Back
/ 47
Chapter 36

🌼 Chapter 35 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

මම උන්නෙ මගෙ ඉස්සරහ උන්නු කෙල්ල දිහා බලන්.......එයා මොන මොනවදෝ කියවනවා......ඒත් එයා කියන දේ තේරුම්ගන්න පුලුවන් මානසික මට්ටමකින් මම නොවෙනකොට මම ඔහේ අහන් උන්නා

" කරුණාකරලා එයාගෙන් ඈත්වෙන්න මල්ලි "

" අපි අතරට එන්න එපා "

" එයා ඔයාගෙ නෙවෙයි "

" ඒ මගෙත් ආදරේ "

මම අන්තිමට අහන්න උන්නෙ එච්චරයි....අන්තිමට ඒ කෙල්ල එහෙම කියනකොට පපුව හාරගෙන යන්න තරම් වේදනාවක් එක්ක මම දුවන් ආවා......කම්මුල් දිගේ කදුලු කැට පහලට ගලක් යද්දි බෑග් එකත් කරේ දාගත්තු මම දුවන් ආවා......ඒත්,

බ්රාස්...........

" අම්මා ! "

ඒත් එක්කම මම නැගිට්ටා......ඇදන් උන්නු ඇදුම දාඩියෙන් පෙගිලා ඇගේම ඇලිලා ගිහින් තියනකොට මම කලේ වේගෙන් ගැහෙන්න පපුවට අත තියාගත්තු එක......එතන රිදෙනවා.......අහේතුවකට අදත් එතන රිදෙනවා......සයිඩ් ටේබල් එක උඩ තියන වතුර බෝතලේ මූඩිය ඇරපු මම ඒක කටේ ගහගෙන බීගෙන බීගෙන ගියෙ කට දෙපැත්තෙන් වතුර බිංදුවක් දෙකක් බේරෙනකොට........හිස් උන බෝතලේ එතනින්ම තියාපු මම කලේ පපුව පුරවලා හුස්මක් ගත්තු එක

අදත් එකම හීනෙ........පොඩි කාලෙ ඉදන්ම එකම හීනෙ.......අදත් ඒ හීනෙම කිසි වෙනසක් නැතුව පේනකොට මම කෑගහගෙන නැගිටගත්තා........අගක් මුලක් හරිහැටි නොතේරුනත් මොකද ඔය හීනෙ මම ඒ කාලෙ ඉදන් දැක්කා......සමහර දවස් වලට මගෙ නින්ද පවා ඔය හන්දා නැතිවෙලා යනකොට බැරිම තැන අම්මා කලේ එයාගෙ යාලුවෙක්ට මාව පෙන්නපු එක.......ලාච්චුවේ තිබුන බේත් පෙති තුන ගත්තු මම ඒක එහෙම්මම කටේ දාගත්තා

අදත් එකම වේදනාව.........අහේතුවකට දැනෙන දුක........අපහැදිලි රූප මේ ඔක්කෝම මාව අවුල් කරලා දැම්මා......කරන්න දෙයක් නැති තැන මම කලේ වේදනා දෙන පපුවට අත මිට මොලවලා ගහගත්තු එක........මට තේරෙන්නෑ......පේන මගුලක් එක්කො හරියට පේන්න ඕන එහෙම නැත්නම් නොපෙනි තියෙන්න......එකම දේ ඇරුනහම වෙන දේවල් පේන්නෙත් නෑ......ඔක්කොමත් හරි එක රූපයක්වත් පැහැදිලිව නොපෙනෙනකොට මට කියන්න මම උනත් අවුල් නොවී තියේවිද

මම එහෙම්මම පෝන් එක අරන් වෙලාව බැලුවෙ දැන් කීයද කියලා දැනගන්න ඕනකමට......හතරයි විසි පහයි.......එක්කො ඔය හීන ඇහැරෙන්න ඔන්න මෙන්න තියලා පේන්න ඕන......එතකොට කොහමත් ඇහැරගන්න එකනෙ.......මේකෙන් වෙන්නෙ රෑ මැද ඇහැරිලා ඔහේ ඉන්න වෙන එක......නින්දත් නෑ පේන දේකුත් නෑ අන්තිමට.......මම කලේ මූනට වැටිලා තියන අප්පච්චිට අනුව කපුටු කොන්ඩෙ අතකින් පිටිපස්සට කරගත්තු එක.......මගුල දැන් ඇහැරලා ඉදපන්කො

