Back
/ 47
Chapter 47

Extra Chapter......🌼🌼🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ.. හිතවත් වෙලා...

හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන්... වර්ණවත් කලා...

මල නොතලා බඹරෝ.. රොන් ගන්නෑ දී වේදනා..

පෙම්වත ඔබෙ ආලේ... වන්දනාවක් සුවපත් වෙනා..

මම මගේම රූපෙ දිහා බලන් හිනා උනා.......මම හිතන්නෙ වෙන කවරදාටත් වඩා සතුටක් අද මගෙ ලග තියනවා......සතුටක් නොතිබේවිද මමත් මේ ලෝකෙ මනුස්සයෙක්ට දකින්න පුලුවන් ලස්සනම හීනෙ හැබෑ කරගන්න යද්දි.......තමන් ආදරේ කරන මනුස්සයාවම බදින්න ලැබෙනවා කියද්දිම ඒක ඇවිත් කොච්චර ලොකු සතුටක්ද මම අහන්න

දන්නවද ඒක හරි ලස්සන හැගීමක්.....හීනයක් කියලා දැනෙන තරමටම........කටුක පරිච්ජේද ගනනාවකට පස්සෙ එයාගෙ වෙනවා කියන සතුට මම මේ මොහොතෙ විදිනගමන් උන්නා......ඒ අලු ඇස් කීවෙනි වතාවටදෝ මංදා මගෙ ඇස් ඉස්සරහ මැවිලා පෙනුනා.......මට ඉදුරාම කියන්න පුලුවන් මේ ඇවිත් මගෙ ජීවිතේ සතුටුම පැය කීපය

කොහමත් මේ ගෙවෙන්නෙ වින්ටේජීය තප්පර !

මගෙ දිහා බලන් උන්නු අම්මා ඇවිත් චූටි මල් කිනිත්තක් කෝට් එක අගිස්සෙ රදෝනකොට අර මූන උඩ ඇදිලා තිබුන හිනාව තව තවත් මූන පුරාවට විසිරිලා ගියා.......ඒ මගෙ දැන් අම්මා.......අම්මලා දෙන්නම එක වගේ ආදරේ පුරෝගත්තු ඇස් වලින් මාගෙ දිහා බලන් ඉන්නකොට අනිත් අම්මා මල් බොකී එක මගෙ අත උඩ තියනකොට ඒ වයසක අතක් මම තදකරලා පපුව තියාගත්තා

" ඔයා අද හරිම ලස්සනයි මගෙ රත්තරන්.......මගෙ දරුවව දෙන්න බෑ වගේ "

අම්මා මගෙ කම්මුලක් පිරිමදිනගමන් කියනකොට මම එයාව බදාගත්තා.......එයාල නැතුව මට පාලු දැනෙනවා.....ඒක මම දන්නවා.......ඒත් සතුටු දවසක සතුට ඇරෙන්න නිකමටවත් අඩන්න ඕන නෑනෙ නේද.....මෙච්චර කාලයක්ම අපි ඇතිවෙන්න ඇඩුවා.....දැන් තියෙන්නෙ හැමෝම එකට හිනාවෙන්න ඕන කාලයක්

ඒත් එක්කම අපි උන්නු කාමරේ දොර ඇරෙනකොට මම ඒ පැත්ත හැරුනා.......තාත්තලා දෙන්නා........තප්පර ගානක් යන්න ඇති මම අප්පච්චිගෙ පපුව අස්සෙ නවතිනකොට ඒ වෙල්වට් සුවද හොදින්ම මට දැනුනා.....මම හිතන්නෙ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සයා මම වෙන්න ඕන.....එක වගේ ආදරේ කරන අම්මලා දෙන්නෙකුයි තාත්තෙකුයි අප්පච්චියෙකුයි ඇයි පනටත් වඩා ආදරේ කරන එයාවයි ලබන්න ඇත්තටම මම කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද

" වෙලාව හරි "

තාත්තා කියනකොට ඒ හතර දෙනාටම මම කලේ දනගහලා වැන්ද එක.....අම්මා කීවෙනි වතාවටද මංදා මගෙ මූන අතගානගමන් මට හාදු තිබ්බා......තාත්තා මගෙ හිස් මුදුන ඉබිනකොට මම ඒ දෙන්නවම අනිත් පැත්තට බදාගත්තෙ අප්පච්චියි අම්මායි බලන් ඉන්නකොටමයි......එයාලට මාව කොච්චර මග ඇරෙන්න ඇතිද......මට තාම මතකයි මම ආදරේ රශේන් අයියට කිව්වහම එයාලා මට මුකුත්ම කිව්වෙ නෑ.....අඩුම ඒ මනුස්සයා මට වඩා වැඩිමල් නේද කියලවත් ඇහුවෙ නෑ.....අප්පච්චිගෙ වයසෙම උන්නු රශේන් අයියා එයාගෙ බෑනා වෙන එක ගැන එයාට ප්‍රශ්නයක් උන්නෑ........එයාලා හැමදාම වගේම එදත් මාව හරි ලස්සනට තේරුන් ගත්තා

