Back
/ 47
Chapter 38

🌼 Chapter 37 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

' දැක්කෙ නෑ වගේ ශේප් එකේ යමන් "

" ඒයි......උබලා කොහෙද යන්නෙ මෙහෙ වර "

ආශර කියද්දි  ඔලුව වනපු මම එයා එක්කම යුනී එක ඇතුලට ආවෙ බිම බලාගෙන උනත් මොකද වැඩි දුරක් අපිට යන්න හම්බුන්නෑ.......සීනියර්ස්ලගෙ කට හඩට නැවතුන අපි දෙන්නා එහෙම්මම පිටිපස්ස හැරුනෙ අද රැග් වෙනවා කියලා ඕනවටත් වඩා හොදට දන්නකොට.......උදේ බස් එකෙන් බැහැලා යුනී එක ලගට එනකොටම අදත් වෙනදා වගේම ලමයි කට්ටියක් තෙල් බැම්ම ලග ඉදන් රැග් කරන සින්නව දැක දැක අපි හැදුවෙ ශේප් එකේ එතනින් මාරුවෙලා යන්න උනත් මොකද අපිට කලින් උන් අපිව දැකලා තිබුනා

" ගෑනු වගේ ලතවෙන්නැතුව වරෙන් ඉතින්"

එතන උන්නු රැවුල වවාගත්තු සින්නෙක් කෑගහනකොට මට පෙනුනෙම ඌව නිකන් අර කාටුන්වල ඉන්න යකෙක් වගේ......ආශර මගෙ දිහා බලනකොට මම උරහිස් ඇකිලුවෙ දැන් කරන්න දෙයක් නෑ කියන්න.......ඇත්තටම ඉතින් දැන් කරන්න දෙයක් නෑ.....සින්නන්ගෙ රැග් වලට අහු උනා කියන්නෙ මොන මගුල කරන්න වෙයිද කියලා කවුද දන්නෙ......දැන්නම් ඇදන් ඉන්න ශර්ට් එකේ පැත්තක් එල්ලගෙන ඩෙක් ශූස් දෙක අතේ අරන් කැම්පස් එක වටේ දුවපන් කියලා කිව්වත් මෙතන පුදුම වෙන්න දෙයක් ඇතාතෙම නෑ

කමක් නෑ තව ටික දවසයිනෙ.......ඇරත් ඊලග අවුරුද්දෙ අපිටත් රැග් කරන්න චාන්ස් එක හම්බෙනවනෙ.......මෙහෙමයි රැග්කරන එක එක අතකට හොදයි අනිත් අතට නරකයි......කොහමත් ඕනම එකක හොද වගේම නරකත් තියනවමනෙ......ඕකෙන් හුගක්ම කරන්නෙ සමානාත්තාවය ඒ කියන්නෙ දුප්පත් පෝසත් භේදයක් නැතුව ඔක්කොම එකයි කියන එක පුරුදු කරවන එක.....අනික දරාගන්න පුරුදු කරන එක.....කොහමත් කෙනෙක් මෙහෙට එනවයි කියන්නෙ ඇතුලට ආපු ඔතෑනි පොර නෙවෙයි අවුරුදු හතරකින් පහකින් එලියට යන්නෙ......අන්න ඒ පර්සර්නැලිටි එක මෙතනින් හදනවා

" කියන තැනකට වදින්නම් ශෙවී උබේ ඔය ටකරම වහගනින්.........නැත්නම් අද මෙතනින් යන්න වෙන්නෑ "

" හා  හා හරි හරි....හ්ම්ම්ම් "

ආශර අදත් වෙනදා වගේම තෙල් බැම්ම යන මගදිගටම කට වහගනින් කියන එක විතරක් රිපීට් කර කර කියනකොට මම ඔලුව වැනුවා......ආශරට ඕක කියන එක නවත්තන්න එපා වෙන්නෙත් නෑ එහෙමයි කියලා මම ඕකට ඔලුව වනන එක නවත්තන්නෙත් නෑ.......තෙල් බැම්ම ලග උන්නු සින්නො එතනට ගාට ගාට එන අපි දෙන්නා දිහා බලන් උන්නෙ හරියට දස මාර සේනාව වගේ වෙනකොට මම යටි තොල හපාගත්තා

