Back
/ 47
Chapter 37

🌼 Chapter 36 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

Rashen pov

" කොහෙද උබ ඉන්නෙ "

" එන ගමන් "

" පරිස්සමට වරෙන්...."

පසන්ගෙන් ආපු කෝල් එක කට්වෙලා යනකොට වාහනේ කීල්ස් එක ලගින් නවත්තපු මම ඇතුලට ගියෙ යාලුවගෙ ගෙදර උනත් අත් දෙක නිකන් වන වන යන්න බැරි හන්දා......කීල්ස් එකේ ඇතුලට ආපු මම ගන්නෙ මොනවද කියලා බැලුවා......මම ඕවා ගැන දන්නෙත් නෑ......උන් මුකුත් ගේනවට ආස නැති උනත් මට නිකන් යන්න පුලුවන්ද........අන්තිමට ඕන දෙයක් කියලා බිස්කට් පැකට් දෙක තුනක් එක්ක කේක් එකකුයි චොක්ලට් පෙට්ටියකුයි ගත්තු මම කැශියර් එක ලගට ගිහින් බිල් එක පේ කලා...

පසන් එහෙ එන්නයි කියලා කෑ ගහන්නෙ අද ඊයෙක නොවෙනකොට උගෙ වදෙන් බේරෙන්න බැරිම තැන අන්තිමට මම එහෙ යන්න තීරනේ කලා......එන මග දිගටත් දැන් අඩුම දහ පාරකටවත් වඩා ගන්න ඇති......පසිදු විතරක් නෙවෙයි අනිත් උනුත් ඒ විදියමයි......ඒත් එහෙමයි කියලා උන්ට තව කරදර කරන්න තරම් මට හිත හදාගන්න බෑ.......මොකද එදා අන්තෙටම වැටුන වෙලාවෙ මාව අල්ලගෙන උන්නෙ ඒ කට්ටිය හන්දා

ගත්තු බඩු ටික කාර් එකේ පිටිපස්සට දාපු මම ඇවිත් ඩ්‍රයිවින් ශීට් එකේ වාඩි උනේ වාහනේ ස්ටාට් කරලා පාරට දානගමන්.......රෑ කලුවර මකන්න පාර දෙපැත්තට වෙන්න ලයිට් පත්තු කරලා තියනකොට මම ඔහේ වාහනේ ඩ්‍රයිව් කරන් ආවා....

" රශේන් උබට පිස්සු යකෝ.......මේවා උස්සන් එන්න ඇයි උබ පිට ගෙදරකටද ආවෙ "

" නෑ.......ඒත් ඕවට පසන් හෙන ආසයිනෙ"

අවසානයටම කාර් එක පසන්ලගෙ ගේට් එක ඇතුලෙන් දැම්මෙ පසිදු එලියට වෙලා බලන් ඉන්නකොට........කාර් එකෙන් බැස්ස මම ගෙනාපු බඩු මල්ල ඇතුලෙ ඉදන් ආපු පසන්ට දුන්නෙ එයා හිනාවෙනකොට

ඒකා තවත් ලස්සන වෙලාද මංදා......ඉස්සර උන්නෙ කොහමද දැන් ඉන්නෙ කොහමද.....පසිදු මගෙ අතකින් අල්ලගන්නකොට මම කලේ ලාවට හිනා උන එක.......ඒත් එක්කම එතනම බිත්තියේ ලොකුවට ගහලා තිබුන ඒ දෙන්නගෙ පොටෝ එකට මගෙ ඇස් යනකොට ඒක දිහා බලාගෙනම පසිදුවත් එක්ක මම ඇතුලට ආවා

මට සතුටුයි උන් දෙන්නා මොන ප්‍රශ්නෙ ආවත් එකට ඉන්න එක ගැන.......මොන දේ උනත් අල්ලගත්තු ඒ අත් අත්අරින් නැතුව උන්නු එකට.......උන්ට උනත් ප්‍රශ්න ආවෙ නෑ කියන්න බෑ.......ඒත් උන් දෙන්නා උන්වම දරාගත්තු විදිය මම දැක්කා......ගෙදරින් ප්‍රශ්න එන හැම වෙලාවකම උන් එකට උන්නා........පසන් මගෙ එකාව හොදට බලාගන්නවා.......ඒක මම දන්නවා

ආදරේ එහෙමයි !