අම්මට කියන්න ඕන ගත්තු බේත් ඉවරයි කියලා......ආයම අරන් දෙයිනෙ එතකොට......ඇදෙන් බැහැගත්තු මම මෙච්චර දවස්ම හෝදන්න ඕන කියලා හිතුව ගොඩ ගහලා තියන රෙදි ටික වොශින් මැශින් එකට දැම්මා.......ඒ අස්සෙ උදෙන්ම නැගිටුන හන්දද කොහෙද බඩගිනියි......මේ ටික හෝදලම කොත්තු මී පැකට් එකක්වත් හදාගෙන කනවා.......අකවුන්ටන්සි වැටුන හන්දා හොදා කොහමත් අන්තිම අවුරුද්දෙ ලෙක්චර් තියෙන්නෙ රෑට හන්දා කෝස් එකට ඕන කොලිෆිකේශන් හදාගන්න ජොබ් එකක් කරන්න පුලුවන්.....

ජොබ් එකක් කරනවා කිව්වට ඕකෙන් හම්බෙන පඩියක් නෑ.......උපරිම ඕන නම් එකොලොස් දාහක් විතර හම්බෙයි.......මොකද ජොබ් එක කරන්නෙ කොලිෆිකේශන් වලට ඕන එක්ස්පීරියන්ස් එක ගන්න මිසක්කා සල්ලි වලට නොවෙනකොට   මේ අවුරුදු හතර  ඔය කට්ට කොහමත් කන්න වෙනවා

" මොකද බන් උබ පැලවෙන්නෙ........කෙල්ලෙක්ටවත් යන් නැතුව ඇති ඔච්චර වෙලාවක් ලෑසාතිවෙන්න "

" එහෙම තමා ඉතින්........ඔයාලා වගේ අහුවෙන එක ඇද ඇද ලෑස්ති වෙන්නෑනෙ අපි "

මම කිව්වෙ අතේ තිබුන බීම එක බටේ කටේ ගහන ගමන්.......ඒකෙන් උගුරක් බීපු මම බීම කප් එක ආශරගෙ පැත්තට දික්කලේ එයත් ඒකෙන් උගුරක් බීලා ආපහු මටම දෙනකොට........උගුරක් කියලා කට වචනෙට කිව්වට මොකද බීම එකෙන් සෑහෙන ප්‍රමාණයක් දැනටමත් ඒකගෙ කටේ.........ආශරගෙ බෙල්ල වටේ අත දාගත්තු මම පාර දිගේ ලෙක්චර් හෝල් එක පැත්තට ආවෙ ඒත් එක්කම කවුරුහරි මගෙ නම කියලා කතා කරනකොට.......මම එහෙම්මම බෙල්ල පිටිපස්සට හරෝලා බැලුවෙ ඒ කවුද කියලා උනත් ඇත්තටම කවුද කියලා දැක්කහම නම් මට මහ පැණි හිනාවක් ගියෙ එහා පැත්තෙ උන්නු ආශර හෙමිහිට වැලමිටෙන් අනිනකොට

මොකද ඒ උන්නෙ එදා දවසක් මම නිකමට  හිනාවක් දුන්න කෙල්ල.........අපූර්වා........ආර්ට් එකේ ඉන්නේ කියලා අන්තිමට කොහමහරි හොයාගත්තා

" ශෙවින් "

ආයම සැරයක් අපූර්වා මට කතා කරනකොට ආශර දිහත් බලපු මම මූනට වැටිලා තිබුන කොණ්ඩ කෑල්ලකටත් කටින් පොඩි හුස්මක් පිබින ගමන් ඒ කෙල්ල දිහා බැලුවෙ ඇයි කතා කලේ අහන්න