මේ යන විදියටනම් මගෙ පර්සනැලිටි එක හැදෙයි අම්මටසිරි වෙන්නම

" අයියෙ "

" ඒයි හාවො මෙහෙ වර "

මුගෙ අම්මට_

Http ! තෙල් බැම්ම ලගට ගියත් හරි එතන උන්නු අයියලා කට්ටියගෙන් එකෙක් මට මගෙ කාඩ් එකෙන් කතා කරනකොට උට දෙකක් ඇනගන්න බැරිකමට මම කටවහන් උන්නා......මොකද ඒ නම ඇහෙනකොට එතනම උන්නු කෙල්ලො කට්ටියක් අතින් කට වහන් හිනාවෙන්න ගත්තු නිසා......මට උනත් මල පනින එක සාධාරණයිනෙ ඉතින්.......පොල් දත් දෙකක් හන්දා මම විදින අපහාසයක් ගැන කියලා වැඩක් නෑ.......මට බය නම හන්දා අර කෙල්ලො ටික ටෝක් කරන්න බැරිවෙයිද කියන එක......නැතිවෙයි

අරකා කතා කරපු හන්දම වෙන පැත්තක් බලාගෙන නොක්කාන්ඩුවට රවපු මම හිමිහිට ඒකා ලගට අඩිය තිබ්බා.....මොන මගුලක් කරන්න කියයිද දන්නෑ

" උබට පේනවද අර අතන තුන්මන් හන්දිය වග හැරෙන තැන ඉන්න ප්‍රොෆෙසර්ව "

" ම්ම්ම්.....ඔව් "

ඒ අයියා  ටිකක් ඈතින් පේන තුන්මන් හන්දිය පෙන්නන්න ගමන් එතන ගහක් යට හිටන් උන්නු ප්‍රොෆෙසර්ව පෙන්නනකොට මම දැක්කා කියන්න ඔලුව වැනුවා.....දැක්කා කියන්නෙ ඇත්තටම මම  එයාගෙ මූණ දැක්කෙ නෑ.....මූණ නොදැක්කෙ එයා උන්නෙ අපිට පිටුපාලා හන්දා වෙනකොට ඒ පැත්ත දිහා තව එක සැරයක් බලපු මම ඉස්සරහ උන්න රැවුල්කාරයා දිහා බැලුවා.....මොකද ප්‍රොෆෙසර් කෙනෙක්ව පෙන්නුවා කියලා කියන්නෙ එච්චර හොදකට වෙන්න බැරි හන්දා

කරන්න දෙයක් නෑ මොනා කිව්වත් බෑ නොකියා කරන්න එපැයි නැත්නම් නෝන්ඩිවෙනවා

" මෙන්න මේ මල ගිහින් ප්‍රොෆෙසර්ට දීපන්.....දීලා කියපන් මම ආදරෙයි කියලා "

ඒකා ඇහැළ මල් කිනිත්තක් අතට දෙනගමන් ඈතින් උන්නු ප්‍රොෆෙසර් දිහත් බලලා එහෙම කියනකොට මම කලේ හා කියන්න ඔලුව වනපු එක...

" හා.....අයියා කැමතී කියලනෙ කියන්න ඕන......මම කියන්නම් "

මම කියද්දි එතන උන්නු කට්ටියම ආපු හිනාව ආමාරුවෙන් හිර කරගන්න හැටි ඇස් කොනට අහු උනේ පිටිපස්සෙ උන්නු ආශර මගෙ අතකින් කොනිත්තනකොට.....ඒ අස්සෙන් අර රැවුල්කාරයා පුපුරනන්න ඔන්න මෙන්න.....නෑ මං අහන්නෙ ඉතින් මං වැරදි දෙයක් කිව්වද ? නෑනෙ

" තොට ඉතින් මම කියන්නෑ.......ඕක ගිහින් දීපිය "

අරකා ආවේසවෙලා  වගේ කෑගහනකොට අර ඇහැළ මල් කිනිත්තත් අරගෙන මම එන්න ආවා.....ගැම්මට ආවට මොකද මට පිටුපාලා ඉන්න එයාට අඩිගානක් දුරින් උන්නු මගෙ කකුල් එක තැනක නතර උනා

ඒ ඇවිත් ලක්සරි වැනිලා සුවදක් !