මම අප්පච්චිගෙ අත යටින් මගෙ අත පටලෝගන්නකොට තාත්තා ඇවිත් මගෙ අනිත් අතින් අල්ලගත්තා.......අම්මලා දෙන්නා ඉස්සරවෙලා යන්න යනකොට ඔරලෝසුවෙන් වෙලාව බලපු තාත්තා ඔලුව වනද්දි අපි තුන්දෙනාම හොටෙල් එකෙන් එලියට ආවා එලියට ආවා

එලියට ආපු මගෙ ඇස් ලොකු උනා......ඇත්තටම මාරම ලස්සනයි......රශේන් අයියා ලස්සනට ඩිසයින්කරලා තිබුනා......මුහුදු හුලගත් එක්ක එල්ලපු මල් වැල් ලතාවකට පැද්දෙනකොට උතුරුකරයේ පායපු මැලේ තරුවක් හරි ලස්සනට හිනාවෙනවා මං බලාන.......කහ පාට ලයිට් එලි හන්දා එතන හරි ලස්සනට පෙනුනා........අප්පච්චි අත අල්ලන් උන්නු මම හිමිහිට දෙපැත්තටම රෝස මල් වලින් හැඩකරපු පාර දිගේ ඉස්සරහට යනකොට එක පාරටම ලයිට් ගියනවත් එක්කම මම නැවතුනා

අපරාදෙ මම අර රෝස මල් පෙති ඉහාපු පාරෙ හරි ලස්සනට යන්න උන්නා......ලයිට් ගියපු හන්දා ඔය මුකුත් නෑ.......මදැයි බදින්න ඕන කියලා outdoor තෝරගත්තා......පුදපි කොටම කාපි යකා කියලා අර මල් දාලා තිබුන පාරෙ ඉස්සරහට යන්න අඩිය තිබ්බා විතරයි ලයිට් ගියා......මොනා කරන්නද මම ඉතින් අප්පච්චිගෙ අතත් අල්ලගෙන ඒ ඇගට ජැකක් ගහන් උන්නෙ ලයිට් එනකන්.......අපි බැන්දොත් තමා ලයිටුත් නැත්තෙ

" අයි..ශ් මොකාද යකෝ මේ කලුවරේ මගෙ ඇස් දෙක වහපු පරයා ! අනේ මගෙ වෙඩින් එක......ඒක දවසෙම කිප්නැප් කරන්නද යන්නෙ......ඉස්සුවට වැඩක් නෑ මේක ඉවරවෙනකන් මම එන්නෑ.......අනේ තාත්තෙ !!! "

" කට වහගනින් සුදු පුතා.......උබේ ඇස් දෙක වහපු පරයා මම.........මේ අප්පච්චි.......වෙඩින් එක නේද කියලවත් හිතලා ඔය බෙලිකටු මල්ල හොලවන් නැතුව ඉදින්කො "

අප්පච්චිට හේත්තුවෙලා උන්නු මගෙ ඇස් කවුරුහරි වහලා දානකොට මෙච්චර හරියක් වෙලා තියෙද්දි වෙඩින් එකේ අතුරුදහන්වෙන්න බැරි හන්දා කෑගහන්න ගියත් මොකද මම ඒ පමාවට කට වහගත්තා......අන්තිමට ලයිට් ගිය වෙලේ මනමාලයා අතුරුදහන් කියලා නිව්ස් වලට ගියොත් රශේන් අයියව බදින්නෙ කවුද.......අපරාදෙනෙ සල්ලි......ඒත් ඉතින් ඒ ඇස් වහලා තිබුනෙ අප්පච්චි......මම පරයා කියලත් කිව්වා......එක්කො වහන්න කලින් කියන්න ඕන

" ඉතින් ඇස් වහන්නෙ........ඇයි අනේ.........මේ කලුවරේ පේනවද මුකුත්? නෑනෙ "

" ආ ඇරගනින් එහෙනම් "