" කියන්න "

" මේ.........මේ ඇත්තටම"

මෙන්න මේකි ඇබරෙනවා........කියන්න තියන දෙයක් කෙලින්ම කියන්න බැරිද මං අහන්නෙ.......මොකට ඔච්චර ඇබරෙනවද මංදා......ඒ අස්සෙන් ආශර දාගෙන මට රවනකොට එයාට ලා හිනාවක් දුන්නු මම තාමත් මගෙ ඉස්සරහ ඉදන් ඇබරෙන අපූර්වා දිහා බැලුවා

" මේ ඔයාට වැඩක් නැත්නම් අද හවස අපි හම්බෙමුද "

තටම තටම හරි අන්තිමට අපූර්වා එහෙම කියලා දානකොට පිටින් නොපෙන්නුවත් මොකද හිත ඇතුලෙනම් මගෙ කට කනට ගියා........මල්සරෝ...........මල්සරෝ........උබ නම් දෙයියෙක් බන්...

" අපූර්වා මම_ "

" ඕ....හ් සොරි අපූර්වා අද නම් ශෙවින්ට බැරිවෙයි........කොල්ලො කට්ටිය රෑට සෙට්වෙනවා........තේරෙනවනෙ ඉතින් නේද "

අපූර්වා මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් තාමත් ඉන්නකොට මම හා කියන්න කට ඇරියත් ඊට කලින් ආශර මැද්දට පැන්නා.......මම බෙල්ල හරෝලා ඒකා දිහා බැලුවෙ ඒ කිව්වෙ මොකක්ද කියලා බලන්න.......ඒ වෙන මොකවත් හන්දා නෙවෙයි මෙහෙට ආවත් ඔහොම සෙට්වෙන්න තරම් අපිට යාලුවො හිටියෙ නැති හන්දා....

" ඒකට කමක් නෑ ශෙවින්..........එහෙනම් අපි වෙන දවසක මීට් වෙමුකො "

එහෙම කියපු අපූර්වා යන්න යනකොට මම බලන් උන්නා......මොනා කරන්නද හොදම යාලුවා කඩා කප්පල් කරපු එකට මැරෙන්නද......අනේ යන්න එපා ඉන්න කියලා ඈතින් යන අපූර්වා දිහා බලලා මගෙ හිත එක දිගටම වැලපෙනකොට මම කලේ ලොකු හුස්මක් ගත්තු එක......අපරාදෙ අතට හම්බුන චාන්ස් එක

" අව්.....හ් මොකද යකෝ හැමවෙලාවකම ගහන්නෙ "

" ගහන්නෙ........ගහන්නෙ අහන්නෙ තෝ හදන්නෙ වටේ ඉන්න ඔක්කොම කෙල්ලො ටික බොරුවට ටෝක් කරලා අන්තිමට බාප්පගෙනුත් අපිට ඉන්න තැන් නැති කරන්න "

වැඩිදුර ඒක ගැන හිතන්න හම්බුන්නැත්තෙ ඒත් එක්කම ආශර අත දිග ඇරලා පිටට ගහපු හන්දා වෙනකොට පිටත් අල්ලගෙන ඇබුරුන මම ඒකා දිහා බැලුවෙ නොක්කාන්ඩුවට.......මේකා පුදුම බයක්නෙ තියෙන්නෙ බාප්පට.......අනේ ඉතින් අපි නම් ඔහොම නෑ හාමුදුරුවනෙ කියලා කියන්න කටට ආවත් මොකද එහෙම නොකිව්වෙ ඕක කියලා ආයම ගුටි කන්න බැරි හන්දා......මූ ගහන ඒවා රිදෙනවා

" ඔච්චරටම බාප්පට බය මොකද කියපන්කො.........පුදුම සංවරකමක්නෙ තියෙන්නෙ.......නියපොත්තේ ඉදන් හැදියාව "

" එයා ගැන දන්නවනම් උබ ඔහොම කියන්නෑ "