නොකිව්වට මොකද එයා ලගින් හැම නිතරෝම වහනය උන ලක්සරි වැනිලා සුවද......ඒක ඇවිත් මට හුරු පුරුදු සුවදක්......ඔය සුවද දැනෙන හැම වෙලාවකම මොකක්දෝ දෙයක් මට මග ඇරුනා කියලා දැනෙනවා.....හරියට මේ දැන් වගේ.....ඒත් මට තේරෙන්නෑ ඒ මොකක්ද කියලා......පිටිපස්ස හැරිලා උන්නු ඒ රූපෙ මූන නොදැක්කත් මොකද ඒ සුවදින් කවුද කියලා මම දැනගත්තා....ඉතින් ඒ එයා

මේක මම දෙන්නම ඕනද ?

අත අස්සෙ හිරවෙලා තිබුන ඇහැළ මල් කිනිත්ත දිහා බලපු මම කෝල් එකකට උන්නු එයා දිහත් බලනගමන් පිටිපස්ස හැරුනා......තෙල් බැම්ම ලග උන්නු හැමෝගෙම ඇස් තියෙන්නෙ මේ පැත්තෙ කියලා පේනකොට කරන්න දෙයක් නැතිතැන මම කලේ පපුව පුරවලා ලොකු හුස්මක් උඩට ඇද්ද එක...

" ස්....සර් "

මම ඉස්සරහ උන්නු එයාගෙ පිටට තට්ටුවක් දැම්මෙ ෆෝන් එක කනේ තියාගෙන එයා මගෙ පැත්තට හැරෙනකොට

මල් උනත් පිපෙන්න ඕන කාලයක් තියෙනවා. ඒ හන්දා ඉක්මනට පිපෙන්න ඉක්මන්වෙන්න ඕන නෑ. මොකද එහෙව් මල් පිපෙන පමාවට පරවෙලා යන හන්දා.මේ ඍතුවක නොවුනත් වෙනත් ඍතුවක හරි අනිවාර්යයෙන්ම මල් පිපේවි විද්වාන්

".......??!"

ඒ කලු පාටට හුරු අලු පාට ඇස් මගෙ මූන උඩ නතරවෙනකොට ඇහැල මල් කිනිත්ත මගෙ අතටම පොඩිවෙලා ගියෙ යටිතොල මටත් හොරාට හැපිලා යනකොට.....ඒ බැල්ම.......මම නම් කියන්නෙ ඔව්වා ඇවිත්  තනිකරම මුලාවන්......තප්පරයක්........දෙකක්.......තුනක් එයා දිහා බලන් උන්නු මම ඒ මූනෙන් ඇස් අහකට හරෝගත්තෙ එයාගෙ බැල්මෙ නම් වෙනසක් නොවුන තැන......සමහරවිට මට එවෙලෙ ඒ ග්ලැසියර බැල්ම මග අරින්න ඕනවෙන්න ඇති

මොකද සමහර අවස්ථා තියෙනවා අපි උනත් ඕනකමින්ම ස්කිප් කරන්න ඕන......දැනුනත් නොදැනුනා වගේ ඉන්න ඕන.......සමහර තැන්වලදි හදවතට ට්‍රැක් පැනලා භාහිර ආතල් දෙන්න ගන්නකොට මොලේ උනත් ඉබේටම කොරවෙලා යනවා