" රශේන් තව ටිකක් බෙදාගන්නකො..........ඔයා හරියට කන්නෙත් නෑ "

" එපා.....මේ ඇති "

" පසී බබා......මම ගැනත් ටිකක් බලනවකො ඕයි...... මූ ආව වෙලේ ඉදන් ඒකා අස්සෙමනෙ "

" මොනවද පසිදු කියවන්නෙ........බෙදාගෙන කන්න ඔයත් හරියට "

" විහිලුවටනෙ ඕයි ඉතින් "

" ඔයා කන්න රශ්......එයාට විකාර "

පසන් මගෙ පිගානට අඩුපාඩු බෙදනකොට පසිදු කලේ එහා පැත්තෙ ඉදන් බොරුවට කෑ ගහපු එක.......ඌ කෑගහන එක ගනන්ගන්නෙ නැතුව පසන් මට කෑම බෙදුවා.......මේ බෙදන විදියට මම කන්නෙත් නෑ......එහෙමයි කියලා ඕක කිව්වට අහන්නෙත් නැති වග මම දන්නවා......අන්තිමට පසන් හිනාවෙවීම අරකගෙ ඔලුව අත ගානහැටි පිගානට මූන හරවන් හිටියත් ඇස් කොනින් මට පෙනුනා

ඒත් එක්කම මට ලොකු හුස්මක් පිට උනා.....අපරාදෙ......උබටත් ඉන්න තිබුනා විද්

" රශේන් අයියෙ වරෙන් යන්න ශොට් එකක් ගහන්න "

" පසිදු බිව්වට කමක් නෑ වැටෙන්න බොන්න එපා "

" බයවෙන්න එපා එහෙම වෙන්නෑ........තමුසෙටත් ඕනද සුදූ "

" ඔය බියර් කෑන් එක දෙන්න "

අපි තුන් දෙනා උන්නෙ එලියෙ......රෑ අහසෙ හද පායලා තිබුනට මොකද හදේ පාලු මකන්න වෙනදා වගේ තරු තිබුනෙ නෑ.......පසන් බියර් කෑන් එකක් කඩා ගන්නකොට පසිදු මට වීදුරුවක් දික්කලා.....තනිකමට බොන එක වෙනයි ආතල් එකට බොන එක වෙනයි.......මම ඔය දෙවිදියටම බීලා තියනවා.......ඉස්සර කොල්ලො එක්ක සෙට් උනහම ආතල් එකට අඩියක් ගැහුවට මොකද දැන් හුගක්ම බෝතලේ මගෙ අතට හිරවෙන්නෙ දැනෙන තනියට

" මට කවදාවත් උට පුතේ කියලා කතා කරන්න බැරිවෙයි "

" ම්ම්ම් "

පසිදු කියනකොට වීදුරුවෙ අන්තිම අඩියත් කටේ හලාගත්තු මම ඔලුව වැනුවා.......මට මතක් උනේ විද්ව.......නෑ දැන් එයා ශෙවින්........තරුශාන් වගේම නැතෑ ඒකත්........මම නොදන්නවා නෙවෙයි දෙන්නා එකතුවෙලා කරන කුපාඩි වැඩ...

" ශෙනුල් ඉස්සර වගේමද බං අයියෙ "

" ම්ම්ම්......ටිකක් දගයි "

" තරුශානයා එක්ක කිව්වා නේද සෙට්වෙලා ඉන්නෙ.......එහෙනම් මරු උබට........පුතණ්ඩියයි ශෙනුලුයි දෙන්නම බාප්පව අල්ලෙ නටවයි "

පසිදු කියද්දි මම කලේ ලාවට ඔලුව වනපු එක......අර කිව්වත් වගේ කනෙන් රිංගයි.......නොදැක්කා වගේ උන්නට මොකද දෙන්නා කෙල්ලොන්ට ලයින් අල්ලන විදිය එහෙම නොදන්නවා නෙවෙයි.........ඔහොම දෙන්නා එක්ක නටලා එක්සෑම්වල ලකුණු එහෙම අඩුවෙයන්කො

" හැමදාම ලෙක්චර්ස් කරන්නද හිතන් ඉන්නෙ රශේන් "

පසන් අහනකොට එක මොහොතකට මම කල්පනා කලා......හැමදාම මේක කරන්නත් බැරි නෑ ඒත් තාත්තට ඕන දැන් දැන් එයාගෙ බිස්නස් ඔක්කොම මගෙ කර උඩ පටවන්න.......මගෙ අයිතියලු.......වෙන්න ඇති ඒත් මට වැඩක් නෑ......ඕනම උනොත් ඇරෙන්න දැන්ම කොහමත් මම ඕවට අතගහන්නෑ