ආශර කියනකොට අඩි දෙක තුනක් එයාට එහාට වෙන්න ඈතට ගියපු මම උරහිසේ තිබුන බෑග් එකේ පටිය තදකරලා අල්ලගත්තා.......ආශර ඇස් හීනි කරගෙන මගෙ දිහා බලන් ඉන්නකොට මම කලේ කුපාඩි හිනාවක් එයාට දෙනගමන් යටි තොලේ පැත්තක් දත් අස්සට හිර කරගත්තු එක

" මේ අහපන්කො "

" කියපන් ඉතින් "

" උබලගෙ බාප්පා බැදලද "

" තාම නෑ ඇයි "

" මොනා උනත් මරු කද ඈ...හ් "

" ම්......මොකක්ද?? "

ආශර තාමත් මම කිව්වෙ මොනාද කියලා මොලේට ප්‍රොසෙස් කරගන්න හදනකොට මම කලේ අනිත් පැත්ත හැරිලා පාර දිගේ දුවන් ආපු එක.......ඕක තේරනගමන් මගෙ කෑලිත් නෑ

" ඒ......යි ශෙවින් ! මොකක්ද උබ කිව්වෙ.........ඔහොම ඉදපන්........කොහෙද උබ දුවන්නෙ.......නැවතියන්  "

" මට බෑ පුලුවන් දෙයක් කරපන් "

ආශර කෑ ගහගෙන මගෙ පස්ස පාරෙ පන්නනකොට හිනා වෙවී මම දුවගෙන ආවා........ඒකට අවුස්සන්න එකත් ආතල් වැඩේ හැබැයි.......

දඩස්.........

ඒත් මහ දුරක් මට හරියටම දුවාගන්න බැරි උනේ ඇහැළ ගහ ලගදි කාගෙහරි මම ඇගේ හැප්පුන නිසා වෙනකොට හැප්පුන පාර එහාට විසිවෙන්න ගියත් මොකද කාගෙදෝ අතක් ඇවිත් මාව වැටෙන්න නොදී අල්ලගත්තා.....

උස පපුවක්

තදබල උණුහුමක්

ලක්සරි වැනිලා සුවදක් එක්ක වලව්කාර ඇස් දෙකක ගනන්කාර බැල්මකට එක මොහොතකට මම අහු උනා.......මිලි තප්පර ගානකට මුලු වටපිටාවක් අමතක වෙද්දි මම හෙමිහිට ඇස් උස්සලා බැලුවෙ කාගෙ පපුවෙද වැදුනෙ කියලා බලන්න උනත් මොකද අර ගනන්කාර බැල්මට මම ගල් උනා.......ඔව් එක මොහොතකට මම නැවතුනා........ඒ හුස්ම ඇවිත් ඇවිත් මගෙ කම්මුලක තැවරෙනකොට මම බලන් උන්නා

කොහමත් වලව්කාර ඇස් දෙකක ගණන්කාර බැල්මකට අහුඋනහම ඔය ලෝක සම්මුති විපර්යාස බලපාන්නෑ......මුලු ලෝකයක් ඒ ඇස් ඉස්සරහ නවතිනකොට හදවත උනත් ඉබේටම ට්‍රැක් පයිනවා......කාලෙකට කලින් මග ඇරුන ඒ බැල්මවල් දරන්න හයි කැපෑසිටි එකක් හදවතට නෑ කියලා ඔයාට කියන්න බෑ.......එහෙව් වෙලාවක ඇගේ දැවටෙන වියළි හුළං පොද පවා හරි සනීපයි !

" පාර බලන් දුවන්න "

මම මේ ලෝකෙ සිහියට ආවෙ කන ලගින් ඇහුන ඒ ගැඹුරු කටහඩට වෙනකොට මම කලේ ටක්ගාලා එයාගෙ ඇගෙන් අහකට උන එක........ආශරගෙ බාප්පා !