ටික වෙලාවක් ගිය තැන අප්පච්චි අත් අයින් කරගන්නකොට මම හෙමිහිට ඇස් ඇරලා වටපිට බැලුවා.......ඒත් එක්කම දැක්ක දේ මොලේට ප්‍රොසෙස් කරගන්න ඕන හන්දම තප්පරයක්......දෙකක්......තුනක් වටපිටාව දිහා බලන් ඉදලා ඇහි පිල්ලම් තුන හතරක් ගැහුවා......හම්මට_

මෙව්වනෙ යකෝහ් සප්රයිස් ! කලින් ලයිට් ගියපු හේතුව තේරුනේ දැන්නෙ මට.......වෙඩින් එකට ඇවිත් උන්නු හැමෝම නිලාකූරුද කොහෙද පත්තුකරන් ඉද්දි තාත්තා මාවත් එක්කගෙන ඉස්සරහට ගියා.......ඒක නම් ලස්සනයි.......අවසානයටම මම රශේන් අයියා ලගින් හිටගන්නකොට අහසෙ එක දිගට මල්වෙඩි පත්තුවෙන්න ගත්තා........දැන්නම් මට මල් පොකුර අයියට දිලා එයාවත් උස්සන් දුවන්න හිතිලා ඉන්නෙ......එයා ලගින් හිටගන්නවා එක්කම අර ලයිට් වැල් ආයම සැරයක් පත්තු උනා

මම මට පිටුපාලා උන්නු රශේන් අයියාගෙ පිටට තට්ටුවක් දානකොට එයා මගෙ පැත්ත හැරුනා......ඒත් එක්කම ඒ වලව්කාර ඇස් ගැස්සුනා......ඇහිප්ලමක් දෙකක් ගහන පමාවට ඒ ඇස් වලට කදුලු පිරෙනකොට මම බලන් උන්නා......මේ පලවෙනි පාර ඒ ආඩම්බරකාර මනුස්සයා අඩනවා මම දකින

ආඩම්බරකාර පිරිමි අඩන්නෑ.....සමහර වෙලාවට එයාලට ඇඩෙනවා.........ඒ දුකට නම් නෙවෙයි දරන්නම බැරි සතුටක් ආවහම ඒ ඇස් අඩන්න ගන්නවා.......මං කිව්වනෙ එයාලා අඩන්නෑ !

වචනෙන් නොකිව්වත් මොකද රශේන් අයියා මට කොච්චර ආදරේද කියන එක ඒ ඇස්වල පිරුණු කදුලු කැට වලින් මම දැනගත්තා.........මම කලේ එයා එක්ක හිනාවෙනගමන් අඩන්න එපා කියන්න ඔලුව දෙපැත්තට වනපු එක වෙනකොට හැමෝම ඉස්සරහ මගෙ ඉනෙන් අල්ලගත්තු අයියා එයාල ලගට මාව අරන් ඒ නලල මගෙ නලලට හේත්තු කලා........ප්‍රේමණීය හැගීම් දස දාස් ගනනින් හදවත අරක්ගන්නකොට ඉවසන්න බැරිම තැන ඒ කෝට් එක අතකින් පොඩිකලා

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ......

හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ.....

ලබනා සන්ද්‍යාවෝ... සුන්දර කර ගන්වෝ....

ඔබ වන් පෙම්වතියෝ... හිමි වූ අය නොවෙදෝ....

රශේන් අයියා ඒ තොල් මගෙ නලල උඩ තවරනකොට ඒ ඇස් දිහා බලන් මම හිනා උනා........ඒ ඇස් හරි ලස්සනට දිලිසෙනවා......අර තාරකා වෙනදටත් වඩා දිස්නෙ ගහනවද මංදා

" මගෙ පුතාව බලාගන්න........රිද්දන්න එපා "

අප්පච්චි මගෙ අත ඒ අතක් උඩින් තියනගමන් කතා කරනකොට මම බලන් අර ආඩම්බරකාර මූනෙ කලාතුරකින් විතරක් පේන ' මිලාධික ' හිනාව ඇදෙන හැටි

" මේ ඉන්නෙ මගෙ පණ.......ඒ හන්දා බයවෙන්න එපා.......ඔයාට පස්සෙ මේ පොඩි කොල්ලට වැඩිපුරම ආදරේ කරන්නෙ මම........ඔයාගෙන් පස්සෙ මෙයාව හොදටම ආරක්ෂා කරගන්න පුළුවන් මට "