" බලමු "

" ඔයා වෙනස්වෙලා........ඉස්සර ස්කෝලෙ එක බත්පත බෙදන් කාපු රශේන් නෙවෙයි දැන් ඉන්නෙ........ඔයා සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා රශේන් "

පසන් මගෙ දිහා බලන් එහෙම කියද්දි මම මුකුත් කියන්න ගියෙ නෑ.......වෙන්න ඇති අර කිව්වත් වගේ ඉස්සරට වඩා මම වෙනස් ඇති......ඒත් මේ ඉන්න විදියත් මට හොදයි......එක අතකට නිදහස්......එකක් මට උන් කාටවත් ඕනවට වඩා කරදරකරන්න යන්න බෑ......නොදන්නවා නෙවෙයි මට හුගක් දේවල් මග ඇරුන වග......සමහරවිට මම සමහර තැන් ඕනකමින්ම උනත් මග ඇරලා දාන්න ඇති

" බබා දැන් ඔය ඇති......කෝ ඕක අතකින් තියනන්න "

" එයා පව් පසිදු "

" ඌ පව් නෑ.......උට අපි හැමෝම ඉන්නවා......අනික එයත් ඉන්නවා "

පසිදුට හේත්තුවෙලා උන්නු පසන් දිහා  බලපු මම කීවෙනි වතාවටදෝ මංදා වීදුරුවක් හිස්කලා

පාලුයි......ඊටවඩා උබ නැතුව තනියි

" මට හරි මහන්සියි විද්......අත අරින්න ඕනම කියලා හිතුන තැනකදි ඔය හිනාව ඇස් ඉස්සරහ මැවෙනකොට කොහම හිත හදාගන්නද...."

" ඊට වඩා මට දැන් මැරෙන්න බෑ විද්........අවුරුදු ගානක් බලන් උන්නා.......අන්තිමට උබ ආවා......ඉතින් මට කියපන් යන්න ඕන කියලා හිතුනත් මම.කොහම යන්නද "

" උබ ඉස්සරහ ඉන්නකොට මට මාවවත් කන්ට්‍රෝල් නෑ.......ඒත් මම පුදුම තරම් ඉවසනවා මල්ලි "

....ඉතින් මම බලන් ඉන්නවා ජපුර අහසෙත් පුන්සදක් පායනකන්.....එහෙම උනොත් විජේරාමෙටත් ආදරේ මල් අනිවාර්යයෙන්ම දවසක පිපේවි......

එයාගෙ පොතේ අන්තිම පිටුව කලු පෑනෙ තීන්ත වලින් හැඩ උනේ එහෙම !

වෙනසක් නෑ අදත් එයාගෙ පොත මගෙ අත් අස්සෙ හිර උනා.......බෙඩ්ශීට් එක ඇදේ පැත්තක.......පොත පපුවට තියලා තදකරගත්තු මම ඇදේ ඇලවුනා.......උබව මතක් නොවුන දවසක් නෑ........ඒත් දැන් නිකමටවත් හීනෙන් ඇවිත් පලයන් කියලා කියන්න මට බෑ......දැනෙන තරමට රිදෙනවා කියලා ආදරේ නීතියට අභී කිව්වට ඒක මේ තරමට රිදෙනවා කියලා මම කලින් දැනන් උන්නෑ

උබ හැමදාමත් වගේ එදත් පරක්කු උනා...

මගෙ හිත මටම දෙස්දෙවොල් එහෙම තියනකොට මම ඉවසන තරම් උබ දන්නෙවත් නෑ මැණික......ඇත්ත උබ තරමට ආදරේ ගැන නොදන්නවා උනත් වේදනාව කියන එක ඕනවටත් වඩා හොදට මම දන්නවා විද්.......සමහරවිට එදා නිකමට හරි උරහිස් වලින් අල්ලගෙන ඔය මූනට එබුන වෙලේ අඩුම මට ආදරෙයිවත් කියන්න තිබුනා

දන්නවද මැණික පපුව මැද රිදෙන තැන් මකාගෙන ලෝකෙට පේන්න හිනාවෙන එකත් ඔය කියන තරම් ලේසි නෑ