" ස්.....සමාවෙන්න "

මම කිව්වෙ මාව ගනන්ගන්නෙවත් නැතුව මුකුත් නොවුනා වගේ සාක්කුවටත් අත්දෙක දාගෙන යන එයාගෙන්.......පුදුම ලොකුකමක් ඒක......වැරැද්ද මගෙ හන්දා ඉවසනවා ඇරත් අම්මා කියලා තියෙන්නෙ වැඩිහිටියන්ට ගරුකරන්න පුරුදුවෙන්න ලමයො කියලා......ගරු කරන්නත් ඒ මනුස්සයා හරියට මූන බලන්න එපැයි

" වරෙන් යන්න "

ඒත් එක්කම ආපු ආශර මාවත් ඇදගෙන ලෙක්චර් හෝල් එක පැත්තට යනකොට මම ඒකා පස්සෙන් ඇදීගෙන ගියා.......ඔක්කොමත් හරි මේකා ආවෙ වෙන්න තියන දේවල් ඔක්කොම උනාට පස්සෙ.........මූ හන්දා තමයි මම ගිහින් හැප්පුනේ.......හිතට ආපු තරහට මගෙ අතින් ඇදගෙන යන ආශරගෙ ඔලුවට පාරක් දුන්නෙ ඌ ඔලුවත් අල්ලන් පිටිපස්සට හැරෙනකොට

" මොකෝ "

" මුකුත් නෑ ඉසල්ලා මට ගහපු එකට "

එහෙම කියපු මම ආශරට රැව්වෙ අහේතුවකට ආයමත් පිටිපස්ස හැරිලා බලනගමන්.......එයා ගිහින් නැද්ද.......මම බලන් උන්නෙ ඈතින් පේන එයා දිහා වෙනකොට මිලි තප්පර ගානක බැල්මක් මේ පැත්තට දුන්න ' එයා ' අනිත් පැත්ත හැරිලා යන්න ගියා

" රශේන් අයියෙ ඔයාට ජීවිතේ එකම කෙනෙක්ට අහම්බෙන්හරි දෙවනි පාරත් ආදරේ කරන්න හම්බුනොත්.......එහෙම උනොත් ඇත්තටම ඔයා මොකද කරන්නෙ"

" එහෙම අපිට කොහෙදිවත් එකම කෙනාව දෙපාරක් හම්බෙන්නෑ විද්වාන් "

" වෙන්න පුලුවන්......ඒත් බැරිවෙලා හරි එහෙම උනොත් ?? "

" බැරිවෙලාහරි එහෙම උනොත් පලවෙනිපාර වගේ දෙවනි පාර එහෙම ලේසියකට ගැලවෙන්න දෙන්නෑ........ආයම වතාවක් අත අරින්නෑ "

අකව්න්ට්ස් වලට උන්නෙ වයසක ලෙක්චර් කෙනෙක්.......කියලා දෙන ඒවා පැහැදිලි උනත් ලාවට නිදිමත ගතියක් දැනුන හන්දා මම කලේ බිත්තිය පැත්තට මූන හරෝලා පොතෙන් කවර් කරගන්න ගමන් මුලු පැය හතර පුරාවටම නිදාගත්තු එක වෙනකොට ආශර නම් දිවත් හපන් ඩෙස් එක යට තියන් පෝන් එක කොටනවා බලාගෙන.......ඒකා දිහා එක සැරයක් බලපු මම අනිත් පැත්ත හැරිලා ඇස් පියාගත්තා.......ඔය මොක කලත් නෝට් එක කම්ප්ලීට් කරගන්න ඕන.......නැත්තනම් පලවෙනි එක්සෑම් එකෙන්ම කැපිලා යනවා

" ශෙවින්.........ශෙවී ඕයි නැගිටපන් "

" ම්ම්....හ් ඉන්න දීපන්කො...හ් "

" නැගිටපන් බන්........බලපන් ලෙක්චර් එක ඉවරවෙලා දැන් වෙලාව කීයද කියලා උබ තාම නිදි........කෝ නැගිටු "

" සාපයක් බං "