තාමත් අර ඇහැළ කිනිත්ත තිබුනෙ මගෙ ලග......තප්පර ගානක් හැගීමක් නැති ඒ මූන දිහා බලපු මම අර අලු ඇස් ලග නතර උනා......ඒ මූනෙ බිම් අගලක් නෑර කරක්ගහපු මගෙ මුරන්ඩුකාර ඇස් අර කලු කුහර ලගදි විතරක් අවසානයටම යූ ටර්න් ගැහුවා.......ඇතුලු උනොත් ආය ගැලවීමක් නැති තැන් ඔව්වා.......ඒ හන්දම මම ඇතුලු නොවී උන්නා.....වෙනසක් නෑ අර බැල්ම එහෙම්මමයී

මේ ඇවිත් පලවෙනි පාර නෙවෙයි එයා ඔයා උනත් මගෙ දිහා ඔහොම බලන

මම හිතින් මිමිණුවෙ එහෙම.....දෙනවද නැද්ද.......කීවෙනි වතාවටදෝ මංදා මගෙ දිහා බලන් උන්නු එයාව මග ඇරපු මම කල්පනා කලා......ගැම්මට ආවත් මොකද දැන් නම් අර ඉස්සල්ලා මෙතනට එද්දි තිබුන ධෛරය පෑල දොරෙන් පැනලා ගිහින් තියනකොට මම කලේ ඕන දෙයක් කියලා අහක බලන් අර මල් කිනිත්ත ඒ අතක තදකරපු එක

හැබැයි මම ආදරෙයි කිව්වෙ නෑ......මොකක්දෝ හේතුවකට නිකමට උනත් මට එහෙම කියන්න ඕන උනේ නෑ......අහේතුවකට හදවත එයා ලගදි ට්‍රැක් පයින්න හදනකොට ඊට කලින් මම ඒවට වැට කඩුලු බැන්දා.....සමහරවිට එයා ගුරුවරයෙක් නිසා වෙන්න ඇති.....මට එවෙලෙ තියෙන්න ඇත්තෙ බයක්.....ඊට එහා ගිය ගැස්මක්

මේ ඇවිත් මම උනත් ඉතා අසීරුවෙන් ගෙවන අවස්තා......කොටින්ම ඔව්වා උඩට ගන්න හුස්ම පොද පවා හරි අපූරුවට හිරකරලා දාන මරණීය තප්පර !

" ඕක තියාගන්න "

එහෙම මුමුණපු මම උරහිසෙන් වැටෙන්න ගියපු බෑග් එකත් එල්ලගෙන එන්න ආවෙ එයා තාමත් එතන ඉදන් බලන් ඉන්නකොට......කෙලින් කොල්ලන්ගේ වොශ්රූම් පැත්තට ආපු මම කලේ දොරට වහන ගමන් ටැප් එක ඇරිය එක....මුලු වොශ්රූම් එකටම උන්නෙ මම විතරක් වෙනකොට වැටෙන වතුරෙන් මූන තෙමාගත්තු මම ඔලුව කැක්කුම දරන්න අමාරුම තැන ඔලුවත් අල්ලගෙන සින්ක් එකට හේත්තු උනා.....අතනදි ලාවට ඔලුව රිදුනත් මම ඒක එච්චර ගනන් නොගත්තෙ වැඩිය නොරිදුන නිසා උනත් මොකද දැන් නම් තත්වෙ ඊට හාත්පසින්ම වෙනස්

මට හිතාගන්න බැරි ඇයි එක පාරටම මෙහෙම උනේ කියලා......කලින් ඉදහිටක ඔහොම උනත් මෙහෙ ආවත් හරි එක දිගට කීප වතාවක්ම උනා මේක.....ඒක නිකන් හරියට මොකක්දෝ දෙයක් මතකෙට ඇවිත් ඒ සනිකයෙන් ඇදිලා මැකිලා යනවා වගේ

තප්පරෙන් තප්පරේ

තප්පරෙන් තප්පරේ

තප්පරෙන් තප්පරේ ඔහේ ගෙවිලා යනකොට මම තාමත් උන්නෙ වොශ්රූම් එක ඇතුලෙ.....කට ඇරලා හයියෙන් හයියෙන් හුස්ම ගත්තු මම එහෙම්මම බෑග් එකට අත දාලා බේත් පෙති ටික අරන් කටට දාගත්තා......පපුවෙ වම් පැත්තෙ අමුතු හරියක් යනකොට කන්නාඩියෙන් පේන මාවම බලන් මම ඔහේ උන්නා

දඩස්...........