" ඔයාලට පුලුවන් ඕනම කම්නැනි එකක්  තෝරගෙන මැනේජ්මන්ට් කියන පොයින්ට් එක යටතේ රිසර්ච් එකක් කරන්න......අනිවාර්යයෙන්ම මේකෙ මාක්ස් එක්සෑම් එකට වැටෙනවා.......කම්පැනීස් වලට රික්වෙස්ට් කරන්න බැරි අය ඇවිත් මාව හම්බෙන්න "

එහෙම කියපු මම මයික් එක පැත්තකට කරගත්තා......පැය තුනක් තිස්සේ උගන්නනවා......මුලු හෝල් එක වටේම එක පාරක් ඇස් යැව්ව මම දැක්කෙ මැද පේලියක වාඩිවෙලා උන්නු ශෙවින්වයි තරුශාන්වයි......දෙන්නා මොකකට හරි හිනාවෙනවා.......මම ඒ පැත්ත බලන් ඉන්නවා කියලා දැනිලද කොහෙද ඒ ඇස් මගෙ ලග තප්පර ගානකට විතරක් නැවතෙනකොට මම කලේ එයා දිහා බලන් ඇහි බැමක් උඩ යවපු එක......මම කිව්ව එකවත් මේකා අහන් උන්නද කියලා සැකයි......ඒත් ස්කෝලවල වගේ මේවයෙ නැගිට්ටවන්න බැරි නිසා මම එයාලා කරන්න ඕන රිසර්ච් එකට ආදාල ෆයිල් එයාලගෙ ටීම් ලීඩර්ට දුන්නා

ආයම සැරයක් එයා දිහා බලපු මම පපුව හාරගෙන යන වේදනාව හංගනගමන් ලොකු හුස්මක් පාත දැම්මා.....හැමදේම දැනගෙනත් මුකුත් නොදන්න ගානට ඉන්නවා කියන්නෙත් කරන්න අමාරු වැඩක් වෙනකොට එහෙම නොදන්න ගානට මග ඇරලා යන ඒකත් ලේසි නෑ......ඒත් මොනා කරන්නද

ටොක්........ටොක්.........

" එන්න "

මම උන්නෙ කැබින් එකේ තර්ඩ් ඉයර්ස්ලගෙ පේපර්ස් වගයක් බලනගමන් වෙනකොට දොරට කවුරුහරි තට්ටු කරනවා ඇහුන හන්ද ඔලුව උස්සන් නැතුව එන්න කිව්වෙ හෙට උදේ වෙද්දි මේ ටික ලමයින්ට දෙන්න ඕන හන්දා...

" සර් "

ඉතින් බොරු කියන්නෙ මොකටද ඒ කටහඩ ඇහෙනකොට එක මොහොතකට මගෙ හදවත් වේගෙ වැඩි උනා......එක මොහොතකට මම ගල් උනා......අල්ලන් උන්නු පෑන ඇගිලි අස්සටම හිරවෙලා යනකොට මම දාන් උන්නු කන්නාඩිය අස්සෙන් පේන ඒ මූන දිහා බැලුවා...

අවුරුදු කීයකට පස්සෙද ඇත්තටම උබ ඔය මට කතා කලේ මැණික

" සර් "

ආයම සැරයක් ශෙවින් හිමිහිට මුමුනනකොට මම ඇහිබැමක් උඩට යැව්වෙ ඇයි අහන්න.....තරුශානුත් ඇවිත්.......ඒකත් හිමිහිට මාමෙ කියලා කට හොලවනකොට මම ඉදන් උන්නු ශීට් එකේ පිටිපස්සට උනා

" මොකක්ද වෙන්න ඕන "

" ම්......මේ අපිට.....මේ රිසර්ච් එකට කම්පැනි එකක්_"

" මාමෙ මේ  මාමාගෙ එක පුලුවන් නේද "

ශෙවින් තටම තටම මුමුනනකොට තරුශාන් එකපාර කියලා දැම්මෙ මගෙ කම්පැනි එකට එන්න ඕන කියලා.......මූ මාව හූරනවා.......අනිවාර්යයෙන්ම ශෙවින්ට කියන්න ඇති මාමාගෙ එකට යන්න පුලුවන් ඇති කියලා......මම හිතන්නෑ වෙන එක ලමෙක්ටවත් මෙහෙම ඔෆර්ස් ඇති කියලා.....මූනත් මොකක්ද කරන් බලන් ඉන්න විදියට බෑ කියන්නත් බෑ ඒත් එහෙමයි කියලා එකපාර හා කිව්වොත් කිසි අගේකුත් නෑ.......කොහමත් මම තරුශාන්ගෙ මාමා උනා කියලා මේකෙ ඇතුලෙදි එයාට විශේශ සැලකිලි කියලා කරන්නෑ.......එයා තනියම හැමදේම කරන්න දැනගන්න ඕන