මනෝපාර ගහලා ඇස් පිය උනේ කොයිවෙලේද කියලා නොදන්නවා උනත් ආයම නැගිට්ටුනේ ආශරගෙ කට හඩට වෙනකොට එක ඇහැක් විතරක් ඇරලා බලපු මම කලේ හිමිහිට හෝල් එක දිහා බලපු එක.......අර කිව්වත් වගේ හැමෝම ගිහින්.......මොනා කරන්නද මෙහෙම නිදාගන්නෙ මහ පාන්දර හැමදාම අහේතුවකට ඇහෙරෙන්න සිද්ධවෙනකොට වෙච්චකොට.......අතේ හිරවෙලා තිබුන පොත බෑග් එකට දාපු මම ඉදන් උන්නු තැනින් ටිකක් පස්සට වෙනගමන් හිරිකැඩුවෙ ඒත් එක්කම ඈනුමක් යනකොට

" මේ සතියෙ මම ගෙදර යනවා උබත් එනවද "

" මේ සෙනසුරාදටද "

" ඔව්.......ඒ ගිහින් සඳුදා උදේට එනවා.......සමහරවිට බාප්පාත් එදාට එයි "

" ම්ම්ම්ම්........මම බලලා කියන්නම්කො........හුග කාලෙකින් මෙහෙන් පිට ගියෙත් නෑ "

මම කිව්වෙ අතේ තිබුන අයිස් එකෙන් කටක් කනගමන්.......පාර දිගේ කයිය ගගහා හිමින් ඇවිදන් ආපු අපි දෙන්නා අවසානයටම බස් හෝල්ට් එක ලග නැවතුනේ බස් එකක් එනකන්.......අතේ බැදගෙන උන්නු ඔරලෝසුවෙන් මම වෙලාව බැලුවෙ දැන් කීයද කියලා.......හතරයි හතලිහයි......ඒ කියන්නෙ බස් එකක් එනකන් මෙතනට වෙලා තව විනාඩි විස්සක් ඉන්න වෙනවා.......මම නම් කමක් නෑ කියමු ඒත් මට තේරෙන් නැත්තෙ ආශරගෙ බාප්පා එන්නෙත් මේ කැම්පස් එකටම වෙනකොට ඇයි මේකා මේ හැමදාම බස්වල ගාටන්නෙ.......පිස්සුනේ......මම එහෙම නම්  ඕවගෙ චාන්ස් එකක් ආවොත් උපරිම ප්‍රයෝජන ගන්නවා

හෝල්ට් එකේ කනුවට හේත්තු උන මම අයිස් එකත් කන ගමන් එක මොහොතකට කල්පනා කලා.......මෝල්ට් පාට අහසෙ රාස්සිගෙ අව් රැල්ල හරි සූක්ෂම විදියට දැන් දැන් පොලවට වැටෙනකොට ඉර උනත් අන්තිමට හති අරිනගමන් උන්නා.......එයාටත් මහන්සි ඇති දවස් තිස්සෙම අනුන් වෙනුවෙන් මහන්සිවෙලා.......ආශර එක්ක එයාගෙ ගෙදර යන එක මට කොහෙත්ම ප්‍රශ්නයක් නෙවෙයි මොකද මෙච්චර කාලෙකට යාලුකම කියන දේ නොදැන උන්නු මම ඒක හරියටම අදුනගත්තෙ එයාගෙන් හන්දා.......ඒත් මම ඉන්න තත්වෙත් එක්ක එයා එක්ක යන්න පුලුවන් වෙයිද......රෑට රෑට නින්ද හොරකන් කරන අගක් මුලක් නැති හීන........වාහනයක් වේගෙන් ආවත් ගැස්සෙන හිතක් එක්ක මට ඉතින් පුලුවන් වෙයිද.......බයක් නොවුනත් පුංචි කාලෙ ඉදන් අම්මයි තාත්තයි මාව පරිස්සම් කරන හැටි මම නොදන්නවා නෙවෙයි.......ඒත්_

බ්රාස්...........