රශේන් අයියා කියනකොට අප්පච්චි හිනා උනා......මම දන්නවා මම මේ යන්නෙ තාත්තගෙනුයි අප්පච්චිගෙනුයි පස්සෙ මේ ලෝකෙ මාව බලාගන්න පුලුවන් හොදම මනුස්සයා ලගට......එදා හම්බුනත් හරි අකේශි මිස්ව මට හම්බුනේම නෑ......රශේන් අයියා  වෙඩින් එකට ඉන්වයිට් කලත් එයා අද ඇවිත් තිබුන්නෑ......වෙඩින් එකේ මැද හරියක් යනකොට රශේන් අයියගෙ තාත්තා අපි ලගට එනකොට ඒ අත මට තව තවත් තදවෙලා යනහැටි මට හොදාකාරවම දැනුනා.......රශේන් අයියගෙ තාත්තා ඇවිත් අපි ඉස්සරහින් නවතිනකොට මම එයාට වැන්දා......මොනා උනත් ඒ අයියගෙ තාත්තා...

" මට සමාවෙන්න රශේන් මම හිතුවෙ ඉස්සරහ ඔයා පොඩි කොල්ලෙක් මත්තෙ නැහුනෙ නොතේරුම්කමට කියලා.......ඒත් දැන් මට තේරෙනවා ඒක එහෙම නෙවෙයි කියලා........ටික කාලයක් හරි මම උන්නෙ ලිං මැඩි මානසිකත්වෙන්......මගෙ එකම පුතා කොල්ලෙක්ට ආදරේ කරනවා බලන්න බැරිකම මට තිබ්බා......ඒත් ඔයා මේ පුංචි කොල්ලට ආදරේ කරන හැටි මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා.......ආයම පාරක් මට සමාවෙන්න පුතේ........ඔයාගෙ සතුට තියෙන්නෙ මෙතන නම් ඒක මට කමක් නෑ "

අංකල් එහෙම කියනකොට රශේන් අයියා එයාව බදාගත්තා......කොහමහරි අන්තිමට හරි එයා ඒ විදියට හිතපු එක ගැන නම් මට සතුටුයි.......නැත්නම් රශේන් අයියාගෙ හිතේ කොනක එයාගෙ තාත්තා ගැන දුකක් තියෙනවා.......ඒ කියන්නෙ අංකල්ගෙ බිස්නස් ටික දැන් රශේන් අයියගෙ.......එයාගෙ කියන්නෙ ඉතින් මගෙ වගේ තමා.......අයියට කැම්පස් එකේම ලෙක්චර් කෙනෙක්වෙලා ඉන්න කියනවා......මට බැරියෑ ඔය බිස්නස් බලාගන්න........කැම්පස් එකේ කන කට්ට සාධාරණයක් තියෙන්නත් එපෑ......ලේසි නෑ ශුගර් ඩැඩී කෙනෙක් මම මේ බැදලා ඉන්නෙ

හැමෝම අම්මා අප්පච්චි වගේ නෑ.......සමහර අය ඉන්නවා ආදරේ කරන්නෙ සේම් ජෙන්ඩර්ම උනහම මහ අමුතු විදියට බලන........ඒක කොහමත් එහෙමයි.....ඒවා අපිට නැති කරන්න බෑ.......පසිදුලා පසන්ලා ඇවිත් ඇවිත් අපි දෙන්නට සුභ පතනකොට මාමලා කියලා නෑ ආශර ඒ ටිකට එයාලා එක්ක ෆිට්වෙලා

ටිකක්වෙලා වෙඩිම හරි සාමකාමීව ගෙවුනා.......මම සතුටිනුත් උන්නා.....ඒ ආශර ස්තූති කතාව කියනකන් විතරයි......ආශර වැනි වැනි ඇවිත් ඇවිත් මයික් එකත් අරන් හරියටම ස්ටේඡ් එක මැද්දෙ හිටගත්තා......ඒකා වැනෙනවා.....එහාටත් වැනෙනවා ආයම මෙහාටත් වැනෙනවා.......මුට වෙරිද

හෙනම ගහන්න එපැයි ! මූ තනියම බීලනෙ

මම ස්ටේජ් එකේ නාගසලන් වෙලා උන්නු ආශර දිහා බැලුවා.......කවුද අඩේ මුට බොන්න දුන්නෙ......බඩු සෙට්වෙනවා කියලා මට ඉවෙන් වගේ දැනුනා......ඒ අස්සෙන් අරකා ස්ටේජ් එකේ ඉදන් හිනාවක් දාගෙන මට අතවනනනවා

" ක්හෑම්.......සභාවෙන් අවසරයි ! පැමිණ සිටින අමුත්...තනි අවසරයි........මම මෙතනට පැමිණියේ ස්තූති කතාව කිරීමටයි "

මුට ට්‍රැක්ද?