" ශෙවී "

ඒත් එක්කම වොශ්රූම් එකේ දොර ඇරෙනකොට අමාරුවෙන් උනත් මම ඒ පැත්තට ඔලුව හැරෙව්වා......ඒ ඇවිත් උන්නෙ ආශර......ඌ දිහා බලපු මම ලාවට හිනා උනා...

" මොකෝ බන් උනේ......මම උබව හැම තැනම හෙව්වා......බැරිම තැන මෙතනට ආවෙ......කොහෙද අතුරුදහන් උනේ "

" නෑ මේකට ආවෙ "

ආශර අහද්දි මම කලේ දකුණු අතේ සුලගිල්ල උස්සලා පෙන්නපු එක.....ඇත්ත කිව්වනම් ඉන්න වෙන්නෑ මෙතන.....මගෙ දිහා ටිකක් වෙලා බලන් උන්න ආශර මගෙ එහා පැත්තෙන්ම සින්ක් ගැට්ට හේත්තු උනේ ඉස්සරහ බලන ගමන්

" ඒ අපේ මාමා නේද "

" ම්ම්ම් ? "

මෙච්චර වෙලාවක්ම තිබුන නිහැඩියාව බිදිනගමන් ආශර අහනකොට මම බෙල්ල හරෝනගමන් එයා දිහා බැලුවා

" උබ ඒ මල් දුන්නෙ අපේ මාමාටනෙ..හ් නේද "

" ම්ම්ම්.....ඇයි ඔයාට ඒකට අවුල්ද "

" පිස්සුද.....ඒ මාමා කියලා මම දැක්කෙත් පස්සෙ.......උබ මල් දීලා යනකොටත් එයා උන්නෙ ශොක්වෙලා මම දැක්කනෙ "

" එහෙමද '

" මේ..හ් ඒක නෙවෙයි උබ අපේ මාමාට මොකක් හරි කුපාඩි කතාවක් කිව්වෙ එහෙම නෑනෙ "

ආශර නක්කලේට අහද්දි මම සම්පූර්ණයෙන්ම ඒකා පැත්තට හැරුනා

" නෑ ඇයි "

" නෑ මට උබව ශුවර් නෑ......උබ ඒ තරම් කුපාඩි එකානෙ.......අනික මම අපේ මාමාගෙ කනක් ලාවට රතුවෙලා තියෙනවා දැක්කා......සමහරවිට මට වැරදෙන්න ඇති "

" මම දන්නෑ "

මම කිව්වෙ උරහිස් අකුලලා.....ඇත්තටම මම දන්නැ.....ලාවට හිනාවෙන ගමන් ආශර මගෙ කරට අතක් දාගන්නකොට සින්ක් එක උඩ තිබුන බෑග් එක අරන් මම කරට දාගත්තා

" යමන්......ඉස්සල්ලාම තියෙන්නෙ මාමාගෙ ලෙක්චර් "

ප්‍රේමණීය සංවාද......කල්පයක් දුර යන

මායාකාර බැල්මවල් හුවමාරු උනා තමයි

ඒත් එක්වෙන්න බැරිනම්,

හරි කමක් නෑ අපි

' ආදරෙයි '

කියලා නොකියා ඉමු

🌼   fiyoza_ray මට කවර් එකක් හදලා දුන්නට ස්තූතියි මහ හුගක්......🥺♥️ ඒක හරි laccany අනේ....ව්

ඕවර්ඩෝස් එක්ක රෑට එන්නම් හොදේහ්....මම යනෝ බා...යි 🌝🌟

Share This Chapter