" නගින්න "

ඒත් එක්කම කලු පාට BMW එකක් පාර අයිනට වෙන්න නැවැත්තුවෙ හෝන් එකක් ගහනගමන්........මම බලන් උන්නෙ පාත් උන වීදුරුවෙන් පේන එයා දිහා.......ආශරගෙ බාප්පා.......අදත් බස් එකේ ගිහින් ඉවරයි........වාහනේ යන එක මට කොහෙත්ම අවුලක් නැති උනත් මේ වාහනේ යන එක ඊට හාත්පසින්ම වෙනස්වෙනකොට මම බලන් උන්නා

" මට ඉස්සරහින් නගින්න බෑ උබ නැගපන් ශෙවී "

" ම්.....මොකක්ද මට බෑ "

" උබට බැරි උනාට කරන්න දෙයක් නෑ "

මම කලේ නොක්කාන්ඩුවට ආවරගෙ අත කොනිත්තපු එක උනත් ඒකවත් ගානකට ගත්තෙ නැති ඒකා මට ඉස්සරහින් නගින්න කියලා පිටිපස්සෙ දොර ඇරගෙන එතනින් ඉදගත්තෙ මම තාමත් පාරෙ ඉදන් බලන් ඉන්නකොට........දැන් මමද ඉස්සරහින් නගින්න ඕන ?? අනේ මට නම් බෑ.......ඊට සැපයි බස් එකේ යනවා

" නගින් නැද්ද "

" න්.....නගිනවා "

මම මේ සිහියට ආවෙ එයාගෙ ගැබුරු කටහඩට වෙනකොට කරන්න දෙයක් නැතිම තැන ඉස්සරහින් ඉදගත්තා......එහෙම්මම බෙල්ල පිටිපස්ස හැරෙව්වෙ අරකට රවන්න උනත් මොකද ඒකා ඒ ටිකට ගේම් එකක් ගහනවා........අනේ අම්මපා මට මුට දෙකක් ඇනගන්න බැරි හැටියක් !

මම උන්නෙ ඉස්සරහ බලන්.......වෙනසක් නෑ අදත් ඒ ගනන්කාර වෙල්වට් සුවද මුලු වාහනේ හතර කොනම අරක්ගෙන තියනකොට ඉහලට ගත්තු හුස්ම පොද පවා ඒ සුවදින් තැවරුනාද කොහෙද......අහේතුවකට මටත් හොරාට මගෙ ඇස් ගිහින් නැවතුනේ වාහනේ ඩ්‍රයිව්කරන එයා ලග.......උඩට නවලා තියන සුදු ශර්ට් එක හන්දා ඒ අත්වල නහර වැල් පෑදිලා තියන හැටි ඇස් කොනට අහුවුනේ හරි සියුම් විදියට.......එයාට තිබුනෙ පරිණත මුහුඋන කඩවසම්බවක් ! මගෙ හිත කිව්වෙ එහෙම

නොහිතපු වෙලාවක ඒ හීතල බැල්ම මගෙ පැත්තට වෙන්න නවතිනකොට ගත්තු හුස්ම පොද පවා එක මොහොතකට නැවතෙන හැටි මට දැනුනා

මොකද ඒ ඇවිත් හුස්ම පවා හරි සියුම් විදියට හිරකරලා දාන බැල්මක්~

පවා ලේ බිදු නොදන්නා කල

ප්‍රවේශම් කල ස්නේහයක මිමි

සිනාවේ අරුතක් නොදන්නා උන්

කොහෙ දකින්නද ප්‍රේමයේ බැමි......?

අවාරයේ ආ වසන්තය ලග

මමද නුබ මෙන් අසරණව ඉමි

පමාවී හෝ යළිත් හමුවෙමු

එකම හවසක වසන්තෙට හිමි......

( උපුටා ගැනීමකි )

🌼 මම යනවා.........කොහමද ඉතින් ඔයාලට ?? කට්ටියම හොදින් ඉන්නවනෙ.........ශෙනුල්ට හැමදේම මතක් උන දාට කොහම ඉදීවිද.........ආයමත් ඒක ප්‍රේමයක් වෙයිද ?? නැත්නම් ආදරයක් ?

Share This Chapter