" මා...මේහ් "

" ම්ම්ම්.......එන්න පුළුවන් "

මම අතේ තිබුන පෑන මේස උඩින් තියනගමන් ඉස්සරහ උන්නු ඒ දෙන්නා දිහා බැලුවා......මම කැමැත්ත දුන්න හන්දද කොහෙද තරූ මාත් එක්ක හිනාවෙනකොට මගෙ ඇස් ගිහින් නැවතුනේ ශෙවින් ලග........තප්පරයක්........දෙකක්.......තුනක් එයා දිහා මුකුත් නොකියා බලන් උන්නු මම අනිත් පැත්ත බලාගත්තා

ලැවැන්ඩර් සුවදක් !

" හැබැයි මගෙන් කිසි උදව්වක් නෑ "

" හා මාමේ "

මට ඔලුව වනපු දෙන්නම යන්න යනකොට  දොර ලග උන්නු ශෙවින් එක පාරටම ආයම හැරිලා බැලුවා

ඒ බැල්ම.......ඒ බැල්ම මාව අවුරුදු ගානක් ආපස්සට අරන් ගියා.......එතකොට එයා උන්නෙ එකොලහ වසරට ආව මුල් කාලෙ.......මම දහතුනේ මුල.......ස්පෝට් මීට් කාලෙ ඒ පන්තියට ගිය දවස.....මම විද්ව දැක්ක මුල්ම දවස.......එයා යාලුවට දුන්න කොල කෑල්ල මගෙ අතට ආව විදිය.....එවෙලෙ ඒ ඇස් ගැස්සුන විදිය මට තාම මතකයි.......මංදා මොකක්දෝ හේතුවකට මට එදා ඒ කොල කෑල්ල විසිකරලා දාන්න හිත නොදුන් තැන මම ඒක එහෙම්මම කලිසම් සාක්කුවලට ඔබාගත්තා

ඔය දැන් එයා බලන් උන්නු බැල්ම.......ඒක එදා මම පන්තියෙන් එලියට යන්න කලියෙන් එයා දිහා බැලුව විදියමයි.......කාලය කොච්චර වෙනස් වෙලාද.......නොකිව්වට ඒ කොල කෑල්ල අදත් මගෙ ලග ඒ විදියටම තියනවා.......ඒ මතක ඒ විදියටම තියනවා

හැබැයි එයා නෑ

ඉවසන්න බැරිම තැනකදි අහස උනත් ශොට් වෙවී දියවෙනකොට

ඇත්තටම ඔතන පුදුම වෙන්න දෙයක් නෑ...

ඔය නිතර දෙවේලෙ කියවන ඇස් ලග

විසි හතර පැයකට තනි උනාට කමක් නෑ...

කොහමත් දිස්නෙ ගහන ඇස් එක්ක

අර මං ආසම ඔයාගෙ ලැවෙන්ඩර් සුවද

මං නම් කියන්නෙ ලගින් දැනුනට අවුලක් නෑ.....

හැබැයි මෙහෙමයි මැණික

ඔයාව ඔහොම දැක්කහම නොදැක්කා වගේ ඉන්න බෑ !

🌼 මේ අහන්නලකො ලමෙක් කමෙන්ට් කරලා තියන හන්දා දැක්කෙ......අක්කාගෙ මල්ලි බාප්පා නෙවෙයි මාමා නේද........මට වැරදිලා.......උඩ ඒවත් මම බලලා හදන්නම්........මෙතන ඉදන් මෙහෙම ලියන්නම් හොදේ 😁

මොනා උනත් තෑන්ක්ස් වස්තු මගෙ වැරැද්ද පෙන්නලා දුන්නට😚❤️

අප්ඩේට් පරක්කුවෙනවට සොරි වෙන්න ඕන......මේ දවස් වල යුනිට් එක්සෑම් ක්ලාස් වල.......ඊට පස්සෙ සැට් විභාග.....තරු පෙනිලා ඉන්නෙ ඉතිම්🤌දහයට නැතත් මුල් විසි දෙනා ඇතුලටවත් රිංගන්න තමයි මේ වෑයම......හුම් !

වැරදි අඩුපාඩු තියේනම් කියන්නලා.....මට පුලුවන් විදියට ඒවා හදාගන්නම්

ඔලී~🌼🌼

Share This Chapter