කියන එක මගින් නවත්තලා මයික් එකට දෙතුන් පාරක්  ඇගිල්ලෙන් තට්ටු කරපු ආශර ඩීජේ එක ලග උන්නු කොල්ලා දිහා බැලුවා.....මම ඒත් එක්කම රශේන් අයියා දිහා බැලුවා.......ඇයි එයාට බැරි එයාගෙ පුතාව ගිහින් වාඩි කරවන්න......මාමා නේද මේ

" ඒ මල්ලෙ කෝ බන් මේ මයික් එක වැඩ නෑනෙ........සද්දෙ කෝ.......බාල බඩුනෙ බන් මෙව්වා.......ටෙස්ට් වන් ටූ ත්‍රී.......ආ දැන් හරී "

මගෙ යටි තොල මටම හැපිලා යනකොට මම මල් බොකී එක තදට මිරිකගත්තා......අද මගෙ නම්බුව රෙද්ද පල්ලෙන් යයි වගේ.......අරකා වෙරිමරගාතෙ ඔක්කොම වමාරන්න යන හැටි අනේ මං අයියා එහා පැත්තෙ ඉදන් අහන් උන්නා.......ඒ අස්සෙන් පසිදුලා විසිල් ගගහා එල බොක්ක එල ගානවා.......ලක්ශිත අයියා විතරක් පාඩුවේ සන්සුන්ව ඉන්නවා.......හනේ !

"  ශෙවින්.....සුද්ද..හ් අඩෝ ආදරෙයි බන් උබට ! උබ ඇවිත් මගෙ එකා බන්.......ම්..මාමෙ උබට කියන්න බන් මුට ඉස්සර කෙල්ලො එකක් කියලා නෑ.......කැම්පස් එකේම කෙල්ලො කීයක්....ටෝක් කලාද........මාමා හන්දම හැදුනා.......ආදරෙයි මචං හදවතින්ම ! "

මං හිතන්නෙ මගුල් දවසෙම ඩිවෝස්වෙන එකම මනුස්සයා මමවෙන්න ඇති.....මම කිව්වා අරකට මේක ඉවරවෙනකන් බොන්න එපා කියලා......වැන්දෙ නැති ටික විතරනෙ.......හා බන් කිව්වත් මට හිතන්න තිබුනා ටිකක්.......කොහෙද උබ මන් ගැන දන්නවනෙ කියලාත් කිව්වනෙ......දන්න හන්දා තමා මම කිව්වෙත්........මේකා මගෙ කසාදෙත් කටුගානවා......රශේන් අයියා මගෙ දිහා රවන් බලන් ඉන්නකොට එයාට මෝඩ පහේ හිනාවක් දුන්න මම ඉස්සරහ බලාගත්තා

කනවා මං තෝව !!!

අන්තිමට dj දානකොට මල් බොකී එක අයියට දුන්නු මම ආශර එක්ක නටන්න ගත්තා.......දහ දොලොස් වතාවක් බදිනවද .....නෑනෙ ඒ හන්දා බදින දවසෙ නටන්න ඕන........කට්ටිය එක්ක නට නට උන්නු මගෙ ඉනෙන් ඇදපු රශේන් අයියා මට හේත්තුවෙලා උරහිසකට ඒ නිකට තද කරනකොට මට හිනාවක් ගියා

චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා..

මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා..

දෙවියන් මැව්වාදෝ.. හමු වේදෝ පෙරුමන් පුරා....

දෙවඟන ඔබෙ ආලේ.. වන්දනාවක් භවයේ පුරා......

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ....

හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ.....

ලබනා සන්ද්‍යාවෝ... සුන්දර කර ගන්වෝ....

ඔබවන් පෙම්වතියෝ.... හිමි වූ අය නොවෙදෝ.....

" ආදරෙයි සුදු මැණික "

රශේන් අයියා හෙමිහිට මුමුණද්දි එයා පැත්ත හැරුන මම ඒ බෙල්ල වටේ අත් යවන ගමන් නටන්න ගත්තා

" මාත්......"

ඉතින් අවසරයි සමුගන්න.............

🌼

එහෙනම් අපි හැමෝම ආත්ම ස්පර්ශ වලින් සමුගමු නේද 😊

එයාලා ඉස්සරහටත් සතුටින් ඉදීවි ! රශේන් අයියා උනත් එයාගෙ විද් එක්ක හිනාවේවි

Previous
Last

Share This Chapter