාගෙ යාලුවටත් එන්න කියන්න "

" නෑ මට තනියම යන්_"

" බයිලා කියන් නැතුව යමන් "

මම බලාපොරොත්තු නොවුන විදියට එයා මටත් එන්න කිව්වත් මොකද මම කමක් නෑ කියලා කියන්න ගියත් ආශර කලේ එයාගෙ බාප්පට හිනාවෙන ගමන් මාව බෙල්ලෙන් අල්ලගෙන ඇවිත් එතනම තිබුන කාර් එකට ඔබපු එක......ඒ උනත් මට මේකෙ යන්න බැරි ගතියක් දැනුනත් ඒක මම කියන්න නොගියෙ වැඩක් නැති නිසා

ආශර මගෙ එහා පැත්තෙන් ඉදගන්නකොට එයා ඇවිත් ඉස්සරහ ඩ්‍රයිවින් ශීට් එකේ ඉදගත්තෙ මම ජනේලෙන් එලිය බලාගන්නකොට.....

නුවර අහසට වගේ පුන්දස

ජපුර අහසෙත් නැගෙනවා

මහවැලියකට නොබැදි ප්‍රේමය

තවම ඉතිරිව තියෙනවා

රේඩියෝ එකෙන් ඇහෙන සිංදුවට කන් දීගෙන මම බැලුවෙ ඉස්සරහ වාහනේ ඩ්‍රයිව් කරන එයා දිහා.......මුලු කාර් එකම වැනිලා සුවදින් පිරිලා ගිහින් තියනකොට ලොකු හුස්මක් ගත්තු මම තදට ඇස් පියාගත්තෙ ආයමත් අර ඔලුව රිදෙන ගතිය දැනෙන්න ගන්නකොට

අලු පාට ඇස් දෙක

ලක්සරි වැනිලා සුවද......ඔය ඔක්කෝම මොකක්දෝ දෙයක් මට මතක් කරන්න හදනකොට මම කලේ අතේ ඇගිලි තදට තෙරපගත්තු එක...

ගලහා පාරට නොදැනෙනා වැහි

එගොඩවත්තට වහිනවා

දැකලා නැතුව ඇති විජේරාමෙත්

ආදරේ මල් පිපෙනවා

සුසර හිරු රැස් සිබින කසගස්

ළමැද පෙම් බස් හද රැදේ

සොදුරු සිත්තම් අතුල ගෙත්තම්

පතුල පාරයි හදවතේ

මටත් හොරාට කලින් අහුලගත්තු ඇහැළ මල අතටම පොඩිවෙලා ගියා......දැනෙන පීඩනේ නැති කරගන්න ඕනකමට ලොකු හුස්මක් උඩට ඇද්දෙ ඒත් එක්කම අර වැනිලා සුවදත් නාස් කුහර අස්සෙන් රිංගලා යනකොට

නිතර හමුවන මතක සැමරුම්

සිහිනවල මියදුන ලෙසේ

මිලින වූ පසු මලක ප්‍රේමය

නුබ නමින් සැගවනු කෙසේ

නුවර සදයට මලට පෙම්බැදි

මහවැලියවත් ලග නැතී

නෙතක කදුලක නුඹට හිත ඇති

ආදරේ තව පුරවතී

🌼 අහන්නලකො ළමයි මම දන්නවා මගෙ කතාවට views නෑ කියලා......But It's okay I don't care about that.......මොකද මම ලියන්නෙ  කාගෙවත් views බලාගෙන නෙවෙයි හන්දා.......මට ඒක කොහෙත්ම වැඩක් නෑ මොකද මට ඕන දවසක මම ආයම හැරිලා බැලුවොත් මේ මගෙ කතානෙ කියලා හිතලා හිත පුරෝගන්න......ඒත් ප්ලීස් කාටවත් ඔහොම අනේ ඔයාගෙ කතා වලට වීව්ස් නෑනෙ කට්ටිය කියවනවද ඉතින් ඕක කියලා අහන්න යන්න එපා.......මොකද මම ඕක ගනන්ගත්තෙ නැති උනාට තව කෙනෙක්ට ඕක හන්දා රිදෙන්න පුලුවන්

ඒ හන්දා කෙනෙක්ට දෙයක් කියන්න කලින් දහපාරකටවත් වඩා හිතන්න......🤌

එහෙනම් මම යන්නම්........බා...යී 👋

Share This Chapter